Friday 8 June 2012

මේක ලියවුනේ පුදුම දුකක් දැණුනු වෙලාවකයි - Fate?


මගේ මිතුරු යුවලක් ගැන ඔවුන්ගෙන් ම අහන්නට ලැබුණු එක්තරා දුක්බර පුවත් පිළිබඳව ඇතිවුණු කණගාටුව නිසයි මේක ලියවුනේ.

වැඩි විස්තර ලියන්නේ නෑ.

කියෝලා බලන්න.

ප‍්‍රාර්ථනා

රුධිර බිඳු බිඳු එක්වෙලා
බිළිඳු කළලය බිහිකලා
රුධිර බිඳු බිඳු වෙන්වෙලා
සිහින ලෝකය සුන්කලා

තෙවෙනි වරටත් පෙරුම් පිරුවේ
යලිත් මේ ලෙස දුක් විඳින්නද?
මෙවැනි දහමක් ලොවේ සැදුවේ
දෙවිඳ! මා නොමරා මරන්නද?

මගේ තුරුලට නො-ආ බිළිඳුනි
සිහිනයක නොම රුඳීයන්
සැබෑ ලෝකෙක ඔබ දකින්නට
දිනෙක මට පින ලැබීයන්


-කතන්දරකාරයා

ප/ලි
මේක සින්දුවක් විදියට කියන්න ගායිකාවකට දෙන්න ඕනෑ!

(image - http://markconner.typepad.com/catch_the_wind/2010/11/abortion.html)

66 comments:

  1. කණගාටුදායක සිද්ධියක්.

    ReplyDelete
  2. අත්දැකලා නැති උනත් අදුරන කීපදෙනෙක්ට සිද්දවෙනවා දැකල තියනවා. ගොඩක් වෙලාවට අම්මල ට ඕක අමතක කරන්න බැහැ (පස්සේ ළමයි ලැබුනොත්, අනිත් අයටනම් අමතක වෙන්න පුළුවන්). මට මතකයි සමහර අම්මල අවුරුදු 20-30 විතර ගිහිල්ලත් මතක් කරනවා.

    ReplyDelete
  3. සමහරක් අම්මලා තාත්තලා දරැවො නැතූව කොච්චර දුක් විදිනවද.ඒ අතින් අපි කොච්චර වාසනා වන්තද

    ReplyDelete
  4. හ්ම්... පව් ඒ අම්මයි තාත්තයි...

    ReplyDelete
  5. හ්ම් පව්.අපේ ලොකු තාත්තලගෙ ගෙදර 5 දෙනාගෙම පළවෙනියට හම්බවෙන්න හිටිය ළමයි නැති වුනා. අනේ මන්දා ඒ ඇයි කියන්න. ඒත් කට්ටිය කියනවා කවුරුහරි කොඩිවිනයක් කරලලු. ඒකලු එහෙම වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ රටට වෙච්ච ලොකුම කොඩිවිනේ තමයි, නූගත් අම්මණ්ඩිලා බ්ලොග් වල අමන කමෙන්ට් දාල මිත්‍යාව පතුරන එක!

      Delete
    2. මේ ඇනෝ මහෞෂධ පණ්ඩිතයටත් වඩා උගතෙක්නේ!

      Delete
    3. ඕක ජාන ප්‍රශ්ණයක් බට්ටි නගේ.. කොඩිවින..හුකෑස්!!

      Delete
    4. අපේ බ්ලොග් අවකාශේ ඉන්න අම්මණ්ඩිලා කොච්චර මොට්ටද කියනව නම් ඒ ගොල්ලන්ට උත්තර දෙන්න මහෞෂධ පණ්ඩිතයෙක් ඕනැ නෑ, ඇනෝ. සේනකලා, පුක්කුසලා, දේවින්දලා, කාවින්දලාටත් පුළුවනි.

      Delete
    5. කොඩිවින..හුකෑස්!!

      Delete
  6. පව්.. පොඩි අය වෙනුවෙන් පින්කම් කරන්න පුලුවන්නම් ඔය තත්වේ ගොඩක් අඩුවෙයි..

    ReplyDelete
  7. ඒ මෙලොව නූපන් දරුවා සිහිපත් කරලා ළමා නිවාසෙකට වගේ දානයක් දෙන්න පුලුවන් නම් වටිනවා

    ReplyDelete
  8. ලොකු දුකක්...ඒ වගේම මානසික පීඩනයක්...ඔහොම උනාම ඒ අයට.
    අපේ ආච්චිල කියනවා..ඇඟේ ඌශ්ණය මේකට ලොකු හේතුවක්ලු...
    ඇත්තටම පිංදහම්...වගේම භාවනා මගින් හිත සැහැල්ලු කිරීමත් කලයුතුයි...!

    ReplyDelete
  9. හරිම දුක හිතෙන කතාවක්!!!

    ReplyDelete
  10. Natural selection කියල දෙයක් අහල තියෙනවද? හදිසි අනතුරක් වැනි අවස්ථාවකදී හැරෙන්න බොහෝ වෙලාවට ඔහොම වෙන්නෙ හොඳට. කොහොම උනත් කණගාටුදායක පුවතක්.

    http://www.webmd.com/baby/understanding-miscarriage-basics

    ReplyDelete
  11. හපොයි!!!!!! කොහොම වුවත් මෙවැනි සිදුවීම වලට නිතර නිතර මට මුහුන දෙන්න වෙනවා. මේ ගැන කියන්න ගිහින් තමයි මම 2011 රාජකීය මඩක් කෑවේ. හැම දෙයක්ම තේරුම ගන්නේ තම තම නැණ පමණින් නිසා මම එවලේ නිහඬ වුනා. නමුත් මගේ ලිපිය මේ වගේ අයටයි මම එදා ලිව්වේ. හොද කතාවක් ඔබ කියන්නේ ජය!!!

    ReplyDelete
    Replies
    1. වෙදමාමේ, ඔයා කියන බණ ගැනත් අපට හිතෙන්නෙ "තම තම නැණ පමණින්" කියලා තමයි. අඩු ගාණේ ඔයා දන්නෙ නෑනේ සංසර්ගයේ යෙදෙන දවස අනුව නෙවෙයි දරුවාගේ ගැහැණු පිරිමි බව තීරණය වන්නේ X හා Y ක්‍රොමොසෝම නිසා කියලා. අනෙක් දේවල් ගැන මොන කතාද?

      Delete
    2. එදා කිව්ව ගොන් කතාවට නිසි පිලිතුරු ලැබිලත් අදත් ඒ තකතීරු කතාවම කියනවා.
      හැදෙන්න කල්පනාවක් නැද්ද?

      Delete
    3. ඔව් වෙද මාමේ, උඹ ඔය කියන ගොන් කතා නතර කරලා හැදෙන්න බලහන්. මනුස්සයෙක් වෙයන්, මිථ්‍යාව පතුරවන තක්කඩියෙක් නොවී.

      Delete
  12. හ්ම්ම්...දුක හිතෙනවා..

    අපි දන්න අයියා කෙනෙක්ට මෙහෙම 3 පාරක්ම වෙලා 4 වෙනි පාර බබා හොඳින් ඉපදුනා.

    ReplyDelete
  13. ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉටුවේවා.......

    ReplyDelete
  14. aththatama dukai.kathandara ayyage pada galapeema nam supar.

    ReplyDelete
  15. ඒ දෙන්න කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්ද? අපිටත් මේ වගේ සිද්ධියක් ඇහැව්වම දුක හිතෙන එකේ ඒ අම්මයි තාත්තයි කොහොම ඒක දරාගන්න ඇත්ද?

    ReplyDelete
  16. අපට වෙනස් කළ නොහැකි දේවල් සම්බන්ධව කම්පා වී ඵලක් නැහැ. විකිපීඩියාවේ තියෙන තොරතුරු වලට අනුව මානව පිළිසිඳ ගැනීම් වලින් 30-50% අතර ප්‍රමාණයක් කාන්තාව තමන් ගැබ්බර බැව් දැන ගැනීමටත් මත්තෙන් ගබ්සා වී යන අතර තවත් 15-30% අතර ප්‍රමාණයක් කලලයට වයස සති 20 පිරීමට පෙර ගබ්සා වෙනවා.

    මේක කාගෙවත් කරුමයක් වත්, පෙර කළ පවක් වත් නෙවෙයි. සාර්ථකම ජනිතයන් පමණක් ඉතිරි කරන්නට යෙදූ පරිණාමික උපායක්. අප කැමැති වුණත් නැති වුණත් ඊට මුහුණ දෙනවා හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැහැ. කැන්සර් එක කියන්නෙත් ඒ වගේ දෙයක්. අපි කැමැති වුනත් නැති වුණත් කැන්සර් එක හැදෙන එක වළක්වා ගන්න බැහැනෙ. මොකද ඒකත් සාර්ථක ජනිතයින් තෝරන පරිණාමික උපායක්.

    වෙනත් රටවල නම් මේ තත්වයට දිගින් දිගටම මුහුණ දෙන යුවළ තමන්ගේ නොවන දරුවකු හදා වඩා ගන්නවා. සියයට සියයක් සාර්ථක විසඳුමක් නෙවෙයි. නමුත් විකල්පයක්. ඇයි අපට බැරි?

    ReplyDelete
    Replies
    1. /සාර්ථකම ජනිතයන් පමණක් ඉතිරි කරන්නට යෙදූ පරිණාමික උපායක්./

      පරිනාමික උපක්‍රමයක්ද නැත්නම් ස්වභාවික සිද්ධියක්ද? "පරිනාමය" කියන ක්‍රියාවලිය දන්නෙ කොහොමද අනාගත පරිනාමය කොහොම වෙයිද කියලා?

      පරිනාමය උපක්‍රම යොදනවායැයි කීම තරමක් ආගමික අදහසක් වගේයි මට නම් පේන්නෙ.

      "ස්වභාව ධර්මයා විසින් ස්වභාවික විපත් (ලෝක යුද්ධ etc) වැනි උපක්‍රම හරහා ලෝක ජනගහනය පාලනය කරනවා" කියන්නෙත් මේ වගේ එකක්.

      - සනාත

      Delete
  17. අනේ හරිම කණගාටුදායක කතාවක්...

    ReplyDelete
  18. ඕක තමයි ලෝක ධර්මතාවය...
    අපිට නොවුන නිසා මෙහෙම කියන්න ලේසියි..
    එත් ඉතින් ඇත්තටම ඕක තමයි ලෝක ධර්මතාවය...

    ReplyDelete
  19. අවන්කවම එකක් කියන්නම්. කවිය හරිම සන්වේදියි. ලස්සනයි.

    පලි කෑල්ලෙ පම්පෝරියෙන් හෙවත් අනවශ්ය පලි කෑල්ලෙන් ඒ ලිව්ව කවි 3 වටිනාකම ඔයාම විනාස කරගෙන වගෙ තමා මටදෑනුනේ.

    ReplyDelete
    Replies
    1. මේ කවිය 2005 දී පමණ ලියවුණු තකක්. ඔය ප/ලි කතාව මට සිකුරාදා උදේ මේ පොස්ටුව දමන මොහොතේ අවංකවම සිතුන දෙයයි. එහි කිසි පම්පෝරි කතාවක් නෑ.

      නමුත් ඔබේ කමෙන්ටුවට ස්තුතියි.

      මතකද අර ඉස්සර දවසක ඔබ ලියා තිබුණු හිතවතෙක් කියූ කතාව ඔබේ ලිවීමේ හැකියාව ගැන සහ ඒ කතාවට මං දාපු කමෙන්ට් එක?

      කවිය ලියා වසර හතකට පසුව මං අද රාත්‍රියේ දී මුණ ගැසුණු සංගීතය දන්නා මිතුරෙකු සමග මේ පදවැල සින්දුවක් කරන හැටි ගැන කතා වුණා.

      කවදා හෝ මෙය ගීතයක් වී ගැයුනොත් ඒ ඔබෙන් මා ලද දිරිය නිසයි.

      ස්තුතියි.

      Delete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. e ayage sithum pathum sarthaka wenna kiyala prarthanaa karanawaa...

    e wagema pa.li. ya galapenne naha kiyalaa hithenawaa/

    ReplyDelete
  22. ගායිකාවකට බැහැ. රැප් එකකට හොදයි !

    ReplyDelete
  23. මේක මගෙ සමීපතමයෙකුගේ අත් දැකීමක් වූ නිසා මෙහි වේදනාව මට තෙරුනම් ගත හැකියි

    ReplyDelete
  24. අවුරුදු ගානකට ඉස්සර මටත් හාමිනේටත් ඔය වගේ දුක්බර අත්දැකීමකට මුහුණ දෙන්න උනා. අපි දෙන්නා තනිවම ඒ වගේ දුක්බර අත්දැකීමක් කොහොම විඳ දරාගත්තද කියලා අදටත් හිතාගන්න අමාරුයි. පළවෙනි දරුවා නිසා ඒ සිද්ධිය තවමත් අපේ හිත් පාරනවා!

    ReplyDelete
  25. කණගාටුදායක පුවතක්.. අපේ අයියත් මේ දේටම මුණ දුන්නා..

    ReplyDelete
  26. එහේම දෙයක් වෙන කෙනාට තමයි එ දුක දැනෙන්නේ.. කාටත් එහෙම නොවෙන්න ඔනි.

    ReplyDelete
  27. මං නම් ඕකට කියන්නේ දෛවය කියලා

    ReplyDelete
  28. මමත් ඔහොම එකක් ලිව්වා සෑහෙන කාලෙකට කලින්..... හැබැයි කකා ගේ කයිය සුපිරි !!!

    http://imageshack.us/photo/my-images/705/101694686526084.jpg/

    ReplyDelete
  29. " මෙවැනි දහමක් ලොවේ සැදුවේ
    දෙවිඳ! මා නොමරා මරන්නද? "

    ඔයාට දෙයියො විශ්වාස ද?
    ඇයි ගායිකාවක් ප්‍රසිද්ධ වෙන්ටද අනුන්ගේ දුක විකුණලා සිංදු ලියල,

    ReplyDelete
  30. අනේ ඇත්තට මේ වගේ මොළේ කළඳක් නැති, මෝඩ කතන්දරලගේ කතා වලටත් මිනිස්සු හුරේ දානවානේ?
    නිකමටවත් බුදු දහම ගැන පැහැදීමක් තියනව නම්,
    බුදු සමිඳුන්ට ටිකක්වත් ගරු නොකරන අමුම අමු මෝඩ මිනිස්සුන්ගෙ බ්ලොග් කියවල ආතල් අරගන්ට එන්නෙ නෑ මිනිස්සු,
    මම මේ ගොඩට අයිති නෑ,
    මං ආවේ කතන්දරගෙ කල්ක්‍රියාව බලන්න,
    එස්බීගෙ කට තව හොඳයි,
    මේ ගොං කට ඊටත් ඵත්,
    ලෝකෙටම අමනකම බෙදනව බ්ලොග් ලියල,
    හොඳයි ඔහොම්ම යන්න,
    කට්ටියම ඇවිත් තමන්ගෙ අම්ම ගැනත් කුණුහරුපයක් ලීවත් කියවල හුරේ දාලා,
    මෝඩ කතන්දරව පුම්බල යන්න,
    කතන්දර ඔයත් නාකි වෙනකම්ම මේ වගේ විකාර ලියල,
    අනාථයෙක් වගේ මැරිල යන්න,
    මැරෙණකොට පිං පොත වගේ හිට්ස් ගාන තියන් ඉන්න.
    ඔහොම්ම යන්න,
    (ඇත්තට ඉතින් මරණයක් වුනත් හිට්ස් වෙනුවෙන් විකුණන කත්න්දරගෙන් උසස් දේවල් බලාපොරිත්තු වෙන්න බෑනේ

    නිමිත්ත;
    http://kathandara.blogspot.com/2012/06/lucky-child-unlucky-mother.html
    නුවණැති, බුදු දහම ගැන ටිකක්වත් කැක්කුමක් ඇති අය මේකෙ කමෙන්ට්ස් හොඳට කියවන්න,
    මේ අවාසනාවන්ත මනුස්සයගෙ වචන පාවිච්චිය ගැන,
    ඒකරලත් කැමති නම් ආය එන්න මේකට.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ අංකල් කකා පව් කරනව ඇති ලබන ආත්මෙත් දකුණුකුරු දිවයිනේම උපදින්න ලැබේවා කියල. මොකද පින් කරලා වැඩි වෙලා මේ "පින්කෙත හෙළ රන් දෙරණේ" උපන්නොත් හෙම මළ ජංජාලයක් නෙවැ වෙන්නෙ. ඒ හන්ද කකාට ප්ව් කර ගන්න දෙමු. අන්කල්ට පාන්යැ?

      Delete
    2. ඔව් ඔව් ඉපදෙයි කට්ටියම එක්ක අපායේ,
      ඔයාලටත් පාන් යැ,
      අපායේ ගිහින් මටාටා ටිටා වගේ ලෝදිය බොන්ට පුළුවන්,

      Delete
    3. අපි ඉතින් අපායෙ බැරි නං තූත්තුකුඩියේ ගියත් අංකල්ට පාන්යැ?

      Delete
    4. හොඳයි කතන්දර...

      Delete
    5. @ ඇනෝ June 9, 2012 3:26 PM!

      මොන විහිලුවක් ද මේ!

      මගේ බ්ලොග් එකේ මං ඇනොනිමස් කමෙන්ට් දානවා කියලා හිතුවාද?

      සිකුරාදා උදේ මේ FM Abhaya වලින් ලියා තිබුණු කවිය යුනිකෝඩ් කර තවත් අකුරු කීපයක් කොටා දැම්මාට පසු මට මේ ප්‍රතිචාර කියවා බලන්ණට ඉඩ ලැබුණේ සමාජ සේවය නිමවා පැමිණි මේ මොහොතේදීයි.

      අනේ ඇනෝ June 9, 2012 3:26 PM!

      Delete
    6. @ Anonymous June 8, 2012 11:19 PM

      මොනවද අංකල් මේ කියන්නේ? අවංකවම මට නං තේරෙන්නේ නෑ.

      ඔබ කියන විදියට ගියොත් මේ ලෝකයේ කිසිම කවියක්, කෙටිකතාවක්, නවකාවක්, වේදිකා නාට්‍යයක්, සිනමා තිර රචනයක් ලියවෙන එකක් නෑ නේද?

      අනේ මන්දා?

      Delete
  31. ඔව් ඇත්තට බලන අය බලනවනම් අංකල්ට පාන්යැ.අනෙක මේක කුණුහරපයක් වෙනකොට ළමයි හම්බවෙන මුළු ක්‍රියාවලියම කුණුහරපයක් කිව්වැකිනෙ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත තමා දුර්වර්ණ,
      ඔයාලත් ඉතින් කතන්දරගෙ බයිල අහන්නනෙ එන්නේ නේද?
      හොඳයි හොඳයි,
      දිගටම අහන්න,
      මං මේ ටික ලියල ගියේ මොළේ කළඳක් තියන ජාතිය ආගම ගැන චූට්ටක්වත් කැක්කුමක් තියන එවුන්ට :)
      ඔයා ඒ ගොඩේ නෑනේ,
      ඒ නිසා කතන්දරට සීනි කිරන්නෙ නැතුව ඉන්ට,

      Delete
    2. අනේ අංකල් ඔය අංකල් ආමන්ත්‍රණය කරන ජාතියේ එවුන් ඉන්නෙ අප්‍රිකාවෙ. එහාට ගිහිල්ලා කියා ගන්ට.

      Delete
    3. මට බෑ, ඔයා යන්න, එහෙ ඉන්න ගොඩක් අය ඔයා වගෙනෙ,
      මෙහෙටත් වඩා රටත් ලොකුයිනෙ.
      @ඔයා ඒ ගොඩේ නෑනේ,
      ඒ නිසා කතන්දරට සීනි කිරන්නෙ නැතුව ඉන්ට (ඔයා කතන්දර නෙවේ නම්),@

      Delete
    4. @ AnonymousJune 9, 2012 12:10 PM

      ඇනෝ, ඔයා ඇවිත් ඉන්නේ වැරදි තැනට. මෙතෙන්ට එන අයට තමන් කැමති විධියට කියන්න ඉඩ දීලා ඔයා වෙන තැනක් හොයා ගන්න. මෙතනට එන මිනිස්සු හදන්න ඔයා ඒ අයගේ ..මගේ අම්මා තාත්ත නෙවේනෙ??? අනික මෙතෙන්ට එන්නෙ විවිධ පුද්ගලොයෝ විවිධ විධියට. ඔයා හිතන විධියේ සිරා ජාතිමාමක, ප්‍රබුද්ධ අයත් මෙතන ඉන්න පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා වගේ ලිංගය තියාගෙන වෘෂණයෙන් සංසර්ගයේ යෙදෙන අයත් ඉන්නවා.

      Delete
    5. @ Anonymous June 9, 2012 12:10 PM

      මට පේන්නේ මේ ඇනෝ අංකල් මං කලින් ලියපු කතන්දරයක් නිසා මා සමග නෙහොඳ සිතක් ඇති කරගෙන මේ කවියටත්, ඒ ගැණ ප්‍රතිචාර දක්වපු අයටත් සරදම් කරනවා වගේ.

      කමක් නෑ අංකල්. චේතනාව නිසානේ කර්මය වෙන්නේ. මගේ සහ අනෙකුත ්කමෙන්ට්කරුවන්ගේ වැරදි චේතනාවක් නැතුවා වගේම අංකල් ගේත් තියෙන්නේ යහපත් චේතනාවක්මය කියලා මං හිතනවා.

      ඔබට ජයවේවා.

      Delete
    6. කතන්දර ඇතුළු පිරිස වෙත,
      මේ මං සංසර්ගේ යෙදෙන කතාව කියපු කෙනාත් ඇතුළුව සියළු දෙනා ගැන ඇතිවෙන්නේ තරහක් නොවේ දැන් නම් මට,
      කණගාටුවක්,
      ඒත් මා කොන්ද පණ නැති එකෙක් සේ නොයමි,
      කෙලින්ම මගේ මතය ලියා යමි,
      මට පෙනෙන්නේ මේ වගේ පෝස්ට් (ඇතුලු බොහෝ විකට පෝස්ට්),
      කතන්දර නම් අතීසාර රෝගියාගේ අසූචි වගේය,
      කතන්දර විවිධ කෑම කා පාට පාට,
      ඒත් කිසි ගුණයක් නැති අප්‍රසන්න අසූචි බ්ලොග් එකේ දමයි,
      ඒ මදිවාට තම පහත් හරයක් නැති කතා වලට පාඨකයන් නැමති නිළ මැස්සන්ගේ ආගමනය වැඩි කර ගැනීමට දැන් දැන් (බොහෝ කලක සිට )
      ලංකාවේ සංස්කෘතියට සහ බුදු දහමට හින්ට් ගැසීමට කතන්දර නැමති මෝඩ පුද්ගලයා ක්‍රියා කරයි,
      කතන්දරට ද (මුදල් හේතුවෙන් හෝ පුහු මාන්නය නිසා හෝ අවාසනාව නිසා හෝ) දහමට පහර නොගසා ඉන්ට බැරිය,
      එසේම මා වැනි අය (මෝඩ කමටා මේවා අසූචී කියා කීවද කතන්දරට නොදා සිටිය නොහැක්කා මෙන්ම,
      ඒවා රස කර කන මැසි බුරුත්තට ද අසූචි වල ඇත්ත තත්වය කීවට නොතේරේ,
      එවිට මැසි රැල අසූචියම ප්‍රිය කරමින් අසූචි උපදවන කතන්දර තමන්ගෙ අම්මා තාත්ත ජාතිය ආගම යන ඕන එකක් උඩ පැහැරුවත් රස කර කර කමින් සිටීමට වුවත් ප්‍රිය කරමින් එසේ කියන (මෝඩ කමට ) කෙනාට ද බනී.
      වැරැද්ද මගේය,
      නිල මැස්සන්ට අසූචි ගඳ බව කිසිදා නොතේරේ,
      කතන්දර නැමති ලංකාවෙන් පිනට ඉගනගෙන පිනට උගත් බිරිඳ ද සමඟ රට දමා ගිය අතීසාර රෝගියාට ද අසූචි නොදමා සිටිය නොහැක,
      ඒ නිසා හොඳම දේ මෙවන් අසූචි ගොඩවල පැත්ත පළාතකින්වත් නොයෑමය,
      මේවා විස්තර කිරීම මෝඩ කමකි,
      මම කතන්දරගෙන් කිසිම ඉල්ලිමක් නොකරමි,
      මරණයත් විකුණන ඔබගෙන් මොන ඉල්ලිම් ද?
      දිගටම ඕස්ට්‍රේලියාවේ සිට අසූචි දමන්න,
      බොහෝ වැඩක් නැති අවාසනාවන්ත නිලමැස්සෝ ලංකාවේ සිටිත්මය.
      (ඉඟියක්:කතන්දර ලංකාවේ ඉන්න අයගේ සංස්කෘතියට බුදු දහමට ගහන්න,
      බෞද්ධයෝම ඇවිත් බේරාගනී, ඔයාගේ හිට්ස් සහ වෙනත් ප්‍රතිලාභත් වැඩි වෙයි,)

      Delete
    7. @ Anonymous June 10, 2012 10:13 PM

      වැඩ ගොඩක් තිබුණත් මේ ඇනෝ අංකල් ගේ කමෙන්ටුව ගැන නොලියා බැහැ.

      පරම්පරා වෙනසකක් හින්දා ද මන්දා මේ අංකල් කියන දේ මට හරියට වැටහෙන්නේ නෑ වගේ.

      අංකල් මං ලියූ වෙනත් කතන්දරයක් හින්දා මට හැම තැනම පහර ගහනවා වගේ?

      මොකක්ද මේ මේස් කතාවේ හෝ කලින් ලියු ගබ්සා වුණු කාන්තාව ගේ කතාවේ ඇති බුද්ධාගමට හින්ට් එක? අංකල් කියන විදියට මේ ලෝකේ තියෙන සින්දු, කෙටිකතා, නවකතා, නාට්‍යය වලින් බාගයක්ම නොලියා ඉන්න තිබුණු ඒවා!

      අනික අංකල් මා එක්ක තියෙන කෝන්තරයක් නිසා මේ බ්ලොග් එක කියවන අයට අපහාස කරන්නේ ඇයි? පව් නැද්ද?

      බයි, බායි!

      Delete
  32. I was recently listening to a discussion on the SLBC. A group of ladies have organized an event, in retrospect of the work done an ayurvedic doctor (a lady) in Moratuwa. These organizers were a group ladies who have had difficulties conceiving a baby and who have had one or several unexpected natural abortions earlier. The organizers said that this lady doctor helped them to conceive a healthy baby using ayurvedic medications as well as by introducing meditation techniques. I suggest you to check about this, and may be your friend can also benefit from this. Cheers

    ReplyDelete
  33. ප්‍රතිචාර දැක්වූ සියලු දෙනටම ස්තුතියි.

    පොඩි පැහැදිලි කිරීමක් කරන්න වෙනවා.

    මේ සිද්ධිය මගේ මිතුරා මට කීව්වේ 2005 දී. ඒ කාලයේදීමයි මේ කවිය ලියවුනේ. මේක ඉන් පසුව මට මතක විදියට පුවත් පතත පලවුණා.

    මේ සුමානේ සාමජ සේවය නිසා නිදිමරමින් සඟරාවක් සංස්කරණය කළ මට නිසි වේලාවට කතන්දරයක් ටයිප් කරගන්න බැරිවුණු නිසයි මේ කවියේ කතාව පල කලේ.

    අවසානනේ ප/ලි කොටසින් ලිව්වේ මට අවංකවම ඒ මොහොතේ සිතුණු දෙයයි. එනම් ඟේ කවිය ලියා දැන් අවුරුදු හතක්ම තිබුණා පරණ ලිපි අතරේ මේක ගීතයක් විදියට කියන්න කාට හරි දුන්නා නම් හොඳයි නේද කියලා.

    එහි කිසිම පම්පෝරියක් නෑ. අවංක සිතුවිල්ලක් පමණයි.

    ඇනෝ අංකල් කියා ඇති දේ ගැන නම් මට කියන්නට දෙයක් නෑ!

    තම තම නැණ පමණින් දැන ගත යුතු!

    සියලු දෙනාටම සුබ දවසක් වේවා!

    ReplyDelete
  34. අනේ පව්..........

    ReplyDelete
  35. @ All
    තවත් පොඩි කරුණක්.

    මේ යුවල තමන්ගේ බලාපොරොත්තු තුන්වන වරටත් කඩවුණායින් පසුව දැන් ඒ සියළු දේ පිලිබඳ අමතක කර දහම් මගට යොමුවී කල් ගෙවනවා.

    ReplyDelete
  36. 'Don't ever give up'
    hari ikmanata give up karanne dubalayooo namuth lokayee jeevath vennanam prabalayek venna one.daruvek kiyanne me loke thiyena lassanama deval valin ekak.daruvek ge vatinaakama kiyala nima karanna baa. thamanta daruvek avashyama nam aei athaarala danne??? daruvek hadanna visheshayen bhaaryaavage vayasa vitharak nevei,shariraye paramaanaya, shariraushnathvayath saahenata balapaanava. me ushnathvaya paalanaya kirima harima vadagath venne eaki.

    yoga ... valin mevata saarthaka prathipala labila thiyenava. mokada eken godak shariria ushnathvaya paalanaya vimak sidda venava,ee vitharak nevei.internal organz hondin kriyaakaari veemak sidda venava,thavath maansika ekaagrathavayk athivelaa bohoo durata manasa saamakaami venava. avurudu 9kata passe chuti daruvek hurathal karana ayath innava. thamange godak leda roga valata yoga vyaayama prathikara hatiyata dang loke bohoo minissun yoda gannava.eyaalaatath kiyala balanna avuruddak vithara karala balanna kiyala. dennaama karanavaanam prathipala honda vevi.habaei ithin honda thanak hoyaaganna kiyanna. dang ithin pandurata pain gahuvath yoga class thiyenavanee... hari hamang training ekak nathiva. yoga shaasthraya vyayaamayak velaa nisaa ekata thiyena piliganima aduvelaa. godak vayasata gihillath daruvoo labena aya innava. oya tharam ikmanata athaaraladaanna epaa kiyanna. mokada daruvoo kiyanne apee jeevithe ....eyaalata honda soukya sampanna daruvek labenna kiyala mang praarthanaa karanava !

    ReplyDelete
  37. ජීවිතය අපි කැමති හැම දේ ම අපිට දෙන්නේ නැහැ.. සමහර දේවල් වලට කොච්චර ආස කළත් ඒ දේවල් නොලැබී යනවා. බලාපොරොත්තු නැති කර නොගැනීමයි කළ යුත්තේ!

    ReplyDelete
    Replies
    1. දරුවෙකු ඇඩොප්ට් කිරීම තමයි දැන් ඔවුන්ට ඇති විසඳුම.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.