Tuesday 29 October 2013

පාලිත ලංකාගමගේ - අහෝ ඔබ කොහිද? :: My country, my car, my family, my petrol


විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ආස්සරේ කෙරුවේ එකම වර්ගයේ සෙට් එකක් නේ. කොටින්ම ඒ බොහෝ දෙනෙක් අනුකලනය දන්නා අය.

එතැනින් චුතවෙලා එක එක ජොබ් කරන කාලේ විවිධ ආකාරයේ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබුණා.

මං අර ගෑණු බොස් හෙවත් බොසී යටතේ දැහැමෙන් සෙමෙන් රැකියාව කරගෙන ඉන්න කාලේ ඔතන හිටිය එක පොරක් තමයි මේ පාලිත ලංකාගමගේ කියන්නේ.

අපි දෙන්නා වැඩ කෙරුවේ අංශ දෙකක නිසාත්, පොර මට වඩා අවුරුදු හයක් විතර ජ්‍යෙෂ්ඨ සේවකයෙකු නිසාත් රාජකාරී වෙලාවේදී අපි නිතර හමුවුණේ නෑ. පොර බැඳලා නිසා දවල්ට අපි තනිකඩයෝ බත්කාපු තැනට ආවෙත් නෑ.

මාසික ප්‍රගති විමර්ෂණ රැස්වීමේදී විතරයි නිතිපතා හමුවුණේ.

නමුත් ඉඳලා හිටලා දවසක තිබුණු පොඩි පාටි පොජ්ජකදී නම් පාලිත ලංකාගමගේ ව අනිවා මුණ ගැහුණා.

ඔය වගේ පොරව මුණ ගැහිලා හොඳට අඳුණා ගත්තු දවසක් තමයි අපේ මිස්සක රත්නපාල රට ගිය දවස.

මිස්සක ලංකාවේ ඉගෙන ගත්තු එකෙක් නොවෙයි, ඒරොප්පේ රටකට සිස්සස්සයක් හම්බවෙලා ගිහින් එහේ අවුරුදු පහක් විතර ගතකරලා උපාධි අරගෙන ඇවිත් ඒ වෙනකොට අවුරුදු ගාණක්ම මේ කොම්පැණියේ වැඩකරපු තවත් සීනියර් පොරක්.

මිස්සකයා එක පාරටම වගේ ප්‍රකාශ කළා ඔන්න ආපහු රට යනවාය කියලා, යන්නම යන්න, ජොබ් එකෙනුත් අස්වෙලා.

ඉතිං එහෙම නිකං යන්න දෙන්න බෑනේ!

ඔන්න අපි සංවිධානය කළා මහා පාටියක්.

අපේ තනිකඩ ලැයින් කාමරවල කුස්සිය කරපු සෝමපාලට බයිට් එකට මාලු බදින්න, චිකන් ඩෙවල් දාන්න සල්ලි දීලා, ටවුමට ගිහින් පරණ ඒවායින් තුන හතරක් ගෙනැල්ලා, නා කියාගෙන ඔන්න එක සිකුරාදාවක හවස අපි සෙට් වුණා.

මිස්සක රත්නපාල, පාලිත ලංකාගමගේ, කුසුම්සිරි ලියනගේ, අරූ, මූ වගේ කීප දෙනෙක්ම මේ ෆෙයාවෙල් සාදයට සහභාගී වුණා. එකක් කියන්න ඕනෑ අවුරුදු පහ හයක් සීනියර්, ජුනියර් වුණාට අපි එකිනෙකා අමතාගත්තේ නම්වලින් මිසක් අයියා-මල්ලී භාෂාවෙන් නම් නොවෙයි.

ඔන්න බෝතල් එකක් දෙකක් හිස්වෙන කොට, බැදපු මාලු, ඩෙවල් චිකන් දිසි පිටින් අතුරුදහන්වෙන කොට ටික ටික පාටිය උණුසුම් වුනා.

ඔය බයිට්වලට නම් වැඩියෙන්ම වග කිව්වේ අර සින්තටික් සිහින එකේ කේස් එකම තිබුණු අපේ වෙනත් යාළුවෙක්.

"මචං, මිස්සක, අයි විෂ් යූ ඕල් ද බැස්ට් මචං. යූ ගෝ ඇන්ඩ් හෑව් අ නයිස් ලයිෆ්. ඕක හොඳ රටක්. දැන් අපේ එවුන් කී දෙනෙක් නං ගියාද?"

පාලිත ලංකාගමගේ ටිකක් හැඟීම්බර වෙලා!

"ඔව් අර අවුරුදු දෙකකට කලින් ගිය එදිරිය මතකද? අන්න ඌ ඇවිත් ගියා ගිය මාසේ. පොර දැන් එහේ මාස්ටර්ස් එකක් කරනවාලු!" කවුදෝ කිව්වා.

"ඔව්, මචං, එහේ ගියොත් නං යූ විල් හෑව් සෝ මෙනි ඔපොචියුනිටීස්. හැබැයි මං නං කවදාකවත් මේ රට දාලා යන්නේ නෑ මචං, යු හැව් මයි වර්ඩ් ඔන් දැට්."

පාලිත ලංකාගමගේ තවත් ටිකක් හැඟීම්බර වෙලා!

"ඇයි බං මෙතන කඹුරලා ඇති පලක් තියේයැ, ගෙයක් හදාගන්න ලෝන් එකක් ගන්නත් කොච්චර අමාරුද?" ඒ කුසුම්සිරි. පොර මේ දවස්වල ගෙයක් හදන එක ගැනමයි කතාව.

"මං නං යන්නේම නෑ මචං පිටරට" ලංකාගමගේ නැවතත්. "උඹලා දන්නේ නෑ, අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හතරදෙනා කොච්චර ක්ලෝස් ද කියලා. අපි අතරේ තියෙන්නේ මචං පුදුමාකාර සහෝදර බැම්මක් පොඩි කාලේ ඉඳලාම. නන් ඔෆ් අස් විල් එවර් ලිව් දිස් කන්ට්‍රි ඕ ඊච් අදර්. අපි හතරදෙනා කවදාකවත් මේ රට දාලා යන්නේ නෑ."

පාලිත ලංකාගමගේ හොඳටෝම හැඟීම්බර වෙලා! මූ මේසෙට ගහපු පාර තව ඩිංගෙන් ඕල්ඩ් බෝතලේ බිම.

ඔය සිද්ධිය වෙලා දැන් සෑහෙන්න කල්. මාත් ඒ දවස්වලම වගේ හොඳ චරිත සහතිකයක් අරගෙන වෙන තිප්පොලක වැඩට ගියා. කාලෙකින් ඔය විවිධ චරිත ටික ටික මතකයේ යටට ගියා.

ඔන්න දැන් අවුරුදු පහ හයකට කලින් මට ඒ පරණ බජාර් එකේ පොරක් හදිසියේම වගේ හමුවුණා. ආගිය තොරතුරු, පරණ විස්තර හෙම කතා කර කර ඉන්න අතරේ පාලිත ලංකාගමගේ ගැනත් මතක්වුණා.

"දැන් පාලිතයා අතන ලොක්කෙක් වෙන්න ඇති නේද මචං? "

"මොන පිස්සුද බං, ඌ දැන් එතන නෑ."

"ඇයි වෙන කොම්පැනියකට ගියාද?"

"නෑ බං ඌ දැන් රටෙත් නෑ, උඹ ගිහින් අවුරුද්දකට විතර පස්සේ ඌ රට පැන්නානේ."

"ඈ, මොනවා? ඌ අර පාටිය දවසේ පොළොවේ අත ගහලා දිවුරුවා නේද රට යන්නේ නෑ කියලා."

"කාපු බීපු වෙලාවට කියන දේවල් නේ මචං, ඌ දැන් කැනඩාවේ හොඳින් ඉන්නවාය කියලයි ආරංචිය."

එහෙනං මුලු සහෝදර සමාගම ම රට යන්න ඇති, මට හිතුණා!

-කතන්දරකාරයා

ප/ලි
මෙය මා 2011 පෙබරවාරියේ දී ප්‍රසිද්ධ කළ "වෙන්ඩ කතන්දර සීයෙන්" එකකි.

මෙන්න පිටරට පැන්න අයගේ වැඩ ගැන වෙනත් කතන්දර දෙකක්.

1. දේශප්‍රිය පිටරට පනී!
http://kathandara.blogspot.com/2010/10/blog-post_16.html

2. ඕස්ට්‍රේලියාව ට පැන්න අපේ උං ගේ කවි - Australia : Sinhala Poetic Impressions
http://kathandara.blogspot.com/2011/07/australia-sinhala-poetic-impressions.html


(image: http://asikindigitalmedia.blogspot.com.au/)

66 comments:

  1. /එහෙනං මුලු සහෝදර සමාගම ම රට යන්න ඇති, මට හිතුණා!//
    සහොදර ප්‍රේමේත් කාපු බීපු ව්‍ෙලාවට විතරක් වෙන්ඩ ඇති..... :D
    කොහොම වුනත් රට යන අත දැක්කම පොරට රට නොගිහින් ගොඩ යන්න බැරි විත්තිය තේරෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. >>රට යන අත දැක්කම පොරට රට නොගිහින් ගොඩ යන්න බැරි විත්තිය තේරෙන්න ඇති.<<
      නියම වචන සෙට් එක ගයිය....

      Delete
  2. කියනකොට කවුරුත් ඔහොම තමාලු නේ...:)

    ReplyDelete
  3. සමහරු ඉතින් හිතේ තියෙන දේ හංග ගෙන මවාපෑම් කරනවා නේ.

    සමහරු නම් අනිත් අයගේ අවස්ථා නැති කරන්නත් ඔහොම කතා කියනවා. එතකොට යන්න ඉන්න අයත් යන්නේ නැති උනොත් ඒ චාන්ස් එකත් තමන්ටගේ කියල.

    ReplyDelete
  4. කෙන්ජි කමින් කමින්.........

    කකා ඔය කාපු බීපූ වේලාවට කන-බොන එවුන් දොඩන පප්පෝරි, ඒව-මේවා ඩිලිට් කියලා අහලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. සන්ජේ වත් බලන්න ගියා බං ජේල් එකට විසිට් එකක් දාල.
      ෂාරුක් එක්ක ගෝවෙ නයිටක් ඇද්ද මුහුද මැද බිලි බබා හොදට බිබී..
      අමිතාබ් අන්කල්ගෙ මිනිබිරිය බලන්නත් ගියා...

      Delete
    2. @Kenji

      එල්ටන් ජෝන්ලගේ, රනිල් අයියගේ, මංගල අයියගේ ගෙවල් පැත්තේ එහෙම ගියේ නැතුවැයි?


      //"ඕනෑම සමරිසි සම්බන්ධයක එක සහකරුවෙක් ගැහැණිය ගේ භූමිකාවයි, අනෙත් සහකරුවා පිරිමියාගේ භූමිකාවයි කරන බව අහලා ඇතිනේ.

      උදාහරණයක් විදියට එලන් ඩිජෙනරස් සහ පෝෂියා ඩීරෝසී විවාහයේ එලන් තමයි මිනිහා. එල්ටන් ජෝන් සහ ඩේවිඩ් ෆර්නිෂ් ගේ විවාහයේ එල්ටන් තමයි ගෑණි".//

      උපුටා ගැනීම:- බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!

      Delete
    3. ෂා............... රතු විදීවලත් ගිහින් දැන් පිඹ පිඹ ඉන්නවා ඇති නේද?

      Delete
    4. අමිතාබ් අන්කල්ගෙ?
      යකෝ අමිතාබ්ට අන්කල් කියන්න ඕන අපිනේ.

      Delete
  5. හරියට දයාසිරි උදේ කෑම වෙලාවේ ආණ්ඩුවට යන්නේ නෑමයි කියා කියා ඉඳලා දවල් කෑමට ආණ්ඩුවට ගියා වගේ

    ReplyDelete
  6. කව බොන වෙලාවේ එහෙම කියුව කියල හිතුවත්, සමහර දේවල් ප්‍රතිපත්තියක් විදියට වෙනස් නොකරන බවට දිව්රුල ඉන්න අයත් ඕවා තත්පරෙන් දෙකෙන් අමතක කරන එකේ ඒවා මොනවද? අනික සහෝදර බැදීම් උනත් නැති වෙන්න වැඩි කාලයක් යන්නෑ. ඉට්ස් ද නේචර් කකා.

    ReplyDelete
  7. මාත් පොඩි කාලෙ කිව්ව මම කවදාවත් අරක්කු බොන්නෙ නෑ මයි කියලා...

    ReplyDelete
  8. Replies
    1. කාකාතුමාගේ පෝස්ට් එකක් "කියවලා කමෙන්ට් කරන" එකෙක් දැක්කමයි!

      Hats off!

      එන ආත්මේ මගේම පුතෙක් වෙයන්! :D

      Delete
    2. නෙද්දකින් තෝ නං දෙපැත්තටම නැති අපතයෙක් !!!

      Delete
    3. නෙද්දකින්! මුන්ට හොඳක් කිව්වත් වැරදියි නේ!

      Delete
  9. ɐʇɐqɐɥ oʞ ɐʎıɾuǝʞ??? ndɐɥɐƃ ɐʇɐʞɐllıɥɐƃ ɐuuɐƃɐʇıƃɐu ɐpɥʇɐʌɐʌnɹɐq?
    @ ɐɐʞɐʞ////,
    uɐɯ ʞɐɥʇod ɐɯɐʍnllı ɐʞǝ ɐdǝɥsʞıɥʇɐɹd ɐɯıɹıʞ ıpɐp ɐsǝl ɐlǝɥ ıɯıʞɐp. ..........

    ReplyDelete
    Replies
    1. අඩේ ඇනෝ මේක සිංහලෙන් ඔය විදියට දාන්න පුළුවන්ද???

      Delete
    2. meeta wediya hondai, path wela kakul deka yatin puka balagaththa nam.

      Delete
    3. දේශකයෝ අහගත්තානේ.

      Delete
    4. හැක් හැක්.. අනේද කියන්නේ ඇනෝ..

      Delete
    5. @ දේශක යා ; ɯɐuuǝlɐɥuıs ɐuuɐp ɐq

      @ Anonymous; ǝqn ɐʞnd ɐʇɐɥʇɥʇɐdǝ ɐlɐʞɐp ɯɐuɥʇɐu uıuɐƃɐlɐq uıɥʇı

      Delete
    6. දැන් දේශකයා බැලුවැයි.

      Delete
  10. පාලිත ලංකාගමගේ ගියාට අජිත් පැරකුම් යයි කියලා හිතන්න අමාරුයි.....

    ReplyDelete
  11. කාපු බීපු වෙලාවට - පුන්චි විහිලුවක් කෙරුවට
    රාලහාමිලා වගෙ අය - ගනන් ගන්නෙ ඇයිද සුලු දෙය
    කියල අපෙ නීල් මහත්තය කිවුව නේද
    හය හතර

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුව
      කැඩී බිඳී යයි සුසුමන් සමගින්
      හෙටවත් ලිපියක් ඒ වී දෝ?

      එහෙමත් කාලයක් තිබුණා!

      Delete
  12. පාලිත ලංකාගමගේ - අහෝ ඔබ කොහේද? :: My country, my car, my family, my petrol and my ARSEHOLENESS!!
    ARSEHOLENESS REVEALATION!!!

    ReplyDelete
  13. පාලිත වගේ මිනිස්සු හරියට ඇති අපේ රටේ ,, ""කාපු බීපු වෙලාවට කියන දේවල් නේ මචං"" ඒත් එයා ඒ වෙලාවේ හොද කල්පනාවෙන් ඉදලා තියෙනවා ,, සල්ලි ඉස්සරහා සමහරවිට ප්‍රතිපත්ති වෙනස් වෙනවනේ

    ReplyDelete
    Replies
    1. // සල්ලි ඉස්සරහා සමහරවිට ප්‍රතිපත්ති වෙනස් වෙනවනේ//

      +++++++++++++++

      Delete
    2. සොරි අක්කියේ.....! වැරදි තැන කමෙන්ට් එක දැමුනේ!

      Delete
    3. සොරි කියන්නේ හරියට ඔයා වැරද්දක් කළා වගේ හැමදේටම සොරි කියන්න පුරුදුවෙන්න එපා මල්ලි :)

      Delete
  14. පාලිතයගේ මුල ඉදලම රට යන සිහිනය තිබිල තියෙනව.
    බොන වෙලාවට රට ගැන/සහෝදරත්වය ගැන කතා කරන්නෙ අහන එවුන්ව ගොනා මාක් එකට දාන්න.
    හොද වෙලාවට ඔහුට පෙර කකා රට ගියේ...

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගේ පිහිටයි!

      අපේ වෙලාවට කෙන්ජි මාමා ජැපෑන් ගියේ.......!

      Delete
    2. ඉස්සෙල්ලම ගියේ එළිසෙබෙත් ආච්චිගෙ රටට මචං..
      එහෙ මට ඇල්ලුවෙම නැහැ "කඩු" පහර නිසා..

      Delete
    3. මම නම් කෙන්ජි ජපන් ඉන්නකන් ජපන් යන්නේ නෑමයි. දන්නවනේ ඇයි කියලා.

      Delete
    4. භය වෙන්න එපා කොල්ලො මම දැන් ඔයාලගෙ "වියපත් බඹරා" බව පමණක් සිතන්න.

      Delete
  15. Kakka Iya adath shoak kathawak liyala. Dan Iya puka. choo, jee, pada wage kathawal liyanne nahe ne. shooii.

    ReplyDelete
    Replies
    1. //puka. choo, jee, pada wage kathawal liyanne nahe ne//

      ඔව් බං!

      කාකාතුමා එතුමගේ "සනීපාරක්ෂක සීරිස්" සෙට් එක නවත්තපු දා ඉඳලා අපේ "කැපිටල් මචන්" මේ පැත්තේ එන එකත් ටිකක් අඩු කරලා වගේ!

      අහෝ! දැනෙන තරම් ලඟ නැති පාලුව................!

      Delete
    2. මෙන්න ගූ කන තව එකෙක්...

      http://siragekamare.blogspot.com/2013/10/blog-post_27.html

      Delete
  16. කාකා ජී,

    හමාරා කමෙන්ට්ස් කෝයි නහී පබ්ලිෂ් හෝගයා.....!

    කෝන් හේ තුම්?

    ආප්කෝ මර්ගයා??

    බස් හා, ආප්කෝ පාස්වර්ඩ් ලේගි ආවෝ!!

    ජෙයි හෝ!!!

    ReplyDelete
    Replies
    1. කකා ජී ,
      හමාරා කොමෙන්ට්ස් අබ් තක් පබ්ලිෂ් නහි හුවා
      කහා හේ තුම්
      ආප් මර්ගයා කයා ?
      බස් , තේරා පාස්වර්ඩ් හමේ දිජියේ
      ජය් හෝ

      (අද ඇඳේ වැරදි පැත්තෙන්ද නැගිට්ටේ )

      Delete
    2. කතන්දර පිල්ලිය කෙහෙල් ගහට කොටලා හොට පටලවගෙන... ඕක තමා ඕන එකටයි එපා එකටයි දෙකටම කට දාන්ඩ ගියහම වෙන්නේ :)
      හුක්කි හුක්කි හූඌඌඌඌඌඌඌ

      -කැලෑවේ නරියා-

      Delete
    3. කතන්දර පිල්ලියො.. උබේ සමහර කමෙන්ට්
      හරි ක්‍රියේටිව් මස්සිනා.. ඒ හැකියාවෙන් වැඩක් ගනින් .
      පත්තර මල්ලි

      Delete
    4. @මහසොහොන් පිල්ලිය

      අරේවා බයියා......!

      මා.පි අයියා හින්දුස්ථාන් පිල්ලියක් බව අදමනේ බොලේ දන්නේ!
      බොහොත් වොන්ඩර් පුල් බයියා! බොහොත් වොන්ඩර් පුල් !!

      @ නලාවේ Xරියා
      තෝ අහුවෙයන්කෝ!!!

      @පත්තර මල්ලි

      තෑන්ක්ස් මස්සිනේ.....!

      මාත් ආසයි බ්ලොගක් ලියන්න.

      බලමුකෝ...!

      Thanks again!!!

      Delete
    5. හින්දුස්සානී පිල්ලි ජී,
      ලාප්පුරේ පෙයාර් කෙරේ.
      තුම්කෝ කොමන්ට් කර්තාහේ අප්කේ ප්‍රීත් පරායේ.

      ප්ලීස් කකා ජී, පබ්ලිෂ් මෛ කොමන්ට්
      http://www.pronunciator.com/Sinhala/Hindi/index-2.html

      Delete
    6. අරේ කාවා ජි.........

      බොහොත් අච්චා කමෙන්ට් හේ!

      Delete
  17. යකෝ ඌ පාලිත නෙමේ ඈපාලිත. පිස්සු බුවෙක්නේ ඔහොමත් වචන වෙනස් කරනවද?

    ReplyDelete
  18. මට බය තියෙන්නේ මේ යන විදියට මහින්දත් රට යයිද කියලා...

    ඔව් ඔව් එයා තමයි... නැතිව මහින්ද අබේ සුන්දර නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. පිස්ෂුද ලොක්ක ..එගේන්ස් එකට කතා කරන අයව එයා රට යවනව මිසක්ක ..

      Delete
    2. මෙන්න මෙයා ඇවිල්ලා. රනිල් ෆෝබියාව වැළඳුන දා ඉඳලා නිදන්ගත රෝගයකින් පීඩා විඳින බව අපිට තේරුනා. වෙද පප්පත් නැති එකේ, අරිෂ්ඨයක්වත්, කසායක්වත් පත අට එකට හින්දලා සප්පායං වෙන්න ලැබෙන්න නැතුව ඇති. අඩුම ගානේ හවසට කනමදය වගේ බොන එකවත් නතර කරකෝ.

      Delete
    3. MAGE PIYA 1/2K KEWA, ITHURU TIKA MAMA KAMIN SITINAWA.

      Delete
  19. අයියෝ..පාලිත ඕක කිව්වේ බීපු වෙලාවකනෙ. ඒ වගේද දයාසිරි.... ඔය තාම හොඳට ඉන්නෙ?

    ReplyDelete
  20. ඔහොම තමා සමහර සහෝදරයන් රට යනවා, තවත් අය ආපසු එනවා. අර මේසෙට ගහපු පාර බෝතලේ බිඳුනා නම්, දිව වල් කපා ගන්න තමා වෙන්නේ (බෝතල් කටුත් එක්ක බිම ඉහිරුණු අරක්කු බොන්න ගිහින්).

    ReplyDelete
  21. බිව්වට පස්සෙ ඉතිං නොකෙරෙන දේවල් ගැන තමයි වැඩිහරියක් පොරොන්දු දෙන්නෙ..සහ කියවන්නෙ...කකා තාමත් ඕල්ඩ් ද බොන්නෙ ?

    ReplyDelete
  22. රට යන එක නරක වැඩක්ද?

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියා ජැපෑන් එහෙම ගියාට අවුලක් නෑ!

      Delete
  23. දුප්පත් බ්ලොග් කාරයෙක්.... අද දවසටම කොමෙන්ට් හතරයි.... පව්...

    ReplyDelete
  24. Deshapriya is coming back to life again after some years.

    ReplyDelete
  25. අපේ කැලණිය සරසවියෙ හිටිය රසික සූරියආරච්චි කියල බුවෙක්. නිවාඩු අරගෙන පස්තාච්චි කුපාඩි වැඩකට ඔසී රටට ගියා. ගියා ගියාමයි ආයෙත් ආවෙ නැහැ. මෑන් මාරු. ඔන්න දැන් අන්තර්ජාලය පුරා බොග් දම දම ඉන්නවලු. කකාට මුන ගැහිල තියෙනවද ඔය රසික කියන බුවාව​. රසික සූරියආරච්චි -අහෝ ඔබ කොහේද​?

    ReplyDelete
    Replies
    1. මම මෙහේ..... මට කොමෙන්ට් නැති නිසා මමම ඇනෝ දානෝ..... කෝ අපේ මේ ඇනෝලා එන්න කකාට සප් එකක් දෙන්න.....

      Delete
    2. "එහෙනං මුලු සහෝදර සමාගම ම රට යන්න ඇති, මට හිතුණා!"
      Some සහෝදර සමාගම් come back and that makes others go!

      Delete
  26. "එකක් කියන්න ඕනෑ අවුරුදු පහ හයක් සීනියර්, ජුනියර් වුණාට අපි එකිනෙකා අමතාගත්තේ නම්වලින් මිසක් අයියා-මල්ලී භාෂාවෙන් නම් නොවෙයි"

    අපිට පාන් ද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.