Wednesday 4 December 2013

මගේ ම (නයෙක්) නොවන මගේ ම නයෙක් - Twins, triplets and quadruplets


මං නයි ඇරීම ගැන කතන්දර ලියනවා දැන් සතියක් තිස්සේ නමුත් හරි හමන් නයෙක් අරින්න තාමත් බැරි වුණා.

අද නං ලියන්න යන්නේ අනගිරත්නගේ, මගේ තාත්තා ගේ, කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ගේ අනාදී අනුන් ගේ නයි ගැන නොවෙයි.

මේක මගේම නයෙක්. අළුත් භාෂා ව්‍යවහාරය අනුව "මගේ ම (නයෙක්) නොවන මගේ ම නයෙක්" කියලා කියන්න පුළුවනි.

කතන්දරකාරයා ගේ ය කියන ෆොටෝ කෑලි සමහරවිට මේ බ්ලොග් එකේ පලවෙනවා. මේ බොහෝ තැන්වල පොර ඇඳගෙන ඉන්නේ නිල්පාට ටී ෂර්ට් එකක්.

මේ ටී ෂරට් එක නිකම්ම නිකං නිල්පාට ටී ෂර්ට් එකක් නොවෙයි, සිංහල බ්ලොගර්ස් යුනියන් එකේ ලෝගෝ එක සහ යූආර්එල් එක තියෙන ඔෆීෂියල් ටී ෂර්ට් එකයි.

මේ බලන්න ඒ ෆොටෝ කීපයක් නැවත.

ජර්මනියේ ප්‍රෑන්ක්ෆර්ට්වල දී.


ඉතාලියේ රෝම්වල දී ජුලියස් සීසර් ලා එක්ක.


අබුඩබි එයාපෝට් එකේ දී.


නිකං ගෙදර ඉන්න ගමන්.


ඊයේ පෙරේදා දවසක අපේ මිතුරු (හිටපු බ්ලොග්කාර) පාඨකයෙක් වෙන තිසර පොඩි කිණ්ඩියක් දාලා තිබුණා කතන්දරකාරයා හැමදාම නිල්පාට ටී ෂර්ට් එකක් නේද ඇඳගෙන ඉන්නේ කියලා.

තිසර මේ දක්වා මේ ටී ෂර්ට් එක ගැන නොදන්නා රහස මෙන්න.


මේ ටී ෂර්ට් එකක් නෙමේ ටී ෂර්ට් තුන් කට්ටුවක්. අන්න ඒක තමයි මගේ නයා!

වෙන කාටද මේ වගේ එකම ජාතියේ SBU ටී-ෂර්ට් තුනක් තියෙන්නේ මේ ලෝකේ, මට හැර?

මේක විතරක් නොවෙයි, මෙන්න තවත් නයෙක්. මේ පේරාදෙනිය ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන් ගේ සංගමයේ (PEFAA) නිල ටී ෂර්ට් එක පාට හතරින්ම.


ඇලුමිනායි එකේ දැන් ඉන්න සභාපතිට තියා හිටපු සභාපතිටවත් නෑ මේ ටී-ෂර්ට් හතරේ එකතුවක් මට වගේ!

මේ තවත් ඒ වගේ එකම ලෝගෝ එකේ කේස් එකක්.
http://kathandara.blogspot.com/2013/10/close-to-heart.html

ඒ මොනවා වුනත් මා ගාව මැදපු කමිස මොකුත්ම නෑ! මෙන්න ඒ ගැන කතන්දරේ සහ විස්තර කිරීම.
http://kathandara.blogspot.com/2010/10/blog-post_29.html

-කතන්දරකාරයා

ප/ලි:
ඔච්චර ඇඳුං ගැන කියවපු එකේ මෙන්න මේකත් බලා කියාගෙනම යන්න.
http://kathandara.blogspot.com/2012/05/sunday-special-extra-photos-included.html

ඒක සරම් පිළිබඳ පින්තූර සහිත කතන්දරයක්.

131 comments:

  1. උත්තරීතර මණ්ඩලික සභික මෙන්ම ප්‍රධාන අනුශාසක කකාගෙන්ද, කකා සුරකීමේ ජාතික සංවිධානයේ නිලධාරී/නිලධාරිනී මන්ඩලයෙන්ද, කකා බොග අතහැරියත්, කතන්දර බොග දාලා නොයන අතිජාත, සුජාත මිත්‍ර, කෑ-කෝ පප්පා, සූර පප්පා, වෙද පප්පා, හැලපයියා, ඉවාන් පූසා, පොඩ්ඩි සහ චූටි කුකූලා වැනි පිට කැසීමේ ශ්‍රේණීයේ ඉහලින්ම සිටින ප්‍රේක්ෂක රසික භවතුන්ගෙන් සහ අනෙකුත් යාව-ජීව සමාජිකයන්ගෙන්ද අවසරයි.
    මා මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට නැඟී සිටියේ කවා සහ ඩමි කවා (අනිකා) යනු දෙදෙනෙක් වූවා සේම, කවා සහ පිල්ලි ජී යනුද දෙදෙනෙක් බව කීමටයි.
    නයෙක් නෙමේ කකෝ.
    අප්පා,.............. අපි ගැනත් එක එක කට කතා තිබිල තියෙන්නේ. ඔන්න මම නම් ආවා. පිල්ලි ජී ත් ඉක්මනින් එයි.
    පත්තර මල්ලියාට තුති. තනියම ගේම ගෙනිහින් තියෙනවා. කෙනජි වගේ 60 පැනපු, රැවුල ඉදුන පොරවල් එක්ක වාද කරන්න තනියම බෑ. අපූර්වි, ඔමායාත් දැන් දැන් අපේ අපේ වගේ තමයි බං.
    කවා ඩමිය (අනිත් කවා) නිර්මාණය කොලේ කවුදැයි කියලා පෙන්වා දුන්න සැමටත් තුති.
    ඔන්න එහෙනම් කී බෝඩ් එක ආයේ අතට ගත්තා..................
    සැමට තුති..............

    ReplyDelete
    Replies
    1. කොහෙද බං උඹල මක බෑවිලා හිටියේ?
      දවසකට එක සැරයක් හරි වරද්දන්නෙ නැතිව ගොඩ වෙලා පලයල්ලා.
      කොහෙද යකෝ මට හැට..?
      තාම 32 යි.
      දැන් කසාද බදින වයසෙ පසු වෙමි මං.
      මම මේ කොමන්ට් එක දැක්කේ පස්සේ.
      මේක නොදකයි පල්ලෙහා කොමට් කොලේ සොරි වෙයන් මචං.

      Delete
    2. ඔමාය නංග ට තනිප නැහැ.
      එක නිසා මම හරි දුකෙන් පාලුවෙන් ඉන්නෙ මචං (: (:

      Delete
    3. අපි නොදන්නවැයි කෙන්ජි ගැන. කොමන්ට් එක කොටලානේ, පෝස්ට් එක කියවන්නේ.

      Delete
    4. තනිප නැහැ.? ඒ මොකෝ හදිසියේ.
      අනේ සොරි, අපිනම් නෑ ඔව දන්නේ........

      Delete
    5. කොහෙද බෝල මකබාවිලා හිටියේ , කිසිම ආතල් එකක් නැතුව හිටියේ උඹලා නැතුව. ජයිහෝ ....බුහෝ ....

      Delete
    6. මං බ්ලොග් එක ලියන්නේ ප්‍රධාන වශයෙන්ම විනෝදාංශයක් ලෙසයි. ඒ සමගම මට ඕනෑ කතන්දර මට ඕනෑ විදියට කියන්නටයි.

      ඔබ බ්ලොග් කියවන්නේත් විනෝදාංශයක් ලෙසයි.

      එනිසා අප දෙපිරිසට එකට පැවැත්මක් තියෙනවා.

      නමුත් ඕනෑම විනෝදාංශයකට කාල සීමාවක් තිබිය යුතු නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

      Delete
    7. කාවා මුන්නා ...සනීපෙන් නේද ? කාලෙකින් දැක්කේ නැහැ .

      Delete
    8. අම්මටහුඩු !! තෝ කොහෙද ගියෙ ? මයෙ බොක්ක ඇවිල්ලා තියෙන්නේ .
      හුන්නස් ෆෝල්ස් හනිමූන් වත් ගියාද ..
      තනියෙන් ගේම ගැහුවා වටේටම මගෙ ඩියුටිය නොවැ මස්සිනේ !!
      අර ඉවා කියල තියෙන්නෙ උඹ නැතුව පාලුයි කියලා
      අපිටත් එසේමැයි !

      Delete
    9. මම ආවේ නැත්නම් පත්තරේට තමා, මගේයි පිල්ලි ජීගෙයි ටින්කිරි ඔක්කෝම ගා ගන්න වෙන්නේ. මම දැක්කා තුන් දෙනාම එක්කෙනෙක් කරන්න අපේ කෙන්ජි ට්‍රයි කොරලා තියෙනවා.
      @ඉවාන් පූසා
      මේ ආගයා,
      හුටා වැරදුනා. මම ආවා.
      @ කකා
      ඒක තමා. ගසට පොත්තවාගේ තමා අපි අපි.
      බ්ලොග් කලාවේ ඉන්නේ අන්තර් සහජීවනයෙන් ජීවත්වෙන පිරිසක්. තවත් කියනවානම් ලේඛකයා සහ රසිකයා දෙදෙනාව යැපෙන්නෝ. රසිකට රසික කියලා නම දාලා තියෙන්නේ, අනාගතයේ රසිකයෝ එකතුවෙන හින්දා වෙන්න ඇති.
      @ අපුර්වී
      අපේ කෙන්ජිට වගේම තමා. කිසිම අසනීපයක් නෑ. හැබැයි කෙන්ජිට වගේ රෑට බොන්න වෙන ප්‍රශ්නත් මට නෑ.

      Delete
  2. කොයි මේ කට කෙලඅඩු පිටින් එන කෙනජි. ඊයේ බීල බුදියල තවම වෙරිද.

    ReplyDelete
    Replies
    1. කාවා උඹ එකට ආවා...
      වෙලාව බැලුවම අපි දෙන්නම එක හරිය...

      Delete
    2. හැක් හැක්,
      කොහොද බං, මම 5:31 ට කොමන්ට් කොටලා තියෙන්නේ, බොලා 5:34 යි. තාම වෙරි වගේ.

      ඉතාලියේ රෝම්වල දී ජුලියස් සීසර් ලා එක්ක ඉන්න කකා,
      ගෝල් දේසේ සූර පප්පලා, කෑ-කෝ පප්පලා, වෙද පප්පලා,...... එක්ක ඉන්නවා කියලා සීසර් දැනගත්තොත් කොහොම තියේවිද?

      Delete
    3. කෙන්ජි බ්ලොග් බලන්න එන්නේ කුණු කෙල පිටින් නොවේ. එක එක රටවලට ඉර පායන වෙලාව වෙනස් බව දන්නේ නැද්ද?

      මේ ලිපිය ලංකාවේ වෙලාවෙන් 5:30AM (00:00 GMT) ට පලවෙන කොට කෙන්ජිට ඉර පායලා පැය දෙකක් ගිහිල්ලා ඉවරයි.

      Delete
    4. එත් මෙතන තව දෙයකුත් හිතන්න තියෙනවා.
      අපේ කෙන්ජි රෑට බීලා, උදේ ඇහැරෙන්නේ 8 ට විතර. ඒ නැඟිට්ට ගමන් තමයි ඔය ඥරස් ගාලා රිප්ලේ එක දෙන්නේ. ඊට පස්සේ මූන කට හෝදගෙන ඇවිත්ලා පෝස්ට් එක කියවලා දෙවෙනි රිප්ලේ එක ඥරස් ගාලා දානවා. හා නැද්ද කෙනිජි මාමේ.

      Delete
    5. ඥරස් ගාල :-) හික් හික්
      මොකෝ කාවො උඹට වයසක ඩයල් එක්ක තියන මේ අවුල :-)
      ජයකොඩි සර් දන්නව නේ . වෙස්ටන් මියුසික් කරපු ???? :-)
      ගෝලයෙක්වත් ද ??

      Delete
    6. මචන්සලා මම 12 ට නිදාගත්තත් දින පතා පාන්දර 4 ට නැගිටලා පිරිසිදු වෙලා කෝපි මග් එකත් අරන් වාදී වෙලා පිරිත් දාල තමයි අකුරු කොටන්න ගන්නේ.
      මගේ සිහින පුර 1 තියෙනවා .
      අන්න සිහිනපුර 2 දැන් පෙන්වනවා.

      Delete
    7. ලොක්කා අපි ගැලරියෙත් ඉස්සරහම පේලියෙ ඉන්නෙ ඈ !!

      මරු ශෝ එක !

      Delete
  3. මමත් ටි ෂර්ට් ටිකක් මගේ නමින් ගහල කට්ටියට බෙදන්න ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. කිඹුලා වෙනුවට, කෙනජි කියලා ගහපු එකක්ද?

      Delete
    2. කිඹුලා කිව්වේ...?
      Kenji @ Japan කියල ගහන්න ඉන්නේ ලබන අවුරුද්දේ උපන් දිනයට.

      Delete
    3. කලුපූසා ට්‍රක් එකක දාලා මටත් එකක් එවපන් මාමෙ කනගාවා කෙන් වලට. ලෝගෝ එක නම් නැතුවට කමක් නෑ.

      Delete
    4. උඹ කනගාවකෙන් කෙන්ද?
      හෙහ්...හෙහ්... යකෝ ලෝගෝ එක නැතිව... :)?
      තක්යුබින් එවන්නම්.

      Delete
    5. හැක් හැක්..කනගාවා කෙන් වල තියෙන ලොකුම ශි එකෙ සිට කෙන්ජි ගෙ කෝලම කියවන මම ......... :D

      Delete
    6. සතුටුයි මචං...!!
      උඹ සි එකේ ඉදන් ජප්පෝ එක්ක තල් මසුන් මරනවද බොල...?

      Delete
    7. මගේ ටී ෂර්ට් තුනටම ගියේ රුපියක් දෙදාහක් විතර (2010) දී

      Delete
    8. T shirt has "සිංහල බ්ලොගර්ස් " in English!
      No further comments by me, leaving it to the Language Police of the Sinhala Blog Space to judge the etiquette, of which I personally am thoroughly confused ! :-)

      Delete
    9. කෙන්ජි මාමෙ මට සයිස් M ටී ශර්ට් එකක් ඊ මේල් කො‍රන්ඩ ඈ !!

      Delete
    10. ඔන්න එකෙන්ම ටී ෂර්ට් එකක් මටත් එවන්න ඕන.
      කකා මේ ටීෂට් වාරකන් කාලේ. දැන් ගණන්. ටීෂර්ට් සීසන් කාලෙටත් ගණන්.

      Delete
    11. වාරකං කාලෙට බඩු ගනන් !!

      Delete
    12. @Kenji;

      ශි කිව්වෙ ශියැක්ශෝ බං..සී නෙවෙයි :D

      Delete
    13. මම හිතුවෙ මචන් අකුරු ටැපලිලා කියල ගොමෙන් නසායි,.,!
      එහෙනම් නිහොන්ජින්තෝ කෙක්කොන් වෙච්චි බුවෙක් වෙන්ටෑ.
      මොන වුනත් එල බං...
      ජයවේවා කිව්වා ,
      අන්න අදත් එකක් දැම්ම දැන්.
      නැවතත් ගොමෙන් කිව්වා.

      Delete
    14. @ Pra Jay
      HA HA HA !! .. Irony....

      Delete
    15. කාවා ,පත්තරේ,පිල්ලිය උඹලට මම බොක්කෙන්ම ආදරෙන් ඉද්දි ටි නොදී ඉන්නවද බන්සලා.

      Delete
    16. @පිල්ලිය. Maybe, but no sarcasm, නේද ? :-))))

      Delete
    17. අනේ ප්‍රජා පුතා. උබට පිං සිද්ධවෙයි. මගේ බ්ලොග් එකේවත් සිංහලෙන් ලියහං. මට නිකන් මොකක්දෝ වගේ.
      -Kenji @ Japan

      Delete
    18. ලෝගෝ එක ගැන ඒ දවස්වල (2010 ජනවාරි) කතා වුනා. එයට අමතරව මුල් ඩිඩයින් එකේ මම සාඩම්බර සිංහල බ්ලොග් ලියන්නෙක්මි කියා වාක්‍යයකුත් තිබුණා. නමුත් එම්බ්‍රොයිඩර් ඩිසයින් ප්‍රශ්නයක් වැනි දෙයක් නිසා ඒවා මේ රුපියක් 600 යේ ටී-ෂරට් එකට ආවේ නෑ.

      ගේ කේස් එක ගැණ කියනවා නම් මට නැවතත් කියන්න තියෙන්නේ, ඔබ කොහොම කමෙන්ට් කළත් ප්‍රශ්නයක් නැති වුනත්, සිංහල කැමති ඔබ තවමත් සිංහලෙන් ටයිප් කරන්නට ඉගෙන නොගන්නේ ඇයි කියා මටත් හිතෙන බවයි.

      හිත ඇත්නම් පත කුඩාද?

      Delete
    19. "ගේ කේස්" ????

      Delete
    20. Pra Jay ගේ කේස් එක ගැණ කියනවා නම් මට නැවතත් කියන්න තියෙන්නේ, ඔබ කොහොම කමෙන්ට් කළත් ප්‍රශ්නයක් නැති වුනත්, සිංහල කැමති ඔබ තවමත් සිංහලෙන් ටයිප් කරන්නට ඉගෙන නොගන්නේ ඇයි කියා මටත් හිතෙන බවයි.

      Delete
  4. හ්ම්, ඒක නම් නයෙක්ම තමයි.

    ReplyDelete
  5. නයෙක්! නයෙක්! කියපු හින්ද දැන් දවස් දෙක තුනක්ම දුවන් ආවා බලන්න.නයෙක් කොහොම වෙතත් ගැරඬියෙක් තියා ඇබිත්තං පෑත්තෑ පැටියෙක්වත් ගිහින් නැහැනේ......

    ReplyDelete
    Replies
    1. ඇයි මනුස්සයෝ, අර වගේ එක ජාතියේ ටී ෂර්ට් තුනක් තියෙන්නේ වෙන කාටද? මේක මගේ හොඳම නයෙක්!

      Delete
  6. MOKATADA MEYA ME HADU T SHIRT PENWANNE. T SHIRT API DAKALA NEDDA

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුවලින් නම් සැමදා හමන්නේ එකම හඩු ගඳයි!

      Delete
    2. HADU GANDA HAMANNE OBE THUTTU DEKE POST WALINUI

      Delete
    3. ඒ ඔබේ කමෙන්ටුවලින් මෙහි ඉතිරි කර යන හඩු ගඳයි!

      Delete
    4. PALAMUWA ENNE POST, AFTER THAT COMMENTS. POSTS HADU GANDA NAM COMMENTS DA HADU GANDAI.

      Delete
    5. අම්මප ඔහේට වෙන ජීවිතයක් නැද්ද ඕයි, මගේ බ්ලොග් එකේ හඩු කමෙන්ට් දානවා ඇර?

      ගෙට් එ ලයිෆ් මෑන්.

      Delete
    6. OHEGE HADU BLOG EKATA MAMA ENNE OHETA HADU COMMENT DALA ATHAL EKAK GANNA, NATHIWA WENA KISIMA PRAYOJANAYAK OHEGE POST WALIN LABENNE NEHE. DAN WATH THERUNADA? OOI

      Delete
    7. ඔබේ හඩුකම අවසානයේ දී හෝ පිළිගන්නට වුණා නේද?

      මගේ කරුණාබර අවසරය තිබෙනතාක් කල් ඔබට හඩු ආතල් ගැනීමට ඉඩ ලැබෙනු ඇත!

      හැබැයි මේ අවවාදයත් කරමි.

      ඔහේට වෙන ජීවිතයක් නැද්ද ඕයි, මගේ බ්ලොග් එකේ හඩු කමෙන්ට් දානවා ඇර?

      ගෙට් එ ලයිෆ් මෑන්.

      Delete
  7. කකා මේ ටිකේ නයිමරි අරින්නේ....

    ReplyDelete
    Replies
    1. අන්න PEFAA (Peradeniya Engineering Faculty Alumni Association) එකෙන් අළුතින් ටී-ෂර්ට් සෙට් එකක් ගහනවා කියලා ආරංචියි.
      ගන්න සෙට් එකක්.
      දාන්න නයා!

      Delete
  8. මේක නයෙක්ට කිට්ටුවෙන් තියන්න පුළුවන් එකක් වත් නෙමී..

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ?
      අඩුතරමින් ජර්මනි, ඉතාල, අබුඩාබි කතා ටිකවත් නයි විදියට ගන්න බැරිද?

      Delete
    2. හා හා එහෙනං ගමුකෝ මෙහාට ඔය නයි පැටියා....

      Delete
  9. එහෙනං හෝදල අඳිනව ඇති!

    ReplyDelete
  10. එකපාට ටීෂර්ට් ගොඩාරියක් දාලා ෆොටෝ ගහන්න පුළුවන්නේ ෆොටෝ ෂොප් තියෙනකං ....මමත් එකම වගේ ටීෂර්ට් දාහක් දාලා හදනවා නියම ෆොටෝෂොප් පිංතූරයක්. :D

    ReplyDelete
    Replies
    1. ටී-ෂර්ට් නැති අයට එහෙම කරන්න වෙනවා.

      නමුත් මට නං එච්චර වාත වෙන්න ඕනෑ නෑ. ටී-ෂර්ට් ටික එල්ලුවා. ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගත්තා, එච්චරයි!

      Delete
    2. කේන්ති ගන්න එපා විහිළුවක් කලේ

      Delete
    3. ඉවා අර තරහ ගියාම කි‍යන කෙසෙල් ගෙඩි දෙකේ කතාව දන්නව නේ ??

      Delete
    4. පත්තර මල්ලි, ඕක කියහන් උඹෙ යාළුව සහන්ට. අන්න මල පැනල නටනව!

      Delete
  11. ශේහ් අම්මප කියල වැඩක් නැහැ තොරණේ විස්තරේ . . . .

    ReplyDelete
    Replies
    1. ඔව්, සරොං කතන්දරයත් බලන්න. ඒවායේ බලුප් පේන්නේ නෑ හැබැයි.
      http://kathandara.blogspot.com/2012/05/sunday-special-extra-photos-included.html

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, දැන් වචනත් ටැපලෙනවා නේද මේ සින්ඩි වැඩේ නිසා!

      හැබැයි ඒකත් හොඳ අදහස. මොකද මෙතන තියෙන්නේත් SBU සින්ඩියේ ටී-ෂර්ට් ගැන නේ!

      Delete
  13. අර කැම්පස් ටී එක ගහලා යනකොට වෙනම කුලේක කෙනෙක් කියලා, තව කෙනෙක් හිතන්න බැරි නෑ..

    ReplyDelete
    Replies
    1. පසුව කාලෙක කැම්පස් සින්ඩි ටී-ෂර්ට් ගහන්නේ නැතෑ!

      එතකොට එක එක පාටින් ගහන්න පුළුවන් එක එක කැම්පස්වලට.

      Delete
    2. කෙලියා නේද තාප්පෙට !!

      Delete
    3. එහෙනං කකාගේ රුචිකත්වයට අනුවම පේරට නිල්පාටම දෙන්නංකෝ. දැනට එකායි තව කාටද ඕනෑ..

      Delete
    4. කකාගෙ රුචිකත්වයට නම් ඉතින් ගැලපෙනම පාට රෝස පාට තමයි.......

      Delete
  14. නෑ නෑ මේකනම් නයෙක් තමයි

    ReplyDelete
    Replies
    1. දෙපත් නයා. ටී-ෂර්ට් වර්ග දෙකක්ම තියෙනවානේ.

      Delete
  15. ඔයාගේ තට්ටේද ? මං අදමයි දැක්කේ ඉදගෙන :)

    ReplyDelete
    Replies
    1. ඔය තට්ට ගෙඩිය හදන්න සතියකට පැය බාගයකටත් වඩා යනවා, හිටගෙන.
      http://kathandara.blogspot.com/2013/04/how-to-cut-your-hair-sexy-to-attract.html

      !!!

      Delete
    2. හැක්...හැක්...ඇත්ත නේන්නම් ගෙදරදී රැවුලයි,තට්ටෙයි බාන්නෙ හිටගෙන නොවැ
      ඉදගෙන නම් ඉතින් සැලුන් එහෙකම තමා.

      Delete
    3. ඉස්සරහා තට්ටේ කට්ටයා, මැද තට්ටේ මොට්යා කියලා කියන්නේ ඇත්තද කකා.
      මම මේ එහෙම ඇහැහුවේ කකාගේ තට්ටේ ඉස්සරහා, කෙන්ජිගේ තට්ටේ මැද නිසා නෙමේ.

      Delete
    4. මන් කියෙවුවා ,,හි හි ඔව්මයි ෂෝයි අනේ ... කැපෙන්නේ නැද්ද තනියම රේසරෙන් කරද්දී ,, මං මගේ හබියගේ කවදාහරි ඔහොම තට්ටේ ගානවා ....,,

      ඇත්තටම මාත් කල්පනා කල ඔයා නිල් පාටට කැමතිද කියල. දිගටම කතන්දර කියන්න කාකා අපි එනවා කියවන්න

      Delete
    5. අපූර්විත් මරු පොරක්නෙ යකෝ බලං ගියාම
      කරුණාකර කසුජාස එකේ මෙම්බශිප් එක ගන්න ! රැඳී සිටින්න අපත් සමඟ !!

      තට්ටෙ ගාල නොම්මර 2 වගේ වැලි කඩදාසියක් ඇල්ලුවනං තට්ටෙ එනව ජිල් බෝලෙ වගේ :-):-)

      Delete
    6. අප සංගම් ව්‍යවස්ථාවලියේ අංක 34 පරිඡ්චේදයේ 57 වෙනි වගන්තියට අනුව ප්‍රොෆයිල්කරුවෙකු හෝ ප්‍රොෆයිල්කාරියකට හෝ පුද්ගලික ඇඳුනුම්කමකට හෝ අප සංගමයේ නිත්‍ය සාමාජිකත්වය ලබා නොදේ.

      එම නිසා උක්ත වැවස්ථාවලියේ එන නීරිතියට යටත්ව අපූර්වි ඔමායා නම් වූ ප්‍රොෆයිල්කාරියට සාමාජිකත්වය ලබා දීම අත්හිටුවා ඇත....

      මෙයට
      නීති සම්පාදක,
      කකා සුරැකීමේ ජාතික සංවිධානය (aka කසුජාස)

      Delete
    7. අනේ බං එහෙම කරන්ඩ එපා මේ අපේ බොක්කක් ..
      ඕක දීල දාපං !

      Delete
    8. විශේෂ ත්‍රි පුද්ගල කමිටුවක් යටතේ ඔබේ සාමාජිකත්ව ඉල්ලීම සලකා බලන ලදී. කොළඹ ගාලු මුවදොරදී පැවති එම සාකච්ඡාවලින් ඒකමතිකව තීරණය වූයේ ඔබට සාමාජිකත්වය ලබා දිය යුතුය යන්නයි. එම නිසා ඔබේ සාමාජිකත්ව හැඳුනුම්පත මේ වන විට සූදානම්ව පවති.

      කාර්යාල වේලාවෙන් පසුව කොළඹ හිල්ටන් හෝටලයේ 25 වෙනි කාමරයට පැමිණ ඔබේ අනන්‍යතාව තහවුරු කර හැදුනුම්පත ලබා ගන්න.

      මෙයට
      නීති සම්පාදක,
      කකා සුරැකීමේ ජාතික සංවිධානය (aka කසුජාස)

      Delete
    9. මේ දවස්වල මාත් තට්ටේට බැහැලා ඉන්නේ..

      Delete
    10. රෙජිස්ටර් පෝස්ට් එකේ ගෙන්නගන්න බැරිවෙයිද සර් ??

      Delete
    11. සමහර උන්ට තට්ටේ කැතයි.. කතාට නම් පට්ට ලස්සනයි.. ඉස්සරට වඩා දැන් බඩු සෙට් වෙනවා ඇති.. පුළුවන්නම් බොරුයි කියන්න බලන්න..

      Delete
    12. මොකක්,
      //කාර්යාල වේලාවෙන් පසුව කොළඹ හිල්ටන් හෝටලයේ 25 වෙනි කාමරයට පැමිණ//

      ඒකනම් හරියන පොටක් නෙමේ. කසුජාස දැන් වල් වැදිලා වගේ. මට පෙනෙන්නේ කකාව මරාගෙන මැරෙන පොරක්ද කොහෙදෝ නීති සම්පාදන මණ්ඩලයේ ඉන්නේ.

      Delete
    13. මාතලන් බොස් !!
      කමෙන්‍ට් මොඩරේශන් ඇක්ටිව් කරගන්නද හදන්නේ ???

      Delete
    14. එක මිනිහෙක් ගෑණු දෙන්නෙක් බැඳලා හිටියලු.
      එක ගෑණියක් කළු කෙස් වලට කැමති නෑ. අනිකී සුදු කෙස් වලට කැමති නෑ.
      හැබැයි මේ ගෑණු දෙන්නාම තට්ටයන්ටත් කැමති නෑ.
      ඉතින් මේ ගෑණු දෙන්නා මිනිහා අහු වෙන හැම වේලාවෙම තමන් අකමැති පාට තියෙන කෙස් ගස් ගලවා දමනවාලු. අවසානයේ මිනිහගේ තට්ටය විතරක් ඉතිරි වෙලා.
      දන්නවානේ ඊට පස්සේ මොකද වෙන්න ඇත්තේ කියලා.

      Delete
    15. අඩේ පත්තරේ මගෙන්ද අවුල උනේ.............. මටනම් නිච්චියක් නෑ එහෙම.

      Delete
    16. පිස්සුද කා වා
      කකා අපිට එහෙම කරනවද ??
      මේ මාතලන් ඕනෙ නැති ප්‍රශ්න අහනවනෙ කකාගෙන් !!

      Delete
    17. @ කා වා
      @ මාතලන්

      ගමරාළ ගෙ හොර අඹුවට දැනී කැත
      ගමයගෙ පැසෙන කොණ්ඩය ගැලවීය මිත
      මහගේ කළු කෙස්ස ගලවයි තුටින් සිත
      ගමයා තට්ටයෙක් විය විපතක මහත!

      http://kathandara.blogspot.com/2010/07/blog-post.html

      Delete
    18. හුරේ ..තැන්කූ වේවා ඇනෝ ..මාව බදෝ ගත්තට ,,මා ඔබේම සහෝදරියක් ලෙස සිතන්න හොදේ . මට සනීප නෑ අද ඒකයි එන්න පරක්කු වුණේ... අනන්‍යතාව තහවුරු කරන කරන වැඩේට නම් තනියම එන්න බැහැ පිල්ලි මුන්නවයි කාවා මුන්නවයි එක්ක එන්නම්

      කාකා අපිට අපි කාකට

      Delete
    19. //ඔය තට්ට ගෙඩිය හදන්න සතියකට පැය බාගයකටත් වඩා යනවා, හිටගෙන.//

      හිටගෙන මේකි තට්ට කකාටත් ඒක පුරුදු කරලා...

      Delete
    20. ඔයාගේ වගේ ඉදිච්ච කෙස් ගස් දෙක තුනක් එහෙන් මෙහෙන් තියෙනවට වඩා කොච්චර සෙස්සිද බලන්නකෝ කාකගේ තට්ටේ.

      Delete
  16. බලාගෙන ඔය ටී ෂර්ට් ඇතුළට තඩි පොළොංගු එහෙමත් රිංගන්න පුලුවං.

    ReplyDelete
  17. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete
  18. ඔය බ්ලොගර්ස් යූනියන් එක දැන් ඇක්ටිව් නැද්ද? අනික මේ ටී ෂර්ට් එක SBU නිර්මාණයක්ද, කකාගෙ නිර්මාණයක්ද?

    ReplyDelete
    Replies
    1. මේක කකාගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්.. ඒකට SBU එකේ ලෝගෝ එක අලවලා තියෙන්නේ.. SBU එකෙන් කවදාවත් කකාගේ බ්ලොගේ නම අතේ ගහපු ටී ෂර්ට් ප්‍රින්ට් කරලා නෑ...

      Delete
    2. මෙය 2009 පළමු සිංහල බ්ලොගර්ස් සංගමයේ හමුවේදී සම්මත කරගන්නා ලදුව නිෂ්පාදනය කරන ලද ටී ෂර්ට් එකකි. මට ලැබුණේ 2010 අප්‍රියෙල් මාසයේ දී ය.
      http://kathandara.blogspot.com.au/2010/04/sbu-fashion-parade-kk-bm6.html

      .

      Delete
  19. මේකෙ නම් පොඩි පහේ නයි ඇරීමක් පෙන්නුම් කරනවා මයෙහිතේ. දැන් මේ ටී ෂර්ට් කතාව අස්සෙන් හිමීට කකා විසින් ගිය ලෝක සංචාර සහ ලොකු ලොකු තැන් වල ගත්ත පින්තූර ටිකකට ආයෙත් පොඩි පබ්ලිසිටියක් දෙනවා.

    ඒත් ඉතින් එහෙමත් කියන්න බෑනෙ. කකා ඔය තැන් වලට ඇත්තටම ගිහින් තියෙනවා වගේම ඒ විස්තරත් අපිට කියන්නවා නේ. මේකත් ඒතරම්ම සාර්ථක නයි ඇරීමක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. නයි ඇරීම පිළිබඳ මගේ අර්ථ දැක්වීඟ කියෙව්වාද?
      http://kathandara.blogspot.com.au/2013/11/catch-it-if-you-can.html

      ?

      Delete
  20. කකා මගෙත් [පොඩි නයෙක් ඉන්නව ඔයා තැන්වලම ගත්ත පින්තූර ටිකක් මාලඟත් තියෙනව,නොදා නොදා හිටියෙ,වැඩේ කියන්නෙ ටී ෂර්ට් නැති එකයි.

    ReplyDelete
    Replies
    1. හෙලු කුට්ටගෙන් ඉන්න ඒව එහෙම දාන්නේ නෑ

      Delete
    2. එ කියන්නේ අහවල් ෆොටෝ ගැන හිතන්න දෙයක් තියෙනවා.

      Delete
    3. @ හැලපේ
      දාමු දාමු ඒ ෆොටෝ ඒ ඒ කාලේ කතන්දරත් එක්ක.

      Delete
  21. ඉන්ඩකෝ කකා මාත් ෆොටෝ ෂොප්වලින් හදලා එක ජාතියේ ටී ෂර්ට් පනහක් විතර තියෙන ෆොටෝ එකක් දාන්ඩ. හොඃ හොඃ හෝ......(නත්තල් හිනාව )

    ReplyDelete
    Replies
    1. කොපි කරන්න එපා මචෝ. හැම වේලාවෙම නව නිර්මාණයකට යමු.

      Delete
    2. පමුණුවෙන් ටී ශර්ට් ටිකක් ගෙනත් දාපන්
      වෙලාවත් ඉතුරුයි වැඩෙත් ලේසියි !!

      Delete
  22. අපිට කොයින් ද ඉතිං මේ ටි ෂර්ට්....ගිය පාර අවුරුදු උත්සවේ වෙලාවෙනං ටි ෂර්ට් ගහන කතාවක් කිව්වත් වැඩේ කෙරුණේ නෑ

    ReplyDelete
    Replies
    1. අපේ ඒකාධිපති ඔයිට වැඩිය දේවල් පොරොන්දු වෙන්නේ!

      Delete
    2. මේ බ්ලොග් ටී-ෂර්ට් සෙට් එකට ගියේ රුපියල් 2,000කට අඩුවෙන්.

      ඉන්ජිනියරින් ෆැකල්ටි සෙට් එකට නං එකකට 750 ක් ද කොහෙද ගියා. ඒවා විකුණන්නේ සුබසාධක අරමුදලක් සඳහා.

      Delete
  23. අනේ මන්දා මාත් කට ඇරගෙනන නයෙක් බලන්න ආවා නයෙක් කියා ˝නයි පයන්නවත්˝ නෑ නොවැ.

    ReplyDelete
  24. මැදපු කමිස තුන නැද්ද?

    ReplyDelete
  25. Replies
    1. මම සාඩම්බර සිංහල බ්ලොග් ලියන්නෙක්මි නේද?

      Delete
    2. ඒත් නිල්පාට අඳින අයට මං ඉස්සර ආස නැහැ ඒ රාජපස්සගේ පස්සේ පාට වෙලා තිබ්බ හින්දා ..

      Delete
    3. එහෙම එක එකාට දෙන්න පුළුවනිද කාටත් අයිති වර්ණාවලියේ පාට?

      Delete
  26. කාකා දැන් දිගටම නයි පොස්ට් දාන්නේ මොකද මන්දා ...,

    ReplyDelete
    Replies
    1. නිකමට හිතුණා නොවෙයි තිත් ඇනෝ හෙවත් සඥ්ඤක ඇනෝ ගේ ඉල්ලීමක් පිටයි මේ ලිව්වේ. මේ අන්තිම එක!

      Delete
  27. බ්ලොගර්ස් යූනියන් ටීෂර්ට්ස් නම් ගති....ඒකේ ස්ලීව් එකේ ගහලා තියෙන්නේ කතන්දර බ්ලොගේ නම නේද?

    බ්ලොගර්ස් යූනියන් එක ගැන ලියූ ලිපියක ලින්ක් එකක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, අතේ එම්බ්‍රොයිඩර් කරලා තියෙන්නේ මගේ බ්ලොගේ නම තමයි.

      එහෙම කස්ටමයිස් කරන්න ඉඩ තිබුණා, හැබැයි ඒ සඳහා වැඩිපුර රුපියල් කීපයක් ගෙවන්නත්, ටී-ෂර්ට් තුනක් ගන්නත් සිදුවුණා.

      සිංහල බ්ලොගර්ස් යුනියන් එකට ලින්ක් එකක් මගේ බ්ලොගයේ වම් තීරුවේ තිියනවා.

      මා සහභාගී වුණු 2009 දෙසැම්බර් හමුව (එදා තමයි ටී-ෂර්ට් ඩිසයින් එක අනුමත වුනේ) ගැන මෙන්න චානුක ලියූ ලිපියක්.

      http://lirneasia.net/2009/12/meet-the-sinhala-bloggers/

      Delete
  28. මේක පුදුම දුකක් උනානේ. උදේම වැඩඩ යඥ්ං කියලා කොමන්ටුවක් කොටන්න බලාගෙන හිටියා. තාම පේන තෙක් මානයක පෝස්ටුවක් නෑ. අංකල් කෙන්ජිත් හොඳටම වෙරි ගහල තවම බුදි වගේ.
    දැන් වේලාව උදේ 6:06 යි.
    අළුතින් ලියා ප්‍රසිද්ධ කළ කිසිවක් නැත‍.

    ReplyDelete
    Replies
    1. කා වා

      සොරි ඩොට් කොම් තමයි!

      පුදුම උනන්දුවක් නේ තියෙන්නේ කතන්දර කියවන්න.

      මෙන්න තවත් නයි දෙන්නෙක්ම.

      ඊයේ රාත්‍රියේ මාසික සඟරාවකට සති දෙකකින් ඩෙඩ් ලයින් පහුවුණු ලිපියක් ලියන්නයි, වේදිකා නාට්‍යයක සුවනියර් එකට සතියකින් ඩෙඩ් ලයින් පහුවුණු ලිපියක් ලියන්නයි තිබුණු නිසා කතන්දරේ ලිවීමට දෙන්න වුනේ අඩුම ප්‍රයොරිටිය.

      Sorry!

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.