Monday 19 May 2014

කාන්තාවක් සමග මහ වැස්සේ කුඩයක් යට කිටි-කිටියේ තුරුලූ වී ඇවිද ගියෙමි - It is Spring again!


මං දැන් ටික දවසකට කලින් පරණ හින්දි ෆිල්ම් එකක ඩීවීඩි එකක් බැලුවා. මට මතක විදියට ආරාධනා ද කොහෙද නම. රාජේෂ් කන්නා සහ ෂර්මිලා තාගෝර් තමයි රඟපෑවේ.

මේකේ අළුත (හොරෙන්) බැඳපු ජෝඩුවක් ඉන්නවා. මිනිහා ඉන්දියන් එයාෆෝස් එකේ පයිලට් කෙනෙක්. පොර ගැණිගෙන් සමු අරගෙන ඩියුටි යනවා. ගියා ගියාමයි ආයේ එන්නේ නෑ!

පස්සේ මේ සිංගල් මදර් තමන්ගේ ඒ වෙනකොට කුසේ හිටිය දරුවාව හදා ගන්න කතාව තමයි මේ මූවි එකේ තියෙන්නේ මට මතක විදියට.

දිගටම ඩීවීඩී එක බලාගෙන යද්දී මට මෙතන පොඩි අවුලක් අවුලක් තියෙනවා වගේ දැනුණා.

එයාෆෝස් පයිලට් ඩියුටි යන්න පිටත් වෙන සීන් එක හරිය මං ආපහු ප්ලේ කරලා බැලුවාම තමයි මට තේරුණේ කෙල්ලයි කොල්ලයි යාළු වෙලා ඉන්න කාලේ කොච්චර ප්‍රේම දර්ශන රඟපෑවත් (කොටින්ම මේ කෙල්ල ගර්භණී වෙන්නේ කසාද බඳින්නත් කලින්) අර අවසන්වරට සමුගෙන යන වෙලාවේ මේ පොර තමන්ගේ ගෑණි ගේ තොල්වලට, කම්මුලට කෙසේ වෙතත්, නළලටවත් උම්මා එකක් දෙන්නේ නෑ නේද කියලා!

ඒ කියන්නේ බඳින්න කලින් මොන පෙම් කෙලියත් බැන්ද ගමන් ජෝඩු දුරස්ත වෙනවා කියන එකයි.

උදේ හවස වැඩට යනකොට, වැඩට ගිහින් ගෙදර ආපසු තම කලත්‍රයායට අඩු වශයෙන් උම්මා එකක් වත් දීම කළ යුතුමයි.

අනික තමයි, බඳින්න කලින් අත්වැල් අල්ලාගෙන මුහුදු වෙරලේ, පාලු පාරවල්වල, පියවර මැන්නාට බැන්දට පස්සේ ඇඟිලි ගැවුණත් නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේයි අපේ තරුණ බැඳපු ජෝඩු පවා හැසිරෙන්නේ.

මංතුමා නම් ඔය විදියට නොවෙයි වැඩ කරන්නේ.

මං ඒ බව "බැඳපු අයගේ මල් කැඩීම" කියන කතන්දරයේත් පැහැදිලි කරලා කිව්වා.
http://kathandara.blogspot.com/2011/03/blog-post_29.html

කොහෙම වුණත් මේ කතන්දරේ ලියන්නේ මෙච්චර මේ ගැන පොර ටෝක් දෙන මංතුමාත් බැන්දායින් පස්සේ මේ දක්වාම කරලා නොතිබුණු දෙයක් කරන්නට මේ ළඟදී හදිසියෙන්ම වගේ ලැබුණු අවස්ථාවක් ගැන කියන්නයි.

ඔන්න දැන් සති දෙකකට විතර කලින් සිකුරාදාවක හවස් වරුවේ හාමිනේ යි මායි නිට්ටඹුව ටවුමට ගියා පොඩි වැඩ දෙක තුනකට. පොඩි වැහි කළුවක් තිබුණත් ඒක එච්චර ගාණකට ගත්තේ නෑ අපි දෙන්නා.

බැංකුවටත් ගිහිල්ලා සල්ලි ටිකක් අරගෙන, පොත් කඩේටත් ගොඩ වෙලා හෙන්රි වර්ණකුලසූරිය ගේ "නෙත් මා දකිනු පිණිසය" කියන කෙටිකතා පොතයි, ඩී බී කුරුප්පු ගේ "සැඳෑ තරු එලියේ කිමිදෙන හිරු" කියන පොතයි අරගෙන, පයින්ම ගෙවල් පැත්තට එන්න ආවා.

මෙන්න බොලේ එක පාරටම කඩාගෙ වැටුනේ නැද්ද වැස්ස නිකං දොඹ ගෙඩි වගේ.

අපි වහාම ළඟම තිබුණු සතොස ඇතුලට පැන ගත්තා.

පෝරණුවක් වගේ ඒ සතොස කඩේ ඇතුලේ අසතුටෙන් පැය බාගයක් විතර ගත කළත් වැස්ස පායන පාටක් නෑ. එතන ඉඳලා පාරේ යන ත්‍රී වීල්වලට අත වැනුවට ඒවායේ මාතලී ලා ට අපිට පේන්නේ නෑ.

"ඉතිං මොකද කරන්නේ!" කිය කිය කල්පනා කරන කොට මට හොඳ අදහසක් ආවා.

සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගෙඩි රුපියක් පන්සීයක් ම දීලා සතොසෙන් ගත්තා කුඩ රාජයෙක්.

ඒක දිග ඇරගෙන අපි දෙන්නා හොඳට තුරුලු වෙලා අර මහ වැස්සේ නිවස බලා පයින් එන්න පටන් ගත්තා.

ලොකු කුඩයක් වුණාට, ඒ වැස්සට ඒක හොඳටෝම මදි හතර පැත්තෙන්ම වැහි බින්දු. ඒ නිසා තව තවත් තුරුලු වෙන්නයි සිදුවුණේ. දන්නවානේ අර එක අතකින් කුඩේ අල්ලාගෙන අනිත් අත ඉන වටේ අත දාලා හිර කරගෙන!

ඔන්න ඒ වෙලාවේ අර බඳින්න කලින් දවස්වල කළුබෝවිල, නුගේගොඩ පැත්තේ ඇවිදින කොට හිතට ආපු ආකාරයේ සොඳුරු සිතුවිලි ආපහු පාරක් හිතට ගලාගෙන එන්න පටන් ගත්තා!

උදේ හවස උම්මා දුන්නාට, මං අර "බැඳපු අයගේ මල් කැඩීම" කියන කතන්දරයේ කියපු විවිධ දේවල් කළාට, මේ වගේ කුඩයක් යට තුරුලු වෙලා යන්න ඒ කාලෙන් පස්සේ අවස්ථාවක් මෙදා වෙනතුරුම ලැබුණේ නෑ නේද කියලා එවෙලේයි මට තේරුණේ.

කොහොම හරි ඉතිං අමරදේව ගායනා කරන "කබාය ඉරිලා" සින්දුවට අළුත් විකල්ප වචන දාමින් අපි දෙන්නා නිවස දක්වාම ඒ ආකාරයටම තුරුලු වෙලා ඇවිදගෙන ගියා!

ඔන්න මේ කතන්දරය කියවන කලකට පෙර බැඳපු ඈයෝ ඉන්නවා නං පොඩ්ඩක් මේ අත්දැකීම ආපහු අරගෙන බලන්න කියලා යෝජනා කරන්න කැමතියි.

-කතන්දරකාරයා

ප/ලි:
කුඩේ යටින් ආවත් ඒ දොඹ වැස්සේ හැටියට ගෙදර එනකොට අපි දෙන්නාම හොඳටෝම තෙමිලා.

වහාම නා ගන්න එක හැර වෙනත් විකල්පයක් තිබුණේ නෑ.

ගෙදර එවෙලේ වෙනත් අය නොහිටියා නං ෂවර් එකත් ෂෙයාර් කරන්න තිබුණා!

(image: http://www.cartoonstock.com/directory/l/lovey_duvey.asp)

112 comments:

  1. තරුන ජෝඩුවක් වැස්සේ කුඩයක් යටින් යනවා දකින මැදිවියේ පොරක ගේ සිතුවිලි කියවෙන "මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා" කියන සින්දුව, එදා හාමිනේයි මායි කුඩේ යටින් තුරු වෙලා යනවා දකින තරුණ කොල්ලෙක් කොයි විදියට වෙනස් කරලා කියාවිද කියලයි මං මේ තවමත් කල්පනා කරන්නේ!


    ReplyDelete
    Replies
    1. නහින දෙහින කාලේ ළඟ ළඟ එනවා
      ඩබල් ඇඳ ඔහේ කාමරෙ වේලෙනවා
      සීය වෙනම ආච්චී හීතලෙ වෙව්ලනවා
      වල පයයි ගොඩ පයයි මුන් පාරෙ හැ##නවා

      ඔන්න ඔහොමයි මට හිතුනෙ. ආයෙ මක්කටෙයි කැටයං !!

      Delete
    2. තරුණ කොල්ලා කොලුකාරයෙක් වුනානම් මෙහෙම වෙනස් කරයි නේද කකා?

      දිලිසෙන තට්ටෙට හිරිකඩ වැටුනම
      නාකි වුනත් අර අයියගේ ලස්සන
      තට්ටේ ඉඹින්නට මට ආසයි
      තට්ටෙට මම ආසයි..

      Delete
    3. සැර වැඩිද මන්දා

      Delete
    4. හි හි

      Delete
    5. යකෝ අවුරුදු විස්සක විතර කොල්ලෙක් දැන් හැටට කිට්ටුවෙන්න යන කකාට 'අයියා' කියයිද?

      Delete
    6. ඇනෝ මං හින්දා මෙකවත් කියන්නේ නෑ, අර "අල්ලපු පන්සලේ සාදු" ක්‍රමයට නං කියන්න වෙන්නේ මේකයි.

      http://kathandara.blogspot.com/2012/05/thus-have-i-heard.html

      Delete
  2. මම දන්න ජපන් ජෝඩුවක් ඉන්නවා, මහත්තය 82යි නෝන 80යි තාමත් හැමදාම ඔෆුරො (බාත් ටබ්) බහින්නෙ එකට කියලා එයාගෙ මුනුපුරෙක් මා එක්ක කිව්වා
    හැමදාම අසල ඇති පාක් එකේ ඇවිදිනවා අත් පටලෝගෙන, ඊරිසියා හිතෙන තරන් රොමෑන්ටික්.

    ReplyDelete
    Replies
    1. සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු
      සංසාරෙන් අපි සමුගන්න දා ඒ ගමනත් අපි එකට යමු

      Delete
    2. අපට ඉතින් අවුරුදු 80 ගණන් වලදි දි නෙවෙයි, බැඳපු ගමන්ම කළොත් මිසක එක බාත් ටබ් එකට බහින්න කවදාවත් ලැබෙන්නෙ නෑ නෙවැ. කකා හාමිනේත් එක්කද නාන්නෙ තනියමද?

      Delete
  3. රේන් කෝට් පාවිච්චි ක්‍රන්න පුරුදුවෙන්න කකා..ඒකට වයස් භේදයක් නෑ ..!!!

    ඕ යේස් !

    ReplyDelete
    Replies
    1. සතොසේ රේන් කෝට් විකිණීමට නෑ!

      Delete
    2. ෆාමසියකින් .. සොරි … වෙන කඩේකින් අරං තියාගමු හිමිහිට.. අන්න ඒකනේ රාජ්‍ය අංශය ව්‍යාපාර අංශයේදී අසාර්ථකයි කියන්නෙ..

      කාගිල්ස් එකට වැස්සට රිංගුවනං රේන් කෝට් හිටු කියලා !!!!!

      Delete
    3. රේන් කෝට් එකක් අඳින්න නම් කෙළින් හිට ගන්න පුළුවන් වෙන්න එපායැ. මේ අබල දුබල කාලේ හරියට හිට ගන්න වත් බැරුව ඉන්න කොට කකා රේන් කෝට් එකක් අඳින්නෙ කොහොමද?

      Delete
  4. කොච්චර එකක්ද වැහැපු එක. මටත් ඔහොම වැඩක් වුනා කාරෙකෙන් බැහැලා සාප්පුවකට දුවද්දි. චූටි කුඩයක් අතේ තිබුණේ. ලඟ හිටපු දැවැන්ත කෙනෙක් කුඩේ යටින් අරන් ගියා එයා තෙමෙන හන්දා. රොමැන්ටික් සිතුවිලි නම් පහල වුනේ නෑ. හිත යටින් ඒ මනුස්සයට බැන බැන ගියේ ... :D

    ReplyDelete
    Replies
    1. ඈ පොඩ්ඩි .. ගෑනු ළමයින්ගෙ බාසාවෙන්

      අනේ මන්දා = කමක් නෑ
      ටිකක් = ඕනෙ තරං
      ආස නෑ = ආසයි බයයි
      ඔයාගෙ කැමත්තක් = කරපං බලන්න


      එතකොට ඔය හිත යටින් බැන බැන කියන එක ???? :D

      Delete
    2. 'පව් අප්පා වැස්සේ ගියානම් මේ මනුස්සයා මෙච්චර තෙමෙන්නේ නෑ' :D

      Delete
    3. මට නං මේ පොකු ගේ කතාව තේරුණේ නෑ.
      පොඩිද ුරක් කුඩේ යටින් ගියා නං කෙහොමද තෙමෙන්නේ? ඇයි බණින්නේ?

      Delete
    4. හයියෝ පොඩ්ඩියේ....

      Delete
    5. මනමාල කුරුල්ලා - මොනවාද හිතීලා - වෙනදාට වඩා ප්‍රීතියකින් ප්‍රබෝධ වීලා.....ලා ලා ලා ලා ලා.

      Delete
    6. නැව ගිලුනත් බැන් චූන් මෙතඩ් හිටපං බං

      Delete
    7. නලියට අද වැඩිපුර පෙත්තක් පෙවිලා.... උදේ ඉදන් නැට්ට කෙලින්...

      Delete
    8. කකා වගේ අනෙක් වයසක සෙට් එක වැඩි සද්දයක් නෑ කට පියාන ඉන්නවා. මිදියුෂ බිව්ව අශ්වයෝ වගේ. මේ රොඩු දියකරපු වතුර බීපු කොටළුවෙක් තමයි මත් වෙලා නටන්නෙ.

      Delete
    9. හි හි ඔයාලේ කොමෙන්ට් ශෝක් අනේ .

      Delete
    10. ආතල් ගන්න වෙලාවට උඹලත් මරු බන් ඇනෝ

      Delete
    11. ඇනෝලගෙ කමෙන්ට් නං එල.. ආතල් ඇනෝල ටිකක් ඉන්නවා කුනුහරුප කියන උං අස්සේ :D

      Delete
    12. ඒක ඇත්ත පත්‍ර බ්‍රදර්...මේ කකාගේ ඇනෝ සෙට් එක ෆුල් ආතල් සෙට් එකක්. කකා ටොෆි චොකලට් අරන් දීලා තියන් ඉන්නේ. අර කකා සුරැකීමේ සංවිධානයට මොකද වුනේ. ඒ දවස්වලත් නියම කමෙන්ට්ස් ටිකක් ගියා.

      Delete
    13. ම්ාමාව
      Mawa gaththata passe sanvidanee kadaakappal unaa aiye

      Delete
    14. අරූ අයියා.. මෙහෙම ආතල් ඇනෝල සෙට් එකක් වෙන අයට නෑ.. කකාට ම විතරයි.. මාර බඩු ටිකක් අප්පා. කැපිටල් ඇනෝ එක්ක ඉතුරු ෂැට් එකම කියලා වැඩක් නෑ. :D සංවිදානෙත් මරු ..

      අපූර්වි. එහෙම නෑ බං :D

      Delete
  5. දොඹගෙඩි වැස්සේ එකම කුඩය යට
    අංකල් ඇන්ටිට තුරුළුව යන හැඩ
    මටත් එහෙම යන්නට ආසයි
    මට නම් හරි ආසයි

    කෙල්ලො තියා කුඩයක්වත් මට නැහැ
    මොනව කරන්නද?... කොහෙන් හොයන්නද?
    තනියම තෙමෙමි අනේ...
    තනියම තෙමෙමි අනේ...

    ReplyDelete
    Replies
    1. (උසස් පෙලෙන් පසු ගෙදර වේලුණු කාලේ මොබයිල් ෆෝන් තිබුණා නම් මා අතින් එදා මෙලෙස ලියවෙන්නට තිබුණා!)

      මලක් කඩන්නට ආස හිතෙනවා
      ක්‍රෙඩිට් නැතුව මොබයිලෙ වේලෙනවා

      සීයක රී ලෝඩ් එකක් දමන්නට
      යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

      පර්ස් එක හිඳිලා ඊට කමක් නෑ
      කාගෙන් ගාණක් ඉල්ලා ගන්නද

      මා දැන් තරුණ වියේ
      මා දැන් තරුණ වියේ

      Delete
  6. මහා ලොකු වැස්සක් කඩා හැලෙනවා
    ලව් එක දෙන්නගේ නැගලම යනවා
    ත්‍රීවීල් ලඩියක නැගලා යන්නට
    හිතුනේ නැත්තේ ඇයි මේ දෙන්නට

    කුඩයත් පොඩි වැඩි ....ඊට කමක් නෑ
    හැමට පේන්නට හැමට දකින්නට
    මුන් දැන් මහලු වියේ ඒඒඒඒ
    නොදකින් නාකි විසේ ඒ ඒ

    ඔන්න මම එහෙම දැක්කනම් ඔහොම් හිතෙයි :D

    ReplyDelete
    Replies
    1. BALANNAKO KAKKAIYA SHOAK KAI NE LIYANNE

      Delete
    2. එළ මචං +++
      හැබැ‍යි බං තරුණ කොල්ලෙක්ට හිතෙන දේවල් අහලා තියෙන්නේ.. උඹට හිතෙන දේවල් ලියලා හරියනවැයි..

      Delete
    3. හෑ....................... හරි ඉතිං මං තරුණ කාලේ හිතිච්ච ඒවා තමයි මේ :D

      Delete
    4. තෙරපි තෙරපි කියන වචන ඕනෑ, ඕනෑමයි, නැත්තං නෑ, තාත්වික ගතියක් නෑ!

      Delete
    5. therapy therapy එක දෙන්නේ තෙරපි තෙරපි ගෙදර ගියාට පස්සෙනේ කකා.

      Delete
  7. නාකි විසේ! ගෙටත් උසේ!

    ReplyDelete
  8. //මං දැන් ටික දවසකට කලින් පරණ හින්දි ෆිල්ම් එකක ඩීවීඩි එකක් බැලුවා. මට මතක විදියට ආරාධනා ද කොහෙද නම//
    ඉක්මනට අමතක වේගෙන යන එකනං හොඳ නෑ!

    ReplyDelete
    Replies
    1. කකා ඔහොම කුඩේ යටින් යනවා ඇනෝ කෙනෙක් එහෙම දැක්කනං ඉන්න හම්බ වෙන්නෙ නෑ !!

      Delete
    2. /කකා ඔහොම කුඩේ යටින් යනවා ඇනෝ කෙනෙක් එහෙම දැක්කනං ඉන්න හම්බ වෙන්නෙ නෑ !!/

      අනේ අපි කකා කුඩ යටින් යනවා විතරක් නෙවෙයි මාරයා 40 ශ්‍රි ලොරිය එළවාගෙන යනවාත් දැකලා තියෙනවා.

      Delete
    3. වරදවා තේරුම් ගන්න එපා දැකලා තියෙන්නෙ මාරයා ලොරිය එළවාගෙන යනවා විතරයි. ලොරිය සර්විස් කරනවා නෙවෙයි.

      Delete
    4. ඇනෝ , අර කකාගේ පෝර්න් ක්ලිප් එක එලියට දාන්නේ නැද්ද ?? :)
      ම.සො.පි

      Delete
    5. @ Kandyan
      ඒ ඩීවීඩිය බැලුවේ දැන් අවුරුදු හය හතකට කලින්. හැබැයි ඊයේ මේ කතන්දරේ ලියන්න කලින් යුටිබ් එකේ මූවි එක පොඩ්ඩල් බැලුවා, නම හොය ගන්න. සර්ච් එලේ චන්ඩා හේ තූ කියන සින්දුවෙන්.

      Delete
  9. ආරාධනා නං බලල තියෙනව... ඒ කාලෙ හැටියට හොදයි ඒත් අර කාක කීව වගේ ඒකෙ මිස්ටේක් නං ගොඩයි.. සමස්තයක් විදියට හොටු පෙරන අයට ඒක බලල හොටු පෙරන්න හොද පිල්ම් එකක්.. ඒක සිංදු ටික නං හිතට ඇල්ලුව..
    මාත් ඔය විදියට කුඩේ යටින් ඇගේ ළගින් ගියා.. යනකොට නං ආතල් ඒත් බස් එකට නැග්ගහම පැලෙන්න තෙමිල තිබ්බ එක තමා අවුල

    ReplyDelete
    Replies
    1. මොනවාද පැලුනෙ?

      Delete
    2. කෙලින්ම ගෙදර යන්ණ තිබුණා නම් තමයි ආතල් එක!

      Delete
  10. අපරාදෙ! ෂවර් එකත් ෂෙයාර් කර ගන්නයි තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. අනුන්ට කියන්නෙ ඔයා වයිෆ් එක්ක ෂවර් එක ෂෙයා කර ගන්න කෙනෙක්ද?

      Delete
    2. හෑ.. ඇනෝ... එහෙම කරලා නැති කෙනෙක් ද?

      Delete
    3. අපි තාම පොඩි කොල්ලොනෙ මෙයා. ඔය වැඩිහිටියො කරන දේවල් අපි දන්නව‍යැ.

      Delete
    4. /හෑ.. ඇනෝ... එහෙම කරලා නැති කෙනෙක් ද?/

      අනේ නෑ. මම නම් රාජ්ගෙ වයිෆ් එක්ක ෂවර් එකක් ෂෙයා කරලම නෑ. ඇත්තම ඇත්ත මේ කියන්නෙ.

      Delete
    5. ඇනෝලා හිතෙන් එහෙම තමා ඉන්නේ නේද? රාජ් වගේ පරිණත මිනිහෙක් ඕව තඹේකට ගණන් ගන්නේ නෑ බං

      Delete
    6. අරිසෙන් අහුබුදුත් පරිණත මිනිහෙක්නෙ. හැබැයි ගෝලයා විජමුත් පරිණත වැඩක් කලා කියනවනෙ.

      Delete
    7. අනේ බං මේ ගරු කටයුතු දෙදෙනකුට ඇයි මේ මඩ. සඳා අහුබුදු කියන්නෙත් ලේ මස් ඇට නහරවලින් හැදුනු එකියක් බං. ඇයි බං උඹලා වැරදිම කොන මුලටම අල්ලන්නේ.

      Delete
    8. @ රාජ්
      ඇති තරම් ෂෙයා කර තිබේ!

      Delete
    9. සඳා අහුබුදු ගැනයි, අහුබුදුගෙ බුදු නම් ගැනයි කාලෙකට ඉස්සර පැරා ලියපෞ, ටැබුගෙ කමෙන්ට් වලින් රසවත් වූ ලිපියක් තිබ්බ මතක් වෙලා යන්තන් හොයා ගත්ත.

      http://www.w3lanka.com/2010/11/blog-post_07.html

      Delete
  11. කොහොමත් වයසට යනකොට තරුණ කාලේ කරපුවා කරන්න මාර ආසයි. සමාජීය බැම්මට බියේ ඒවායින් මිදිලා හිටියට යටි හිත ආසයි ඒවා කරන්න. දැන් බලන්න එදා ගෙදර කස්ටිය හිටියා කියන බැම්ම නොතිබුනා නං කකා නාන්නේ අමුතුම ආතල් එකකුත් එක්කම නේද?

    ReplyDelete
    Replies
    1. සමහරුන්ට වයසට යනකොට තරුණ ගෑනු ළමයින්ට "කෙල්ලේ.., කෙල්ලේ..." කියලා පොඩි ආතල් එකක් ගන්නත් හිතෙනවා කියනවා.

      Delete
    2. කෙලිච්චියේ ඔයා දොයිද කියලා අහන්න හිතෙනවා.....

      Delete
    3. වයසක උදවියට දොස් කියන්න එපා. තමනුත් වයසට යනව. අහල ඇතිනෙ අර රවුමෙ යනකොට පහුකරගෙන ගිය දේවල් ආයෙත් මුනගැහෙනව කියල.

      Delete
    4. පිස්සුද රාජ් මේ අමරණිය වෙච්ච ඇනෝලනේ. එයාල හැමදාම තිරිහන්. අපි ඉතින් මහ පොළොවේ ඉන්න එවුන්නේ

      Delete
    5. දැන් මෙතන අපි කාටද දොස් කිව්වෙ රාජ්?

      ඔව්, අපි වයසට යනකොටත් ඒ කාලෙ බ්ලොග් ලියන ගෑල්ලමයින් කෙරෙහි ඉඳලා හිටලා හිතක් පහළ වෙයි තමා. හිතක් පහළ වුණාට වැඩක් තියේයැ අංගෝපාංග වැඩ නොකරන කොට. ඒ හන්දා ඒ කාලෙට පත්තරේකට බැඳිලා බ්ලොග් ලියන ගෑල්ලමයින්ගෙ පින්තූර පත්තරේ දාලා ආතල් එකක් ගන්නවා.

      Delete
    6. දොසක් ගැන කවුද කියන්නේ බං. නුඹේ හිනමානය ගැන දුකයි. වයසට යනකං ඉන්න එපා දැන්ම සහ සබදතාව පටන් ගන්න ඇනෝ. අපි පත්තරයට ගියේ වයසට ගිහින් නොවේ වයස 19 යෙදි. බොරුවක් නොවේ කියන්නේ බලපන් 1987 ලංකාදිපය. එතකොට දිනපතා එක නැ බං. විශ්වාසය කියන එකයි මූලික සාධකය. එය හදාරපන් මචෝ.

      Delete
    7. හප්පොච්චියේ නලින් අන්කල්ට ගොඩක් වයසයිනෙ.

      Delete
    8. නලියා මනමාලයා නාකි ඉලන්දාරියා...

      Delete
    9. දැන් දිනමිණේ වැඩ කරන නාඹර ගෑල්ලලමයි හෙම මේවා දැක්කනං උන්ට මොනව හිතෙයිද ඈං?

      Delete
    10. ආ ඒ ගොල්ලො දන්නවා මෙයාගෙ ගැන.....

      Delete
    11. නලීන්,
      ඒ අපේ ගෙදර නොවෙයි, ඒකයි අවුල!

      Delete
    12. හරි කකා ඒක වෙන්න ඇති මේ ඇනෝ ළමයිට මොනවද කරල දෙන්න ඇහක් කියලා මේ කල්පනා කොළේ.පව් උන් ටික නිකං කෙට්වුවෙනවා වගේ මට හිතෙන්නේ... ළමායි එන්න නැට්ව කෙලින් කරාරාරාරාරාන්. ( මට අරින්න වගේ වරෙන් නැත්තං උඹල නෝන්ඩිනේ බං)

      Delete
    13. හරි කකා ඒක වෙන්න ඇති මේ ඇනෝ ළමයිට මොනවද කරල දෙන්න ඇහක් කියලා මේ කල්පනා කොළේ.පව් උන් ටික නිකං කෙට්වුවෙනවා වගේ මට හිතෙන්නේ... ළමායි එන්න නැට්ව කෙලින් කරාරාරාරාරාන්. ( මට අරින්න වගේ වරෙන් නැත්තං උඹල නෝන්ඩිනේ බං)

      Delete
    14. නලින් අයියා .. ඔන්නෝව අතෑරල දාල ඇනෝල අල්ලං පොඩි ජොලියක් දාමු බං. ;D

      Delete
    15. මචං නලියෝ, උඹ හරි ලජ්ජා නහරය කපා ගත්තු එකාලට ඇනෝලාත් පරාදයි. ඒකයි උඹ මාතලන් වගේ එවුන් ඇනෝලා එක්ක හරඹ කරලා දිනන්නේ. මොකද උඹලා දෙන්නගෙම ලජ්ජා නහරෙ කියලා දෙයක් නෑ.

      Delete
    16. /ළමායි එන්න නැට්ව කෙලින් කරාරාරාරාරාන්. ( මට අරින්න වගේ වරෙන් නැත්තං උඹල නෝන්ඩිනේ බං)./

      උඹ ඕවා බන්දුල පද්මකුමාරටම කියලා හැමදාම කර ගන්නවා වගේ කර ගනින්. අපට බෑ.

      Delete
    17. ඒක උගේ රස්සාවනේ ඇනෝ මචං ..මස් කඩ කාරයො ඉන්නෙ මස් නොකන..ඕව අල්ලල දාල ඉමු .. ඌත් දරුපවුල් කාරයනෙ මචං.. ජීවත් වෙන්නනේ බං සේරම.

      Delete
  12. මම උදේට සදු ගේ නලල ඉබලා යන්නේ එක දවසක් උදේ ඔරොපපු වෙලා යන්න හදන කොට මගේ පොඞ්ඞා කෑ ගහනවා අම්මිට උම්මා එකක් දිලා යන්න කියලා, තරහාමරහා ඉවර කරලා දෙන්නවම ඉම්බා.

    ReplyDelete
    Replies
    1. ඉස්සර තොල්, දැන් නළල, තව ටික කාලෙකින් හිස, ඊට පස්සේ?

      Delete
    2. ඊට පස්සේ අල්ලපු ගෙදර ගෑනිගෙ තොල්

      Delete
    3. ඇනේ ඉතින් උබගේ ගැනි අවුලක් නැද්ද අල්ලපු ගෙදර ගැනිව ඉබිනවාට

      Delete
  13. //බඳින්න කලින් මොන පෙම් කෙලියත් බැන්ද ගමන් ජෝඩු දුරස්ත වෙනවා කියන එකයි.// මේක නම් සම්පූර්ණ ඇත්ත.

    ඒ දුරස් බව නැති කර ගන්න එක ඉතිං ජෝඩුව අතේ තමයි.

    අනේ අපි යත්දි වහින්නෑනෙ. :)

    ReplyDelete
    Replies
    1. /ඒ දුරස් බව නැති කර ගන්න එක ඉතිං ජෝඩුව අතේ තමයි./

      ඒ දුරස් බව නැති කර ගත්තෙ නැත්නම් ඉතිං අතේ තමයි.

      Delete
  14. ඔය බැන්ඳට පස්සෙ අතිං වත් අල්ලගෙන පාරේ යන්න බැරි ලෙඩේ තියෙන්නෙ පිරිමින්ට නේද... අපේ මහත්තයත් එහෙමනෙ... හැබැයි ඉතිං එයාට ඒ ලෙඩේ තිබ්බට මට නෑ නේ.. ඒක හින්ද ඉතිං එයාට ගැලවීමක් නෑ... හි හි...

    ReplyDelete
    Replies
    1. හී හී... හි හී...
      වෙන කෙනෙක් හොයා ගන්න මෙයා....

      Delete
    2. @ හිරු,
      ඕක වෙනස් වෙන්නේ රූං පෙත්ත කැරකෙන, කෝම් පිට්ටු ඉඳිවෙන කාලෙටයි!

      Delete
  15. ආරාධනා ඔරිජිනල් එකේ එකම කතාව දෙපාරක් යනව නේද (තාත්තගෙ වර්ෂන් එක ඉවර වුනාම පුතාගෙ වර්ෂන් එක).

    හැබෑට බැන්දයින් පස්සෙ වැස්සකට අහු වුනේම නැද්ද ඔයිට කළින්.

    ඔය දුරස්ත වීම මටනම් වෙන්නෙ ප්‍රසිද්ධියේ ලං වෙනකොට ලැජ්ජාවක් වගේ දැනෙන නිසා. බඳින්න කළින් ආසාව නිසා ලැජ්ජාව යටපත් වෙනව ඇති.

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං ඔච්චර ලැජ්ජා? ඒ දවස්වලත් එහෙමද?

      Delete
  16. SHAH, KAKKA THUMA NITTAMBUWTA ENA WAGA DANNAWA NAM MAMA EYAWA APE GEDARATA
    INVITE KARANAWA. THEMENNA DENNETH NEHE. APARADE. MAMA INNETH NITTAMBUWA KITTUWANE.

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ නම බණ්ඩාරනායකද? එයා ඉන්නෙත් නිට්ටඹුව කිට්ටුව. මහ කළු ගලක් යට.

      Delete
    2. අංකල් දැක්කෙ කාලෙකිං. මොකෑ කකාව අමතක උනාද?

      Delete
  17. කකා ජර්මනියෙන් උදුරා ගෙන පෝලන්තයට පවරා දුන් පොමනේරියා සහ සයිලීසියා යන ප්‍රදේශ ආපසු ජර්මනියට දෙන්නේ කවදාද?
    රුසියාව උදුරා ගත් නැඟෙනහිර ප්‍රසියාව ආපසු ජර්මනියට දෙන්නේ කවදාද?

    ReplyDelete
  18. මේ රටේ මිනිස්සු හොද තරුණ වයස කියලා සලකන්නේ අවුරුදු 55 -75 අතර වයස තමයි විසි තිස් ගණන් වල අය දරුවෝ , ඒ වගේම ඒ කාලේදී ආර්ථිකය ගොඩ දාගන්න සැහෙන ගේමක් දෙනවා කොල්ලෝ කෙල්ලෝ ලිවින්ග් ටුගෙදර ඉදගෙන. ඊට පස්සේ ගෙයක් අරන් කසාද බැදලා දරුවෝ හදලා එයාලත් බැන්දම හෝ ඉස්කෝලේ ගිහින් ඉවර වෙන කාලේ එද්දී අම්මයි තාත්තයි පටන් ගන්නවා ලෝකේ වටේ සවාරි යන්න. ඒ වගේම බැඳලා නැහැ වගේ පාරේ යන්නේ. මේ මිනිස්සු න්ගේ හැබැයි උපතේදී ආයු අපේක්ෂාව අපිට වඩා වැඩි ,, සාමන්යෙන් 80 ත් 110 ත් හැම කෙනාම වගේ ජිවත් වෙනවා. ඒ වගේම තරුණ අයට වඩා මේ රටේ වයස මිනිස්සු ගෑණු අය දිහා බලනව වැඩි ..අපේ රටට වඩා සෑහෙන්න වෙනස්

    ReplyDelete
    Replies
    1. //ඒ වගේම තරුණ අයට වඩා මේ රටේ වයස මිනිස්සු ගෑණු අය දිහා බලනව වැඩි ..අපේ රටට වඩා සෑහෙන්න වෙනස්//

      ඔයාට වැරදිලා... බලන්න අර උඩ ඉන්න අහවල් එක වටේ යන අහවලා..... කෙල්ලො දිහා බලන බැල්මට ඉබේට ගර්භණී වෙනවා....

      Delete
    2. ඇනෝ මචෝ සහ සම්බන්ධතාව යන එක හැමෝටම පිහිටන්නේ නෑ. ඒ හන්දා ඒකට උත්සාහ කරපන්. නැත්ත අත ගෙවෙන එක විතරයි වෙන්නේ. ඔය හැම එකටම කලින් මනුස්සකම කියන ගුණාංගය මුලට ගනින්. ලැබිය යුත්ත නිරායාසයෙන්ම ලැබෙයි.

      Delete
    3. මෙන්න මෙයා කියන දෙයක් අහපන් බං

      Delete
    4. සත්‍යයක් කියා වැටහේනං පමණක් බං

      Delete
    5. අපූර්විට බැල්ම වැටෙනවා වගේ ඔහේ ඉන්න අයගෙන්?

      Delete
  19. ලව් කිරිල්ල ලමයි ආවට පස්සෙ පැත්තකට දැමිල්ල තමයි ගොඩක් ප්‍රශ්නවලට මුල.. අර වගෙ අවස්තා සාමාන්‍යයෙන් උදා නොවෙනකොට ඒවා උදාකරගන්න ඕනෙ. උදාහරණ වශයෙන් ලමයි ඉක්කෝලෙ ගියාට පස්සෙ ගෙදර නැවතීම. හැමදාම උදෙන්ම වැඩට යන මං එකදවසක් ටිකක් පමා උනොත් කොල්ලා ඉස්කෝලෙ යන්නෙ දෙපැත්තට ඇද ඇද.. කොල්ලාට සැකයි මොකක්ද යන සෙල්ලම කියලා.

    ReplyDelete
    Replies
    1. පට්ටම කතාව සරත් අයියේ. මේ නොබැදපු උන් ඕව කොහොම දැනගන්නද? උන්ට ලොකු සංසර්ගේ ඒක නැති ඇරියස් ගන්නවා අනිත් උන්ගේ ආතල් කුඩු කරලා. ඒත් උන් දන්නේ නෑ අපි ඒවයිනුත් ආතල් ගන්නේ කියලා.

      Delete
    2. මගේ බැඳපු අයගේ මල් කැඩීම කතන්දරේත් බලන්න.

      http://kathandara.blogspot.com/2011/03/blog-post_29.html



      Delete
    3. //හැමදාම උදෙන්ම වැඩට යන මං එකදවසක් ටිකක් පමා උනොත් කොල්ලා ඉස්කෝලෙ යන්නෙ දෙපැත්තට ඇද ඇද.. කොල්ලාට සැකයි මොකක්ද යන සෙල්ලම කියලා. //

      මමත් ඔහොම ආ හැටි බුද්ධියා දුටුවා මතකයි.

      Delete
  20. තව කල් තියෙනවා කකා.දැනට නං යනවා කුඩේ යටිං.වැස්සට විතරක් නෙමේ අව්වටත් කිටි කිටියේ කුඩේ යටිං

    ReplyDelete
    Replies
    1. අව්වටත් කුඩ ඕනෑ තමයි නැත්තං තට්ටේ පැලෙනවා

      Delete
  21. වයසට යනකොට ශවර් ශෙයා කරන්න ගිහිල්ල කොන්ද කඩා ගන්නවට වඩා නරකද ටබ් ශෙයා කරන එක? ඒකෙත් තට්ටෙ පලා ගෑනීමේ අවදානමක් ඈත

    ReplyDelete
    Replies
    1. බාත් ටබ් ස්පා එකේ දෙන්නෙකුට ඉඩ නැත.

      Delete
  22. ගෙදර එවෙලේ වෙනත් අය නොහිටියා නං ෂවර් එකත් ෂෙයාර් කරන්න තිබුණා!
    හෑ ........ බැන්දලා මෙච්ජ්චර කාලෙකට පස්සෙත් පොදු දේවල් ෂෙයාරින් කරන්නේ ගෙදර අයට හොරෙන්ද අප්පා

    ReplyDelete
    Replies
    1. ඒ අපේ ගෙදර නොවේ!
      නිට්ටඹුවේ ඥාති නිවසකි.

      Delete
  23. කකා, ආරාධනා එකේ රාජේෂ් ෂර්මිලා දෙන්න හොරෙන් වත් එළිපිටවත් බැඳල හිටියෙ නෑ නේද.

    ReplyDelete
  24. ඔහොම තමයි කතන්දර,

    මුල් කාලේ ඕවා එකම කුඩයක් යට කරගන්න තරමට නියමයි. ඒත් බැන්දට පස්සේ දෙන්නට යන්න කුඩ තුනකුත් මදි............

    ReplyDelete
  25. කිසී පැකිලීමක් නැහැ අතින් අල්ලන් යන්න, ඉඹින්න. තාම මගේනේ. ඉන්න ටිකේ ලව් එකේ ඉන්නවා. රණ්ඩුත් වෙනවා. ආපහු යාළුවෙනවා. රණ්ඩුවෙලා ආපහු යාළු වෙන්න ට්‍රයි කරන්න ඕන නිදාගන්න වෙලාවට. ඒක හරි වල් ත්‍රිල් එකක්.

    ReplyDelete
  26. අපේ වයසේ ඇත්තෝ හැමෝටම සතුටු වෙන්නට පුළුවන් මේ වගේ කතන්දර ඇහුවාම

    ReplyDelete
  27. දැනෙන්න ආදරේ කරන්න වයසේ මොන බාදාවක්ද කිවුවලු.. බලන් ඉන්න අය මොනා කිවුවම මොක්ද ඒ ආදරේ විදින්නේ තම්න්නම්..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.