Sunday 8 July 2012

කලිසම නොගලවා ජොකා ගලවන්න හැකිද? - You may have seen this clip previously!


අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? සැබෑ ලෝකයේ ජීවත්වෙන අපි සියළු දෙනාම ඉස්සෙල්ලා ජොකා ඇඳලා ඊට උඩින් තමයි කලිසම අඳින්නේ.

හැබැයි සුපර්මෑන් නම් අපි ඔහේලාට වඩා වෙනස්.

පොර ගේ රතු ජොකා අඳින්නේ කලිසමට උඩිනුයි. බැට් මෑන් හරි, ස්පයිඩර් මෑන් හරි, වෙන මොකා මෑන් හරි ඒ විදියට ජොකා ඇඳන් ඉන්නවා මං නං දැකලා නෑ.

ඇත්තටම සුපර් වුමන් අඳින්නේ කොහොමද? දැකපු කාලයක් මතක නෑ!

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ලියවෙන මේ කතන්දරෙන් කියවෙන්නේ සුපර්මෑන්ට හැර අන් සියළු මෑන්ස්ලාට කරන්න බැරි දෙයක් ගැනයි.

ඇඳලා ඉන්න කලිසම නොගලවා ජොකා ගලවන්න පුළුවන්ද?

එහෙමත් නැත්තං, ඇඳගෙන ඉන්න කලිසම නොගලවා, ඒ කලිසමට යටින් ජොකෙක් අඳින්න පුළුවන්ද?

ඔය දෙවෙනි ප්‍රශ්නේ මහා අප්‍රභංශයක් වගෙයි බැලු බැල්මට පේන්නේ. ඒක තව ටිකක් විස්තර කරනවා නම්, හිතන්න ජොකෙක් නැතුව කලිසම ඇඳන් ඉන්නවාය කියලා සිවිල් පිට. දැන් කලිසම ගලවන්න වෙනවාය කියලා හිතමු, මූදේ නාන්න යන්න වගේ කේස් එකකට සෙට් වෙන්න.

තුවායකුත් නැත්තං කොහොමද මේක කරන්නේ තමන්ගේ පරම්පරා කුට්ටම මහජන ප්‍රදර්ශනයට නොතියා?

මේ කර්තව්‍යය කරන්න පුලුවන් එක සමතෙක් ඉන්නවා අඩු ගානේ. ඒ තමයි මිස්ට බීන්.

මෙන්න දැකලා නැති අයට, අමතක අයට, අද ඉරිදා නිවාඩු පාඩුවේ බලන්න ඒ වීඩියෝ කෑල්ල.



-කතන්දරකාරයා

ප/ලි:
මේ ජොක්කු කතන්දරවල අවසානය නොවේ!

තව දෙක තුනක් ම ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.

(image: http://thedorkreview.blogspot.com.au/2011/01/spider-man-vs-superman-back-icons.html)

60 comments:

  1. Replies
    1. ඇයි තරිඳු සිංහල අකුරු අමතකද?
      ඔව්වොව් එක තමයි!

      Delete
  2. ජොක්කු කතා නැවතත් කරළියට :D

    ReplyDelete
  3. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ (කොටකලිසම අදින කාලේ) එකෙක් ජොකා ගලවලා පෙන්නූවා ,ආපහු ඇදලත් පෙන්නුවා.

    ReplyDelete
    Replies
    1. ලොකු බාච්චු සකලබුජං කොට කලිසමක් එක්ක මේ වැඩේ ලේසියි!

      Delete
  4. හේ හේ මෙක දැක තිබේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං ටයිටලයේම කිව්වේ!

      Delete
  5. ඔය මිස්ටර් බීන් දකින්න කලියෙන් අපි ඉස්කෝලෙ යන කාලෙ ඕක කලා. දැං නං කකුල් දිග නිසා බැරිවෙයි. ඒ විතරක් නෙවේ, ෂර්ට් එක ඇඳල ඉන්න වෙලාවෙදි ඊට පස්සෙ බැනියම ඇඳලත් පෙන්නුව අපේ එකෙක්. ඒ විතරකුත් නෙවේ. කැම්පස් එකේ මගේ රූම්එකේ හිටිය ලකී, බැනියමයි ඊට උඩින් ඇඳල ඉන්න ටීෂර්ට් එකයි එකට ගලවනව. දැන් මේ දෙකම තියෙන්නෙ කණපිට පැත්තට. ඊට පස්සෙ ඒ දෙක වෙන් කරන්නෙත් නැතිව හොඳපිට හරවන්නෙත් නැතුව ආයෙත් අඳිනව.ඒකට ඌ කියන්නෙ නිව්ටන්ගෙ තුන්වැනි(?) නියමය අනුව අඳිනව කියල. සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ.......... අන්න ඒක.

    ReplyDelete
    Replies
    1. ලංකාවේත් හොඳ හපන්නු ඉන්නවා වගේ!

      Delete
  6. ඔයාගේ ජන්ගිමෙනියාව දැන් බෙහෙත් ගන්න තරමට වැඩි වෙලා තියෙන්නේ. හැමදාම ලියන්නේ ජංගි කතා.තමන්ගේ මනෝවිකාර මෙහෙම අනුන්ට පටවන්න යන්න එපා. ඔයා ගෑනුන්ගේ ඇඳුම් (ජංගි, බ්‍රසියර්) හොරකම් කරගෙන ඇවිත් ඉඹ ඉඹ ඉන්න කෙනෙක්නම් වහාම මනොවයිද්ය වරයෙක් හමුවන්න. ඔබට තියෙන්නේ mental disorder එකක්.

    ReplyDelete
    Replies
    1. අවවාදයට ස්තුතියි.
      මං දැනටම බේත් ගන්නවා, අර රෝවන් ඇට්කින්සන් බේත් ගන්ණ දොස්තරගෙන්මයි!

      Delete
  7. මේක බැලුවේ මං හෙන සූටි කාලේ :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. මං හිතන්නේ කාකාට අදනං වැරදුනා... ඕක කරන්න පුළුවන් සුපර් මෑන්ටයි මිස්ටර් බීන්ටයි විතරක් නෙවෙයි... ඇයි යකෝ "මයිකල් ජැක්සන්"...:D

    ReplyDelete
    Replies
    1. මයිකල් ජැක්සන් කියන්නේ අර බස්වල යන කෙනාද?

      Delete
    2. ඔය ඔක්කෝටම වැඩිය ලේසියෙන් ඕක කරන්න පුළුවන් සිවුරු අඳින අයට. හැබැයි සිවුරයි ජොකායි එකට යන්නෙ නැති දෙකක් නෙ.

      Delete
    3. @ කකා,
      තේරුනේ නෑ. ඔය කියන්නෙ පනා පුත්‍ර කුහුඹු පැනියා ගැන ද? ඒ යකා බස්වල යන්නෑනේ.

      Delete
    4. DDT , මයිකල් ජැක්සන් කියන්නේ බස් වල යන ගමන් ජැක් එක ගහගෙන ඒ මදිවට තව මයික් එකත් දා ගෙන ඒ කියන්නේ කතාව දා ගෙන යන එවුන් ට..
      BTW , කොහෙද මයිකල් ජැක්සන් මේ දේ කරනවා තියෙන්නේ.. දාමු කෝ බලන්න ලින්කුවක්..

      Delete
    5. ඕ ... තෑන්ක්ස් තුසිත, මට එකපාරට ඒ වගේ දෙයක් මතක් වුනේ නෑ. හෙහ් .. ඒකත් නරක නෑ.

      Delete
  9. ආ ... ඕකෙ මෝඩය වෙන්නෙත් මිස්ටර් බීන්මනේ. අර ඉන්න මනුස්සයට පේනවට මිනිහ දන්න වැඩ කෑලි ඔක්කොම දැම්මට අන්තිමේදී බලනකොට ඒ අන්ධ මනුස්සයෙක්.

    ඔය සුපර්මෑන් ටයිප් එකේ පොරක් ගැන මම අහල තියෙනව. පොඩි මෙන්ටල් ලූස් එකක් තිබුණු කොල්ලෙක්. මිනිහත් යටට අඳින එක ලස්සනට උඩට ඇඳගෙන පාරෙ යනවළු.

    ReplyDelete
    Replies
    1. හෙලුව වැහෙනවා නං කාටවත් ඇති රුදාව මොකක්ද නේද?

      Delete
  10. සින්ඩියේදි මාතෘකාව දැක්ක ගමන් මට ඔය වීඩියෝ කෑල්ල මතක් වුණා..

    ReplyDelete
    Replies
    1. මට නං මාතෘකාව මතක් වුනේ වීඩියෝ කෑල්ල දැක්කහමයි!

      Delete
  11. ඔය මාතෘකාව දැක්ක ගමන්ම මට මිස්ටර් බීන් තමා මතක් උනෙත් එකෙන්ම

    ReplyDelete
    Replies
    1. බීන් කියන්නේ අපේ කාලයේ වීරයෙක්!

      Delete
  12. ලොල් ටයිටල් එක රීඩර් එකේ දැක්ක ගමන් ගමන් දුවන් ආවෙ බීන්ට පුලුවන් කියන්න. බැලින්නම් තියෙන්නෙත් බීන් ගැනම තමා. :D

    ReplyDelete
    Replies
    1. බීන් ෆෑන්ස් ලා වැහි වැහැලා!

      Delete
  13. මේ විඩියෝවත් මෙතනම අමුණලා තියමු... :) තත්පර දහයකටත් අඩු කාලෙකින් කමිසය, බැනියම, කලිසම සහ ජොකා ගලවන අයුරු... :)

    http://youtu.be/ecVHt8eDdBg

    ReplyDelete
    Replies
    1. මේක නං මාරයි! Thanks.

      Delete
    2. ලොවෙත් නෑ.

      Delete
    3. ෂෙහ් .... පොර වෘත්තීය මට්ටමේ නිරුවත් වන්නෙක් !

      Delete
  14. මම් බැලුවේ කකාට ජොකා අමතක වෙලාද කියලා !
    මේ තියෙන්නේ ඒකටත් එක්ක ජොකා කතා !!!

    ReplyDelete
    Replies
    1. කොහෙ අමතක වෙන්නද? උදේ හවා හමුවෙනවානේ? අමතක වුනොත් ඉතිං මල කෙලියයි!

      Delete
  15. කකා මේ දවස් වල බිසිද කොහෙද...රාවණාව වෙල්කම් කරන්න පෝස්ට් එකක් ලියනවද?

    ReplyDelete
    Replies
    1. අද ඉරිදා- සන්ඩේ සැපැෂල් එක නොවැ!

      Delete
  16. LIYANNA DEYAK NATHNAM OLUWE MOKAWATH NATH NAM JANGI KATHA LIYANAWATA WADA HONDAI NOLIYA INNA EKA.

    ReplyDelete
    Replies
    1. තැන්කියු අංකල්,
      හැබැයි එතකොට අංකල් ට ඉරිදාට බලන්ණ කතන්දරයක් නැතුව යනවා නේද?

      Delete
  17. මිස්ටර් බීන්ගේ ඒ වීරක්‍රියාව කොම අමතක කරන්නද? අර ලංකාවේ බීන් ඔකත් කරලා පෙන්නුවා නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ බීන් ගේ මේ සීන් එක මං දැකලා නෑ! දිනේෂ්ටවත් බැරිද ලංකාවේ ක්‍රමය වීඩියෝ කරලා දාන්න?

      Delete
  18. මම නම් කථන්දරගේ පෝස්ටු කියවලා ඊට පස්සෙ ඇනෝලගෙ කමෙන්ටු ටික කියවන්න කැමතියි...පට්ට ආතල් කමෙන්ටු උන් දාන්නෙ...මේ තරම් ඇනෝලගෙන් බැනුම් අහන තවත් බ්ලොගියක් නැතුව ඇති...

    ReplyDelete
    Replies
    1. ඒ බනින්නේ ආදරේට!
      අර පොඩි කාලේ අපේ දෙමව්පියෝ වගේ.

      Delete
  19. සිරා තමා සිරාම කතාව කියලා තියෙන්නේ...
    මේකෙ ඉන්නෙ පට්ට ඇනෝලා...
    තව ජොකා ස්ටෝරි බලාපොරොත්තු වෙමු කකා අයියේ..

    ReplyDelete
    Replies
    1. තව කතන්දර ඉදිරියට.

      මගේ කතාවලින් ඇනෝලාටත් ආතල් ලැබෙනවා නම් ඒක බෝනස් එකක්!

      Delete
  20. එක්කො මම මේ දැනට ගලවන විදියටම ගලවන්නං කියලා හිතාගත්තා.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. දන්නවද, සමහරු කලිසම ගලවන්නේ උඩින් සරම ඇඳලා ඊට පස්සේ?

      Delete
  21. බලපු වීඩියෝවක් ආයේ මතක්‌ කලාට තුති

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි. මාත් ඕක මුලින් ටීවී එකේ දැක්කේ, පස්සේ මේ ලඟදී දවසක ආයේ මතක්වෙලා යූ ටියුබයේ බැලුවා.

      Delete
  22. අවංකවම මම ඕක කරල තියෙනවා :)

    කොට කලිසමක් අස්සෙන් ජොකා ගලවද්දි. හැබැයි ටිකක් නැවෙන්න වෙනවා :ඩී
    ඒ වගෙම ජොකා ඇදෙනවා. දිගටම කලොත් අපරාදෙ !!

    ReplyDelete
    Replies
    1. පටි ජොකෙක් හරි වවුල් ජොකෙක් හරි ගත්තනං වැඩේ ලේසි වෙයි!

      Delete
  23. මමනම් ඉස්සර ඔය මිස්ටර් බීන්ගේ වීඩියෝ එක බලල ඔය වැඩේ සාර්ථකව අත්හදා බලල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මං ඕක ටීවී එකේ දකින කාලේ වෙනකොට ඒ මෝඩ කං ගිහින්!

      Delete
  24. රාජ් අයියා කිව්වා වගේ මාත් ඕක බීන්ගේ වීඩියෝ බලන්න කලින් කරා ස්විමින් කරන කාලේ.

    ReplyDelete
    Replies
    1. මිස්ට බීන් ස්විමිං පුල් එකට ගිය කතාව තියෙන එපිසෝඩ් එක දැකලා තියෙනවාද?

      Delete
  25. සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  26. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  27. මිස්ටර් බීන් කියන්නේත් සුපර්මෑන් කෙනෙක්ම තමා... :ඩී (උඩින් ඇන්ද නම් )

    ReplyDelete
  28. එහෙම ගම්ලවන්න පුළුවන් ජාතියක් ඉස්සර කාලේ තිබුනා. ඒවා එක පැත්තකින් ගැට ගහල තිබුනේ.. ඒ පැත්ත ගලොපුවාම අනිත් පැත්ත සිම්පල්. එලියට එන්නේ කලිසම් කකුල දිගේ !

    ReplyDelete
  29. කතන්දර, මාත් ඕක කළින් බලල තිබුණ..හැබැයි මේවගේ අයිසින් දාපු කතාවක් එක්ක බලනකොට රහ වැඩියි...
    තැන්කූ වේවා!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.