Monday 6 August 2012

පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics


ජගත් ජේ එදිරිසිංහ ගේ නවතම කෘතිය වන "අදිසි" නවකතාව කියවා හමාර කළ මා සිතට සිතුවිලි ත්‍රිත්වයක් ම ගලා ආවේය.

ඉන් පළමු සිතුවිල්ල නම්, අපේ ලාංකීය සමාජයේ තත්කාලීන අවගමනයට බලපාන තීරණාත්මක සාධකයවන දූෂිත දේශපාලනයේ කසල ගොඩ පිළිබඳව ඇති වූ ජුගුප්සාව, සංවේගය සහ කෝපය සම්මිශ්‍රිත එකකි.

දෙවැනි සිතුවිල්ල වූයේ, කෙතරම් අප්‍රසන්න අන්තර්ගතයක් වූයේ වුවද, ජගත් ජේ එදිරිසිංහ තම "අදිසි" නවකතාව තුලින් ඒ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳව මේ කතාන්දරය අපට ඉදිරිපත් කිරීමේ සමාජමය වැදගත්කම පිළිබඳව ඇතිවූ ප්‍රසාදජනක එකකි.

මා සිතට ගලා ආ තෙවැනි සිතුවිල්ල වූයේ, ජගත් ජේ එදිරිසිංහ මේ නවකතාව කෙතරම් තාත්විකව නිර්මාණය කර තිබේද යන්නත්, එනිසා ම "අදිසි" නවකතාව සඳහා කිසියම් ආකාරයක සාහිත්‍ය සම්මානයක් හිමි විය යුතු නොවේදෝ යි යන්නයි.

ඇතැම් කාලයක, ඇතැම් දේශයක විසුවා යැයි කියනු ලබන අවංක දේශපාලකයෙකු ගැන ඉඳහිට අපට අසන්නට ලැබුණේ වුවද, පක්‍ෂ දේශපාලනය යනු මඩ ගොහොරුවක් ය, කසල පිරි පතහක් ය යන්න සර්වලෝක, සර්වකාලීන සත්‍යයකි.

අදින් අඩ සියවසකටත් වඩා ඉහත කාලයයේ වුවද ලංකාවේ දේශපාලනය වනාහී දූෂිතව තිබූ එකක් බව "හතර අපායට යන්නට අවැසි නම් ලංකාවේ අගමැති කම එක දිනයකට කර බලන්න" යන අරුතින් යුතු කවියක් පූජ්‍ය යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම තමන් විසින් පරිවර්තනය කරන ලද කාව්‍ය ග්‍රන්ථයක ඇතුලත් කිරීමත්, ඒ කරගත්තාවූ පාප කර්මයේ බලයෙන් දෝ එම පුස්තකය රාජ්‍ය මර්ධනයට හසුව තහනම් වීමත් ගැන සිතන විට හොඳින් පෙනේ.

දේශපාලන පලිගැනීම් වනාහී දුෂ්කර පලාතකට කෙරෙන ස්ථාන මාරුවක් වැනි සරල ක්‍රියාවකට සහ දුෂණ යනු කරවල හෝ පරිප්පු රාත්තලකට වැනි සිල්ලර කටයුත්තකට බොහෝ විට සීමා වී තිබුණු ඒ යුගයෙන් ඇරඹුණු අපේ සමාජයේ බිඳ වැටීම 1980 සිට අති ධාවනාකාරී ගමනක යමින් මිනීමැරුම්, අතුරුදහන්කිරීම් සහ මිලියන ගණනින් පිල්ලි යැවීම් තත්වය දක්වා අද වෙනවිට අති මහත් ප්‍රගතියක් ලබා ඇත.

"හක්කේ බුදු රැස්, බොක්කේ දඩමස්" නියමය මනාව අනුගමනය කරන අද දේශපාලකයෝ උදේ වරුවේ සමන්මල් වට්ටි රැගෙන රුවන්වැලි සෑය වන්දනා කිරීමටත් හවස් යාමයේ රා කල හතක් පෙවූ මැරයින් යවා ජේතවනාරාමයට ගල් ගැසීමටත් එක සේ සමත්හු ය.

මිරිසවැටිය අග්ගලාවක් හෝ කොණ්ඩ කැවුමක් ලෙස සලකා අනුභව කිරීම ද ඔවුනට සරල දෙයකි.

දේශපාලන විරුද්ධවාදීන්ට හිමිවන්නේ දඹකොළපටුනට ස්ථාන මාරුවක් නොව කැරකෝප්පුවට කෙටි පාරකි.

අද පරම්පරාවේ දේශපාලකයින් දුෂණයෙන් අයථා ලෙස රැස්කර ගන්නා රන් කහවණු මැනීමට විශාල ප්‍රමාණයේ කුරුණි ඇවැසි වේ.

ජගත් එදිරිසිංහ ගේ "අදිසි" නවකතාවෙන් නිරාවරණය කෙරෙන්නේ පසුගිය දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණයක් හා සමගාමීව දිග හැරෙන කොළඹ නගරාසන්න පෙදෙසක වෙසෙන සුවිශේෂී චරිත කිහිපයක නිරුවතයි.

සුනන්ද නගරබද වත්තක වෙසෙන හිතහොඳ චණ්ඩියෙකි. ඔහු ගේ සහයෝගයෙන් පෙර මැතිවරණයකින් ජයගත් රණසිංහ දේශපාලන ඉණිමගේ ඉහලට නැගීමට වැර දරයි. ඒ ගමනේ ජය තහවුරු කරගැනීම සඳහා අනිවාර්ය තත්කාලීන අවශ්‍යතාවයක්වන විවිධ නීති විරෝධී ක්‍රියාවල නිරතවීමට සුනන්ද ගේ සහය තවදුරටත් නො ලැබෙන හෙයින් රණසිංහ හමුදාවෙන් පැන එන අජිත් තම මැර පිරිසට එකතුකර ගනියි. අජිත් ගේ නැගෙණිය සමදරා සුනන්ද ගේ පෙම්වතිය වන අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.

දුෂණය සහ භීෂණය මත යැපෙමින් තම මැතිවරණය මෙහෙයවන රණසිංහ ට ඒ සඳහා සහය ලැබෙන්නේ නාගරික ලුම්පන් පන්තියෙන් පමණක් නොවේ. ධනපති පන්තිය හා සභායට යන වාමවාදී නායකයින් නිසා බිම් මට්ටමේ වාමාංශික කේඩරයින් ට ද රණසිංහට කඩේ යමින් පෝස්ටර් අලවන්නටත්, වේදිකා ගොඩ නංවන්නටත් සිදුවේ.

සිය දේශපලාන අරමුණු වෙනුවෙන් පන්සලට පවා බෝම්බ ගසන රණසිංහ, ඒ ආනන්තර්ය පාප කරමය හේතුවෙන් දෝ ඡන්දයෙන් පැරදුණු කළ ඒ අඩුව පුරවන්නට කල්යල් බලා පවතින ක්‍රමයට අනුගතවෙන්නේ සමදරා ය.

මේ ප්‍රභල කතා වස්තුවේ මට ඇති එකම නොගැලපීම නම් ජගත් ජේ එදිරිසිංහ, නවකතාවේ ප්‍රධාන චරිතයක් වෙන සුනන්ද නම් හිත හොඳ චණ්ඩියා ට කරන ශ්වේතවර්ණාලේපයයි. ඒ සමගම ස්ත්‍රී සොඬ රණසිංහ ව හැරදා යන ඔහුගේ තරුණ බිරිඳ සමග මැරවර සුනන්ද අරඹන නීති විරෝධී හෝටල් ව්‍යාපාරය ද, ජගත් ජේ එදිරිසිංහ ගේ සානුකම්පික සුදු බුරුසුවට අසුවේ.

ළමා වියේ පටන් ලේඛක උණ සන්නිපාතයෙන් පීඩා විඳි ජගත් ජේ එදිරිසිංහ මේ වන විට නවකතා පහක් ඇතුළු මුද්‍රිත ග්‍රන්ථ අටක කතුවරයෙකි. එවැනි පලපුරුදු අශ්වාරෝහකයෙකුගෙන් බලාපොරොත්තු විය යුතු ලෙසටම "අදිසි" නවකතාව සඳහා ජගත් උපයෝගී කරගෙන ඇති භාෂා විලාශය ප්‍රභල එකකි. නවකතාවේ අන්තර්ගතය ඉදිරිපත්කර ඇති ආකෘතියද ආකර්ශනීය වේ.

කොටින්ම "අදිසි" කියවන අපට හැඟෙන්නේ මෙය ප්‍රබන්ධයක් කියා නොවේ. එය එතරම්ම තාත්වික ය.

"අදිසි" නවකතාව තුලින් ජගත් ජේ එදිරිසිංහ නොදැනුවත්වම වාගේ අපට උලුප්පා පෙන්වන තවත් පාඩමක් ඇත. එනම්, පීඩිත පන්තිවල සියළු සටන් ඉතිහාසය පුරා නිසැකවම පරාජය වී ඇත්තේ නිරායාසයෙන්ම සිදුවන පාලක පන්තිය හා සභාගයට යැමේ පාවාදීම නිසා බවයි.

ජගත් ජේ එදිරිසිංහ ගේ "අදිසි" නවකතාව කියවන ඔබේ සිතට මා මුලින් සඳහන් කළ සිතුවිලි ත්‍රිත්වයට අමතරව සිව්වැනි සිතුවිල්ලක් ද නැගුණහොත් එය කෙලෙස වේ දැයි මම මදකට සිතුවෙමි.

අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගැලවේවා යැයි ප්‍රාර්ථනයක් ඔබ සිතට නැගුණහොත්, එය අපේ ජීවිත කාලයේ ඉටු නොවන නිසරු පැතුමක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.

අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගලවා ගනිමි යැයි අධිෂ්ඨානයක් ඔබ සිතට නැගුණ හොත් එය අතිශය එඩිතර ගමණක මුලාරම්භය විය හැකි බව කිව හැක. නමුත් මින් වසර කිහිපයකට කලින් ජගත් ජේ එදිරිසිංහ සිය "ගිම්හාන සුළඟ" නවකතාවෙන් අපට කිවු පරිදි එවන් ගමණක අවසානය තත්කාලීන ව්‍යවහාරික භාෂාවෙන් අප "සොරි ඩොට් කොම්" ලෙස හඳුන්වන තත්වය වෙනු ඇත. මක් නිසාද යත්, ඉතිහාසය පුරාම සිංහ සෙයියාවෙන් එවන් ගමන් ආරම්භ කළ වුන් එක්කෝ පවතින දුෂිත ක්‍රමය මගින් ඉවත්කර දමන්නට යෙදුණු අතර එයින් බේරී ඉතිරි වූවෝ ඔවුන් විසින්ම පසු කලෙක තම දිශානතිය උඩුයටිකුරු කරගන්නා ලදුව හිමින් සීරුවේ පවතින ක්‍රමය හා අනුගත වූ බැවිණි.


දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයකි

95 comments:

  1. ethakota peratugami ayyalath kuutugami wela yayi wege neda?

    ReplyDelete
  2. //අපේ ලාංකීය සමාජයේ// ඔබතුමා කොහොමද ලාංකීය වෙන්නෙ? ඔබතුමා ඔස්ට්‍රේලියානු (රෙඩ් ලේබල් බ්ලැක් ලේබල් ගහන සොමියෙ ඉන්න) කලු සුද්දෙක් නෙ. බ්ලොග් එක ලියන්නෙ කාන්සියට නැතිව ලංකාවට තියෙන ඇල්මටයැ?

    ReplyDelete
    Replies
    1. well said.
      Rasika.... ultimate show bag.

      Delete
    2. පිටරට ගිහින් පදිංචි වුණු හුඟාක් දෙනෙකුට තියෙන මානසික ආබාධයක් තමයි ඒ ඒ රටවල දේවල් දිහා බලලා, පොළොව මත යථාර්ථය ගැන නොසළකා, ලංකාවේ ක්‍රම විවේචනය කිරීම. මේක නිකං ශිෂ්‍යත්වයෙන් රෝයල් එකට ගිහිල්ලා ගමේ ඉස්කෝලෙට බනිනවා වගේ වැඩක්. (එහෙම බැන්නයි කියලා ගමේ ඉස්කෝලෙ හැදෙන්නෙ නෑ.)

      අරුණි ශපීරෝ වගේ අයට නම් මේ රෝගය දරුණුවට තියෙනව මා දැකලා තියෙනවා. කතන්දරකාරයාගෙන් නම් මෙතෙක් එහෙම දරුණුවට ප්‍රකාශ වෙලා නෑ. හැබැයි අනෙක් අතට ඒ රටවල කරන සමහර දේවල් අපට කරන්න බැරිකමකුත් නෑ.

      Delete
    3. මාර්ටින් වික්‍රමසිංහ ගේ අපේ ගම පොත කියෝලා තියෙනවාද?

      මං කියන්නේ අර ගල්කිස්ස ගැන ලියවුණු පොත ගැනයි.

      Delete
    4. //පිටරට ගිහින් පදිංචි වුණු හුඟාක් දෙනෙකුට තියෙන මානසික ආබාධයක් තමයි ඒ ඒ රටවල දේවල් දිහා බලලා, පොළොව මත යථාර්ථය ගැන නොසළකා, ලංකාවේ ක්‍රම විවේචනය කිරීම. මේක නිකං ශිෂ්‍යත්වයෙන් රෝයල් එකට ගිහිල්ලා ගමේ ඉස්කෝලෙට බනිනවා වගේ වැඩක්. (එහෙම බැන්නයි කියලා ගමේ ඉස්කෝලෙ හැදෙන්නෙ නෑ.)//

      //හැබැයි අනෙක් අතට ඒ රටවල කරන සමහර දේවල් අපට කරන්න බැරිකමකුත් නෑ//

      පරස්පරයි. ඔබේ චෝදනාවට උත්තරේ ඔබම දීල තියනවා :)

      Delete
    5. අර උඩින්ම ඉන්න ඇනෝ සැට් එක ලංකාවෙ දේශපාලනයෙ පරවේනි උරුමක් කාරයො වගේ? ඕක මෙහෙ ඉන්න හුඟාක් දෙනෙකුට තියෙන මානසික ආබාධයක් තමයි :). අර මාතලන්ගෙ කමෙන්ට් එකේ උත්තරේ තියනව.

      එක අතකට ඕක ගැන පුදුම වෙන්න දේකුත් නෑ, මේ සිංහල බ්ලොග් වලටත් අයිති කාරයො කස්ටියක් ඉන්න කොට. එයාලත් " හක්කෙ බුදුරුස්, බොක්කෙ දඩමස් " තමා. මේ කුහක දේශපාලනය ඔබ, අප අතරෙත් ක්‍රියාත්මක වෙනවා. බ්ලොග් වස්සවන 'බජාර් එකේ අයියලා", කැලෑපත්තර , මඩ ව්‍යාපාර ඒ වාට කදිම උදාහරණ

      Delete
    6. මේක තිබුනෙ, අරුණි ශපීරෝ ගෙ ලිපියක කමෙන්ට් එකක් හැටියට, මේ ලියන මාත් බටහිර රටක පුරවැසියෙක්. අදාලයි කියල හිතුන නිසා කොපි කලා :)

      //මෙය හුදු පෞද්ගලික විවේචනයක් ලෙස නොසලකන්න මිනිස් ස්වභාවය පිරික්සීමක් ලෙස සලකන්න .සමහර අය ඔහු ජීවත්

      වෙන සමාජයේ පිටස්තරයෙක් වුනාම එහෙම නැත්නම් වැඩි සමාජ පිලිගැනීමක් නැති වුනාම ඔහු ඒකෙන් මිදෙන්න භාවිතා

      කරන උපක්‍රමයක් තමයි අදාල සමාජ කොට්ඨාශයේ සතුරන්ට නිර්ධය ලෙස පහර දෙන ඒක, එහෙම නැත්නම් එම සමාජ

      කොටසේ අන්තවාදි අදහස් උපුටා දක්වමින් තමනුත් එය අනුගමනය කරන බව ඒත්තු ගැන්වීම.

      අපි නිකම් උදාහරණයක්ට ගමු ප්‍රභාකරන්ව.ඔහු ජිවත් වුනේ උතුරේ වෙල්ලාල කුලයේ දැඩි අණසක පැතුරුනු ප්‍රදේශයක ,

      ඔවුන්ට අනුව ප්‍රභාකරන් අඩු කුලයේ කෙනෙක්, පිටස්තරයෙක් ඔවුන් සමග සමතැන් ගන්නට ඔහු යොදන උපක්‍රමය තමයි

      සින්හලයන් කෙරේ දැඩි වෛරයක් මුදා හරින එක .තව ඕනෙ නම් ගමු හිට්ලර්ව ඔහු ඉපදුනේ ජර්මනියෙනුත් පිටත ඔස්ට්‍රියාවේ ,

      ඔහුගෙ ජීවිතේ මුල් කාලේ දුශ්කරව පැවතීමේ හීනමානය යුදෙව්වන් වෙත වෛරයක් බවට පරිවර්තනය වෙනවා පස්සේ

      යුදෙව්වන්ගෙන් පිරිසිදු ආර්ය ජාතිය බේරා ගැනීමේ ගැලවුම්කරු බවට පත් වෙනවා

      දැන් වටේ යන්නේ නැතිව මාතෘකාවට බහිමු.ඔබ ඇමරිකාවට පිටස්තරයෙක් ,ඇමරිකාවේ නොඉපදුනු,(මේ හින්දා ඔබතුමීට

      ජනාධිපතිවරනයකට ඉදිපත් වෙන්න බෑ!!) ඇමරිකාවේ මුල් කාලය ගත නොකල කෙනෙක්.මේ පිටස්තර බාවයෙන් මිදෙන්න

      ඔබතුමිය කරන්නේ උඩින් නම් කරපු අය කල දේමයි.හැබයි ගොඩාක් සැර බාල කරල

      මේ බ්ලොග් එක කියවාගෙන යද්දී ඕනෙම කෙනෙක්ට වැටහෙනවා ඔබ රිපබ්ලිකන් පාක්ශිකයෙකු බව . රිපබ්ලිකන් පක්ෂය සැලකෙන්නේ ඇමරිකාවේ පවතින සාම්ප්‍රදායික ක්‍රම පවත්වාගෙන යන්නට උර දෙන පක්ෂයක් හැටියට {ආයුධ පාලනයට විරුද්ධ ,ගබ්සාවට විරුද්ධ,සමලින්ගික විවාහ වලට විරුද්ධ වගේ සාම්ප්‍රදායික අදහස්}. මේ සියල්ලටම වාගේ ගැලෙපෙන අදහස් මේ බ්ලොග් එක පුරාම තියෙනව, කොටින්ම ඔබතුමිය ඔබාමගේ සෞඛ්ය ප්‍රතිසන්ස්කරණ වලටත් විරුද්ධයිනේ.රිපබ්ලිකන් අදහස් දැරීම වරදක් නැහැ නමුත් ඒකෙ අන්තයටම යෑම පිටස්තර බාවයෙන් මිදිමේ උපක්‍රමයක් ලෙස තමයි මට පේන්නේ (මට පේන හැම දේම නිවැරදි නෑ)

      ප.ලි.-මේ බ්ලොග් එකේ සාකච්ඡා වෙලා නැත්තේ සමලින්ගික විවාහ නීතිගත කිරීමේ මාතෘකාව විතරයි.ඒකෙත් අහන්න දෙයක් නෑ ඔබතුමිය විරුද්ධයි//

      Delete
    7. /පරස්පරයි. ඔබේ චෝදනාවට උත්තරේ ඔබම දීල තියනවා :)/

      පරස්පරයක් නෑ. ආන්තික නොවී දෙපැත්තේම අදහස් එක්තරා මට්ටමකට හරි කිව්වේ.

      Delete
    8. ඇනොලා ගේ නොඇනොලාගේ ප්‍රතිචාර අද දිග එලි කරපු හරකා වගේ. සීමිත දුරකයි තණකොළ කාල තියෙන්නේ. කඹේ දිග තියන කම් විතරයි. දැන් කතන්දර කාරයාගේ විසා කැටගරි එක හොයන කට්ටියට පුළුවන්නේ මේ වගේ ජනප්‍රිය වෙන බ්ලොගයක් අපේ රටේ ඉඳන් පටන් ගන්න. කතන්දර කාරයා නිසා අඩු ගානේ ඔයාලට ඇවිත් කුණු හරුප හෝ කියන්න අවස්තාව තියනවා. ගෙදර ඉඳන් කුණු හරුප කියුවට අහන්න ඉන්නේ පව්ලේ කට්ටිය විතරනේ. එහෙම නොවෙයි, දැන් බලන්න අපි ආර්ථිකය හසුරවන හැටි ඉගෙන ගන්න හදන්නේ, ලෝකෙත් කාපු, තමන්ගේ රටෙත් ආර්ථිකේ අනාගත්තු රිපබ්ලිකන් කාරයන්ගෙන්. අනික කොත්තුවක් කාල නැති ක්‍රිකට් තරඟයක් බලල නැති ලංකාවේ මිනිහෙක් ගෙන් කොහොමද බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය මිනිහාට තියන ප්‍රශ්න ගැන වැටහීමක්. අනික් පැත්තෙන් අපි පට්ටයි කියන බ්ලොග් වල කට්ටිය අඬනවා පිට රට ගිහින් ඉගෙන ගන්න කොට විඳපු දුක් කියන කොට. සල්ලි දීලත් නොවේ ශිශ්ශත්වයකට. ඒක දුකක් වෙන්න පුළුවන්. මොකද ඕනෙම දෙයක් ශාපෙක්ෂයිනේ. හැබැයි මේ රටේම තමයි මහා පාරවල් වල ලක්ෂ ගණන් බල්ලෝ වගේ මැරුවේ. සුදු වෑන් වලින් අදත් උස්සන්නේ, සාරුවා සුනිල්ලා දැරිවියන්ව හිටු කියලා කෙලෙසන්නේ. මේ දේවල් තමන්ගේ දරුවන්ට, දෙමාපියන්ට, නෑදෑයන්ට උන ලක්ෂ ගානක් අපේ රටේ ඉන්නවා. අපිට ඒවා පේන්නේ නැහැ. මොකද වෙලා තියෙන්නේ අපට නොවේනේ. ඉතින් අර කලින් කියුව රට ගිය දුක අහලා හැමෝම අඬනවා. පිට රට ගිහින් දෙවන පෙලේ නැතිනම් දහවෙනි පෙලේ හරි පුරවැසියන් වෙලා ඉන්න එක කතන්දර කාරයාගේ වැඩක්. අනික ඔහු විස්කි බොනවා නම් බොන්නේ තමන් හම්බ කර ගත් සල්ලි වලින්. මෙහෙ විස්කි ගහන්නේ මහා ජනතාවගේ සල්ලි වලින්. අපි දැන් ඔය පලවෙනි පෙලේ පුරවැසියන් වෙලා ගෙදර ඉන්න කොට, සාරුවා සුනිල් හරි ජුලම්පිටිය අමරේ හරි ඇවිත් අපේ නංගි, අම්ම හෝ දරුවෙක් ව හෝ දුෂණය කලොත්, ගන්න පුළුවන් පියවර මොකක්ද? මොකුත් නැහැ. වෙලාම ඕනේ බලන්න. ඔබව වැරදි වැටහීමකින් සුදු වෑන් එකට දාගෙන ගිහින් මැරුවොත්, මොකක්ද ගෙදර ඉන්න අනික් කට්ටියට ගන්න පුළුවන් පියවර. මොකුත් නැහැ. හොරාචාරියා, ඔබ වැඩ කරන තැනට ඇවිත් කනට ගැහුවොත් මොකද කරන්නේ? මොකුත්ම බැහැ. ගොටාභයාගේ රැස්වීමක අත්දෙක බැඳන් ඉන්න කොට, ඕක පහලට දාපිය, මොකද උඹට උණද කියල ඇහුවොත් මොකද කරන්නේ, මොකුත්ම කරන්න බැහැ. ඔන්න අපේ පළමු පෙලේ පුරවැසි කම.

      Delete
    9. පිටරට ඉඳන් හම්බකරලා කීයක් හරි ලංකාවට එවන උන්ගෙන් ලංකාවට සේවයක් වෙනවා රට ඇතුලෙ ඉඳන් පඬි ටෝක් දෙන උන්ට වඩා.

      Delete
    10. රටට කීයක් හරි එවන්නෙ ශ්‍රී ලාංකීය පුර වැසිකම ඇති අනේවාසික ගිනුම් තිබෙන අය පමනය්. ගෘහ සේවිකාව එය හොදට කරනවා. වෙනත් රටවල පදින්චියට ගිය අය මෙහෙ තියෙන ගේ දොර ඉඩකඩම් විකුනා ඒ සල්ලිත් හොරෙන් අරන් ගියා.

      ඒ එයාලගෙ ළමයින්ට හොදට උගන්න ගන්ඩ සල්ලි ඕන නිසා. මෙහෙ වගේ ලොකු ඉස්කෝලවලවත් විශ්වවිද්‍යාල වලවත් පිනට ඉගෙන ගන්ඩ අවස්තාවක් ඔවුන්ගෙ ලමයින්ට නැතිනිසා. ඔය පිටරට ගිහින් පදින්චිවෙච්ච් නෝනල මහත්තුරු කාවුරුකවුරුත් අපේ රටේ මහජනයගෙ සල්ලිවලින් ඉගෙනගත්ත අය. දැන් සුද්දට කැඹුරුවට

      Delete
    11. 4.45 ඇනෝ කියන කතාව හරි. ගෘහසේවිකාවන්ට විතරක් නොවේ ලංකාවේ නෑදෑයන් ඉන්නේ. ඔවුනුත් මුදල් එවනවා. ලංකාවට නිවාඩුවට හරි එනවා. ලිප්ටන් වට රව්මේ බෝඩ් උස්සගෙන ආණ්ඩුවේ රස්සා ඉල්ලන උපාදිධරයන්ට වඩා එහෙම හරි දෑතේ මහන්සියෙන් කියක් හරි හොයන එක හොඳ නැත්ද?නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා කියලා, පාරේ හිඟා කෑමෙන්, ඒ සමාජයටත්, රටටත් වැඩක් වෙන්නේ නැහැ. මෙහෙම බෝඩ් එල්ලගෙන හිඟාකන කට්ටිය, අර බදු ගෙවන ජනතාවට තවත් බරක් විතරයි. නිදහස් අධ්‍යාපනයේ විතරක් නොවේ, ඕනෙම අධ්‍යාපනයක අරමුණ කෙනෙක්ව දෙපයින් නැගිට වීම. ඒක ලංකාවේ කර ගන්න බැරිනම්, වෙන රටක හෝ යන එක තමයි කරන්න තියෙන්නේ. මේ කලින් ඇනෝ කියල තියන විදිහට පිට රට ළමයින්ට උගන්වන්න්න ලංකාවේ දේපල තිබුනා නම්, මේ කියෙන් කි දෙනෙක් රට පනිද? මේ කට්ටිය සිහින ලෝක වල සැරි සරන්නේ!

      Delete
    12. සිහින ලෝකෙන් බිමට වැටිල ඉන්නෙ සිහින කරපින්නන් පිටරට ගිය අය. සමහරුන්ගෙ දරුවො නොමග ගිහින් එහෙ ඉන්න සුද්දගෙ දරුවන්ටත් වඩා අන්තයි. සමහරු උසස් අධ්‍යාපණය ලබන්න වත් මනස වර්ධනය කරගෙන නැහැ. දෙමාපියන් ඉන්නෙ මානසිකව ඉතා පහත් තත්වයට වැටිල. දරුවන් පොඩි කාලෙ බලෙන්ම සින්හල ඉස්කෝල දහම් පාසැල් මුතුහර වගේ වැඩසටහන් වලට යවනව. ලොකු වෙනකොට ලමයින්ට මෙය මායාවක්. ඒඅය දෙමාපියන්ව අමතන්නේ" මගෙ ආසියාතික දෙමාපියන්" කියලා අප්‍රියාවෙන්

      Delete
    13. අනේ ඇනෝ, දරුවෙකුට පාරේ බැහැල යන්න බැරි සමාජයක ඉඳන් කට මැත දොඩවන නුඹලා හින්දා තමා සාරුවලා රජ වෙලා ඉන්නේ.

      Delete
    14. පිට රටවල් වල ගිහින් ඉන්න ලාංකිකයන්ගේ මනස පහත් තත්වයකට වැටිලා ඇති, හැබැයි ඒ කවුරුවත් තමන්ගේ දරුවන්ව හෝ අනික් අයගේ දරුවන්ව දුෂණය කරන කතා අප අහලා නැහැ. හැබැයි මානසික තත්වය උසස් අය ඉන්න ලංකාවේ මේවා සුලබ දේවල්. 8.13am ඇනොත් බෝඩ් ලෑලි එල්ලගෙන වට රවුමේ ඉන්න කෙනෙක් පාටයි!

      Delete
    15. August 9, 2012 6:15 PM ano>>>> lankawe inna kattiyata wadaa le kakiyanne rata inna oyaalagene. rata hadanda awoth narakada apahu? mehe ayata bari nisaa thamaa mechchara rata pirihune. enna ane lankaawa godaganna.

      ridena thanak ahuwelaa wage anoge.

      Delete
    16. ov ane ridena than thamayi. api aavath, oyaalane bahutharaya. prajaathanthravaadayedi dinanne bahutharaya nisaa avith vadak nahe Ano!

      Delete
  3. ඕක කියෙව්වාමයි හිතුණේ. දැන් ඔය කියලා තියෙන විදියට අර සමනල විප්ලවය ලියන්නෙත් ජගත් එදිරිසිංහද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ! දැන් කෂ්ටිය වර්ග පූර්ණිකාව අතෑරල සමනල විප්ලවය ගැන නේ කතාව.

      Delete
  4. දේශපාලකයින් විතරක් නෙවෙයි, ඔය නවකතාව ලියන එදිරිසිංහත්, ප්‍රකාශ කරන (මේ කාලකණ්ණි ක්‍රමය ලජ්ජ නැතුව ප්‍රමෝට් කළ) දයාවංශ ජයකොඩිත්, කියවන අපිත් මේ බ්ලොග් එක ලියන කතන්දරකාරයත් යන සියළු දෙනාම මේ ජරා සිස්ටම් එක ගොඩ නැඟුණු එක ගැන වග කියන්න ඕනැ. මර්වින් සිල්වා, පබා වගේ පිරිස් පාර්ලිමේන්තුවට යවපු කිසිම ඡන්දදායකයකුට බෑ ක්‍රමයට බනින්න. ඒ හැම දෙනාම ඒ ක්‍රමය ගොඩ නැඟීමට සම්මාදම් වුණු පිරිස්.

    මා අහල තියෙන විදියට පනස් ගණන් වල හැට ගණන් වල මිනිස්සු ඡන්දෙ දුන්නේ තමන්ගෙ හෘදය සාක්ෂියට එකඟව හොඳ මිනිහෙකුට. තමන්ට පෞද්ගලිකව වැඩක් කර ගන්න පුළුවන් කෙනෙකුට නෙවෙයි. අද ඒක වෙනස් වෙලා. හැමෝම ඡන්දෙ දෙන්නෙ පෞද්ගලික උවමනා එපාකම් ඉටුකර ගන්න. ඒ පුරුද්ද්ඩ් වෙනස් වෙනකල් මේවා මෙහෙම තියේවි.

    ReplyDelete
    Replies
    1. මම ඒ එකෙක්ටවත් ඡන්දේ දුන්නේ නෑ.පළවෙනි පාර මහින්දට ඡන්දේ දීලා( ඒ දුන්නේ හේතු ඇතුව.ඒක ඒ ආකාරයටම ඉෂ්ට උනා නේ.) දෙවෙනි පාර නොදී හිටියා විතරක් නෙමෙයි අනිත් අයටත් දෙන්න එපා කියලා කිව්ව මට (ඒත් හේතු ඇතිව. ඒකේ විපාක අපි අද විඳිනවනේ) මේ ක්‍රමේට බණින්න අයිතියක් තියෙනවා

      Delete
    2. අනිත් අයටත් දෙන්න එපා කියලා කිව්ව මට (......) මේ ක්‍රමේට බණින්න අයිතියක් තියෙනවා

      If the above is true, you are the most foolish and most responsible person for the current system. You had a unique choice (your vote if you don't get it) and you didn't use it. You gave up your valuable choice and then you can't blame anyone but yourself for the current system. How on earth you expect to change a system without participating it? Irrespective of your vote those people will get elected and you were stupid enough throw your right away. More than that you have advised others to abstain from voting and interfered with their franchise. You should have been arrested for doing so. Shame on you! You are like an ostrich hiding his head under the sand and saying I didn't see anything and I'm clean.

      However, if someone casted a vote for Mahinda (or someone else because Mahind is just an examples) and he is acting 180 degrees opposite o what he proposed in his manifesto then that person can blame Mahind, because that person has been deceived by Mahinda.

      Delete
  5. Me post eka liwwa ubata jaya..ane ban..ubala api lankawe hitiyath aussi europe hitiyath api me system eka wenas karannada? Be.. Sinhalayage ekama kehetu purudda anith miniha garahana eka.. Oya rata ratawal wala inna ewunta benna buwaata puduma jaathika aalayak ammapa..?? Sure ekata ube visa application ekak reject wela ethi..hikz :P

    ReplyDelete
    Replies
    1. ඇනෝගේ උත්ප්‍රාසය අගෙයි.
      එහෙත් දන්න තරමින් කතන්දරගෙ වීසා ස්ථිර පදිංචි වීසා.
      ඉතින් ඒ නිසා ලියුව වෙන්න බෑ.

      Delete
  6. 'අදිසි' කියවන්න හිතෙනව

    ReplyDelete
  7. මාරයිනෙ. කතන්දර ජෝතිපාල ගැන ලිව්ව නම් මේ වෙනකොට කමෙන්ට් වැහි වැහැලා. අද ඇනෝලා විතරමයි. ඇයි මේ වෙනස? අපේ බ්ලොග් අවකාශයේ සහෝදරයන්ට සහෝදරියන්ට මේක ඕවර්හෙඩ් ට්‍රාන්ස්මිෂන්ද?

    ReplyDelete
    Replies
    1. //ඕවර්හෙඩ් ට්‍රාන්ස්මිෂන්ද?//

      ලැයික් :)

      නමින් කමෙන්ට් කරන්නෙ කොහොමද සහෝ, මුං අපිව මරාගෙන කාවි :). දැං බලන්න මෙතනම කීදෙනෙක් ලිපියේ අදහස පැත්තක තියලා, ලියන එවුන්ගෙ පැටිකිරිය හොයන්න හදන හැටි?

      Delete
    2. අනිත් අය ගැන නං කියන්න දන්නෙ නෑ, මහත්තයෝ.. ඒත් මමනං වැඩිය කැමැතියි ලාංකීය ‍දේශපාලනය ගැන කතාකරනවට වඩා ජෝතිපාල ගැන කතාකරන්න.. ජෝතිපාල කියන්නෙ අඩුගානෙ අප්පිරියාවක් නැතිව කතාකරන්න පුළුවන් මාතෘකාවක්.. අනික ලාංකීය දේශපාලනය ගැන කතාකරන්න අපි කවුද.?? ඒවට වෙනම අයිතිකාරයො ඉන්නවනේ.. :D

      Delete
  8. පොත හොයාගෙන කියවන්නම ඕනි.
    බොහොම ස්තුතියි කකා.

    ReplyDelete
  9. කතාගේ අදහස් මෙන්ම ඇනෝලාගේ අදහස් තුලද ඇත්තේ සත්‍යයයි. කතා ඔස්ට්‍රේලීයාවේ සිසින්නේත් අරුණි මා දන්නා තරමින් ඇමරිකාවේත් සිටින්නේ ඇයි. අප උත්තර සෙවිය යුත්තේ එයටයි. එනම් පවතින ක්‍රමය මෙන්ම මේ රටද ඔවුනට නොගැලපෙන ලෙසයි. මෙහි පවතින්නේ කාළකන්නි ක්‍රමයකි. පෙර කී අය මෙරට හැර ගොස් ඇත්තේ මේ කාළකන්නි ක්‍රමයට ඔවුනට අනුගත වීමට නොහැකි බැවිනි. එහෙත් නොරට සිර උපන් රට ගැන ලියන්නේ උපන් රටට ආදරය නිසායි. නොරටදි ඔවුන් ජීවත්වන්නේ පහලම් පෙලේ පුරවැසියන් ලෙසටය. එහෙත් මෙරට සාධාරන මිනිසෙකු ලෙස අභිමානයෙ ජීවත් වනවාට වඩා, පෙර සඳහන් කළ ජීවිතය ඔවුන් තෝරා ගන්නේ ඇයි?. සමහරුන් කියන පරිදි මේ ක්‍රමය වෙනස් කළ නොහැක්කේ ඇයි? මේවා සඳහා උත්තර ඇතත් මෙවැනි කෙටි කොමෙන්ටුවකින් ඒ සියල්ල ඉදිරිපත් කළ නොහැක.

    ReplyDelete
    Replies
    1. @මාතලන්,

      /මෙහි පවතින්නේ කාළකන්නි ක්‍රමයකි. පෙර කී අය මෙරට හැර ගොස් ඇත්තේ මේ කාළකන්නි ක්‍රමයට ඔවුනට අනුගත වීමට නොහැකි බැවිනි./

      විවිධ හේතු නිසා මිනිස්සු වෙනත් රටවල පදිංචියට යති. සියල්ලන්ම රට හැර යන්නේ මේ හේතුව නිසාය කීම ඔවුන්ට සේම රට හැර නොගිය අනෙකුන්ටද කරන අපහාසයකි. (මන්ද රට හැර යන්නන් යන්නේ ආත්මාර්ථකාමිත්වය නිසා සහ එසේ නොයන්නන් නොයන්නේ බැරිකම නිසා යැයි මෙයින් ගම්‍ය වන නිසා)

      /නොරටදි ඔවුන් ජීවත්වන්නේ පහලම් පෙලේ පුරවැසියන් ලෙසටය./

      නැත. මෙයද ඔවුන්ට කරන අපහාසයකි.

      සංක්‍රමණය වර්තමාන ලෝකයට සාමාන්‍ය දෙයකි. එය හැම අතටම සිදුවේ. එසේම අප ඒ ගැන කලබල විය යුතුද නැත.

      ලංකාව ගැන කියනවා නම්, රට හැර යන්නන් ගැන කණගාටු වනවාට වඩා මෙරට යටිතළ පහසුකම්, ජීවන තත්ත්වය යනාදිය ඉහළ නංවා පුළුවන් නම් වෙන රටවලින් හැකියාවැති මිනිසුන්ට මෙහි විත් පදිංචි වී රට නංවන්නට අවකාශ සැලසීම මගේ දර්ශනයයි.

      Delete
    2. මාතලන්
      උඹට පිස්සු! අපේ රටේ එවුන් පිටරට යන්නෙ හොඳ වැඩකාරයො නිසා. එහෙම නැතුව මේ පින්බිම දාල යන්නෙ කවුද. කතන්දර උනත් එහෙමයි. ඕස්ට්‍රේලියාවෙ හිටියත් ලංකාවෙ කතා ලියන්නෙ ඒකනේ. මෙහෙන් යන තරමට මෙහේට පිටරටින් එන්නෙ නැත්තෙ මෙහේ වගේ ටැලන්ටඩ් බුවාල පිටරට නැතිනිසා :)

      Delete
    3. මෙන්න මේකත් කියවන්න වටින ලිපියක්:

      විකල්ප නැත

      Delete
    4. මම රටවල් බර ගානකට ගිහින් තියනවා. ජීවිතෙන් බාගයක්ම පිටරටවල්වල ජීවත් වෙලා තියනවා. හොඳ රැකියා කරලා තියනවා. මැරෙන්න කලින් හැම මහාද්වීපෙකම ජීවත් වෙන්නයි බලාපොරොත්තුව. ඔය දේශපාලනේද මොකක්ද කෙහෙම්මල බදාගෙන ඉඳලා වැඩක් නෑ.රටට ලොකෙට වැඩක් කරලා, ලෝකේ දැක බලාලා ජීවිතෙන් නික්ම යාමටයි සැලසුම. ගෙනාවේ පව් පින් විතරයි. ගෙනියන්නෙත් පව් පින් විතරයි.
      -Gamaya-

      Delete
  10. ෆොස්ට් කොපියක් හොයන්ඩ ඕනා...

    ReplyDelete
  11. පොත අරගෙන කියවල බලන්න ඕන. කොහොමටත් දයාවංශලගෙ නවකතා පොත් ටිකක් හොඳ මට්ටමේ තියෙනව. අපේ රටේ දේශපාලනේ ගැන නම් කතාකරල වැඩක් නෑ. ඇඟේ තියෙන ලේ ටිකත් පිච්චෙන වැඩක්.

    ReplyDelete
  12. අද මැවිසුරු වෘත්තිය ගනිකා සේවයේ යොදවනවා. සමහර මැවිසුරුවන් කියාගන්නා දේශපාලන ගැත්තන් විසින් . IESL එකත් හොර PhD කාරයන්ට තැන දෙනවා.

    ReplyDelete
    Replies
    1. IESL එක හොර PhD කාරයින්ට තැන දීලද නැද්ද මම දන්නෙ නෑ, නමුත් හුදෙක් දේශපාලුවෙක් වුණු පළියට චම්පික රණවක නම් මැට්ටාට fellowship එකක් දීම වැරදියි.

      Delete
  13. "අදිසි" නවකතාව තුලින් ජගත් ජේ එදිරිසිංහ නොදැනුවත්වම වාගේ අපට උලුප්පා පෙන්වන තවත් පාඩමක් ඇත. එනම්, පීඩිත පන්තිවල සියළු සටන් ඉතිහාසය පුරා නිසැකවම පරාජය වී ඇත්තේ නිරායාසයෙන්ම සිදුවන පාලක පන්තිය හා සභාගයට යැමේ පාවාදීම නිසා බවයි.

    ඒක නං හරියට හරි!

    ReplyDelete
    Replies
    1. පිඩිත පන්තිය, පීඩිත පන්තිය වන්නේ බලය අල්ලා ගැනීමට සටන් කරනතාක් කල් පමණයි. බලය ලැබුණු විට ඔවුන් පීඩක පන්තිය බවට පත් වෙනවා. සමාජවාදී කඳවුර කඩාගෙන වැ‍ටුනේ ඒ නිසයි. සමාජවාදය මනෝරාජිකයි, කියලා අයෙක් කිව්වෙ ඒ නිසා වෙන්න ඇති.

      ඒත් සමාජවාදය මිත්‍යාවක් නෙමෙයි. එයින් නියම වැඩ ගත්තෙ , බටහිර ප්‍රජාතන්ත්‍රවාදයයි - නැත්නම් ඔබ කියන විදිහට ධනවාදී රටවල්. ධනවාදය දරුණු අර්බුද වලට මුහුණපෑවම, ඔවුන් ඒකෙන් ගැලවෙන්න, සමාජවාදී සංකල්ප එකතු කර ගත්තා. වෘත්තීය සමිති, සමාජ සුභ සාධන දීමනා, අවම වැ‍ටුප ආදිය.

      තව උදාහරණයක්, මේ ධනවාදී රටවල ආනන්ද, නාලන්ද , රෝයල් කොලීජි නෑ. හැම ඉස්කෝලෙම එක සමානයි.

      පේනව නේද, උන්ගේ ධනවාදය සහ අපේ සමාජවාදය ?

      Delete
  14. කාලෙකින් මං කැමති කතන්දර එළියට ඇවිත්.

    ReplyDelete
  15. ඔය පොතත් ගන්න වෙන්නෙ ලබන මාසෙ තමා. අවුරුද්දකට එකපාරකට වඩා පොත් ගන්න වත්කමක් අපට නෑ.

    මේ පොතේ අන්තරගතය ගැන මීට කලින් විචාර කිහිපයක්ම කියවලා තියෙනවා. හොද නවකතාවක් විය හැකියි.ඒත් මේකෙ පිටකවරය ගැනනම් මගේ වැඩි කැමැත්තක් නෑ. ඔය වගේ චිත්‍ර සහිත පිටකවර 70 දශකයට ගැලපුනත් අදට ගැලපෙන්නෙ නෑ. පිටකවරය පොතේ අන්තර්ගතයේ අගය වැඩිකරන විදියට තියෙන්න ඔන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත පොතක් මාකට් වෙන්න පිටකවරය වැදගත්.මේ පොතේ පිටකවරය ගැලපෙන් නෑ.

      Delete
    2. එකගයි.පිට කවරය නම් කිසිම ගතියක් නොමැත .

      Delete
    3. මෙන්න මේ කතාව අහලාම නැද්ද?

      "Don't judge a book by its cover.
      පොතේ පිටකවර බලා පොත ගැන තීන්දු ගන්න එපා!"

      ?

      Delete
    4. එකගයි ,,නමුත් සුමිත්ගේ කාතාවේ මෙන්න මේ ටික කියවා බැලුවේ නැද්ද ?// පිටකවරය පොතේ අන්තර්ගතයේ අගය වැඩිකරන විදියට තියෙන්න ඔන.//

      Delete
  16. මේ ක්‍රමය වෙනස් කරන්ඩනං අර කවුද කිව්වා වගේ මේ ජනතාව විසුරවලා වෙනත් ජනතාවක් පත්කරගන්ඩ වෙනවා.ප්‍රජාතන්ත්‍රවාදයේ දූෂණ දැක දැක රජෙක් හොයාගෙන යන අපේ මිනිස්සුන්ට මඩුවල්ගෙන් ගහන්ඩද?

    පොතනං හොයාගෙන කියවලා බලන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ජහමනයා කියන්නේ නිකමටයෑ?

      Delete
  17. ගුණදාස අමරසේකර මහතාගේ කෙටි කතා (උදා ගල්පිළිමය හා බොල් පිළිමය) මේ විදියට පවතින දේශපාලන රටාව විවේචනය කරනව.

    ReplyDelete
    Replies
    1. මට නං අමරසේකර තරම් වෙනත් බොල් පිළිමයක් නැති තරම්ය.

      Delete
  18. කමෙන්ට් ගොඩයි, සමහරුන්ට රිදිලද මන්ද? ගොඩක් අය ඇනෝ කමෙන්ට් දාල තියෙන්නෙ ජීවිතාශාව නිසාම තමයි. ඒත් අර එක ඇනෝ කෙනෙකුට දර්ශනේකුත් තියනවලු.
    කොහොම වුනත් කතන්දරකාරයාගේ ලිපියේ වගේම සමහර කමෙන්ට් වලත් තියෙන්නෙ ඇත්ත. විකල්පය තෝරාගැනීම ප්රකශ්නයක්. හැබැයි ලියපු එකාගෙ පැටිකිරිය හොයල ලිපිය විවේචනය කරන්නෙනම් අනිවාර්යයෙන්ම පවතින ක්රනමයෙන් වාසි ගන්න අය තමයි.
    දේශපාලනය ගැන ජනතාවගේ මතය පිරිහී ඇති බවට හොඳම සාක්ෂියක් මට හම්බවුනා.
    ඔහු සංස්ථා සභාපතිවරයෙක්. ඒ වගේම උගතෙක්. විශ්ව විද්යා.ල කථිකාචාර්යවරයෙක් (පී එච් ඩී එකක්නම් නැද්ද කොහෙද, ඒත් අඩු ගානෙ ඩිග්රිෙයක් ඇතිනෙ). මිනිස්සු එක එක පක්ෂ වලට බෙදෙන්න හේතුව හැටියට එයා පෙන්නුම් කළේ හිතවත්කම් සහ නෑදෑකම්. ඉතින් සාමාන්යන උගත්කමක් ඇති අය ගැන කවර කතා ද?

    ReplyDelete
    Replies
    1. /* ඔහු සංස්ථා සභාපතිවරයෙක්. ඒ වගේම උගතෙක්. */

      මං දන්නේ එකම උගත් සංස්ථා සභාපතිනියක් විතරයි. එයා සභාපති පවුල් සංස්ථවේ!

      Delete
  19. මේ පොතක් පිළිබඳව කෙරුණු සාහිත්‍ය විචාරයකි. පොත දේශපාලන නවකතාවක් නිසා විචාරයේ දේශපාලනය අඩංගු වීම මග හැරිය නොහැක.

    මේ පොත හොයා ගෙන කියවන්න. තමන්ගේ ප්‍රාදේශීය සභා පුස්තකාලයට මිලට ගන්න යැයි යෝජනා කරන්න. සාහිත්‍ය මාසයේ දී අඩු මිලට ගැනීමට හැකිවෙනු ඇත. ඊට කලින් වුවද දයාවංශ කඩෙන් සාමාන්‍යයෙන් වට්ටම් ලැබේ.

    ReplyDelete
    Replies
    1. ඒ පිලිතුර පොත බලන්නට ඕනෑය කියූ සැමටම ලියූ පොදු පිළිතුරකි.

      Delete
  20. අපි ඕක කොහෙන් හරි හොයාගෙන කියෙව්වා කියමුකෝ ඊට‍ පස්සේ මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඊට පස්සේ ඕකෙ නම් ටිකයි සිදුවීම් ටිකයි චුට්ටක් එහා මෙහා කරල ඔයත් ගහන්න පොතක්.

      Delete
    2. දවසේ කතාව ඇනෝගෙ කතාව.

      Delete
    3. මම පොතක් ගහන්නේ නැතුව ඒක බ්ලොග් එකට ලියනවා :)

      Delete
  21. පොත පිටවුන දවස්වලම කියවන්න ලැබුනා. ඇත්තටම ඒක මෑත කාලයෙදි කියවපු හොඳම පොතක්. ලංකාවෙ වර්තමාන 'අනුපාත' හෙවත් 'ඩක්වත් ලුවිස්' (කාටවත් නොතේරෙන - ඒ ක්‍රමය හදාපු එකාට පවා) මැතිවරණ ක්‍රමය හරහා නිර්මාණය වෙලා තියෙන ජරාජීර්ණ දේශපාලන සංස්කෘතියේ වෛවර්ණ රෙදිපිලි ගලවලා අමු නිරුවතින් මිනිස්සුන්ට පේන්න මහ පාරෙ ඇවිද්දවන පොතක් හැටියට මම ඒක දකින්නේ.

    ඒ පොතේ චරිත නිර්මාණය කරලා තියෙන විදිය ඉතාම විශිෂ්ඨයි. සෙදෝරිස් වගේ ඉතාම කුඩා චරිතයක් පවා ඉතා සැලකිල්ලෙන් ගොඩනංවලා තියෙනවා.

    ඕස්ට්‍රේලියාවෙ ජීවත් උනත්, ජගත් මේ පොත නිර්මාණය කිරීමෙදි පදනම් කරගෙන තියෙන්නෙ තමන්ගෙ ශ්‍රී ලාංකික අත්දැකීම් බව පැහැදිලියි. අපි ඔහුගේ ඒ උත්සාහයයි කුසලතාවයයි අගය කරමු.

    ReplyDelete
    Replies
    1. සිතිවිලිවලට නිසි වටිනාකමක් ලැබෙන්නේ ඒවා ලියා තැබූ විටය...!!!

      Delete
  22. Replies
    1. ජයරත්න7 August 2012 at 00:21

      සැබෑ හෙළයෙකුගේ ප්‍රතිචාරයක්. අභිමානවත් රාවණ පරපුරෙන් පැවත එන හෙළයො සුලු කරුණකට වචන නාස්ති කළේ නෑ. අනිත් අයට තේරෙන සංඥා බසින් දැක්වූවා මිසක. බලන්න මී ලිපිය කියවීමෙන් චිත්ත අභ්‍යන්තරයේ ඇතිවූ අව්‍යාජ සිතුවිල්ල ඔහු මුදාහැරි අන්දම. ලිපිය කියවීමෙන් තරු පෙනෙන බව ඒකාක්ෂරයකින් දක්වා ඇති අන්දම.
      ප්‍රීති! ප්‍රීති!

      Delete
    2. උඹට පිස්සුද බන් ... උට‍ තේරුනේ නෑ කියල දාල තියෙන්නේ

      Delete
    3. නෑ නැ... ඌ පුක වහගෙන ලු ඉන්නේ *, පුක ඇරගෙන ඉන්නවා නම් o

      Delete
    4. Why you should remain silent as long as possible....

      Several centuries ago, the Pope decreed that all the Jews had to convert or leave Italy. There was a huge outcry from the Jewish community, so the Pope offered a deal. He would have a religious debate with the leader of the Jewish community. If the Jews won, they could stay in Italy, if the Pope won, they would have to convert or leave.
      The Jewish people met and picked an aged but wise Rabbi Moishe to represent them in the debate. However, as Moishe spoke no Italian and the Pope spoke no Yiddish, they all agreed that it would be a silent debate.

      On the chosen day, the Pope and Rabbi Moishe sat opposite each other for a full minute before the Pope raised his hand and showed three fingers.

      Rabbi Moishe looked back and raised one finger.

      Next, the Pope waved his finger around his head. Rabbi Moishe pointed to the ground where he sat.

      The Pope then brought out a communion wafer and a chalice of wine. Rabbi Moishe pulled out an apple.

      With that, the Pope stood up and declared that he was beaten, that Rabbi Moishe was too clever, and that the Jews could stay.

      Later, the Cardinals met with the Pope, asking what had happened. The Pope said, “First, I held up three fingers to represent the Trinity. He responded by holding up one finger to remind me that there is still only one God common to both our beliefs. Then, I waved my finger to show him that God was all around us. He responded by pointing to the ground to show that God was also right here with us. I pulled out the wine & wafer to show that God absolves us of all our sins. He pulled out an apple to remind me of original sin. He had me beaten & I couldn’t continue.”

      Meanwhile the Jewish community gathered around Rabbi Moishe. “How did you win the debate?” they asked.

      “I haven’t a clue,” said Moishe. “First he said to me that we had three days to get out of Italy, so I gave him the finger. Then he tells me that the whole country would be cleared of Jews and I said to him, we’re staying right here.”

      “And then what?” asked a woman.

      “Who knows?” said Moishe, “He took out his lunch, so I took out mine.”

      Delete
  23. දේශපාලනය කියන්නෙ මිනී මරාගන්න සබ්ජෙක්ට් එකක්. අද ඒක ගැන කතා කිරීමත් මාරාන්තිත දෙයක් තත්ත්වයට පත්වෙලා.මම කතාකරන්න අකමැතිම සබ්ජෙක්ට් එකක්, ඒත් අවාසනාවට දේශපාලනය අපේ ජීවිතයේ හැම අස්සක්-මුල්ලකම ඔඩු දුවපු දෙයක්. කැමැත්ත- අකමැත්ත කෙසේ වෙතත් එයින් ගැලවුමක් නෑ. අපි මෙහෙම හරි ඒ ගැන කතා කරන්න එන්නෙ ඒ නිසයි. ඒ ආවම, අරයට අයිතියක් නෑ, මෙයාට අයිතියක් නෑ, කියන්න එපා, මෙව්ව කියල ලංකාව හෑල්ලු කරන්න එපා කියන්නත් එපා. මොකද එහෙම අදහසක් නැති හින්ද තමා සිංහලෙන් ලියන්නෙ. ඕනෙම නං ඉංග්‍රීසියෙන් බ්ලොග් ලියන එවුන්ටයි, ඉංග්‍රිසි පත්තර කාරයොන්ටයි බැනපල්ලා, මොකද උන් ලියන එව්වා ලෝකෙටම තේරෙන හින්දා.

    පරිසරයට හැඩගැහෙන්න බැරිවී වඳ වෙච්ච ඩයිනෝසරයො වගේ අද සමාජවාදී කඳුවුර වඳවී යෑමේ තර්ජනයකට මුහුණදී. තිබෙනවා. සමාජවාදය ක්‍රියාත්මක වෙච්ච ආකාරය ගැන නොයෙක් ප්‍රශ්ණ තිබ්බත්,මට නං මේක සතුටට කාරණයක් නෙමෙයි. අද අපේ ඉන්නා දක්ෂම සමාජවාදීන්ට පවා පණිවිඩය සාමාන්‍ය ජනයා අතරට ගෙනයන්න බැරි වෙලා තියනවා. පැහැදිලිවම ඔවුන් තමන්ගේ "සතුරා" අවතක්සේරු කරල.
    CyberSarpaya
    අද තියෙන්නේ කාල් මාක්ස්ගේ යුගයේ තිබ්බ ධනවාදය නෙමෙයි.

    මොකක්ද මේ කියන "ලුම්පන්" පන්තිය?

    ReplyDelete
    Replies
    1. මේ වචනය මා මුලින් ම දැනගත්තේ කුලසේන ෆොන්සේකා ගේ පාලම යට නවකතාව ගැන සුචරිත ගම්ලත් කළ විචාරයක් තුලිනි.

      http://en.wikipedia.org/wiki/Lumpenproletariat

      Delete
  24. රෝස මලේ නුඹ නාඩන්නේ

    මේක 1982දී වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටියක් ලෙස තිරගත වූ ‘මලට නොඑන බඹරු’ හි ගීතයක්. (මේ බ්ලොග් එකට නම ගත්තෙත් මේ චිත්‍රපටියෙන් තමයි :D)

    ගායනය- හේමාල් ජයවික්‍රම
    සංගීතය- සිසිල් ෆොන්සේකා
    පදවැල- රසික සූරියආරච්චි

    Is this true?

    ReplyDelete
    Replies
    1. එය සහමුලින්ම වැරදි කතාවකි. ඔය ගීතය ගැන මා කතන්දරයක් ලිව්වා කලකට ඉහත. මෙන්න එතනට පාර.

      http://kathandara.blogspot.com.au/2010/11/blog-post.html

      !!!

      Delete
    2. I saw this at Gay Blog. I thought if kaka wrote this song he may mentioned it on his blog. So I read it before and ask due to the mismatch of two posts.

      Delete
  25. .කතන්දරකාරයා හදුන්වා දෙන මේ පොත කියවා බැලිය යුතුයැයි බොහෝදෙනා ස්වයන් එකගතාවයකට ඇවිත් තිබෙනවා .ඒ ඇයි? ##මමත් පොත් කියවන අයෙක් කියා පෙන්වීමට
    ##පොත කියවීමේ සැබෑ උවමනාවෙන්
    ##පොත කියවා මෙරට දේශපාලන ක්‍රමය ගැන අවබෝධයක් ලබා ගැනීමේ උවමනාවෙන්
    ආදී වශයෙන් ඒ එකගතාවය බෙදා දැක්විය හැකි බව මගේ අදහසයි ..නමුත් කිව යුතුම කාරනාවක් වන්නේ අදිසි මේ කියනා තරම් විශිෂ්ට කෘතියක් හෝ මෙරට දේශපාලන ක්‍රමයේ පරිණාමය පෙන්වන කෘතියක් නොවෙන බවයි .(මෙය මාගේ පෞද්ගලික අදහස පමනයි )ලන්කාවේ දේශපාලන ක්‍රමයේ විකාශණය පිලිබදව ලියැවුනු එහෙත් අවධානයට පාත්‍ර නොවුනු කෘතීන් බොහොමයක් ඇති අතර එවා පිලිබදවද සන්වාදයක් ගොඩනගාලිය හැකිනම් එය ඉතාමත් වටිනවා .කොහොමවෙතත සාහිත්‍ය කෘතියක් පිළිබදව මෙවැනි කතිකාවතක් ගොඩනගා ගැනීම අගය කල යුතු වැඩක් ..කතන්තරකාරයා මොන දේශ දීපන්කරේක උන්නත් කාරියක් නැත .කමල් පෙරේරා ලියූ කදුයාය නිසලයි කෘතිය මෙරට දේශපාලන ගමන් මගේ තීරනාත්මක හැරවුම වූ 77 මැතිවරනය හා අනාගත දේශපාලන ක්‍රමය කෙබදු එකක් දැයි අපූරුවට කියාපාන කෘතියක්. එය පළවී දැන් වසර 10-12 කට වඩා වැඩියි ..එහෙමකට සාහිත්යික ගුනයක් නැතත් අමරසේකරගේ ගමනක මුල පොත්පෙල ත් යම් තරමකට අපේ රටේ සමාජ හා දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යන් ගැන ඉගි කරනවා .

    ReplyDelete
    Replies
    1. අපි නොදන්නා කාල වකවානුවක් ගැණ ලියවුණු අමරසේකරගේ මුල් පොත්වලත් පච හෑලි ඇතිය කියා මට හිතුනා, අපි දන්නා කියන කාලය ගැන මේ වහන්දෑ ලියා ඇති ප්‍රචාරකවාදී හෑලි දැක්කාම.

      Delete
    2. අදිසි යනු නවකතාවකි, ප්‍රචාරකවාදී වාර්තාවක් නොවේ.

      Delete
    3. අදිසි යනු නවකතාවක් බව මමත් පිලිගන්නා අතරම කිව යුතු තවත් කාරනාවක් වන්නේ අමරසේකරයන් පිලිබදව විවේචන ඇතත් ඔහුගේ ගමනක මුල නවකතා පෙල ප්‍රචාරකවාදී උත්සාහ්යන් නොවෙන බවද කිව යුතුවේ.

      Delete
    4. අපි දන්නා කියන කාලය ගැන මේ වහන්දෑ ලියා ඇති ප්‍රචාරකවාදී හෑලි දැක්කාම, අපි නොදන්නා කාල වකවානුවක් ගැණ ලියවුණු අමරසේකරගේ මුල් පොත්වලත් පච හෑලි ඇතිය කියා මට හිතුනා....!!!

      Delete
  26. රැපියල් ලක්ෂ 5 ක් සමග සම්මානයක් පුදන ස්වර්ණ පුස්ථක සම්මානයට පොතක් තෝරාගත්තට පස්සෙ හැමදාම විවිධ විරෝධතා ඇහෙනවා... සමහරැ පොත් ලියන්නෙ සම්මානයක් අපේක්ෂාවෙන්... තවත් සමහරු කියනවා විනිශ්චය මණ්ඩලය යම් පාර්ශවයකට වාසිසහගත තින්දුවක් දුන්නා කියලා... අවසන් පොත් නිර්දේශ වෙලා සම්මානය ලැබුනෙ නැති කර්තෘ වරුන් කියනවා දිනපු පොතේ අන්තර්ගතය කිසිම වැදගම්මක් නෑ කියලා... මේ වගේ තත්වයක් යටතේ මෙවැනි මාතෘකාවක් යටතේ ලියැවුනු පොතකට එවැනි ඉසව්වක් ජයගන්න ලැබෙයි කියලා ඔබ පුද්ගලිකව හිතනවද?

    ReplyDelete
    Replies
    1. ලැබිය යුතුයි කියලයි හිතෙන්නේ.

      Delete
  27. අදිසි තාම කියවන්ට බැරි උනා. මොකෝ මේ comments moderate කරලා???

    ReplyDelete
  28. '"අදිසි" නවකතාව තුලින් ජගත් ජේ එදිරිසිංහ නොදැනුවත්වම වාගේ අපට උලුප්පා පෙන්වන තවත් පාඩමක් ඇත. එනම්, පීඩිත පන්තිවල සියළු සටන් ඉතිහාසය පුරා නිසැකවම පරාජය වී ඇත්තේ නිරායාසයෙන්ම සිදුවන පාලක පන්තිය හා සභාගයට යැමේ පාවාදීම නිසා බවයි.'

    පීඩිත පන්තිය මත යැපෙන දේශපාලනඥයන් පාලක පංතියත් සමඟ සභාග ගත වීම නිරායාසයෙන් සිදු වෙන දෙයක් නම් නෙවෙයි. ඒක හොඳට හිතලා මතලා ඒකෙ දිග පළල හරියට දැන දැන, ඊට විරුද්ධ ව මතුවෙන විරුද්ධත්වය පාගා ගෙන ගන්න තීරණයක්. ඒ වැඩේ ලංකාවෙදි වුනෙත් එහෙමම තමයි.

    ReplyDelete
    Replies
    1. මා කියන්නේ පීඩීත පන්තිය නියෝජනය කරන වාමවාදී නායකයින් ගැනයි. උන්ටද ඔබ දේශපාලකයෝ යැයි කියන්නේ?

      Delete
  29. කකා මේක පත්තරේකට ලියපු ලිපියක්වත්ද ???

    ReplyDelete
    Replies
    1. මේ විචාරයට කතන්දරකාරයා ගේ අත්සන නොමැති බව නොදුටුවේද?

      Delete
  30. JAGATH SAHA KAKA DENNAMA INNE AUSTRALIA WEDA ? EKADA ME HATI WANANNE ? DENNA YAHALUWODA?

    ReplyDelete
    Replies
    1. ALA KA JINSDAE NNAUTAMA? NAGNE HN AHA WA EDMEA KA HAWATNE? DA SATIKYA EDALIU AHWORN?

      Delete
  31. mage prasneta kaka ta uththara nehe. kaka luhu tala yanawa.

    ReplyDelete
  32. පක්ෂ දේශපාලනේ හඳුන්වලා දුන් දවසේ ඉඳන්ම අපේ රටේ තිබුනේ 'පවුලේ අය අතර පමණයි දේශපාලනයක්'නෙ... තාත්තාගෙන් පුතාට..අම්මාගෙන් දුවට....
    පොතේ තියෙන්නේ අපි දැකලා, අහලා, විඳලා තියන දේවල් නම් කියවලා වැඩක් තියෙයිද කකා....

    ReplyDelete
  33. හොඳ පොතක් වගේ. ගෙන්න ගෙන බලන්න ඕන. මම නම් පිට කවරය
    ගැන හිතනව. බොහොමයක් අළුත් සිංහල නව කතා පොත් වල පිට කවරෙ ඉන්නෙ හින්දි නළු නිළියන්. අදිසි පිට කවරය , ප්‍රේමදාස මහතා ලිව්වැයි කියන නව කතා පොතක පිට කවරයක් වගේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.