Friday 29 June 2012

කසාඳ බැඳපු ගැණියෙකුට තමන් ගේ මිනිහාට කළ හැකි ලොකුම අපහාසය කුමක්ද? - The worst insulting thing a wife can say to her husband


මා අසා ඇති එක්තරා විහිළු කතාවක මෙසේ කියවෙයි.

ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දෙවෙනි දරුණුතම අපහාසය මෙසේය.

Is that in?

ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දරුණුතම අපහාසය මෙසේය.

Is that all?

ඒ අපහාස සඳහා මගේ අද මාතෘකාවේ කියවෙන කසාඳ බැඳීමක් අදාල නොවේ.

එසේනම්, කසාඳ බැඳි ගැහැණියකට තම කසාද මිනිහා අමතා කළ හැකි මා මේ කියන අපහාසය කුමක්ද?

"ඔහේ මහා නුවණැත්තෙක් කියලද හිතන්නේ ඉන්නේ? ඔහේ හරි මෝඩයෙක්. එහෙම නැතුව ඔහේ හරි නුවණක්කාරයෙක් නං ඇයි මාව බැන්දේ?"

මෙය ඇත්තටම රත්නායක ජෝක්ස් වර්ගයේ අපහාසයකි. නමුත් සෑහෙන බළපෑමක් කළ හැකි එකක් බව පෙනේ.

ඉහත අපහාස වැකි තුන සහිත මගේ මේ කෙටි කතන්දරය සම්පූර්ණ කිරිම සඳහා, මම ගැහැණියකට අපහාස කිරීම සඳහා මිනිහෙකුට කිව හැකි දේ මොනවාදැයි දහ අතේ සිතා බැළුවෙමි.

මට කිසිත් සිතා ගත නොහැක.

පිරිමි අප කොච්චාර හොඳඳ?

නේද?

-කතන්දරකාරයා

ප/ලි:
අන්තර්ජාලෙන් මෙන්න මේක හම්බ වුණා.

"මං ඔයාට මගේ නංගී කෙනෙකුට වගේ ආදරෙයි!"

(image: http://www.andrewmatthews.com/gallery.php)

25 comments:

  1. අනේ මන්ද ඕව, තවම බඳින්න හිතලවත් නෑ.

    ReplyDelete
  2. මං ඔයාට මගේ නංගී කෙනෙකුට වගේ ආදරෙයි!
    හික්ස්...

    ReplyDelete
  3. "මං ඔයාට මගේ නංගී කෙනෙකුට වගේ ආදරෙයි!"
    අපොයි දෙයියනේ වෙච්චි දෙයක්...

    ReplyDelete
  4. හික්....එහෙම ප්‍රශ්නයක් ඇහුවම ඉතින් මොනව කියල කියන්නද?

    ReplyDelete
  5. ඇයි අර ජොක්කු ගන්න ගිහිල්ලත් සේල්ස් ගර්ල් කෙනෙක් කකාට ඔයවගෙ කතාවක් කිව්ව නේද සයිස් එක ගැන?
    henryblogwalker the Dude

    ReplyDelete
  6. kathandarata eyage wife ehema kiyana wa athi.

    ReplyDelete
  7. මේවට ඉතින් කොහොම උත්තර දෙන්නද?

    ReplyDelete
  8. මටත් හිතාගන්න බෑ..... අනික එහෙම අපහාස කරන්න ඕන වෙයිද කියලා හිතාගන්නත් බෑ...

    ReplyDelete
  9. කතන්දරට, කතන්දරී කෝචොක් එකක් දැම්මද?

    ReplyDelete
  10. //පිරිමි අප කොච්චාර හොඳඳ?
    නේද?// .....හැක..හැක....හිකිස්.:)))

    ReplyDelete
  11. දැන්මම අපහාස කරන්න කලින් කෙනෙක්ව හොයාගෙන ඉන්න ඕන!

    ReplyDelete
  12. "ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දෙවෙනි දරුණුතම අපහාසය මෙසේය.
    Is that ඉන්?"

    …එතකොට පළවෙනි දරුණුතම අපහාසය ???

    ReplyDelete
  13. හෆෝ මෙන්න උත්තරේ......http://maheshslife-multiaxial.blogspot.com/2012/06/18_25.html

    ReplyDelete
  14. මට තේරැන්නැ

    ReplyDelete
  15. මං ඔයැයිට මයෙ අයිය කෙනෙක්ට වගේ ආදරෙයි.........

    ReplyDelete
  16. හිහ් ,.,., ඔයාගෙ මේකප් සෙට් එක වැඩක් නැහැ මහ බාල එකක් ,., "ටෙස්ට් කොරන්න වගේ ඕක කියලා බලන්නකෝ" හිහ් හිහ්

    ReplyDelete
  17. පොඩ්ඩි කියන්ට ගියදේම සොඳුරු කියලා. පේනවා නේද ගෑනු හිත් වැඩ කරන්නේ එකම විදියට.:)

    ReplyDelete
  18. ඔය වගේ එකක් මමත් අහල තියෙනව.

    Is that your ring?

    No..Its my watch.

    ReplyDelete
  19. අයියෝ..... මෙවා දකින කොට මටනම් කසාද බදින්නත් එපා වුනා....

    ReplyDelete
  20. අපිව ගිහිගෙයි කලකිරවන්නද හදන්නේ...?

    ReplyDelete
  21. හී හී හී...කකාට බබා හම්බු වෙලා වගේ..
    දැන් කකාගෙන් කකා හාමිනේ ඇහුවෙ ඔය පුරස්න දෙකෙන් මොන පුරස්නෙද ??
    හී...

    ReplyDelete
  22. AI EHEMA THAMANGE KASADA MINIHATA APAHASA KARENNE? KATHANADRATA KASADA GAHANI EHEMA APAHASA KARANAWADA?

    ReplyDelete
    Replies
    1. අංකල් මම ඔබට අනුකම්පා කරමි.

      එක්කෝ ඔබ බබෙකි. නැත්තං බබා පාට් එකක් රඟ දක්වයි.

      බබෙක් නොවෙයි නං කතන්දරයක තියෙන උපහාසය කියන රසය නොතේරෙන්නට විදියක් නැත.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.