Friday 8 April 2011

විලිලැජ්ජාව නැතුව හැදෙන දැං කාලේ අවලං කෙල්ලෝ - (මේ කතන්දරේ අහවලා ගැන නෙමේ)


ඉස්සෙල්ලාම කියන්නං, ඔය පින්තුරේ දාල තිබුණට මේ කතන්දරේ පූනම් පාණ්ඩේ ගැන නෙමේ.

කාලයත් සමග ලෝකේ වෙනස් වෙනවානේ. ඒ එක්කම අපිත් වෙනස් වෙනවා.

අද ළමයි හෙට ලොකු වෙනවා. කසාඳ බැඳලා ළමයින් හදනවා. ඒ ළමයින්ටත් ළමයි එනවා. ඔහොම වයසට යනවා.

දැන් ඉතිං පරම්පරා පරතරය හෙවත් ජෙනරේෂන් ගැප් එක ඇති වෙනවා.

එදා අපේ ඇන්ටිලා කෙල්ලෝ කාලේ මිනි ගවුම් ඇන්දා. අද අපේ ඇන්ටිලා අඳින්නේ පොළොව පිහදාන තරමට දිග සායවල්. අද කෙල්ලෝ නං අඳින්න කැමති ටයිට් ජීන්ස් බවයි පේන්නේ. ඒ ජෙනරේෂන් ගැප් එක උඩින් පේන හැටි.

ඊට වඩා දරුණු අදහස් සහ මත ගැටුම්. අද තරුණ පරම්පරාවේ වැරදිමයි පේන්නේ අද නාකි පරම්පරාවට. ඒක සදාකාලික සත්‍යයක් වගේ.

ජෙනරේෂන් ගැප් එක තිබුණට කමක් නෑ කියමු. ඒක වලක්වන්න බෑ වගේ නේ.

වයසට යනකොට ගෑණු මිනිස්සු ටිකක් විතර ග්‍රම්පි වුනාට කමක් නෑ කියමු. ඒකත් ඉතිං ස්වභාවයනේ.

හැබැයි තමන් ගේ තරුණ කාලේ ගැන අමතක කරන එක තමයි වරද!

අද කතන්දරේ මේකයි.

ඔන්න අපි හිච්චි සන්දියේ හිටියේ ආච්චිලයි අහ, හරිය? එක දවසක් අපේ ආච්චී බුලත් විටක් කොටන ගමන් කාටද මන්දා බණිනවා හෝ ගාලා.

"මේ දැන් කාලේ හැදෙන කෙල්ලන් ට අම්මප විලිලැජ්ජාවක් නැති හැටි. මුංගේ අම්මලා මුංට මොනවා උගැන්නුවද මන්දා.
තුහ් නොදකින්, විලි සංගේ නැති උං!"

මට හිතාගන්න බැරිවුනා මොකක්ද කේස් එක කියලා. අපේ නැන්දලා බැඳලා ගෙදරින් ගිහිල්ලා හුඟක් කල්. අපේ ගෙදර කෙල්ලෝ නෑ. අහල පහල ගෙදරකවත් කෙල්ලෝ නෑ. (ශුෂ්ක පලාතක අපි හිටියේ!).

ආච්චි කාටද මේ බණින්නේ?

"මුං ට මේ වගේ දහදුරා දේවල් හිතෙනව මදිවට කට ඇරල මේව කියනවනේ අම්මප, මුළු රටටම ඇහෙන්න!"

බැනුමේ නිමාවක් නෑ. ඒත් එක කොනක්වත් අල්ලගන්න බැරි වුණා මට.

"මේකිලගේ මනමාල විසේ මේකිල ගේ ඉහට ගහල. විලි සංගෙ නැති එවුං!"

ඔය වගේ මහා බැනුම් වරුසාවක් වැහැල වැහැල අහවර වෙන කොට ඔන්න මට තේරුණා මොකක්ද මේ ආච්චි පරල වෙන්ණ හේතු භූත වුණු සීන් කෝන් එක කියල!

වෙළඳ සේවයේ සින්දුවක් යනව.

ගායනා කරන්නේ චන්ද්‍රාණි ගුණවර්ධන. සින්දුව ලියල තියෙන්නේ ඩෝල්ටන් අල්විස්.

"තුං තුඹ මල්, තුඹ මල්,
තුං තුඹ මල්, තුඹ මල් //
තුං තුඹ මල් රෙද්ද ඇඳල
බණ්ඩි වලළු දැතෙ දමාලා
මම දොර ලඟ බලා ඉන්නවා //
අනේ තාම ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා

ගෙදරට එන පාර කිව්ව
පණිවිඩ හත අටක් යැව්ව
අනේ තාම ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා //

රටක් වටින කෙනෙක් එක්ක
මටත් හනික දීග යන්න
උදව් දෙන්න ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ, ආවෙ නැහැනෙ
මල් දුන්නෙන් වඩින ඉලංදාරියා //"

මෙතනින් අහන්න:
http://www.infolanka.com/miyuru_gee/lll/l266.ram

-කතන්දරකාරයා

ප/ලි:
මේ අර මං කලින් කියපු
මහාප්‍රාණ,
පෙට්ටගම,
සීනි බෝතලේ
වගේ කතාවල හිටපු ආච්චි නෙමේ හොඳේ!


(image: http://top5000.blogspot.com/2011/03/poonam-pandey-hot-bikini-thigs-show.html)

21 comments:

  1. ලස්සන සිංදුවක්..

    ReplyDelete
  2. ඉතින් ඇත්තනේ!

    ...කියල මටත් හිතුණා,
    'ගෙදරට එන පාර කිව්ව,පණිවිඩ හත අටක් යැව්ව
    අනේ තාම ආවෙ නැහැනෙ..' කොටස කියවද්දි.

    ඒත් බලාගෙන යනකොට මේ අඬගහලා තියෙන්නේ ඇත්තම ඉලංදාරියකුට නෙමෙයි. මල්සරාටද කොහෙද..
    "රටක් වටින කෙනෙක් එක්ක, මටත් හනික දීග යන්න
    උදව් දෙන්න"

    ඇත්තටම 'මල් දුන්නෙන් වඩින ඉලංදාරියා' කියන්නේ එයාටද කතන්දර? :-o

    ReplyDelete
  3. ඇත්තට කතන්දර අයියත් දැන් ඔය ජොලියේ හිටියට තව අවුරුදු 20ක් විතර යද්දී ඔහොම්ම වෙයිද?

    ReplyDelete
  4. ආච්චිට ලූස්....... හික්ස්....


    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  5. ඇයි කතන්දරට සහෝදරියෝ නැද්ද? හිටියා නම් ආච්චි ඔහොම බනින එකක් නෑ. ආච්චි ඉන්ට තිබුනේ මේ කාලේ? ඒ කාලේ එහෙම නම් මේ කාලේ අර පූනම් වගේ අය දැක්කාම කොහොම බනීවිද නේද? කතන්දර කාලෙකට හරි පුරුදු වෙන්නත් එක්ක ශුෂ්ක පලාතක හිටිය එකත් හොඳයි.

    ප්‍රශ්නෙකුත් තියනවා එකක් නෙමේ කීපයක්ම. තුඹ මල් පිපෙන්නේ කොහෙද? ඒ මල් තියන රෙදි ඇඳපුවාම මල් දුන්නෙන් ඉලන්දාරි වඩිනවද? ආච්ච්ටත් ඒ රෙද්දෙන් චීත්තයක් මහලා නුදුන්නේ ඇයි?

    ReplyDelete
  6. හොඳ වෙලාවට ආච්චි ඒ කාලේ ජීවත් වුණේ... මේ කාලේ හිටියනම් ඇහෙන්නේ...

    "වෙන ඕනේ දෙයක් කියලා, හඳපානේ යමුද දෙන්නා..."

    වගේ සිංදුනේ... එහෙම වුණා නම් බඩුම තමයි... :D

    ReplyDelete
  7. ලස්සන සින්දුවක්!

    "වයසට යනකොට ගෑණු මිනිස්සු ටිකක් විතර ග්‍රම්පි වුනාට කමක් නෑ කියමු"

    "ග්‍රම්පි" කියන්නෙ මොකද්ද අය්ය?තෑන්පත් වගේ එකක්ද?

    ReplyDelete
  8. @පොකු,

    තුඹ (Leucas aspera, Family : Lamiaceae)
    Sanskrit: Dronapushpi, Chitrapatrika, Phalepushpa, Karabhapriya, Drona
    Hindi: Chotta halkusha
    Malayalam: Tumba, Thumba, Tumpa

    PLANT DESCRIPTION: A small erect, much branched annual herb grows up to 60 cm in height. Leaves sub sessile, linear-lanceolate, obtuse, entire, or crenate; flower white, in dense axillary whorls. Fruits nut lets, brown and smooth.

    MEDICINAL PROPERTIES: Plant pacifies vitiated kapha, pitta, inflammation, skin diseases, worm infestation, arthritis, cough, amenorrhea, intermittent fever, Migraine and ulcer.

    කොහෙද දැං කාලෙ හැදෙන ළමිස්සියො මේවා දන්නෙ.. උයන්න පුළුවන් මනමාළයො හොය හොයා ඉන්නවා මිසක්කා..

    ReplyDelete
  9. මේ අපේ අම්මා අපේ තාත්තට කියපු සිංදුවනෙ... :)

    ReplyDelete
  10. ලමැද තලා යහනේ ඉන්නම් ඇහුනනම් කතන්දරගේ ආච්චිට......

    ReplyDelete
  11. ඔය ජෙනරේෂන් ගැප් ගන ලියවුනු ලස්සන නවකතා පොතක් තියෙනව මගේ ආසම නවකතා කාරියක් ලියපු . .

    පොතේ නම දෙබෙදුම රචිකාවිය සේපාලි මායාදුන්නේ. හොයාගෙන බලන්න ඇහැක් නම් හරිම අපූරු පොත.

    අහ් මේ ගීතයත් මගේ නම් ප්‍රියතම ගීතයක් . . .

    ඔය ආච්චිලා සීයලා ගොඩක් අය තමන් කෙල්ලෝ කොල්ලෝ කාලේ දහ අට සන්නියම නටපු අය තමයි අයියෝ . .

    වයසට ගියාම නටන්න අතපය පන නැති නිසා මහා උපාසක උපාසිකාවෝ වගේ පෙනී හිටිනවා.

    ReplyDelete
  12. හාපෝ... මාත් වයසට ගියහම මෙහෙම ඉඳීද දන්නේ නැහැ.... :(

    ReplyDelete
  13. උඩ ෆොටෝ එකේ ඉන්නේ කවුද දැකලා පුරුදුයි .එයාද පූ ?

    මටත් සීය කෙනෙක් ඉන්න නිසා මේ කාලේ උංගැන කතන්දර නම් අඩ්ඩු නැතිව අහගන්න ලැබෙනවා .!

    ලොකු අයියේ බ්‍රම්පි කියන්නේ මොකද්ද ඇත්තටම ?

    ReplyDelete
  14. පුලුලුකුලේ මා සතපමිනේ....
    මුවට මුව තබා කොදුරමිනේ...
    පෙම් රොන් උරමුද දෙතොල් මතින්....

    මේ වගේ සින්දු ආච්චි ඇහුවනම් බඩුම තමා...........

    ReplyDelete
  15. ඕව මොනාද ලොක්ක, අමරෙල, නන්දලනෙ නියම සින්දු කියල තීනෙ. " උකුල ළැමහස මලවි කරළිය මුවා කල ඇගෙ දුහුල් සළු තිර විවර කෙරුවා මනස් සළෙළුන් උමතු වූ දෙනුවන් රැහැන් ඇද"
    එතකොට තව " පියොවුරු සඟලේ තැවරුණු දෙතොලේ මිහිරෙන් සනහන් සොඳුරේ" වගේ ඒව. අන්න සින්දු. ඇහුවනං "නාකි උනත් බර අදිනව කන්න දෙනවනම්" තමයි.

    ReplyDelete
  16. @All
    සේරටම එක පිළිතුරක් ලියන්නම්.

    අපේ ආච්චි හිතුවේ මේ ගායිකාව තමන්ගේ ම අදහස සින්දුවෙන් කියනව කියලිය ලැජ්ජ නැතුව. සාමාන්‍යයෙන් කෙල්ලෝ කරන්නේ ඕව එලිපිට කියන්නේ නැතුව ඇඹරෙන එකනේ. ඔය බැනිලි සේරම, ආච්චී ඒ විදියටම වචනෙන් වචනේ කිව්වද කියල නං මට මතක නෑ. ඒ දවස්වල මං පොඩි එකා කාලේ.

    දැන් අපේ ආච්චී අවුරුදු අනූ ගාණක් ආයු වලඳලා මිය පරලොව ගිහිනුත් කලක් වෙනවා.

    ඇයට නිවන් සැප ලැබේවා!

    මේ සින්දුව කියන්නේ මල්සරාට එන්න කියල මිසක් කොල්ලෙකුට එන්න කියලම නෙමේ කෙලින්ම. ආච්චිට ඒකත් වැරැද්දක් වේවි ඒ හරිය තේරුණා නං.

    ග්‍රම්පි කියන්නේ, වහා කිඵෙන, නොඉවසිලිවන්න, අවලාද කියන තේරුම තියෙන වචනයක්.

    කුමාරිහාමි ගේ ප්‍රශ්ණෙට නං බුරා උත්තර දීලා තියෙන්නේ.

    ෆොටෝ එකේ ඉන්නේ වෙන කවුද ඉතිං.

    අපි කවුරුත් නාකි වෙනවා. දැනටම මගෙයි දුවගෙයි අතර පරම්පාර ගැටුම් ප්‍රශ්ණ. ඕව ඔහොම තමයි.

    සින්දු ගැන නම් කියන්න තියෙන්නේ කන්සා බීලා ඇඳ උඩ ඉන්න වගේ ජොලි කතාවක් තියෙන සින්දුවක් මං තාම අහලා නැති බවයි!

    සැමට ජයවේවා!

    ReplyDelete
  17. ලොලේ ලොල් තමා ඉතිං~!

    ReplyDelete
  18. මැරෙන්න හිනා මේක කියවලා.කතන්දර අයියටත් සෙට් වෙන්නෙම පරාල ඇනනේ.හික්ස්ස්ස්ස්ස්ස්ස්

    ReplyDelete
  19. මාර කතානේ කතන්දරට සෙට් වෙන්නේ. අපේ ගෙදරට කෙල්ලෙක් නෑ. වෙන්ඩ ඉන්න ලේලිලාටිකත් හොඳයි. සංකර නෑ. ඒ නිසා කොල්ලො ටික බේරෙයි. MC එකට ගිහින් බලන්නකෝ මේ විලිසංගෙ නැති උන් ඉන්න හැටි.

    ReplyDelete
  20. Vilisange nathikama nemei..Ekale tibuna sanyamaya..horen panala yanne nethiwa, viwahaya balaporothhuwen sihina dakina kellekta hithe ethiwena hangeema visthara karala tiyanawa geetha rachakaya....rasawath geethayak..........

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.