ජීවිතයම කතන්දර ගොඩක්!
This is a Sinahla blog written for five years from July 2009. It contains stories - Kathandara - from authors life.
කතන්දරකාරයා ගේ දශක කිහිපයක ජීවන අත්දැකීම් අළලා 2009 ජූලි 11 දින සිට පුරා වසර පහක් තිස්සේ ලියවුණු කතන්දර එකතුවකි. kathandara@gmail.com
Saturday, 16 April 2011
මැද්දෙන් ඔබන කෑල්ලේ ඒකාකාරීත්වය...!
කාලයක් තිබුණා මං ඡන්ද රැස්වීම් බලන්න යන්න හරිම කැමති. ඒ මට සර්වජන ඡන්ද බලේ හම්බ වුණු මුල් කාලේ. ඒ දවස්වල පටන් ගෙන තිබුණා ජනාධිපතිවරණයකුත් පක්‍ෂ කීපයක් ම තරඟ කරන. වැඩේ කියන්නේ, මං ගිය ගිය රැස්වීමේදී කතා අහපුවාම මට ඒ පැත්තට ඡන්දේ දෙන්න හිතෙනවා.
අන්තිමේදී මට හිතුණා, අපේක්‍ෂකයෝ තුන් දෙනෙකුටම, එක, දෙක, තුන කියලා කැමැත්ත දෙන්න. ඒත් ඉතිං, ඒ මං දෙන ඡන්දෙන් දෙවෙනියා සහ තුන්වෙනියාට වැඩක් නැති නිසා අන්තිමේදී එක විතරයි ගැහැව්වේ. ඒත්, ඒකත් අපතේ ගියා!
දැන් සුමාන දෙක තුනකට කලිනුත් ගෙවල් ලඟ ඉස්කෝලෙට ගිහින් ඡන්දෙ අපතෙ යවල ආව වුණාට, මං නං දැන් ඡන්ද රැස්වීමක් බලන්න ගිය කාලයක් මතක නෑ.
කොහොමටත් ඕවට යන්නේ ඒ ඒ පාක්‍ෂිකයෝ විතරනේ. රැස්වීමක කතාවක් අහල තමන් ඡන්දේ දෙන විදිය වෙනස් කරන අය තව දුරටත් ඉන්නව කියල මං හිතන්නේ නෑ. ඒක තමයි කියන්නේ ඔය ඡන්ද රැස්වීම්වල කරන කතා නිකං ප්‍රීචින් ෆෝ ද කන්වර්ටඩ් ආකාරයේ එවාය කියලා.
ඔය හින්දමද කොහෙද, ඡන්ද රැස්වීම් වල පොලිටික්කලා කරන කතා අහන් ඉන්න උන්ට බෝරිං වෙන්න ඉඩ තියෙනවා. ඒක හින්ද තමයි පොරවල් ඔය දෙපැත්ත කැපෙන කුණුහරපයක් දෙකක් හෙම කියල දාන්නේ. එතකොට තමයි නිදා වැටෙන පොදු ජනතාව අවදි කරගන්න පුළුවන් වෙන්නේ.
මිනිස්සු බෝරින් වෙන එක නවත්තන්න කුණුහරුප කියනවා වගේම තවත් භාවිතා වෙන උපක්‍රමයක් තමයි කතා මැද්දේ ගායක පොරක් ව දාලා සින්දු කීම. නැගලා යන සින්දු නං වඩාත් හොඳයි.
මෙකෙන් අපේක්‍ෂක තුමා ගේ දෑත ශක්තිමත් වෙනවා. ගායක පඩයා ගේ අනාගතය සුභ වෙනවා.
මං හිතන්නේ මේ කතා අතරට සින්දු දාන උපක්‍රමය නැගලා ගියේ අසූ ගනං වල ගම් උදාව වගේ වැඩ කිඩ තිබුණු කාලෙයි.
මේ සේරම මට මතක් වුනේ ලඟදී පොතක් දොරට වැඩීමේ උත්සවයකට සහභාගී වෙන්න ගිය වෙලෙයි.
පොත ලියලා තිබුනේ මගේ හිතවතෙක් හින්දා සතියේ දවසක හවස් වරුවේ තිබුනත් කලින් ඔෆිස් එකෙන් පැනලා ඔන්න පැයක් විතර පරක්කු වෙලා හෝල් එකට ගියා.
මට මිස් වෙලා තිබුනේ මුලින් තිබිල තියෙන රස්තියාදුවයි, චාරිත්‍රාණුකූල තෙල් පහන් දැල්වීමේ සීන් එකයි විතරයි. මුල්ම දේශකයා කතාවේ මැද හරියේ හිටියේ.
ඔන්න පොර ගේ කතාව ඉවර වුණු හැටියේ මයික් එක ගත්තා සභාව මෙහෙයවන බූවා.
"විචාරක කතාවල ඒකාකාරීත්වය මැකීමට දැන් අප ඉදිරිපත් කරන්නේ රසවත් ගීතයක්!" පොර කියපි. "කතා අසා විඩාබර ඔබ සැනසීමට මෙන්න මගේ ආරාධනය අහවලාට".
ඔන්න අහවලා ගේ සින්දුව ඉවර වුණාම දෙවන දේශකයා ගේ කතාව පටන් ගත්තා.
ඒක ඉවර වුණාම තව සින්දු කෑලි දෙකක් ම තිබුණා එක දිගට. එකක් නං මේ පොත ලියපු කවිකාර බූවා ගේ ම කවියක් සින්දුවක් කරපු එකක්.
ඒ දෙකම අපේ නිවේදක බූවා ඉදිරිපත් කලේ දේශණ වල ඒකාකාරීත්වය මැකීමට මෙන්න රසවත් ගීතයක් කියන මන්තරය එක්කයි.
ඒ සින්දු දෙකෙන් පස්සේ ඔන්න ආයෙ කතාවක් තිබුණා.
ඊට පස්සේ කපල් එකක් කවි පොතේ කවි පන්තියක් කියවන්න පටන් ගත්තා. ඒකත් මේ කතාවල ඒකාකාරීත්වය නැතිකරන්න මැද්දට ඔබපු ඒවාලු.
එතනින් පස්සේ ආයේ කතාවක්.
සේරම කතා පහකුයි, ඒව අස්සට ඔබ්බපු සින්දු කවි කරන, කවි සින්දු කරන අංග හත අටකුයි තිබුණා මයෙ හිතේ.
හැම සින්දුවක්ම දාලා තිබුනේ කතාවල ඒකාකාරීත්වය මකන්නලු.
හැබැයි මට නම් ඇත්තටම හිතුනේ, "එතන තිබුණු කතාවලින් අර කියපු සින්දුවල ඒකාකාරීත්වය මැකුණා නේද?" කියලයි!
අපි පොතක් එලි දැක්වීමකට යන්නේ කතා අහන්න බලාගෙන නැතුව වෙන මොනව තියෙයි කියල හිතාගෙනද?
ඔන්න සංගීත සන්දර්ශණයකට ගිහින් කතා අහන්න වුනොත් නං ඉතිං වලි තමා!
-කතන්දරකාරයා
ප/ලි
පොතක් ගැන තව කතන්දරයක් මෙන්න : කයි කතන්දර - කවි පොතක කතන්දරයක්.
මේ තව එකක්: දේශප්‍රිය රට පනී.
ඇයි මේවා?
පොත් දොරට වැඩුමක් ගැන ලියන්න ගිහින් මං කාපු හැටි සහ පස්සේ ඒ පොත ගැන ලියන්න ගිහිං වෙච්ච දේ!
1. W3Lanka ට පොඩි ප්ලග් එකක්
2. W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ
3. අසව්! අසව්!! ශාස්තෲ ආතල් කතන්දරේ පිළිබඳ පැහැදිලි කිරීමයි
Subscribe to:
Post Comments (Atom)
හික්ස්z... එතකොට පොදු ජනතාව අවදි කරන්ඩ පුලුවන් දෙපැත්ත කැපෙන කුණු හරුප කියලයි ආ.......
ReplyDeleteකඨ්ඝා වල ඒකාකරිත්වය මකන්ඩ කියල කථා වලට වඩා සින්දු දැම්මොත් සින්දු ඒකාකාරී වෙනවනෙ ... ලොල්........
http://aluthkolla.blogspot.com
හික් මං නම් ඡන්ද රැස්වීමකට යනවා තියා අහල පහලකින්වත් යන්නේ නෑ අයියේ...
ReplyDeleteඔය පින්තූරෙ තියෙන දොරට වැඩුමට ගිහින් කතා අහපු කට්ටිය මොනව කිව්වද දන්නෙ නැහැ නේද?
ReplyDeleteලෝකෙටම කතන්දර කියන කතන්දරගේ කතා බෝරින් වෙන්න බැහැ කියලයි මම හිතන්නේ. ඒත් ඉතින් බ්ලොග් ලියන කතනදරත් , සජීවි ලෝකයේ කතන්දරත් දෙන්නෙක් ද දන්නෙ නැහැනේ (Bipolar )..මොකද කොහේ හරි තැනක මම දැක්ක ,කෙනෙක් ලියල තිබ්බ , නිර්මාණ කරන කොට මතුවෙන පුද්ගලත් ,සැබෑ ජිවිතයේ දී මතුවෙන පුද්ගලයත් දෙන්නෙක් ලු. ඒක හැබැයි වැඩිපුරම බලපානව ඇත්තේ නිර්නාමිකයන්ට සහ අනවර්ත නම්වලින් ලියන අයට....
ReplyDeleteකතන්දර ට තිබ්බෙ කතන්දරයක් කියලම කතාව පටන් ගන්න. කතා පැවැත්වීමත් කලාවක්. සමහර අය කතා කරන කොට ඒ දේශකයගෙන් ඇස් , කණ් ඉවතට ගන්න හිතෙන්නෙ නැහැ .ඒ තරමට රසවත්....
හැබැයි මේ මොකද කතන්දර... කතන්දර නම් වෙන කෙනෙක් ලියල දුන්න කතාවක් කියවනව, එහෙමත් නැත්තම් තමන්ම කොළයක ලියාන ආව කතාවක් කියවනව.
මම කතාවක් කරෝත් නම් අවසර ගැනීම් මුකුත්ම නැහැ. වචනයෙන් දෙකෙන් කතාව කරා , ආවා.
පුංචි ප්‍රශ්ණයක් තියේ අහන්න ,පොත් දොරට වඩම්මන්නම ඕනි ද?
අයෙත් අහලා එකපාරක් ඔය මිගමුව මුහුදුවෙරලේ තිබ්බ සංගීත සංදර්ශනයකදී බයිලා පහේ කොත්තු ගහන, වැලිකඩ ඉදල ආපු තරුණ පහේ රැප් ගායකයෙක් මරදානේ සම්බන්ද අඩන සින්දුවක් කියල ෆන් එක නැතිකළා කියලා නටපු උන්ට මළ පැනලා ගැහුවේ නැත කොකා කෝලා බෝතල් පාරක් උගේ ඔලුවට උඩින් යන්න එතනින් ෂෝ කැන්සල්.පොර ලැජ්ජාවක් තියේනම් ආයේ මිගමු පැත්තේ එන්නේ නැහැ සුවර්, ආවත් අඩන සින්දු නොකිය ඉදිවී.හැබැයි ඉතින් පොර උස නිසා උට වැදුනේ නැහැ කියන්නේ ස්ටේජ් එකේ හිටි එකෙකුටවත් වැදුනේ නැහැ කියන එක තමයි.
ReplyDelete@අළුත් කොල්ලා
ReplyDeleteපොදු ජනතාවට ඕනෑ දේ දන්නේ වෙන කවුද පොලිටික්ක ලා මිසක්!
@prasanna86k
ReplyDeleteමාත් ගිය කාලයක් මතක නෑ. හැබැයි දහ අටෙන් ඡන්දේ ලැබුණ කාලේ නං ගියා!
@හරි - පිළිපලස
ReplyDeleteඔය පින්තුරෙ ගත්තු එකේ නං කතා මිස සින්දු තිබුනේ නෑ.
@සොඳුරු සිත
ReplyDeleteමං ගිය අවුරුද්දේ කතාවක් කලා. පොල්ලෙන් ගහනවා වගේ පටන් ගත්තා. ඉවර කලේ, මගේ කතාව නං ඉවරයි. දැන් තියෙන්නේ මුලින් නොකල අවසර ගැනීම කරන්න විතරයි කියලා!
@සොඳුරු සිත
ReplyDeleteඉස්සෙල්ලා කියල ප්‍රින්ට් කරන්න කෝ!
@ අපරාජිතයා :::: Aparajithaya
ReplyDeleteඔය වගේ තැන්වලට මොකටද ලයිව් මියුසික්. සෙටප් එකක් මදෑ නාල බිටන්න.
මං බෞද්ධ ශිශ්‍ය සම්මේලනයෙ හිටපු කාලෙ එක නායකත්ව පුහුණු කඳවුරකදි අයිය කෙනෙක් අපිට කතන කලාව ගැන දේශනයක් තිබ්බ. ඉතාම වටින අදහස් උපක්‍රම පිරුණු ඒ දේශනය ඊට පස්සෙ මං කොපිකරගෙන අපේ රට වටේ හිටපු ශාඛා වල ළමයින්ට පවත්වල මාර පොරක් උනා.
ReplyDeleteඅදටත් ඒ තියරි මට බොහොම උදව් වෙනව.
ඇත්තටම හොඳ කතා මැද්දට සිංදු දැම්මොත් වෙන්නෙ සිංදු එපා වෙන එක මිස කතා නීරස වෙන එක නෙමෙයි.
මගේ ජීවිතයෙ මං දැක්ක අපූරුම දොරට වැඩුම උනේ "නාලක හේවාමද්දුමගෙ සතුට පිරුන සමබර දිවිය" (පොතේ නම හරියටම හරිද මන්ද, මතක තිබුන විදිය තමයි ඔය ) පොත දොරට වැඩුමෙදි. ඒක වෙන්නැති සමහරවිට තරු පහේ හෝටලයකදි බුදවත්ත මහත්තයගෙ නැටුං සුනිල්ල නන්දල්ගෙ ගැයුං එක්ක හොඳ කෑම වේලක් එහෙම අමුත්තන්ට සංග්‍රහ කරල දොරට වඩපු එකම සිංහල පොත!
//ලෝකෙටම කතන්දර කියන කතන්දරගේ කතා බෝරින් වෙන්න බැහැ කියලයි මම හිතන්නේ. ඒත් ඉතින් බ්ලොග් ලියන කතනදරත් , සජීවි ලෝකයේ කතන්දරත් දෙන්නෙක් ද දන්නෙ නැහැනේ (Bipolar )//
ReplyDeleteවත්ටත් හිතෙන ඒවා බලන්න කතන්දර. මම දන්න හැටියට කතන්දරගේ කතා හොඳයි. හැබැයි ලියන 'කතන්දර' ඊට වඩා හොඳයි. ඒ ඉතින් මටනේ. වත් ඇහුවොත් එයාට ඒකේ අනික් පැත්ත හිතෙයිද දන්නෙ නෑ.
යසනාත් ධම්මික බණ්ඩාර කියන ගීත රචකයා, (දැන් වෛද්‍යවරයෙක් ) වෛද්‍ය ශිෂ්‍යයෙක් කාලෙ පොතක් එළි දැක්වූවා තවත් මිතුරෙක් එක්ක (එයාගෙ නම මතක නෑ ) ඒකෙ තිබුනේ ඔවුන් දෙදෙනා ලියපු කවි, නිසඳැස් වගේ දේවල්. ඒ කවි කීපයකට නවරත්න ගමගේ විසින් ගී තනු යොදලා කපුගේ ලවා ගායනය කරවන්න යොදා තිබුනා. අපි ගියේ සංගීතය සපයන්න. හැමෝම දන්න විදිහට කපුගේ හොඳටම බීලා තමයි උත්සවයට ආවෙ. ඔහුට ඒ කිසිම ගීතයක් තාලෙටවත්, වචන හරියටවත් ගායනය කරගන්න බැරි උනා. අන්තිම උත්සවයට ආපු හැමෝටම "අනේ අපොයි !" කියලා කිය උනා. ඒ කපුගේ ගැන ඇතිවෙච්ච දුකටත්, ඒ අංකුර රචකයන් දෙදෙනාගේ මහන්සිය ගැන ඇතිවෙච්ච අණුකම්පාවත් නිසා.
ReplyDeleteටයිටල් එක දැක්කට පස්සෙ මට හිතාගන්න බැරිවුනා මොනා කියලා කොමෙන්ට් කොරන්ටද කියලා.. ඒත් අනික් අයගෙ කොමෙන්ට් ටික දැක්කට පස්සෙ මට හිතුනා සමහරවිට මම හිතන විදිය බොහොම dirty and corrupted ද කියලා.. :D
ReplyDelete@ඉන්දික උපශාන්ත
ReplyDeleteමාත් ජනවාරි මාසේ පොතක් ගැන කියන් ගිහින් හොඳට කෑවා!
@Podi Kumarihami
ReplyDeleteමට තියෙන්නේ බයි-පෝලර් නෙමේ ක්වොඩ්, පෙන්ට එහෙම නැත්තං මල්ටි පෝලර් ඩිස් ඕඩර්
@දුමී
ReplyDeleteයසනාත් දැන් සිළුමිණ ට ලිපි ලියනවා නේද?
මතක් කළ එක හොඳයි, මගේ අදහසක් තියෙනවා සින්දු පොතක් සහ සී.ඩී. එකක් කරන්න. හාමිනේ අද පොරොන්දු වුණා ස්පොන්සර් කරන්න.
@Buratheno
ReplyDeleteමේක ගෑනියෙක් ලියපු කතාවක් කියල හිතුනද, ටයිටල් එක දැක්කාම?
මං ඔය උඩ ෆොටෝ එක දැක්කම නං හිතුවේ ඔය මැද්දෙන් ඔබන සිංදුවක් කියන අවස්ථාවක ගත්ත එකක් කියලයි. ඒත් එහෙම නෙවේලු නේද?
ReplyDelete@ දුමී,
ReplyDeleteයසනාත් එක්ක ඒ පොත ලිව්වෙ තිඹිරියාගම බන්ඩාර. මාත් ඒ ප්‍රේක්ෂකාගාරෙ දුක් උන පිරිස අතරෙ හිටිය මතකයි.
අපේ අයියා ජන්දේ ඉල්ලන දවස් වල අයියයගේ රැස් වීම තිබ්බ දාට පහුවදා අනික් පිලෙන් එල කැඩෙන රැස්වීමක් දියත් කරන බවට අපට ඔත්තුවක් ලැබුනා . එදිනම මහා සංගීත සාජ්ජයකුත් තියනබව දැනගන්නටත් ලැබුනා .
ReplyDeleteඒත් අවාසනාවට අපේ කොල්ලෙකුගේ අතින් ලයිට් කනුවකට පොල්ලක් වැදිලා ඒරියා එක්කේ විදුලි බලය ඇන හිට්ටා . අන්තිමට රැස්වීම ඒකාකාරී වැඩියි කියලා මිනිස්සු හතර දෙනාට වඩා ඒ රැස්වීමේ හිටියේ නෑ ... ඔන්න ඔහොමයි උනේ !
දේශපාලකයො විතරක්ද ඔය කතන්දරත් ලියන්නෙ දෙපැත්ත්ට කැපෙන කුනුහරුප හිටු කියල. ඒත් දැන් ගොඩක් දේශපාලන කතාවල ඉදල හිටල කුණුහරුප නෙවෙයි තියෙන්නෙ කුණුහරුප විතරයි. බත්පැකට් එකයි අරක්කු කාලයි ගහල ඉන්න කොල්ලන්ට අන්කල්ලට විසිල් එකක් ගහල පොඩි ආතල් එකක් ගන්නයි ඔය කතා කියන්නෙ ගොඩක් දේශපාලකයින්. ම්ටනම් පෙන්නන්න බැරි වැඩක් තමයි ඔය දේශපාලන කතා අහන එක.
ReplyDeleteමට නිකම් මික්ස්චර් එක දැක්කම හිතුනෙ සිංහල ෆිල්ම් එකක්වත් දෝ කියල
ReplyDelete@කසු,
ReplyDeleteමට යසනාත්ව පහුගිය අවුරුදු දහයටම මුණ ගැසුනේ නෑ. මම ඇත්තටම දන්නෙ නෑ යසේ සිළුමිනට ලියනවද කියලා මොකද මම සිළුමිණ කියවන්නෙ නැති නිසා. හැබැයි මම දන්න දෙයක් තමයි ඔහු ඉතාම කෘතහස්ථ රචකයෙක්.
ආහ්... මට අහන්නත් බැරි උනා... එතකොට මේ පින්තූරේ තියෙන දොරට වැඩුමේදි "රසික සූරියාරච්චි" මහත්තයා කරන්නෙ කතාවක්ද එහෙම නැතිනම් ගීත ගායනයක්ද ?
@ඉන්දික උපශාන්ත,
ස්තූතියි අනිත් ලේඛකයාගේ නම මතක් කලාට. ලෝකේ කොච්චර පුංචිද ? උඹට මතක නම්, ඒ උත්සවයේ බොක්ස් ගිටාර් එක වාදනය කලේ මම නවරත්න ගමගේගෙ මෙහෙයවීම යටතේ. උත්සවය තිබුනේ මහවැලි කේන්ද්රගයේ ශ්රකවණාගාරයේදී. අන්තිමට කපුගේ ප්රේක්ශකාගාරයෙන් සහ රචකයන් දෙදෙනාගෙන් ප්රමසිද්ධියේ සමාව ඉල්ලුවා මතකයිනේ ?
@දුමී
ReplyDeleteමට වැරදුණා මං කියලා තියෙන්නේ ධම්මික බණ්ඩාර ගැනයි. යසනාත් ගැන නෙමෙයි.
මේ මැද්දෙන් ඔබන සීන් එක කිව්ව ගමන් මට මතක් උනේ දවසක් මම වේටෙක්ස් ඇඩ් එක ගැන ලිව්ව පෝස්ට් එකකට මලී දාපු කොමෙන්ට් එක.
ReplyDelete"මේ ඇඩ්ස් හරියකට බලා ගන්න බෑ නේ අතරින් පතර ටෙලි ඩ්‍රාමා දානවනේ අයියෝ"