ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 14 January 2013
එක්තරා ඇදුරෙකු ගේ අපූරු සමාජ සමීක්‍ෂණය - Observations and Conclusions: The professorial way
මා මේ කියන්නට යන්නේ මීට වසර දහයකට පමණ පෙර කාලයක වූ සිඳුවීමක විස්තරයයි.
එකල මා විසූ පෙදෙසේ සිටි මැවිසුරන් පිරිසක් එක්ව සංගමයක් පිහිටුවා ගෙන තිබුණි. ලිඛිත අරමුණු කෙලෙස වුවද සංගමයේ එක් ප්‍රායෝගීක කර්තව්‍යයක් වූයේ වසරකට දෙතුන් වරක් එක්ව කා බී විනෝද වීමයි.
මේ වැඩ පිළිවෙලේ කොටසක් ලෙස එක්තරා ජනවාරියක ක්‍රිකට් තරගයක් සහ මැවිසුරු පවුල්වල අය සඳහා දිවා ආහාර සහිත ඉවෙන්ටුවක් සංවිධානය වී තිබුණි.
මට අපේ ඇදුරා හමුවූයේ මේ දිනයේදී ය.
අප ඇදුරා එසේ මෙසේ එකෙක් නොවේ. ඔහු වනාහී සමාජ සමීක්‍ෂණයේ කෙළ පැමිණියෙකි. එදා මේ මැවිසුරු සංගමයේ ඉවෙන්ටුවට ඔහු පැමිණ සිටියේත් තමන් ඒ දිනවල කරගෙන යනු ලැබුවා වූ එක්තරා සමාජ සමීක්‍ෂණයකට අවශ්‍ය දත්ත සහ කරුණු කාරණා රැස්කරගැනීමේ අරමුණ ඇතුවයි.
එක්කෝ ක්‍රිකට් තරගයේ මා සහභාගී වූ පිළ පන්දුවට පහර දෙන කාලයේදී හෝ නැතිනම් අප දිවා ආහාරය ගන්නා අවස්ථවේදී ඇදුරා මා සමග කතාවට වැටුණේය.
"හලෝ කොහොමද? මොකක්ද නම? මං ගුණදාස ගුරුගේ. කොයි යුනිවසිටියේ ද මැවිසුරුකම ඉගෙන ගත්තේ?" ප්‍රශ්න වැලක් සමග ඇදුරා කතාව ඇරඹීය. මේ ඔහුගේ සමාජ සමීක්‍ෂණයේ මා ගිනිපිග් වෙන මොහොතයි.
අපේ වයසේ ලංකාවේ අයෙකු සාමාන්‍යයෙන් මැවිසුරෙකු වන ක්‍රම කිහිපයකි.
එක්කෝ ඔහු හෝ ඇය පේරාදෙනියේ උගත්තෙකු විය යුතුය. නැතිනම් කට්ටෙකු විය යුතුය. ඒසේත් නැතිනම් රුස්සෙකු, එනම් රෂියාවේ ශිෂ්‍යත්වයක් ලැබ එහි ගොස් උගෙන යළි ලංකාවට පැමිණියෙකු, විය යුතුයි. ඇදුරා ගේ අවසන් පැණයට නිමිත්ත එය විය.
"මගේ නම කතන්දරකාරයා. පේරාදෙනියෙයි ඉගෙන ගත්තේ" මම කීවෙමි.
"ආ, ඇත්තද? ඉතිං කොහොමද ගියේ නැද්ද ඒ පැත්තේ ලඟදී?"
"මට නං යන්න බැරිවුණා ටික කාලෙකින්. දන්න අඳුණන කීප දෙනෙක්ම ඒ පැත්තේ ඉන්නවා" මම පිළිතුරු බැන්දෙමි.
"මං නං ලඟදී ඒ පැත්තේ ගියා ඇදුරා කීවේය. අපේ නෑදෑයෝත් ඉන්නවා විශ්ව විද්‍යාලය අවට හරියේ."
"ආ, ඇත්තද?"
"අපි හිටියේ නෑ ගෙදරක. එහේ ඉඳලා විශ්ව විද්‍යාලයේ සිරි නරඹන්න ගියේ ඉංජිනියරිං ෆැකල්ටිය හරහායි."
"ආ, ඇත්තද?"
"ඉංජිනියරිං ෆැකල්ටිය හරහා යද්දී මං හොඳ නිරීක්‍ෂණයක් කළා!"
"මොකක්ද, ඒ?"
"එතන ඉන්න දෙමළ ළමයි සේරම හවස ලයිබ්‍රියට යනවා. සිංහල කොල්ලෝ කෙල්ලෝ එක්ක ලවර්ස් ලේන් යනවා."
මට අපේ ඇදුරා ගේ කතාව ගැන ඇතිවූයේ අපුලකි, පිළිකුළකි, ලජ්ජාවකි.
පළමුවෙන්ම අපේ සමාජ සමීක්‍ෂකයා මේ නිරීක්‍ෂණයක් ලෙස පවසන්නේ හුදෙක් නිරීක්‍ෂණයක්ම පමණක් නොවේ. ඔහුගේ ප්‍රකාශයේ නිගමනද ඇතුලත් වේ.
දෙවනුව ඔහු කළ පරිදි එක් නිරීක්‍ෂණයක් මුලු ප්‍රජාවකටම සාධාරණීකරණය කර සමස්ත සිසු ගහණය ගැන ප්‍රකාශයක් කිරීම වනාහී සංඛ්‍යානය ගණිකා වෘත්තියේ යෙදවීමකි.
දැන් අපි අපේ ඇදුරා කළ නිරීක්‍ෂණය ගැන සිතා බලමු.
ඇදුරා තම ඇදුරු බිරිඳ සමග පැනිදෙනියෙන් ගොඩවී ඉංජිනේරු පීඨය හරහා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිරි නරඹන්නට ඇවිද යයි. ඉංජිනේරු පීඨයේදී ඔහු නිරික්‍ෂණය කරන්නේ සිසුන් පිරිසක් පුස්තකාලය දෙසට යන ආකාරයත්, තවත් පිරිමි සිසුන් කිහිප දෙනෙකු හෝ තම පෙම්වතියන් සමග විශ්ව විද්‍යලායේ උද්‍යාන පෙදෙසට යන බවකි.
සිසුන් ගේ කතාබව ඔහු සවනට වැටෙන නිසා, පුස්තකාලයට යමින් සිටින සිසුන් දෙමළ සිසුන් බවත්, පෙම්වතියන් සමග යන පිරිමි සිසුන් සිංහල බවත් අපේ ඇදුරා හඳුණා ගනී.
දැන් මේ කෙටි සරල නිරීක්‍ෂණය මත පදනම්ව අපේ ඇදුරා ඒ මා පෙර කී නිගමනයට එළැඹෙයි.
එනම්:
ඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන් සවසට පාඩම් වැඩ සඳහා පුස්තකාලයට යන අතර සිංහල සිසුවෝ පෙම් කෙළිති!
මම ඉතා සංයමයෙන් ඇදුරා ඇමතුවෙමි.
"එහෙම කියන්න බෑ නේද ඩොක්ටර් ගුරුගේ? එකක් ඔය කියන්නේ හරියටම එදා හවස එක මොහොතක එතන හිටිය පිරිස ගැන විතරයි නේද? ඉංජිනියරිං ෆැකල්ටියේ සිසුන්ගෙන් එදා ඩොක්ටර් ගුරුගේ දැක්කේ නැති බහුතරයක් අනිත් සිසුන් එදා කොහෙද හිටියේ? පුස්තකාලයේද, ලවර්ස් ලේන් එකේද, නැති නම් වෙන තැන් වලද?
අනික ලවර්ස් ලේන් යන්නත් කෙල්ලෙක් ඕනෑනේ? මං දන්න හැටියට ඉංජිනියරිං ෆැකල්ටි එකේ මේ කාලේ 80% පමණ ඉන්නේ කොල්ලෝ. ඉතුරු 20% කෙල්ලන්ගෙනුත් බහුතරයක්ම වගේ සිංහල. ඉතිං දෙමල කොල්ලෙකුට සාමාන්‍යයෙන් කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන චාන්ස් එක හරිම අඩුයි. සිංහල කොල්ලන්ටත් ඊට දෙවෙනි නෑ.
මගේ බැච් එකේ කොල්ලෝ දෙසිය ගාණකින් ලවර්ස් ලේන් ගිහිල්ලා තියෙන කොල්ලෝ ඔන්නම් දහ දෙනෙක් ඇති!"
"හ්ම්, එහෙමද? ඒකත් ඇත්ත තමයි!" ඇදුරා මා හා එකඟ වූ බවක් පෙන්වීය.
ගුරුගේ ගොයියා තමන් ගේ අනෙකුත් සමාජ සමීක්‍ෂණවත් නිවරද ක්‍රමවේදයකට අනුව කරනු ඇතැයි මම අපේක්‍ෂා කරමි.
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතන්දරය ලියන මොහොතේ මගේ සිතට නැගුණු ප්‍රශ්නයක් නම් සමාජ සමීක්‍ෂණ ඇදුරු ගුරුගේ ඉහත නිරීක්‍ෂණය සහ අවිද්‍යාත්මක නිගමනය මා සමග පැවසුවේ හිතාමතාම මා පරීක්‍ෂණයකට ලක් කරන අරමුණින්ද යන්නයි.
(image: http://informationr.net/tdw/publ/papers/slovak02.html)
Subscribe to:
Post Comments (Atom)
// ප/ලි:
ReplyDeleteමේ කතන්දරය ලියන මොහොතේ මගේ සිතට නැගුණු ප්‍රශ්නයක් නම් සමාජ සමීක්‍ෂණ ඇදුරු ගුරුගේ ඉහත නිරීක්‍ෂණය සහ අවිද්‍යාත්මක නිගමනය මා සමග පැවසුවේ හිතාමතාම මා පරීක්‍ෂණයකට ලක් කරන අරමුණින්ද යන්නයි. //
කියවාගෙන යද්දි මටත් ඕකම හිතුණා.
කටුබැද්දේ අපි නම ලයිබ්‍රියට ගියෙත් කෙල්ලෝ බලන්න.
ReplyDeleteවර්තමාන නීති විද්‍යාල අර්බුදය ඔය කාරණයම වෙනත් ආකරයකින් ප්‍රකාශ කිරීමක් නේද?
ReplyDeleteඅපේ සමාජ සමීක්ෂකයින් "සියළු දෙනා"ගේ වැඩ මේ ආකාරයේ බව ගුරුගේ ඇදුරුතුමා අනුවම යමින් නිගමනය කළ හැකිය. ඔහු සමාජ සමීක්ෂණයේ යෙදෙන ඇදුරු තුමකු වුවත් අපේ රටේ බොහෝ පඬියන් මෙන් කටයුතු කර ඇත. මොබයිල් ෆෝන් වල මයිට් නමැති සත්ත්ව විශේෂයක් ජීවත් වන බව මෑතකදී නිගමනය කළා එම් ආර් අයි එක.
ReplyDeleteසමීක්ෂකයකු විසින් අත්හළ යුතු ප්‍රධාන කාරණාවක් වන්නේ "පූර්ව නිගමනයන් මත සිටිමින් සමීක්ෂණ සිදු කිරීම" බව ඒ ඇදුරු තුමා නොදැන සිටියේද?
මනෝ විශ්ලේෂනයටත් සමාජ සමීක්ෂනයටත් දක්ෂ පුද්ගලයෝ ලංකාවේ තරම් වෙන කිසිම රටක නැතුවා විය යුතුයැ...
ReplyDeleteඑක් කොන්දොස්තර මහතකු රුපියලක් ඉතිරිය නොදුන් විට සියලු කොන්දොස්තරයෝ රුපියලනොදෙති යයි නිගමනය කොට...රුපියල නොදුන්නොත් පැමිනිලි කිරීමට නම්බරයකුත් අපිට ප්‍රවාහන අමතිතුමා දුන්නේය...
රුපියල නොදුන්නොත් රුපියල් දෙකයි පනහක් වියදං කරලා කෝල් එක්ක අරං අපිකම්පෙලෙන් කරන්න ඕනි...
අයෙකුට හෝ මණ්ඩලයකට රටක සමාජ සමීක්ෂණ සඳහා සියලු බලතල හා මුදල් පවරනවාට වඩා, නිදහස් මිනිසුන්ට නිදහස් ක්‍රියාවන්හි නියැළීමට ඉඩදීම ආර්ථික නංවාලන්නට අතිශය සාර්ථක වූවක් යැයි ඉතිහාසය ඔප්පු කර තිබෙන්නකි.
ReplyDeleteසමාජ සමීක්ෂණ පවත්වන හැටි නොදන්නා නූගතුන් සිතන්නේ ඇමෙරිකාව වෙනත් රටවල් වලින් සම්පත් උදුරා ගෙන ධනවත් වුවා කියාය. ඒ නොදන්නාකම නිසාම 1922 සිට 1991 දක්වා පුරා වසර 69 ක කාලයක් සත්‍යයෙන්ම තම රටේ හා අනිත් රටවල අනුන් සතු දේපල හා සම්පත් උදුරා ගත් සෝවියට් රුසියාව යැයි කියාගත් මහා දේශයක් බංකොළොත් වුයේ මන්දැයි සමාජ සමීක්ෂණ පවත්වන්නේ කෙසේදැයි නොදන්නා අයට තවමත් පැහැදිලි කළ නොහැකියි!!!!!!!
අදාළ නැති මළ විකාර කතාවක් වුනත්, සෝවියට් රජය විසින් ඇෆ්ඝනිත්ථානය වැනි රටවලට ලංකාවට පවා ලබා දී ඇති සම්පත් ගැන ඇනෝ නොදන්නේද? සෝවියට් දේශය බංකොළොත් වුනේ ඔවුන් අනුගමනය කළ අති සංවෘත වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා මිස සෝවියට් වීමේ සංකල්පය හෝ 1917දී සාර් ආණ්ඩුව වැට්ටවීම නිසා නොවේ.
Deleteමෙවැනි අදාළ නැති කමෙන්ට් දමන්නේ මානසික රෝගීන්යැයි මම විශ්වාස කරමි.
Mobileman වැනි නැට්ට පාගා ගත් කලවැද්දන් ඉන්නා තුරු කතන්දරගේ බ්ලොග් එක ඉතාම සුන්දර තැනකි.
Deleteමට නම් හිතෙන්නේ ඩොක්ටර් ගුරුගේගේ නිගමනය හරි. ඒක චූට්ටක් වෙනස් කරන්ට ඕනි මෙන්න මෙහෙම.
ReplyDeleteඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන් සවසට පාඩම් වැඩ සඳහා පුස්තකාලයට යන අතර කෙල්ලන් නැතිව ලතවෙන සිංහල සිසුවෝ අනෙකුන්ගේ පෙම් රැඟුම් බැලීම සඳනා ලවර්ස් ලේන් යති ....:D:D:D
කුමාරිහාමියේ, මා දන්නා තරමින් ලවර්ස් ලේන් එකට කෙල්ලක් නැතුව කවුරුවත් යන්නෙ නෑ. (පිරිසිදු කරන අය හැරුණාම). ඒක ඉස්සර පේරාදෙණිය සරසවියේ උප සංස්කෘතියේ අංගයක්. මේ ඊයෙ පෙරේද නම් කොහොමද දන්නෙ නෑ.
Deletee seeyalage kale.. dan couple walata wada inne hilman la.
Deleteමොබයිල් මෑන් හරි.
Deleteකෙල්ලෙක් නැතුව ලවර්ස්ලේන් යන්න බෑ.
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ගුණාත්මකභාවය පිරිහිලා ඒ නිසා ඒ අයගේ සමාජ සමීක්ෂණ ගැන කතා කරකල වැඩක් නැහැ
ReplyDeletesee this
2010 වසරේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස තේරී ඇත්තේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලබා ඇති දළ ලකුණු ප්‍රතිශතය 96.1 කි. බ්‍රිතානයේ සුප්‍රකට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලකුණු 91.2 ලබා ගනිමින් හය වන ස්ථානයට පත් වී තිබේ. යුරෝපයේ විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය නියෝජනය කරන ස්විස්ටර්ලන්තයේ Swiss Federal Institute of Technology Zurich ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලකුණු 83.4 ලබා 15 වන ස්ථානයට පත් වී ඇත.
ආසියානු විශ්ව විද්‍යාල අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 21 වන ස්ථානය නියෝජනය කරන University of Hong Kong ය. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 79.2 කි. ටෝකියෝ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 26 වන ස්ථානයයි. ටෝකියෝ විශ්ව විද්‍යාලය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 75.6 කි. දකුණු කොරියාවේ Pohang University of Science and Technology විශ්ව විද්‍යාලය ලකුණු 75.1 ලබා 28 වන ස්ථානයට පත් වී තිබේ. 37 වන ස්ථානයට චීනයේ චීනයේ පීකිං විශ්ව විද්‍යාලය පත් වී තිබෙන්නේ ලකුණු 70.7 ලබා ගනිමින්. අප්‍රිකානු රටවල් අතර ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලයයි. ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 51.6 කි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඊජිප්තුවේ අලෙක්සැන්ඩේරියා විශ්ව විද්‍යාලය147 වන ස්ථානය නියෝජනය කරයි. 2009 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව රුසියාවේ ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර 155 ස්ථානය නියෝජනය කරයි. යුරෝපිය විශ්ව විද්‍යාල අතරින් ලොමනසොව් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය 24 වන ස්ථානය දරයි. ඉන්දියාවේ Indian Institute of Science Bangalore විශ්ව විද්‍යාලය 2011 ජගත් විශ්ව විද්‍යාල අතර දරන්නේ 559 වන ස්ථානයි.
අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලය ( Makerere University ) 2011 ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 1062 ස්ථානයට පත් වී තිබේ. පනහේ සහ හැටේ දශකයේ ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල වලින් එකක් ලෙස සලකුණු කොළඹ විශ්ව විද්‍යාලය අද අර්බුද සහිත අසාර්ථක රාජ්‍යයක් බවට පත් වී තිබෙන අප්‍රිකාවේ සිම්බාබ්වේ රාජ්‍යයේ අධ්‍යාපනික හා ගුණාත්මක භාවයෙන් අඩු සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයටත් වඩා පහතට වැටී තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව සිම්බාබ්වේ විශ්ව විද්‍යාලයට 2246 වන ස්ථානය ලැබී තිබෙන අතර කොළඹ විශ්ව විද්‍යාලයට ලැබී තිබෙන්නේ 2690 ස්ථානයයි ( උපුටා ගැනීම http://www.webometrics.info/top100_continent.asp?cont=s_asia ) 2011 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අනුව මොරටුව විශ්ව විද්‍යාලය 2324 ද , පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2615 ද රුහුණ විශ්ව විද්‍යාලය 2552 ස්ථානය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය ( Open University of Sri Lanka ) ඉතාමත් පහල 4189 ස්ථානයට පත්ව තිබේ. සාක්ෂරතාවයෙන් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පහලින් සිටි අප්‍රිකානු, ආසියානු සහ ලතින් ඇමරිකානු රටවල විශ්ව විද්‍යාල ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පරාජය කොට තිබෙන අතර ලතින් ඇමරිකාවේ පහතින්ම සිටින වෙනුසිලාවේ Universidad Simón Bolívar Venezuela විශ්ව විද්‍යාලයද ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.
පේරාවල ලොකු උගතුන්නෙ ඉන්නෙ ඒකයි ඔය තරම් පහත rank එකකට ගිහින් තියෙන්නෙ නේද කකා?
Deleteමෝඩ ඇනෝ, ඉස්සෙල්ල කතාව කියවන්න හරියට. ඔය සමාජ සමීක්ෂණය කළායැයි කියන එක්කෙනා පේරාදෙනියෙ ඉගෙනගත්ත කෙනෙක් කියල කතාවෙ කියල නෑ.
Deletehehe oya kathaawa ape aiyalata kiuwama tikak tharaha ynawa
Deleteඒ කියන්නෙ කොටින්ම ෆුටා කාරයො සාදාරනයි?
DeletePatta Post 1ka Niyamai!! :D :D
ReplyDeleteදෙමල පිරිමි ලමයි කැම්පස් එක ඇතුලේදී කෙල්ලොත් එක්ක යාලු වෙන්නේ නැත්තේ පස්සේ කාලේක ලැබෙන්න තියෙන දැවැද්ද නොලැබෙන හින්දයි...ඒ විවාහාන් බ්ස්නස් එකක්...මඩකලපුවේ ඉන්ජට වඩා ජැෆ්නා ඉන්ජගේ ගාණ වැඩියි....
ReplyDeleteමේ කතන්දරයෙන් කියවෙන්නේ සමාජ සමීක්ෂණ කරනවායැයි කියන සමහර අය ඒක නියමාකාරයෙන් කරන්නෙ නැහැයි කියන එකනෙ. ඒ වුනාට ගොඩක් අය කතා කරන්නෙ මැක්කා ගැනයි. එනම් සමීක්ෂණයට ලක් වූ (සමීක්ෂකයාගේ නිරීක්ෂණයට ලක් වූ) දෙයක් ගැනයි.
ReplyDeleteමගේ නිරීක්ෂණය අනුවනම් සමීක්ෂකයන් නොවන බොහෝ දෙනකු කරන්නේ ඔය සමීක්ෂකයා කරපු දේ, එනම් එක් නිරීක්ෂණයක් සමස්තයට සාධාරණීකරණය කිරීම සහ පක්ෂපාතී නොහොත් බයස් වීම.
හුගක් පුද්ගලයන්ට prior probability කියන සංකල්පය ගැන වැඩි අදහසක් නෑ.
ReplyDeleteපිස්සු කතා කරනවා. දෙමළ කොල්ලෝ හවසට ක්‍රිකට් ගහනවා ground එකේ.....
ReplyDeleteබොහෝ දෙනාට අමතක වෙන දෙයක් තමයි නිගමන වලට එන්න කලින් සමස්තය හා සසඳා බැලීම. ප්‍රත්ෂතයක් වශයෙන් ගත් විට මෙහි අගය සොයා බැලීම වටී.
ReplyDeleteඩොක්ටර් ගුරුගේට පයිත්තියන්ද කොහෙද !
ReplyDeleteඑහෙම නම් ලවර්ස් ලේන් එකේ සූ ගාලා ඉන්න එපැයි. එහෙම දවසක් නම් මම දැකලම නෑ. :)
දෙමල සෙට් එක අක්බාර් එක ගාව ක්‍රිකට්, වොලිබෝල් ගහනවා.
උඹ කොහෙද ලවර්ස් ලේන් ගියේ???
Deleteගුරුගේ ගොයියට වඩා තමන් පට්ට සමීක්ෂකයෙක් කියන්න කතන්දරකාරයා ගත් උත්සහයක්....... අයියෝ සල්ලි.
ReplyDeleteඇයි ඉන්ජිනේරින් එකේ කියලා ඉටිපන්දම් කියලා හිතුවද දන්නේ නෑ!!!!
ReplyDeleteමීට වඩා හොඳ සමීක්ෂණ මේ දවස් වල මුණු පොතේ පොතේ යනව.
ReplyDeleteමීට කාලෙකට කලින්, ලංකාවේ රිය අනතුරු වලට ලක්වෙච්ච එක එක වාහන වල අංකය, තනි ඉලක්කමක් වෙනකම් එකතු කරලා (මේකට මොකද්ද හොඳ නමක් තියනවා එන්නෙ නෑ) එතකොට වැඩියෙන්ම තිබ්බේ 2 ඉලක්කම නිසා, ඔය තනි අංකෙ 2 වෙනවාහන අනතුරට ලක්වීමේ ඉඩකඩ වැඩියි කියලා ඔය වගේම කෙනෙක් කිව්වා.
ReplyDeleteමට මගේ ඇඳුරු තුමාව මතක් උනා. එයාට කෝල් එකක් දීලම එන්නම්.
ReplyDelete//මට අපේ ඇදුරා ගේ කතාව ගැන ඇතිවූයේ අපුලකි, පිළිකුළකි, ලජ්ජාවකි.//
ReplyDeleteමේ බ්ලොග් එක බලන අපිට බ්ලොග් එක ගැන එන හැගීමත් හරියට මේ වගේ........
අනිවා ඩෙෆා ඕක කියන්ඩ ඇත්තේ දේවප්‍රිය ලොක්කා
ReplyDeleteඇදුරුතුමා කියුව ගමන් මතක් වෙන්නෙ කපුගේ මහත්තයගෙ මේ සින්දුව...
ReplyDeletehttp://www.youtube.com/watch?v=hUAl1-2Y6XA
අහන්න කකා, නයි හාමි....