Saturday 5 October 2013

ඔබේ බොස් ඔබට වඩා වයසෙන් අඩුවීම ප්‍රශ්නයක්ද? - Being bossed around all day (and loving it)...!


සාමාන්‍යයෙන් අපි වැඩකරන ඔෆීස් එකේ, වැඩපොලේ ඉන්න අපේ බොස් කියන්නේ අපිට වඩා පලපුරුද්දෙන් වැඩි කෙනෙක් නේ.

ජොබ් කරන්න පටන් ගන්නකොට නං ඉතිං ඉන්න හැම බොස් ම අපිට වැඩිය වැඩිමහලු අය වීම අනිවාර්යයි.

පස්සෙන් පහු පහු වෙන කොට නං ඉතිං, තමන්ගේ බොසා තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා.

මං මුලින් ම ජොබ් එකකට ගියේ රෙදි මහන තැනක. ඒ දවස්වල මගේ වයස අවුරුදු විසිතුනයි. එතන මගේ බොස් ජර්මානුකාර නිෂ්පාදන මැවිසුරුවෙක්. පොර මං වගේ දෙගුණයක් විතර වයසයි.

දෙවෙනි ජොබ්එක 'කොඹළ' පලාතේ ලොකු කොම්පැණියක. ඒකේ මගේ බොස් තමයි කොම්පැණියේ 'ආර්ඇන්ඩී' මැනේජර්. එංගලන්තේ ගිහින් රසායන ඉංජිනේරු මැවිසුරු උපාධිය කරලා ලංකාවට ආපු පොරක්. මං වගේ එකහමාරක් විතර වයසයි.

ඊලඟට මං ගියේ ආණ්ඩුවේ වැඩපොළකට. එතැනදී තමයි මට ලැබුණේ බොසෙක් වෙනුවට බොසියක්. බොසී මට වඩා අවුරුදු අටක් විතර වැඩිමල් පේරාදෙනියේ ඉගෙන ගත්තු වදුලි ඉංජිනේරු මැවිසුරියක්.

එන්න එන්නම බොස් ගේ සහ මගේ වයස් පරතරය අඩුවෙනවා වාගෙයි පෙනුනේ.

ඒත්, එතැන ඉඳලා මේ මෑතක් වෙනතුරුම මට හිටිය බොස්ලා මට වැඩිය වයසින් සහ ඒ නිසාම පළපුරුද්දෙන් වැඩි අය.

මීට අවුරුදු හයකට කලින් මං තීරණය කළා මගේ රැකියාවේ දිශානතිය වෙනස් කරන්න. ඒ පිම්ම පැන්න ගමන් මට සෙට් වුණු බොස්කාරයා මට වැඩිය බාල පොරක්. (ඔතන "මට සෙට් වුණු බොස්" කියන කතාව ඇත්තටම වැරදියි. ඒ බොස් තමයි මාව ඉන්ටර්වීව්කරලා සේවයට බඳවා ගත්තේ).

නමුත් මෙතන තිබුණු වැදගත්ම වෙනස තමයි බොස් සහ මම ක්‍ෂේත්‍ර දෙකක වීම. මම ඇනලිස්ට්. බොසා තමයි මැනේජර්. බොසා ගේ උපාධි තාක්‍ෂණික පැත්තේ ඒවා නොවුණු නිසා, බොසා මට වඩා වයසින් සහ පලපුරුද්දෙන් අඩුවීම මට නම් කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ.

කොහොම වුණත් ඒ ජොබ් එකෙන් මං දැන් කරන ජොබ් එකට මාරුවෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. දැන් මගේ බොස් මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමහලු පොරක්. සිවිල් මැවිසුරුවෙක්.

මේ පරණ විස්තර මට මතක් වුනේ එක්තරා හේතුවක් නිසයි.

පහුගිය දවසක මං දන්න කියන පොරක් අඩු වයසෙන් සේවයෙන් විශ්‍රාම ගියා. පොර වැඩ කලේ ජාතික ආරක්‍ෂාව හා සම්බන්ධ සේවාවක.

එහෙම විශ්‍රාම යන්න හේතුව තමයි, පොරට වඩා සේවා කාලයෙන් අඩු කෙනෙක් පොරට වඩා ඉහල නිලයකට පත්වීමයි.

නමුත් ඕකේ තියෙන විහිළුව මේකයි.

මෙච්චර වෙලා අපි කතා කෙරුවේ දවසේ පැය අටක විතර කාලයක දී අපිව බොස්කරන අපේ බොස් ලා ගැන නේ?

ගෙදර ඉන්න අනිත් හැම පැයේ ම මට ඉන්න මගේ සදාදරණීය බොසී නම් මට වැඩිය අවුරුදු දෙකක් විතරම බාලයි.

මං හිතන්නේ අති මහත් බහුතරයක් බැඳපු මිනිස්සුන් ගේ තත්වය ඕකයි.

ඒ වයස් සීමාව නම් කවදාක්වත් වෙනස් වෙන එකක් නොවෙයි!

-කතන්දරකාරයා

(image: http://gulfnews.com/life-style/general/how-to-handle-a-female-boss-1.836352)

74 comments:

  1. වැඩ කරන තැන බොස් වයසින් බාල වීම නම් ප්‍රශනයක් නෙවෙයි කොහොමත්, හැබැයි බොස් වැඩකිරීමේදී,තේරුම් ගැනීමේදී, හා දැනුම පළපුරුද්ද (පළපුරුද්දට වඩා දැනුම හා නිවැරදි තීරණ ගැනීම අතින්) බාලනම් ප්‍රශ්නයක් තමයි. මොකද එතකොට වෙන්නේ නිකම්ම කැපෙන එක.
    හැබැයි ඉතින් ගෙදරදී නම් අවුරුදු දෙකක් නෙවෙයි දහයක් බලවුනත් බොස් බොස්ම තමයි.

    ReplyDelete
    Replies
    1. ඉවාන් පව්ලූශා ගේ අදහසට මමත් එකඟයි

      Delete
    2. ඉවන් කියපු දෙ තමයි මගෙත් හිතට ආවෙ

      Delete
    3. හෙදර බොස්ට බොස්කම දීලා ඉන්න එක සමහර වෙලාවට ඇඟට ගුණයි.

      Delete
  2. මට නම් බොස් තාමත් මගෙ පිය තුමයි.
    ගෙදර බොසී නම් මට වඩා 12 ක් බාලයි.

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ්
      හිකිස් බිකිස්

      Delete
    2. උදේ පාන්දරට කිවිසුම් යන්නෙ පීනසේට.
      සිංහල වෙද මහත්තයෙක් ගෙන් ඉක්මනට බෙහෙතක් ගන්න මෙයා.
      පටන් ගැන්මේදීම ප්‍රතිකාර නොකලොත් හරි භයානකයි.

      Delete
    3. මාස් අමාරුව හොඳ උනාද ?

      Delete
    4. දොලහ නං කමක් නෑ. ඊට වැඩි වුණොත් පියතුමා වගේ තමයි.

      Delete
  3. රසායන ඉංජිනේරු මැවිසුරු උපාධිය නොවෙයි රසායන මැවිසුරු උපාධිය.

    ReplyDelete
    Replies
    1. Vishwa
      I think Kaka is right. Bachelor in Chemistry and Bachelor in Chemical Engineering are two different fields.

      Delete
    2. විශ්ව රංගනාත් - ස්තුතියි. ඔබ බොහෝ දුරට නිවරදියි.

      Chemical Engineering Degree = රසායනික මැවිසුරු උපාධිය

      එත් මෙතන පොඩි නොගැලපිල්ලක් තියෙනවා වගේ කියවන විට.

      මා අසා ඇත්තේ Engineer = මැවිසුරුවා යන්න පමණයි. Engineering කියන්නට මැවිසුරු යැයි යෙදිය හැකි විය යුතුයි

      Delete
  4. මම දන්න කීප දෙනෙක් ම ඉන්නවා ගෙදර බොසිය යාලුවාට වඩා වැඩිමල් වූ. හැබැයි ඒ අය හරිම සතුටින් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඒත් ඔයා යන්නෙම ඔයාගෙ දුවගෙ වයසෙ කෙල්ලො පස්සෙනෙ....

      Delete
    2. දුවගෙ වයසෙ කෙල්ලන්ගෙ පස්සෙ යන්නෙ නැතුව අම්මගෙ වයසෙ නාකි ගෑනු පස්සෙ යන්නද කියන්නෙ?

      Delete
    3. දැන් මූ ටෝක දීලා තියෙන්නෙ ඒ වගේනෙ..... ඒකයි එහෙම කියුවෙ.... ගෙදර ගෑනි තියන් වෙන ගෑනු පස්සෙ යනව නම් අසහනේ තමයි

      Delete
    4. කවුද ඬැඩිමහල් කියන එක නං එච්චරම වැදගත් නෑ, කවුද උස වගේ. හැබැයි ලොකු පරතරක් නිසා වැන්දඹු කාලය වැඩිවෙනවා.

      Delete
    5. එහෙනම් ඇයි කකා මේ අහවල් එක වටේ යන නාකි අහවලා තරුණ කෙල්ලොන්ගෙ අහවල් එක පස්සෙ දුවන්නෙ......

      Delete
    6. /කවුද ඬැඩිමහල් කියන එක නං එච්චරම වැදගත් නෑ/

      වයසේ වෙනස වැදගත් නැහැ පිරිමියා වැඩිමහල් නම්. අවුරුදු විසිදෙකේ කෙල්ලෝ හතළිහේ නාකියෝත් බඳිනවා. හැබැයි අනෙක් අතට අවුරුදු විසි දෙකේ කොල්ලෙක් හතළිහේ ගෑනියෙක් හෙම බැඳපු කතාවක් අහල තියෙනවද?

      Delete
    7. Havent you heard abouy Mark Waugh And Susan Porter?

      -angopaala

      Delete
    8. ජෝඩු කීපයක්

      Demi Moore and Ashton Kutcher
      Elizabeth Taylor and Larry Fortensky
      Joan Collins and Robin Hurlstone
      Joan Collins and Percy Gibson
      Madonna and Guy Ritchie
      Tina Turner and Erwin Bach

      තව ඇති සර්ච් කරලා බලන්න

      Delete
    9. මං කිව්වෙ ලංකාවෙ අයිසෙලා.

      Delete
    10. දික්තලා - කාලගෝල

      Delete
  5. ජොබ් එක මාරු කරනවා වගේ ගෙදර බොසීවත් මාරු කලා නම්..ඔය වයස් පරතරය වෙනස් කර ගන්න තිබුනනෙ කතන්දර..කතන්දරීගෙන් මට කොසු පාර කන්ඩ වෙයිද මන්දා ????

    ReplyDelete
    Replies
    1. බොස් මට කලින් තීරණය කළොත්? මොකද බොස් නේ?

      Delete
    2. ඇයි හිට්ස් මිලියන 1.6 ක බ්ලොග් එකක් ලියන මනුස්සයෙකුට තව බොස් කෙනෙක් හොයා ගන්න එක ඔය තරම් අමාරුද?

      Delete
    3. මෙන්න ඒ උත්තරේට ඇනෝට මල් !

      Delete
    4. හීනියට ඔතලාම දෙන්න....

      Delete
  6. මම බොස් වෙච්ච තැන බොස් වෙනකොට මට වයස අවුරුදු 25යි..... මගේ යටතෙ හිටපු වයස අඩුම ඔෆිසර්ටත් අවුරුදු 30ක එක්ස්පීරියන්ස් තිබුනා.....

    ReplyDelete
    Replies
    1. මෙන්න දැන් ඇනෝලත් නයි අරින්න පටන් අරන්!

      Delete
    2. නෑ මචන් මමන් කකා වගේ ජොයින් වෙනකොට 23යි.... අවුරුදු දෙකකට පස්සෙ හිටපු බොසා රිටයර් වෙන කොට මට 25යි..... එතකොට හිටපු බාලම නිලධාරියට 49යි... ඌ ජොයින් වෙලා තියෙන්නෙ ඒ ලෙවල් කරපු ගමන් 18 දී......

      ඇනෝ කෙනෙක්ට නයි ඇරලා මොකක්ද ලැබෙන වාසිය.....

      Delete
    3. මං නිතරම කල්පනා කරනවා ඇනෝ කෙනෙකුට මෙතැන කමෙන්ට් කරලා මොකද්ද ඇති වාසිය කියලා. හැබැයි දවසට පුත්තලම් බූරුවෝ හැටහුටහමාරක් මෙතැන ඇනෝ කෙමෙන්ට් දානවා. ඒ වගේ ඇනෝලට නයි අරින්නත් හේතුවක් ඇති.

      Delete
    4. උඹත් බූරුවෙක් නිසා උඹට එහෙම හිතෙන එක සාධාරණයි....

      Delete
  7. anumanayak nehe thattya nam genita bayai

    ReplyDelete
  8. ඔය ගැටලුව තියනවා ගොඩක් මැවිසුරුවන්ට සහ වෙදදුරන්ට. මොකද එයාලට ගොඩක් වෙලාවට ලැබෙනවා වෙනම ස්වාධින ඒකකයක ප්‍රධානියා වෙන්න. එකපාරටම එහෙම වගකීමක් ගන්න සිද්ධ උණු වෙලාවට සැහෙන්න අපහසුතාවයන්ට පත් වෙන්න වෙනවා. මොකද වටේ ඉන්න හැමෝම න්‍යායාත්මක අතින් අඩු උනාට ප්‍රයෝගික අතින් ගොඩක් ඉහළ ඉන්න අය. ඒකට මුහුණ දෙනවා කියන එක සැහෙන අවධානමක්

    ReplyDelete
    Replies
    1. මේ කියන්නේ අනිත් පැත්ත ගැනයි.

      Delete
  9. බටහිර රටකදී නම් ඔය වයසේ ප්‍රශ්නය කිසිම ගැටළුවක් නෙවෙයි. මොකද තනතුරේ හැටියට අනෙක් පැත්තෙන් වගකීම් වැඩි වන නිසා. එතකොට කවුරුවත් තමන්ගේ බොස්ට ඉරිසියා කරන්නේ නෑ. මොකද තමන් එතැනට ගියොත් තමන්ටත් ඒ වගෙ වගකීම් කන්දරාවක් හිමිවන බව හොඳින්ම දන්නා නිසා. එතකොට තමන් කරන වැඩේ කරගෙන ඉන්න එක ලෙහෙසියි. ඔය වයස ගැටළුවක් වෙන්නේ ලංකාව වගේ තනිකර ජ්‍යෙෂ්ඨත්වය මත උසස් වීම් දෙන රටවල් වල. එතකොට හැමෝම හිතන්නෙ "අරූට පුළුවන් නම් මට බැරි ඇයි?" කියලා. (ශෂීන්ද්‍ර රාජපක්ෂට පුළුවන් නම් අනුරාධ ජයරත්නට බැරි ඇයි?)

    ReplyDelete
    Replies
    1. එකම ලයින් ඔෆ් කමාන්ඩ් තයෙන කොටයි මං කියන ප්‍රශ්නේ එන්නේ. ආමි, නේවි වගේ සහ සමහර මැවිසුරු සේවාවල.

      Delete
  10. වැඩ කරන තැන බොස් වයසින් වැඩි එක ප්‍රශ්නයක් වෙන්නෙ මං හිතන විදිහට හීන මානයක් ඔලුවේ තියන් ඉන්න අයට..පලපුරුද්ද නැතත් ඒ පුද්ගලයා බොස් වෙන්නේ සුදුසුකම් අනුව නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නෑ මම හිතන්නෙ..

    ගෙදර බොසී නම් වයසින් බාලයි කියාලා නෑ....මහත්වරු යටත් වෙනවා නොවැ :D

    ReplyDelete
    Replies
    1. බොස්ට අප්සෙට් යයිද තමන්ට වඩා වයස කෙනෙක්ව බොස් කරන්න වුණාම?

      Delete
  11. මගේ නිරීක්ෂණය නම් ගෙදර බොසීලාට වැඩිපුර යටහත් පහත් භාවයක් පෙන්නන්නේ:

    1. කොටුවක් දෙකක් හෙම පණින කස්ටිය
    2. පොඩ්ඩක් විතර වැඩියෙන් අනුමත වන උදවිය
    3. තමන් පුරුදු වූ ලයිෆ් ස්ටයිල් එකට ජීවිතය ගෙනයන්න තරම් හම්බ නොකරන අය

    ඔය තුනම නොවේ නම් ගෙදර බොසීට යටත් වෙන්න වෙන හේතුවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ආදායමට සරි නොවෙන ලයිෆ් ස්ටයිල් එකකට "පුරුදු" වෙන්නේ කොහොමද බඳින්න පෙර?

      Delete
  12. මටනම් ඉන්නවා නියම බෝසෙක් (වැඩකරන තැන) පොර උදේම මම ලගට ඇවිත් අහනවා අදමම මොකද කරන්නේ කියලා (මොකද මම තමයි දෙවනියා) මම බොස්ට දෙනවා දවසටම කරන්න පුළුවන් වැඩක්...... ඊට පස්සේ මම අනෙක් කට්ටිය එක්ක වැඩ කරගෙන යනවා....... ඔන්න ඔහොමයි අපි බොස්ලව හදා ගෙන තියෙන්නෙ

    ReplyDelete
  13. අනේ මන්දා කකා..

    ReplyDelete
  14. මේ ලිපියෙයි අනුරාධ ජයරත්නට පළාත් සභා මහ ඇමතිකම හම්බ නොවීමෙයි සම්බන්ධයක් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ, ඒක මේ ඊයේ කතාවක් නේ.

      මගේ කතාවට හේතුව ඊට වඩා පරණයි.

      Delete

  15. //මං මුලින් ම ජොබ් එකකට ගියේ රෙදි මහන තැනක. ඒ දවස්වල මගේ වයස අවුරුදු විසිතුනයි.//

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමයෙ කරුමෙ ඕක තමයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දිකට ඇත්තටම ද ඒ කතාව කිව්වේ?

      එහෙනං මෙන්න අහගන්න.

      මං දෙවෙනියට වැඩට ගියේ ලොසින්ජර හදන තැනක.

      තුන්වෙනියට වැඩට ගියේ යකඩ තලන තැනක. ඊලඟට පස්තාච්චි අදින්න ගියා. පස්සේ නාථ දේවාලේ පොඩි කපු වැඩක් කලා.

      දැන් වැඩ කරන්නේ පාරට තාර දාන තැනක!

      Delete
    2. ආහ්, ඔබ කියන්නට ඇත්තේ රැකියාව ගැන නොව වයස ගැන විය යුතුයි.

      ඊට කලින් රැකියාවකට යන්න විදියක් නෑ. ගෙදර අවුරුදූ පහයි. පාසලේ දාහතරයි. විවියේ හතරයි. එකතුව විසි තුනයි.

      පාසලේ දාහතරක් වෙන්නේ සාපෙ අවසානය සහ උපෙ ආරම්භය අතර වසරකින් අඩකුත්, උපෙ සඳහා වසර දෙකහාමරක් පමණත්, උපෙ සහ විවිය පටන් ගැනීම අතර ඉතුරු වසරක කාලයත් වැයවෙන නිසයි.

      Delete
    3. කකා කළු ගල් තලාලයි පාරට දමන්නේ නේද? කකා ගල් සෙල්ලම් වලට හුරු වුනේ එතකොට ඔය ජොබ් එකෙන් නේද?

      Delete
    4. කතන්දරට අහුවෙලා තියෙන්නෙ වැරදි තැන. මම කිව්වෙ ජොබ් එක ගැන නෙමෙයි. උපාධිය අරන් මුලිම්ම රස්සාවට යනකොට වයස විසි තුනයි! ඒක ලංකාවෙ සාමාන්‍යය හෝ ඉතාම හොඳම තත්වය. සමහරවිට මේක විසි පහටත් එහා වෙනව. ඒත් අස්ල්වැසි ඉන්දියාවෙත් විසි දෙක වෙනකොට වැඩ පටන් අරන් මැවිසුරුවො.

      Delete
    5. //කතන්දරට අහුවෙලා තියෙන්නෙ වැරදි තැන//
      අපි කිව්වා කකාට අනවශ්‍ය තැන් අල්ලන්න දෙන්න එපා කියලා...

      Delete
    6. at 2:26 PM ඔබ ක.සු.ජා.ස සාමාජිකත්වය ලැබූවෙක් නේද ..? දකිද්දී කියන්න පුළුවන්....

      Delete
    7. අල්ලන්න දුන්නත් මොකෝ ගෙවෙනවයැ. ණය නම් දෙන්න එපා.

      Delete
    8. @ සහන්
      අනිවා.... නමුත් අපි සංගම් නාමය භාවිතා කරන්නේ සංගමයේ අදහස් පිළිඹිබු වෙන කොමෙන්ට් වල පමණයි.......

      ප.ලි. : ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා අපි දන්නවා.... කමක් නෑ ඔන්න ඔහේ ලින්ක් එකක් දාලා යන්න.... අපි නොදැක්ක වගේ ඉන්නම්....

      Delete
    9. ප.ලි. සති අන්තයේ දින වලදී පොල් පැල කෑමෙන් එතරම් වාසි සහගත තත්වයක් නොලැබෙන නිසා ලින්කුවක් නොදැමූවෙමි.

      Delete
    10. මී මුරේ යනු ස්භාවිකත්වයෙන් අනූන අති සුන්දර පරිසරයක්...... පිටරට සිට පැමිණෙන ඔබට ගැමි සමාජයේ නැවුම් අසිරිය විදීමට තෝ තැන්නක්.....

      එහෙත් ඔබ ඒ අසිරිය විදින අතුරෙහි ඔබගේ දියණිය, බිරිද, මව, මිත්තනිය නැතහොත් පොකැට්ටුව ඩැහැ ගැනීමට කැහැටු වදුරන් මාන බලමින් සිටියි...... මොහොතක් සිතන්න.....

      හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න......

      ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ.....

      ( මෙය මුදල් ගෙවා පල කල දැන්වීමකි )

      Delete
    11. කකා කවද්ද දෙයක් කිව්වහම පිලිගත්තේ... මේකා හොට කපපු පැස්බරෙක් වගේ එකෙක්.. ඒ වගේම ජීවත් වෙන්නේ අං දිග ගෝණෙක් වගේ !

      ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ.....අභීත එදිරිසිංහට ණය දෙන්න එපා ලැබෙන්නේ නෑ...
      (මෙයත් මුදල් ගෙවා පල කල දැන්වීමකි.)

      Delete
  16. ගෙදර බොසී වයසින් බාල වෙන්න ඕන කියල කියන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ගැහැණු අය ගේ බොඩි ක්ලොක් එක වැඩකරන්නේ වෙනස් කාලසටහනකට නිසා!

      Delete
  17. බොසා කොහොම උනත් බොසී බාලනම් පංකාදු පහයි!

    ReplyDelete
  18. කකා Disclosure කියවලා නැද්ද? තමන්ගෙ පරණ පෙම්වතිය බොස් වෙලා ඇවිල්ල වන හබයක් ගැනයි කතාව.

    http://en.wikipedia.org/wiki/Disclosure_(novel)

    Michael Douglas, Demi Moore හිටියේ ෆිල්ම් එකේ.

    ReplyDelete
    Replies
    1. නැත!

      ඩෙමී මෝ නම් කූගර් බිරිඳක්. බෲස් විල්ස් ගෙන් දික්කසාද වීමෙන් පසුව කසාද බැන්ද ඇල්ස්ටන් ඇයව වඩා අවුරුදු විස්සක් විතර බාලයි!

      Delete
  19. තමන් ගේ බොස් තමන් ම වුණා ම හරිනේ

    ReplyDelete
    Replies
    1. ආහ්!

      මේ කියන්නේ ස්වයං රැකියා ගැණ නේද?

      Delete
  20. හෙහේ. බලන් ගියාම ඇත්ත ඒක නේනනම්. ඉතුරු පැය දාසයම ඒ ඇත්තිගේ බොසීකමට යටත් වෙලා ඉන්ඩ එපැයි...

    ReplyDelete
  21. බොසා වයසෙන් අඩුවුනාම උන්ට අපේ උපදෙස් අවශ්‍යවෙනවා විෂයට පරිබාහිර අනිත් වැඩවලදී...ඊයේ රෑ බිව්වා වැඩියි...මුකුත් අද වැඩ ලෑස්ති නැහැ...මහ බොසාට මොකක්ද කියන්නේ??

    අන්න අර සේවකයාගෙන් මට හරිම කරදරේ.....මම කොහොමද ඌව ෂේප් කරගන්නේ?

    වයිෆ් ආපහු ප්‍රෙග්නන්ට්ද කොහෙද? දන්න කියන තැනක් නැද්ද.......?


    ගෙදර බොස් කම මට උල තියනවා කිව්වත් බාර ගන්නේ නැත. උපදෙස් සහ අවවාද ලබා දෙණු ලැබේ. බොස් ඔටුන්න අවශ්‍ය නැත.

    ReplyDelete
  22. කොහොමත් ගෑනු බොස් කෙනෙක් නැතුව වයසක පිරිමි බොස් කෙනෙක් ඉන්නවානම් තමා ඉතින් වඩා හොඳ...:D

    ReplyDelete
  23. වැඩ කරන තැනනම් ඉතින් එකට සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් නම් වයසේ කිසිම අවුලක් නෑ.. ගෙදර නම් ඉතින් වයසින් කොච්චර අඩු උනත් බොස් අපිට ඉහලින් නේ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.