Thursday 31 December 2009

ආච්චි ලා ගේ බබා ලා ගේ නම් - IV


අද මෙන්න මගේ බබා ලා ගේ නම් සීරීස් එකේ "අන්තිම ලාස්ට්" කතාව.

මේක නං අමුතුම ආකාරයේ එකක්. මේ කතන්දරේ අස්සේ තව හොඳ හොඳ කතා තියෙනවා වගේ මට හිතෙන්නේ.

ගිය පාර කිව්ව ආච්චි ගෙ නම තියෙන මිණිපිරී ගැන කතන්දරේ මතකයි නේද? ඒක මගේ යාළුවෙක් සම්බනධ එකක්.

මේකත් ඒ කතාව වගේමයි. හැබැයි මං මේ කෂ්ටිය අඳුනන්නේ නං නෑ. වෙබ් එකෙන් හොයාගත්තේ.

වෙබ් එකේ තියෙන කතා සේරම ඇත්ත නෙමේ. හැබැයි මෙතන බලන්න.

http://www.anusha.com/daya.htm

දැක්ක නේද? ඒ අම්මගෙ නම "රන්කොත් පේඬිගෙදර දයාවතී". ඒ අම්මගෙ එක දුවෙකුගෙ නම අනුෂා.

http://www.anusha.com/anusha.htm

ඒ නම දාල තියෙන්නෙ බබා ගෙ ආච්චිව මතක් වෙන්නලු.

ආච්චිගෙ නම අනුෂා. අම්මගෙ නම දයාවතී. මිණිපිරී ගෙ නමත් අනුෂා.

වෙන්න බෑ නේද? අනුෂා කියල නමක් තියෙන කෙනෙක් තමන්ගෙ ළමයට දයාවතී කියල නම දායිද?

ඔය වෙබ් සයිට් එකේ තව හොඳ ලස්සන කතන්දර තියෙනව වගේ. හොඳට කියවල බලන්නකෝ.

ජොලි ගුඩ් නව වසරක් වේවා!

කතන්දරකාරයා

12 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  2. අනේ මේක අන්තිම ලාස්ට් කරන්න එපා. මතක් වෙන මතක් වෙන සැරේට තව ලියන්න.
    සුබ නව වසරක්!

    ReplyDelete
  3. කතන්දර කාරයාටත් මාර දේවල්නේ හම්බ වෙන්නේ... :)

    කතන්දර කාරයාටත් ජොලි ගුඩ් දීර්ඝායු නව වසරක් වේවා!

    ReplyDelete
  4. ජොලි ගුඩ් නව වසරක් ඔබටත්!

    ReplyDelete
  5. සුබ අළුත් අවුරුද්දක් ක.කා!!

    ReplyDelete
  6. There is a confusion. Elsewhere in the site it says grandmother's name is Ukkuamma. (which is more acceptable)

    http://www.anusha.com/ukkuamma.htm

    ReplyDelete
  7. Very good information. Lucky me I found your site by chance (stumbleupon).

    I have saved it for later!
    Check out my weblog ; amber leaf

    ReplyDelete
  8. I really like what you guys tend to be up too.
    This sort of clever work and exposure! Keep up the excellent works guys I've you guys to our blogroll.
    Also visit my website : piano lessons

    ReplyDelete
  9. Good answers in return of this issue with solid arguments and describing everything regarding
    that.
    Visit my weblog ... old holborn blog

    ReplyDelete
  10. We're a gaggle of volunteers and opening a new scheme in our community. Your website provided us with useful info to work on. You have performed an impressive process and our whole group will likely be thankful to you.
    My web site > golden virginia

    ReplyDelete
  11. මගෙ යාලුවෙක් ඉන්නව, නම ලක්මිනී... එයාගෙ අම්මගෙ වයස 64යි. නම දිලිනි.
    හොයල බලුවා, පස්සෙ නම වෙනස් කරගෙනත් නෑ, දෙමවුපියො දැම්ම නමමය්.
    කවුරුහරි දන්නවද අවුරුදු 64කට කලිං දිලිනි වගෙ නමක් ආවෙ කොහොමද? එහෙම නත්තම් ඒ කාලෙ ඉඳන් ඒ නම තිබුනද ? කියලා....

    ReplyDelete
  12. මගෙ යලුවෙක් ඉන්නව නම ප්‍රවීනා.අම්මාගෙ නම් දිනේශා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.