Wednesday 18 August 2010

කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය


අර වෛද්‍ය පීටර් කන්දරේ මං කිව්වනේ අපේ පොරවල් සමහරු කෙල්ලන්ට ඇඩ්‍රස් දීල වෙච්ච ජරමර කීපයක් ගැන. ඇයි එක් කුසේ උපන් පාලිත සහ ජානක දිසානායක අයියයි මල්ලියි දෙන්නගේ කතන්දරේ?

මේකත් ඒ වගේ කතන්දරයක්.

ඔන්න අපේ පොරවල් කීපයක් ගියා නුවර එලිය පැත්තේ පොඩි පහේ ට්‍රිප් එකක්. ඒ ගිහින් පැය ගානක් ටවුන් එකේ වාත වෙන අතරේ එකෙක් ඒ පැත්තේ කෙල්ලෙකුට ඇඩ්රස් එක දීල.

පොඩි වරදකට තිබුනේ මෙන්න මේකයි. පොර තමන් ගේ ඇඩ්රස් වෙනුවට වෙනිං එකෙකුගේ එකයි දීල තියෙන්නේ.

ඉතිං මං දවසක් මේ දෙවෙනි පොරව හම්බවෙන්න බෝඩිමට යනකොට පොර හිනාවෙවී ඉන්නව ලියුමක් බල බල. අර නුවර එලියේ දී හම්බ වෙච්ච කෙල්ල ලියුමක් එවල.

ඒ ලියුමේ තිබුණු සමහර දේවල් දැන් මතකයෙන් ගිලිහිලා ගිහින්. ඒත් මේ කවි ටික නං තාම මතකයි.

මිදුලේ ඔබේ අරලිය මල සිටවන්න
ඉන් එක මලක් නෙලලා දෝතට ගන්න
ඒ මල මිසක වෙන මල් ගැන නොසිතන්න
නංගී දුන්නු මේ ඔවදන පිළිගන්න

මග තොට දී හමුවූ විට සිනාවය
හදවත ගලව දෙන්නට මෙන් කතාවය
මේවා නොදන්නා අය වෙන්නේ මුලාවය
කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය


-කතන්දරකාරයා

ප/ලි
මේ කවි දෙක මට හොඳට මතක තියෙන්නේ ඉස්සර ඉඳලම අපි ආජු තපර ලාහිලා කියන සින්දුව කියද්දී, හැමෝටම අමතක ඒකේ තියෙන ඇත්ත කවි පද වෙනුවට මේවා කියන නිසයි.

ට්‍රයි කරලා බලන්න.

මහා මෙරක් උසට හිතේ උපන් බරට
හඬා දොඩා පල නොලැබෙන හින්දා
උදා ලහිරු ලෙසට පිපී හිඳිමු ලොවට
සිනා මලක් මුව අද්දර රන්දා

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

මිදුලේ ඔබේ අරලිය මල සිටවන්න
ඉන් එක මලක් නෙලලා දෝතට ගන්න
ඒ මල මිසක වෙන මල් ගැන නොසිතන්න
නංගී දුන්නු මේ ඔවදන පිළිගන්න

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

මග තොට දී හමුවූ විට සිනාවය
හදවත ගලව දෙන්නට මෙන් කතාවය
මේවා නොදන්නා අය වෙන්නේ මුලාවය
කුහකයි අයියෙ, කුහකයි මේ සමාජය

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

ඒ විතරක් නෙමේ මේ සින්දුව එක්ක මුළු සැළලිහිණි සන්දේශයම, ලෝ වැඩ සඟරාවම ගායනා කරන්න පුළුවන් මේ බලන්න.

සුර රද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුණි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනොල ගිර නැගෙනහිර

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
සත්හට වෙන බව දුකට වෙදාණන්
සිත් ගණදුර දුරැලන දිණිදාණන්
සිත් සතොටින් නමදිම් මුණිදාණන්

ආජු තපර ලාහිලා පීජු තපර ලාහිලා
ආජු තපර පීජු තපර බිස්කු බිස්කු ලාහිලා

ප/ප/ලි
කතන්දරේට වඩා මෙන්න බොලේ ප/ලි කෑල්ල දිග වෙලා.

21 comments:

  1. හහා.. එල එල.. මේ රමනි බර්තොලමියුස් මේකට ගෑවෙන්නෙ කොහොමද? ටයිටල් එකට නං යනවා වගේ. කන්ටෙන්ට්ස් වලට නෑ වගේ..

    ReplyDelete
  2. උදේ පාන්දරම පරණ මතකයන් අතරට ඇරන් ගියා නේද?. කතන්දරට සුභ දවසක්.

    ReplyDelete
  3. මට මතක විදියට ඉස්සර සමරු පොත්වල ලියවුනු ජනප්‍රියම කවි දෙකක් තමයි ඔය කවි දෙක. දෙවැනි කවිය මට මතක මේ විදියට. අතිම පදේනම් පුද්ගලයා අනුව වෙනස් වෙන එකක්. මුල් කවියත් ඒ වගේ.

    මුහුණට මුහුණ හමුවන විට සිනාවය
    හදවත අතට දෙන්නට මෙන් කතාවය
    මේවා නොදත් අය වෙන්නේ මුලාවය
    කුහකයි මිතුර කුහකයි අද සමාජය...

    ReplyDelete
  4. පිස්සු පීකුදු... කකා මචන්.. ට්‍රිපක්ම කවෙර් කරන්න පුලුවන්නෙ මෙහෙම ගියොත්... එල එල

    ReplyDelete
  5. බලාගෙන, සැළලිහිණි සංදේශය රැප් කළා කියල විචාරකයො කෑ ගහන්න බැරි නෑ.

    ReplyDelete
  6. හැබෑමයි... තාලේ ගැලපෙනව ලස්සනට.හැබැයි මෙහෙමයි." සෙත් සිරි දෙන මහ" කවියේ පරන තාලේ හිතෙන් අතඅරින්න බැරි අයට නම් තාලේ ගැලපෙන එකක් නැහැ...

    නියමයි.... මම නම් ආයෙ "සෙත් සිරි දෙන මහ" කියන්නේ ආජු තපර සින්දුවේ "අන්තරා" කොටසට.

    ReplyDelete
  7. "මහ මෙරක් ලෙසට" නම් ඔයිට වඩා නියම ඒවා තියෙන්නේ අනේ කියනවානම්....හික්ස්.......:)))

    ReplyDelete
  8. ඇත්තටම සමාජය කුහකයි කියල තේරෙන්නෙ රමණිගෙ පින්තූරෙ දකිනකොට. භාග්‍යා නාට්ටියත් එක්ක බැඳුනු මගේ ගැටවර කාලයත් මතක් උනා. ආජුතපර ලාහිල සිංදුවත් ඒ අතරින් සුවිෂේශයි.

    ReplyDelete
  9. ආජු තපර නැටු‍ව රමණි ‍මට මතක හැටියට

    ReplyDelete
  10. මේක රම්බරී තාලෙට කියන්න බැරිද?

    ReplyDelete
  11. @wath
    අපි නම් ඉස්සරත් "සෙත් සිරි දෙන මහ" ඔය තාලෙට කියල ඉස්කොලෙදි ගුටි කාලත් තියනවා.

    ReplyDelete
  12. කතන්දර අයියා අනුන් ලියාපු කවි මතක තියාන ඉන්න හැටි,, ලියාපු අයට ලියපු බවවත් මතක නැතුව ඇති,,, අර ප්‍රසන්න කියලා තියෙන එක මටත් දැකපු ගමන් හිතුනෙ,, ඔන්න අපි නම් දන්නෙ නැහැ,,,

    ReplyDelete
  13. හිනා වෙලා පුටුවෙනුත් වැටෙනව තව ටිකෙන් :D

    ඒක නෙවෙයි, ඔය "කුහකයි අයියෙ... " කියන පේලිය තියෙන කවියක් අපි පාසැල් යන කාලෙත් ජනප්‍රිය වෙලා තිබුන. ඒකෙ අයියෙ වෙනුවට එක්කෙනෙක්ගෙ නමක් තමයි දාගෙන තිබුනෙ

    ReplyDelete
  14. ආ තව එකක්-මාතෘකාවෙන් පිට. පහුගිය ටිකේ මේකෙ කමෙන්ට් පෝරමය ලෝඩ් වුනේ නෑ නෙවැ. මම හිතන්නේ මේ කමෙන්ට් පෝරමය බ්ලොග් සටහන තියෙන පිටුවෙම දාල තියෙනකොට සමහර බ්‍රවුසරවලින් (මම පාවිච්චි කලේ epiphany.) කමෙන්ට් දාන්න බැරි බවයි මට තේරුනේ. දැන් නම් chrome වලින් බලන්නෙ එනිසා මේක වැඩ කරනව වගේ.

    ReplyDelete
  15. අර සෙත්සිරි දෙන මහ එක " ආදරනීය නේරන්ජනා " කියල කියන්නේ...

    ආජු තපර එකට නම් කීයක් වර්ශන්ද... මේ ඔය ආජු තපර ඔරිගිනල් එක ආවෙ කොයි කාලෙද විස්තර ටිකක් කියන්න පුලුවන්නම්....

    ReplyDelete
  16. කතන්දර මගේ අවුරුදු 14 කට ඉස්සර මතකයක් අවදි කෙරුවා. ඔන්න ඔය පහළ තියෙන කවි පන්ති ටික 11 වසරෙදි සිංහල සර්ගෙන් (තිඹිරිපිටිය මාර්ටර්) පස්ස පැලෙන්ඩ කන්ඩ බැරි හින්දා පාඩම් කර ගත්තත් ප්‍රයෝජනවත් වුණේ ට්‍රිප් යන්ඩ තමයි. අපිනම් පාවිච්චි කළේ ‍.. ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ... කියලයි.
    උදේ කතන්දර බ්ලොග් එක බලලා ටොයිලට් එකට ගිහිනුත් සමහර කවි නැවත මතක් කෙරුවා මේ කොමෙන්ටුව දාන්ඩ හන්දා. ගොඩක් කවි තාමත් මතක තියෙනවා..
    වැඩි වැඩක් නැතිනන් ආජුතපර තාලෙට හරි ඩෙන්න ඩෙනා තාලෙට හරි පහළ කවි ටිකත් කියන්ඩ

    පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය
    පණ ඇති මහා සමුදුරු පවුරෙන් වටය
    හෙළ දිවයින මගෙයි මා ඉපදුණු රටය
    ලොව අන් සියලු දිවයින් මේකට යටය
    (මගේ රට)

    කළුවර එළිය නොම වන වැව් ඉවුරු කොනේ
    කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
    මලකා අලුව ගිය ආයුධ කැබලි පෙනේ
    දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙණු දැනේ
    (අයියනායක)

    උදේ සැපත් සුරගුරු අලුකර අවට
    ස‍‍‍‍ඳේ මුදුන් පත් අස්විද නැකත සිට
    න‍ඳේ සිතින් තම කුල දෙවිය සිහි කොට
    යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට
    (සැලළිහිණි සංදේශය)

    ගජකුම් බිඳින එකසර කෙසරිඳු බලැති
    කොතරම් සා වුවත් තණ කබල නුබුදිති
    විහඟුම් කුලෙන් යුතු උතුමෝ අබිමනැති
    කෙතරම් වුවත් නොපහත් කම් නොම කෙරෙති
    (සුභාෂිතය)

    ReplyDelete
  17. අහ් අද සිංදු පැට්ටිස් කරන්න ගත්තද කෂ්ටිය....මම කකා අයියගේ සිංදුව "මහා මෙරක් උසට" තාලෙට කියන්න ගිහින් දිවත් හැපැණා නොවැ....ඌයි....

    ReplyDelete
  18. සියළු දෙනාටම ස්තුතියි.

    ඊලඟ ට්‍රිප් එක යන කොට සුභාෂිතයයි, ලෝවැඩ සඟරාවයි, සැළලිහිණි සංදේශයයි අරං ගියා නං හොඳටෝම ඇති වගේ නේද?

    මං මේ කල්පනා කර කර ඉන්නේ හෙට මොන කතන්දරේ දාන්නද කියලයි. ලියපු දෙක තුනක්ම තියෙනවා.

    බලමු, බලමු හෙට උදේ හරියට අටට.

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  19. සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්
    සත්හට වෙන බව දුකට වෙදාණන්
    තිත් ගණදුර දුරැලන දිළිදාණන්
    ඕනම දේකට අපි සුදානම්...!

    භාග්‍යා ටෙලියේ රමණි සමග රගපැවේ රන්ජන් රාමනායක ?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.