Thursday 18 February 2010

චූටි ටීචර් ගෙ දිව උලුක්කුව


ඉස්සර දවසක, ලස්සන හවසක මට බස් එකකදි හම්බ වුනු ලස්සන කෙල්ලෙක්
ටීචර් කෙනෙක් බවත්,
එයා හරිම කරුණාවන්ත කෙනෙක් බවත්,
පාසැලේ ළමයි එයාට හරීම ආදරෙයි බවත්
මගේ විජාණන ඥානයකින් හොයා ගත්තු හැටි ගැන කියවුන කතන්දරේ මතකයි නේද?

මගේ ඒ වික්‍රමය ගැන කරුණු පැහැදිලි කරන්න මට තවත් කතන්දර පොස්ට් එකක් දාන්න වුනා.

ඕව ලියන අතරේ මට මතක් වුනා "දිව උළුක්කු" වෙන වැකියක්.

"චූටි ටීචර් ගෙ චූටි ටෝර්ච් එක"

ඕක කියාගෙන කියාගෙන යන්න බලන්න පුළුවනි නම් වරද්දන්නෙ නැතුව දහපාරක් විතර. මිෂන් ඉම්පොසිබල්!

ඕක මං පොඩි කාලෙ ඉඳල අහල තිබුණු එකක්. ඔය වගෙ තවත් tongue twisters එකක් නැත්නම් සිංහළෙන් "දිව උළුක්කුවක්" තමයි මේක.

"රතු චීත්ත දෙජාතියයි"

ඉංගිරිසි tongue twisters නම් ඕනි පදං හොයාගන්ණ පුළුවන් වෙබ් සර්ච් එකක් කරල.

ඒත් සිංහල ඒව?

කවුරු හරි මේ වගෙ දිව උළුක්කු දන්නව නං කියන්නකො, ප්ලීස්.

කතන්දරකාරයා
kathandara@gmail.com

30 comments:

  1. සමරෙගෙ සරමෙ සමර..

    ReplyDelete
  2. රතු රටකජු සුදු රටකජු

    ReplyDelete
  3. සකස්කඩ (සකස්කට) ගැන අහල තියෙනවද? මුළු පොතේම තියෙන්නෙ එක දිග වාක්‍යයක්. සමහර විට දිගම සිංහල වාක්‍යය වෙන්න පුළුවන්. පොතේ අරමුණ නවකයින්ට නිවැරදි සිංහල කතා කරන හැටි (මහප්‍රාණ සමඟ) හුරු කිරීම.

    දිගම වාක්‍යය ගැන කියපු නිසා දිගම වචනය ගැනත් මතක් වුනා. දන්නවද දිගම සිංහල (ඇත්තටම පාලි) වචනය මොකද්ද කියලා? අකුරු විසි හයයි. යුනිකෝඩ් අකුරු නෙවෙයි. ඩොනල්ඩ් ගාමිණීතිලක අකුරු විසිහයයි. හැමෝම මේක දන්නවා. ඒත් තනි වචනයක් කියලා හිතන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අසූඅනුව්‍යංජනබ්‍යාමප්‍රබාකේතුමාලංකාරයෙන්

      Delete
  4. eka parata matak wennne na ban . . .

    ReplyDelete
  5. 1.දිලි දිලි දිලේ දිලිනි
    2.බිල් ක්ලින්ටන් හිලරි ක්ලින්ටන්
    3.සුදු රටකජු රතු රටකජු
    .4සමරෙගෙ සරමෙ සමර
    තව ඔනිද?

    ReplyDelete
  6. ළුෑණුයි ලුනුයි නූලුයි මම අහල තියෙන එකක්..

    ReplyDelete
  7. @All
    දිව උළුක්කු ලියා එවූ හැමෝටම ස්තුතියි.

    @Buddhi
    බිල් ක්ලින්ටන් හිලරි ක්ලින්ටන් - මට නං මේකෙ දිව උළුක්වෙන ගතියක් පේන්නේ නෑ.

    @All
    මෙන්න ඊ-මේල් වලින් ආපු උත්තර.

    1. ආගන්තුකයා:
    ළූණුයි ලුණුයි නූලුයි

    2. Sachie Panawala
    සමරෙගෙ සරමෙ සමර

    3. Anjana Jayaweera
    සමරගේ සරමේ සමර

    ReplyDelete
  8. @ ටැබූ
    සකස්කඩ නොකී කට උගේ කට හුඹස් කට කියල මං අහල තියෙනවා.

    පොඩිකාලෙ දහම් පාසලේ දී නං බුද්ධගජ්ජය කියෙව්වා මතකයි. ඒක පටන් ගන්නේ නමෝ සමන්ත භද්‍රාය, සර්වඝෝ..... කියලා.

    සකස්කඩ කියෙව්වා නම් මතක නෑ.

    මගේ කටේ හුඹස් මැටි!!!

    කතන්දරකාරයා

    ReplyDelete
  9. @ Taboo

    "දන්නවද දිගම සිංහල (ඇත්තටම පාලි) වචනය මොකද්ද කියලා? "

    අනේ දන්නෙ නැහැනෙ. කියන්නෙකො

    ReplyDelete
  10. ලාම්පුරෙපෙයාර්කරේ

    ReplyDelete
  11. @ හසිත මදුශංක

    "ලාම්පුරෙ පෙයාර් කරේ"
    කියන්නේ හින්දි චිත්‍රපටියක් නේ - දිව උළුක්කුවක් නෙමෙයි.

    "හිංගියේ ජලක් ජලක්" කියන්නේත් ඒ වගේ පරණ හින්දි ෆිල්ම් එකක්.

    කකා

    ReplyDelete
  12. @ Taboo, @ Chanaka

    දිගම වචනය තමයි යොදුන.
    ආලෝක වර්ෂය කියන්නේ වචන දෙකක්නේ.

    කකා

    ReplyDelete
  13. @Chanaka/කසූ (කතන්දර සූරීන් - කකා කීම හරි නැහැනෙ!)

    මා දන්න තරමින් දිගම සිංහල (පාලි ) වචනය

    නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලේපනධාරණමණ්ඩන (අකුරු 32 - වැරදීමකින් 26 කිව්වේ.)

    මේ තනි වචනයක්.

    ඇත්ද, අස්ද, රියද , පාබලද සමාස වී 'ඇත්අස්රියපාබල' කියන තනි සිංහල වචනය හැදෙන්නාක් සේ නච්චච, ගීතච, වාදිතච...ආදී වශයෙන් පාලියෙන් සමාස වී මේ තනි වචනය හැදිලා තියෙන්නේ.

    - Taboo

    ReplyDelete
  14. අලි රාළ අලි ලොරියෙ

    ReplyDelete
  15. "හිංගියේ ජලක් ජලක්" කියන්නේත් ඒ වගේ පරණ හින්දි ෆිල්ම් එකක්.

    මේක ජෝක් එකක්ද ??
    ඔක අනික් පැත්තට කියවන්න :P

    ReplyDelete
  16. අනේ මං දන්න ටික මෙයාලත් කියලා.. ඔයිට ව‍ඩා නම් දන්නේ නැත.. අනික ඔය දිව පැටලෙන එව්වා ගැන මගේ වැඩි මනාපයක් නෑ අප්පා..

    ReplyDelete
  17. මාර අපේ කතන්දර අයියට මතක්වෙන්නේ.
    කේක ගෙඩි අප්පු, බෙනේ කණයෙක් කියන ඒවත් ඔය වගේ තමා. දිව පැටලෙන්නෙ නෑ. ඒවුනාට අන්තිමට කියවෙන්නෙ වෙන එකක්.

    ReplyDelete
  18. දිලි දිලි දිලේ දිලිනි නං මට 10 පාරක් කිවුවහැකී... වරද්දන්නෙ නැතුව

    ReplyDelete
  19. වලව්වෙ වහලේ වව්ලා වහලා

    කටුසු සුප් ටොප්

    ReplyDelete
  20. polawa pogala polaga duwala. mekath mam danna tharamin diwa ulukkuwak thamai.

    ReplyDelete
  21. Red lorry , yellow lorry

    She sells sea shells at the sea shore.

    පද බෙනේ කණයක් වගේ ඒවා tongue twisters නෙවෙයි. සිංහලෙන් නම් කියන්නේ පද පෙරළි කියලා. ඉංග්‍රීසියෙන් කියන නම ඒ වගේ වුණත් අර්ථයන් දෙකක් කියලයි මම නම් හිතන්නේ. අනෙක් කාරණය ඒක සිංහලට විශේෂිත එකක් ද දන්නෙත් නෑ. භාෂාව හුඟක් පෝෂණය වූ දියුණු එකක් නම් තමයි ඔය වගේ දේවල් ගොඩ නැගෙන්නේ.

    කේමදාස අග්නි දාහයට තනුව හදලා යොදාගෙන තිබුණු “කාල්ලු ගොයියක් කන්දේ ලාලා පාන හේලුයි” වගේ ම චාන්දනී හෙට්ටිආරච්චි‍ගේ “රඟන තාල මවා - ගයන ගීත අසා” ගීතයත් ඒ ආශ්‍රිත අත්හදා බැලීම්.

    ReplyDelete
  22. "නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලේපනධාරණමණ්ඩන", "ඇත්අස්රියපාබල" තනි වචන නම් අපිට වචන එක්කහු කරල ඔය විදිහට ඕනෙතරම් දිග වචන ඕනෙතරම් හදාගන්න පුලුවන් නෙ!
    "ඇත්අස්ගවඔටුබලුඑළුවෘකඅලිහරක්හාමීඌරුකටුසුගෙඹිහූනුකබරකූඹිමාලු........++"

    ReplyDelete
    Replies
    1. දිගම වචනය අසූඅනුව්‍යංජනබ්‍යාමප්‍රබාකේතුමාලංකාරයෙන්

      Delete
  23. වලව්වේ වවුලා සීන් එක නං කියන්න විතරක් නෙවේ ලියන්නත් බැ නේ :P

    පට්ට ආ(ර්)ටිකල් සෙට් එකක් !!

    ආතල් එකේ කියවන්න පුලුවං

    ReplyDelete
  24. ජපන් ජාතික ධජයට ජයවේවා

    ReplyDelete
  25. http://si.wikibooks.org/wiki/%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9

    ReplyDelete
  26. http://www.sobhana.net/contact/oldsinhala/ages/index.htm

    vaeradila vena post ehekatath giya,,,

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.