Wednesday 20 November 2013

රනිල් වීරයෙක් වෙන්නේ සහ මහින්ද ද්‍රෝහියෙක් වෙන්නේ කොහොමද - වික්‍රමබාහු කියයි! - Have you seen this YouTube Clip?


නිවාඩු චාරිකාවේ මේ ගෙවෙන්නේ දෙවෙනි සතියයි.

මේ කාලය තුල අප මුහුණ පෑ ප්‍රධානම අභියෝග දෙකකි.

එකක් නම් තුන් වේලම කඩෙන් කෑමයි. විවිධ විකල්ප කෙතෙක් තිබුණත්, මේ වැඩේ ලේසි එකක් නොවේ!

අනිත් අභියෝගය නම් පසුගිය සතියම සූට් කේස් එකකින් ජීවත්වීමයි.

අපි පොඩි කාලේ පාසල් නිවාඩුවට අම්මා ගේ ගමේ ගොස් සති දෙක තුනක් ගත කිරීම සිරිතක්ව පැවතිණි. මේ කාලයේ අපට ඇඳීමට අවශ්‍ය ඇඳුම් අම්මා ට්‍රැවලින් බෑගයක් පුරවා ගෙන ගියා මට මතකයි.

ඊලඟට වයස දහනමයක් වෙන්නට ඔන්න මෙන්න තියා එක් දිනයක මම ඇඳුම් බෑගයක් රැගෙන පේරාදෙනිය සරසවියේ ජීවත්වීමට ගියෙමි.

ඇත්තටම එදා එලෙස නිවසින් පිටවූවායින් පසු ආපසු නිවසට ආවේ අවුරුදු අටකට පසුවය. ඒ කාලය තුල නිවසට ගියේ නිවාඩුවක් සඳහා පමණි.

සූට්කේස්වලින් ජීවත්වෙමින් ඒ ලැබූ අත්දැකීම්වලට වඩා අද ලබන අත්දැකීම සහමුලින්ම වෙනස්ය.

දවස් ගෙවෙන්නේ ඉතා වේගයෙනි. ජීවිතය වෙනදාටත් වඩා අවිවේක වී ඇත. ඒත් පසුගිය දිනවල බ්ලොග් කීපයක් බැලුවෙමි.

මා පෙරේදා බැලූ මේ වීඩියෝව සමහරවිට ඔබ දැක ඇති?



-කතන්දරකාරයා

ප/ලි:
වීඩියෝව නරඹන වෙලේ පරණ කතාවක් සිහිවිය.

බාහුට අනුව රනිල් වීරයෙක් වෙන්නේ 2002 දී පමණ සාම ගිවිසුමක් අත්සන් කර යුද්ධය (තාවකාලිකව හෝ) නතර කළ හෙයිනි.

මේ ගිවිසුමට විරුද්ධ වූවෝ ද වූහ.

මෙයින් මා දන්නා හඳුණන එක් අයෙක් සාමයට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම ඇරඹීය.

මගේ අත්සන ඉල්ලූ විට මා ඔහුට කීවේ මෙයයි.

මචං ඔයයි මායි චන්දේ නොදුන්නාට ඔය ආණ්ඩුව පත් වුනේ මහජන චන්දෙන්. දැන් උං ආණ්ඩුව කරනවා. මේක ඒකේ කොටසක්.

ඒ වුනාට මේවට ඉඩ දෙන්න බෑ නේ!

ඇයි උඹට මතක නැද්ද 1994 දී ගහපු සාම ගිවිසුම? උඹ එදාත් පෙත්සම් අත්සං කළාද?

මිතුරා නිහඬවිය.

30 comments:

  1. යකෝ කටේ සද්දෙ !
    මයික් . බෆල් හයි කරේ අප‍රාදෙ .!

    ReplyDelete
    Replies
    1. මොනව හයි කළත් අපේ ගොන් නාම්බන්ට ඕව ඇහෙන්නේ නෑ බං.

      Delete
  2. //හරිම අවිවේකයි. ඒත් බ්ලොග් කීපයක් බැලුවා පසුගිය දිනවල.//
    කකා ට්‍රිපක් යනකොට හරිම අවිවේකියි.
    අනිත් තවස්වලට
    වැඩ වැඩ වැඩ හරිම වැඩ
    පට්ට බිසී.........
    කොමන්ටුවකට රිප්ලේ එකක් දෙන්න කවදාවත් වේලාවක් නෑ.
    එත් කමන්නෑ, අපේ කොමන්ට් භක්ෂණය කරන්නේ නැතිව පබ්ලිෂ් කරකෝ. ඒකත් නෑ. ඒකට කෙනජි. පෙරාපු ගල් අරක්කු.

    ReplyDelete
  3. ඔය බයිලා කාරයෝ කවුරුත් එකයි.ඔය ගැන මම දැන් කතා කරන්නෙම නැහැ.

    ReplyDelete
    Replies
    1. ඕය නොදන්න ඒව ගැන කතා කලොත් ඇණ ගන්න වෙනවා නේද කෙන්ජි අංකල්.
      -පොන්ජි@ජපෑන්

      Delete
    2. නැතුව කොල්ලෝ...

      Delete
  4. I HAVEN 'T HEARD THIS BEFORE. THANK U FOR PRESENTING THIS.

    ReplyDelete
  5. අයියෝ කකා! ලෙහෙසියෙන් පෝස්ට් දාන්න කියල දෙන කුප්පියක්ද මේ? අපිට යූ ටියුබ් ඇත්තෙත් නෑ :-(

    ReplyDelete
  6. කකා නිවාඩුවකටත් ගිහින් දෑ... දැන් නේ දන්නේ

    ReplyDelete
  7. මේ කමෙන්ටර් නම්බර් වන්??

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  8. සතියම එක සූට් කේස් එකෙන් හිටියට කමක් නෑ රැවුල බාගත්තොත් නරකද කකා....

    මේ ෆොටෝ එක දැක්කාම මතක් වෙන්නෙ RY DOON කියන පොර......

    ප.ලි. -අක්කයි මල්ලියි හම්බ උනේ නැද්ද?

    ReplyDelete
  9. දැං එතකොට මහින්දත් කාලයක් සාම කතා කරානේ.ඉතින් එහෙනම් මහින්දත් වීරයෙක්නේ????හරිය.www.anuthusithuwili.wordpress.com

    ReplyDelete
  10. වීර , ද්‍රෝහි කොහොම වෙතත් කපටි , මෝඩ හුඟක් ඇත

    ReplyDelete
  11. කකා අද මගේ කොම්පියුටරේ රැම් එකේ කේස් එකක් !
    එක පාරට නිල් පාට ස්ක්‍රීන් එකක් ඇවිත් හිර වෙනවා ! රීස්ටාර්ට් කෙරුවම ආයෙම හිර වෙනවා. ඒක හදාගෙන එනකොට ඉන්ටර්නෙට් යන්න බෑ... ඒකත් හදාගෙන ආපු ගමන්ම බැලුවේ කකාගේ බ්ලොගය... !
    අපි ඒ තරමටම කකාට ආදරෙයි... නමුත් කකා අපට ආදරේ නෑ.. වෙලාවට කමෙන්ට් ටික පබ්ලිශ් කරන්නේ නෑ !

    ReplyDelete
    Replies
    1. ක . සු . ජා. ස එකේ උත්තරීතර මණ්ඩලයේ පළමු පෙළ සභිකයෙක් වෙන්ඩෑ .....

      Delete
    2. ක. සු. ජා. ස. උත්තරීතර මණ්ඩලයේ ඔය තරම් කකාගේ බොග ගැන උනන්දු නෑ. නැත්නම් වෙන එකෙක් ප්‍රශ්ණ ගැන කතා කරනකන් බලා සිටීවී යැයි.

      Delete
  12. බාහු හිතන්නෙ තර්කානුකූලව, ගණිතානුකූලව. එයා කියන දේ නිවැරදි වෙන්නෙ ඒ විදිහටම තේරුම් ගත්තොත් තමයි. ඒත් ඒ කතා දේශපාලනේදි ගැලපෙන්නෙ නෑ. කාටත් තේරෙන බාසාවක් පාවිච්චි කරන්න වෙනවා.

    ඒ අනුව, කතන්දරගෙ තර්කය (සාම ගිවිසුම ගැන) සාර්ථකයි.

    ReplyDelete
  13. //මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. //ඔබේ කමෙන්ටු ඟෙහි පලවෙන්නේ මා මුලින් ඒවා කියවූ පසුවයි. අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන //පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර අනුමත නොකෙරෙනු ඇත.

    තුන්වෙනි පාර්ශවය තියා පෝස්ට් එකට අදාල කමෙන්ටුවත් අනුමත වෙලා නෑ නේ !

    ReplyDelete
    Replies
    1. බාහුට බැනහල්ලා. ඒව පලකරන්ඥං. බාහු කියන්නේ තුන්වන පාර්ෂවයකට අයිති නැති කෙනෙක්.

      Delete
  14. නිවාඩුව රෝඩ් ට්‍රිප් එකක් හැඩයි විස්තරේ හැටියට.... අවම පහසුකම් යටතේ උනත් බ්ලොග් ලිවීම කියවීම අත් අරින්න අමාරුයි නේද?

    ReplyDelete
  15. කකා ඒක පුද්ගල නිදහද ආශ්වාදජනකයිද?

    ReplyDelete
  16. කකා නිවාඩුවක් ගත කරනවද ... කොහෙද ඒ ???

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හරි වෙන කොහේ හරි ලාංකිකයෝ / අඳුරන අය වැඩිපුර ඉන්න තැනක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ ගැන පොස්ට් එකක් දායි කකා. හැබැයි ගිහිල්ල ආවට පස්සේ.

      Delete
  17. අඩේ ඇයි බං බොලන් මගේ කොමන්ට් ගිලින්නේ. ඊයේ රෑ ගහපු කොමන්ටුවත් ගිලලා. බලහංකෝ ස්පෑම් ගොඩේවත් තියෙනවද කියලා. නැත්නම් එන්න එපා කියහං බං.

    94 ගැහුවත්, 2002 ගැහුවත් දෙකම රටට අවාසි ගිවිසුම් තමා. චුට්ටි චුට්ටිවට උන වාසි ටිකක් මහ ලොකුවට පෙන්නුවාට ඒ ගිවිසුම් අද වෙනකන් තිබුනානම්, කවුරුවත් ඔය කතා කියන්නේ නෑ. මාත් උතුරු පළාත ගැන දන්නවා. බාහු මොනවත් කියන්න ඕන නෑ. හැබැයි ඒ කාලේ කොටින්ට අපේ කොන්ත්‍රාත් කාරයෝ ගෙවපු කප්පං අද සාටක සනුහරේ ගිලිනවා. හරියට බොලාන් අපේ කොමන්ට් ගිලිනවා වාගේ. ඇයි බං මේ ආන්ඩුව පත් කළෙත් මිනිස්සුමනේ. රනිල් නම් කියනවා කොම්පුයුතර ජිල්මාට් කියලා. ඉතිම් එහෙනම් මේ ආණ්ඩුව කරන දේවලුත් අපි කරබාගෙන බලාගෙන ඉදිමු.
    -------------------------------
    ගුඩුස්......ග්ර්ගර්ගර්.......... ගිල්ලා නේද මේ කෝමන්ටුවත් පබ්ලිෂ් කරන්නේ නැතුව.

    ReplyDelete
  18. නිවාඩුවෙ මොන දේශපාලනයද? ඔන්න ඔහේ නිවාඩුව ගෙවලා එන්න..

    ReplyDelete
  19. බාහු මේ පාර පලාත් සභාවට තේරෙන එකනම් ෆුල් ශුවර්.....

    ReplyDelete
  20. comments pouring, pouring. kakka silent what is wrong

    ReplyDelete
  21. පෝස්ට් එකට අදාල ප්‍රශ්ණය නම් 100% ඇත්ත... මොකෝ ඒ කාළේ තිබුන මතය උනේ.. මේක යුද්ධයෙන් දිනන්න බෑ කියලනේ..

    ReplyDelete
    Replies
    1. බෑ තමයි, තාම දිනුවෙ නෑනෙ.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.