Sunday 25 May 2014

පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? - Killing Vs Torture


කලබල වෙන්න කාරි නෑ!

මේක අර "සුභද්‍ර ගේ අභද්‍ර වචනය" වගේ කේස් එකක් නොවෙයි.

මං මේ යෝජනා කරන්න යන්නේ පන්සිල් පදේකට පොඩි වෙනසක්. හැබැයි, නරකට නොවෙයි හොඳට.

දැන් ඔය පන්සිල්වල මුල්ම ශික්‍ෂා පදය තියෙනවා නේද? පාණාතිපාතා වේරමණී, එහෙම නැත්තං පර පණ නැසීමෙන් වළකිමි කියලා.

මං දැන් අවුරුදු විස්සකට විතර කලින් නැරඹුවා, රූපවාහිනී චැනල් එකක ගිය හද්දා පරණ ඉංගිරිසි ඩොකියුමෙන්ට්‍රියක්. මේකේ නැරේටර් සුද්දාට භාෂා පරිවර්තක කටයුතු කෙරුවේ ආචාර්ය නන්දසේන රත්නපාල.

පොර ඔය පාණාතිපාතා කියන එක සුද්දාට විස්තර කෙරුවේ "අයි විල් නොට් කිල් ඇනිමල්ස්!" කියලයි. අපි සාමාන්‍යයෙන් ඇනිමල්ස් ලා කියන්නේ මිනිස්සු හැර අනිත් සත්තුන්ට පමණක් නිසා මට නම් ඒක පොඩ්ඩක් අවුල් විදියටයි දැනුණේ. "අයි විල් නොට් කිල් ලිවින් බීන්ස්!" වගේ දෙයක් කීවා නම් වඩා නිවැරදියි කියලයි මට හිතුණේ.

ඒ කොහොම වෙතත් මං මේ යෝජනා කරන්න යන්නේ මෙන්න මේ පාණාතිපාතා, පර පණ නැසීම කියන ශික්‍ෂා පදයට පොඩි සංශෝධනයක්.

මට හිතෙන්නේ ඕකට, "මම වෙනත් ප්‍රාණීන්ට හිංසා ද නොකරමි", කියලා වැඩිපුර කෑල්ලක් එකතු වෙන්න ඕනෑ කියලයි.

එළියකන්ද වද කඳවුර ගැන පොතක් කියෝලා දුකෙන් මං ලියපු කතන්දරේට ආපු කමෙන්ටුවක තිබුණා ඌරෙකුට වද දෙන කොට අඬන හැටි?

මං හිතන්නේ සතෙක් එක පාර මරනවාට වඩා මහා පාපයක් තමයි වද දෙන එක. ඒක නිසානේ එළියකන්ද, බටලන්ද, අබු ග්‍රේ, ගන්තනමෝ බේ වගේ වද කඳවුරු දැම්මේ.

මාව මරන්න හැබැයි චරිත ඝාතනය කරන්න එපාය කියලා හිටපු ජනාධිපති ප්‍රේමදාසත් කිව්වා නොවැ!

පන්සලක අලියෙකුට වද දෙන එක ගැන දැක්වෙන වීඩියෝවක් එක්ක මං කාලෙකට කලින් කතන්දරයක් ලිව්වා මතකද?

අන්න ඒ වගේම සීන් එකක් මට දකින්න ලැබුණා දැන් මාසෙකට විතර කලින් නුවර ඉඳලා නුවරඑළිය බලා යන ගමනේ අතරමග දී.

අපි කන්ද නගින කොට අලි පටවන් එන ලොරි දෙක තුනක් හමුවුණා. මං හිතන්නේ ඒ පැත්තේ පෙරහැරකට අරගෙන ගිහින් ආපහු ගෙදර ගේන සත්තු වෙන්න ඕනෑ. එහෙම නැතිනම්, නුවර පැත්තේ පෙරහැරකට ලොරි මතින් වඩම්මන සත්තු වෙන්න ඕනෑ.

මේ සත්තු එක වනාන්තරයකින් තවත් එකකට ස්ථාන මාරු ලබපු වල් අලි කියලා නම් පෙනුණේ නෑ.

ඔහොම අලි ලොරි තුන හතරක් අපිව පාස් කරගෙන කන්ද බැස්සාට පස්සේ තමයි මෙන්න මේ සීන් එක දැක්කේ නුවරඑළිය නගරයට ඉතා කිට්ටුව.


මේ ලොරියේ අලි ඩබලක්ම පටවලා.

ලෝඩ් එක වැඩිකමටද කොහෙද ලොරිය කැඩිලා.

මොකද අර එක බස් එකක් කැඩුණාම මිනිස්සුන්ව පස්සෙන් එන බස් එකක පටෝලා අරිනවා වගේ අලි දෙන්නෙක්ව දාලා අරින්න කියලයැ.

ඉතිං මේ අලි දෙන්නාට ලොරියේ හිරවෙලා අපා දුක් විඳින එකට අමතරව වෙනත් විකල්පයක් නෑ!

ඔන්න ඔය වගේ හේතු නිසයි මං කියන්නේ මම පර පණ නැසීමෙන් වැළකෙමි කියන පන්සිල්වල පළමු ශික්‍ෂා පදයට මම වෙනත් ප්‍රාණීන්ට හිංසා ද නොකරමි කියලා ඌන පුර්ණයක් කරලා සංශෝධනය කළ යුතුයි කියලා මං යෝජනා කරන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
පානාතිපාතා වලට අදාල සත්වයින් අතරට කතන්දරකාරයා ද අයිති යැයි සිතමි!

http://dontpaniconline.com/magazine/radar/improvements-that-could-be-made-to-football

79 comments:

  1. පන්සිල් කියන්නේ මිනිස්සු රකින්නේ නැති එකක් නේ ,ඉතින් රකින්නේ නැති දේකට සංශෝදන මොකටද?

    ReplyDelete
    Replies
    1. ධම්මේ භවෙ රක්ඛති ධම්ම චාරී

      Delete
    2. පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. මේක 'ධම්මො හවෙ රක්ඛති ධම්මචාරී' වෙන්න ඕනෙ. ධම්මො = දහම, හවෙ (භවෙ නෙමේ)= ඒකාන්තයෙන්, රක්ඛති = රකී, ධම්මචාරී = ධර්මයේ හැසිරෙන්නා... ලිපියේ අදහස ගැන කියනව නම් එකඟ යි. ඔය සිල්පදය විග්‍රහ කරන තැන ඒක තිබුණට මිනිස්සුන් ගෙ ඔළුවට යන්නෙ නෑ නෙ. උදේ හවහ කියන්න ගත්තම වත් ඔළුවලට යයි නෙ, ටික දෙනෙකු ගෙ හරි. අපට මුළු ලෝකෙ ම හදන්න බෑ නෙ ඉවාන්.

      Delete
    3. කුරුටු ගෑ ගී පොත - ස්තුතියි!

      Delete
  2. අදහස නම් හොඳයි. හැබැයි බුද්ධාගම අයිති කරන් ඉන්න අපේ සම හරක් උත්තමයෝ ඕකට කැමති වීයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ගතිගුණ අතින් අප තවමත් වනන්තරේ

      Delete
  3. ඔහේ ඕන එකක් සන්සෝදන කර ගත්තට කමක් නෑ, හැබයි අදින්නා දානාට අත තියනවා එහෙම නෙමෙයි ඕන්...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මුරුංගාවලට නේද?

      Delete
    2. මාතලන් මාමේ, උඹේ ෆොටෝ එක දැක්කා.ෂා හරීම හැන්ඩ්සම් කොල්ලෙක්නෙ අපේ මාතලන් මාමා.

      Delete
  4. දැන් කකාට ගව මස් කන්න හරක් මරන කොට ඒක සත්ව හිංසාවක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. ඇයි නැත්තේ වධ දී මැරීම ඉතා අමානුෂිකයි. ඇයි කර ඇඹීම වගේ ඒවා?

      මසට ඇති කරන සතුන් මැරීමට මානුශික ක්‍රමවේදයක් හදලා තියෙනවා.
      http://kb.rspca.org.au/What-do-we-mean-by-humane-killing-or-slaughter_115.html

      Delete
  5. කකා අන්තිම එකටත් පොඩි සංෂෝධන පාරක් ඔහොම්ම දාමුද.. නිකං 39 % ට අඩු එව්ව පව් නෑ ඒ කියන්නෙ අර චිකන් කියන්නෙ මස් ජාතියක් නෙවෙයි වගේ සීන් එකක්, 
    තිබ්බත් කැඩෙන එකනෙ කොහොමත්.අපි වගේ අහිංසකයො ගැන හිතල ....

    ReplyDelete
    Replies
    1. ඒක නං මද පමණින් කියලානේ කොහෙමටත් තියෙන්නේ!

      Delete
  6. මේ රටේ සිංහලබෞද්ධයින්ගේ (තනි වචනයකි ) අනුකම්පාව ගවයන්ට පමණක් වන අතර කකා වැනි ලිබරල්වාදීන්ගේ අනුකම්පාව අලියන්ටය. ඒ කාටවත් ඉසිප්‍රියා හෝ ඇගේ සගයින්ට වුණේ මොකද්ද කියා හොයන්නට කිසිම උවමනාවක් නැත. ඇනෝනිමස් ආතල් කාරයා පමණක් ඒකෙනුත් ආතල් එකක් අරගෙන තිබේ.

    ReplyDelete
    Replies
    1. මේකයි සතා ලොකු වෙනකොට පව වැඩියි නේ!

      ලොක්කෙක් වරදකට හිරේ යැව්වාම කළුකොඩි පවා දැම්මේ දැන් අවුරුදු දෙකකට විතර කලින්!

      දැන් බලන්න මැසි මදුරුවන් අමානුෂික විදියට බර අවි යොදාගෙන සමූල ඝාතනය කරවාට කවුරුවත් මීක් කියනවාද?

      Delete
    2. දැන් ඔය අපි වගේ පොඩි ජුන්ඩෙක් වරදක් කරල හිරේ වැටුනොත් ඉතිං ඒ පරණ පව් නිසානේ. අපිට ඉතිං සොරි ඩොට් කොම් විතරයි.

      ඒකටත් එක්ක ලොකු තල්මහෙකුට ජම්පර් අඳින්න වුනොත් ඉතිං කළු කොඩි තමයි රට පුරාම.
      http://kathandara.blogspot.com/2010/10/blog-post_19.html

      Delete
    3. //පොඩි ජුන්ඩෙක් වරදක් කරල හිරේ වැටුනොත්//

      එව්ව කෙලිම්ම ඇට ලච්චුවට වැටෙන කිරිමෙල් වැරදි කකා. ඒ නිස මොකා වෑර්දි කලත් ජුන්ඩ වැරදි කරන්න යන්න නරකයි.

      Delete
    4. ජුන්ඩ ජුන්ඩ විදියට ඉන්ඩෝනැ.. ජුන්ඩ ටොම්බ වෙන්ඩ ගියාම චාටරේ කන්නෙ ටොයියො දෙන්න.. ඕ යේස් !!!

      Delete
    5. Anonymous25 May 2014 10:19
      උඹ නම් එන්.ජී.ඕ කාක්කෙක් නැත්නම් අර නිදහස් මාධ්‍යට මුවාවෙලා බටහිර දේශපාලන රැකවරණ පතන්නෙක් බවයි පේන්නෙ. ඔය කොටි අපේ සිංහල උන්ව කැති ගාපු හැටි උඹට අමතකනම් අඩු ගානෙ ගාමිනී චිත්‍රපටියවත් බලපන්. සල්ලි දීල බලන්න ඕනෙ නෑ, youtube එකේ තියෙනවා. gamini sinhala movie කියල ගහපුවම බලන්න පුලුවන්. ඉතින් මේ ඉසප්‍රියා ඇතුලු ඔය ෆොටෝවල ඉන්න සේරම ඉදිරි ආරක්ෂක වලල්ලෙදි අල්ල ගත්ත කොටි. උඹ හොඳට ෆොටෝ එක නිරීක්ෂණය කළා නම් ඒක තේරෙයි. හමුදාවෙ ඉන්නෙ පන්සිල් රකින සිල් ගත්ත අය නෙවෙයි, ඒ නිසා ඔය කොටි රෑනම පේලියට තියල වෙඩි තියන්න ඇති. අපිට උන් ගැන කිසිම දුකක් නෑ. උඹ වගේ උන් කිඹුල් කඳුලු හෙලුවට, මායිම් ගම්මානවල දුක් විඳපු අය දන්නවා කොටි කියන්නෙ කවුද කියලා.
      අකිල

      Delete
    6. වෙඩි තියන්න කලින් සමූහ දූෂණය කිරීම ගැන මොකද්ද ඔබ තුමා කියන්නෙ?

      Delete
    7. /////වෙඩි තියන්න කලින් සමූහ දූෂණය කිරීම ගැන මොකද්ද ඔබ තුමා කියන්නෙ/////
      අනේ මන්දා බන්....වෙඩි තියන්නෙත් උන්..වෙඩි තියන්න ඉස්සෙල්ලා බලෙන් නිදිවදින්නෙත් උන්..ඒවා හරි කියන්නෙත් උන්..වැරද්දක් කිව්වොත් ඇන්ජීඕ කාරයෝ. ඒක හරියට කෝකටත් තෛලේ වෙලා. හැබැයි ශ්‍රේෂ්ඨ බෞද්ධයෝ,කිතුනුවෝ,මුසල්මානුවෝ, හින්දුවෝ කතාවට ගියාම. ටෝක් උඩින් ..ගමන යටින්.

      Delete
    8. @ අකිල

      ඔබ කියන්නේ මානුෂික මෙහෙයුමේ යෙදුණු අපේ වීරෝදාර රණ විරුවන් සහ රුදුරු අමානුෂික කොටි තයස්තයින් අතර වෙනසක් නෑ කියලාද?

      මට නම් හිතෙන්නේ ඔබ මානුෂික මෙහෙයුමේ යෙදුණු අපේ වීරෝදාර රණ විරුවන්ට අපහාස කරනවා සහ විදේශීය කුමන්ත්‍රණකරුවන්ට උඩ ගෙඩි දෙන්නෙක් බවයි!

      ඇයි ඒ? අපි වෙනුවෙන් අපි ද?

      Delete
    9. හරි මෙහෙම උපමාවක් ගනිමු. දැන් යක්ෂයො ටිකක් ගමකට ඇවිල්ලා ගමේ ඉන්න පොඩි ළමයි ඇතුලු බාල මහළු ගෑණු පිරිමි අමානුෂික විධියට මරල දානවා. ඒත් ගමේ කීප දෙනෙක් බොහොම අමාරුවෙන් බේරෙනවා. ඊලඟ පාර යක්ෂයො ටික ගමට එනකොට අර ගමේ ඉතිරි වෙච්ච පිරිස බොහොම උපක්‍රමශීලීව මේ යක්ෂයො එක්ක සටන් කරල දිනනවා. සමහර යක්ෂයො යටත් වෙනවා, නමුත් ඒ යටත් වෙච්ච යක්ෂයොත් මැරුම් කනවා. වෙන ගමක් කෙනෙක් ප්‍රශ්නයක් අහනවා, ඇයි මේ යටත් වෙච්ච යක්ෂයො මැරුවෙ, ඒක වැරදි වැඩක් කියලා. නමුත් මේ ගමේ මිනිස්සුන්ගෙ ඇස් පනාපිට තමුන්ගෙ අඹු දරුවන්, මව්පියන් ඝාතනය කරපු එකට ඔවුන්ගෙ මානසිකත්වය තමයි යක්ෂයන් සමූල ඝාතනය. පෘථග්ජන මනසකට ඊට එහා ඒ මානසිකත්වයෙන් හිතන්න බෑ. නමුත් මේක, සාමාන්‍ය මාන්සිකත්වයෙන් ඉන්න එහා ගමේ එක්කෙනාට ප්‍රශ්නයක්. මගේ ඔලුව කියන්නෙ මේක වැරදියි කියලා, ඒත් හදවත කියන්නෙ ඕකුන්ට ඔහොම වෙන්න ඕනෙ කියලා. මම හිතන්නෙ ලංකාවෙ සිංහලයන්ගෙ අති බහුතරය මෙහෙමයි. ඒ නිසා වෙන්න ඇති මේ ගැන බොහෝ දෙනෙක් නිහඬ.
      අකිල

      Delete
    10. නීතිවිරෝධී ත්‍රස්තවාදීන් කරන දේමත් රජයේ නීතිමය හමුදාත් කරයි නම් මොකටද රජයක්?

      වරද කරළ අයට නඩු අසා දඬුවම් දිය යුතුයි. ජවිපෙ 71 කැරුල්ලේ අවසානයේ "ප්‍රධාන වශයෙන්" එහෙමයි කෙරුවේ.

      දැන් ඔය ඉසිප්‍රියා කළ වරද මොකක්ද? ඇය ගෝනගල ප්‍රහාරයට හිටියා කියා සාක්‍ෂි තියෙනවාද? කොටි පාලනය යටතේ ඇති රූපවාහිනී චැනලයක ප්‍රවෘත්තී කීම නේද ඇය කළ වරද?

      ජේවීපී 88-89 කාලේ රජයේ රුපවාහිනියේ වැඩ කළ සමහර අයව මරා දැමුණා. දැන් එහෙනම් ඒවාත් හරි වැඩද?

      (ඔබේ යක්‍ෂයා ගැන උපමාවට ප්‍රතිවිරුද්ධ උපමාව තමයි "බල්ලෙක් ඔබව හපා කෑවොත් ඔබත් ඒ බල්ලාව බල්ලෙකු මෙන් හපා කනවාද නැතිනම් මනුශ්‍යයෙක් කරන දෙයක් කරනවාද" කියන එක!)

      Delete
    11. කකා මේ කරුණ සම්බන්ධයෙන් ඔබ සමග එකඟයි. මෙය මිලේච්ච ක්‍රියාවක් බව පෙන්න සාක්ෂි තිබෙනවා. මම යුධ අපරාධ සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව (ආණ්ඩුව සහ දේශපාලන පක්ෂය යනු 2 කි ) සමග සිටියේ ද්‍රවිඩයන්ගේ බොරු බ්ලෝටඩ් ප්‍රොපගැන්ඩා හින්ද. නමුත් එහි යම්කිසි සත්‍ය කොටසකුත් තිබෙන බව ට සාක්ෂි තිබෙනවා.
      නමුත් මගේ අවසාන විග්‍රහය නම් :

      මිලේච්චයෝ ගෝත්‍ර දෙකක් එකිනෙකාව රුස්සන්නේ නැතුව මරා ගත්තා. යටත් උන එවුනුත් දෙපැත්තෙන්ම මැරුවා. ඌරන්ට මොන සෞක්යයද වගේ මිලේච්චයන්ට මොන එතික්ස් ද ?

      Delete
    12. @Anonymous26 May 2014 13:16,

      //ඉතින් මේ ඉසප්‍රියා ඇතුලු ඔය ෆොටෝවල ඉන්න සේරම ඉදිරි ආරක්ෂක වලල්ලෙදි අල්ල ගත්ත කොටි. ඒ නිසා ඔය කොටි රෑනම පේලියට තියල වෙඩි තියන්න ඇති. //

      අල්ල ගත්තු අයව වෙඩි තියල මරන්නැති කියල ඔබ කියන්නෙ වගකීමෙන්ද? මොකද ඔය කතාව දරුණු චෝදනාවක්. බරපතල යුධ අපරාදයක්..!

      Delete
  7. කකා පන්සිල් පද වෙනස් කරලා හරි ඔය සතුන්ව රැක ගමුද හිංසාව නවත්තමුද අහනවා.……

    බුදු දහම අයිති කරන් ඉන්න ඇතම් හිමිවරු හීලෑ අලි ඇතුන් සත්ව හිංසා පනතෙන් ඉවත් කරන්න කියලා කියනවා. ආ නෑ වැරදුනා 'උන් වහන්සේලා එහෙම දේශනා කරනවා.'

    බලාගෙන කකා උදහසට ලක් වෙන්න බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. /* ඇතම් හිමිවරු හීලෑ අලි ඇතුන් සත්ව හිංසා පනතෙන් ඉවත් කරන්න කියලා කියනවා. */

      ස්තුතියි!
      ඒ බවක් මං කියෝලා තිබුණේ නෑ මේ වෙනතුරු.

      Delete
  8. මං හිතන්නේ පාණාතිපාතා වේරාමණී කිව්වම ඔය හිංසා කිරීමේ කෑල්ලත් අයිතියි මං හිතන්නේ.

    දස පනතට ගෙනාපු සංශෝධනයක් ගැන පුංචි ඇඩ් එකක් බලන්ඩ කකා

    ReplyDelete
    Replies
    1. ඒ වීඩියෝව නම් මරු!

      මං මේ ජෝර්ජ් කාලින් ගේ තුන්වෙනි වීඩියෝවයි බලන්නේ!

      Delete
  9. සතුන් මැරීම විතරක් නෙවෙයි අභයදානය දීමත් පාපකාරී විදිහටනෙ දැන් කරන්නෙ. නිදහසේ ඉන්න අහිංසක සතෙක්, ගොඩක් වෙලාවට කුරුල්ලෙක්, උගුල් අටවලා අල්ලගන මල්ලක දාගෙන ඇවිත් ඉඳලා උත්සවාකාරයෙන් නිදහස් කරනවා. පින් කරන්නෙත් සෝබනේට.

    කන්න නැතිව ඉන්න හරකෙකුට කන්න දෙයක් දෙන්නෙ නැතුව මස් මඩුවෙ මුදලාලිට තව හරක් දෙතුන් දෙනෙක් ගන්න තරම් සල්ලි එකතුකරල දීල හරකෙක් අරගෙන ඇවිත් උත්සවාකාරයෙන් දානව ආයෙත් කාන්තාරෙකට.

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ සතුන් ගේ හම පුච්චන එක ලොකුවට පිං කියලා, දැකලා නැද්ද?

      Delete
    2. කකාගේ තට්ටේ පිටිපස්සේ ලොකුවට පිං කියල ගහල කනට කහ ටැග් දෙකකුත් දාල ගත්තම කොහොම ලස්සනට ඉඳීවිද !! ඕන තැනක උලා කන්න යන්න පුළුවන්.

      Disclaimer ( කකා සුරැකීමේ මැරවර සංවිධාන/පුද්ගලයන් උදෙසා): මෙය විහිළුවකි :P

      Delete
  10. This must be the programme you said http://www.youtube.com/watch?v=C3r202etWLE

    ReplyDelete
    Replies
    1. ඔව් විනාඩි 34 සිට නරඹන්න.

      Delete
    2. මුල සිට අවසන් වෙනතුරුම නැරඹුවා! හැකි අය බලන්න.

      Delete
  11. තමන්ට ඔ්න හැටියට ධර්මෙත් වෙනස්කරගත්ත රටේ.. අහන්නත් දෙයක්ය.. ඔ්ක වෙනස් කරගමු..
    (හැබැයි හොද පැත්තට හින්ද තමයි ප්‍රශ්නේ???)

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්ණය තමයි, මැස්සන්ට සහ ඩෙංගි මදුරුවන්ටත් පාණාතිපාතා සහ මේ අඋත් කෑල්ල අදාලද කියන එක!

      Delete
  12. ඔය වගේ තුන්වැනි එකත් වෙනස් කලොත් ප්‍රජනන ක්‍රියාවලියත් නතර වෙලා මනුස්සයොත් නැතිවෙලා යාවි!!!

    ReplyDelete
    Replies
    1. හැසිරීම සහ වරදවා හැසිරීම යනු දෙකක් නේ ද?

      Delete
    2. ආ ඒක නං වෙන් නෑ බිකෝස් බණ දහං නාහන අපි වගේ අසප්පුරුශයො හෝල් සේල් ඉන්නවා . ඕ යේස් !!!! අපිට නත්‍තල් එතකොට .!!

      Delete
  13. මාරයා අයියා එළවන 40ශ්‍රී ලොරියෙ නම් අලි දෙන්නෙක් නෙවෙයි දහයක් වුණත් පටවන්න පුළුවන්. කැඩෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙ සීයගෙ බක් ෆියට් එකෙත් අලි සීයක් විතර ගෙනිච්චා ඒ දවස් වල.

      Delete
  14. වචනේ වෙනස් කොලාට වැඩක් නෑ කිරියාව වෙනස් නොකරනකල් ගොයියෝ............

    ReplyDelete
    Replies
    1. අඩු වශයෙන් පොඩි ළමයි බල්ලන්ට, කුරුල්ලන්ට ගල්වලින් ගහන එකවත් නතරවෙයිනේ.

      Delete
  15. දණ්ඩ වග්ගයෙදි කියවෙන්නෙ ඔය ගැන තමයි නේද ...

    මේ වගේ ගාථාවලින්
    සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
    අත්තානං උපමං කත්වා -න හනේය්‍ය න ඝාතයෙ.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති.

      නමුත් මාත් ඇතුළු බහුතරයක් දෙනා දන්නේ පන්සිල් පද සහ ඒවායේ සරල සිංහල තේරුම විතරයි.

      ඔය දණ්ඩ වග්ගේ වගේ ඒවා දන්න අය පව් වැඩ කරනවා අඩු ඇති නේ. හැබැයි මේ අපි කේස් එක නං වෙනස්. අර මගේ කලින් ලිපියේ තිබුණු වීඩියෝව පන්සලක දාගෙන වද දෙන අලියෙක් ගැනයි.

      Delete
  16. අනුන්ගෙ පණ නෙමෙයි අනුන්ගෙ නිදහස සුරකින්න ඔනි කියන එක වුණොත් මිනිස්සුන්ට ආදරේ කරන්න ගනියි.එතන ඉදල ජීවත් වීම වෙනස් වෙයි.දැන් තියෙන්නෙ තමන්ගෙ කියන සම්බන්ධයක් නැති ඕනෑම දෙයක් විනාශ වීමෙන් තෘප්තියට ලත් වෙන සමාජයක්

    ReplyDelete
    Replies
    1. /* අනුන්ගෙ පණ නෙමෙයි අනුන්ගෙ නිදහස සුරකින්න ඔනි කියන එක */

      අර සපතේරු උන්නැහේ කියලා තිේ‍රන දණ්ඩ වග්ගයේ කවිය ගැන මං කියවලා බැලුවා. ඒකේ තේරුම මේ නිස්මං කියලා තියෙනවා වගේ එකක්!

      ස්තුතියි මිත්‍රයා.

      Delete
  17. ඒ අදහස කොහොමත් සිල් පදයේ තියෙනවා නේද කතන්දර?
    අනුන්ට හිංසා නොකරමි
    අනුන් ලවා හිංසා නොකරමි
    හිංසාවට අනුබල නොදෙමි
    අන් අය කරන හිංසා වැළැක්වීමට උත්සාහ කරමි

    ඔය ඔක්කොම සිල් පදේට අයිතියි කියලයි අපිට නම් කියා දුන්නේ :)

    ReplyDelete
    Replies
    1. මන් හිත හිතා ආපු එක මේ කමෙන්ට් එකක තියෙන්නේ.... :)

      Delete
    2. මේ කතාව ඇත්ත. :)

      Delete
    3. කකා මෙතන ලොකු ටෝක් දැම්මට බුද්ධාගම හරියට ඉගෙන ගත්ත එකෙක් නෙවෙයි. දෙයක් හරියට ඉගෙන ගන්නෙ නැතුව ඒ ගැන බාගෙට අවබෝධෙන් ලොකු ටෝක් දෙන්නෙ කකා වගේ පඬියො තමයි.
      අකිල

      Delete
    4. නීරෝ ඇතුළු සැමට

      මේ කතන්දරේ මුලින් මං කියලා තියෙන පරිදි මහාචාර්යලාත් කිව්වේ පානාතිපාතා කියන්නේ නොට් කිලින් ඇනිමල්ස් කියලයි.

      පහතින් සරත් ලංකාප්‍රිය කියා තියෙනවා පානාතිපාතා කියන එකේ තේරුම හාමුදුරුනමක් විස්තර කළ විදිය.

      මගේ තර්කය මහාචාර්යලාත් නොදන්නා ඔය විස්තර අපි වගේ සාමාන්‍ය අය නොදන්නා බවයි. අපි දන්නේ පානාතිපාතා = නොට් කිලින් ඇනිමල්ස් කියා විතරයි.

      මෙතන මූලික ප්‍රශ්නය මං සාමාන්‍ය පෙලට පස්සේබුද්ධාගම විෂය ඉගෙන ගත්තේ ණැති එක නොවේ, සත්ව හිංසාවයි.

      Delete
    5. @ අකිල (Anonymous 26 May 2014 13:02)

      මා මෙහි කර ඇත්තේ ලොකු ටෝක් දීම හෝ පඬි කතා කීම හෝ නොවෙයි. මගේ අදහස් සරලව කීමයි.

      මා මේ බ්ලොග් එක පවත්වාගෙන යන්නේ ඒ සඳහායි.

      මා කියා ඇති දේ ඔබට ලොකු ටෝක් දීමක් හෝ පඬි කතා කීමක් ලෙස පෙනෙනවා නම් ඒ ඔබ අද සිටිනා අඳ බාල තත්වය නිසා විය හැකියි.

      එය මගේ වරදක් නොවේ.

      යම් කිසි දිනක මනසින් අදට වඩා උසස් වුණොත් ඒ දිනයේ දී ඔබට මේ මා අද කියා ඇති දේ තවත් කෙනෙකු ගේ නිදහස් අදහස් දැක්වීමක් ලෙස පෙනේවි.

      එතෙක් ඉවසන්න දරුව!

      ඔබට යහපතක්ම වේවා!!

      Delete
    6. මුදල් ආශාවකින් තොරව අන් අයගේ රසාස්වාදය (සහ තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සඳහා ) මෙවැනි බ්ලොග් එකක් කිරීම ගැන ඔබතුමාට පළමුව ස්තූති කරනවා. මගේ භාෂා විලාශයට සමහරවිට ඔබ කැමති නැතිව ඇති. නමුත් ප්‍රශ්නෙ මේකයි. යම් දෙයක් බාගෙට තේරුම්ගෙන (මෙහිදී පන්සිල් පද ) එය වෙනස් කිරීමට යෝජනා කිරීම නිදහස් අදහසක් වෙන්නෙ කොහොමද ? හරි තේරෙන භාෂාවෙන් මෙහෙම කියමු. දැන් නිව්ටන්ගෙ නියමයක් අරගෙන ඒක පරිපූර්ණ නෑ, ඒකට මේක එක් කරන්න කියලා කෙනෙක් කිව්වොත්, ඒක පිලිගතහැකි තර්කයක් නම් (හරියට අයින්ස්ටයින් නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශණ ගැන සාපේක්ෂතාවාදයෙන් පැහැදිලි කරනවා වගේ ) ප්‍රශ්නයක් නෑ. හැබැයි නිව්ටන්ගෙ නියමවත් හරියට තේරුම්ගන්න බැරි යන්තම් 8 පාස් කෙනෙක් නිව්ටන් වැනි දාර්ශනිකයෙක්ගෙ නියම වෙනස් කරන්න එනකොට අනිත් අය මොනවද හිතන්නෙ? හැබැයි බුදුන්වහන්සේ නිව්ටන්ටත් එහා ගිය ලෝකයෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතමයා. ඔබතුමාට ඊට එහා ගිය දියුණු මනසක් තියෙනවා නම් මෙය පිලිගත හැකියි. නමුත් ඔබ එහෙම කෙනෙක් නොවී ඔබ කළ වැරැද්ද පෙන්වනවිට, විවේචකයාට පහර දෙන එක ඔබ වැනි උගත් බුද්ධිමතෙක්ට උචිතද ? මා වැරදිනම්, සමාව භජනය කරමි.
      අකිල

      Delete
    7. අකිල ඔබේ පිළිතුරට ඉතා ස්තුතියි.

      මෙන්න මගේ අදහස්. මේවායින් සමහර දේවල් මගේ මුල් කතන්දරයේත්, පසුව කමෙන්ටු සහ පිළිතුරුවලත් කියවී තියෙනවා.

      1. පානාතිපාතා යන්නෙන් සතුන් මැරීම කියන එකයි අති බහුතරයක් දෙනා දන්නේ. මහාචාර්යවරු පවා කියන්නේ එලෙසයි.

      2. පානාතිපාතා යන තනි වචනයේ විස්තරාත්මක අර්ථදැක්වීම් තර්කානුකූල වුවත් ඒවා ජනගත වෙලා නෑ.

      කොටින්ම සිංහලෙන් පන්සිල් පද කියවෙන කවිය මෙහෙමයි.

      මම සතුන් නොමරමි,
      සොරකම් කිසිත් නොකරමි,
      දුසිරිතෙන් දුරුවෙමි,
      බොරු බසින් මත් පැනෙන් වැළකෙමි

      3. මා යෝජනා කළේ සතුන් මැරීමෙන් වැලකෙමි කියන එක තවත් විස්තරාත්මකව වැඩි දියුණු කරන්නයි, නොඑසේ නම් සැඟවී ඇති අරුතක් එළියට ගෙන එන්නයි. එහි ඇති වරද කුමක්ද?

      4. බුදු දහමේ ඇති වැදගත්ම දේ නම් අන්ධානුකරණයෙන් ඇදහිය යුතු යැයි නීති නොමැති වීමයි. අපට ඕනෑ දෙයක් ප්‍රශ්ණ කිරීමට නිදහස තියෙනවා. මා බෞද්ධයෙක් වී සිටින්නේ ඒ නිසයි.

      Delete
    8. 5. බුදුන් තමයි ලෝකේ හිටි උසස්ම පුද්ගලයා, ඔහු කී දේ අපි අවිවාදයෙන් පිළිගහත යුතුයි යනාදී වශයෙන් කීම බුද්ධාගම නොවේ, එය සමහරවිට අද වචනයෙන් තලිබාන්වාදය ලෙස හැඳින්විය හැකියි. මා සිතන විදියට එලෙස කීම බුද්ධාගමට සහ බුදුන්ට කළ හැකි ලොකුම අපහාසයයි.

      Delete
  18. කලින් පාරක් අලියෙක් ලොරියක පටවලා ගෙනියද්දි ලොරිය කඩා වැටිලා අලියෙක් මලා මතකයි.

    අලි එක්ක තරහ නිසා රජය මේවාට නීති ගේන්නෙ නැද්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. එහෙනං අලි බලයෙන් ආඪ්ඩුව පෙරළන්න වෙනවා. ඒකට ඕනෑ කොට අදින අලි!

      Delete
    2. පෙරහැරේ ගිය අලි 16ක් දැන් ලොක්ක එක්ක නොවැ..

      බර අදින අලි සැට් එකක් මේ පැත්තේ ඉතුරුයි. උන් දැන් පට්ට කම්මැලි වෙලා ;(

      Delete
  19. අපේ අය කරන්නෙම අනුන්ට හිංසාවක් වෙන විදිහට හැසිරෙන එකනේ.

    ReplyDelete
    Replies
    1. එය අපේ සංස්කුරුතියේ කොටසක්!

      Delete
  20. //මං හිතන්නේ සතෙක් එක පාර මරනවාට වඩා මහා පාපයක් තමයි වද දෙන එක.//
    හරියටම් හරි. මිනිසුන්ට වගේ සතුන්ට මරණය ගෑන හෑගීමක් නෑහෑ. ඒකියන්නෙ මන් දෑන් මෑරෙයි, මගෙ දරුවන්ට මොනවවේද ආදී දේවල් සතුන් හිතන්නෙ නෑහෑ. ඒවුනාට ශාරීරික වේදනාව මිනිසුන්ට තරම් සතුන්ටත් දෑනෙනවා. අපි සතුන් මරන එකට විරුද්දව කෑගහනවගෙ ප්‍රයෝගික නොවන විකාර නොකියා කරන්න ඕනෑ සතුන්ට වද දෙන එක (මරණ එක වුනත් වේදනාව අඩුවෙන් කරන්න පුලුවන් ) නවත්වන එක

    ReplyDelete
    Replies
    1. එල්ලුම් ගහ සහ ඉන්ජෙක්ෂන් විදුලි පුටුව වගේ දේවල් හදලා තියෙන්නේ අඩු වේදනාවකින් මරන්න හිතලා නේද?

      Delete
  21. පානාතිපාත වේරමණි සික්කාපදං සමාදියාමි කියන එකේ නියම තේරුම හරියට දුන්නොත් කොහොමද අලින්ට වද දීමෙ ක්‍රියාවලිය ලොකු ලොකු පන්සල්වල කරගෙන යන්නෙ ? එතකොට අර අලින්ට වද දිදී යන පෙරහැරවල් කොහොමද කරන්නෙ ?
    ආචාර්ය පුන්නජී හාමුදුරුවෝ කියු හැටියට පාණ කියන්නෙ සියළුම පණ ඇති සතුන්ට.. මිනිස්සුත් ඇතුලත්.. අතිපාත කියන්නෙ පහල හෙලීම. පහල හෙලීමට මානසික වදයේ පටන් ශාරීරික වදත් මරණය දක්වාත් සියළුම හිංසා ඇතුලත් වෙනවා. ප්‍රාණියෙක් නොමරා මැරීමත් පවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතිය සරත්, අදමයි මේ පාලි විස්තරාත්මක තේරුම ඇහැව්වේ!

      Delete
  22. මේ පන්සිල් හරියටම රකින අය සිටිත් ද කකා

    ReplyDelete
    Replies
    1. මගේ සීයා ආච්චි උයන පරිප්පු හොද්දකට උම්බලකඩ දාලා නම් ලිපට දර කෑල්ලක් දන්නේ හෝ හොද්ද හැඳිගාන්නේ හෝ නෑ.

      ඒ තරමට සිල් රැක්කා ජීවත් වෙන කාලේ.

      Delete
    2. /මේ පන්සිල් හරියටම රකින අය සිටිත් ද කකා?/

      ඔව්, අනේ ඉන්නවා. ඕනැද ලිස්ට් එක?

      1. මහින්ද රාජපක්ෂ
      2. ගෝඨාභය රාජපක්ෂ
      3. නාමල් රාජපක්ෂ
      4. චමල් රාජපක්ෂ
      5. බැසිල් රාජපක්ෂ
      6. අයෝමා රාජපක්ෂ
      7. යෝෂිත රාජපක්ෂ
      8. රෝහිත රාජපක්ෂ
      9......
      10.......

      තව ගොඩක් දිගයි. මෙතැන ලියන්න බැහැ.

      Delete
  23. මේ සත්තුන්ට කරන අපරාදේ නම් . . .

    ReplyDelete
  24. අපි එහෙම කිවත් බොහොම රස කර කර පෙරහැරවල් නරබනවා. . .පෙරහරින් පස්සේ ඒ සත්තු විදින දුක හිතෙන්නේ නැහැනේ !!!!

    ReplyDelete
    Replies
    1. පෙරහැර වැනි දේ පමණක් නොවෙයි, කොහොමටත් කුඩු කර සතුන් ඇති කිරීම, දම්වැල්වලින් බැඳ තැබීම පාපයක්.

      Delete
  25. බෞද්ධ නොවන මිනිස්සු ඉන්නවා ඕන තරම් මේ ලෝකේ සත්ව හිංසාව පිලිකුල් කරන. ස්ලෝටර් හවුස්වල වැඩ කරන සුද්දෝ ඉන්නවා, ගෙදර ඇති කරන සතාව තමන්ගේ දරුවෙක් වගේ බලාගන්න. උදේ හවස පන්සිල් මතුරන අපේ උදවිය තමයි ලංකාවේ ගෙදර උදව්වට ඉන්න කෙනාට ටොකු ඇන ඇන වැඩගන්නෙත්, කුස්සියෙ පැදුරු දාලා නිදාගන්න දෙන්නෙත්. මුලු හැත්ත බුරුත්තම කාලා බීලා ඉවරවුනාම ඉතිරි දෙයක් කන්න දෙන්නෙත්. මේක ආගමටත් වඩා මනුස්සකමටත් නින්දාවක්. අපේ උදවිය කිව්වේ බෞද්ධයෝ විතරක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. අවසන් කාරණයට හේතුව ඊනියා පන්ති බේදයයි.

      Delete
  26. PANATHIPATHA KESE WETHATH SURAMERAYA GENA I HAVE HEARD THUS:
    " SURAMERAYA WEE RAMANEE "

    ReplyDelete
  27. අනේ මන්ද අප්පා....සත්ව හිංසනයට වඩා ලංකාවෙ මනුස්සයන්ට වෙන හිංසා.....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.