Tuesday 21 December 2010

මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව කවුද කියලා දන්නවද?


අපි පොඩි කාලේ ඉඳලා ම අහලා තියෙන විදියට මහදැනමුත්තාට හිටියේ පිරිමි ගෝලයෝ, එහෙම නැත්තං ශිෂ්‍යයෝ විතරයි නේ.

දන්නවනේ, රබ්බඩ අයියා, පුවක් බඩිල්ලා, පොල් බෑ මූණා, කෝටු කිතයියා සහ ඉඳිකටු පැංචා කියන කෂ්ටිය. කාලෙකට කලින් කතාවක තවත් නමක් තිබුණා වගේ මතකයකත් තියෙනවා. නමුත් උන්නැහැහේ ගේ නම නං සිහියට එන්නේ නෑ.

මට ලඟදි ආරංචියක් ආවා ඔය මහදැනමුත්තාට හිටියේ පිරිමි ගෝලයෝ විතරයි කියන එක බොරුවක් ලු, මහදැණමුත්තාගේ ගෝල පිරිස අතරේ ශිෂ්‍යාවක් දෙන්නෙකුත් හිටියාලු කියලා.

මේ එක් කාන්තා ගෝලයෙක් (ගෝලි කියල කියන්න බෑ නේද?) එහෙම නැත්තං ගෝලිච්චියෙක් සම්බන්ධ වුණු කතන්දර දෙක තුනකුත් මට අහන්න ලැබුණා.

මේ කතන්දර ටික බ්ලොග් එකේ දාන්න හිතාගෙන ලියන්න ගිය වෙලේ මට ආපු ලොකුම ප්‍රශ්ණය තමයි, ගෝලිච්චිට හරි හමං නමක් නැති එක.

හිතුවා, හිතුවා, හිතුවා, එක එක නම් හිතට ආවා, ඒත් ඒ එකක් වත් හරි හමනකට හිතට ඇල්ලුවේ නෑ.

ඒක හින්දා මට හිතුණා කතන්දර බ්ලොග් එකේ ආදරණීය පාඨක පිරිසගේ මේකට උදව් ඉල්ලන්න.

කරුණාකරලා මහදැනමුත්තා ගේ අපි නොදන්න ගෝලිච්චිට ගැලපෙන නමක් යෝජනා කරන්න ප්ලීස්!

ඒ එක්කම මේ මහදැණමුත්තා ගේ ගෝලිච්චි ගැන කතන්දර දන්න අය ඉන්නවා නං, ඒවත් එක්කෝ මෙතනම ලියන්න. දිග වැඩිනම් වෙනම ලියලා එවන්න.

-කතන්දරකාරයා

ප/ලි
හැබැයි ඔන්න,
සොඳුරු සිත,
අක්කණ්ඩී,
හරී,
ෆා ද බ්ලොගී,
ටී.එම්.ජී,
ඇන්ශ් ලකී ශ්‍රී ජේ,
චේජනා,
හා පැංචි,
පොඩි කුමාරිහාමි,
කලිකාල,
ජීවිතේ මල්
හිරු ප්‍රභා වගේ නම් නං ඔට්ටු නෑ, හොඳඳ?

අරුණි ශපීරෝ නං ඉතිං ගෝලයෙක් නෙමේ මහදැනමුත්තියක් නේ!

35 comments:

  1. අරුණි ශපීරෝ නං ඉතිං ගෝලයෙක් නෙමේ මහදැනමුත්තියක් නේ!

    ඒක හැබැයි
    හැබැයි හැබැයි.

    ReplyDelete
  2. අයියෝ මෙයාලට වැරදිලා. මම කොහොම ද මහදැනමුත්ති වෙන්නෙ, සංජීවනී කරුණාරත්න තමයි ඒ නමේ අයිතිකාරයා!!!!

    ReplyDelete
  3. පොල්බෑ මූණී... මම මූණු පොතෙත් දැම්මා... :D

    ReplyDelete
  4. අයිශ්වර්යාගෙ පින්තූරයක් දාලා මොකෝ.

    ReplyDelete
  5. ඔන්න මම කලින්ම කීවා... සුදු හංසි කියල හෙම දානව නෙවෙයි.... හිකිස්... අපි දාමු නිකං... "චිංචිනා" වගේ සුවීටි නමක්

    ReplyDelete
  6. රබ්බඩ නංගී කියල දාමු.

    ReplyDelete
  7. ටී.ජී.ඞබ්.සිල්වා මහත්මයාගේ කථා වල හිටපු චරිතයක නමක් මතක් වුනා "භගලවතී" හැබැයි එයා ඉස්කෝලෙ හාමිනේ කෙනෙක්.

    ReplyDelete
  8. මේ වගේ නමක් "බෙලි කටු සෙල්ලී" ?

    ReplyDelete
  9. බගලවතී නෙවෙයි අපි දාමු එහෙනං බකලවතී කියලා..

    @Observer
    හැබෑටම ඒ බගලවතී ඉස්කෝලෙ හාමිනේගෙ කතා ටික හොයාගන්න විදියක් නැද්ද අන්තර්ජාලෙ, මේ අලුත් පරම්පරාවටත් රසවිදින්න එක්ක.. අන්න නියම හාස්‍යය..

    ReplyDelete
  10. දෙන්නෙක් ඉන්නවා කිව්වා නේද ? "කපුටු කලු" නැතිනම් "කාක කළු"

    ReplyDelete
  11. වංගෙඩි මැණිකේ. වගේ කොහොමද?

    ReplyDelete
  12. @ Buratheno,
    Try කරල බලන්නම් හරි ගියොත් Link එක දැනුම් දෙන්නංකො

    ReplyDelete
  13. මම නම් කොහොමටත් මහ දැනමුත්තියක් නම් නෙමේ. කතන්දර මහදැනමුත්තා උනා නම්, මට එයාගේ ගෝලියක් වෙන්න තිබුනා.මේ ඔය කියනා ශිෂ්‍යාව අයිශ්වර්යා වගේද?

    ReplyDelete
  14. නමක් හරියටම කියන්ට නම් ,,,,, හැඩහුරුකමත් ඔනිවෙයි... මොකෝ ඉතින් මහදැනමුත්තගේ ගෝලයෝ සෙරටම තිබුනේ ස්වරූපෙට පටබැඳි නම් නොවැ..

    ReplyDelete
  15. ඔය දෙන්නගේ හැඩහුරු කම් ටිකක් කිව්වානම් අපිට නමක් හිතා ගන්න තිබ්බා. නැත්තම් අපිට කැමති හැඩහුරු කමක් හිතාගන්න පුළුවන්ද???

    ReplyDelete
  16. සූකිරි බට්ටි
    පැණි කෑල්ල

    අහ් ගොට් ඉට් ගෙට් ඉට්....
    කතන්දර හාමිනේ...
    කතන්දර නැන්දම්මා...

    ලෝලේ ලෝල්ස් විත් හික්ස්....

    ReplyDelete
  17. @ ෴ හසියා ෴
    පරන සිංදුවක් මතක් වුනා "වරක මදුල මගේ සුසානෝ" කියල.
    "වරක මදුල"
    වගේ නම් හිතට එනව.
    ක.කා.ගෙන් අහල බලන්න වෙනව අපි කියන නම් වලින් එකක් තේරුනොත් තෑග්ගක් එහෙමත් තියේද කියල.

    ReplyDelete
  18. " මුකුලු වතී " කියන නම කොහොමදැ ??

    ReplyDelete
  19. ලවරෙන්තිනා...!!!

    ReplyDelete
  20. Heee heeee Maru kathawa :)

    ReplyDelete
  21. හැඩරුව කියන්න,
    නමක් හිතන්න,
    ඒක දාන්න,
    කතා ලියන්න....

    ReplyDelete
  22. පකඩා ජසින්තා - මොකද කියන්නෙ....!

    ReplyDelete
  23. බුද්ධි නං කියල තියෙන්නෙ ක්ලාස් මේට් කෙනෙක් ගෙ නමක්ද කොහෙද,,,,,,

    ReplyDelete
  24. මේ නම් කොහොමද?
    චින් චින් නෝනා,
    චව් චව් අක්කා....

    ReplyDelete
  25. ඉඳි කටු පැංචි හරි බට කොලී හරි කියලා දැම්මොත් හොඳ නැද්ද...

    ReplyDelete
  26. පාන්කිරිත්තී නරදද?

    ReplyDelete
  27. හංසවතී වගේ නමක් මොකද??

    ReplyDelete
  28. ප්‍රශ්නෙනම් තෙරුනා...

    ගොලිය තමයි... ගොලියන් දෙන්නයි...
    ගොලය+ලිය = ගොලිය..

    සතෙක්නම් ගොලදෙන වත් කියන්න තිබුන...

    නැත්නම්.......
    අර K වල 7වෙනි බලය වගෙ 1ක් වත්ද?

    k වල 7වෙනි බලය කියන්නෙ..
    1.කොට
    2.කලු
    3.කැත
    4.කුරු
    5.කම්මැලි
    6.කැහැ‍ටු
    7.කපටි

    ඔක්කොම පටන්ගන්නෙ K වලින්..

    ReplyDelete
  29. අයියෝ අයියේ මේ අයේෂ්වර්යා ගේ පින්තූරේ දැම්මේ නැත්තම් හොද නමක් කියන්න තිබුනා..කොහෙද මුන්දාව දැක්ක ගමන් මට හිතෙන්නේ යකෝ මේ ගෑනි කොහොමද මෙච්චර ලස්සවෙන්නේ කියලානේ..

    ReplyDelete
  30. @All
    හොඳ නම් ටිකක් ලැබුනා. Thanks.
    දැං ඉතිං කතන්දර දෙක තුන ලියන්න පුළුවන්.

    ඒවාට කලින් ලියල ඉවර කරපු කතන්දර, ඉවර කරන්න ඔන්න මෙන්න කතන්දර සේරම තිහක් විතර තියෙනවා දාන්න.

    උඩින් හොඳම ෆොටෝ එකක් දාල තිබිලත් ඇයි මේ කෂ්ටිය හැඩ රුව කොහොමද කියලා අහන්නේ. අනේ මන්දා?

    -කතන්දර

    ReplyDelete
  31. උඩ පින්තූරේ දැක්ක ගමන් කතන්දරගේ පරණ පොස්ට් එකක් ආයෙම මතක් උනා. නමක් හිතාගන්න අමාරුයි.

    ReplyDelete
  32. මම නම් කියන්නේ අපි 'රම්බරී' කියල දාමු...

    ReplyDelete
  33. ayya katu karosha kiyala hoda nadda

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.