Saturday 25 December 2010

දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!


අපි හැමෝම අහල තියෙනවනේ පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා කියන සින්දුව. මේ සින්දුවෙන් කියවෙන්නේ තමන්ගේ නමේ සැබෑ තේරමට හාත්පසින්ම වෙනස් හැසිරීම් තියෙන මිනිස්සු ගැනයි. කුසල්හාමි අකුසල් කරන කෙනෙක් වුනා වගේ.

ඒක මහ අසාධාරණ කතාවක් එක අතකට. මොකද අපි කාගෙවත් නම දාල තියෙන්නේ අපෙන් අහල නෙමේ නේ. මං හිතන්නේ නෑ, අපේ මාරයා ගේ තරිඳු ගේ පැවිදි නම්වත් ඒ ගොල්ලන්ගෙන් අහල දැම්මයි කියලා ගුරු හාමුදුරුවරු!

අපේ ඉරණම අනුව නම් දානව නං ඉතිං ලංකාවේ ජනගහණයෙන් 99.9% කට දාන්න වෙන්නේ "පාලිත" කියලා තමයි!

ඔය කතාවෙම අනිත් පැත්ත තමයි තමන්ගේ නමෙන් හැඟවෙන ආකාරයයේ රැකියාවක් ද කරන්නේ කියන එක.

ඔන්න ඉස්සර අපේ ඉස්කෝලෙ විද්‍යාව උගන්න ගුරුවරයෙක් හිටිය පොරගෙ නම විද්‍යාරත්න. අපේ පැත්තෙ දොස්තරවරයෙක් හිටිය වෛද්‍යසේකර කියන නමින්.

වෛද්‍යසේකර කියල ගායකයෙකුත් හිටිය තමයි, ඒත් ඉතිං ඒකෙ අවුලක් නෑනෙ. වෛද්‍යසේකර කියල ලෙඩ්ඩුත් ඇති එහෙම නං ඕනැ පදං.

අද මගෙ කතන්දරේත් දොස්තර ලෙඩ්ඩු සෙල්ලමක් ගැන.

ඔන්න එක දොස්තර කෙනෙක් හිටිය, පොර ළමයින් ගේ ලෙඩ ගැන ප්‍රසිද්ධ කෙනෙක්.

ඔන්න දවසක් පොරට තමන්ගේ ළමයව පෙන්නන්න තාත්ත කෙනෙක් ඇවිත්.

"අර - ඩොක්ටර් හේවා - ව හම්බ වෙන්න පුළුවන් ද අද?"

"ඩොක්ටර් හේවා, කවුද ඒ? එහෙම ඩොක්ටර් කෙනෙක් මෙහෙ නෑනේ?"

"මොකද නැත්තෙ, අපි දන්න කියන කීප දෙනෙක්ම ඩොක්ටර් හේවා ව හම්බ වෙලා තියෙනව මෙතනදී."

"අනේ මන්ද? සමහර විට නම වැරදිලා වෙන්න ඇති. ඉතිං කාට බෙහෙත් ගන්නද මේ? මොකක්ද ලෙඩේ?"

"මේ අපේ බබාව පෙන්නන්න."

"ඩොක්ටර් හේවා කියල ළමයින් ට බේත් කරන පීඩිට්‍රීෂියන් කෙනෙක් නම් නෑ!"

ඔන්න ටික වෙලාවකින් තේරුණා වැඩේ!

මේ හොයන්නේ ඩොක්ටර් ළමාහේවා වයි. පොර ළමා රෝග විශේෂඥයෙක්. අසනීප වෙච්ච ළමයගේ තාත්ත හිතල තියෙන්නේ දොස්තර ගේ නමේ ළමා කියන්නේ අර නීතිඥ සුමනසේන කතන්දරේ වගේ පොර ගේ ටයිටල් එකේ කෑල්ලක් කියලයි.

-කතන්දරකාරයා

ප/ලි
ඔය කතාව අහපු දාම මං හිතාගත්ත ගයිනකොලජිස්ට් කෙනෙක් වෙන්නෙ නෑ කියල ඊලඟ ආත්මෙවත්.

30 comments:

  1. ප/ලි කොටස තේරුණේ නෑ අනේ,,, :(

    ReplyDelete
  2. @හරී - පිණිපළස: ඔය කියල තියෙන්නේ gynecologist ඒ කියන්නේ අර නාරි වෛද්‍ය සීන් එකනේ :D

    ReplyDelete
  3. වචනෙ තේරුම නං දන්නවා අයියෝ,,, ඒත් ඉතින් කතන්දර අයියගෙ නමේ තියෙන සම්භන්දෙ මොකක්ද?

    ReplyDelete
  4. හරී
    ඔය ප/ලි කෑල්ල එච්චර සීරීයස් ගන්න එපා. දැන් නමේ නාරීවේදය ගැන කොටසක් නැති උනාට, කවුරු හරි එහෙම කොටසක් එකතු කරල කතාකරන්නත් ඉඩ තියෙනවනේ. ඒකයි, එහෙම ලිව්වේ!
    -කකා

    ReplyDelete
  5. :) කතාව නම් ෂෝක්. මං මේ පළාතට අලුත්. කතා බොහොමයක් කියෙව්වා. අර උඩින් තියෙන සම්මානය ලැබුණු හැටි ගැන කිසිම සැකයක් නෑ ඕන්.

    ReplyDelete
  6. @All
    මෙන්න ප/ලි කෑල්ලට අදාල වෙනත් කතන්දරයක්.

    ඔන්න අක්‍ෂී වෛද්‍යවරයෙකුයි (optalmologist), නාරීවෛද්‍යවරයෙකුයි (gynecologist) දෙන්නෙක් හිටිය හොඳ යාලුවෝ. එකට කැම්පස් හිටිය පොරවල්.

    දවසක් ගයිනකෙලජිස්ට් ගියා ඔප්තැලමලොජිස්ට් ගේ ගෙදරට.

    සාලෙ මැද්දෙ ලස්සන තෙල් සායම් චිත්‍රයක්. ලොකුවට දැඳපු ඇසක (eye) චිත්‍රයක්. අහල බැලින්නම් ඒ පලාතේ ඉන්න හොඳම චිත්‍ර ශිල්පිණිය මේ ඔප්තැලමලොසිට්ට් ගෙන් බේත් අරං දැන් සනීප වෙලා, ඒ සතුටට ඇඳල දුන්නු චිත්‍රයක්.

    මේක අහල ගයිනකොලජිස්ට් ට කලන්තෙ දැම්ම.

    බැලින්නම් මේ චිත්‍ර ශිල්පිණිය දැන් පොරගෙන් බේත් ගන්න ලෙඩෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය සිද්ධිය ඔය ගයිනොකොලොජිස්ට් ගිහින් තමන්ගේ සෙට් එකේ ඉන්න් ප්‍රොක්ටොලොජිස්ට්ට කිව්වලු. මිනිහ චිත්‍ර ශිල්පිණියට කොලොනොස්කොපි එකක් කලේ ගිය සතියෙලු.

      Delete
  7. ඒකනම් මරු කතාව අයියේ..... ලොල්

    ReplyDelete
  8. ඔන්න ඉතිං හාට් සපෙෂලිස්ට් කෙනෙක් මියපරලොව ගියාලු.ආදාහනය වෙලාවෙ නෑදෑයන් හිතමිතුරන් අතර තව ස්පෙෂලිස්ට්ල හුඟක් අය හිටියලු.මිනීපෙට්ටිය චිතකයට ඇතුල් කරන්න සෙට කරල තිබුනෙ හදවතක හැඞයට ලස්සනට රතු රෝසමල් වලින් හැදූ මල්වඞමක් මැදින්ලු.එතන හිටිය එක ස්පෙෂලිස්ට් කෙනෙක් මේ දුක්බර අවස්තාවෙ බඞ අල්ලගෙන මහ හයියෙන් හිනාවෙන්න පටන් අරන් බොහොම අමාරුවෙන් හිනාව නවත්තගත්තලු.බැලින්නම් මෙයා ලඟම ඉඳල තියෙන්නෙ යාලු ගෛනොකොලොජිස්ට් කෙනෙක්.

    ReplyDelete
  9. හහා... ඥාණකතා වලත් ඥාණය තිබුණද?

    ReplyDelete
  10. ඇයි නවලෝකෙට එන දොස්තර "ළමාබදුසූරිය" තව ගාල්ලෙ කො‍ටුවෙ සවුත්තු ලෑන්ඩ් එක කිට්‍ටුව ඉන්න "දොස්තර ගිණිගේ" ඔය කට්ටියගෙ වැඩත් නම වගේමයි.

    ReplyDelete
  11. අපූරුයි හෙලිදරව්ව නම්....

    ළමයි තරහ අවසර......මට තරිඳු ගේ සහ සොඳුරු සිතේ ලින්ක් දෙන්න. සොඳුරු සිතගෙ තිබ්බ ලින්ක් එක වැඩ කරන්නෙ නැහැනෙ.....

    ReplyDelete
  12. අර බල්ලට ඉංජෙක්ෂන් එක ගහගන්න "බලු දොස්තර" ලගට යනව වගේ ළමයට බේත්ගන්න ළමා දොස්තර ලගට යනව කියල හිතන්න ඇති.
    . ප/ලි කොමෙන්ටුව නම් එල

    ReplyDelete
  13. ඇයි G.A.Rana-tunga කියලත් දොස්තර කෙනෙක් ඉන්නෙ. හැබැයි වැඩත් නම් නම වගේ ද දන්නෙ නෑ එයත් gynecologist කෙනෙක් නිසා.

    ReplyDelete
  14. ප.ලි.යට සම්බන්ධ කමෙන්ටුවක්.

    කාන්තා ශරීරයක ප්‍රධාන ශෘංගාර කලාප (erotic zones) දෙකක් තියෙනවා. පියයුරු හා උකුළ. නමුත් මෙයින් taboo zone එකක් වෙන්නේ එකක් විතරයි. උදාහරණයක් හැටියට අර කතන්දරගෙ කතාවෙ කියනව වගේ පියයුරු දෙකක තෙල් සායම් චිත්‍රයක් සාලෙ මැද්දෙ එල්ල ගන්න ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ඔය ඕනැ තරම් උදවිය සීගිරි චිත්‍ර එල්ලගෙන ඉන්නෙ.

    ඒ ඇයි?

    පස්සෙ වෙලාවක උත්තරේ ලියන්නම් දැන් කම්මැලි නිසා. මං දන්නව වෙලාවක ඩෙස්මන්ඩ් මොරිස් මට නඩු දානව මනුස්සයගෙ පොතම මම නැවත ලියනව කියල කමෙන්ටු වල.

    ReplyDelete
  15. @Chandana
    G.A. Ranatunaga කෙසේ වෙතත් P.V. Ranatunaga නම් ගයිනකොලොජිස්ට් කෙනෙක් විය යුතුයි.

    ReplyDelete
  16. පට්ට ස්ටෝරි ටික.... P.V. නම් කොහොමත් ගයිනකොලොජිස්ට් තමා :D

    ReplyDelete
  17. Dr. G.A. Ranatunga නම් යහපත් මනුස්සයෙක් කියලයි මම අහල තියෙන්නෙ.

    හපෝ මේ කතන්දර අයියත් කියන දේවල්, .........!!!!

    ReplyDelete
  18. @කකා,
    ඇයි අනේ ඒ පිංතූරෙ සාලෙම ගහන්න ඕන නැහැනෙ.. නිදන කාමරේ ගහන්න පුළුවන්නෙ..

    @Observer,
    ඒකත් මරු කතාව ආහ්..

    @Heeniyata,
    වත්ගෙ බ්ලොග් එක (‍සොදුරු සිත) වහල දාල කියලයි ආරංවිය.. හේතුවක් දන්නේ නැත.. දන්නෝ හෙළිදරවුවක් කලානං හොදයි..

    ReplyDelete
  19. @Heeniyata
    @Buratheno
    තරිඳු ගේ බ්ලොග් එකේ නම අච්චාරු. සුදන්ත සාදුගේ දිනපොත ගියේ ඒකේ. තරිඳු ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ IT අතහැරලා තායි ගියාට පස්සේ දැන් ඩෝමේන් එකත් වෙලා!

    සොදුරු සිත නම් යලි විවෘතයි. දින දෙක තුනක් ඇක්සස් ලිමිටඩ් වී තිබුණා.

    ReplyDelete
  20. ඉස්සර අල්ලපු ගෙදර හිටපු හාට් ස්පෙෂලිස්ට්ව හොයාගෙන එන අය “හාමු මහත්තයා ඉන්නවා ද?” අහනවා. ඒ ගෙදර බල්ලාට දාලා තිබිච්ච නම ‘හාමු’. හැබැයි හාට් ස්පෙෂලිස්ට්ගෙ වැඩත් එයාලගෙ 'හාමුගෙ' වැඩත් එකම විදිය ද කියලා නම් කවදාවත් හොයාගන්න විදියක් උදාවුනේ නැහැ!

    ReplyDelete
  21. @ arunishapiro
    බල්ලට "හාමු" කියල නම දැම්ම නම් නරක මනුස්සයෙක් වෙන්න බැහැ.

    ReplyDelete
  22. Thanx මෙයා.....වත් ඉන්නව බැබලි බැබලි

    ReplyDelete
  23. නුගේගොඩ පැත්තෙ ඇස් දොස්තර වරියක් ඉන්නව අක්ෂිකා කියල. හය්ලෙවල් එක අයින් බෝඩ් එහෙමත් ගහල තියෙනව. එයාගෙ තාත්තත් ඇස් දොස්තර කෙනෙක්. ඒක නිසා පොඩි කාලෙ plan කොරල නම දාන්න ඇති

    ReplyDelete
  24. ශාන්ත ගීතදේව කියල සංගීත ශිල්පියෙක් හිටිය මතකයි,භැබැයි අමරදේව මාස්ටර් වගේ නැගල ගියෙ නම් නෑ.එයාට නම දැම්මෙ කව්ද දන්නෑ?

    ReplyDelete
  25. හික් හික්!! නියම කතා සෙට් එක කකා (ප.ලි ඒවත් ඇතුලුව)

    ReplyDelete
  26. එකෙන්ම පට්ට කතා සෙට් එකක්...........

    ReplyDelete
  27. එළම කොටස පළ්වෙනි කමෙන්ට් එක!!!!

    ReplyDelete
  28. @ Observer
    දන්න තරමින් මනුස්සය හරි හොඳ කෙනෙක්. හැබැයි පොඩි අවුලක් තිබුණ. අපේ අම්මටත් ගමෙන් එන නෑඳෑයෝ කිව්වෙ හාමු කියල!

    ReplyDelete
  29. @All
    බ්ලොග් එක ඔටෝපයිලට් දාලා නිවාඩුවක් අරගෙන අදයි ආවේ. ගියේ කඳු පලාතක. එහේ නෝ ඉන්ර්නෙට්!

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.