Tuesday 20 November 2012

මගේම වගේ (තවත්) බ්ලොග් එකක් - Another identity revealed?


නොදන්න නමකින් ලියන එක විදියක බ්ලොග් එකක් දැක්කාම ඒක ලියන්නේ කවුද කියලා හොයන එක අපේ බ්ලොග් ලෝකයේ සිරිතක්.

මේ කතන්දර බ්ලොග් එක ලියන්න පටන් ගත්තු කාලේ ඉඳලාම, බිස්නස් කාඩ් පවා මුද්‍රණය කරලා හම්බවෙන හම්බවෙන අයට බෙදන මගේ අනන්‍යතාවය හෙළිකරන්නට කාලෙකට ඉස්සර කීප දෙනෙක් පොර කෑවා.

පුදුමයකට වගේ ඒ සේරම ඈයෝ ඇනෝලා! ඒක නං වෙනමම සලකා බැලිය යුතු කාරණයක්.

ආරූඩ නම්වලින් ලියන බ්ලොග්කාරයින් ගේ සැබෑ නම් හොයාගෙන යද්දී අහක යන මිනිස්සුන්වත් අහුවෙනවා.

උදාහරණයක් විදියට "ටිකක් හිනාවෙන්න" ලියන අභීත වරක් ලිව්වා ටැබූ සබ්ජෙක්ට්ස් කියන (දැන් අතුරුදහන්) බ්ලොගය ලියන්නේ කතන්දරකාරයාද කියලා ප්‍රශ්න කරන ලිපියක්.

පහුගිය දිනවල ඇරඹිලා දැන් සෑහෙන විප්ලවයක් කරගෙන යන සමනල විප්ලවය බ්ලොගයත් ලියන්නේ මංතුමාය කියලා මයියා විතරක් නොවෙයි මාතලන් ගොයියා පවා හිතාගෙන ඉන්නවාය කියලා පහුගිය දවස්වල දාලා තිබුණු කමෙන්ට්ස් වලින් පෙනුණා!

එහෙම හිතෙන්න ප්‍රධාන හේතුව නම්, මං සමනල විප්ලවය බ්ලොගයේ මුල් කාලේ ඒක හඳුන්වා දෙමින් දාපු ලිපියට අමතරව ඒ මුල් කාලේ ලිපිවලට මං දාලා තියෙන කමෙන්ට්ස් නිසා වෙන්න ඕනෑ.

අද මං මේ හදන්නේ ඉහත කියපු තර්කය හරි නම්, ඒ ආකාරයෙන්ම මගේ ම එකක් කියලා කට ඇරලා කියන්න පුළුවන් වෙන බ්ලොග් එකක් අඳුන්වා දෙන්නයි.

ඒක තමයි, "මම නොදන්නෙමි". ලියන්නේ, "මම වනාහී නොදන්නේ වෙමි.
[http://mama-nodannekmi.blogspot.com/]

මෙන්න ලිපි මාලාවෙන් ටිකක්.
1. ෴ ප්‍රස්ථාවන ෴ [http://mama-nodannekmi.blogspot.com/2012/04/blog-post_24.html]

2. බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී කියන අයට [http://mama-nodannekmi.blogspot.com/2012/04/blog-post_26.html]

3. බලු සීලය සහ ගොං සීලය [http://mama-nodannekmi.blogspot.com/2012/04/01.html]

4. වැඩකරන ජනතාවගේ සැබෑ මැයි විරුවා කවුද? [http://mama-nodannekmi.blogspot.com/2012/05/blog-post.html]

5. මම නම් අභිමානවත් හෙලයෙක්, ඔබ? [http://mama-nodannekmi.blogspot.com/2012/06/blog-post_24.html]

6. හොඳට නරකට දෙකට කටමය [http://mama-nodannekmi.blogspot.com/2012/06/blog-post_18.html]

මේ හැම ලිපියකටම වගේ කමෙන්ට් කරලා තියෙන්නේ මං විතරයි.

ඒ හින්දා තමයි, මේ මම නොදන්නෙමි බ්ලොගය ලියන්නේත් මංතුමා ම ද කියලා සැකයක් ඇතිවෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තටම මටත් ඔය සැකේ ඇති වෙනවා වෙලාවකට.

27 comments:

  1. හි හි.. සමනල විප්ලවය ලියන්නේ කකා නං නෙවෙයි කියලා දැන් තහවුරු වෙලා තියෙන්නේ මට නං.. හි හි...

    ReplyDelete
    Replies
    1. කකා හොයලා දෙන බ්ලොග් නම් නියමයි...

      Delete
  2. ම්ම්ම්? තමන්ම කියනවා නම් ඒ කතන්දරම වෙන්න ඇති.

    ReplyDelete
  3. සමනල විප්ලවය ලියන කෙනා නම් දන්නව! කකා නෙවේ.

    ReplyDelete
    Replies
    1. http://kathandara.blogspot.com/2012/11/wtf-is-this.html?showComment

      හෙහ් හෙහ් . ඕකේ තියෙන ඒවාට අමතරව ජනාධිපති- අගමැති වරුන්ගේ කොන්වෝයි වල දාලා ගංජා කොලඹට යවන හැටි ටැබු පොස්ට් එකක් දාලා තියෙනවා දැක්කේ ඊයේ.

      Delete
  4. මටනම් ලියන එකා නෙවෙයි වැදගත්.. ලියල තියන දේ

    ReplyDelete
  5. මට හිනා යන්න එනවා ඕයි.. මාව කාව හරි නවත්තනවකො.....

    ReplyDelete
  6. කව්රු මොන බ්ලොගේ ලිව්වත් මට නම් පාන්ද?

    ReplyDelete
  7. පෙන්නේ නම් කතන්දර වගෙයි

    ReplyDelete
  8. බ්ලොග් එක කවුරු ලීවත් අපිට නම් වැඩක් නැ ඉතින්.. කියවන්න හිතුනොත් කියවනවා...... නැත්නම් ඉතින් බලෙන් කවුරු කිවත් කියවන්නත් බැනේ.....
    දැන් ඉතින් මේක නම් කාකාගේ වෙන්නම ඇති කියලා හිතෙනවා..... ඉතින් අපිට මොකද?

    ReplyDelete
  9. කතන්දර නෙවේ එක ලියල තියෙන්නෙ, මොකද දන්නවද,

    ලින්ක්ස් නෑ,
    පඩ කතා/ ගූ කතා / සහ කකාට මාරම වැදගත් ජොක්කු කතා නෑ,
    ඊටත් අමතරව, ලංකාව ගැන, රටේ පවතින ක්‍රමය ගැන/ බුද්ධාම ගැන අපහාසෙට ලියල නෑ. ඉතින් ශුවර් කකා නෙවේ එක ලියන්නෙ.

    කකාගෙ ජොක්කු මේනියාව ගැන එකෙක් මෙහෙම කිව්ව, ගෙදර කාර් එකක් නැති හීන මානෙ තියන මිනිහෙක් හමදාම ඔෆිස් ඇවිත් අනිත් උන්ට ගෙදර ගැරේජ් එක ගැන කියවනවලු, නිකන් අනිත් උන්ට කාර් එකක් ඇති කියල හිතෙන විදියට. අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. jokku kathaawak nam thibunaa

      Delete
  10. ගොඩාක් කාලෙකින් මේ පැත්තට ගොඩ වෙන්න අමතක වුනා... උදේ මගේ බ්ලොග් එකට මොකද කකාගෙන් මෙච්චර කට්ටිය ඇවිත් කියලා බලන්නයි ආවේ.. මේ තියෙන්නේ වෙඩි වගේ...

    කකා, මටත් මාතලන්ට වගේම හිනා යන්න එනවනේ අප්පා..

    ReplyDelete
  11. දැන් කකා වෙන බ්ලොග් ලියන කොට කතන්දර බ්ලොග් එක ලියන්නෙ වෙන කවුරුවත්ද?

    ReplyDelete
  12. එතකොට සමනල විප්ලවය මෙච්චර මාර්කට් කරන්නේ මොකෑ.

    ReplyDelete
  13. ඒ බ්ලොග් එක ලියන්නේ තමන්මය කියලා කතන්දරකාරයාටම හිතිලා!!

    ReplyDelete
  14. //පුදුමයකට වගේ ඒ සේරම ඈයෝ ඇනෝලා!//
    මොන පුදුමයක්ද, ඕක තමයි අපේ අයියලාගෙ හැටි. අපේ රටේ විතර නිර්නාමික පෙත්සම් වෙනත් රටවල තියනවද මන්දා. වැඩේ කියන්නෙ, ඒ චෝදනා විභාග කරන්න ගියාම කෙළවෙනවා, පැමිණිලිකාරයෙක් හොයාගන්න බැරුව.
    මේකත් අපේ ශ්‍රේෂ්ට ජාතික පුරුද්දක්ද කොහෙද මගෙ හිතේ.

    මං දවසක් (අවරුදු දහයකට විතර කළින්) අපේ පුත්‍රයාගේ ක්ලාස් ටීචර්ට එක්තරා කාරණාවක් ගැන ලිපියකින් දැනුම් දුන්නා. ඒක ලියද්දී ලිපිය දිග වැඩි නිසාත් මගේ ලිවීම ඒ තරම් සාර්ථක නොවුනු නිසාත්, මං හීනෙකින්වත් නොහිතපු විදිහට එතුමිය මා එක්ක තරහ වුනා. (පස්සෙ කරුණු පැහැදිළි කරල දුන්නම වැඩේ ෂේප්) ඒත් මේ වෙලාවෙ පන්තියෙ සමහර දරුවන්ගෙ අම්මල තාත්තලා මට දුන්නෙ මාර උපදෙස්. "ඇයි ඔය වගේ දෙයක් ලියුමකින් දැන්නුවෙ. කටින් කිව්වනං පස්සෙ නෑ කියන්න තිබුනනෙ" ඒ එක උපදෙසක්.

    ReplyDelete
    Replies
    1. //අපේ රටේ විතර නිර්නාමික පෙත්සම් වෙනත් රටවල තියනවද මන්දා.//

      ඇත්තටම අපේ රටේ පුළුවන්ද මූන පෙන්නගෙන කිසිම දෙයක් කරන්න. අපේ පැත්තෙ කසිප්පු විකුණන මනුස්සයෙක් ලඟ තිබුන මම දැක්ක, කසිප්පු වලට විරුද්ධව ගමේ මිනිහෙක් ඕඅයිසීට ලියපු ලිව්මක්. ග්‍රාම නිලධාරීන්ට විරුද්ධව ප්‍රාදේශීය ලේකම්ට, මිනිස්සු යවන ලිපි අන්තිමට රාලහාමි ලඟ නවතින අවස්තා ඕන තරම් තියනව. ඉතිං මිනිස්සු නිර්නාමික වෙනඑක අහන්නත් දෙයක්ද!

      Delete
    2. @ට්‍රැෆික් ඇනෝ

      1. ඔයත් නිර්නාමික පොරක් නෙ.

      2. "මං දවසක් (අවරුදු දහයකට විතර කළින්) අපේ පුත්‍රයාගේ ක්ලාස් ටීචර්ට එක්තරා කාරණාවක් ගැන ලිපියකින් දැනුම් දුන්නා." ඔය කියන විදියට ඔයත් පොඩි එකා වගේ ඉන්න ඇනෝ අන්කල් කෙනෙක් නේද?

      Delete
  15. Kiyawana ayata identity walin wedak netha. Kathawa harawathnam, rasawathnam e athi.

    ReplyDelete
  16. තාත්තේ, අපි ආවා.

    ReplyDelete
  17. තවත් අලුත් බ්ලොග් අඩවියක් හඳුන්වා දීම ගැන ප්‍රණාමය :)

    ReplyDelete
  18. @ All

    සියළු දෙනාටම ස්තුතියි.
    හරිම බිසි කාලයක්.
    වැඩ, වැඩ, වැඩ!

    ReplyDelete
  19. අන්තරස් දහන් කරලා කව්රු හරි ..
    එක්කෝ තම අණසක යටතට ඇඩ්මින් පැනල්
    එක අරගෙන .. හි හි

    ගියේම මඩ පෝස්ට් නේද නේද නේද ?බලු වැඩක් කාගේ හරි හි හි

    ReplyDelete
    Replies
    1. කව්ද ඒ ...? ඇයි එහෙම කළේ ...? මොකක්ද හේතුව ...?

      දිනය ජනවාරි 24 ...

      Delete
    2. ඒකේ ගියේ දර්මෙට බර ලිපි, වලිය තිබුනේ නෑ.

      මං නං හිතන්නේම වැරදීමකින් ඩිලීට් වෙලා කියලයි.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.