Friday 30 March 2012

විජේකොන් නාන්න යයි - Wijekoon goes for a bath


විජේකෝන් කියන්නේ කාලයක් මාත් එකක්ක එක හැලියේ බත් කාපු පොරක්. හොඳ හාදයා. අහිංසකයි. වලියට බර නෑ.

මට වඩා අවුරුදු පහක් හයක් විතරවත් සීනියර් මගේ මතකය අනුව. සීනියර් මැවිසුරුවෙක් වුණාට අපි සමසමාජයේ තමයි කල් ගත කලේ. සීනියොරිටි ඕනෑ නෑනේ එක චමරියේ ඉන්න කොට.

විජේකෝන් චමරියේ බාත්රූම් එකට නාන්න යනකොට තමයි බලං ඉන්න ලස්සන.

බාත්රූම් කියන කොට මතක් වුනේ අපි පොඩි කාලේ නං ඔය බාත්රූම් තිබුණේ නෑ අපේ ගෙවල්වල. වෙල අයිනේ ලිඳට ගිහින් තමයි නෑවේ. ගෙදර ලිඳ හරිඟ ගැඹුරුයි. ඒ හින්දා ඒකෙන් වතුර ගත්තේ උයන්න, මූණ හෝදන්න, රෙදි හෝදන්න සහ වැසිකිලි වැඩවලට විතරයි. කක්කි කොල තිබුණෙත් නෑනේ.

මං ඉස්ඉස්සෙල්ලාම බාත්රූම් එකකින් නෑවේ අපේ ඇන්ටිලා රෙන්ට් එකට හිටිය ඇනෙක්සියේදී වගෙයි මට මතක.

ඉස්ඉස්සෙල්ලාම ඇඳුම් නැතුව නාන එකත් හරිම ජොලි අත්දැකීමක් නේද?

ගෙදරදී ලිඳට නාන්න යනකොට නං ඉතිං සබල් පෙට්ටියයි, තුවායයි, බාල්දියයි අරං තමයි අපි යන්නේ.

ගෙදරක බාත්රූම් එකේ නං ඉතිං ඔය ඕනෑ කතන අඩුම-කුඩුම සේරම එතනම තියලා නේ තියෙන්නේ.

අපේ චමරියේ කීප දෙනෙක්ම හිටිය නිසා විජේකෝන් කළේ තමන්ගේ නාන බඩුබාහිරාදිය තමන්ගේ කාමරයේම තියා ගන්න එකයි.

ඔන්න විජේකෝන් නාන්න යනවා.

මෙන්න ගෙනියන බඩු ලයිස්තුව.

1. තුවාය
2. නාලා අඳින අළුත් ඇඳුම් (ජොකා, කලිසම, කමිසය)
3. ෂේවින් ක්‍රීම්
4. රේසර් එක
5. ආෆ්ටර් ෂේව්
6. සබන් පෙට්ටිය
7. ස්පොන්ජ් එක
8. ෂැම්පූ
9. ඩියෝඩරන්ට්
10. කොලෝන්
11. ටැල්කම් පව්ඩර්
12. දත් බුරුසුව
13. ටූත් පේස්ට්
14. ඩෙන්ටල් ෆ්ලොස්
15. හෙයා ඩ්‍රයර්
16. හෙයා බ්‍රෂ්
17. කකුලේ නියපොතු මදින පරණ දත් බුරුසුව

දැන් තේරෙනවා නේද ඇයි විජේකෝන් මේ නාන බඩු අඩුම-කුඩුම ටික බාත්රූම් එකේ නොතියා තමන් ගේ කාමරේ තියාගත්තේ කියලා?

අපේ චමරියේ තුනයි, තුනයි බාත්රූම් එකේ කොහොමද ඔය සේරම තියන්නේ. අර කඩවල තියෙන ෂෝකේස් එකක්ම ඕනෑ වෙයි ඒකට.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ බාත්රූම් සින්දුවට තනුවක් දාලා, මියුසික් කරලා, ගායනා කරන්න කෙනෙක් තාම නෑනේ.

(image: http://www.thatrestlessmouse.com/product/NF1267/Bathroom-Items-Poster.html)

46 comments:

  1. කකා නෑවෙ නැතිවුනාට කමක් නෑ, හැමදාම නාලා කරලා පිරිසිදුවට ඉන්න පොරවලට ඔහොම මඩ ගහලා අපහාස කරන්න එපා.. :D

    ReplyDelete
  2. ගෑණු නාන්න යනවා වගේනෙ

    ReplyDelete
  3. විජේ කෝන් පිරිසිදුවට ඉදල නොවැ.. ගෑල්ලමයෙක් වගේ..

    ReplyDelete
  4. කකා මාමෙ මම දන්න එකෙක්ගෙ හැටියට විජේකෝන් කවුද කියලා හිතෙනවා.. ඔය ලිස්ට් එකටම මම එකතු කරන්නම්.. ඒ වගේම හෙයා ඩ්‍රයර් එක හලන්නත් වෙනවා..

    17.කතුර
    18.සෙලෝටේප් රෝල
    19.පොඩි කණ්නාඩිය
    20.ලොකු බාස්කට් එකක්
    21.කෝප්පයක්
    22.ඔරලෝසුවක්
    23.නාලා ඉවරවෙලා කොණ්ඩෙට ගාන්නෙ මොනාද? අර ශැම්පු වගේම දේ ආ.. කන්ඩිශනර්
    24.කුරුලැ ක්‍රීම්

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. එතකොට ඔය සෙලෝ ටේප් එක කොහාට ගහන්නෙයි....?

      Delete
    2. හික්ස් හැබෑට සෙලෝ ටේප් මොකටද ?

      Delete
    3. බොලා දෙන්නගෙ පු## අලවන්න

      Delete
    4. ඇනෝ.... ඇයි පුක කියලා "පු##" මෙහෙම ලියලා තියෙන්නෙ.

      පුක යනු කුණුහරපයක් නෙමේ.
      - කකා

      Delete
    5. සෙලෝ ටේප් කක්කි කොළ වෙනුවට ගන්න පුලුවන්ද ?

      Delete
    6. ඇනෝ, පුක යනු කුණුහරපයක් නොවේ.

      කකාමනේ ඕඩරස් දුන්නෙ....

      - සිරි බන්දු

      Delete
    7. සෙලෝටේප් එක ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් වගේ.. සමහරු පුකේ (පුක යනු කුණුහරපයක් නොවේ) අලෝගන්න අතරෙ සමහරු මයිලුත් ගලවලානෙ... හැබැයි මම දන්න පොරනම් සෙලෝටේප් ගෙනිච්චෙ ඔය දෙකටම නෙමෙයි..

      මම පොරත් එක්ක හිටියෙ කැම්පස් එකේ හොස්ටල් එකේ... හොස්ටල් බාත්‍ රූම් වල කොහෙද ඔය ඔක්කොම එකට.. බාත් රූම් එක ඇතුළෙ ටොයිලට් සෙට් එක වෙනම.. ශ්වර් හයි කරපු නාන් ප්ලේස් වෙනම.. සින්ක් එකයි කණ්ණාඩියයි වෙනම..

      අපේ පොර හැටහුටාමාරක් ජාති ගෙනියලා උලාගන්න ගියාම නාන කෑල්ල ඇතුලෙ කණ්ණාඩියක් නෑනෙ.. ඒ නිසා තමා පොඩි කණ්ණාඩියක් ගෙනියන්නෙ..

      එතකොට කතුර ගෙනියන්නෙ.. ෂැම්පු පැකට් කපාගන්න කියලා කට්ටිය හිතුවට ඒකට නෙමෙයි කතුර.. සෙලෝටේප් කෑල්ලක් කපාගන්න...

      එතකොට මොකටද සෙලෝටෙප්? කණ්ණාඩිය අතේ තියන් ක්‍රීම් ගාන්න බෑනෙ.. මූ කරන්නෙ නාන කෑල්ල ඇතුලට ගිහින් ඒකෙ දොරේ කණ්ණාඩිය අලවන එකලු.. ඒකටයි සෙලෝටේප්..

      ලොකු බාස්කට් එක ඩුවල් පර්පෝස්.. බඩු ටික එහා මෙහා ගෙනියන්න වගේම වතුර පුරෝගෙන පුංචි කෝප්පෙන් ගැනගැන නාන්න..

      ඔල්ලෝසුව ඉතින් වෙලාව බලන්නනෙ.. ඔය ෂැම්පු වල එහෙම තියෙන්නෙ විනාඩි තුනක් ගල්වා සිටින්න කියලා.. මූ කරන්නෙ එලාම් එක එක ක්‍රීම්වලට අදාළ වෙලාවට තියලා එව්වා ගාගෙන එලාම් එක වදිනකන් සිටීම...

      Delete
  5. ඔක්කොමත් හරි. අර ස්පොන්ජ් එක මොකටද කියලා තේරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇඟ අතුල්ලන්නනෙ අනේ...

      Delete
    2. ඇ‍‍‍‍‍ඟෙ මොනවා අතුල්ලන්නද? ස්පොංජිය කුණු අතුල්ලන්ඩ....

      Delete
  6. අඩේ අපි හොඳයිනෙ බැලුවම....

    ReplyDelete
  7. පොකු ඇය් සෙලෝ ටේප් එකෙන් කරන්නෙ මොකක්ද කියල දන්නවද? මම ඒක දන්නෙත් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. මයිල් ගලවන්නනේ බං......

      Delete
    2. ඕන් දැනුය් මට කම්පනා වුනේ...
      ඒත් කොහේ මයිල්ද ඔය ගහවන්නේ...? හෙහ් හෙහ් හෙහ්

      Delete
  8. හපොයි ඔන්න මං නං නෙවෙයි.. මූ එහෙම පිටිංම රූපලාවන්‍යා ගාරයක් නොවැ.. මං නං ඉතිං සබන් කෑල්ල විතරයි ගෙනියන්නේ.. මතක් වුණොත් තුවායත් අරං යනවා..

    ReplyDelete
  9. මේ බඩුටික බාත්රූම් එකේ තියාගන්න නං විශාල ප්‍රමානයේ කබඩ් එකක්වත් ගහන්න වෙනව. හෙලුවෙන් නාන එක කිව්වම මතක් උනේ, හොදම ආතල්එක තමයි ප්‍රසිද්ධ ස්තානවල හෙලුවෙන් නානඑක. ඒ දවස්වල කුඹුරුවල අස්වනු පෑගෙන කාලෙට, සමහර විට රෑ 12ට 1ට වැඩ ඉවර උනාම පිරිමි සෙට්එකම නාන්නෙ හෙලුවෙන් ඔයට බැහැල.

    ReplyDelete
  10. මට හිතාගන්න බැරි ඔය අයිටම් 17ක් කොහොමද එකක්වත් මිස් කරන්නෙ නැතුව ගෙනියන්නෙ කියලයි. මටනං සබන් කෑල්ලයි තුවායයි දත් බුරුසුවයි ටූත් පේස්ට් එකයි හතරම ගත්තොත් නාල ඉවර වෙලා ඇඳගෙන එන්න ඇඳුමක් ගෙනියන්න අමතක වෙනව. එක්කො තුවාය මිසිං.
    රාජ් කියනව වගේ එළි පිට හෙළුවෙන් නෑමකට අපිත් පුරුදු වෙලා හිටිය කාලයක්, කටුනායක පැත්තෙ බෝඩිං වෙලා ඉන්නැද්දි. වත්ත පහළ ළිඳක් තියනව නාන්න. අවට කළුවරයි රෑ හත අට වෙනකොට. අල්ලපුවත්තෙ ලි‍ඳක් තිබුනට අල්ලපුගෙදර බෝඩිං වෙලා හිටියෙ කෙල්ලො සෙට් එකක් නිසා (කටුනායක පැත්තෙ හැම ගෙදරකම බෝඩර්ස්ල ඉන්නවනෙ) උන් කළුවරේ නාන්න එන්නෙ නෑ. ආවත් කළුවර නිසා අපිව පේන්නෙ නෑ.
    එක දවසක් රෑ මොකක් හරි මගුලකට අපේ බෝඩිමේ “ඇන්ටි” ආවෙ නැද්ද පන්දමක් වන වනා ළිඳ පැත්තට. මොහොම කල්පනාවෙන කටයුතු කරල නම්බුව බේරගත්තට උන්දැ අපේ “දේපොල” දැක්කද කියලත් සැකයි.

    ReplyDelete
  11. නුවර පැත්ත්තේ පොරක් ද ? කාලයක් කැන්ගරු දේසෙත් හිටිය මගේ හිතේ

    ReplyDelete
    Replies
    1. විජේකෝන් කියන්නේ නුවර පැත්ත්තේ පොරක් ද ? කාලයක් කැන්ගරු දේසෙත් හිටිය මගේ හිතේ

      Delete
  12. මිනිහ ඔය අරගෙන යන හැම දේම ආපහු කාමරේට අරගෙන එන්න හොඳ මෙමරියක් තියාගෙන ඇති.

    ReplyDelete
  13. අපොයි සැලෝන් එකක් නෙ බලාගෙන යනකොට...

    ReplyDelete
  14. ඉස්ඉස්සෙල්ලාම ඇඳුම් නැතුව නාන එකත් හරිම ජොලි අත්දැකීමක් නේද?//

    ඒ වගේම ගෙදර එලිමහනේ නිර්වස්තරයක් ඇඳගෙන නෑමත් ඇඟ කිලිපොලා යන අද්දැකීමක්.... මහ රෑ තමා ඕක කරන්න පුලුවන්... නානා ඉදදි එනවා හුලං පාරක්.. ඇඟ සලිත වෙලා යනවා. සමහර විට සඳරුවාට මේ අද්දැකීම තිබුනොත් කියයි ඔකඳ වෙලා යනවා කියලා....

    ReplyDelete
    Replies
    1. ඔවු ..වංගියක් දෙකක් ඔහොම ඔකඳ වෙලා තියනවා

      Delete
    2. මමද එසේමයි මල්ලියෙ

      Delete
    3. සඳරුවො උඹට නානකොට ඇන්ජලිනා ජොලිව මතක් වෙන්නෙ නැතෙය්...

      Delete
    4. තරු, ඇංජලිනා ජොලි කියන්නෙ කව්ද? අර පස්ස ලොකු ගැල්ලමයද?

      Delete
  15. පොඩි ප්‍රශ්නයක් අහන්නද කථාවට අදාළ නැති වුනත්.
    තුවාය මොටද ඉඳල හිටලවත් හෝදන්නෙ ? තුවාය පාවිච්චි කරන්නෙ, නාල එහෙමත් නැත්තන් මූණකට ඇඟපත හෝදල ඉවර වෙලානෙ. එතකොට තුවාය කිළුටු වෙන්න විදියක් ඇත්තෙම නෑනෙ.
    ඔබීගෙන් ප්‍රශ්නෙ අහපු හැම වෙලාවේම බැනුන් අහන්ඩ සිද්ධ වුන නිසා කට්ටියගෙන් වත් අහල බලන්න හිතුවෙ.

    ReplyDelete
    Replies
    1. ඔබා අය්යෙ මෙහෙමනෙ වැඩේ.... සබන් වලටය්, වතුර වලටය් යන්නෙ නැති කුණු තුවා‍යට ඇමිණිලා එනවා...
      අනිත් එක ඔය සමහර නැහැදිච්ච කොල්ලො ඔකඳ වෙන කොටත් ඉන වටේ ඔතා ගන්නෙ ඕකනෙ...හෙහ් හෙහ් හෙහ්...

      Delete
  16. අයියා නිර්වස්තරේ ඇඳගෙන මුහුදේ නාලා තියෙනවද...? හම්මෝ සනීපේ... වැලි කැට වලට කුණු කැපෙන කොට දිවි​ය ලෝකේ ගියා වගේ.

    හැබැයි ඉතිං සෙට් වෙන්න ඕනේ හඳ තියෙන රෑකට තමා... මෝහිනි ආවත් ඒ වෙලාවටනම් කිසි බයක් හිතෙන්නේ නෑ....

    ReplyDelete
  17. අප්පේ මම නම් නාන්න යද්දී ගෙනියන්නේ සබන් කෑල්ලයි සරමයි තුවායයි විතරයි . ඇලේ එබිලා යහමින් නාන්න තියන නිසාම බාත් රූමෙක අවශ්‍යතාවයක් තවම මටනම් දැනිලා නෑ ..

    වැවේ අමුවෙං ඉද්දී කිබුලෙක් අවුදිං අපේ ගම් පලාතේ මිනිහෙකුගේ කල්ල වඩාගෙන ගියා කියලා ජනප්‍රවාදයක් මම අහලා තියේ ..

    ReplyDelete
  18. පොර යන්නේ නාන්නද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි බඩරස්සාවකටද.....:)

    ReplyDelete
  19. ලොකු ට්‍රැවලිං බෑග් එකක් වගෙ එකක් ගෙනියනවා ඇති මයෙ හිතේ

    ReplyDelete
  20. හත්තිලව්වේ!!! මු විල්බැරැක්කෙක දාගෙනද මේ බඩු ගෙනිච්චෙ?
    අපේ ආච්චිවත් ඔච්චර දේවල් ගෙනියන්නෙ නෑ නොවැ.. ලොල්

    ReplyDelete
  21. මම නම් බාත් රූම් එකේ නෑවත් අවශ්‍ය සබන් කෑල්ල විතරයි. ඉඳලා හිටලා නෝනගේ ෂැම්පූ පොඩ්ඩක් දානවා. ලොකු බාල්දියට වතුර පුරවන්, කට ලොකු කෝප්පෙකින් නානවා. ඔය මලෙන් නාන කෙලිය මට හරියන්නේ නෑ. ගමේ ගඟේ ඇලේ දොලේ වෙලේ නාපු උන් නේ අපි... නැත්නම් ලිඳෙන්.. පොඩි කාළේත් අපේ ගෙදර බාත් රූම් එකක් තිබුනත් ඒකේ නාන්නේ ගෑණු අය විතරයි..

    ReplyDelete
  22. මේ දේවල් දාන්න බාත් රූම් එකේ අල්මාරියක් තියාගන්න ඕන..

    ReplyDelete
  23. විජේකෝන් පාවිච්චි කොරපුව ගෑල්ලමයෙක්වත් නාන්න යද්දී ගෙනියන්නේ නැහැනේ.

    ReplyDelete
  24. ඔව්ව බාත් රුම් එකේ තිබ්බ නම් කකා ලත් නිකා ඉඳියි . චමරියක්නේ . නාන කම් මිනිහා කොහෙද ඕවා තියා ගත්තේ දන්නේ නැහැ . ඕව සේරම දාගෙන ගියේ මල්ලක්ද . අත් දෙකයිනේ මිනිහෙක්ට තියෙන්නේ .

    ReplyDelete
  25. ඔය බඩු සෙට් එක ඔක්කොම ගත්තද කියලා බලන්න මටනම් චෙක්ලිස්ට් එකක් තියාගන්න වෙනවා. ඔය ටික ඔක්කොම ගෙනියන්නෙ ටවල් එකේ ඔතාගෙනද?

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. උඔ චෙක් ලිස්ට් ගැන කියනවා... සමහර දවස් වලට "ටවල්තුවායත්" අමතක වෙනවා....

      Delete
  26. නාන්නෙ නැතුව හඩු ගද ගගහ ඉන්නව විතරක්නං මදෑ . . . නාල කරල පිරිසිදුව ඉන්න එවුංට පදත් හදනව

    ReplyDelete
    Replies
    1. "මගේ බාත්රූම් සින්දුවට තනුවක් දාලා, මියුසික් කරලා, ගායනා කරන්න කෙනෙක් තාම නෑනේ." - ප්‍රශ්නය තියෙන්නෙ කකා, ඉස්සර වගේ නෙවෙයි දැන් සිංදු වලට විෂුවල්සුත් දානවනේ. ඉතින් ඔයාගෙ බාත් රූම් සිංදුව කියලා ටීවී එකේ කොටු දාගන්න කැමති ගායකයා කවුද?

      Delete
  27. ලොල්. හිනා :))

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.