Friday 25 March 2011

මැෂින් ෂොප් එකේ මැවිසුරුවා ගේ වැඩ කිඩ


පස්ස පැත්තේ ගෙඩිය සහ ටෙටනස් ඉන්ජෙක්ෂන් එක ගැන කතන්දරේ කතා නායකයා, හේරත් මතකයි නේ?

හේරත් හොඳ මීටර්කාරයා!

නුවර තිප්පොලේ අවුරුදු හතරක් ලැගලා ඉඳලා, පස්සෙන් පහු පොර සෙට් වුණා ජොබ් කට්ටකට. මේක පොඩි පහේ මැෂින් ෂොප් එකක මැවිසුරු තනතුරක්.

අළුත් ඉංජිනේරු මහත්තයා වැඩට ගන්න කලින් මෙතන ලීඩ් කරං ඉඳලා තියෙන්නේ පරණ ෆෝමන් කෙනෙක්. පොර මේ මැෂින් ගොඩේම අවුරුදු විසිපහකටත් වඩා කට්ට කාපු ගොබිලෙක්.

අළුතෙන් ආපු කොල්ලා, මේ ෆෝමන්කාරයා ට අල්ලලා නෑ. හේරත් මොනවා කිව්වත් ෆෝමන්කාරයා ඌට ඕනැ විදියට තමයි වැඩේ ගෙනියන්නේ. අනිත් වැඩකරන පොරවලු ඉතිං ෆෝමන් ට තමයි වැඩි සෙනේ.

ඒ අතර, මැෂින් ෂොප් එකේ අයිතිකාරයා බර බරේ දානවා, වැඩ කෙරෙන පිළිවෙල, ජොබ් හැන්ඩල් කරන හැටි දියුණු කරන්න කියලා.

හේරත් හොඳ මීටර්කාරයා නේ!

මේ මැෂින් ෂොප් එකේ තිබුණා ලු හොඳ සොෆිස්ටිකේටඩ් මැෂින් එකක්. හේරත් කාරයා දවසක් හොරෙන්ම මේකේ කොන්ට්‍රොල් යුනිට් එකේ පොඩි පාට් එකක් ගලවලා.

පහුවදා ඉඳලා මැෂිම අවුට් ඔෆ් ඕඩර්.

ෆෝමනුයි, අනිත් පොරවල් ටිකයි ෆුල් ට්‍රයි දුන්නා ලු මැෂිම යථා තත්වයට ගන්න.

ම්හු!

අන්තිමට ඔන්න වැඩකරන පොරවල් ටික ඇවිත් ප්‍රශ්ණය කිව්වාලු ඉංජිනේරු මහත්තයා ට.

"ඇයි ෆෝමන් හැදුවා නේද මැෂිම?"

"අනේ නෑ සර්. පොඩ්ඩක් ඇවිත් බලන්න කෝ!"

අපේ පොර එතනට ගියා. මැෂිමේ හෑන්ඩ් බුක්, ඔපරේටින් මැනුවල් බැලුවා. ලෙඩේ අල්ල ගත්තා. හොරෙන්ම අර කොන්ට්‍රොල් ෆැනල් එකේ කෑල්ල හයි කළා.

වැඩේ ෆික්ස්ඩ්!

එදා ඉඳලා වැඩපොලේ රජා තමයි අපේ හේරත්.

"හේරත් හොඳ මීටර්කාරයා!" කියල මං කිව්වෙ නිකං යැ?

-කතන්දරකාරයා

ප/ලි
ඊට පස්සේ තමයි හොඳ වැඩේ වුනේ.

ඔන්න ඔතන තිබුණු කම්ප්‍රෙෂර් එකක් ද මොකක් ද කැඩුණා. හේරත් කාරයා වීරයා වගේ ගිහිල්ලා නියෝග කළා, මැෂිම කෑල්ලෙන් කෑල්ල ගලවන්න.

යූසර් මැනුවල් එකේ කෑලි ආපහු හයි කරන විදිය තිබුණෙ නෑ මගෙ හිතේ.

හේරත් එදායින් පස්සේ එතන වැඩට ගියේ නෑ.

හැබැයි සතියක් විතර යනකොට හේරත් ගෙන් කෝල් එකක් ආවා පොර අළුත් වැඩපොලේ විස්තර කියලා.

හේරත් හොඳ මීටර්කාරයා!

ප/ප/ලි:
නොදන්න අයට.
මීටරේ = මොලේ
මීටර්කාරයා = මොලකාරයා = ණුවනැත්තා

(image: http://www.reshap.com/3786-mechanical-engineering-salary-report.html)

20 comments:

  1. අපරාදේ යූසර් මැනුවල් එක තිබ්බ නම් ඒ වැඩෙත් ගොඩ තමා..

    ReplyDelete
  2. අද අලුත් සිංහල වචන දෙකක් ඉගෙන ගත්තා.
    මීටරේ සහ මීටර්කාරයා......

    අපට නොදන්න සිංහල වචන කියලා දෙන්න කතන්දර වගේ කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක්ද?

    ReplyDelete
  3. හොඳ ට්‍රික් එකක් කවද හරි රස්සවට ගියාම..තැන්කු එකක් හොදේ..

    ReplyDelete
  4. අන්න බලන්න මිනිහා හොඳ මීටරයක් :D

    ReplyDelete
  5. වැඩ කාරයාට බොරු බෑ කියන්නේ ඒකනේ. හේරත් හොඳ මීටර් කාරයා.....

    ReplyDelete
  6. ඔය මැවිසිරුවොත් ඛාණ්ඩගත කරල තියෙනවා නේද? ක්ෂේත්‍රව අනුව.
    * මිකෑනිකල්
    * සිවිල්
    * ඉලෙක්ට්‍රොනික්ස
    * ඉලෙක්ට්‍රිකල්
    මේ විතරක් නෙමෙයි තව තියෙනව මයෙ හිතේ.ඉතින් ඔය කාටත් උ/පෙළ කරන්න ගත්ත කාලෙ ඉදලම කියන්නේ “ හොද මීටරේ “ කියල තමයි. මොකද කියනව නම්... ගණිතය කරන්න යන්නේ හොඳ මීටර් කියල තමයි තියන පිළිගැනීම. ජීව විද්‍යා කරන අයගේ ඇඟ පුරාම මොළය නෙව.

    හැබැයි තිං ..මෙහෙමත් දෙයක් තියනවා .. සමහර මැවිසිරුවොන්ට වඩා ෆෝමන් ල හොඳ මීටර් වෙන අවස්ථාත් තියනවා. ඒ යන්ත්‍ර සුත්ත්‍ර එක්ක ගැටිලම ලබා ගන්නා ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් නිසා වෙන්න ඇති.

    හැබැයි තිං මේ මැවිසිරුවාට තියෙන්නේ කපටි මොළ ගෙඩියක් නෙව. ඒ වගේ අයට කොහොමෙයි “ හොඳ මීටරයක් “ කියන්නේ. එහෙම අයට කියන්න ඕනි... ම්හ් ම්හ් කියන්න ඕනි නැහැ එක්කොත් ...

    මැවිසිරුවන් ගැන ලියවුන තව කතා තියනම් , ඒව පසුවට තියල, වෙන සීරිස් එකකින් කතාවක් ලියන්න කො කතන්දර... කතන්දර ලිස්ට් එකේ තිබ්බ මාතෘතා අනුව නම් , හරි රසවත් කතා තිබ්බ මම දැක්කා.

    ReplyDelete
  7. හේරත්ගෙ මීටරේ ප්‍රතිසමද, අන්කිතද දන්නෙ නෑහෑ නේද කතන්දර මහත්තයෝ...........

    ReplyDelete
  8. හේරත් හොඳ මීටර්කාරයා... ෆට්ටයි ඈ...

    ReplyDelete
  9. මොනවා වුණත් ඔය කෑල්ලක් හැංගුවා වගේ ට්‍රික් එකක් කළොත් මිසක් වැඩ දන්න ෆෝමන් කෙනෙක් හිරවෙන්නේ කළාතුරකින්...

    මැෂින් එකේ අවුලක් වුණාම, චෙක් කරලා, යූසර් මැනුවල් එකත් බලලා රිප්ලේස් කරන්න ඕනි පාර්ට් එක ඔර්ඩර් කරලා ඒක එනකල් මැෂින් එකේ වැඩ නවත්තලා මැවිසුරුවා බලාගෙන ඉද්දී ෆෝමන් කරන්නේ පරණ වෙන මොඩ්ල් එකක මැෂින් එකකින් කෑල්ලක් ගලවගෙන පොඩි ජිමික්ස් එකක් දාලා ඒ කෑල්ල හයි කරලා මැෂින් එක වැඩ කරවන එකයි...

    (කාලෙකට පස්සේ යුනිට් එකම රිප්ලේස් කරන්න වෙන එක වෙනම දෙයක්... කොහොමත් ඉතින් එතකොටනේ දිගටම වැඩ තියෙන්නේ... වැඩ නැත්නම් ජොබ් එකත් නෑනේ...)

    ReplyDelete
  10. බල්ලගෙ වැඩේ බුරුවා කරන්න ගියහමත් ඔහොම වෙනවා.සුදුස්සාට සුදුසු තැන ලැබුනනම් අවුලක් වෙන්නේ නැනේ.

    මමත් පොඩිකාලේ ගෙදර තිබුන පරන රේඩියෝ එකක් ගැලෙව්වා.හොදට වැඩ කර කර තිබුනේ,ඇතුලේ දුවිලි පිහිදාන්න ඕනෙ කියලා.ගැලෙව්වත් හරි ඒක වැඩ නැ.

    ReplyDelete
  11. මටත් තියෙන අත්දැකීම් අනුව, හොඳම දේ තමයි ෆෝමන්ලගෙන් වැඩකරන ගමන්, පුළුවන් සියළු දේ ඉගෙන ගන්න එක. ඒකට ලැජ්ජා වෙන්න හොඳ නෑ. ටික කාලයක් යනකොට අපි න්‍යායික සහ ප්‍රායෝගික කියන අංශ දෙකෙන්ම දැනුවත් වෙනවා. අන්න එතකොට අපිට පුළුවන් ෆෝමන්ලට වඩා ඉදිරියෙන් ඉන්න. හැබැයි ඉතින් මෙහෙම ඉන්න පුළුවන් වෙන්නෙ වෙන company එකකදි වෙන්න බොහෝ ඉඩ තියෙනවා.

    ReplyDelete
  12. බැලුවාම හේරත් මාර ඩයල් එකක්නෙ........

    ReplyDelete
  13. @All
    දවසේ කෝච්චියට, ඔෆිස් එකට, කෝච්චියට, ගෙදර වැඩට, නින්දට කාලය ඝෙවලා ඉතුරු වෙන විනාඩි දෙක හමාරත් මේ දවස් ටිකේ මේ ක්‍රිකට් බලන්න ගිය නිසා මේ කතන්දරේ ට ආපු එකම ප්‍රතිචචාරයකටවත් පිළිතුරක් දෙන්න බැරිවුණා.

    පිළිතුරක් දෙකක් ලිව්වේ අර රාජ ගේ කඩේ කතාවටයි.

    ඒ මදිවාට දැන් මාස ගාණක ඉඳලා දවසක් ඇර දවසක් උදේ හයට කතන්දර පලකරපු මට ඒක සෙට් කරන්නත් බැරි වුණා, නිදිමත හින්දා.

    රාජා ගේ කඩේ කතන්දරේට ආපු අළුත්ම ප්‍රතිචාර සහ ඒවාට ලියපු පිළිතුරු තමයි අද 27 ඉරිදා ප්‍රමාද වී දාන පෝස්ටයේ අන්තර්ගතය.

    සැමට ස්තුතියි.

    ReplyDelete
  14. "අද අලුත් සිංහල වචන දෙකක් ඉගෙන ගත්තා.
    මීටරේ සහ මීටර්කාරයා......"


    @Podi Kumarihami: වැස්සකටවත් ලoකාවෙ කැම්පස් එකකට ගිහින් නෑ වගෙ.

    ReplyDelete
  15. පාරභෞමිකයා/ET: meter and motor (usually motor get more experience and perform well, but they do not usually become meter).

    ReplyDelete
  16. වැඩකාරයාට බොරු බැහැ බොරුකාරයාට වැඩ බැහැ :))

    ReplyDelete
  17. නියම මැනුවල් එකක් නේ. අපේ කම්පස් එකෙත් ඔහොම එකෙක් හිටියා. මැනුවල් එකක් නත්නම් වැඩක් හරියට කරගන්නත් බෑ.

    ReplyDelete
  18. අපේ උන්ට නමි මැනුවල් තබිලත් වැඩේ හරි යන් නෑ.

    ReplyDelete
  19. ණුවනැත්තා

    ෙම් අකුරු වැරදියි කතන්දර අයිෙය්.
    නුවනැත්තා කියලා හදන්න.
    ණ අකුරින් පටන් ගන්න වචන වලට තිෙයන්ෙන්
    ඒකම ඒක වචනයක් විතරයි.
    ගත්ෙතාත් අමාරැෙව් වැෙටන ෙදයක්..
    ඒ තමයි ණය.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.