Thursday 16 May 2013

බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - "Me good you bad" concept


කල්ට් (cult) කියන වචනය සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ එක්කෝ සාමාන්‍ය ප්‍රවාහයේ ආගමක වෙනස් විදියට කටයුතු කරන පිරිස් හෝ නැත්තම් වෙනස්ම ඇදහිලි තියෙන සුළුතර ආගමික කොටස් හඳුන්වන්නයි.

ලංකාවේත් කාලෙන් කාලෙට බුද්ධාගමේ වගේම ක්‍රීස්තියානි ආගමේත් මේ වගේ කල්ට් මතුවෙනවා.

ඔය වගේ සමහර කල්ට්වලට බැඳෙන අය වැඩියෙන්ම උනන්දුවෙන්නේ ලෝකෝත්තර වශයෙන් රිටර්න්ස් ලැබෙන මෙගා පරිමානයේ පිං අතේ වැඩ කරන්නයි. ඒ විතරක් නොවෙයි, ඒ එක්කම ඒ අය බලනවා මේ වගේ වටිනා කියන පිං අතේ වැඩවලට තමන්ගේ යාළු මිත්‍රයින්වත් අල්ලා ගන්න. එහෙම කරන්නේ තමන්ට ලැබෙන්නට නියමිත මෙගා රිටර්න්ස් තමන්ගේ හිතවතුන්ටත් ලබා දෙන පරහිතකාමී චින්තනය නිසායි.

ඒ වගේම මේවගේ අය හිතනවා තමන් මෙගා පිංකංවල රිටන්ස් ලැබිලා දිව්‍යලෝකේ යන කොට ඒ වගේ පිං අතේ වැඩ නොකරන අනිත් හැමෝම කෙලින්ම නතර වෙන්නේ අපායේ තමයි කියලා.

කාලෙකට ඉස්සර මටත් ඊ-මේල් ගනුදෙනුවකට පැටලෙන්න වුනා මේ වගේ "අපි සුදනෝ - උන් දුදනෝ" වර්ගයේ නෝනා මහත්තැන් කෙනෙක් එක්ක.

මෙන්න ඒ කතන්දරේ [බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!] ට පාර.
http://kathandara.blogspot.com/2012/05/antidote-to-doubt-is-not-faith-but.html

මේ වගේ පිංවන්තියෙක් ගැන කතන්දරයක් මං අද උදේ පාන්දරම කියෙව්වා ලාංකික නිර්ආගමිකයෝ කියන බ්ලොග් එකේ තිබිලා. ලිපිය ලියලා තියෙන්නේ රිටිගල ජයසේන.

මෙන්න මෙතනින් බලන්න.
http://srilankanatheists.wordpress.com/2013/05/14/278/


-කතන්දරකාරයා

ප/ලි
මගේ වෙසක් පැතුම - මෝහන්ධකාරය දුරුවේවා!


67 comments:

  1. එයාල අසපු වලට මුදල් විතරක් නෙමෙ හාමුදුරුවන්ට පතිවතත් පුජා කරලයි එන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි කෙන්ජි හොද සුදු කොල්ලො..... සමහර සාදුලට පේන්න බෑ.....

      Delete
    2. හායි කෙන්ජි අන්කල් !
      කොහොමද ජපානේ වෙසක් සිරිය ?
      අපේ වෙසක් එකට බල්බ් නැති තොරන් ටිකකුයි ගෝල් ෆේස් එකේ කුරුළු තොරන් ටිකකුයි තියෙනවා.

      Delete
    3. @ Kenji @ Japan

      දානෙ දුන්නාම ලබන ආත්මෙ හොදට කන්න ලැබෙනවා වගේ ඕක දුන්නාමත් ඉතින් ලැබෙනවා....

      දෙන්න දෙන්න තමයි ලැබෙන්නෙ... ඒඛ පුxxx දනන්නත්ථී දස දහස් පුxxx ලබ්බථී.....

      Delete
    4. මයියගෙ පරිස්සමට ඔන්න වැටක්
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

      Delete
    5. 1.ඇනෝ;කළු/සුදු ගානක් නැහැ සම හරක් සාදුලට කාරල ගත්ත කෙල පිඩ හොදට වැඩ කරනවනම්.
      2.ඇනෝ;හායි පුතා!මෙහෙ වෙසක් නැති උනත් සිරිය හැම තැනම තියෙනව පුතේ.21ක රනිල් අංකල් ප්‍රමුක කට්ටිය එක්ක විරෝදය පාන්න.බිල කෙසේ වෙතත් පවිත්‍රා ඇන්ටිගෙ රවුම් රෝද දෙකවත් බේරෙයිනෙ.
      3.හාමුදුරුවන්ට සුදු ඇදගෙන පිරිත් අහගෙන උස්සන උපාසක අම්මල,කාමේ සූ මීයිය ගාථාව දන්න පොඩි කොල්ලන්ට ඕක පුජා කොරා නම් කොහොම සැපක් ලැබෙනවද මාර පින්වතුනි.!
      4.ඇනෝ;මාගේ බොක්ක අගල් 9 යෙ පරතරයේ කම්බි වැටවල් වල මගෙ කන් කෑලි,තට්ටමේ මස් කෑලි පුදපු මේ වැට වැටක් ද මෙයා.

      Delete
    6. මට මතකයි ඉස්සර චිත්‍රකතාවක් තිබුණා පූසාරි ලා කාන්තාවන්ට ළමයි හදලා දෙන්න යනවා. දයා රාජපක්‍ෂද කොහෙද ඇන්දේ!

      Delete
    7. දයා රාජපක්ෂ සමග සති 3ක් 4ක් සුබෝධා චිත්‍රපටය රූගත කරපු කුරුණෑගල පුරවරයේදී පුදුම සතුටක් ලැබුව.
      දෙවරක් සිතා අපට සිනා විය හැකි දේවල් ගැඹුරු මුහුණින් කිය හැකි සුන්දර නිහතමානි පුද්ගලයකි දයා අයිය.
      ඉස්සර හිටියෙ දෙමටගොඩ.පස්සෙ අඹගහ හන්දියෙන් හැරිලා ගියාම පැත්තක හිටියෙ.
      ශ්‍රියානි A අක්කලගේ ගෙවල් පැත්තෙ.අඹතලේ කියලද මන්ද කියන්නෙ.

      Delete
    8. hariyata danne nethiwa boru kiyanna epa, "Rajapakshada koheda ande"

      Delete
    9. ඔබ කියල තියෙන එක මට පැහැදිලි නැහැ ඇනෝ.

      Delete
    10. අඩේ කෙනජි උබලා තමයි ලංකාවෙ චිත්‍රපටි කෑවෙ. එන හැම ඒකාටම ** ඇරලා තව එනවා කියවන්න.

      Delete
    11. කතන්දර කාරයාගේ ලිපියේ කොතැනක හරි තියෙනවද අසපුවකට හෝ පන්සලකට ගොස් එකේ ඉන්න හාමුදුරුවරු එක්ක බුදියපු ගනු ගැන විස්තරයක්? ඔබේ හිතේ තියෙන මනස්ගාතයක් ලියල මේ ලිපිය සාර්ථක සංවාදයකට ඉදිරිපත් වීමට තියෙන මග අහුරන්නේ අයි?

      Delete
    12. උඹ කියන එක ඇත්ත බං.ඒ දවස්වල දින 10න් ඉවර කරන එව්වොයි,හින්දි කැසට් එක නළු නිළියන්ට පෙන්නල ඒ කොපියම කරපු එව්වො තමා සිනමාව කෑවෙ.
      මම කැමරාකරණය ගැන ටිකක් ඉගෙන ගන්න සම්බන්ධ වුනා පමණයි.
      මම දැන් වගේම ඉස්සරත් හොද ඉට්ටැයිල් කොල්ල නිසා බැති සිතින් පුජා කොරන සෑම "ව්‍යංජනයක්"ම අනුභව කොට පරම්පරාවටම පින් අනුමෝදන් කලා පින්වත.!

      Delete
    13. @wmk ;
      කතන්දර ලිව්ව දෙයක් ගැන නෙමේ කිව්වෙ මම දන්නා අත්දැකීම් කිව්වෙ.
      ඔය අසපු අස්සෙ රිංගන නෝනල හදන ඔම්ලට්/බැදපු සොසේජ් සමග හොද බීම අදින කඩේ ඇදන් ඉන්න සිවුරු කාරයො එක්ක කාල/බිල විතරක් නෙමෙ අර උපාසකම්මලගේ ශරීරෙ තියෙන උපන් ලප උනත් කියන්න පුළුවන් නම් ගම් සහිතව.

      Delete
    14. @wmk;
      තමුන්ට සංවාදයක් කරගෙන යාමට මම අවහිර කොට නොමැත.මම යම් කිසිවෙකුට අවහිර කොට තිබේනම් එය පළමුව දැනෙන්නෙ මෙම බ්ලොගය අයිති කකාටය.
      ඔබ යම් කිසි සංවාදයකට අවතීර්ණ වන්නේ නම් මම සතුටු වෙමි.
      මම හැම ලිපියකටම කොමන්ට් කරන්නෙ 100%ක අත්දැකීම් වලින් බව කරුණාවෙන් සලකන්න.

      Delete
    15. @ Anonymous May 16, 2013 at 10:31 AM

      //...දානෙ දුන්නාම ලබන ආත්මෙ හොදට කන්න ලැබෙනවා වගේ ඕක දුන්නාමත් ඉතින් ලැබෙනවා....දෙන්න දෙන්න තමයි ලැබෙන්නෙ... ඒඛ පුxxx දනන්නත්ථී දස දහස් පුxxx ලබ්බථී.....//

      බුද්ධකාලීනව වැඩ හිටිය සමහර හාමුදුරුවරුත් මේ වගේ බණ කියලා තියෙනවා. කාන්තාවක් විසින් භික්ෂූන් වහන්සේ නමකට දෙන්න පුලුවන් උතුම්ම දානය විදිහටත් ඒක වර්ණනා කරලා තියෙනවලු :P

      Delete
  2. ආගම් වල විතරක් නෙවෙයි ලංකාවේ හැම තැනම තියෙන්නේ කල්ට් තමයි..

    බ්ලොග් ලියන්න මෙහෙමයි කියල හිතන කට්ටියක් අනිත් අයත් ඒවාගේම ලිබ්විය යුතුයි කියලා හිතනවා....

    සම්භාවයයි කියලා කියන සින්දු ජාතියක් අහන අය අනිත් අයත් ඒවා අහන්න ඕනා කියලා හිතනවා...

    තමන් බලන්නේ මේ ජාතියේ විත්‍රපට කියලා අනිත් අයත් ඒවා බැලිය යුතුයි කියලා හිටනවා


    තව උදාහරන කෝටියයි....

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඇයි ආගමක් නොඅදහන කට්ටිය අනිත් අයත් එහෙම විය යුතුයි කියල සිතීම ??
      ඇයි ජාතියක්, ජම්මයක් , සංස්කෘතියක් නැති ජඩ උදවිය අනිත් අයත් එහෙම විය යුතුයි කියල සිතීම ? ?
      ඇයි පිනක් දහමක් නොකරන උදවිය අනිත් අයගේ එවන් දෙයට උපහාස නැගීම , තමන් මෙන් විය යුතු යයි සිතීම ??

      ඔක්කොම එක වල්ලේ පොල් නේද බලාගෙන යනකොට ? :P

      Delete
    3. පලයන්න මිත්‍යාදෘශ්ඨිකයා.....

      Delete
    4. @ මහසොහොන් පිල්ලිය

      එතකොට උඹ හැමතැනම මුස්ලිම් මිනිස්සුන්ට බැන බැන යන එක හරිද බන්?

      උඹ කැමති ගණයෙක්ට ගිහින් පස්ස ඇල්ලුවට අපිට පාන්ද?

      තොපි බුද්ධාගමේ එකම නියෝජිතයා වගේ පෙනීසිටින්න හදන එක තමා අවුල.....

      Delete
    5. @ මයියා
      මං නං හැමදාම කියන්නේ හැම ජාතියකම බ්ලොග් තියෙන්න ඕනෑ කියලයි. අනිත් දේ ගැනත් මගේ අදහස නම් ඒ හා සමානයි.

      Delete
    6. බුද්ධාගමට බනින අඩවි තව තියෙනවානම් අපට කියන්නකෝ කකා.

      Delete
  3. කල්ට් එකක ප්‍රධාන ලක්ෂණය තමයි අදහන ආගමේ නායකයා/ශ්‍රාස්ථෘවරයාට අමතරෙන් කල්ට් එක ඇතුලෙ තව නායකයෙක් ඉන්න එක.... ඊගාවට ඉතා අන්තවාදී නීති රීති....

    රත්මලානෙ උත්තම සාදුගෙ කල්ට් එක හොද උදාහරණයක්......

    දිවයින පත්තරේට "රහතුන් වැඩි මග ඔස්සේ" කියලා ලිපි පෙලක් ලියන හාමුදුරුවො/පුද්ගලයා වටාත් දැන් එවන් කල්ට් එකක් ගොඩ නැගෙමින් පවතිනවා...

    ReplyDelete
    Replies
    1. අර සයන්ටොලොජි කියන කල්ට් එක සිහිවෙනවා.

      Delete
  4. බුදුන් වහන්සේ දේශනා කෙළේ ශීලය.නමුත් පසුව එය දානයට මුල් තැන දෙන ආගමක් බවට පත් කළා.මගේ සමහර මිතුරන් සිටිනවා ඔවුන් විවිධ ක්‍රමවලින් මුදල් හමබ් කරන අය.ඔවුන් කියන්නේ ඒවට වැඩ කරනවනෙ කියා.මේ වැඩ කියන්නෙ දන් දීම.ඔවුන්ට දන් දෙනවා කියන්නෙ මහමූදෙන් වතුර කළයක් ගන්නවා වගෙ වැඩ.

    මට විශ්වාසයි බුදුන් වහන්සේ දෙසූ දහම කපටි භික්ෂූන් විසින් පසු කළෙක විකෘති කළ බව.බුද්ධ දේශනා කියන සමහර ඒවා ඇත්තටම බුද්ධ දේශනාද කියන ප්‍රශ්නය මට ආවා.මොනව කලත් අපි වදින්නෙ සිවුරටනෙ හෝ සාංඝීක දානෙ තමයි අනුහස් වැනි දේ මේ විකෘතිවල ප්‍රතිපලයි.

    ශීලය එහෙමනැත්නම් ප්‍රතිපත්තිමත පදනම් වූ සමාජයක් හදන්න බුදුන්ට වුවමනා වුනත් අද ඒක බඩජාරි කන්ටමන්ග සූත්‍රයකට යට කරලා.

    සිත පිරිසිදු කර ගැනීම නොහොත් භාවනාව සහ ප්‍රතිපත්ති පැත්තක දාල විනිමය වංචාකාරයො.කුඩු කාරයො,වැට්බදු වංචාකාරයො මහදන් දෙන සමාජයක් බිහිවෙලා.

    ReplyDelete
    Replies
    1. හැබැයි බුදුහාමුදුරුවොත් කාන්තා විමුක්තිය ගැන හිතන්න ටිකක් පසුබට වුනා නේද? ඔයාට හිතෙන විදිහට මොකක්ද හේතුව?

      Delete
    2. පිරිමින්ට කළ හැකි වැඩ වලට 50% හදන්න කාන්තාවන් යෙදවීම තේරුමක් නැතිබව උන්වහන්සේ සිතන්නට ඇති

      Delete
    3. "මොනවා කලත් අපි වදින්නේ චිවරටයනෙ"කියන එක මං හිතන්නේ ලංකාවේදී හදාගත්ත එකක්..දේවත්ත භික්ෂුව සම්බන්ද්යෙන් හරි නැන්තන් වෙන විනය විරෝධි කටයුත්තක් නිරත වුණ භික්ෂුවක් සම්බන්ධයෙන් හරි ඒ ඒ භික්ෂුන්ලා චීවරය දරනවා කියලා චිවරයට කරන සැලකිල්ලක් විදිහට බුදුහාමුදුරුවෝ නොදැක්කා වාගෙ හිටිය අවස්ථා නැහැනේ. චීවරය වර්තමානයේ දරන්නාගේ ක්‍රියා කලාපය කෙසේ වුනත් චීවරය සමානයි සැරියුත් මුගලන් මහා තෙරුන් වහන්සෙලාගේ ඉඳන් භික්ෂු පරම්පරාව දරපු නිසා කියන එක වැ‍රැද්දක් දැක්කත් නොදැක්කා වාගේ හි‍ටු කියනවා වාගෙ කතාවක්.ඔක හරි කියලා පිළි ගන්න නම් කාලාම සුත්‍රයත් "කාලාමයෙනි පාරම්පරිකව පැවෙතෙන විශාවාසයන් ධර්මයන් අතිතයේ ඒ ඒ ධර්මයන්ට අනුව ජිවත් වුන අය සිල්වත්නම් අළුත් පාරම්පරව ඒ සිල්වත් ඇත්තවුන් හා සමාන වස්ත්‍ර දරනවානම් පිළිගත්තාට කමක් නැත" කියලා වෙනස් කරන්න වෙනවා.

      Delete
    4. ඇනෝ - වැදගත් ප්‍රශ්නයක් . ඒ පසුබැම තුල සමාජයේ මුල් බැස ගත්ත වෛදික සංකල්ප වල බලපැමක් තියනවාද කියන සැකය මගෙත් තියනවා , මොකද බුදු හාමුදුරුවො දේව සංකල්පය ගැනත් එහෙම න්‍යායක් අනුගමනය කරපු බවක් පෙන්න තියන නිසා . කොහොම වුනත් අනික් සියලුම ආගම් වලට සාපේක්ෂව බෞද්ධ සමාජය තුල කාන්තා අයිතිවාසිකම් සුරැකිලා තියනවා .

      Delete
    5. බුදු හාමුදුරුවෝ දේශනා කලේ ඒ කාලේට ගැලපෙන විදියට. ඒකනේ රාජාණ්ඩුවලට විරුද්ධව කතා නොකලේ.

      නමුත් බුදු දහම ඒ කාලෙට සීමා වෙන නීති දාපු එකක් නොවෙයි.

      කාන්තාවන් ගැණ කියනවා නම්, මුළදී අදිමදි කළත් පසුව හෝ කැමති වුන එකයි වැදගත්.

      Delete
  5. ඕවල නියම තත්වය පෙන්නුවා ලඟදි ගියපු ටෙලියක. ටෙලියේ නම සිහින පුරය.. වත්මන් සමාජයේ නිරුවතට හිනා උන පට්ට ටෙලියක්...

    ReplyDelete
  6. පට්ට!
    මෙචර කාලෙකට පට්ටයි කියලා කොමේට් එකක් දාන මුල්ම වතාව මේ,
    පට්ට්ටයි කියලා කියුවේ නිර්-ආගමිකයො බ්ලොග් එක ගැන එහෙම නෙමේයි( එකඟ වෙන්න පුළුවන් තැන් ගණනාවක් ඒ බ්ලොග් සටහන් වල තිබුනත් ආගම කියන එක නැතුවත් බැරි දෙයක්)
    පසුගිය දවස් ටිකේ සිංහල බ්ලොග් වල දැකපු සටහන් ටික තමයි පට්ට.
    බුවා, උදිත, මාතලන් රටේ අනාගත ආර්ථිකය ගැන ලියද්දී , සහන් තහනම් වචනලා පිරිසිදු දේශපාලනයක් ගැන ලියනවා.දැන් කතාන්දරලා සමාජ ආගමික චින්තනය ගැන නව කතිකාවක් ගොඩ නගන්න හදනව,,
    අපේ රටේ ලෙඩේ තියෙන්නේ ඔය තැන් තුනේ තමයි.සිංහල බ්ලොග් කියන පුංචි සමාජය තුල වුනත් දැන් රට ගැන ගොඩ නැගෙන කතිකාව මහා වෙනසකට මුල් අඩිතාලම වෙන්න පුළුවන්.




    ReplyDelete
    Replies
    1. පුද්ගලිකව මමත් විශ්වාස කරන්නේ නැහැ ගජින් බ්ලොග් තුළින් රටට විමුක්තිය උදා කරන්න පුළුවන් කියලා.ඒත් තාප්පෙක අලවන පෝස්ටරයකට වඩා පැවැත්මක් තියෙනවා බ්ලොග් එහෙක ලියන පෝස්ට් එහෙකට..නමුත් අපි කල්පනා කාරී වෙන්න ඕනේ " FB වීරත්වයට " යාමට තරම් අන්තවාදී නොවෙන්න..

      බ්ලොග් වලින් ලෝකේ හදන්න බැහැ.නමුත් පුංචි කථිකාවතක් ඇති කරගන්න පුළුවන්.TV , රේඩියෝ වලට නැති නිදසක් බ්ලොග් වලදී තියෙනවා සහ ඕනේ වෙලාවක ටියුන් වෙච්ච ගමන් තියෙන්නේ. අරයගෙ මෙයාගේ මීටර් වලට නෙවේ අපේම මීටරේට ටියුන් කරගන්න පුළුවන්. ( කකා කිව්වත් වගේ පටු අරමුණක කල්ට් එකක් නොවී ටියුන් වීම තමයි වැදගත් )

      සියලු දෙනාම හිතන්න ඕනේ දෙයක් තමයි මීළඟ අවුරුදු 5 තුළදී ලංකාවේ වෙන්න පුළුවන් දේවල් මොනවද කියන එක.බිම් මට්ටමේ කථිකාවන් ඇති කරගන්න බ්ලොග් සටහන් වටිනවා..

      ඔය දේවල් වලදී පුංචි රස කතා පල වෙන බ්ලොග් එකේ සිට තදින් දේශපාලනය , සමාජ විෂමතා ගැන සඳහන් බ්ලොග් දක්වා වැදගත්..

      ගජින් පුළුවන් වෙලාවක බලන්න මේ පෝස්ට් එක ..

      ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.| cessation-of-upali-mazda !".


      Delete
    2. ස්තුතියි.සහන් ලිපිය කියෙව්වා.

      Delete
    3. @SilentSahan
      +++++++++++++++++++++++

      Delete
    4. තරහ වෙන්න එපා මචෝ මෙහෙම කිව්වට. උඹ දාන කමෙන්ට් එක්ක බැලුවම මෙහෙම ලිපියක් ලියල තීනව දැක්කම පුදුම හිතුන. බොහොම ස්තූතියි මෙතන ඇඩ් එක දාපු එකට, නැත්තං මේක මිස් වෙනවනෙ ( ලිපිය ගැන එතන කියන්නං - නෑ උඹේ එකට අඩු එව්ව එකතු කලොත් මිසක් වැරදියි එරෙහියි කියල නෙවි )

      Delete
    5. @ ගජින් සහ සුමිත් අයියා ,

      දෙන්නටම ස්තූතියි..ඒ වගේම සුමිත් අයියත් එන්න බ්ලොග් එකට ඉඩක් ඇති වෙලාවක.අපි අතර පහු ගිය කාලේ මත ගැටුම් උනා තමයි .නමුත් සියල්ල සිදු උනේ හරි හැටි අඳුනා ගැනීමක් නැති නිසයි අපි අතර.යම් යම් කරුණු තනි කරුණක් ලෙස සාකච්චා කරද්දී නොගැළපෙන තැන් එනවා.


      @ ඉන්දික

      නැහැ මචන් ඒකට ප්‍රශ්නයක් නැහැ.එහෙම හිතන එක සාදාරනයි වගේම මම ඉන්නෙත් එහෙමයි. " හැම වෙලේම ෆුල් සීරියස් ඉන්න උවමනා නැහැ " කියන තැනයි මම ඉන්නේ. මම බ්ලොග් එකේ උනත් බොහොම සැහැල්ලු පෝස්ට් දානවා.100% තද බල දේශපාලනය අවශ්‍ය නැහැ මිනිහෙක් උනාම. 100% දේශපාලනය තුලම ගිලුණම ගොඩ එන්නත් බැහැ. රජ ගෙදරට ගියත් රට හදන්නේ නැතුව රජෙක් වගේ ; පාරට බහින්නමයි හිතෙන්නේ. එහෙම මිනිස්සු හැමදාම පාරේ .

      විප්ලවය ආරම්භ කල යුත්තේ කොතනදීද , මෙහෙයවන්න ඕනේ කොතනනදීද , විප්ලවය අවසන් කර නියමිත විදිහට විසිර යායුත්තේ කොහොමද කියන එකත් හරි වැදගත්.ඔය දේවල් ගැන වැටහීමක් නැතුව පටන් ගන්න හැම දේම සුනුවිසුණු වෙනවා.ජයගත්තත් වැඩක් නැහැ.තනතුරු වලට ලෝභ කමේ එක එක්කෙනා මරාගෙන විනාශ වෙනවා පස්සේ පහු වෙද්දී.

      සියල්ල අවසානයේ නැවත මුලට. ආයේම විප්ලවේ....

      Delete
    6. ඔව්, බ්ලොග්වලට සෑහෙන්න වැඩ කොටසක් කළ හැකියි. ඒ බව මැද පෙරදිග දීත් පෙණුනා පසුගිය දිනවල.

      Delete
  7. මගේ වෙසක් පැතුම-

    ඇනෝලාගේ තාවකාලික ආතල් වලින් සදාකාලික හිට්ස් ලබා නිර්වාණය සාක්ෂාත් වී සදාකාලික සැපත ලැබේවා!

    ReplyDelete
    Replies
    1. kathandara karayatath esema nivan sepa labewa.

      Delete
  8. කලකට ඉහත බටලන්ද, මාතලේ වැනි වධකාකාර තුළ මිනිසුන් සිය ගණන් වද දී මරා දමන ලද පාලන ප්‍රභූ උතුමන්ලා අද සමහර විහාරවල ප්‍රධාන දායකයා වෙයි. පරපුරේ ඥාතීහූ බස්නායක නිලමේ උතුමන්ලා වෙයි. කෝවිල්වල ඉහළ සැලකිලි ඇත. (ඔවුන්ගේ නම් සහ විහාර අවශ්‍ය නැහැනෙ) ඔවුන් නැවත නැවත ඡන්දයෙන් දිනයි. අපේ පින්බර සැදැහැවතුන් ද ඔවුන්ගේ වටිනා (යැයි කියා ගන්නා) ඡන්දය නුවණින් යුතුව භාවිත කරයි.

    කෙසේ වෙතත් මිනිසුන්ගෙන් විඥානවාදී සිතුවිලි යටපත් කිරීම ලෙහෙසි දෙයක් නොව. මා දන්නේ නැහැ එය කෙසේ කළ හැකි ද කියා. තම දෙමාපියන්ට නොසලකන දරුවන් දෙමාපියන් මළ පසු ඉතා ඉහළ පින්කම් කරයි. ඒ මන්ද, ඔවුන්ගේ සමාජ මට්ටම සහ තත්ත්වය රුක ගැනීම සහ ස්ථාපිත කර ගැනීම සඳහා නොවේ ද? නමුත්, එම පරිසරයේම හැදෙන-වැඩෙන තම දරුවන්ගෙන් තමුන්ටද බලාපොරොත්තු විය හැක්කේ එවැන්නකි. ඒ සඳහා උදාහරණ ඕනෑ තරම් අපිට එදිනෙදා හමුවේ.

    ReplyDelete
    Replies
    1. අඹ ගෙඩියට පණුවෝ ගහලනම්, ගෙඩිය පිටින්ම බැහැර කරමු. ඒක පණුවන්ටත්, පණුවෝ කන කුරුල්ලන්ටත් පමණයි.

      Delete
    2. අඹ ගහටම පණුවෝ ගහන් එන්නේ. ( වෙනත් විදිහකට කිව්වොත් පණුවගේ අදහස අඹ ගහටම විදින්න )

      Delete
    3. පොඩි ප්‍රශ්නයක් තිබෙනවා. ඔබ විසින් පෙන්වා දී ඇති අඩවිය, ලාංකික නිර්ආගමිකයෝ යනුවෙන් පවත්වාගෙන යෑමේ හේතුව කුමක් ද? මට පෙනෙන්නේ රටේ දහසකුත් ප්‍රශ්න කතා කරන්න තිබියදී, එය කතා කිරීම පසෙක ලා, ප්‍රධාන වශයෙන් එක් ආගමක් පමණක් කෙන්ද්‍ර කර ගනිමින් සංවිධානාත්මක පිරිසක් විසින් නිර්ආගමික අඩවියක් බිහි කර ඇතිය කියා. මා වැරදි වීමට පුළුවන්.

      Delete
    4. හැම බ්ලොග් එකකම හැම විෂයයක්ම කතා කරන්න ඕනෑද? මොන විකාර සිතුවිල්ලක් ද ඒ?

      Delete
    5. සමාවෙන්න මා කියන්නේ මෙයයි.
      *ප්‍රධාන වශයෙන් එක් ආගමක් පමණක් කෙන්ද්‍ර කර* නිර්ආගමික වීමට පුළුවන්ද.? මෙය තවත් ආකාරයක අන්වර් මනතුංග වැනි අඩවියකට නෑකම් නොකියනවාද? නැතිනම් සංවිධානත්මක පිරිසකගේ වෙනත් අවශ්‍යතාවයක් ද?
      කිසියම් පිරිසකගේ පටු අරමුණක්නම්, එය තවත් රටේ ප්‍රශ්නයකට වස්තුබීජ සැපයීමක් නොවේවිද?෴

      Delete
    6. කකාගේ බ්ලොගයත් එහෙම තමයි. නිර්ආගමික වෙන්නේ තනි ආගමකට , ඒ ආගම අදහන පිරිසට අවඥා කරලා. යකාගේ නිර්ආගමික කම!. කකා බලන්න ලින්ක් එකක් දාන්න වෙන ආගමකටත් උපහාස , අපහාස කරපු පොස්ට් එකකට ..

      Delete
    7. මාක්ස්වාදය හැර අන්මත සාකාච්චා කිරීම රටේ පවතින ප්‍රශ්ණ උග්‍ර කිරීමකි...අනේ නංගියේ......!!!!

      Delete
  9. සියළු ආගම් වලින් ඈත් වෙන තරමට හොඳයි....!

    ReplyDelete
    Replies
    1. හැබැයි බේතකට වගේ ඕනි..... ආගම අබින්නෙ සමාජවාදියට....

      Delete
    2. ඕර්ගනයිස්ඩ් ආගම් නැතුවත් බෑ වගේ නේද?

      ආගමෙන් අගතියට යාම තමයි නරක. ආගම් සුඛල්ලිකානු යෝගය!

      Delete
  10. මගේ වෙසක් පැතුම - මෝහන්ධකාරය දුරුවේවා!///

    ++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! එසේම වේවා!

      Delete
  11. මෙහෙමනේ අපේ අය ඕනෙම දෙයක් මාකට් කරන්න දක්ෂයි නේ! දැන් මාකට් කරන්නේ ආගම වගේ එව්වා! වැඩේ ලේසියි! ප්‍රතිපල වැඩියි!

    ReplyDelete
  12. +++++++++++++++++++++++++++++++

    ReplyDelete
  13. කලටි කියල බ්ලොග් එකක් තියෙනවා....

    ReplyDelete
  14. කල්ට් ගැන ඕස්ට්‍රේලියානු හාමුදුරු කෙනෙක් කිව්ව කතාවක් මතක් උනා. (මේ වචන වලින්ම නොවුනත් අදහස මේකයි)
    "එක එක කාලෙට එක එක කල්ට් හැදෙනවා. ඒත් මම කල්ට් පස්සේ යන එකට විරුද්ධයි. මොකද එතකොට මිනිස්සුන්ට ධර්මය පෙනෙන්නේ නැහැ. අර හාමුදුරුවෝ මෙහෙමයි, අපි කරන්නේ මේ හාමුදුරුවෝ කියන විදිහට, අපේ පන්සලේ නම් මෙහෙමයි, අරමයි... ඔහොම එක එක වතාවත් පටන් ගන්නවා. ඊට පස්සේ එතන තියෙන්නේ වතාවත් ටිකක් විතරයි. ධර්මය නැහැ."

    ReplyDelete
    Replies
    1. ඒ හාමුදුරුවො කියුව කතාවක් පස්සෙ යන ඔයත් කල්ට් එකක නේද?

      Delete
  15. කකා... උඹ ඇනෝලගෙන් ගොඩ ගිහින් ඇනෝ අපිව අමතක කරා එහෙනම්.....

    ReplyDelete
  16. අද පෝස්ට් එකට කමෙන්ට් ගණන 63
    මා විසින් දමපු ඇනෝ කමෙන්ට් ගණන 2
    වෙනත් ඇනෝ වරු දමපු කමෙන්ට් ගණන 17
    කකා විසින් දමපු කමෙන්ට් ගණන 11
    වෙනත් ප්‍රොෆයිල් කමෙන්ට් ගණන 33

    ReplyDelete
  17. කතන්දරකායාගේ කතා බොහොම රසවත්.ඇත්තටම බ්ලොග් අවකාශයේ සෑහෙන්න රසවත් ලියමන් ගොඩක් තියෙන බව දැක්කා. වත්පොතට හා සීමිත බ්ලොග් අඩවි ගනනකට පමනක් සීමාවෙලා හිටිය බැවින් සිංහල බ්ලොග් අවකාශයේ ගොඩක් තතු මා දන්නෙ නෑ.

    අපේ ලිපියට ලින්කුවක් දැමීමෙන් එය සංවාදයට ලක්කිරීමට උදව් දීම ගැන කතන්දරකාරයාට තුති.

    ReplyDelete
  18. බෞද්ධ සංස්ථාව විවේචනය කිරීමට අපිට ඇති විශෙෂ අමාරුව ගැන මම බ්ලොග් පෝස්ට් එකක් දැම්මා බ්ලොග් පෝස්ට් එකක් දැම්මා

    http://srilankanatheists.wordpress.com/2013/05/19/325/

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.