Saturday 30 March 2013

මුරලිදරනුත් පොරක් ද බං? - Is Muralitharan a hero?


ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් කරනු ලැබුවා යැයි කියවෙන දේශපාලන ප්‍රකාශයක් ගැන මේ දිනවල ලංකාවේ ජනතාව අතර යම් සංවාදයක් පවතී. ඔහු ගේ රුව සහ එම වදන් ඇතුලත් ග්‍රැෆික්ස් නිර්මාණ මුහුණු පොතේ හිටු කියා ෂෙයාර් වේ. ලයික් වේ. ඒ පිළිබඳව කමෙන්ට් කෙරේ.

සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් ලෙස පලකරන්නට අද මේ කතන්දර කෑල්ල ලිවීමේ මගේ අරමුණ මුරලිදන්ගේ ඒ ප්‍රකාශය ගැන කිසිවක් කීම නම් නොවේ.

මුරලිදරන් ගේ ප්‍රකාශය ගැන කෙරෙන කතා බහේදී සමහරවිට පැන නැගිය හැකි ප්‍රශ්නයක් නම් මෙයයි.

"මුරලිදරනුත් පොරක්ද බං?"

මගේ අරමුණ අන්න ඒ ප්‍රශ්නයට පොඩි උත්තරයක් දීමයි.

උත්තරය කෙටියෙන් මෙසේය.

ඔව්, මුරලිදරන් පොරකි!
ඒ ඔහු ස්පින් දන්නා නිසාය.
තමන් දන්නා ස්පින් වලින් ටෙස්ට් විකට්ටු 800 ක් ලබා ලෝක වාර්තාවක් පිහිටවූ නිසාය.

දැන් මෙන්න ඒ වාර්තාව පිළිබඳව අපි හැම දෙනාම ඉතා හොඳින් දන්නා වැඩි විස්තර.

මුරලිදරන් ගේ විකට් 800 ලෝක වාර්තාව නුදුරු දිනෙක බිඳ හෙලනු ලැබේ යැයි සිතිය නොහැකි වාර්තාවකි. කිසි දිනෙක එම වාර්තාව බිඳ හෙලනු නොලැබෙතැයි ද ඇතමුන් අනාවැකි ද පවසා ඇත.

මුරලිදරන් තම 800 වෙනි ටෙස්ට් විකට්ටුව ලබා ගත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග මාලාවක අවසාන තරගයේ අවසන් විකට්ටුව ලෙසය.

කලින් සැලසුම් කර තිබූ අයුරින් එය මුරලිදරන් ගේ අවසාන ටෙස්ට් ඉනිම ද විය. ඉන්දියන් පිලේ අවසන් ක්‍රීඩකයා වෙනත් පන්දු යවන්නෙකු ගේ පන්දුවකට හෝ දුවද්දී හෝ දැවී ගියේ නම් මුරලිදරන්ට මෙම 800 සීමාවට ඒමට නොහැකිවෙන්නට ඉඩ තිබුණි. නමුත් චිත්‍රපට තිර රචනයක ලියා තිබුණාක් මෙන් සියල්ල අපූරුවට සිදුවුණි.

මුරලිදරන් පොරක් යැයි නොපැකිල කිව හැක්කේ එ නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
අතුරු කතාවක් කියනවා නම්, ඕස්ටේ‍ර්ලියානු හිටපු ටෙස්ට් නායක ස්ටීව් වෝ තම ගමේ ක්‍රීඩා පිටියේ, එනම් එස්සීජී යේ දී ඕස්ට්රේලියානු පිලේ ක්‍රිකට් පිටියේ පරම හතුරා වන එංගලන්ත කණ්ඩායමට එරෙහිව තමන්ගේ අවසාන ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් එම තරගයේ දෙවන දිනයේ අවසාන පන්දුවට හතරේ පහරක් ගසා ශතකයක් වාර්තා කිරීම ද මේ ආකාරයේ අපූරු සිදුවීමකි. තම ඉනිමේදීම ඔහු තම 10,000 ටෙස්ට් ක්‍රිකට් ලකුණ ද ලබා ගත්තේය.

වසර 2009 ජූලි මස 11 දා සිට පවත්වාගෙන එන මගේ මේ කතන්දර බ්ලොගයේ ලබන සඳුදා පලකෙරෙන 801 වෙනි කතන්දරය ස්ටීව් වෝ පිළිබඳව ලියන්නට මට සිතේ.


(image: http://eu.fotolia.com/id/10692793)

65 comments:

  1. මාතලන්ගේ බ්ලොග් එකේදි කිව්ව විදිහටම පෝස්ට් එකක් දාලා එහෙනං !
    හොඳා හොඳා කකා.

    මම අද 1 ද ?

    ReplyDelete
  2. 800 ට සුභ පැතුම්.තව තව ලියන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරණ මෙන්ම ගූගල් දෙවියන් ඇතුළු කෝටියක් දෙවි දේවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා

    ReplyDelete
  3. muralidaran porak nowa, kakka wage buweki.

    ReplyDelete
  4. කතන්දර 800ට මගේ උණුසුම් සුභ පැතුම්...!!!

    ReplyDelete
  5. 800ට සුභ පැතුම්......

    ReplyDelete
  6. ක්‍රීඩකයින්,කලාකරුවන් ඇතුළු පිළිගත් පොරවල් වරප්‍රසාද ලබමින් කලින් කලට රජයේ නොහැකියාවල් වසා ගැනීම සදහා පොර ටෝක් දෙමින් ජනතාව ඇන්දවීම නම් හිරිකිතය.
    මුරලිගේ 800 ගැන කතා දෙකක් නැත එයින් ඔහු පොරක්ය.

    ReplyDelete
  7. කඩුලු 800ම නොගත්තත් මුරලි මට වීරයෙකි. එසේම ඔබේ 800වැනි ලිපියට සුබ පැතුම්.

    ReplyDelete
  8. 800 වැනි පෝස්ටුවට සුභ පැතුම් කාකා...

    ReplyDelete
  9. ආ ඒකයි එහෙනම් මුරලි මතක් කොලේ. කතන්දර කාරයාට 800වෙනි කඩුල්ලට සුභපැතුම්.

    (දැන් එතකොට කකා බ්ලොග් ලියන පොරක්ද, නැත්නම් බ්ලොග් ලියන පොරක්ද?)

    ReplyDelete
  10. ඒ කියන්නෙ අද 800! සුබ පැතුම්! මේ අටසීයෙන් කීයක් “කතන්දරද?“

    ReplyDelete
    Replies
    1. කයි-කතන්දරත් තියෙනවානෙ..

      Delete
  11. බලාගෙන ගියාම ඔබත් මුරලිදරන් වගේම ෙපාරක්!
    800 ට මගෙන් සුභපැතුම්!!!

    ReplyDelete
  12. 800 ට සුභ පැතුම් කකා. ඉක්මණින් 1000 බැට් කිරීමට හැකිවේවා :D

    ReplyDelete
  13. දඟ පන්දු යැවීමෙන් නම් මුරලිදරන් පොරක් වීය හැක. එහෙත් ඔහු අද පොරක් කරනු ලැබ තිබෙන දේශපාලන ප්‍රකාශය ගැන නම් කිව යුත්තේ ඔහු අමු තක්කඩියෙක් බවයි.

    ශ්‍රී ලංකාවේ දෙමල ජනයාට ප්‍රශ්න නැතයි ඔහු කියන්නේ ප්‍රශ්නයක් නැතිව අයි.පී.එල් සහභාගි වී ගානක් හොයා ගැනීමට පාර කපා ගැනීමට මිස අන් කිසිවකට නොවේ.

    ReplyDelete
    Replies
    1. http://www.espncricinfo.com/magazine/content/story/468412.html

      Delete
    2. http://www.espncricinfo.com/magazine/content/story/468412.html

      Delete
    3. ඔව්, මුරලිදරන් පොරකි!
      ඒ ඔහු ස්පින් දන්නා නිසාය.
      http://en.wikipedia.org/wiki/Spin_(public_relations)

      Delete
  14. එහෙනම් ඉතින් තර්ක සාත්තරේ අනුව කතාත් පොරකි....

    අම්මා සිරි... ජයවේවා... වරේවා... ලොම් හැලෙනකන් ලියන්න සියළු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා....!!!

    කොයි ඉති සැලබෙරේට් කරන්නවත් බෑ නොව....
    බෝට්ටුවක නැගලා ආවොත් කොහෙන්ද බැහැගන්න ඕන....

    ReplyDelete
    Replies
    1. එහෙම ලේසියෙන් යන්නත් නිදහසක් නැහැ බං මෝය කටේදීම අල්ලනවා

      Delete
  15. හහ් .... හහ් .... හා ..... කදිමයි. 800 වෙනි පොස්ට් එක සමරන විදිය. උණුසුම් සුබ පැතුම් !!! කතන්දර කාරයාට. කතන්දර 1000 කදිම ඉක්මනටම සපුරා ගන්න ලැබේවා !!

    ReplyDelete
  16. NIce Answer for Is Muralitharan a hero? :)

    ReplyDelete
  17. හැබැයි මුරලි අවසන් තරඟයේදි නෙමෙයි විශ්‍රාම යන්න තීරනය කරලා තිබුනේ දෙවන තරඟයෙදි අටසීයට අටක් අඩුවෙන් තිබියදියි ඔහු එම ප්‍රකාශය කලේ, ඔහු ඒ ප්‍රකාශයටම අනුව එම තරඟයෙදි කඩුලු අටක් අරගෙන විශ්‍රාම .ඒ හන්දා මුරලි පොරක් තමයි විකට් අටක් අරගන්න තිරපිටපතක් ලියලා කරන්න බෑ නෙද ?

    …කකා රෙස්ට්ලිං බලනවද ?

    ReplyDelete
  18. ආ අමතක උනා. 800ක් ලියුවට මාගේ ප්‍රනාමය !

    ReplyDelete
  19. ක කා ගෙ 800 වැනි කඩඉමට සුබ පැතුම්. 8000 ක්ම ඉක්මනිං ලියන්න හැකිවේවා !

    ReplyDelete
  20. තව දෙසීයයි නෙහ්
    ඒ ටිකත් කොහොමහරි ඇදල දෙන්නං
    ඔහොම යං
    GD LUCK KAKKO
    ;-)

    ReplyDelete
  21. 800 ට සුබ පැතුම්..!! :D

    ReplyDelete
  22. මුරලි පොරක් වගේම කකාත් පොරක්...:D

    800 ට මගෙනුත් සුබ පැතුම්...!!!

    ReplyDelete
  23. 800 වෙනි පෝස්ටුවට උණුසුම් සුබ පැතුම් ! බෝතලයක් කඩලම ප්‍රීතිය සමරන්න ඕනි කශූ...කෝ ඉතින් අහලක පහලක ඉන්න එකක්යෑ ?

    ReplyDelete
  24. හ්ම්ම්..වහෙන් ඔරෝ 800ක්!!! සුභ පැතුම් ඈ!

    ReplyDelete
  25. කතන්දර පොරකි. මොකද කතන්දරට පෝස්ට් 800 කට හිට්ස් මිලියන 1.3 ගන්නට පුළුවන් වුණු නිසාය. ඒ හා කිට්ටු ගාණක් පෝස්ට් ලියූ අනෙක් බ්ලොග්කරුවන්ට ඒ හිට්ස් ගානෙන් බාගයක් වත් ගන්නට බැරිව ඇත.

    කතන්දර පොරකි. ඒ කතන්දර බ්ලොග් එක බ්ලොග් එකක් හැටියට පවත්වාගෙන යන නිසාය. සරම උස්සාගෙන ගෑනුන්ට පාට් දාන්න නොයන නිසාය. කරුණු සොයා නොබලා කාටවත් බොරු චෝදනා නොකරන නිසාය. ලව් හුටපට මත අනුන්ට අපහාස කරමින් බ්ලොග් පෝස්ට් නොලියන නිසාය. බ්ලොග් අවකාශය ළිඳ ලඟ සංගමයක් නොකරන නිසාය.

    කතන්දර පොරකි. ජාතිවාදය අවුළුවන්නේ නැති නිසාය. බ්ලොග් එකේ කමෙන්ට් කරන ගෑනුන්ගෙන් ලිංගික අවශ්‍යතා සපුරා ගන්නේ නැති නිසාය. ලංකාවට වඩා ඕස්ට්‍රේලියාව හොඳයි කියා පාට් දාන්නේ නැති නිසාය. නංගී මල්ලී කියා තෙල බෙදන්නේ නැති නිසාය. ණය ගන්නේ හෝ දෙන්නේ නැති නිසාය. ණය නොගෙවා පැහැර හරින්නේ හෝ ණය ගෙව්වේ නෑ කියා නහයෙන් අඬන්නේ නැති නිසාය. කේන්දර බලන්නේ නැති නිසාය. වෙදකම් කරන්නේ නැති නිසාය. සපත්තු විකුණන්නේ නැති නිසාය. කොටින්ම බ්ලොග් ලිවීම හැරිණු කොට වෙන කිසිම දෙයක් කරන්නේ නැති නිසාය.

    එච්චරයි.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ එච්චරයි...කතන්දර පොරක් වෙන්නේ බ්ලොග් අවකාශයේ ලිඳ ළඟ සංගම් ළඟ බ්ලොග් කලගෙඩි වේලෙද්දී චීත්ත කෑලි උස්සා ගෙන ගොන් පාට් නොදමන නිසාය.අලුතෙන් බ්ලොග් ලියන චුයියන් කොල්ලෝ කුරුට්ටෝ ටිකට පොර ටෝක් දෙමින් බ්ලොග් අවකාශයේ විජය හෝ ගාමිණී හෝ අවම වශයෙන් රන්ජා වත් වෙන්නට දඟලන්නේ නැති නිසාය.බ්ලොග් අවකාශය කේන්දර තෙල් බෙහෙත් සපත්තු වෙලදාම් කරන සිංහල බ්ලොග් බසාර් එකක් කර නොගත් නිසාය.බ්ලොග් ලිවීම අදහස් ප්‍රකාශන මාධ්‍යයක් ලෙස මිස අනෙකක් ලෙස පාවිච්චි නොකරන නිසාය.සිය පුද්ගලික ජීවිතය බ්ලොග්කරණයෙන් වෙන් කර හඳුනා ගත් නිසාය.කොටින්ම ඉන්ටෙනෙට් එකෙන් යමක් සිංහලෙන් කොටන්නට පුළුවන් උන පලියට හා එය කියවන්නට පනහක් සීයක් ආ පලියට තමුන් සියලු දේ දත් ජැක්සන් ඇන්තනී කෙනෙකු යයි නොසිතන නිසාය.!

      Delete
    2. මේක කීවාම දේශද්‍රෝහියෙක් වෙන්නත් පුළුවන්.හැබැයි මුරලි කියන්නේ මේ ආණ්ඩුවේ දේශපාලනය තමන්ගේ බිස්නස් ප්‍රොජෙක්ට් සඳහා පාවිච්චි කරන පුද්ගලයෙක්.ඩෝල් පලතුරු සමාගම එක්ක මුරලි කරන බිස්නස් ප්‍රොජෙක්ට් එකට සෝමාවතී රක්ෂිතයෙන් ඉඩම් ගන්න පුළුවන් උනේ ආණ්ඩුව සමග තියෙන මේ ඇයි හොඳයිය හින්ද.එතකොට ජොනී එතනෝල් ගෙනල්ල මාට්ටු උන වෙලාවේ එතන බිස්නස් පාර්ට්නර් කෙනෙක් විදිහට මුරලිගේ සොහොයුරා සශීදරන්ගේ නමත් කියවුනා.එහෙම බැලුවම මුරලි මේ ප්‍රකාශ කරන දේවල් වල වලංගු භාවය ගැන ප්‍රශ්න තියෙනව .හැබැයි ක්‍රීඩාවෙන් ගත්තොත් මුරලි කියන්නේ අසමසම සැබෑ පොරක්!

      Delete
    3. ඔබ කියන්නේ මාර කතාවකි...!
      සාමාන්‍ය ජීවිතයේදී මහා තක්කඩියෙක් වන මුරලි ක්‍රීඩා ජීවිතයේදී මහා පොරකි...!
      විටෙක තක්කඩියෙක් තවත් විටෙක පොරක් වන්නේ කෙසේද?

      Delete
    4. ඔව්, මුරලිදරන් පොරකි!
      ඒ ඔහු ස්පින් දන්නා නිසාය.
      http://en.wikipedia.org/wiki/Spin_(public_relations)

      Delete
  26. 800 - 1600 HO EETATH WEDI KARA GANEEMATA MENNA MAGA :- JOKKU,1,2,3, CHOO 1,2,3, PADA 1,2,3, JEE, 1,2,3, KAI PADA 1,2,3 ADEE WASAYEN HAKI THARAM BOGA DANNA PULUWANI.

    ReplyDelete
  27. 800 වැනි පෝස්ටුවට සුභ පැතුම්!

    ReplyDelete
  28. 800 ට සුබපැතුම්,සුබ අනාගතයක්

    ReplyDelete
  29. සුභ පැතුම් අයියේ... මගේ ඊළඟ පෝස්ට් එක 501.

    ReplyDelete
  30. මුරලි හොඳයි කකා හොඬාආආආආඅයි

    800 සුබ පතනවා ...

    ReplyDelete
  31. සුබ පැතුම් කතන්දර

    ReplyDelete
  32. 800ට සුභපැතුම් මගෙනුත්!

    ReplyDelete
  33. මුරලිගේ කඩුලු 800ට වගේම කතන්දරගේ 800 වෙනි පෝස්ට් එකටත් මගේ සුභ පැතුම්. දෙන්නම හොඳ පොරවල් තමා :)

    ReplyDelete
  34. අවුරුදු තුකට සීයක් ලියාපු මට අටසීයක් ලියාපු මිනිහෙක් වැඩ්ඩෙක් විදියට හිතෙනව. තමන්ගෙ මැට්ටන් තංමැට්ටං කියන්නැහෙ කකාගෙ බ්ලොගේ ලියන එව්වගෙ ගුණාගුණ කියන්නෙ මොකටැයි මම. ඒ නිසා මොනා හරි ලියන්න, හොඳ නං කියවන, නැත්තං ....

    ReplyDelete
  35. හැක්
    සීතලට කකුලෙ ගෑවෙනකම්ම දන්නෙ නෑ නයා ගියා කියල :D

    සුභ පැතුම් කතන්දර මහත්තයෝ . . . බොක්ක පතුලෙන්ම සුභ පැතුම් !!!!

    ReplyDelete
    Replies
    1. "සීතලට කකුලෙ ගෑවෙනකම්ම දන්නෙ නෑ නයා ගියා කියල" නියම කතාව..

      Delete
  36. ඉඳහිට බ්ලොගය පාළුවේයැයි යන සිතිවිල්ලෙන්දෝ මෙලෝ රහක් නැති පෝස්ට් ලියූවත් කකාගේ බොහෝ පෝස්ට් යමක් උකහා ගත හැකි ඒවාය. එමෙන්ම ප්‍රතිචාරවලට කතා දක්වන උපේක්ෂා සහගත ප්‍රතිවදන් ඔබ නියම මහත්මයෙක් වග පෙන්වයි. මගේ හදපිරි සුබපැතුම් ඔබේ 800 ට ..ජයවේවා කතන්දර.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මගෙත් සුභපැතුම් කකා!

      Delete
  37. පිළිගන්න මගේ උණුසුම් සුභපැතුම් කතන්දර !

    ReplyDelete
  38. කකාගේ ඇති මගෙත් සිත් ගන්නා අංගය නම් ඔහු තුළ ඇති උපේක්ෂා සහගත භාවයයි....
    800 ට මගෙනුත් උණුසුම් සුභ පැතුම්

    ReplyDelete
  39. පෝස්ටු 800ට සුභ පැතුම් කතන්දර..මේ වෙනුවෙන් ඔබ වෙන් කල කාලය මහන්සිය පවුලේ අය මිතුරු මිතුරියන් අතරේ ගත කල හැකිව තිබූ කාලය සියල්ලම අගය කරමි..

    දිගටම ලියන්න දිරිය ලැබේවා..

    ReplyDelete
  40. පෙනෙන්නට නොසිටියත් හැමදාම කියවමි :)

    800 ට සු'පැතුම්!!!

    ReplyDelete
  41. මේ වගේ දවසක වත් කමෙන්ට් නොකර කොහොමද..

    මගෙනුත් සුභ පැතුම් එහෙනන්.....

    ReplyDelete
  42. සුභම සුබ පැතුම්....... තව ඔය වගේ හා ගුනයක්වත් ලියන්න හැකිවේවා....

    මුරලි , සනා ක්‍රිකට් වලදී නම් මට පොරවල් වේ... එත් දැන් නම් මට එහෙම දැනෙන්නේ නැ......

    ReplyDelete
  43. 800ට සුභ පැතුම් කකා.ඔය 800න් 200ක් විතර මම කියවලා තියෙනවා!

    ReplyDelete
  44. අටසීය මැච් වුනු නිසා මුරලිදරන්ට චාන්ස් එකක් ආවා.
    (මොබයිල්මෑන්)

    ReplyDelete
  45. කකා මුරලිදරන් ඉක්මවා ගිය වගයි.
    ජය වේවා!!!

    ReplyDelete
  46. සිංහල බ්ලොග් අවකාශය තුල බ්ලොග් අඩවියක් නම් මෙසේ වියයුතු යි යැයි පූර්වාදර්ශ දෙමින් සිය බ්ලොග්කරණ රටාව තුල වසර තුනකට නොඅඩු කාළයක් මහත්මා බ්ලොග්කරණයක යෙදුනු මඩ ප්‍රචාර, කටමැත දෙඩවීම් පුරාජේරු වෙල හෙළදාම් ණය ගැනීම් ණයට දීම් සිදු නොකර සිය බ්ලොග් අඩවිය කරගෙන ගිය කතන්දරකාරයා නම් වූ මැවිසුරුවරයාට හදපිරි සුභාශිංශන පිරිනමන්නෙමු.

    තවද සිය අවසන් හුස්ම පොද කන්ගරු දේශයේ වාතලයට මුසුවන තෙක් සිය බ්ලොග් අඩවිය යාවත්කාලීන කරගෙන යාමට අවශ්‍ය දිරිය ශක්තිය නොඅඩුවම ලැබේවායි පතන්නෙමු. එසේම කතන්දර ලියන කල්හි මාතෘකා නශ්ඨකාමය හා අදහස් ද්වජභංගත්වය යන අතීශය භයංකරවූ රෝගයන් නොවැළඳේවායි අප එක සිතින්ම පතන්නෙමු. !!

    චිරං ජයතු කතන්දරකාරයා !!

    සුබ අනාගතයක් !! නල්ල ඉදිර්කාලම් !! බ්‍රයිට් ෆියුචර් !!


    මෙයට,
    කකා සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති.


    ප.ලි. - කකා සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති තුමන්ගේ නිල සුබපැතුම් පණිවිඩය, ගූගල් ට්‍රාන්ස්ලේශන් මගින් සිංහලයට පරිවර්තනය කර මෙහි පලකල වග මෙයින් දන්වා සිටිමු !!

    ReplyDelete
  47. කෝ අපේ සංගමයෙන් දාපු කමෙන්ට් එක ??
    ඒක වාරණය උනා ද

    ReplyDelete
    Replies
    1. අප සංගමයෙන් දැමූ කමෙන්ටුව වාරණය නොකිරීම පිළිබඳ ස්තුතිය පල කරන්නෙමු.

      ලේඛකාධිකාරි,
      කකා සුරැකීමේ ජාතික සංවිධානය.

      Delete
  48. @ All සියළු දෙනාටම
    ඔහේලා නිකං ෂර්ලොක් හෝම්ස් ලා වගෙයිනේ!

    ඇත්තටම කොහොමද දැනගත්තේ මං මේ මුරලිදරන් ගැන ලියපු කතන්දරේ මගේ 800 වෙනි කතන්දරය කියලා?

    කොහොම වුනත් සියළු දෙනාටම මගේ ස්තුතිය.

    හැමෝටම වෙන වෙනම උත්තර ලියන්න නම් වෙලාවක් නෑ. කමෙන්ට්ස් ටික අනුමත කලේ වෙලාවෙන් වෙලාවට ෆොන් එකනේ කියෝලයි.

    මගේ ප්‍රනාමය කමෙන්ට් කළ නොකල ඔබ සැමදෙනාටම.

    ReplyDelete
  49. ලිපි අටසීයක් ලිවීම වෙනුවෙන් උණුසුම් සුභපැතුම්..

    ReplyDelete
  50. මගෙන් එහෙනම් 'පමා වූ සුභ පැතුම්' 800 වැනි පෝස්ට් එකට...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.