Wednesday 25 June 2014

වැටකොළු, පතෝල කතන්දරයක් - Hidden treasure!


මං අවුරුදු තුනේ විතර පොඩි එකෙක් කාලේ අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වෙච්ච කේස් එකක් ගැන කතන්දරයක් මං මීට අවුරුදු දෙකකට විතර කලින් ලියා පල කළා.

අද කියන්න යන්නේ ඒ වගේ ඇම්ඩන් කතාවක් නොවෙයි, මේක ඇත්තටම ඒකේ අනිත් පැත්ත!

දැන් සතියක් තිස්සේ විහිළුවට වගේ වෙජිටේරියන් ට්‍රයල් එකක නිරතවෙලා හිටියා වුනාට, මොකක් හරි හේතුවක් හින්දා මංතුමා පොඩි කාලේ ඉඳලාම සමහර එළවළු ජාති කන්න අකමැතියි.

වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු ජාති ගැවුණු බත් ටිකක්වත් මං කන්නේ නෑ අම්මා කොච්චර කන්නැයි කියලා යාප්පු වුණත්.

පොඩි කාලේ ඉඳලාම මගේ ප්‍රියතම වෑංජනේ තමයි පරිප්පු. මං හිතන්නේ පරිප්පුවලට කැමති අය අප අතර එමටයි. කොටින්ම මං අද වෙනකොට පරිප්පු ඉවීම ගැන විශේෂඥයෙක්!

කලින් කියපු එළවළු ජාති මං නොකා හිටින්න හේතු මොන මොනවාද කියලා මට දැන් මතකයක් නෑ. සමහරවිට මුලින් ම ඒවා කාපු දවසේ ටිකක් විතර සැර වැඩි වෙන්න ඇති! නැත්තං පොඩි තිත්තක් වගේ දැනෙන්න ඇති.

ඔහොම තව අවුරුදු දෙක තුනක් ගිහින් මං පාසල් යන සමයත් එළැඹුණා. ඔන්න ඔය කාලේ දවසක අපි ගියා අම්මලාගේ ගමේ. එහේ තමයි අර පහු කාලෙක තමන්ගේ සී නයින්ටියට ගහන්න රුපියල් විස්සට පෙට්‍රල් ගන්න පෙරුම් පුරාගෙන හිටිය ඇන්ටි හිටියේ.

අපේ ඇන්ටි මට හරිම ආදරෙයි. ඒ හින්දාම ඒ දවස්වල ඇන්ටි මට හැමදාම වගේ බත් අනලා කවනවා. මං ඒ වෙනකොට ඉස්කෝලේ යන්න පටන් අරගත්තු ලොකු ළමයෙක් වුණාට මාත් ඒකට කවදාකවත් අකමැති වුණේ නෑ. මොකද, මල්ලිලා අම්මා එක්ක හුරතල් වෙනවා වාගේ, මාත් කැමතියි පොඩ්ඩක් හුරතල් වෙන්න.

අනික මේ ඇන්ටි බත් කවන අතරේ අපිට අහගෙන ඉන්න හරීම ලස්සන කතන්දර කියන්නත් දන්නවා. කතන්දර වගේම ඇන්ටි අනලා බත් කවන කොට හරීම රහයි, මං පිඟානට බෙදාගෙන අනාගෙන කනවා වගේ නොවෙයි!

මුලින් පිඟානට බෙදලා ගෙනත් හොඳට අනලා ගුලි කරලා මට කවන බත් මං සේරම වගේ කනවා. එහෙම වුණාම ඇන්ටි ආපහු කුස්සියට ගිහින් තවත් බත් බෙදාගෙන ඇවිත් මට කවනවා.

එක දවසක්, බත් පිඟාන ඉවර වුනේ ඇන්ටි මට කියමින් උන්නු කතන්දරේ හොඳම හරිය යද්දීයි.

ඒ හින්දා මාත් කතාව දිගටම නොනවත්වා කියන්න කියලා ඇන්ටිගෙන් ඉල්ලමින් ඇන්ටි එක්කම කුස්සියට ගියා බත් බෙදාගෙන එන්න යනකොට.

දෙවෙනි බත් පිඟාන අරගෙන ආපහු ඇවිත් ඔන්න ඇන්ටි ආයෙමත් කතන්දරේ කියමින් මට කවන්න පටන් ගත්තා.

මට හොඳට මතකයි, එදා ඒ කතාවත් දුක්මුසු අවසානයකින් තමයි ඉවර වුණේ. ඊටත් වඩා වැදගත් දෙය තමයි අර දෙවෙනියට බෙදාගෙන ආපු බත් පිඟානේ අර කලින් එකේ තිබුණු රහම රහ ගතිය තිබුණේම නෑ.

මීට සෑහෙන කාලෙකට පස්සේ තමයි මං දැනගත්තේ ඇන්ටි මට අනලා කවන බත්වල රසයට සැබෑ හේතුව නම්, බත්වලට යටින් හොරෙන් බෙදලා, බත්වලින් වහලා තිබුණු වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු වෑංජනය කියන එක.

මේ දෙවෙනි පිඟාන රහ නැතිවුණු දවසේ එහෙම වෙන්න හේතුව තමයි, බත් බෙදාගන්න මාත් කුස්සියට ගිය හින්දා, ඇන්ටි වෙනදා බත් යටින් හොරෙන් හංගලා මට කවපු, මං සාමානයෙන් නොකන එළවළු වර්ග එවෙලේ මගේ බත් පිඟානට බෙදුවේ නැතිවීමයි!

-කතන්දරකාරයා

ප/ලි:
එදා නොකාපු එළවළු ජාතිවලින් මේ වෙනකොට වැටකොළු, කැරට්, බීට්රූට්, රාබු, කතුරුමුරුංගා කනවා.

කරවිලත් කනවා, හැබැයි ඒ උයලා නොවෙයි, බැදලා සම්බෝල හදලා!

(image: http://daenyo.de/photos/asia/sri-lanka/)

82 comments:

  1. හෙහ්...හෙහ්.... කුස්සියට ගිය නිසා වැඩේ අප්සැට් .......
    මම නම් අදටත් අම්ම ආවම අම්මට කියල බත් කවා ගන්නව .....
    ඉස්සර කවපු රසයමයි.....

    ReplyDelete
    Replies
    1. ඇයි අම්මා බලන්න යන්නේ නැද්ද?

      Delete
    2. අම්ම මාව බලන්න එන එක වැඩියි.......

      Delete
  2. මගේ යාලුවෙක් කරවිල නොකා ඉඳලා මලා

    ReplyDelete
    Replies
    1. අනේ පව්!
      මගේ සාතිශය සංවේගය පිළිගන්න.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++

      Delete
  3. පොඩි කාලේ රස තේරෙන්නේ නෑ...:)

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ බත් රස විඳපුඅය
      ලෙකු කාලේ පෙම් රස විඳලා
      නාකි කාලේ බොහෝවිට සැනසෙනානේ දම් රසයෙන්!

      Delete
    2. අනිච්චේ දුක්කේ සංසරේ........ නේ ක. සීයේ

      Delete
  4. Ithin apata paan da

    ReplyDelete
    Replies
    1. පාන් කන්න නං එලෝලු ඕනෑ නෑ. නිකං පරිප්පුවක් තියෙනවා නම් ඇති. කිරට උයපු මූදු මාලුත් හොඳයි.
      http://kathandara.blogspot.com/2010/04/kk-bm7.html


      Delete
  5. මට පේන්නේ මේ එළවළු ගිනි ගනන් කාලේ, අපේ මල පන්නන්න, කකා ඇන් ජී ඕ එක්ක එකතු වෙලා කරණ කුමන්ත්‍රණයක් වගේ..

    ReplyDelete
    Replies
    1. එළවළු ගනං ගියාම ඊටත් වඩා ගනං මස් කන්න බැරි හින්දා එළවළු වෙනුවටත් මස්ම තමයි කන්න වෙන්නේ.
      http://kathandara.blogspot.com/2009/09/blog-post_25.html

      මේක සියවස් දෙකකට එපිට අයර්ලන්තයේ සිදුවුණා.
      http://kathandara.blogspot.com/2009/08/blog-post_18.html


      Delete
  6. බත් කාට හරි කියලා කවා ගන්න වැඩෙට මං මතක ඇති කාලේක ඉදන් කැමැති නෑ,
    අපි බෙදා ගත්තත් දෙවැනි පාර බත් රස අඩු වෙනවා...

    ReplyDelete
    Replies
    1. පිළිගන්න අමාරුයි,
      එහෙමනම් මුල් බත් කටට වඩා දෙවෙනි බත් කටත් රස අඩුවෙන්නන ඕනෑ!

      Delete
  7. දැං තේරෙනවා නේ.. ගුණ කෑම තමා රස..

    ReplyDelete
    Replies
    1. වැටකොළු, පතෝලවල මොන ගුණක්ද?
      ඔන්න ඒවාට දාන උම්බලකඩ නං ගුණයි.

      Delete
  8. @කකා, ඊයේ රෑ මං හීනයක් දැක්කා. බුදුහාමුදුරුවො තීර්ථකයින්ගෙ ගෙයක් කඩන්න අනෙක් සංඝයා වහන්සේලාත් එක්ක යනවා... සොරි වඩිනවා. සැරියුත් මුගලන් දෙනම තමයි මුලින්ම ගියේ. සැරියුත් හාමුදුරුවෝ අලවංගුවක් උස්සාගෙන ගියා දෙන්නම් තොපිට... තොපිට අබ සරණයි කිය කියා. මුගලන් හාමුදුරුවෝ පැට්‍රල් කෑන් එකක් උස්සගෙන ගියා සියළු තීර්ථකයෝ ගිනිබත් වෙත්වා, මැරෙත්වා, දුකින් මිදෙත්වා කිය කියා මෛත්‍රී භාවනාව වඩ වඩා. බුදු හාමුදුරුවොත් නිකම් නෙවෙයි ගියේ යකෝ මේක බුදුන් උපන් රට තොපි තීර්ථකයෝ එනවද අපට අරින්න? තොපිට අබ සරණ වෙන්න දෙන්නම් කිය කියා. රාහුල පුංචි හාමුදුරුවොත් තොප්පියක් දා ගත්තු තීර්ථක පැටියෙක් පස්සෙ එලෙව්වා තොගෙ අම්මට අබ සරණ වේවා කිය කියා. අනේ අර තීර්ථක පැටියත් මර බයේ දුවනවා. අනාථ පිණ්ඩිකලා විශාකාලා තමයි මේ සේනාවට දාන මාන පහසුකම් සපයලා තිබුණේ. මේක හීනයක් විතරයි. මේ හීනේ තේරුම මොකද්ද? අර සෝම හාමුදුරුවෝ ප්‍රොමිස් වෙච්චි ධර්ම රාජ්‍යය දැන් පහළ වෙලා කියන එකද මේ හීනේ අර්ථය?

    ReplyDelete
    Replies
    1. ඔය හීනය ඇතුලේ බිම්බිසාර රජ්ජුරුවෝ අන්තිමේදී ලකුණු දාගන්න හැටි දැක්කේ නැද්ද?

      Delete
    2. එක පාරටම නෙවෙයි ටිකක් කල් යනකොට මිනිස්සු බිම්බිසාර රජ්ජුරුවන්ගෙ මෑණියන්දෑ මතක් කරන සීන් එකක් නම් තිබුණා.

      Delete
    3. නානසාර කියන වදදියට එයා මුගලන් පරපුරේ, සැරියත් ලා හොඳ කෂ්ටිය නිකං නාග විහාරේ සෝබිත සාදුලා වගේ.

      Delete
  9. කැරට්, බීට්රූට් මම නම් පොඩි කාලෙ ඉදන්ම කැමතිම කෑම. පරිප්පු නම් දැනටත් කැමතිම කෑම. පරිප්පු කන්න අකමැති උනත් වැඩක් නෑ. නිතරම කන්න වෙන්නෙ පරිප්පුනෙ.

    ReplyDelete
    Replies
    1. පළමු ලෝක යුද්ධ කාලේ රේඩාර් තාක්‍ෂණය හොයාගෙන ඒක භාවිතාකරන බව රහසක් හැටියට තියා ගන්න බොරු ප්‍රචාරයක් ගෙන ගිහින් තියෙනවා පයිලට්ලාට රෑට ඇස් පෙන්නේ කැරට් කන නිසාය කියලා.

      ඒ මදිවට අපිට පොඩි කාලේ කිව්වාද කොහෙද බීට්රූට් කාපුවාම කෙලින්ම ලේ වලට එකතු වෙනවා කියලාත්!

      Delete
  10. //වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු ජාති ගැවුණු බත් ටිකක්වත් මං කන්නේ නෑ අම්මා කොච්චර කන්නැයි කියලා යාප්පු වුණත්.//

    ඔය අම්මලගෙ පිස්සු... බැදපු අළුත අපේ මහත්තයගේ අම්ම කියපු විදියට එයාගෙ නොකන කෑම ලැයිස්තුව කන කෑම ලැයිස්තුවට වඩා දෙගුණයක් විතර දිගයි.. අපි දෙන්න වෙනම පදිංචියට ගියාට පස්සෙ මෙන්න අර නොකනවා කියපු කෑම ඔක්කොම මෙයා අගේට කනව... ( හැබැයි බඳින්න කලින් උන්දැ අවුරුදු 4ක් පිටරට හිටපු එකත් මේකට බලපනවා මං හිතන්නෙ.. මොකද එතකොට කෑම තේරිලි බෑනේ.. හම්බුවෙන එක කන්න උනාම ඔය කන නොකන කෑම ජාති නිකම්ම වෙනස් වෙනව..) වෙන කේස් එකක් නෙවෙයි.. එක අතකට අර කකා කිව්ව වගේ එක දවසක් ඒ කෑම එපා කිව්වම ආ මෙයා මේවට කැමති නෑ කියල හිතාගන්න එක.. අනිත් අතින් අම්මලට ලේසියට හදා ගන්න කතාවක්.. ( මං උනත් මට හදන්න කම්මැලි කෑම, මෙයා කන්නෙ නෑනේ කියල ෂේප් වෙනව සමහර වෙලාවට... හි හි)

    මාත් ඔය බත් අනලා ගුලි හදලා කවන කොට කන්න හරි ආසයි... මං පොඩි කාලෙ අපේ තත්තගෙ යාලුවෙකුත් පදිංචි වෙලා හිටියා අපේ ගෙවල් හරියෙම.. ඒ ඇන්ටිට හිටියෙ පුතෙක්... ඇන්ටි ඇපි දෙන්නටම බත් අනල කවනව.. හැබැයි අර අයියට ගුලි හදලා කවන්නෙ නෑ.. මට විතරයි එහෙම හම්බුවෙන්නෙ.. අර යකා මාත් එක්ක හැමදාම වලි බත් කන වෙලාවට... අනිත් වෙලාවට ෂේප්... හි හි

    බ්ලොගර් අවුල නිසා පෝස්ට් මිස් වෙනව කකා...

    ReplyDelete
    Replies
    1. හි හි ..
      හි හි හි හි ..
      හි හි හි හි හි හි ...
      හි හි හි හි
      හි හි හි හි
      හි හි හි හි හි හි
      හි හි
      හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි
      හි හි හි හි හි හි හි හි හි හි හි හි හි හි
      හි හි ...

      Delete
    2. Ey awulda

      Delete
    3. හිරු ගේ කතාවේ ඇත්තක් තියෙනවා, අම්මලා කැමතියි පුතාලාව ස්ඵොයිල් කරන්න.

      (පෝස්ට් මිස් වෙන්නේ කොහොමද, ඔය බ්ලෙග් ආකය්ව් එක තියෙන්නේ දකුණු අත පැත්තේ?

      Delete
  11. නොකාපු ලිස්ට් එක දිග මදි.
    නොකන ලිස්ට් එක ඊටත් මදි.

    ReplyDelete
    Replies
    1. නොකාපු හූනෝ කෙට්‍ටුවේ.
      නොකන හූනෝ වඩාත් කෙට්‍ටුවේ.

      Delete
    2. හි හි

      Delete
    3. @ malmi hi
      මගේ දිගල ලිස්ට් එක දන්නවාද? මං පහුගිය අවුරුදු දෙක තුන තුල මිලට අරගෙන තාම කියවන්න වෙලාවක් හොයා ගන්න බැරිවුණු පොත් ලයිස්තුව.

      දැන් සීයකටත් වඩා තියෙනවා.

      ඒ මදිවාට හැම මාසෙම කියවනවාට වඩා අළුතින් එකතු වෙනවා!

      Delete
  12. නියම එළවලළු බතක රස බලන්න නම් ඉන්දියාවේ වෙජිටේරියන් එකකට යන්න ඕන. ඒ වැන්ජනත් එක්ක දෙන දොළහක් විතර වූ නානාප්‍රකාර රසකාරක වර්ග ටික එක්ක බත ඇනුනාම අමුර්ත රසයක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නලීන්,

      ඇයි මං කලින් දවසක ලිව්වේ වෙජිටේරියන් එකකින් ෂෝට් ඊට් කන්න ගිහින් වෙච්ච සිද්ධියක්.
      http://kathandara.blogspot.com/2011/05/is-this-chicken-or-fish.html

      Delete
  13. දැන් ලංකාවෙ එළවළු කන එකත් මාර සුඛෝපභෝගී වැඩක් නොවැ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඉතිං මිනිස්සු ටික ටික හරි ගෙදර වගා කරගන්නේ නැත්තේ? පෝච්චි වලත් එළවළු වවෙනවාලු හොඳට.

      Delete
  14. කකාගේ සතියක වෙජිටේරියන් ට්‍රයල් එක ගැන කියවද්දී මතක් වුනේ පහුගිය දවසක අන්තර්ජාලයේ මම දැක්ක වැඩසටහනක්... ලීසා කියලා කාන්තාවක් කරන්නේ 100 Days of Real Food... කකාගේ ට්‍රයල් එකේදී මාංශ ආහාර වලින් වැළකුනාවගේ මෙතනදී වැළකෙන්න ඕනේ මේවායින්...
    What you CANNOT eat:
    No refined grains such as white flour or white rice (items containing wheat must say WHOLE wheat…not just “wheat”)
    No refined sweeteners such as sugar, any form of corn syrup, cane juice, or the artificial stuff like Splenda
    Nothing out of a box, can, bag, bottle or package that has more than 5 ingredients listed on the label
    No deep fried foods
    No “fast foods”

    මට හිතුනා මේක අත්හදා බලන්න වටින දෙයක් කියලා... මෙතන තියේ ඒගොල්ලෝ රියල් ෆුඩ් කියන්නේ මොනවාටද සහ ඒ පිළිබඳ තොරතුරු...

    මිලියන දෙකට සුභපැතුම්...!

    ReplyDelete
    Replies
    1. අප්පට බොල දැනුයි ඒක දැක්කේ.. මම මේ මිලියනයක් එනකන් ඉන්නේ සැලබෙරේට් කොරන්න...

      Delete
    2. ස්තුතියි, බීට්ල්.

      ට්‍රයි කරලා අපිටත් විස්තර කියන්න.

      මගේ නං සතියක වෙජිටේරියන් ජීවිතය අදින් අවසන් කළා.

      Delete
  15. මට කරවිලනම් මක්කරලාවත් කන්න බෑ.... ඒ වගේම තව ජාතියක් තමයි එළබටු සහ තිබ්බටු.

    ReplyDelete
    Replies
    1. කරවිල පොඩි තීරු කපලා වෙලලා සම්බොල වගේ හැදලා ....එවා කන්න සැට් වුනා එක සැරයක් මාර රසයි ..

      Delete
    2. අපේ අම්මා කරවිල වේළලා බැදලා හදනව ලූණු එහෙම කපල දාල සම්බෝලයක්, හැම එකාම රහයි කිය කිය කනව. මට ඒ කරවිල එකෙත් තිත්ත එනව සහෝ. කරුමේ කරුමේ....

      Delete
    3. මෙමෙයි තිත්තත් රසක් නේ. මං කරවිල බැඳුම කනවා. ඉව්වාම අප්පිරියයි. තිබ්බටු කිරටත් හොඳයි තායිලන්තේ අයත් කනවා ග්‍රීන් කරි විදියට චිකන් හෙම දාලා.

      Delete
  16. කකාගේ උඩ තියෙන ලිස්ට් එකෙන් කරවිල ඇරෙන්න අනිත් දේවල් නම් කනව කරවිලත් කකා කියලා තියෙන විදියට බැදලා සම්බෝල හැදුවොත් කනවා.හැබැයි ඉතින් නොදැන කනකොට ඔය ඕනිම දෙයක් කන්න පුළුවන් කියන එකනම් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. නොදැන කන කොට රහ වුණාට, පාරවල් නොදැන කතරගම යන්න ගියොත් නම් අතරමග තමයි

      Delete
  17. වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල කියන මේ ඔක්කොම මම කනවා. ඊට අමතරව අලු කෙසෙල්, ම්ම්ම්ම්... ඊට ලේසියි මම නොකන එළවුළු කියන ඒක. ඒ මොනවද? ම්ම්ම්ම්... මොකුත් නෑ. හැම එළවලුවක්ම කනවනේ. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න වටිනා කියන ඇයෝ , :) තිත්ත තිබ්බටු එහෙමත් කනවෙයි ???

      Delete
    2. මේවා කාලා තියෙනවාද?

      බතල කොල
      කැබැල්ලෑ දලු
      පැෂන් පෲට් කොල
      ??

      Delete
    3. ඔය ඔක්කොම ජාතිත් කාල, ගෙදර උන්ගේ ඔලුවත් කනවා! හි.. හි...
      මම ආසාවක් නැත්තේ මස් මාළු... විශේෂයෙන් මාළු

      Delete
  18. ඒ ලිස්ට් එකේ කෑම වලින් එළබටු තමයි කන්න ආස නැත්තේ.. අම්මලා බත් වලට ආදරේත් දාල කවන නිසාලු ඔච්චර රස...

    ReplyDelete
    Replies
    1. අම්මලා, පුංචි අම්මලා!

      Delete
  19. මම එළවළු ජීවියෙක්. ඒක වෙජිටේරියන් වීම නෙමෙයි. ඉස්සර මම හැමදාම කෑවේ එළවළු. මස් මාළු කෑවේ හඳ දකිනවා වගේ.නොකන එළවළුවකුත් තිබ්බේ නෑ. හැබැයි ඉතින් කොළ තමයි වැඩිපුරම. ඒකත් අමුවෙන්. පසුගිය සතියක එහෙම හිටිය මට මේ දොස්තරලා නීති දැම්මනේ. දැන් එඇලවළු විතරක් සෙල්ලම් බෑ. බඩගිනි වුනාම විතරක් කන්නත් බෑ. අනේ කාලේ වනේ වාසේ කීවලු.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා වීල් බීෆ් කනවා.... අරවා කනවා...කියලා මේකෙ දාර නයෙක් ඇරියා නේද කාලෙකට කලින්..... මට මතක විදිහට සාදු ගිනි පූජා පෙන්නපු කාලෙ....

      අපෙ කකාටනම් වීල් බීෆ් කන්න හිතහදාගන්න බෑ කියලා එතන කියලා තිබුනා.... පොඩිකාලෙ මතක්වෙන නිසා....

      Delete
    2. රංගිගේ ඩයට් රෙජීම් එක ටිකක් ඒකාධිපති එකක් වගේ!

      Delete
    3. Ano,
      ඔයාට ඒවා නයි වුනාට අපි ඒවා නයි නෙමෙයි. තමන්ගේ හැන්දෙන් හැමතැනම හිතන්න යන්න එපා. අපි එකිනෙකාගේ ජීවිත වෙනස්. veal beef විතරක් නෙමෙයි මම fiorentino steak වුනත් කනවා. ඔහේට ඒක super luxury එකක් හෝ මවා පෑමක් කියලා හිතුනට මගේ ජීවිතයේ ඒක සාමාන්‍ය දෙයක් විතරයි. තව ඕනේ නම් මම Brunello එහෙම නැත්නම් Super Tuscan wine ත් බොනවා ඕව කන ගමන්. දැන් හිත හැදුනද?
      (සමාවෙන්න කකා මෙහෙම උඩ ඇනෝට උත්තර ලීවට )

      Delete
  20. //එදා නොකාපු එළවළු ජාතිවලින් මේ වෙනකොට වැටකොළු, කැරට්, බීට්රූට්, රාබු, කතුරුමුරුංගා කනවා//

    KK මුරුංගා වලට අකමැති ඇයි?

    මන් පොඩි කාලෙ කැමති එකම එලවලුව ඒක

    ReplyDelete
    Replies
    1. මුරුංගා කාපුවම නැට්ට කෙලින් වෙනවලු

      Delete
    2. හි හි

      Delete
    3. මුරුංගාවලට කියන්නේ අදින්නා දානා කියලානේ

      පස් පවට නිසයි නොකන්නේ.

      Delete
  21. අම්මා කවනකොට ඕන එළවළුවක් කන්න ඇහැකි..පුදුම රසක් තියෙන්නෙ..
    පොඩි කාලේ මාත් පතෝල,වට්ටක්ක එහෙම කෑවෙ නෑ.. දැන්නං කනවා..
    කරවිල තමයි මං ප්‍රියතම ව්‍යාංජනේ..

    ReplyDelete
    Replies
    1. //කරවිල තමයි මං ප්‍රියතම ව්‍යාංජනේ..// මේකාව රාමු කරල සංරක්ෂණය කරන්ඩ වටිනෝ නෙ. :P

      Delete
    2. උඹ දැන් හෙන පාටට ඇති නේ කරවිලම කලා ;))) කරවිල කැවාම පාට වෙනවලු නේ

      Delete
    3. කරවිල මට උයලා අරහං, කරවල නං ඕනෑ පදං කන්න පුළුවනි!

      Delete
  22. කරවිල අමුවෙන් සම්බෝල හදල හරි රසයි නේ කතන්දර. අපරාදේ කන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්....පොල් ටිකක්....රතුළුණු හීනියට ලියල ...උම්බලකඩ කැබලි සමග දෙහි ඇඹුල් දාල ගත්තම නියමයි....

      Delete
    2. ට්‍රයි කරලා බලන්නම් ඊලඟ දවසේ!

      දෙන්නාටම ස්තුතියි.

      Delete
  23. තුඹ කරවිල තමා කකා පට්ට.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ කියවපු පොතක තිබුණු කවි පද දෙකක් සිහිවුණා.

      හරි හැඩකාරි වෙල අද්දර මැගි අක්කා
      උදයෙම ගෙනෙයි වම්බොටු තුඹ බණ්ඩක්කා!

      Delete
    2. තුඹ කියන්නෙ එක ජාතියක්, තුඹ කරවිල තවත් ජාතියක්. ඔතන තුඹ බණ්ඩක්කා කියන්නේ තුඹ සහ බණ්ඩක්කා කියන එකයි. මැගි අක්කා උදේම වම්බොටු ගේන්නෙ ඇයි?

      Delete
  24. වැටකොළු - කන්නෙ නෑ.
    පතෝල - පරිප්පු දාලා ගත්තම මරුනෙ.
    කැරට් - කොහොමද කැරට් සම්බෝලෙ රහ.
    බීට්රූට් - සමහරු සලාදත් හදනවලු
    එළබටු -කන්නෙ නෑ මාත්
    රාබු -විශේෂ ආසාවක් නෑ..
    කතුරුමුරුංගා -මැල්ලුම මරුනෙ.
    කැකිරි, -කළු පොල් ක්‍රමයට කනවා
    මුරුංගා -ඉස්සර නොකෑවට දැන් කනවා
    කරවිල- කන්ඩම බෑ.

    බලද්දි මම හොඳයිනෙ.

    ReplyDelete
    Replies
    1. හොඳ එකෙත් හොඳම එක වගෙයි!

      Delete
  25. ඔය වැඩේ නම් මටත් වෙලා තියෙනවා අනන්තවත්.

    බත් එක යටින් එළවලු ගේ බඩට ගියේ උගුරවත් නොදැනයි.

    ReplyDelete
    Replies
    1. අනේ පව්, මෝඩයා වගේ කෑවා නේද රැවටිලා? හූ, හූ!

      Delete
  26. කන්න අකැමති උනාට නම් කමාක් නෑ. හැබැයි මං අහවල් ජාඅතිය කන්නෙ නෑ නෑ නෑමයි වෙන්න හොඳ නෑ. බෙරිවෙලාවත් ඒ දේ විතරක් තිබුනොත් මැසිවිලි නැතිව කන්න තරම් පෞර්ෂ්‍යත්වයක් තමන්ට තියෙන්නෝනි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්, මං සමහර වෙලාවට කබරගොයි මසුත් කනවා තලගොයි කියලා හිතලා!

      Delete
  27. ඉස්සර කන්න අකමැති වුන කෑම ජාති ගොඩක් දැන් නම් කනවා.. ඒක නම් වැඩිකරම ඉස්සර ඕන හැටියේ හොයාගෙන කන්න තිබ්බ හන්දා අගේ නැතුව හිටි හන්දා වෙන්නම ඕන.. මාත් ලංකාවට ගියාම අම්මට කියලා තමයි තාම කවාගන්නේ..

    ReplyDelete
    Replies
    1. මෙන්න තාමත් අම්මට හුරතල් වෙන බබෙක්!

      Delete
  28. මම වතුර ගතිය තියන එලවළු පලතුරු කන්න වැඩිය ආස නෑ.. පතෝල, කැකිරි, පිපිඤ්ඤා වගේ ඒවා... ඒ වගේම කොමඩු එහෙමත් හරි අප්පිරියයි. බීට් රූට්, අල, පරිප්පු, ගෝවා, බෝංචි තමයි මම කැමැත්තෙන් කන්නේ...

    ReplyDelete
    Replies
    1. වතුර ගතිය වැඩි ඒවා උයන කොට වතුර තව දාන්න නරකයි!

      Delete
  29. එහෙම තමයි කකා....

    සමහර ඒවා අපි කන්නෑ කියලා හිතින් හදාගෙන ඉන්නවා. මටත් කන්න කැමති නැති දේවල් ගෙදර උන්දෑ අමුතු විදිහට උයලා ඕනේ තරම් ගිල්ලනවා. කාලා ඉවර වෙනකල් මං දන්නෑ මොනවද කියලා.... නොදැන කද්දි ඒවා රහයි...

    ඒක නෙමෙයි වෙජි වැඩේ අල්ලලා යනවාද? ඉතින් වෙනසක් දැනෙනවාද? මං හිතුවා ඒක ගැන ලියුවා කියලා...... පස්සේ තත්වය ගැන කියමුකෝ.

    ReplyDelete
    Replies
    1. සතියක එළවලු ජීවිතේ අද අවසන් කෙරුවා. වැඩි වෙනසක් දැනුනේ නෑ.

      මීලඟ පාර මාසයක ට්‍රයල් එකක් කරලා බලනවා!

      Delete
  30. සුභ පැතුමට ස්තුතියි.

    ReplyDelete
  31. kalekata passe lassana KATHANDARAYAK neda?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.