ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Monday, 11 July 2011
තුනේ පන්තියට පාස් වුනෙමි - Marching into the third year...!!!
මං පළවෙනියා ය කියල
අම්මට හරි ආස හිතිල
දෙනව කිව්ව තෑගි ගෙනල්ලා..!!
ඒ තාමත් ජනප්‍රිය "දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ" කියන ළමා සින්දුවේ කොටසක්.
ඔය පොඩි පන්තිවල හිටියට, ඒ දවස්වල අපිට අවුරුද්දට වාර විභාග තුනක් තියලා රිපොර්ට් කාඩ් පවා දෙනවා.
අපි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ දැන් පරම්පරාවකටත් වඩා කලින්, පන්තියේ පළමුවෙනියා වෙන එක තමයි ලෝකේ තිබුණු ලොකුම දේ. අඩු වශයෙන් අපේ ගෙදර කියන ලෝකේ තිබුණු ලොකුම දේ.
ඒ ලොකුම දේ ඉතිං කරගන්න පුළුවන් වුනේ පවුලේ ලොක්කා වෙච්ච මංතුමාට විතරයි මට මතක විදියට. ඒකත් හැබැයි ඉස්කෝලේට ගිය අළුත නං නෙමේ.
මං හෝඩියේ පන්තියේ, ඒ කියන්නේ පළමුවෙනි ශ්‍රේණියේ, හිටිය අවුරුද්දේම මට පන්තියේ පළමුවෙනියා වෙන්න ම බැරි වුණා. මට ලැබුනේ තුන්වෙනි තැනයි.
ඒකට මුළුමණින්ම වග කියන්න ඕනෑ පන්තියේ මා ලඟම වාඩිවෙලා හිටිය නාලන්ද පියතිලකයි, මට ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා හිටිය ජානිකා කිරිබත්ගොඩයි දෙන්නා මිසක මං හෙම නං නෙමේ, හරිය?
මුල් වාරයේ මං තුන්වෙනියා වුනාම ගෙදරින් කිව්වේ, ඊලඟ වාරයේ උත්සාහ කරලා බලන්නයි කියලා. දෙවෙනි වාරයේ අගදීත්, තුන්වන වාරයේ අගදීත් කිසිම වෙනසක් නැතුව ඒ උපදෙසම තමයි ලැබුනේ.
හෝඩිය පාස් වෙලා අපි දෙකේ පන්තියට ගියාම මං වැටුනේ මාලවතී ටීචර් ඉගැන්නුව දෙක-බී පන්තියටයි. නාලන්ද පියතිලක සහ ශානිකා කිරිබත්ගොඩ දෙන්නාම වැටිලා තිබුනේ දෙක-ඒ පන්තියට. ඒ පන්තිය බාරව හිටියේ කොණ්ඩේ සුදුම සුදු ඒත් මහා රෞද්‍ර පාට වයසක ටීචර් කෙනෙක්. නිකං ඔසරියක් ඇඳපු බටකොළ ආච්චි කෙනෙක් වගේ.
මාලවතී ටිචර් නං එහෙම නෙමේ. හරිම සීදේවියි. එයා තමයි අර ඉස්කෝලේ ඉවර වෙලා බස් එකට දුවන්න යන වෙලාඇවක ඳගෙන හිටිය සාරිය පැටලිලා ඇදගෙන වැටුනේ!
දැන්නම් මාලවතී ටීචර් පැන්ෂන් ගිහිනුත් ඇති මගෙ හිතේ.
නාලන්දත්, ජානිකාත් නැති පන්තියේ මට චැලේන්ජ් එකක් දෙන්න හිටියේ දේශිකාත්, ශශීත් විතරයි මට මතක හැටියට.
ඉතිං ඒ අවුරුද්ද අවසානේදී මං තුන්වෙනි වසරට පාස් වුනේ පන්තියේ අවුරුද්දක් ඇතුලත තුන් පාරක් ම පන්තියේ පළමුවෙනියා වෙලා වාර්තාවකුත් එක්කයි.
-කතන්දරකාරයා
ප/ලි:
නාලන්ද දැන් ඉංගිරිසි උගන්වන ගුරුවරයෙක්. ජානිකා දොස්තරියක්.
අන්තිම වරට දකින විට දේශිකා ටයිපින් පුරුදු වෙමින් හිටියා. ශශී පෝනියෙක් පුරුදු වෙමින් හිටියා.
ප/ප/ලි:
ඔය කතාව ලිව්වේ අදත් "තුනේ පන්තියට පාස්" වුනා වගේ වැඩක් වෙන හින්දයි. මේ කතන්දර බ්ලොග් එක අද ජූලි 11 දා තුන්වන වසරට පා තබනවා.
මං මේ ගමන ආවේ මගේ හිතේ කියාගන්න කතන්දර ගොඩක් තිබුණු හින්දම නෙමේ. ඒ සඳහා මට ධෛර්ය ලබා දුන්නු කතන්දර හාමිනේටත්, කාලය බොහෝ දුරට ලබා දුන්නු දවසට පැය දෙකකට වඩා ඇදෙන කෝච්චි ගමනටත් පින් සිදුවෙන්නයි.
හැබැයි කොච්චර කතන්දර මං ලියල පල කළත්, මේ බ්ලොග් එක වර්ණවත් වුනේ නම් කතන්දර කියවපු සහ කියවල නතර නොවී ප්‍රතිචාර දක්වපු ඔබ සැම හින්දා ය කියන එක මට කිසිසේත් ම අමතක නොවෙන කරුණක්.
රාජකීය විද්‍යාලයේ සාහිත්‍යය සංගමයෙන් දුන්නු සම්මානෙනුත් පොඩි පහේ කික් එකක් ලැබුණා.
කතන්දර බ්ලොග් එක කියවල තමනුත් බ්ලොග් ලියන්න පටන් ගත්තු අයත් කීප දෙනෙක්ම ඉන්නවා. ඒකත් මට ලොකු ම ලොකු දෙයක්.
මෙන්න කතන්දර බ්ලොග් එකට අවුරුද්දක් පිරුනු දා මං දාපු පෝස්ට් එක. http://kathandara.blogspot.com/2010/07/happy-bday-kathandara.html.
ඉතිං එහෙනං බඩ ගාපු, දණ ගාපු, වැටි වැටි නැගිට්ට කාලේ ඉවරයි.
දෙපයින් නැගිටලා ඇවිදින කාලේ ඇවිත්!
හැබැයි, කකුල් තුනෙන් යන කාලේ ආපු දවසක වුනත් කතන්දර ලියන එක නවත්තන්න නම් තාම අදහසක් නෑ.
ලියන්න පුළුවන් වේගෙට වැඩියෙන් අළුතින් කතා එකතුවෙන එක තමයි ලොකුම ප්‍රශ්ණේ.
සැමට සැප සතුට ජය!
ප/ප/ප/ලි:
අද උපන් දිනය සමරන, සිතුවිලි බ්ලොග් එක ලියන, සචී පනාවල ට මගේ සුභ පැතුම්!
ඒ එක්කම, ඕනමැන්ටල් බ්ලොග් එක ලියන දුලිප් සිකුරාජපති ගේ උපන් දිනෙත් අදයි!
සචී නං කීයෙ පන්තියට ද මන්දා අද පාස් වෙන්නේ? ඕනයාට නං තාම මාස තුනයි නේ!
(image: Buddhi's FB)
Subscribe to:
Post Comments (Atom)
සුබ උපන්දිනයක් වේවා !!!
ReplyDeleteඅපේ කම්මලේ කොල්ලෙකුට මේවගේ කාලයක් මෙහෙම දේවල් ලියන්න තියෙන හැකියාව ගැන අවංකවම ආඩම්බර වෙනවා. තව සෑහෙන කාලයක් මෙහෙම ලියන්න ශක්තිය වීර්ය ලැබෙන්න කියා ඉතා සිතින් ( බොක්කෙන්ම ) ප්‍රර්ථනා කරමි.
ReplyDeleteදිගු ගමනකට සුභ පැතුම්...!!!
ReplyDeleteසුභ පැතුම්! :)
ReplyDeleteකතන්දර දැන් ලොකු ළමයෙක්!! බඩගාන කාලේ ලියපු කතන්දර මෙහෙම නම ඇවිදින කාලේ ලියන කතන්දර මොනවා වේවිද මන්දා...තේරෙන්නේ නැති කතා එහෙම ලියන්න එපා හොඳේ..මේ කතාව කියවනකොට මතක් වුනා ඉස්කෝලේ රිපෝට් දෙන දවස. මාත් එකේ ඉඳලා එකොළහට එනකන්ම හැමදාම 1 - 3 අතරේ හිටියේ. ඉතින් අනික් ළමයින්ගේ අම්මලා මාව පෙන්න පෙන්න අනික් ළමයින්ට "ඊළඟ පාර අරයා වගේ වෙන්න" කියලා කියනවා මතකයි.
ReplyDeleteඅයියේ සුභ පැතුම්... අර කිව්වත් වගේ කකුල් තුනෙන් යනකං අපිත් කියෝනවා....
ReplyDeleteතුන් වෙනි පන්තියට පාස් වුනාට සුබ පැතුම් . මමත් බ්ලොග් එකක් කියල මුලින්ම කියවපු කතන්දර බ්ලොග් එක තව චිරාත් කාලයක් ලියවෙවා !!!!
ReplyDeleteමතක තියගන්න පහේ පන්තියේදී ශිෂ්ය්‍යත්වක් තියන බව.
ReplyDeleteසුබ පැතුම් අය්යේ...
මගෙනුත් සුභපැතුම්..!
ReplyDeleteමගෙනුත් සුබ පැතුම්!!!!....:D
ReplyDeleteසුබ පැතුම් හා සුබ ගමන්!
ReplyDeleteසුභ පැතුම්!!!
ReplyDeleteමගේ බ්ලොග් ආගනයට ඔබත් හේතු වුනා.
චිරාත් කාලයක් කතන්දර කියන්න ලැබේවා!!
ජය!!
මම බ්ලොග් කියවන්න ඇබ්බැහි වුණේ කතන්දර බ්ලොග් එක ඇහැ ගැහුණ දා ඉඳලා..! හැම දාම කමෙන්ට් එකක් දැම්මෙ නැතත් 'කතන්දර' කියන්නෙ ගොඩවෙලා යන්න අමතක කරන්නෙ නැති බ්ලොග් කීපයෙන් එකක් බව කියන්න ඕන. ඉතින්, සුබ ම සුබ පැතුම්!
ReplyDeleteතුන්වැනි පංතියට පාස් වුනාට සුබපැතුම්. පළවෙනියා වෙන්න පුලුවන් නම් තමයි
ReplyDeleteමැණික්
සුබ පැතුම්!
ReplyDeleteතව අවුරුදු 100 ක් මේ බ්ලොගය ලියන්න ලැබෙන්න ඕනි.
ඔන්න මගේන් කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා සුබ පැතුමක්, තව ලියන්න අපි ඉ න්නවා කියවන්න ..........
ReplyDeleteවෙලාවට අර ලමයි දෙන්න වෙන පන්තියකට ගියේ, නැත්නම් ඉතිං තාම තුන් වෙනියා නේ ......
හතරවෙනි පාන්තියට පාස් වෙනකම් හොඳ ළමයෙක් වෙන්න ....
ReplyDeleteහැපී බර්ත් ඩේ!!!!!!!
දිගු ගමනකට සුභ පැතුම්...!!!
ReplyDeleteකතන්දර අය්යට මගේ උනුසුම් සුබපැතුම්...
ReplyDeleteආනේ . . . කත්න්දරගේ බ්ලොගෙයි මගෙයි උපන්දින එකයි . . . එකනේ මම හැමදාම කියන්නේ . . . ජුලි මාසේ තමයි හොඳම දේවල් ලෝකෙට බිහිකරන මාසෙ කියල . . . . .
ReplyDeleteඔන්න මාත් අයියට සුබ පැතුවා. අයියා ඉස්කෝලේ යනකොට මම් ඉපදිලා නැතුව ඇති !!! :)
ReplyDeleteගියෙන් කාල පසු කරමින් දන ගෑව
ReplyDeleteබොලන් කතන්දර නැහ අඩුවක් පෑව
කොහෙන් කොහේ හිටියත් ලියනට යාව
කතන්දරට වීර්ය්‍ය ධෛර්ය්‍ය දේව.
කතන්දර බ්ලොගයටයි ඕනයාටයි වයස තුනයි... !
ReplyDeleteදෙන්නටම හැපි උපන් ඩේ එකක් වේවා..
කතන්දර බ්ලොග් එකට අවුරුදු තුනක් පිරීම ගැන මගෙනුත් උණුසුම් සුබ පැතුම්, ඒවගේම තවත් රසවත් කතන්දර ගනනාවක් අපට කියවන්න නිර්මාණය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !
ReplyDeleteහැපී බර්ත් ඩේ.....සුභ පැතුම්
ReplyDeleteහැපි බර්ත්ඩේ එකක්ම වේවාය!!!!!!!
ReplyDeleteඋණුසුම් සුභ පැතුම්...!
ReplyDeleteපහණෙන් තවත් පහණ් සිය දහසක් දැල්වේවා..!
ඕනයා...
කළු ජූලිය, ඉන්දු ලංකා ගිවිසුම එහෙමත් ජූලි නේද?
කසූට සහ කතන්දර බ්ලොග් එකට සුභ උපන්දිනයක් වේවා !! අර ශශී පදින පෝනියා කකුල් හතරේ එකෙක්ද ?
ReplyDeleteතෙරුවන් සරණයි! කතන්දරට.....ශක්තිය ධෛයය ලැබේවා!
ReplyDeleteසුභ උපන් දිනයක් .. කතාන්දර අයියගේ බ්ලොග් එකට.
ReplyDeleteදිගු ගමනක් සාර්ථකව යන්නට සුවහසක් පැතුම් සමගින්.
ජූලි මාසේ හරි වැදගත් දේවල් ගොඩක් උන මාසයක් වගේ. අපි හැමදාමත් ඇවිත් ගිය. බ්ලොග් කරණයේ "අ" යන්න උගත්තේ මෙයින්. මේ අවුරුදු දෙකට ලබා ගත් දේ බොහොමයි. තමන්ගේ අනන්‍ය තාවය රැකගෙන ආ මේ ගමන අපි වගේ අයට බොහෝදේ දුන්නා. තවමත් එලෙසම ලැබෙනවා.
ReplyDeleteදිගු ගමනකට සුභ පැතුම්..!!!
හොඳ දෙයක් ලෝකෙට බිහිවෙද්දීම තවත් තැනක අන්තිම චාටර් දේකුත් බිහිකරලා සොබාදහම විශ්වයේ සමබරතාව රකින අපූරුව...
ReplyDeleteකතන්දර බ්ලොගයටත්, ඕනයාටත් සුභ උපන්දිනයක්...!!!
මං කතන්දර ගොන්නට ඇතුළු වෙන්නේ ලංකාණ්ඩුවේ [හරියට කිව්වොත් ලඩකාණ්ඩුවේ] පැන්සලෙන්. අපේ තාත්තත් ලංගමේ උන්නු නිසා ඇහැට හුරුවක් තිබ්බා ඔය පැන්සල් ගැන. වංචාවට දුෂණයට අකමැති අපේ තාත්ත [ඒකට මං :)] ඔව්ව තමන්ගෙ ඔෆිස් වැඩට පාවිච්චි කලාට අපිට එහෙම නොවෙයි දුන්නේ. මං ඒ කාලේ කෙල හල හල හිටියේ එකක් ගන්න. ඉතින් කතන්දරට එකක් ලැබුනේ නිසා ඉබේම කතන්දර මට පොරක් වුනා. ඔන්න මං ආපු හැටි. කාලයක් උන්නට කොමෙන්ටු දැම්මේ පහු වෙලා.
ReplyDeleteකට්ටිය දැන් දීල තියෙනවා නේ කතන්දර බ්ලොග් එකට චරිත සහතික. කතන්දරගේ බ්ලොග් එකේ ඔක්කොම මෙව්වා එකට අමතරව මා ප්‍රියකරන්නේ ඔබේ ඉනොවේටිව් ස්ටයිල් එකයි. ඔබ විසින් බිහි කරන ලද කතා ආරක් සිංහල බ්ලොග් කරණයට හිමි වූ බවයි මගේ අදහස.
බර ගානට චියර්ස් වේවා. චිරාත් කාලයක් මෙලෙසම වැඩි වැඩියෙන් ලියන්නට ඔබට දිරි. ජයෙන් ජය.
ප.ලි: මට නේම් ඩ්‍රොප් කරන්න ඉන්නේ අම්මලාගේ ගෙදර වටේ කට්ටිය පමණි. උන් ඔක්කොම ඩ්‍රොපබල් පොරවල් නොවේ. ඒ නිසා යම් දිනයක කතන්දර ලියන ප්‍රසිද්ධ ලේඛක .... ......... මහත්තයා ව දන්නා බවට කිසියම් වෙනත් තැනක නේම් ඩ්‍රොපක් කිරීමට සිතා සිටිමි. පුද්ගලික ව ම අප ඇසුරු කරන නිහතමානි කමට මෙන්න ආචාරේ.
කතන්දරට තව දිගු කාලයක් යන්නට සුබ පැතුම්...
ReplyDeleteWell done kaka..
ReplyDeleteසුභ පැතුම් කතන්දර.
ReplyDeletecongratulations !
ReplyDeleteමම දිගටම කසූ ගේ කතන්දර කියවනවා. පරණ කතන්දරත් හොයා හොයා බැලුවා. පට්ට කියන්නේ පට්ටම පට්ට. Hats off KAKA ...... LOLzzzzz
ReplyDeleteදිගටම කියෙව්වට අද තමයි comment එකක් දාන්න හිතුනේ. බ්ලොගේට සුබ උපන් දිනයක් කියන්න..
සුබ පැතුම් කාකා...
කතන්දර,
ReplyDeleteඉන්දරේ බ්ලොග් පෝස්ට් එකක් මුලින්ම කියෝලා බ්ලොග් කියවන්න ගත්තා වගේම "අරක්කු බොන්නෙ නැතුවට කමක් නෑ අපේ බයිට් එක ඉතුරු කරපං!" (http://kathandara.blogspot.com/2010/02/blog-post_08.html)කියන පෝස්ට් එක කියෙව්වට පස්සෙයි මටත් බ්ලොග් ලියන්න හිතුනේ.
ඉතිං සුබ පැතුම්.....!
අවුරුදු තුනක් සම්පුර්ණ වෙන වෙලාවේ දාපු මේ පෝසට් එකේ නොදැනුවත්වම හරි මගේ නම වැටිලා තියෙන එක ගැන මටත් හරි සතුටුයි.
ඔන්න ඉතින් මමත් සුභපතන්න ආවා... ආවටත් වඩා කාලයක් දිගටම රැඳී සිටින්නට වරම් ලැබේවා!!!
ReplyDeleteබීට්ල්,
ReplyDeleteඅහලා නැද්ද ගහේ දලු දිව්‍ය ලෝකෙට ගැවෙන්න තරං උස යද්දි මුල් අපායට යනකල් කිදා බහිනවා කියලා. එහෙම බලද්දි හොඳ දෙයක් ලෝකෙට බිහිවෙද්දීම තවත් තැනක අන්තිම චාටර් දේකුත් බිහිකරලා සොබාදහම විශ්වයේ සමබරතාව රකින හැටි ගැන දෙපාරක් හිතන්න දෙයක් නෑ නේද:D.
හැබැයි අපිට සතුටුවෙන්න දේකුත් තියෙනවා.
මොකද බුද්ධිමත් මිනිස්සු අතාගතේ ගැන හිතලා හොඳ තීරණයක් අරගන්නවා. කතන්දර විතරක් නෙමේ ඕනයාත් දන්නවා මිනිහට අනාගතේ දවසක යන්න තියෙන තැන. ඉතිං මිනිහා ගම්බිං එහෙම වෙනස් කරලා ලෑස්ති වෙන්නෙ එකට වෙන්නැති :D
සුභ උපන්දිනයක් වේවා කියන ගමන් තව තවත් කතන්දර ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කොරනව...
ReplyDeleteකතන්දර අයියා මාව දන්නේ නැහැ... මම මේ කමේන්ට් කරන පලමුවෙනි වතාව... ඒත් කතන්දර බ්ලොග් එකේ කතන්දර අග ඉඳල මුලට කියවනව කීප දවසක් තිස්සේ... ඒකට හේතුවකුත් තියෙනව... ඒක මම කියල එවන්නං පස්සෙ..
ඔන්න මගේ පලමු කමේන්ට් එකත් එක්ක උණුසුම් සුභ පැතුම්....
සුබ පැතුම් කතන්දර (අයියද? අංකල්ද? හැමෝටම කියන්න වගේ අයියා කියලම කියන්නං)
ReplyDeleteවසර තුනක් කතා ලිවූ ඔබේ දිරිය
ReplyDeleteකාලය ලබාදුන් ඔබගේ දුම් රථය
ඉවසා සිටින ඔබගේ දරු හා බිරිය
සමග දිනේවා කසූගේ මේ බ්ලොගය
This comment has been removed by the author.
ReplyDeleteසම්‍යක් දෘශ්ටික දෙවි රැක වරනයි... ඇත්තටම කතන්දර මාමේ අපි මේ බ්ලොගිය වර්ණවත් කොරාට වඩා මේ බ්ලොගිය අපිව වර්නවත් කොරා.. වෙනකාට කොහොම උනත් ඒක මට අද හොදට දැනුනා..
ReplyDeleteමං මේ කියන්නෙ මවිසුරු ඊලියන්ද සිල්වා ගැන ඔයා ලියපු මෙව්ව එක. මේ බ්ලොග් කෑල්ලෙ මුලින්ම කියොපු පොස්ට් එක මං හිතන්නෙ ඒක... කොක උනත් එදා ඒ කියොපු පොස්ට් කෑල්ල නිසා මං අපේ සැට් එක අතරේ බ්‍රයිට උනා.. ;)
අද අපේ ඉස්කොලෙ හෙළ හවුලෙ මෙව්ව එකක් තිබ්බ. ඒකට මවිසුරු ඊලියන් ද සිල්වාත් ආව. ඉතින් නිවේදක මාම ඒයාව හදුන්වා දෙන්ට කලියෙන් මං අපේ උන්ට එයා කවුද එයාගෙ අයිය කවුද ඔක්කොම කීල දීල මං පොර උනා....
මේ කියන්නෙ බොක්කෙන්.. අපේ බ්ලොග් කෑලිවලත් අයුශ අරගෙන චිරාත්කාලයක් නිදුක් නීරෝගි සුවයෙන් කත්aන්දර බ්ලොග් කෑල්ල දිලේව කියල එක සිතින් පුරාර්තනා කොරනවා....
සුබ පැතුම්..!! කතන්දර..
ReplyDeleteමම බ්ලොග් එක කියෙව්වට අදද කොහෙද ඉස්සෙල්ලම කමෙන්ට් කරන්නේ :-)
ඕක සමරන්නෙ නැද්ද?
ReplyDeleteකතන්දර බ්ලොග කියන්නෙ මගේ බ්ලොග් කියවන ඉතිහාසේ මුල හරියෙන්ම තියන බ්ලොගක්... එක එක කතා සීරීස් වලට පනිමින්.. මම කිව්වේ චූ කතා, කක්කි කතා වගේම පඩ කතා සීරීස් වගේ එව්වයින් තවත් රසවත් උනා.. මට හිතෙන්නේ කතන්දර මොකක්හරි සිද්දියක් ගැන කතවක් ලියලා ඒක ගැන කතන්දරට හිතෙන හැලි කියනවා, ඊට පස්සේ කතාව ඉවර කරන්නේ අපෙන් උඹලට මොනවද මේක ගැන හිතෙන්නේ කියලා වගේ එකකිනුයි.. අන්න ඒකට තමයි මම ආසම... කතන්දරට පහේ සිස්සත්තෙනුත් පාස් වෙන්න,සාපෙ/උපෙ එහෙම කරන්න (ඒවා මොකක්වත් නැති උනත් ) අපිට හැමදාම කතන්දර ලියන්න ශක්තිය ප්‍රර්ථනා කරමි.. ජය වේවා....
ReplyDeleteදිගු බ්ලොග් ගමනකට සුබ පැතුම්!!!
ReplyDeleteකතන්දර බ්ලොගේට සුභ උපන්දිනයක් වේවා.!
ReplyDeleteජය වේවා අයියා... සුබ පැතුම්.....!!!!!!!!!!!!!!!
ReplyDeleteමම නම් කවදාකවත් පලවෙනියා වෙලා නැතෝ ! මගෙ අම්මෝ මම පන්තියේ 12 වෙනියා තරම් උඩකට විතරයි ආවේ .ඒත් හය වසරේදී
ReplyDeleteවසර තුනක් සපිරෙන කතන්දර බ්ලොග් අඩවියට තව දිගු ගමනක් යන්ඩ හැකිවේවා කියලා මමත් සුබ පතනවා !! අවුරුදු තුනක් බ්ලොග් අවකාසේ හෙල්ලුවා කියන්නේ සෙල්ලමක් නෙවේ . ..කතන්දර කාරයාට තව තව කතන්දර ලියන්න හයිය හත්තිය ලැබේවා ..
ඔබට ජය කතන්දර අයියා! මගෙනුත් උණුසුම් සුබ පැතුම්!
ReplyDeleteඒ කියන්නේ කතන්දර දන ගාලා ඉවරයි, ඒකත් හොදයි :P
ReplyDeleteඑක දවසේ උපදින අය එක වගේලු.. ඇත්ත... ඕනයත් කතන්දර කාරයනේ.. අනේ ඌ කොහේදෝ යනවලු නේද ? මදැයි ඌව බලන්න යන්න හිතුව නිවාඩුවට ආවම.
ReplyDelete@ All
ReplyDeleteබුදු අම්මෝ තියෙන කමෙන්ටු කන්දරාව!
සියළු දෙනාටම එක රිප්ලයි එකක් දෙන්නම්.
සුභ පැතූ සැමටම ස්තුතියි. කීප දෙනෙක් ඊ-මේල් පවා එවා තිබුණා කලින් දවසේම.
මේ පොස්ට් එකේත් කතන්දරයක් තිබුණු බව අමතක කරන්න හෙඳ නෑ. ලුලා නැති වලට කණයා වගේ තමයි මං මුලින් ම පළමුවෙනියා වුනේ. හැබැයි පුරුදු වුණාට පස්සේ වැඩේ නැගලා ගියා.
හෙට වෙනකොට මේ සෙලිබ්‍රේෂන්ස් ඉවරයි. හෙට ඉඳලා ආයෙත් කතන්දර.
සැමට ස්තුතියි.
රවුමක් ගහල දැනුයි ගෙදර ආවේ..
ReplyDeleteමම පිටරටක ඉන්න කොට අහම්බෙන් තමයි ඔහේගේ බොග් එක දැක්කේ.. ඒ වෙනකම් දාලා තිබුන ඔක්කොම පෝස්ට් කියෙව්ව.. ඒ තරම් රසවත්.. මමත් බොගක් දැම්මෙ ඔහේ නිසා.. ඒකට වතුර එහෙම ඇදල උදව් කලෙත් ඔහේමයි.. මගේ පළමු පොස්ට් එකෙන්ම ඔහේට උපහාරත් පුදකලා.. සිංහල බ්ලොග් ඉතිහාස පොතේ රන් අකුරින් ලියවෙන නම තමයි.. කතන්දර.. ඒකේ ආයේ දෙකක් නෑ.. ඒ වගේමයි ඔහේගේ මනුස්සකම හා නිර්භීත කම හා කෙලින් කම (රිජු කියල ගහන්න තේරෙන්නේ නෑ)
සුභ උපන්දිනයක්...!!!!
සුභ අනාගතයක්...!!!
මහත්තයෝ................
සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් කකා අය්යෙ...
ReplyDeleteඅවුරුදු 5දි පොඩි සෙලිබ්‍රේෂන් පාරක් දාමු.
දැන් ඉතින් ඊලග පාර්ටි එක ඔක්තෝබර් නේද?
ප.ලි. පොඩි ප්‍රශ්නයක්. බ්ලොග් එකේ දිනය හරිද අද ජූලි 11 නෙ , ඇය් 12 වැටිලා, ඒ මදිවට එක්කෙනෙක්ගෙ ජුලි 15ත් වැටිලා....හෙහ් හෙහ් හෙහ්
හෆොයි වැරදි තැනක දාලා තියෙන්නෙ . සොරි වෙන්නෙ ඕන.
Deleteසුභ පැතුම් කකා . . .
ReplyDeleteඇත්තෙන්ම මම ඇතුලු බොහෝ දෙනෙකුට නතර කරනෙන නැතුව දිගටම බ්ලොග්ස් ලියන්න උත්තේජනය සැපයුවේ කකා කියන එක කියන්නේ අවංකවම . .
දිගටම ලියන්න . . ජයෙන් ජය