Monday 12 May 2014

ඉතාලියේ දී මා දුටු බංග්ලාදේශ්කාරයෝ - Bangladeshi's in Italy


පසුගිය වසරේ මට සතියක පමණ කාලයක් ඉතාලියේ නගර දෙක තුනක සංචාරයක් කරන්නට පොට්ට චාන්ස් එකක් ලැබුණා.

මං ඒ කාලේ අහපු දැකපු දේවල් ගැන කතන්දර කීපයක්ම ලිව්වා සමහර විට ඔබ කියවන්නට ඇති. ඒ දවස්වල අමතක වුණු එක කාරණයක් අද අන්සතු දිනපොත බ්ලොගයේ චිතගොන් හි නැව් කැඩීම ගැන තිබුණු ලිපිය කියවද්දී හදිසියේ මතක් වුණු නිසයි මේ ලියන්නේ.

අපි ඉතාලියේ රෝමා නගරයේ විවිධ ඓතිහාසික තැන් නරඹන්නට ගියා දවස් හතර පහක්. ඒ වගේම ෆිරැන්සියා හෙවත් ෆ්ලොරන්ස්වල දවසකුත් වැනීසියා හෙවත් වෙනීස්වල දවස් දෙකකුත් කල් ගත කළා.

මේ හැම තැනදීම මා දැක්කා මේ සංචාරකයින් ගැවසෙන තැන්වල ඇවිදමින් පොඩි පොඩි සුකුරුත්තං බඩු විකුණන ඉන්දියානු මුහුණු. ලං වෙලා කතා කළාම තමයි දැන්ගත්තේ මේ ඉන්දියානුවන් නොව බංග්ලාදේශ්කාරයින් ය කියලා.

මේ බහුතරයක් දෙනා ම මෙහේ ජීවත් වෙන්නේ එක්කෝ නීති විරෝධී සංක්‍රණිකයින් ලෙස, නැති නම් මාස දෙකක පමණ වීසාවකිනුයි.

මා කතා කළ දෙදෙනා කියපු කතාවේ හැටියට ඔවුන් ඉතාලියට ඇවිත් තියෙන්නේ එහේ ගොවිපොළවල්වල වැඩ කරන්නයි. නමුත් අන්තිමේදී කරන්නේ යුරෝ එකට දෙකට පොඩි පොඩි ප්ලාස්ටික් කෑලි, සුවනියර්ස්, රෝස මල් විකිණීමයි.

මිලානෝවල දී නම් දැක්කා කොල්ලෝ කීප දෙනෙක් සන් ග්ලාසස් විකුණමින් ඉන්නවා. වැනීසියේ දී ඒ දවස්වල වැස්ස කාලේ නිසාද කොහෙද එහේ හිටිය බංග්ලාදේශ්කාරයෝ විකුණුවේම කුඩ.

වතුර බෝතලයකුත් යුරෝ දෙකක් වෙන රටේ මේ අය මේ නිස්සාර වෙළඳාමෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක නම් මට හිතා ගන්න බැරි වුණා.

ඒජන්ට්ස්ලා ට ගෙවන්න යුරෝ දාස් ගණං සල්ලි තමන්ගේ ගෙවල් දොරවල් උගසට තියලා, නෑයින්ගෙන් ලෝන් ගහලා මෙහෙට ඇවිත් ඉන්න මේ බහුතරයකට ආපහු යෑම කියන එක කළ නොහැකි දෙයක් බවත්, කවදා හෝ රජයේ සමාවක් යටතේ නිත්‍ය වීසාවක් සහ වඩා හොඳ රැකියාවක් ලැබෙන තුරු මේ විදියට ඉන්න එක හැර වෙන විකල්පයක් නැති බවත් මේ ගැන කියවූ මට දැනගන්නට ලැබුණා.

මේ බංගලාදේශ්කාරයින් දකින කොට නිකමට වගේ මට හිතුණා අපේ ලංකාවෙන් කාලෙකට කලින් බෝට්ටුවල නැගිලා ඉතාලි ගිය අයත් මේ වගේ තැන්වල වාත වෙනවා ඇති ද කියලා.

මං දවසක් මගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ෂර්ට් එක ඇඳගෙන නගර සංචාරක කෙරුවත් මට ලංකාවේ කෙනෙකුගෙන් නම් ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. (සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක් නං තවත් එකෙක්ව දැක්කාම නොදැක්කා වගේ යන්නත් ඉඩ තියෙනවා!)

එකම එක පාරක් මගේ ටී ෂරට් එක දැකපු බංගියෙක් කෑ ගැව්වා, "ආ! චිරි ලංකා, චිරි ලංකා, වාස්, වාස්!" කියලා. ඒ ගැන පස්සේ කල්පනා කරන කොටයි මට තේරුණේ සමහර විට පොර එහෙන් මෙහෙට ඇවිත් තියෙන්නේ වාස් ක්‍රිකට් ගහන කාලේ වෙන්න ඕනෑ, ඊට පස්සේ පොරට ක්‍රිකට් මැච් බලන්න වෙලා නැතිය කියන එක.

කොහොම හරි එක දවසක් මං ෆ්ලොරන්ස්වල ස්ටේෂන් එක හරියේ පාරක මුල්ලේ තිබුණු අයිල කඩේකින් ඉටැලියන් තොප්පියක් ගත්තු වෙලේ එතැන හිටපු බංග්ලාදේශ් පොර එක්ක කතා කළාම පොර කිව්වේ ලංකාවේ අයට හොඳට ඉංගිරිසි සහ ඉටැලියන් පුළුවන් නිසා ඒ අයට හොටේල්වල වගේ හොඳ ජොබ් ලැබෙනවාය කියලයි.

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ගිය වසරේ මා ලියූ ඉතාලියේ කතන්දර

1. ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?
http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html

2. ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe
http://kathandara.blogspot.com/2013/05/train-spotting-in-europe.html

3. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act
http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

4. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair
http://kathandara.blogspot.com/2013/06/italian-affair.html

5. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica
http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

6. රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව Xක්කු ප්රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire
http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

99 comments:

  1. 'එකම එක පාරක් මගේ ටී ෂරට් එක දැකපු බංගියෙක් කෑ ගැව්වා, "ආ! චිරි ලංකා, චිරි ලංකා, වාස්, වාස්!" කියලා. ඒ ගැන පස්සේ කල්පනා කරන කොටයි මට තේරුණේ සමහර විට පොර එහෙන් මෙහෙට ඇවිත් තියෙන්නේ වාස් ක්‍රිකට් ගහන කාලේ වෙන්න ඕනෑ, ඊට පස්සේ පොරට ක්‍රිකට් මැච් බලන්න වෙලා නැතිය කියන එක. '

    බංගලි වලින් වාස් කියන්නේ ගුඩ් කියන එක කකා.

    ReplyDelete
    Replies
    1. නෑ ඇනෝ බන්ගලි වලින් "වාස්" කියල කියන්නෙ "සමරිසි" කියන එක

      Delete
    2. ඔව්. වාස් කියන්නේ ගුඩ් කියන තේරුම වගේම සමරිසි කියන තේරුමත් දෙනවා. හැබැයි ඒක ග්‍රාමය යෙදුමක්.
      ඒ කියන්නේ සිංහලෙන් ලොල්ලෙක් කියනවා වගේ.

      ඒ කියන්නේ තට්ටේ බාපු කකාව දැකපු බංගලිකාරයා ග්‍රාමය භාෂාවෙන් කියලා තියෙන්නේ '"ආ! චිරි ලංකා, චිරි ලංකා, ලොල්ලෙක්, ලොල්ලෙක්!' කියලා. කකා ඒක වැරදියට තේරුම් අරං. පොර හිතලා තියෙන්නේ මේ චමින්ද වාස් ගැන කියනවා කියනවා කියලා.කකාට මේ වගේ දේවල් කොච්චර වෙලා ඇත්ද?

      මොකද කකා කියන්නේ, සිව් වසරක් මරදානේ වගේ තවත් පොතක් ගහමුද, කකාට වෙලා තියෙන මේ වගේ අකරතැබ්බ ගැන දාලා.

      Delete
    3. බංගලි කාරයා නියම මනුස්සයා හඳුනාගෙන තියෙනවා. :-)

      Delete
    4. හප්පෝ ඇනෝ නැත්නං මේක විසදගන්න බෑ නෙව..

      Delete
    5. ඇනෝල ඇවිල්ල එල පොරවල්නෙ බලං ගියාම

      Delete
    6. බංගලි ග්‍රාම්‍ය වචන පවා දන්නා ඇනෝ දෙන්නෙක් නේ.

      Delete
    7. ඇනෝලා එහෙම තමයි. හැම දේම දන්නවා. උදාහරණයක් හැටියට කකාගෙ වයිෆ් ගැන කකාට වැඩිය හොඳට දන්නවා. ඉන්දිකගෙ ණය ගනුදෙනු ගැන ඉන්දිකට වැඩිය හොඳට දන්නවා. රාජ්ගෙ රැකියාව ගැන රාජ්ට වැඩිය හොඳට දන්නවා.

      Delete
  2. 'එකම එක පාරක් මගේ ටී ෂරට් එක දැකපු බංගියෙක් කෑ ගැව්වා, "ආ! චිරි ලංකා, චිරි ලංකා, වාස්, වාස්!" කියලා. ඒ ගැන පස්සේ කල්පනා කරන කොටයි මට තේරුණේ සමහර විට පොර එහෙන් මෙහෙට ඇවිත් තියෙන්නේ වාස් ක්‍රිකට් ගහන කාලේ වෙන්න ඕනෑ, ඊට පස්සේ පොරට ක්‍රිකට් මැච් බලන්න වෙලා නැතිය කියන එක. '

    බංගලි වලින් වාස් කියන්නේ ගුඩ් කියන එක කකා.

    ReplyDelete
    Replies
    1. වැරදීමක් වෙලා එකම කොමෙන්ට් එක දෙපාරක් පබ්ලිෂ් වෙලා. ඒවායින් කාරී නෑ. කකාට ඕනි කොමෙන්ට් වා අන්තර්ගතේ නෙමෙයි,කොමෙන්ට් ගානනේ. ඉතිං කකා කැමති මොන මගුලක් හරි කොමෙන්ට් වලට වැටිලා, කොමෙන්ට් සංඛ්‍යාව වැඩි වීමයි.

      මොකද කකා ගිය ආත්මේ ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්නේ. ඉතිං ටැක්සි මීටරේ කරකැවෙනවා වගේ,කොමෙන්ට්,හිට්ස් මීටරේත් වැඩිවෙනවා නං තමයි කකා කැමති.

      Delete
  3. ලබන මාසයේ දෙවන වරටත් ඉතාලි යාමට බල්ලපොරෝත්තුව සිටිමි. බංගලියෙක් දුටුවොත් මෙවර කකාවද මතක් වනු ඇත,

    ReplyDelete
    Replies
    1. මෙන්න නයෙක්!!.

      Delete
    2. නයෙක් කියන්නෙ මොකද්ද කියන එකට කලැසික් එක්සාම්පල් එකක් මේක.

      Delete
    3. ඉතාලියෙ ඉන්න අක්කා අද ඇවිල්ලා නෑ වගේ... ඇදුරු බිරියගෙන් පස්සෙ හොඳම නයි දැක්කෙ එයාගෙන්... ලිපියක් ලිව්වොත් නයි තුන් හතර දෙනෙක් දුවනවා....

      Delete
  4. හෙක් හෙක් ලංකාවේම මිනිස්සුනේ ඉන්නේ, වෙන රටවල එවුන්ට නම් තමාගේ රටේ එකෙක් දැක්කම අර කාන්තාරේදී ක්ෂේම භූමියක් හම්බ උනා වගේලු, එත් ඒකට ලංකාවේ අය, හැබැයි ඉතාලියේ ඉන්න ගොඩක් ලංකාවේ අය හරි හොඳයි නේද?, මට මේක කියවද්දී මතක් උනේ මචං ෆිල්ම් එක, ඒ පන්න සෙට් එකේ මගේ යාලුවෙක්ගෙ අයියා කෙනෙකුත් ඉන්නවා, එකට මේ බන්ගලියෝ, එවුන් කොහොමද ඒ වගේ සුපිරි ගේමක් දෙන්නේ, මොකද අපේ අය ලංකාවෙනෙ :D, ඉතාලි කතා සුපිරි කකා, එහෙනං ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ඒ රටේ, මේ රටේ කියලා වෙනසක් නෑ.
      හොඳ එකා හොඳයි, නරක එකා නරකයි.

      Delete
  5. //ලංකාවේ අයට හොඳට ඉංගිරිසි සහ ඉටැලියන් පුළුවන් නිසා ඒ අයට හොටේල්වල වගේ හොඳ ජොබ් ලැබෙනවාය//

    ඒකත් මදෑ!

    ReplyDelete
  6. පිල්ලොන්ට පස්සෙ ඊළඟ චාන්ස් එක තියෙන්නේ අපේ උන්ට. ඒ මොකෝ ඉයස් නෝ හරි කියාගන්න, අනෙක් එකා කියන දේ තේරෙන නිසා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඊට වඩා හොඳයි ඉන්දියන්කාරයින්ට තියෙන ඔපොචුනිටීස්!

      Delete
  7. ලංකාවේ අය ඔහොම දැක්කාම කතා කරනවා අඩුයි. ඒත් පැරිසියෙදි නම් මම කොහෙන්ද කියලා අහලා එයා ඉඳගෙන හිටපු සීට් එක දුන්නා ලංකාවේ එක්කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයා මහ රජ්ජුරුවො නිසාද?

      Delete
    2. හහ් හහ් හා... එහෙනං මාස තුනක් විතර පෙනුම තියෙන හොද ටයර් එකක් ඇති අපේ පොඩ්ඩිට..නම පොඩ්ඩි වුනාට ටයර් එකනං මාස ගානක් පේනව ඇති..පෙග්නන්ට් අයට ඉතිං හැමතැනම සීට් දෙනවා නෙව..
      හු ආ පි- හුදෙක් ආතල් පිණිස.

      Delete
    3. හී හී...කතා හදන්ට එපා අනේ...

      මම නම් හිතන්නේ අමිල... පොඩ්ඩිගේ අසරණ , අහිංසක මූණ දැකලා තමයි එයා සීට් එක දෙන්ට ඇත්තේ...:)

      Delete
    4. තාම බැඳපු අළුත නේ?

      Delete
    5. අපේ ගම දිහා නං ගහ හිටවල මාස පහ හයක් ගිය තැන කැන එන වෙලාවල් තියෙනවා..එවා ස්පීඩ් පෝස්ට් එකෙන් කරපු මගුල් වෙන්ටැ..

      Delete
  8. //(සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක් නං තවත් එකෙක්ව දැක්කාම නොදැක්කා වගේ යන්නත් ඉඩ තියෙනවා!)//
    ඔසී වලත් එහෙමද??

    ReplyDelete
    Replies
    1. හපොයි ඔව්. ලංකාවේ වගේ කෙනෙක් දැක්කොත් සිංහලෙන් කතා කරන්නේවත් නෑ... :D:D

      Delete
    2. මාත් දැකල තියෙන දෙයක් තමා පිට රටවල් වලදි ලංකාවේ අය තව ලංකාවෙ කෙනෙක් දැක්කම අහක බලාගෙන යනවා. ඒ උනත් පැරිසියෙදි අපි බඩු වගයක් ගන්න යන්න තැනක් ගැන සිංහලෙන් කතා කරනව ඇහුන , ලංකාවෙ මුස්ලිම් කෙනෙක් අපට එතනට යන පාර කියල දුන්න. ඒ උනත් ගොඩක් සුහද බවක් පෙන්නුවෙනම් නැහැ.

      Delete
    3. වෙන රටකදී ලංකාවේ එකෙක් අහම්බෙන් වත් මුණ ගැහුණොත් මාත් කරන්නෙ නොදැක්කා වගේ යන එක. හේතුව එහෙම ඉන්න එවුන් මොක්කුද දන්නෙ නෑ. හුඟක් දෙනෙක් කතා කරන්න එන්නෙත් උදව්වක් බලාපොරොත්තුවෙන්. ඉල්ලන උදව්ව කරන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්. පිටරටකදී කවුරු හරි සල්ලි ඉල්ලුවත් දෙන්න විදිහක් නෑ බොහෝ විට අතේ තියෙන්නෙ පොඩි ගාණක් නිසා. සමහරවිට ඉල්ලන උදව්ව නීති විරෝධී දෙයක්. මේ සියල්ල නිසා පිට රටකදී හම්බවෙන ලාංකිකයන් හා සම්බන්ධ නොවීම තමයි නුවණට හුරු. එහෙම කළාම කරදර අඩුයි.

      Delete
  9. @කකා,

    2011 සයිබර් සිහින උළෙල තිබුණා අප්‍රේල් මාසේ - 2011 මැයි මාසේ ඉළන්දාරියා මැරුණා
    2012 සයිබර් සිහින උළෙල තිබුණා අප්‍රේල් මාසේ - 2012 මැයි මාසේ ඔබා මාමා මැරුණා
    2014 සයිබර් සිහින උළෙල තිබුණා අප්‍රේල් මාසේ - 2014 මැයි මාසේ ජනිතා රාජපක්ෂ මැරිලාලු.

    මේ පැටන් එක කැඩිලා තියෙන්නේ 2013 විතරයි. දන්න තරමින් 2013 මැයි මාසේ බ්ලොග්කරුවකු/කාරියක මැරුණේ නැහැ. අනෙක් හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ සයිබර් සිහින උළෙල තියෙනවා. මැයි මාසේ බ්ලොග්කරුවකු/කාරියක මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. ඊලග අවුරුද්දේ සයිවර් උත්සවේ තිබ්බම පස්සේ අපේ කකාවත් මැරිලා යයිද දෙයියනේ?

      Delete
    2. දාහක් විතර බ්ලොග්කරුවන්/කාරියන් අතුරින් ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. එතෙකොට කකා මියයාමේ සම්භාවිතාව 1/1,000 යි.

      Delete
    3. ඇයි ඔය තියරිය 2013 ට අසත්‍ය? මොකක්ද හේතුව?

      Delete
  10. //ලංකාවේ අයට හොඳට ඉංගිරිසි සහ ඉටැලියන් පුළුවන් නිසා ඒ අයට හොටේල්වල වගේ හොඳ ජොබ් ලැබෙනවාය කියලයි.//

    PM?

    ReplyDelete
    Replies
    1. ප්‍රා ජේ මචං හරියට ඉංගිරිසිත් බෑ සිංහලත් බෑ ඉතාලිත් බෑ .. තරු හොටෙල් එකක නං වැඩ !!!
      අපි ආස්චර්රේ මෙහෙට ගෙනාවා :D

      Delete
    2. ඒ කතාව සාධාරණීකරණය කරන්න නෙමේ මං ලිව්වේ, මට එක මිනිහෙක් කියපු කතාවක් විතරයි.

      Delete
  11. මං දන්න කීපදෙනා නම් අවුලක් නැතුව ඉන්නවා. ඉන්න බැහැ කියලා ආපු එකම එකාත්, ආවේ රස්සාව ගැන ප්‍රශ්නෙකට වඩා හෝම්සික් ප්‍රශ්නයක් නිසා..

    ඔය වගේ ඉතාලියට යන්න හරි ඔස්ට්‍රේලියාවට යන්න හරි ට්‍රයි කරලා, යන්තම් ඔස්ට්‍රේලියාවට ඇවිත් තාවකාලික විසාවකින් ඉන්න පොරක් මට හම්බවුණා. ලක්ෂ 30 වඩා වියදම් උණා කිව්වා...

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ, ලංකාවේ සල්ලිකාරයෝ දැන් එතකොට ඉන්නේ තිසරලා ගේ ගෙවල් පැත්තේද?

      Delete
  12. කකා, මම අපේ සුපවයිසර් කෙනෙක්ගෙන් ඇහුවම "වාස්" කියන වචනෙ තේරුම මිනිහ කිව්වෙ "ආගම කියල දෙන මුල්ලට බංග්ලා වලින් කියන්නෙ WAAZ "කියල.

    මිනිහගෙ කතව ඇත්ත. මේ බලන්න ගූගල් දෙය්යො කියන දේ.


    WAAZ

    ReplyDelete
    Replies
    1. මෝඩයෙක් වගේ අනුන්ට ණය දෙන මිනිහට බංග්ලා වලින් කියන වචනෙත් උගෙන්ම අහ ගනින්.

      Delete
    2. අභීත පව්. පෙරේදා බ්ලොග් පෝස්ට් එකක් හෙම ලියලා බිස්නස් එක පටන් ගන්න යනකොටම හබක් වුණා වැඩේ.

      Delete
    3. ඔබාගෙ දානෙට වැඩි දෙයක් විකුණගෙන කන්න ගියේ බ්ලොග් පෝස්ට් එකක් හෙම ලියලා. හරි ගියේ නැහැ.

      Delete
    4. ඔතන වාස් කිව්වේ හිටපු බොල්ර් චමින්ද වාස් ට යි. ඒ ගැන සැකයක් නෑ.

      Delete
  13. බංගලි විතරක් නෙමේ කකා අපේ රටේ එවුනුත් අප්‍රමානව දුක් විඳිනවා. මම ඉන්න රටේ ඒජන්සි කාරයෝ රවට්ටල එවපු ශ්‍රී ලාංකිකයෝ එමටයි. සමහරු ආපු මෝඩකමට ඉන්නවා. තව සමහරු පැනල ගිහින් පොලිසීයට භාර වෙලා ඩිපෝට් වෙනවා. එම්බසි එක ගැනනම් කියල වැඩක් නෑ. සහන ඉල්ලන් ශ්‍රී ලංකා එම්බසියට යන එවුන්ව එම්බසියේ එවුන් පොලීසියට කතා කරල අල්ලල දෙනවා. ඒ වගේ ආපිට ගෙදර යන්න හිතාන ආපු එවුන් එම්බසියේ කූඩු වල ඉන්න හැටි දැක්කම සසර කලකිරෙනවා. අරාබි රටනට යනව නම් හොඳට හොයල බලල යන්න ඕනා. අපේ එවුන්මයි මෙහේ අපිට වලකපන්නේ.

    (මං හිතන්නෙ ඔබ තාමත් තෙලිදිය වාඩිය පැත්තෙ ඇවිත් නෑ. එඒ පැත්තෙත් ඇවිදින් ගුණ දොසක් කියල යන්න)

    ReplyDelete
    Replies
    1. මුලින්ම ලින්ක් එකක් දාන්න ඉගෙන ගන්න.. ලින්ක් දාලාම ගොඩ ගිය එකෙක් තමා කකා කියන්නෙ.....

      Delete
    2. ශ හා!.. සතූතියි වරද පෙන්නුවට. ඔන්න එහෙනම්. බලමු මේකවත් හරියයිද කියලා.
      තෙලිදිය වාඩිය

      Delete
    3. ඉතාලියේ නං තානාපති ඉන්නේ බැනට් කුරේ නේද?

      Delete
  14. රෝම්වල හිටපු බංගලියෙක් මටත් ජරා සන්ග්ලාස් එකක් වික්කා එක්කොත් පෝස්ට් එකක්ම දාන්නං.

    ReplyDelete
    Replies
    1. ඉතාලිය ගමනක් ගැනද නැත්තං වරායේ බත් එක ගැණ ගැන දාන පෝස්ට් එකක කෑල්ලක් විදියටද?

      8-)

      Delete
  15. අපේ පත්තර මලයව එහෙම ඉතාලියේදි දැක්කේ නැද්ද කකා. මිනිහත් හවසට පාරවල් ගානේ ඇවිද ඇවිද ඉන්න සොමි පොරනේ....

    ReplyDelete
    Replies
    1. මම නම් ඉතාලි ගියොත් මුලින්ම කරන්නේ පත්තරයාව හොයාගන්න එක .හොයලා උගේ තට්ටේ පලනවා

      Delete
    2. පත්තරයාගෙ තට්ටෙ පලලා නම් මදි බං. :)

      Delete
    3. බල්ලට ඇති වැඩකුත් නෑ හෙමිං ගමනකුත් නෑ කියනවනේ නලින් අයියේ :D හැක්

      ඉවානයාගෙ නම පොලීසියට දීලා තියෙන්න්නෙ මං .

      ප්‍රියෝ.. තට්ටෙ නං තට්ටෙ කකාගෙ .ඒක පලපං

      Delete
  16. වෙන පාට ටී ෂර්ට් එකකින් කකාව දැක්කමයි!

    ReplyDelete
    Replies
    1. මං දාන ෆොටෝ විතරයි නේ ඔහේ ලා දකින්නේ!

      Delete
  17. /වතුර බෝතලයකුත් යුරෝ දෙකක් වෙන රටේ මේ අය මේ නිස්සාර වෙළඳාමෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක නම් මට හිතා ගන්න බැරි වුණා./

    කකා හිතන්නේ ඔය මිනිස්සු ඔය වෙළඳාමෙන් විතරක් ජීවත් වෙනවා කියලද? ග්‍රෝ අප් කකා!

    එක වතාවක් පොඩි කරදරයක් වෙලා රස්සාව නැතිවුණු අපේ දුරින් නෑ වෙන අන්කල් කෙනෙක් පටන් ගත්තා කරෝල වෙළඳාමක්. ඒකෙන් එයාට දැන ගන්න ලැබුණා පොළේ වෙන සියළුම ගනුදෙණු. ඔන්න ගැනු දෙන්නෙක් එනවාලු හැමදාම පොළට උදේට දෙහි ගෙඩි දහයක් පහළොවක් අරන්. දැන් අන්කල්කාරයාත් කකා වගේම හිතනවාලු මේ මනුස්සයෝ කොහොමද මේ ටික විකුණලා කීයක් හරි හොයා ගන්නේ කියලා. පස්සේ තමයිලු ස්ටෝරිය එළියට එන්නේ. මේ ගොල්ලන්ගේ නියම බිස්නස් එක පොළ ගාවා අත ඇරලා දාපු බ්ල්ඩින් එකක. බස් ඩ්‍රැයිවර්ලාට කොන්දොස්තරලාට ත්‍රී වීල් කාරයින්ට ක්වික් ෆන් එකක් දෙන එක.

    දැන් කකාට කවදාවත් හිතිලා නැද්ද ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා අයිතිකාරයාටත් මාටියා ගහමින් හොයනවා නමුත් හැමදාම දුප්පත්, මොකද මේ මිනිස්සුන්ගේ ආදායමට වෙන්නේ කියලා. ඔන්න බිල්ලා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නෑ මේ කතාව එතනට අදාලයි කියලා!

      Delete
  18. ඉතාලියේදි මොරටුව නැහැ ඒක ඇත්ත...

    ReplyDelete
    Replies
    1. හිටපු උන් හම්බ වුනෙත් නෑ!

      Delete
  19. හොඳ වෙලාවට ඉතාලි කාරයා "වාස් වාස්" කිව්වෙ. "බාස් බාස්" කිව්ව නම් හෙම කකා ඌට ගහල යකෝ මම බාස් කෙනෙක් නෙවෙයි මැවිසුරුවෙක් කියලා.

    ReplyDelete
    Replies
    1. තදින් සිනා +++++++++++++

      Delete
    2. ඒක නං මරු කතාව බං

      Delete
    3. කකාගේ පොස්ට් එකට වඩා රසවත් ඇනෝ කතා

      Delete
  20. කකා ආයේ නං ඉතාලි යන්න හිතන්න එපා. ඔහේව එලවයි! අර පිටුපාල ඉන්‍නෙ පිළි‍මෙකට ‍නේද?

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්න විදිහට පිළිමෙ චූ කළා නම් හෙම කකාගෙ තට්ටෙට තමයි.

      Delete
    2. ඉතාලියේ තියෙන පිළිම කන්දරාව දැක්කාම එහෙනං ඉතිං හැරෙන්න පැත්තක් නෑ!

      Delete
  21. ඔය කීවම මතක් උනේ, පහුගිය ටිකේ චීන්නුත් ලංකාවට ආවා ඉමිටේෂන් මාල මුදු, හෑන්ඩ් ෆෝන් එහෙම අරන්. සැම්සුන්ග් ගැලක්සි චයිනිස් කොපි මුලින් විසි තිස් දාහයි කියලා අන්තිමෙ දෙතුන් දාහට දීලා යනවා. සතියයි බඩු වැඩ.

    අර බංගලියා දැනුත් ක්‍රිකට් බලන එකෙක් නම් දැන් ජනප්‍රියම එකා මාලිංග නිසා කකාව දැකපු ගමන් ඌට මාලිංග කියා ගන්න බැරිව "ආ! චිරි ලංකා, චිරි ලංකා, ලිංගා, ලිංගා,!" කියලා තමා කෑ ගහන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. ලිංගා ලිංගා කියන්නේ ශිව දේවාලයක පිළිමයක්වත් දැකලාද?

      Delete
  22. ////වතුර බෝතලයකුත් යුරෝ දෙකක් වෙන රටේ මේ අය මේ නිස්සාර වෙළඳාමෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක නම් මට හිතා ගන්න බැරි වුණා.///
    කකා පුංචි පැහැදිලි කිරීමක්..දන්න දේ හින්ද කියන්නං ලොකු ලොකු කමකට නෙමෙයි..
    කකා වතුර බෝතලයක් යූරෝ දෙක වෙන්නෙ ඔයාලට පිටින් එන..ඔය වෙලඳාමෙන් බංගලි අපි වගේම හොයනවා..නමුත් පේන්නේ නැහැ.වෙන්නේ මෙහෙමයි.

    Ex .. රෝමයේ කියල හිතන්න..ඔය විකුනන ඇඳුම තොප්පි සියල්ලම ගන්න පුලුවන් චීන් තොග වෙළඳපලක් තියනවා රෝමයත් ගුවන්තොටුපලත් අතර මග.මට නම හරියටම මතක නෑ මතක් උනාම කියන්නං. 100 / 12 / 50 වගෙ ලොට් එකක් ගන්න ඕනෑ. ම්ව්‍යාල තුන් හතර දෙනෙක් ගෙනත් බෙදාගන්නවා,ඔයාල යූරෝ 5ට හෝ 10 ට ගන්න කැප් එක එතන යූරෝ 2යි.. කුඩයක් ලොකු යූරෝ 10ට විකුනද්දි කොස්ට් එක 4ක් වෙන්නේ.. කුඩ 5ක් වික්කම යූරෝ 30ක් .. මාසෙට 900 දල වශයෙන්..

    ඔය වතුර කේඅ එක මෙහෙමයි..එයාල විකුනන එක බෝතලයක්වත් බ්‍රෑන්ඩඩ් නෑ..ඒව හැමතිස්සෙම සුපමාකට් වලින් සෙනග අද්දගන්න බොහෝම පොඩි ගනං වලට ඔෆර් දෙනවා. මෙයාල ලොට් පිටිං ගේනවා. 500 ml යූරෝ සත 25 ක් දෙද්දි ගන්න පුලුවන්.. විකුනන්නෙ 1,50 යි.

    අනික කකා ඔය අනවසර සංක්‍රමනික කතාව මෙහෙමයි..ඕක වෙන්නෙ බෝට්ටු වලින් ආව අය වීස හදාගෙන ඉවරයි දැන් එන්නෙ නෑ.. ටික කාලෙකට සැරයක් තමන්ට ඕන සේවකයන් ගෙන්නගන්න නීතියක් එනවා. එව් පිටින් දාල සෙනග ග ගෙන්නන / වෙන වෙන ජල්තර දලින් ගෙන්නන අය ඉන්නවා. එයාල ගෙන්නුව වීස එක දුන්න අතැරියා.. ඊළඟට මෙයාල වසර දෙකකට පාරක් අඩුම ජොබ් කන්ට්‍රෑක් එකක් යූරෝ 500 ක් විතර අතින් දීල හොරට ගහගෙන පොඩී ටැක්ස් රිසිට් දෙකක් විතර ගෙවලා වීස රිනිව් කරන්න පෙන්නලා කැන්සල් කරල දානවා.. ආයෙ අවුරුදු දෙකකින් ආයෙමත් කරනවා..
    කමෙන්ට් එක දිග වැඩි උනානං සොරි කකා.. රංගි අක්කා ආවනං මේක නියමෙට කියයි.

    ReplyDelete
    Replies
    1. මොනවා වුනත් අසරණ ජීවිත!

      Delete
  23. මැද පෙරදිග රස්සාවලට එන බංගලාදේශ් කාරයන්ගෙන් උන්ගේ රටේ ඒජන්සි කාරයෝ හෙන අසාධාරණ ගානක් කපා ගන්නවාලු . සාමාන්‍යයෙන් රියදුරෙක් වගේ රස්සාවකට එන කෙනෙක් එක දිගට අවුරුදු හතරක් ඉන්න තමයි එන්නේ. අවුරුදු දෙකක් යනකන් කරන්නේ ඒජන්සි කාරයාගේ ණය ගෙවන එක . ඉතිරි අවුරුදු දෙකේ තමයි කීයක් හරි ඉතිරි කර ගන්නේ

    ReplyDelete
    Replies
    1. අපේ ඒජන්සි කාරයොත් ඔහොම්ම තමයි තිලකේ.

      Delete
    2. රස්සාවක යන්න සල්ලි ගෙවන්න වෙනවා කියපු ගමං තේරෙන්න ඕනෑ නේ හොරයක් තියෙනව බව!

      Delete
  24. කකා එන්ඩ කලිං පොඩ්ඩක් දැන්නුවනං ඇවිල්ල බත් කටක් කාල සෙන්ටිමීටරයක් ඇදබාල යනවනෙ ..
    ඔය හොර බංගලි ගැන කලින්ම කියනවා එහ්ව්නං මං.

    ReplyDelete
    Replies
    1. කව්දෑ දන්නෙ කකා ඔය වංගු ... චැහ්.අපරාදෙ

      Delete
    2. මේ පත්තරයට ඕවා තියා කෙල්ලෝ දාන ඉඟි බිඟි වත් තේරෙන්නේ නැතිලු

      Delete
    3. ඔව් උඹට නං තේරෙනවා අපූරුවට.. උඹට හරියන්නෙ ඉවාන් පවුලූශා නෙමෙයි " ඉවාන් පැණියා " :D

      Delete
  25. බංගලියන්ගේ රස්ස්සා ඔහොම තමයි.. උදේට දවල්ට කලර් ලයිට් ලග නවත්තන වාහන වල ඉස්සරහා වීදුරු සුද්ද කරන එක තමයි හුඟක් දෙනෙක් කරන්නේ.. ඒකත් බලෙන්ම වගේ.. වාහනයක් ලගට එන්නෙම අතේ තියෙන පොඩි වතුර බෝතලෙන් විදුරු හෝදන සබන් විදගෙනම.. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා පොලිස් කාරයෝ උන්ගේ බඩු අරගෙන එලවලා දානවා.. ඇයි ඉතින් කොල ලයිට් වැටුනත් සමහර වෙලාවට වාහනයකට යන්න බෑ මුං වීදුරු සුද්ද කරනවනම්.. ඊට පස්සේ ඉතින් රෑ විගෙන එද්දී මුහුද ලග, හොද රෙස්ටුරන්ට් ලග රෝස මල් අරන් හරි පොඩි ගැජමැටික් කෑලි අරගෙන හරි යන එක තමයි කරන්නේ.. එහෙම නැත්නම් පොලේ සංග්ලාස් විකුණනවා.. ඕක තමයි හුඟක් බංගලියන්ගේ රස්සාව.. හැබැයි ටෙලිෆෝන් සෙන්ටර් කරන හොදට ඉන්න බංගලියෝ දෙතුන් දෙනෙකුත් කතානියා වල නැතුවම..

    කතන්දර ඊලග පාරා එනවනම් අනිවා පොඩි මැසේජ් එකක්වත් දාලා එන්න..

    ReplyDelete
    Replies
    1. ඔය ගමන පිටත් වෙන්න කලින් මං යන්නේ ඉතාලියට බවට මං පොඩි ඉඟියක් දුන්නා.

      මෙන්න මේ කතන්දරේ ටයිටල් එක බලන්න.
      http://kathandara.blogspot.com/2013/04/vi-auguro-un-felice-anno-nuovo.html


      Delete
  26. කකා වාළුකා සිතුවිලි ලියන එකා තමන්ගෙ අසහනේ ඇරගන්න ගූ පෝස්ට් එකක් දාලා තියනවා.... මගේ නම් අදහස මේ වගේ බලු පොටෝ දාලා ලියන එවුන් කකාගෙ රීඩර් එකේ ඉන්න ඕනි නෑ කියලා....

    ReplyDelete
    Replies
    1. මගේ අදහස මං එතන ලිව්වා.

      Delete
  27. කමෙන්ට් එකකට ලින්ක් එකක් දාන හැටි ගැන ඔබ ලියා තිබුනා මතකයි.ඒ ලිපියෙ ලින්ක් එක දාන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවේ දිනය සහ වෙලාව දැක්වෙන කොටස උඩට මවුස් පොයින්ටරටය ගෙන ගොස රයිට්-ක්ලික් කර කමෙන්ටුවේ යූආර්එල් එක කොපි කර ගත හැක.

      මෙය ටැග් යුගලක් සමග එකතුකර ගැනීමෙන් ලින්ක් එක සාදාගත හැක.

      Delete
  28. කකා...මේ බොහොමයක් බංගලියෝ නම් මාර පොරවල් කකා. ලඟින් ගියොත් ඇහැක් නැහැ. මෙහෙත් ඉන්නවා මාර ලොකු කමියුනිටි එකක්. හරි ප්‍රභලයි.මන්ත්‍රීලා, මේයර්ලා පවා ඉන්නවා.

    යුරෝපයේ හොරෙන් ඉන්න එක අහන්න දෙයක්ද ඔමානයේත් හිටියා. මුන්ව එහෙම එකා එකා අල්ලන්න බැහැ පොලිසියට. එච්චරට හිටියා. බංගලියෝ වැඩිපුර හිටියේ හම්‍රියා කියන පැත්තේ. පොලිසියෙන් කරන්නේ ඒ ඒරියා එකේ රෑට කරන්ට් කපලා පාර දෙපැත්තෙන් බ්ලොක් කරනවා. දන්නවානේ ඕමාන් රස්නේ. සමහර කාලෙට 50ත් ටච් කරනවා. ඒසී නැතිව ඉන්නම බැහැ ගෙවල් බොයිලේරු වගේ. අනේ පව් මුන් අර ගුබ්බෑයම් වලින් පාරට බහිනවා. විශ්වාස කරන්න බස් පිටින් පටවන් යන්නේ. බිමාන් එයාර්ලයින්ස් (බංගලි ) ෆ්ලයිට්ස් චාටර් කරගන්නවා මුන්ව ආපහු පටවන්න. මම ඒ කාලේ එහේ එයාපෝට් එකේ හිටිය නිසා දකිනවා. පව් අප්පා. අඬනවා. මැරෙනවා කියලා කෑගහනවා. උන්ට සෑහෙන ප්‍රශ්ණ කකා ඒ රටේ.

    ReplyDelete
    Replies
    1. ජනගහන ඝණත්වය වැඩිම රට!
      ඒ දුක තමයි ඔය විඳින්නේ. ජීවිතයක වටිනාකම ඉතා අඩුයි.

      Delete
  29. අපේ ඔෆිස් එක ලඟට සමහර දවස් වලට හවසට එනව මනුස්සයෙක් මන් හිතන්නේ ඉන්දියානුවෙක්. ඒ මනුස්සය රටකජු ගොටු විකුණනව.එක කඩදාසි ගොට්ටක් රියාල් එකයි. පය දෙකක් විතර ඉන්නව. හැබැයි රටකජු ගොටු 10ක් වගේ තමයි විකිණෙන්නේ..පවු! මිනිස්සු ජීවත් වෙන්න පුදුම කටු කන්නේ..

    ReplyDelete
    Replies
    1. මාතර ඉඳලා දෙවිනුවර ඵැත්තට යන කොට මීටර් 500 ඇතුලත පාර දෙපැත්තේ කජු පැකට් විකුණන පොඩි අයිල කඩ 50 ක් විතර තියෙනවා දැකලා මටත් ඔය කතාවම හිතුණා!

      Delete
  30. පිටින් බලලා මෙහෙම කියන්නේ කොහොමද?

    බංගලාදේශ් මිනිසුන් තරම් විදේශ විනිමයක් වෙන රටවල් තමන්ගේ රටට ගෙනියන්නේ නෑ. වැඩිම විදේශ විනිමයන් උපයන්නේ චයිනීස් මිනිසුන් හා බංගලි මිනිසුන්.
    ඔවුන්ගේ සමාජය වටහාගන්නත් අපිට හරි අමාරුයි. ඔවුන්ගේ රෙජිමයක් තියෙන්නේ. යමක් කමක් තියෙන එවුන් අර දුප්පත් මිනිසුන්ව අඩුම වැටුපකට වැඩට ගන්නවා. සහෝදරයෙක් හෙම ගෙන්වගත්තොත් ඔවුන් වැටුපක් නොගෙනම සේවය ලබාගන්නවා. ඔවුන් හැමෝටම වගේ පොඩියට හරි මොනා හරි ව්‍යාපාරයක් තියෙනවා. මා දන්නා තරමින් ඔවුන් ගෙවල් වල ක්ලීනින් ජොබ් කරන්නේ නෑ නමුත් ලාංකික බහුතරයක් කරන්නේ ඒවා. රෙස්ටුරන්ට් වල හොටෙල් වල වැඩ කරන්නේ බොහොමයක් ඔවුන්ගේ අය. දන්න තරමින් ඒ අය ස්මාර්ට් ජොබ් හොයන්නෙත් නෑ. එක ගෙදරක විස්සක් තිහක් ඉන්නවා. නිදාගන්නෙත් ශිෆ්ට් වලට. කෑම හදන්න වෙනම කෙනෙක් සැලරි එකක් දීලා තියාගන්නේ. ඒ වගේමයි අපිරිසිදුකම.
    බහුතරයක් අය නීතිවිරෝදීව වෙළෙඳාම් කරන්නේ. නමුත් පර්මිට්ස් තියෙන අයත් වැඩියි. දැන් මේ රටේ වැඩිම වෙළෙන්දෝ ඉන්නේ චීන හා බංග්ලා මිනිස්සු මාකට්ස් වල හෙම. ඔවුන් මේ රටේ ටැක්ස් ගෙවන්නේ නෑ. ඩොකියුමන්ට්ස් හදාගන්න විතරයි බිස්නස් රෙජිස්ට්‍රේශන් එක ගන්නෙත්. බොහොමයක් බංග්ලා ට ඔවුන්ගේ රටේ යම් ස්ථාවර ආදයමක් එන කුමක් හෝ තියෙනවා. මුල් කාලේ ඔය කුඩයක් වික්කට, අවුරුද්දෙන් දෙකෙන් ස්ටෝල් අරගෙන හොඳ බිස්නස් කරගන්න ඔවුන් දක්ශයි. ඔවුන්ට වියදමකුත් නෑනේ.
    මම දන්න බන්ග්ලා කිහිපදෙනෙක් ඉන්නවා මෙහේ තියෙන මේජර් කම්පැනීස් වල ඉන්වෙස්ට් කරපු. ඒ අයගේ මේයර්ස්ලා හිටන් ඉන්නවා මෙහෙත්. ඒත් ඒ ලොකු තැන්වල අය අර දුප්පත් තමන්ගෙ අරටේ මිනිහාව කියලා බලන්නෙ නෑ ස්ලේවර්ස්ලා වගේ තමයි සලකන්නේ.
    කොහොමත් ඔවුන්ගේ දිනපතා ආදායම 100€ ක් වගේ මිසක් අඩු නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ගල්ෆ් රටවල් වලදි නම් මේක ටිකක් වෙනස්... උන් කොච්චර විදේශ විනිමයක් ඉපයුවත් ඒවා යන්නේ බංගලාදේශෙට නෙමේ පිලිපීනෙට කියලා තමයි කියන්නේ... :D

      මම අහලා තියෙනවා යාන් හෑල්ලක් බංගලාදේශේ අගමැති ගල්ෆ් රටකට ආවාම ගල්ෆ් රජා ඇහුවලු ඔයාලගේ සේවකයන්ට අපි මොනවද කරන්න ඕනේ කියලා... බංගලි අගමැතියා කිව්වලු අපේ මිනිස්සුන්ට නම් මොකුත් කරන්න ඕන්නෑ උන්ට ඕනේ කට්ටක් කාලා පුරුදුයි... හැබැයි උන් එහෙම කට්ටකාලා ගන්න පඩිය හූරාගෙන කන පිලිපීන් ගෑනු ටිකක් මෙහේ ඉන්නවා අන්න උන්ට මොනවා හරි කරන්න කියලා... :D

      Delete
    2. /* පිටින් බලලා මෙහෙම කියන්නේ කොහොමද? */

      රංගි,

      මෙය සංචාරකයෙක් කළ නිරීක්‍ෂණ කිහිපයක් පමණි. ටෙක්ස්ට් බුක් එකක එන පාඩමක් නොවේ!

      මගේ නිරීක්‍ෂණ ජෙනරලයිස් කළ යුතු නැත. (උදාහරණයක් ලෙස මා ඉතාලියේ දී බංගියෝ මිසක එකදු ලාංකිකයෙක් දැක්කේ නෑ. එක් අයෙකුට කතා කළා පමණයි. ඉතිං, ඉතාලිය යනු ලාංකිකයින් නැති හෝ ඉතා අඩුවෙන් ඉන්නා තැනක් යැයි කිව හැකිද?)

      ඔබේ විස්තරයට ඉතා ස්තුතියි!

      Delete
    3. සිංහ කොඩියෙන් කඩුව ඉවත් කොට වැක් එකක් සුරතින් ගෙන මොප් බකට් එකකට වම් කකුල තබා සිටින සිංහයෙක් ඇතුලත් කිරීමට යෝජනා කරමි

      සියල්ල දත් මා - මා.සෝ.පි :)

      Delete
    4. මට තේරෙනවා. හරි පුදුමයි ඔයාට ලංකාවේ කවුරුත් හමු වුනේ නෑ කීවම. මට නම් ඕනේ තැනක කෑගහනවා ඇහුනා නම් (ෆෝන් එකෙන්) ඒ අපේ අය කියලා දන්නවා. :-පී
      ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් හවුස් හෝල්ඩ්. ඒ අය බංගලා ලා වගේ එලියේ මහා පරිමාණයෙන් වෙළෙඳාම් කරනවා වගෙ කරන්නෙ නෑ.

      Delete
  31. ඒ වගේ කෙටි සංචාරයක් තුලින් මහ ලොකු අවබෝදයක් රට ගැන නොලැබුවට ඒ දවස් කීපය හැම තත්පරයක්ම කොච්චර නැවුම්ද නේ.... තුර්කියටත් යන්න වෙලාවක් ලැබුණොත් හරිම ලස්සන රටක්.

    ReplyDelete
    Replies
    1. ටර්කි කන්න නං වැඩි කැමැත්තක් නෑ.

      ගැලිපොලි පැත්තේ ගිහින් බලන්න ඕනෑ!
      මේ ලඟදී ඔරියන්ට් එක්ස්ප්‍රස් ගැන ඩොකියුමෙන්ට්‍රියක් බැලුවා, එනිසා ආශාව වැඩි වුණා!

      Delete
  32. @ All
    කතන්දරය කියවූ, ප්‍රතිචාර දැක්වූ, සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.