Sunday 2 February 2014

තවත් බ්ලොග් කියවනයකින් වැඩක් තියේද? - Oh, no, not again?


මං 2005 දී මගේ මුල්ම සිංහල බ්ලොග් එක පටන් හදපු කාලේ ඒ ගැන අනිත් අයට දන්වන්න තිබුණු එකම ක්‍රමය තමයි බ්ලොග් එකේ ලිපිනය දාලා පුද්ගලිකව ඊ-මේල් යවන එක.

ඊට අමතරව මං ඒ දවස්වල තිබුණු විවිධ සිංහල/ලාංකික වෙබ් අඩවිවලිනුත් මේ ගැන හැකිතාක් දුරට ප්‍රචාරයක් ලබා ගන්න ට්‍රයි කළා.

මං ඊළඟට කෙරුවේ විසිටින් කාඩ් එකක් හදලා, ඒක මට හමුවෙන මිතුරු, මිතුරන්ගේ මිතුරු අයට දෙන එකයි.

එහෙම මං විසිටන් කාඩ් එකක් දුන්නු එක් කෙනෙක් තමයි අර ජයසේන කියන මට ඉතා වැදගත් උපදෙසක් දුන්නු හිතවතා!

පස්සෙන් පහු කාලෙක 2009 දී මං කතන්දර බ්ලොග් එක පටන් ගත්තු ගමන්ම කෙරුවේ, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් කරන බ්ලොග් රීඩර් එකට කතන්දර බ්ලොග් එක දාගන්න අයැදුම් කරන එකයි. එතැණින් තමයි බ්ලොග් එක ගැන හුඟ දෙනෙක් දැන ගත්තේ!

රාජකීය විද්‍යාලයෙන් කරපු සාහිත්‍ය ඩොට් එල් කේ රීඩර් එකට කතන්දර බ්ලොග් එක දා ගන්න ඒ ළමයි පටන් තග්තු බ්ලොග් තරගයටත් මං ඉදිරිපත් වුණා.

සිංහල බ්ලොග් සංසදය එක්ක අවුලක් ඇති වුණු හින්ද ද කොහෙද පසු කාලෙක ලාංකීය සිතුවිලි සින්ඩිකේටරය ඇරඹුණා. මං එතැනත් ලියා පදිංචි වුණා. තවත් ටික කාලෙකින් තමයි අඹ ගග යට, හත් මාළුව වගේ සින්ඩිකේටර් ඇරඹුණේ.

ඔය අතරේ මාත් මගේ බ්ලොග් රෝල, දේශපාලන බ්ලොග්, ගෑල්ළමයි ලියන බ්ලොග්, මං කියවන කතන්දර බ්ලොග්, කවි බ්ලොග් විදියට කොටස්වලට වෙන් කරලා දැම්මා. මගේ බ්ලොග් රෝල හරහාත් කීප දෙනෙක් හරි වෙනත් බ්ලොග්වලට පාර හොයා ගන්න බව මං දන්නවා.

මීට අමතරව මගේ බ්ලොග් එකට ට්‍රැෆික් තියෙන්නේ මාතලන් ගේ සින්ඩියෙනුයි. එතැන ඉඳලා බොහෝවිට එන්නේ මාතලන්ම නොවෙයි, වෙන අංකල් කෙනෙක්. හිස් අහස බ්ලොගයේ අළුත් ලිපියක් පළවුණාම එතැනින් මගේ බ්ලොගයට පාර නැවතත් හොයාගන්න අයත් ඉන්නවා.

ඉතිං මං දන්නා ඔය කියපු බ්ලොග් සින්ඩිකේටර් ඉතිහාසයේ ලඟදීම සිදුවුණු සිද්ධිය තමයි මාතලන් සහ නලීන් ගේ මූලිකත්වයෙන් කැම්පස් සින්ඩිය ඇරඹීම. ඒ ගැනත් බොහෝ ලිපි ලියවුණා ඒ දවස්වල.

දැන් ඉතිහාසයෙන් වර්තමානයට එමු.

වාළුකා කාන්තාරයේ සිට ලිපි ලියන සෙරන්ඩිබ් ඔටුවා ගේ ඔටු කතා බ්ලොග් එක ගැන ලියලා අත ගන්න කලින් මට ඊයේ වාර්තාවුණු ආකාරයට තවත් අළුත්ම සින්ඩිකේටරයක් දොරට වැඩලා තියෙනවා.

මේකේ නම රට ගිය ඇත්තෝ.
http://ratagiyaeththo.blogspot.com/

එතැන දැක්වෙන විදියට මෙහි අරමුණ ලංකාවෙන් පිටවෙලා වෙනත් රටවල දැනට ජීවත්වෙන අය ලියන බ්ලොග් එකට එකතු කරන්නලු.

විවිධ රටවල ඉන්න අතරේ සිංහල අමතක නොකර කියවීම, ලිවීම හොඳ දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.

මාත් හරිම ආසයි විවිධ රටවල ජීවත්වෙන අපේ අය ඒ ඒ රටවල් ගැන, සමාජය ගැන, පරිසරය ගැන ලියන ලිපි කියවන්න.

ඒ වගේ ලියන දේවල්වල නිකං සංචාරයක ගිය කෙනෙක් ලියනවාට වැඩි දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා. මොකද එකපාරටම දැක්ක දේම නැතුව කාලයක් තිස්සේ අත් විඳපු දේ අනුසාරයෙන් ඒ ලිපිය, කතන්දර ලියවෙන්න ඉඩකඩ වැඩි නිසා.

නමුත් අපේ පිටරට ඉන්න බ්ලොග්කාරයෝ, බ්ලොග්කාරියෝ මේ වැඩේ කරන්නේ ඉතාම කලාතුරකින්. බොහෝ දෙනා බොහෝ විට ලියන්නේ කාටත් පොදු දේවල් ගැනයි.

දැන් ඉතිං මේ සින්ඩිකේටර්ය ගැන කියනවා නම්, මේ වැඩේ හින්දා අළුතින් වෙන හොඳක් නම් මට හිතා ගන්න බෑ. ඔන්න මේ නිසා පිටරට ඉන්න සිංහලයෝ අළුතින් බ්ලොග් ලියන්න, කියවන්න පුරුදු වුණොත් ඒක වැදගත්. නමුත් මේ වගේ සින්ඩිකේටරයකින් ඒ වගේ ලොකු දෙයක් ඉක්මණින් සිදුවේවිය කියලා බලාපොරොත්තු වෙන්න බැරි බවයි මගේ අදහස.

ඒ මොනවා වුණත්, ඔන්න මගේ යුතුකම මං කළා!
http://ratagiyaeththo.blogspot.com/

-කතන්දරකාරයා

(image: http://www.youtube.com/watch?v=pmcd6druxgI)

49 comments:

  1. හුරේ මම අද 1

    ReplyDelete
  2. අපිත් සින්ඩියක් හදමුද එකේ නම තමයි " චු කතා කරුවන්ගේ සින්ඩිය "

    ReplyDelete
    Replies
    1. කවුරුහරි කියලා දෙන්න ගීක් බ්ලොග් රීඩරයට හා අපි අපිට බ්ලොග් එකට බ්ලොග් එකක් දාන හැටි

      Delete
  3. අපිත් සින්ඩියක් හදමුද එකේ නම තමයි " චු කතා කරුවන්ගේ සින්ඩිය "

    ReplyDelete
  4. "මගේ බ්ලොග් රෝල හරහාත් කීප දෙනෙක් හරි වෙනත් බ්ලොග්වලට පාර හොයා ගන්න බව මං දන්නවා" කීප දෙනෙක් නෙවෙයි කකා මගේ බ්ලොගට නම් වැඩි දෙනක් එන්නේ "මාතලන්ගේ සින්ඩිය" සහ "කතන්දර" හරහා . අපිත් කොඩි දාලා තියෙන්නේ එක තමයි කතන්දරට සහ මාතලන්..ඇතුළු සින්ඩි වලට .
    සින්ඩියක් වැඩි වුනා කියලා ඒකෙන් වරදක් වෙන්නේ නෑ. ඒ හරහාත් තව එකෙක් හරි කියවන්න ලියන්න එකතුවෙයිනේ ..!

    ReplyDelete
    Replies
    1. කෝ ඒකේ කතන්දර බ්ලොග් එක නෑනේ...?

      Delete
  5. /විවිධ රටවල ඉන්න අතරේ සිංහල අමතක නොකර කියවීම, ලිවීම හොඳ දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ./

    C'est très bien. Nous parlons toujours en cinghalais en France.

    ReplyDelete
    Replies
    1. අපිට ඉන්ග්‍රීසි ගෑන තියන කොම්ප්ලෙක්ස් එක ෆ්‍රෙන්ච් ගෑන නෑ නේ?
      බෑරිවෙලාවත් ප්‍රන්ශකාරයන් (1782 Admiral Suffren) අල්ලගත්ත ත්‍රිකුණාමලය යුරෝපීය සාම ගිවිසුමෙන් ආපහු ඉන්ග්‍රීසින්ට නොදී ලන්කාවම ප්‍රන්ශකාරයන් අල්ලගත්තනම් මේ ෆ්‍රෙන්ච් ලිවීම ගෑන මෙතන ගොඩක් දෙනා බනී නේද? Food for thought anyone?

      Delete
    2. ප්‍රා ... මට හිතෙන විදියට නං ...
      සිංහල භාෂාවට බොක්කෙන්ම ඇලුම් කරන , ඒ භාෂාව සහ අනිත් භාෂා හොඳින් හදාරා තිබෙන කිසි කෙනෙක් , අන් අයෙක් ඉංග්‍රීසි භාෂාවෙන් කොමෙන්ට් එකක් කෙටුවට අමනාප වෙන්නේ නැහැ.

      ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන කොට පුප්පන , දෂ්ට කරන සියල්ලන්ම පාහේ එසේ කරන්නේ ඉර්ශ්යාව සහ හීනමානය මගින් කරන කුප්පවිමෙන්. ඉංග්‍රීසි භාෂාව සහ පන්ති පරතරය අතර (තමන් විසින්ම හදාගෙන ) තිබෙන සම්බන්ධය නිසා සැබෑ ජීවිතයේදී ඉංග්‍රීසි භාවිතා කරන්නන් ඉදිරියේදී පිටකරගන්න බැරිවෙන පිඩනාත්මක ද්වේශය ඇරියස් එකත් එක්ක පිට කරනව ඉංග්‍රීසියෙන් කොමෙන්ට් කරන එකෙක් දැක්කම සයිබරේ .

      ගූගල් ට්‍රාන්ස්ලේටර් එක ඇවිල්ල දැන් අවුරුදු ගානක් වෙනවා. මෙතකල් ඒක ගැන නොදැන හිටිය පොඩි කට්ටිය චුං වෙලා පොඩි සිඟිති ආතල් එකක් ගන්නවා. ගනං ගන්න එපා. ටික දවසකින් ඇරිලා යයි. :D

      Delete
    3. Merci Pra Jay. Je ne sais pas Trincomalee était en Français une fois.

      Delete
    4. @මහසොහොන් පිල්ලිය,

      Etes-vous sûr que c'est un සිඟිති ආතල්?

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. කොළඹ කේන්ද්‍රීය ඊනියා සංවාදකරුවන් පසුගිය සමයේ කියා සිටියේ ප්‍රංශය වැනි රටවල ලිංගික නිදහසක් ඇති බව ය. ඒ අනුව එහේ පදුරේ ද, ගල් පල්ලේ ද, බෝක්කු උඩ ද, තාරපාරේ ද සෙක්ස් කළ හැකි බව ය. ඔවුන්ට අනුව ඒවා කවුරුත් ගණන් ගන්නේ නැත. ඕනෑ එකෙකුට, ඕනෑ එකකු එක්ක යා හැකි ය. එවැනි රටවල ගෑනුන් ද බලා සිටින්නේ ‍කොයි වෙලේ, කාගේ හෝ ඉදිරියේ රෙදි ගලවන්නට ය. ඊට නීතියක්, රීතියක් නැත. ආගමක් නැත. ඇත්තේ සෙක්ස් පමණ ය.

      පසුගිය සමයේ ප්‍රංශයේ මුදල් යොදවා නිෂ්පාදන කළ ලාංකික 'නව රැල්ල' අපට කීවේ ද එයයි. ලංකාවේ දූපත් වාසීන්ට මේවා තේරෙන්නේ නැත. අධ්‍යක්ෂවරුන් බිරියන් ගේ රෙදි ගලවා, අපට දියුණු බටහිර සමාජ දැක්ම ප්‍රායෝගික ව පෙන්වා දුන් හ. අපට මේවා නො තේරිණි. එහෙයින් අපි ඒවාට බැට දුන්නෙමු.

      ගද ගහන ගම්වල ලිංගික පීඩනයෙන් සහ අසහනයෙන් හැදුණු ළිං මැඩියන්ට මේවා මැජික් වූ බව නො රහසකි. අනෝමා ගේ හෙලුව (නිරුවත නොවේ) මාර ප්‍රශ්නයක් වූයේ ඒ නිසා ය. මේවා ඇදහිය හැකි ද? පරම සමාජ සත්කාරයක් සේ ගරු අධ්‍යක්ෂතුමන් තම බිරිද ගේ රෙදි ගලවා මුඵ මහත් සමාජයට එය පෙන්වයි. නූගතුන් එදෙස බලා ගෙන සිටියේ කට ඇර ගෙන ය.

      දැන් සියල්ල කණපිට පෙරළී ඇත.

      ප්‍රංශ ජනාධිපති හොලෙන්ඩේ, ජූලියා සමග නැටූ හොර නාඩගම, දැන් ලිංගික ප්‍රංශයේ දේශපාලන අර්බුදයක් නිර්මාණ කර ඇත. අපට කියා දුන් ආකාරයට ප්‍රංශයේ මෙවැනි දේට, 'අනියම් සම්බන්ධතා' යයි කියන්නේ ද නැත. 'ඕන එකාට-ඕන එකක්' පදනමෙන් සෙක්ස් කරන්නට ඉඩ දි තිබුණු ප්‍රංශය කණපිට හැරී ඇත. පුදුම ය. ප්‍රංශය සිංහල-බෞද්ධ වී ඇත. මාර ය. මාරම මාර ය.

      ලංකාවේ ද, ප්‍රංශ සල්ලි අරගෙන චිත්‍රපටි ගැසූ ඇත්තන් ගේ ද ජීවිත කණපිට පෙරළී ඇත. පුදුමය නම් ඔවුන් ගේ ද, අනියම් සම්බන්ධතා තිබි ඇත. එ්වාට ගමේ උන් මෙන් ගහ මරා ගැනෙති. වස්ත්‍ර කරට ඔසොවා ගෙන (රෙද්ද කරට අරන්) බැණ අඩ ගසා ගනිති. ඇදහිය හැක්කක් ද? දැන් ප්‍රංශ විලවුන් සුවද පැතිරී තිබුණු කොළඹ ගද ය. ඒවා අබාන්ස්ලාට තබා, ගොන්බාන්ස්ලාටවත් නැති කළ නොහැකි තරම් ය. ඔවුන් ද දැන් කණපිට හැරී ඇත. පුදුම ය. සිංහල-බෞද්ධ වී ඇත. මාර ය. මාරම මාර ය.

      හදගම ගේ සහ අනෝමා ගේ හුටපට විග්‍රහ කරන්නට අපට අවශ්‍යතාවක් නැත. එහෙත් අප ගේ අදහස් දැක්වීම්වලට එරෙහි ව, විවේචන ඉදිරිපත් කරන 'ත්‍රිමාන' සගරාව අපට පවසන්නේ දුප්පත් කතාවකි. ඔවුන් අසන්නේ, 'හදගම ප්‍රශ්න කරන්නන්ට, අනෝමා-ධර්මජිත් කෙළිය පෙනෙන්නේ නැද්ද?' කියා ය. (ඔවුන්ට හදගම ගේ සහ නිෂ්පාදිකාව ගේ කෙළිය ද පෙනෙන්නේ නැත) ඊට උදාහරණ දක්වමින් රොහාන් පෙරේරා ගේ හුටපටයක් ද 'ත්‍රිමාන' සගරාවේ පළ කර ඇත. ඔවුන් ද දැන් කණපිට හැරී ඇත. පුදුම ය. සිංහල-බෞද්ධ වී ඇත. මාර ය. මාරම මාර ය.

      දැන් අපට වෙන වැඩක් නැත. එක, එකා ගේ කෙළි සොය සොයා යා යුතු ය.

      'සිංහල-බෞද්ධයන් එළදෙනුන් සමග සංසර්ගයේ යෙදෙනවා' යයි කී හදගමට සිදු වූයේ හරිම අකරතැබ්බයකි.

      දැන් ඔහු කියන්නේ 'සිංහල-බෞද්ධ නො වුණු එළදෙනුන්, සංසර්ගයේ යෙදුණු අවස්ථා ගැන පොත් ගහනවා' කියා ය.

      ලෝකය ගැන නො දන්නා අපට තිබෙන්නේ සියල්ල දෙස බලා සිටිමින් විනෝද වන්නට ය.

      දැන් සියල්ල කණපිට හැරී ඇත. පුදුම ය. සියලු දෙනා සිංහල-බෞද්ධයන් මෙන් ලිංගික කුහකයන් වී ඇත. මාර ය. මාරම මාර ය.

      Delete
    7. @AnonymousFebruary 3, 2014 at 1:31 PM,
      Trinco was in French hands for a very short time (only a few months I think, you can check it up if interested). The British didn't recapture it, the French handed it back to them on the terms of an European peace treaty. එහෙමනොවුනනම් අපි ෆ්‍රෙන්ච් කොලනි එකක් වෙලා දෙවෙනි බාශාව ෆ්‍රෙන්ච් වෙන්න පොඩි චාන්ස් එකක් තිබුන. එහෙම වුනානම් ඔයා සින්හල බ්ලොග් එකක බාශා ද්‍රෝහියෙක් දෑන්. එහෙම නොවී ඉන්ග්‍රීසි රට පාලනය කල නිසා ඉන්ග්‍රීසියෙන් ලිව්වහම තමයි බෑනුම් අහන්නෙ.

      Delete
  6. මගේ බ්ලොග් එක ගොඩක් ප්‍රසිද්ද සින්ඩිවලින් ගත්තේ නැහැ. මාතලන්ගේ සින්ඩියෙන් තමයි අදටත් මගේ බ්ලොග් එකට වැඩිම ට්‍රැෆික් තියෙන්නේ ,ඊළගට කතන්දර බ්ලොග් එකෙන් හැමදාමත් මේ දෙකෙන් තමයි ඊළගට අටම්පහුර බ්ලොග් එකෙන් සින්ඩිකේටර් වලින් නම් ට්‍රැෆික් නැහැ කවදාවත් මාත් කවි ලියන්න පටන් ගත්ත මගේ තිඹිරිගේ අලුත් අයට සහ මං කියවන බ්ලොග් වලට වැඩි ඉඩක් දෙන්න බ්ලොග් රෝල් 3ක් දාලා හැදුවා, එකෙන් අලුතින්ම ආපු අයට යම් ප්‍රමාණයක් ට්‍රැෆික් එනවලු. ස්තුති ඔයාට මේ ලින්ක් එක දුන්නට ,අපිත් ගිහින් බලන්නම්

    මෙතනින් මගේ තිඹිරිගෙට :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මට දැනට වැඩියෙන්ම ට්‍රැෆික් තියෙන්නෙ සිංහල බ්ලොග්කරුවන්ගෙ සංසදයෙන්...එනඅයගෙන් 80%ක් විතර එකෙන්, ඊලගට හත්මාළුවෙන්, ඊලගට ලාංකීය එකෙන්...

      Delete
    3. අපිව එවලින් ගන්නේ නැහනේ මල්ලි ..

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කවුද ලියලා තිබ්බා මතකයි දැන් සින්ඩිකේටර් ටික දැන් බ්ලොග් වල ගානටත් වැඩියි කියලා.

      මාත් ඒ කාලේ ඉඳලාම බොහෝ වෙලාවට අලුත් බ්ලොග් එකක් අල්ල ගන්නේ කකාගේ බ්ලොග් රෝලෙන්. දැක්කොත් මම මගේ රීඩරේට දාගන්නවා. බෙදාගන්න තරම් හොඳ/ අනිත් අය කියවිය යුතුයි කියලා හිතෙන දෙයක් තිබ්බොත් අඹගහයටට එකතු කරනවා. කොහොමත් දැන් නම් බ්ලොග් කියවීමත් බොහෝ දුරට එපා වෙමින් තියෙන්නේ. හිටි ගමන් මටත් ස්ලෑන් කියවෙනවා. තෝර බේරගෙන කියවන්න බැලුවම කියවන්නෙ මොක්කද කියලාත් අවුලක් තියෙනවා දැන්.

      Delete
  8. ස්තුතියි පාර කිව්වට.... සින්ඩිකේටරයක් වැඩි වුණා කියලා හානියක් වෙන්නේ නැනේ...එයින් එක් අයෙක් හෝ අලුතින් කියවන්න හෝ ලියන්න එනවනං එපමණයි. ස්තුතියි..

    ReplyDelete
  9. මම ඉන්න එකම සින්ඩිය මම හිතන්නේ මාතලන්ගේ සින්ඩිය තව දෙක තුනකට විස්තර යැව්වත් ඒවා වල මගේ බ්ලෝග තියෙනවා මම දැක්කේ නෑ ....... එත් යකඩෝ මේ අලුත් තැනට ගිහින් බලුවම්ම මෙන්න එතන මගේ බ්ලොගත් එල්ලලා

    ReplyDelete
  10. කතන්දර බ්ලොග් එක පැම්පස් සින්ඩියෙත් නෑ. ඒ කතා අකමැති නිසා.. අපටත් අවශ්‍ය විශ්ව විද්‍යාල ප්‍රජාවගේ නිර්මානකරණයයන්ට උදව්වක් වෙන එක. මේ සින්ඩිය මටත් එවලා තිබුනා.. ඒකත් හොඳ දෙයක්.. පැම්පස් සින්ඩියෙන් මේ දවස්වල සිංහල බ්ලොග් අඩවියක් ආරම්බ කරනා ආකාරය මුල සිටන් කියා දෙනවා. දැනටත් හතර පස් දෙනෙක් අළුතෙන් එක්වෙලා තියෙනවා. ඒක ළොකු දෙයක්. කෙසේ නමුත් මට බ්ලොග් ලියන්න කියලා දුන්නේ කතන්දර. අදටත් සින්ඩිවලට පස්සේ වැඩිපුරම එන්නේ කතන්දර බ්ලොග් රෝලෙන්.

    ඔබත් සිංහල බ්ලොග් අඩවියක් ආරම්බ කරන්න.. මුල සිටම නොමිලේ පාඩම් මාලාව..

    ReplyDelete
  11. ඔබත් සිංහල බ්ලොග් අඩවියක් ආරම්බ කරන්න.. මුල සිටම නොමිලේ පාඩම් මාලාව..

    http://campussyndi.blogspot.com/2014/01/1.html

    ReplyDelete
  12. රාජ් කිව්ව හරි. ඉස්සරහට බ්ලොග් එකක් තිබ්බට වැඩක් නෑ ඌට සින්ඩියකුත් නැත්තං. කකාට එකක් ඕන නැති උනාට මාත් පටන් ග්න්නව එක්කො මැද පෙරදිග සින්ඩිය කියලවත් එකක්.

    ReplyDelete
    Replies
    1. ඉන්දික ඔබ සතු දැනුම සින්ඩියකට එහා ගිය බ්ලොග් ලියන කියවන හැමට වැදගත් ලොකු දේකට යොදවන්න....

      Delete
    2. කාලයක සිට ඉන්දික තමන් සතු දැනුම අනුන්ට බෙදා දෙනවා හොරුන්ට ණය දෙන්න එපා, ලැබෙන්නේ නෑ කියලා

      Delete
  13. මමත් අවුලක් දකින්නෙ නැ කකා.

    ReplyDelete
  14. කැත නැතුව කරන ඉල්ලීම- පුලුවන්නම් දුලාගෙ අඩවියත් කකාගෙ බ්ලොග් රෝලට එකතු කරන්න

    ඒ වගේම මෙන්න කියවන්න
    මහඇමති වෙන්න දඟලන සීනිබෝල කෑලි

    දුලාගෙ අඩවියේ දුලා

    ReplyDelete
  15. මම දැනුයි දන්නේ.. ගිහින් බලද්දී මගේ බ්ලොග් එකත් තියෙන්නේ ඒකේ.. බලමුකෝ ඉතින් ඒ පැත්තත් පොඩ්ඩක්.

    ReplyDelete
  16. මම නම් දවසකට කලින් මාතලන්ගෙ සින්ඩියේ දැකල රයිගම හන්දියටත් කමෙන්ට් එකක් කළා.
    මම මාතලන් ගේ සින්ඩිය බුක් මාක් දාගෙන ඉන්නෙ
    එකේ තියන ඒවාට තමයි මම යන්නෙ

    ReplyDelete
  17. //මාත් හරිම ආසයි විවිධ රටවල ජීවත්වෙන අපේ අය ඒ ඒ රටවල් ගැන, සමාජය ගැන, පරිසරය ගැන ලියන ලිපි කියවන්න.//
    එව්ව එහෙම ලියන්න බෑ කකා.
    ඉස්සෙල්ලාම මුට්ටිය දාලා බලන්ට ඕනෙ, ස්නයිෆර් සොට් එකක් ඒවිද කියලා.:)
    මං හිතන්නෙ, වැඩිය හොඳයි, දේශීය උරුවට ඔය දන්න වැල් බයිලාවක් ලියන එක. දන්නවනෙ අපේ අය කියන කතා?

    ReplyDelete
    Replies
    1. හිටු හිටු මම අද ලියනව ෆුල් නයෙක්... කකා අපිව බේර ගනීනේ ඇනෝමවුස්ලා අපිට බැන්නම. ;)

      Delete
  18. මම පාවිච්චි කරන සින්ඩි තමයි, "අඹ ගහ යට" සහ "මාතලන්ගේ සින්ඩිය". මම නම් කැමති සින්ඩි අඩු වෙනවා නම්. ඒත් ඉතිං බ්ලොග් වැඩි වෙන තරමට වර්ගීකරණ වැඩි වීමත් සිද්ධ වෙනවනේ.

    මේ බ්ලොගය ගැන උණත් කියන්න තියෙන්නේ ලියන දේට අදාල නොවන වර්ගීකරණ වලට මගේ එතරම් කැමැත්තක් නැති බවයි.

    ReplyDelete
  19. තමන්ගේ පුද්ගලික රුචිය මත පමණක් බ්ලොග් ඇතුලත් කර ගන්නා සින්ඩි වලින් නම් බ්ලොග් වලට එතරම් සහයක් ලැබෙනව කියල මං හිතන්නෙ නෑ. බ්ලොග් රෝලකට නම් එහෙම තමන් කැමති ඒව විතරක් ඇතුලත් කර ගත්තට වරදක් නෑ කියලයි මං හිතන්නෙ..
    මං මේ දක්වා ඉල්ලුම් කරපු සින්ඩි වලින් තුනකින් හැරෙන්න අනෙක් ඒවයින් තවම මාව අරන් නෑ. ඒක ඉතින් ඔවුන්ගේ කැමැත්ත. කොහොම වෙතත්, සින්ඩිය පවත්වාගෙන යන්නා ගේ ප්‍රචාරණ හැකියාව මත තමයි එයින් ඇතිවන/එකතු වන බ්ලොග් කියවන්නන් ප්‍රමාණය තීරණය වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මාතලන් ගෙ සින්ඩියෙන් බ්ලොග් වලට දෙන සහයෝගයත් මතක් කල යුතුයි.

      Delete
    2. වැරදීමක් වෙලා මට.

      //මං මේ දක්වා ඉල්ලුම් කරපු සින්ඩි වලින් තුනකින් හැරෙන්න අනෙක් ඒවයින් තවම මාව අරන් නෑ.//

      මෙය මෙසේ නිවැරදි විය යුතුයි.

      මං මේ දක්වා ඉල්ලුම් කල සින්ඩි අතරින්, සින්ඩි තුනකට පමණයි මගෙ බ්ලොග් එක ගත්තෙ නැත්තෙ. අනෙක් සියලු සින්ඩි වලින් මගෙ බ්ලොග් එක ගත්තා.

      සිදු වූ වැරැද්ද පිලිබඳ කණගාටුව ප්‍රකාශ කරමි.

      Delete
  20. මමත් පටන් ගත්තේ නම් ලාංකීය සිතිවිලි එකෙන් . . දාල ටික දවසකින් " මචෝ මගේ බ්ලොග් එක පොඩ්ඩක් වෙලාවක් තියේ නම් බලහන් " කිව ගමන් එල මචං කීවා හෙහ් හෙහ් හේ

    ReplyDelete
  21. මම නම් ආපහු ලියන්නේ නෑ අයියෝ... කියවන එක ආතල්... :)

    ReplyDelete
  22. මට මතක් වුනේ “රට විරු ස්ටාර්“ රියැලට් ෂෝ එක :))

    එල අහ්..

    ReplyDelete
    Replies
    1. මම ඉන්නේ ආසියාවේ අස්චර්යමත් දුපතක.. මගේ බ්ලොග දාගන්න බැරි වෙයිද?

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. කමක් නෑ කකා... බ්ලොග් කියවන එක්කෙනෙක් හරි වැඩි වෙයි නේ.

    ReplyDelete
  25. තවත් සින්ඩියක්... එලෑ එලෑ

    ReplyDelete
  26. කකා අද දාල තියෙන පින්තූරෙ පොදු හුරුපුරුදු ගතියක් පෙනුන නිසා බැලුවේ,මේ රටගිය ඇත්තෝ ටෙලියෙ පින්තූරයක්නෙ.කාටත් මේක මතක නැතිව ඇති මොකද පෙන්නුවෙ 1983 හෝ 84 නොවැ.

    ReplyDelete
  27. තව ඒකක් වැඩි වුණා කියලා කිසිම වරදක් නොදකිමි.
    දැන් බ්ලොග් වලට සෙනග ගෙන්වන්නනේ සින්ඩි තියෙන්නේ.
    හැබැයි සින්ඩි වලට සෙනග ගෙන්වන්න ක්‍රමයක් ඒකේ ඇඩ්මීන්ලා කල්පනා කරලා තියන්න ඔනේ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.