Wednesday 30 January 2013

සිංහල බෞද්ධ තලේබාන් සෞදි අරාබිය - Sinhala Buddhist Taliban Saudi Arabia


මං මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ 2009 ජූලි මාසයේදී යි.

එදා ඉඳන්ම වගේ මං කළ දෙයක් තමයි බ්ලොග් ගැනත් මගේ බ්ලොග් එක ගැනත් මට හමුවන දන්න, නොදන්න හැම දෙනාටම ඉඩ ලැබෙන පරිදි කියලා දෙන එක.

මේ සඳහා මං "බිස්නස් කාඩ්" එකකුත් ගැහැව්වා. මට මතකයි 2009 දෙසැම්බර්වල තිබුණු සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයේ පළමු රැස්වීමට ඇවිත් මං මගේ කාඩ් බෙදපු හැටි.

හැබැයි, බ්ලොග් ලියන අයට විතරක් කාඩ් බෙදලා තේරුමක් නෑ. අපි කියවන්න උනන්දුවක් ඇති, පරිඝණක භාවිතා කරන සියළු දෙනාම අතර බ්ලොග් ගැන ප්‍රචාරය කරන්න ඕනෑ.

මට මතකයි සිහි සටහන් ලියපු චානුක වත්තේගම මේ ගැන හිතලා සති කිහිපයක් පුරා බ්ලොග් ගැනත්, සිංහල බ්ලොග් අවකාශයේ තියෙන විවිධ බ්ලොග් ලිපි ගැන උදාහරණත් එක්ක ලිපි පෙලක් ලිව්වා ඉරිදා ලක්බිම පත්තරේට. ඒ ලිපි පෙල කියවලා සෑහෙන පිරිසක් සිංහල බ්ලොග් ගැන දැනගත්තා.

කොහොම හරි මං මුලින් ගහපු බිස්නස් කාඩ් 250 අවුරුද්දක් එකහමාරකින් විතර ඉවර වුණා. ඊට පස්සේ මං කාඩ් 500 ක් මුද්‍රණය කළා. ඒකේ අන්තිම සීයක් විතර තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ.

මං හිතන්නේ මගේ බිස්නස් කාඩ් එක ලැබුණු කීප දෙනෙක් හරි ඒ නිසා කතන්දර බ්ලොග් එක කියවන්නත්, ඒකේ තියෙන බ්ලොග් ලයිස්තු හරහා අනිකුත් බ්ලොග් කියවන්නත් පටන් අරගෙන ඒක දැන් ජයටම කරගෙන යනවා.

දැන් සාර්ථක හතරවෙනි අවුරුද්දේ බ්ලොග් ලියමින් හිටයත් මං තාම බ්ලොග් එක ප්‍රචාරය කරන වැඩ පිළිවෙල නවත්වලා නෑ!

මේ සේරම කිව්වේ මෙන්න මේකටයි.

මං 2008 අවුරුද්දේ විතර ඉඳලා දන්න ලිහිණි හෙවත් සංජීවිකා මනෝහරී ත් බ්ලොග් එකක් ලියනවා.

ලිහිණි කියන්නේ කිවිඳියක්, ගීත රචිකාවයික්, ලේඛිකාවක් බව මං ඊටත් කලින් ඉඳලා දැනගෙන හිටියා බූන්දිය හරහා. බස් රේඩියෝවේ වැඩ සටහනේදීත් මං තෝරපු සින්දු අතරට ලිහිණි ලියූ, කුමාරි මුණසිංහ ගායනා කළ සිහින කළාලේ සින්දුව ඇතුළත් කළා මට මතකයි. ලිහිණි ලියපු "නිරුවත් සිතුවිලි" කියන තීරු ලිපියේ කොටසුත් මං කියවලා තිබුණා.

ඒත් මං මේ ඊයේ-පෙරේදා වෙනකං දැන ගෙන හිටියේ නෑ, ලිහිණි, "ලිහිණිසර" නමින් බ්ලොග් එකක් ලියන බව.

මෙන්න ලිහිණිසර ලිපිනය: http://lihinisara.blogspot.com/

ලිහිණිසරේ මං මුලින්ම කියෙව්වේ ලිහිණි තමන් ඉගෙන ගත්තු එක්තරා විශ්ව විද්‍යාලයකට මේ ළඟදී දවසක ගිහින් අත්විඳපු සිදුවීමක් ගැන කතාවක්.

http://lihinisara.blogspot.com/2013/01/blog-post_8791.html

අපි ආපහු ගල් යුගයට යනවාද කියලයි මට ඒක කියොපු වෙලාවේ හිතුනේ.

පන්සල් යන්න සරොං අඳින්න කියලා නාලන්ද පියතිලකගේ සිංහල බෞද්ධ තලේබාන් අවවාදය මීට දශක කිහිපයකට කලින් ලැබිලා තිබුණත්, මේ කියන විශ්ව විද්‍යාලයේ කුමරි බඹසර හොයන කේස් එකක් ගැන අහලා තිබුණත්, ත්‍රී-ක්වාටර් කලිසම් ගැන සිංහල බෞද්ධ තලේබාන් නීතිය මං දැනගත්තේ ලිහිණි ගේ කතාවෙනුයි.

අනේ කාලේ, වනේ වාසේ...!!!

මට මතක් වුනේ මේ ඊයේද කොහෙද බ්ලොග් ලිපියක හරි කමෙන්ටුවක හරි කියෝපු වැකියක්.

"අපි මේ යන්නේ සිංහල බෞද්ධ තලේබාන් සෞදි අරාබියක් කරා ය!"

-කතන්දරකාරයා


(image: http://idaspoetics.com.au/2012/07/who-is-the-wind-or-are-you-the-wind/)

22 comments:

  1. කතන්දරගේ බ්ලොග් ප්‍රචාරණ උපක්‍රම වලින් එකක් තමා කතන්දර ටී ෂර්ටය !
    ඒක ගැනත් මතක් කලොත් හොදයි නේද මහත්තයෝ. :)

    ReplyDelete
  2. ඕකෙ ලොක්කා මානසික ආභාධ කාරයෙක්.... පොරට මම හිතන්නෙ මද සරු භාවය පිලිඹද ගැටලුවක් තියනවා.... මොනවා කරන්නද ලන්කාව පුරාම ලින්ගික අසහනේ තමයි....

    ReplyDelete
  3. අපි මේ යන්නේ සිංහල බෞද්ධ තලේබාන් සෞදි අරාබියක් කරා ය!"
    මේකනං ළඟදීම වෙයි වගේ මේ යන හැටියට...

    ReplyDelete
  4. බෞද්ධ හා මුස්ලිම් තලේබාන්වරු පිරි සෞදියක්....

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට කෙන්ජි අන්කල් ජපානෙට ගියේ. නැත්නම් උගේ xxx කපලා මදිවට ලුණුත් දාලා මෙහේ කළැයි කියන දේවල් වලට.

      Delete
    2. උඹට දැන් අමාරුද ඌ කරපුවට.... පොඩ්ඩක් චෙක් කරල බලපන් ඌ කොච්චර නෑ කිව්වත් උඹත් උගේම වෙන්න බැරි නෑ කොලුවො....

      Delete
    3. කකා ඉදල හිටල ඩ්‍රින්ක් එකක් දානව වගෙ පොඩ්ඩක් ඔය ජාති වාදෙ වගේ දෙයක් අල්ලගෙන ආතල් එකක් ගන්න.

      Delete
    4. මේක ජාති වාදෙ පිලිඹද ප්‍රශ්නයක් නෙවෙයිනෙ මහත්තයෝ.... කරුණා කරල පෝස්ට් එක කියවන්න... මේක එක් පුද්ගලයෙක්ගේ මුග්ධ කමක් නිසා විශාල පිරිසකගේ නිදහස අහිමි කිරීමක්....

      කකාටත් ටිකක් වැරදිලා හැඩයි.... මේ බූරුවගෙ ක්‍රියා කලාපය සමාජය හෙලා දකිනවා...

      ලොකු තැනගෙ උවමනාවට තමයි තාම තියන් ඉන්නෙ...

      අපේ නැන්ද තරහ වෙලා ගියා ගියාමයි දැන් මේ පැත්තෙ එන්නෙ නෑනෙ... නැත්තම් මේක ගැන එයාට හොද අවබෝධයක් ඇති...

      Delete
  5. අපේ මිනිස්සු ගොඩක් දේවල් රැල්ලට කරන්නේ.

    ReplyDelete
  6. විහිළු සහගතම කාරණාව තමයි, මේ ඊනියා බෞද්ධයන් ඉස්ලාම් ආගමෙන් බුද්ධාගමට තර්ජනයක් එල්ල වෙනවා යැයි කියමින් සටන් කරන්නේ, බුද්ධාගමේ ඉගැන්වීම් වෙනුවෙන් නෙමෙයි, ඔවුන් කරන්නේ ඉස්ලාම් ආගමේ ඉගැන්වීම්, ඒ සංස්කෘතිය හා බද්ධ දේවල් කොපි කරන එක.

    ReplyDelete
  7. ලංකා හම්බෞද්ධ ජනතාව මුස්ලිම් තලිබාන් එක්ක මාරාන්තික විදියට විරුද්ධයි ඒ උනාට උන්ටත් වැඩිය ඒ තලිබාන් අදහස් බෞද්ධ නාමයෙන් ක්‍රියාත්මක කරන්න අපේ අය සැදී පැහැදිලා ඉන්නේ.
    රටේ මිනිස්සුන්ගෙ කැමැත්ත සහ ආසාව අනුව තමයි පාලකයින් සහ නීති ඇතිවෙන්නේ මේ ලංකා හම්බෞද්ධ තලිබාන් කරණයට අකමැති අයට අකමැති සුළුතරයට විකල්ප දෙකයි තියෙන්නේ,
    එක්කෝ මම වගේ පිටරටකට යන එක
    නැත්නම් මේ විකාරයට විරුද්ධව සටන් කරන එක.
    වෙන විකාරයට අකමැති එත් ඒකට කිසි විරුද්ධත්වයකුත් නොපෙන්වා ඕනෑ දෙයක් කියල නිව්ට්‍රල් ඉන්න අයට කියන්න තියෙන්නේ තොපිට හොඳ වැඩේ.

    ReplyDelete
    Replies
    1. මේ විකාරයට විරුද්ධව සටන් කිරීම කියන්නේ මහත්තයෝ තමනුත් ඒ මඩ වළටම පැනීමක් නේද? නොසළකා හැරියාම එච්චරයි. මුන්ට වැඩි කල් නටන්න හම්බ වෙන්නෙ නෑ. රාජපක්ෂ ගහ වැටෙන කොට මේ පඳුරු ඔක්කෝම පෙරළගෙන තමයි වැටෙන්නේ. ප්‍රේමදාස ගහ වැටුණෙත් ඒ වගේ තමයි.

      Delete
    2. //රාජපක්ෂ ගහ වැටෙන කොට මේ පඳුරු ඔක්කෝම පෙරළගෙන තමයි වැටෙන්නේ. ප්‍රේමදාස ගහ වැටුණෙත් ඒ වගේ තමයි. //

      +++++++++++

      Delete
  8. KATHANDARA TEE SHIRT WAGE KATH. JOKKUTH THIYANAWADA.

    ReplyDelete
    Replies
    1. ඇයි ජොක්කු විතරක් නෙමේ ජී ස්ට්‍රින්ග්ස් තොන්ග්ස් පෑන්ටීස් වගේ ඒවත් මේ දවස්වල ප්‍රින්ට් කරගෙන යනවා.
      පොඩ්ඩක් ඉන්ඩකෝ

      Delete
  9. එහෙම තමයි එහෙනම් මිලියනයක් ගැහුවේ? :)

    ReplyDelete
  10. ළිහිණිගේ ත්‍රීක්වාටර් කතාවනම් කියෙව්වා කකා..හිතන්න ලංකාවේ කොයි ආගහ අදහන එකාද ඒ ආගමේ ප්‍රතිපත්ති රකින්නේ කියලා. මේ ආගම් වාදය අද මෝස්තරයක්. දේශපාලන උප්පරවැට්ටියක්. අහක ඉන්න මෝඩයෝ මේ ලණුව ගියලා බොරුවට මරා ගන්නවා.මේ ගැටුම් අවුලන වුන් චූන් එකේ දෙකක් දාගන ඉන්නවා.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  11. ලංකාවෙ ආගම්වාදය වපුරන එකට එකම විසදුම හාමුදුරුවන්ට විවාහයක් කරගැනීමට නිදහස දීම.මේ හැමදේකටම මුල්වෙන හාමුදුරුවරු හොරෙන් ගැහැණු කීප දෙනකු තියාගෙන ඉන්න අය.

    ReplyDelete
  12. කතන්දර කාරයාට මේ දිනවල සෙනසුරු මහ දසාව බැවින් පෝස්ටු වල කමෙන්ට් මද ගතියක් දක්වයි. මෙම දෝශය පෙබරවාරි මස මැද භාගය වන විට සමනය වී යයි. මේ සඳහා බලු කපුටු දානයක් දීම යෝග්‍ය වේ.

    ReplyDelete
    Replies
    1. කතන්දර කාරයාට ඇත්තේ කේතු මහ දසාවේ ශනි අන්තරයයි.... මුඩුක්කු පල්ලේ රින්ගීමට ගොස් කුණු බැනුම් අසන්න වූයේ එබැවිනි.......

      බ්ලොග් අවකාශයටම කේතු දසාවේ ශනි අන්තරය ලබා ඇති බව පෙනේ.... මුඩුක්කු කරුවන් බ්ලොග් අවකාශය රන් කරන්නන් වී තිබේ..... මේ ලුම්පන් පීඩිතයන් ශෆීරෝ ගේ බ්ලොගය කියවා මොළය වර්ධනය කර ගන්නා තුරු බ්ලොග් අවකාශයට බුදු සරණයි....

      Delete
    2. @දෙවැනි ඇනෝ මල්ලී, ඔබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්තකි. මිනිසා කරන හැම ක්‍රියාවක්ම (human action) කාලය යන රාමුව ඇතුලත (in time) කළ යුත්තකි. පැය 24 ක් බැගින් ලැබෙන කෙටි වූ ජීවිතයක සීමාව කොතැනක දී අවසන් වෙනවා දැයි නොදන්නා වූ කාලයක් මිනිසාට ලැබී ඇත. සම්පත් සීමිත යැයි කියද්දී කාලය යන සීමිත වූ සම්පතේ වටිනාකමට සැලකිල්ලක් දක්වන අය ලොව අඩුයි. එනිසා මේ සීමිත කාලය තුළ හොඳ බ්ලොග් එකක් කියවා මොළය වර්ධනය කරගෙන වැඩි වැඩියෙන් බ්ලොග් ලියා ඒකීය පුද්ගලයාට බදු අය කිරීමේ ක්‍රමය වහාම වෙනස් කළ යුතුයි.

      Delete
  13. සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.