Wednesday 6 November 2013

විස්ස විජ්ජාල මාතාව නමදිමු? මොන විකාරක් ද ඕයි ඒ? - Worshiping a university, WTF?


පසුගිය දිනක ෆේස් බුකියේ සැරිසරන මොහොතක මගේ මිතුරෙකු විසින් එහි බෙදා හදා ගෙන තිබූ යූ-ටියුබ් වීඩියෝවක් නරඹන්නට අවස්ථාව ලැබුණි.

මා සිව් වසරක් කාලය ගත කළ පේරාදෙනිය විශ්ව විද්‍යාලය පිළිබඳව පබැඳී ගැයුනු ගිතයක් පසුබිමෙන් යොදා ඡායාරූප රැසක් එකට ඈඳා නිමවා තිබුණු ඒ වීඩියෝව නරඹද්දී මට මුලින් සතුටක් ද, ඊලඟට විමතියක් ද, ඊටත් පසුව සිනහවක් ද ඇතිවිය. අවසානයේ මා සිතේ රැඳුණේ කෝපයක් සහ සංවේගයකි.

මගේ සිත සතුටින් පිනා යන්නට හේතු වූයේ ඒ වීඩියෝවේ පෙළ ගස්වා තිබුණු පෙර කී ඡායාරූප එකතුවයි. විශ්ව ඬිද්‍යාල බිමේ නෙක රූ විසිතුරු සහිත ඒ දසුන් මා නෙත ගැටෙන විට සිත අතීතයට දිව යෑම වැලැක්විය නොහැක. පුරා සිව් වසරකුත් මාස දෙකක් මා පේරාදෙනියේ ගතකළ දිවිය සිහියට නැගී සිත සතුටෙන් පිරී යාම පුදුමයට කරුණක් නොවේ.

මගේ සිතේ විමතියක් ඇති වූයේ පසුබිමෙන් ගැයුණු ගීතයේ පද වැල ඇසෙත්දී ය.

විශේෂයෙන්ම මුලින්ම එන මෙන්න මේ පද කිහිපය නිසාය.

නමදිමු බැති පෙමිනී
පේරාදෙනි සරසවි ජනනී


වාට්? WTF?

මොන විහිළුවක් ද ඒ?

මොන කෙහෙල්මලකටද ඕයි විස්ස විජ්ජාලෙකට වඳින්නේ?

මට සිනා ගියේ "කවුද හලෝ මේ විශ්ව විද්‍යාලයක් නිකම්ම නිකං ඉස්කොලෙක දෙකේ කොලේ සයිස් එකට දාපු එකා?" යැයි සිතුණු විටය.

මෙන්න ඕනෑ අයට මෙතනින් ගිහින් බලන්න පුළුවන් මේ මොන්ටිසෝරි වීඩියෝ එක.



ඉස්කෝලවලට ඉන්නවා සේ මා දන්නා තරමින් නම විශ්ව විද්‍යාලවලට අයිතිකාරයින් නැත. මට කෝපයක් ඇති වුනේ කවුරුන් හෝ එලෙස මා උගත් විශ්ව විද්‍යාලය අයිතිකරගන්නට යනවාදෝ කියාය.

විශ්ව විද්‍යාලයට වැඳීම වැනි අඳ බාල සංකල්ප ඇති අය ගැන මට ඇතිවුණේ මහත් සංවේගයකි.

කලින් දවසක කීවාක් සේ මා විශ්ව විද්‍යාල කිහිපයකටම විවිධාකාරයෙන් සම්බන්ධ වී සිට තිබේ.

ඒත් මෙහෙම විහිළුවක් මේ දැක්කාම ය!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය කිව්වාට මා ද පේරාදෙනිය විශ්ව විද්‍යාලයට වැඳ තිබේ. ඒ පේරාදෙනියට පය තැබූ මුල්ම දවසේ ජ්‍යේෂ්ඨ සිසුන් දෙනෙනෙකු ගේ අණ කිරීමකට අනුවය.

මේ ඒ ආකාරයේ රැග් එකක දිගුවක් ද?

157 comments:

  1. මට හිනාගියේ මුලින්ම ජෝඩුවක් කුඩයක් යටින් යනවා දැක්කාම. කවුරු උණත් මෙතන වඳිනවා ඇත්තේ ලැබුණු නිදහසට. ලංකාවේ ඉස්කෝලවල ලමයින්ට මුලින්ම නිදහසක් ලැබෙන්නේ යුනි ගියාම නේද? මම කියන්නේ පුර්ණ නිදහස...:D

    ReplyDelete
    Replies
    1. නැහැ.... ඒ ඉස්සර දැන් මෙව්වත් ඉස්කෝල වගේ...... ලව් කරන්න නිදහසක් නෑ.....

      Delete
    2. කකා , ලෝගෝ ටික අනිත් පැත්ත ගැහීම නම් ටිකක් අනුචිතයි වගේම ඕලමොට්ටලයි

      වැඳීම කෙසේ වෙතත් ඔය ඔලුවෙන් හිටවල තියෙන ආයතන වලින් ලාංකීය සහ ඕස්ට්‍රේලියානු සමාජ වලට කියා නිම කල නොහැකි යහපතක් මිසක් අයහපතක් සිදු වී නැහැ.

      සමාජයට අනුපමේය යහපතක් කල සැබෑ විද්වතුන් , ජන නායකයන් , කලාකරුවන් , ලක්ෂ ගනනකගේ දිවි බේරා දුන් වෙයිද්‍ය වරුන් ඔය ඔලුවෙන් හිටෝලා තියෙන ආයතන වල සහයෙන් ඒ තත්වයට පත්වූ අය.

      මෝඩයෙක් අනුචිත තැනකට වඳින්න හැදුව නම් ඒ මෝඩයා ගර්භාවට ලක් කරන්න.
      මේ ආයතන නෙමේ.

      කෙසේ නමුත් මමත් මේ ආයතන වලින් ලෝකයට සහ මනුෂ්‍ය ශිෂ්ටාචාරයට සිදුවූ යහපත සලකා සහ මේ ආයතන වල සිට අප නැණස පෑදු සහ නව නිපයීම් කල විද්වතුන් උදෙසා හිස නමා ආචාර කරනවා. !

      Delete
    3. දැන් යුනිවල කන්නියාබාවෙත් හොයනවා නේද?

      ඒකට ඒකාලේ හිටපු පාමොක් ලා!
      http://kathandara.blogspot.com/2010/09/blog-post_27.html

      Delete
    4. @ මහසොහොන් පිල්ලිය
      මහතා ඔයාට පොඩ්ඩක් ටැපලිලා. ලෝගෝ උඩු අතට නවා තියෙන්නේ යම් අදහසක් ප්‍රකාශ කිරීමටයි! ඔබට එය නොවැටහීම පුදුමයක්.

      ඔය හැම තැනකම මං කරක් ගලා තියෙනවා. විශේෂයෙන්ම ඔය හරි මැද්දෙන් වගේ තියන තැන. ඔහේත් හොඳට දන්නවානේ එතැන.

      නමුත් මං ඔය කිසි තැනකට වඳිමු කියලා සින්දු ලියන්නේවත් කියන්නේවත් නෑ. මොන ගෙංපාට් ද ඒවා?

      Delete
    5. සමහර ඒවා නං ගොං පාට් තමයි ..
      මම නැහැ කිව්වේ නැහැ නේ...

      ලෝගෝ උඩු යටිකුරු කිරීමේ අර්ථය තේරුනේ නැහැ.
      වැරදි අර්ථයක් තේරුම් නොගන්න ඒක පැහැදිලි කරොත් නරකද.

      on a completely different note

      ජාතික ගීය යනකොට කකා නැගිටල ගෞරව කරනවද ?
      ඒකෙ "නමෝ නමෝ මාතා" කියලත් තියෙනවා නේද ?

      එතකොට රට නියෝජනය කරන ජාතික ධජය.
      එකටත් සුද්ද සැලියුට් එකක් ගහනවා නේද. ?
      සුද්ද ගේ සැලියුට් එක අපේ නමස්කාරයට සමයි නේද ?

      පාසලකත්, රටකත් අතර ඇති වෙනස මොකද්ද ඒ අනුව ?
      කකාට ඇරෙන්න මුළු ලෝකෙටම වලිගෙ පෑගිලා ද ?

      Delete
    6. @ මහසොහොන් පිල්ලිය
      ඔය ලෝගෝ සහිත රූපය මා හැදුවේ විශ්ව විද්‍යාල ගැන මගේ මතයක් ඉදිරිපත් කිරීම සඳහා ලියූ ලිපියකට දාන්නයි.

      අද එය උඩු යටිකුරු කර දැමුවේ, විශ්ව විද්‍යාල පවතින්නේ කුමක් සඳහාද යන්න ගැන මා සිතා සිටින දේ දැන් වෙනස් වෙලාද යන ප්‍රශ්නය හඟවන්නයි.

      රටවල්වලට, පාසල්වලට සින්දු පට බැඳුනේ මධ්‍යතන යුරෝපයේ විය යුතුයි. ශ්‍රී වික්‍රම රාජසිංග රජ කළ ලංකාවේ ජාතික ගීතය කුමක්ද? තොටගමුවේ පිරිවෙනේ පිරිවෙන් ගීතය කුමක්ද? මේවා පසුව සමාජ සම්මත වූ ඒවා.

      ප්‍රශ්නය වුනේ මේ සම්මතයන් ලංකාවට ආදේශ කර පටන් ගන්නා විට කවුරුත් ඒ ගැන විවාද නොකිරීම විය හැකියි.

      ඔබේ ප්‍රශ්නයට උදාහරඛයකින් උත්තර දෙනවා නම්, බුද්ධ ධරමයට ගරු කළ යුත්තේ බණ පොතකට මල් පුජා කරමින්, හඳුන්කූරු පත්තු කරමින් නොවේ. ධර්මානුකූලව ජීවත් වීමෙනි.

      එපමණයි.

      Delete
    7. ඔය ලෝගෝ එක යටිකුරු කරපු කකාගේ යටිකුරු සිතුවිල්ල කකාටම පැහැදිලි කරන්න පොඩි ටෙස්ට් එකක් කරමු.
      කකා ඉන්න රටේ ලාන්ඡනය, කොඩිය, නැත්නම් ආයතනයේ ලාන්ඡනය යටිකුරු කරලා ඒ රටේ අනිත් අයට පෙනෙන්න ප්‍රදර්ශනය කරන්නකෝ.

      Delete
    8. @ කා වා

      නොදන්නා කම නිසා නේ ඔය කියන්නේ.

      සංකේතයක් ලෙස උඩු යටිකුරු වීම දැක්වීඟ සාමාන්‍ය දෙයක්. මෙන්න මුළු ලෝකෙම උඩු යටිකුරුවෙලා.

      http://qablog.practitest.com/wp-content/uploads/2010/06/Upsidedown-Map-Of-The-World-Optimized-300x207.jpg

      Delete
    9. අනේ මේ ආයෙත් නොදන්නා කමට දන්නා කෙනෙකුගෙන් අසන්නේ.
      දැන් ඔය අවස්තා දෙකේම (කකාගේ යටිකුරු රූපෙයි ලින්ක් එකේ රූපෙයි) අරමුණ, සිතුවිල්ල, හැඟවීම එකක්ද?

      Delete
    10. මම සිතන්නේ මම කියපු පරීක්ෂණය ට බොලා වැඩි මනාපයක් නෑ වාගේ........

      Delete
  2. ඒ එයාගේ ආශාවට කරපු නිර්මානයක්නෙ කකා.
    හිනා වෙන්න,කේන්ති ගන්න කාරී නැහැ.

    ReplyDelete
    Replies
    1. හා... හා... අට පාස් නැති ලමයින්ට කැම්පස් කථා වැඩක් නෑ..... ඕ ලෙවල් වත් කරලා එන්න.....

      Delete
    2. හැක්...හැක්...ඇත්ත..ඔය මගේ එක්ක පහේ පංතියෙ හිටපු ලොයිඩ් නේද...හොරා..
      තාම ඉස්සර වාචාල කමමයි...උඹ බැන්දද ...මචං....?

      Delete
    3. කෙන්ජි ලඳුන් 164 ක් පාස් කරලා, 47 දෙනෙකුගේ පොනවද ලඟ තියාගෙන ඉන්නේ.

      කොහොමත් කෙන්ජි අළුතින් බොගත් දැම්මා කියන්නේ කාකගේ, මාතලන්ගේ බොග පාලුවට යන එක කියලා මංතුමාට හිතෙනවා. පොඩ්ඩක් බලමුකෝ ඉස්සරහට ගිහින්. අං දිග ගෝනුන්ට, හොට දිග පැස්පරාලට විතරක් නොවේ කෙන්ජිගෙන් හුඟක් දේවල් ඉගෙන ගන්න අපිටත් තියෙනවා.

      Delete
    4. අද හින්දුස්තානි ජී තාම නෑ වාගේ.

      Delete
    5. @ කෙන්ජි
      නිර්මානයේ අරමුණ ගැන කරන විවේචනයක් ලෙසයි මෙය සැලකිය යුත්තේ!

      Delete
    6. කාවා ජී,

      මේ ආගයා!!!

      ඇත්තටම, අපේ කෙන්ජි මාමා මෙච්චර කල් බොග නොදා හිරකරන් හිටපු එක නම් ලෝඅක අපරාධයක් තමයි කාවෝ!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  3. වඳන්න බෑ එහෙනම් ඇ........... දණ ගහපිය.

    කොහොමත් ඔය පෙරා වලිනුත් මොළේ අඥකොරොස් උදවිය හරි හරියට බිහි වෙන්නේ. දහස් ගණනක් පහන් අරන් දෙවියන් එනකන් බලා සිටින, පිළිමය පිළිමයක් ගානේ රැස් විහිදෙනවා බැලූ, ආයුබෝවේවා මහ රජාණනි කියලා වන්දනාමාන කොරන තකතීරුවෝ ඉන්නා රටක, පෙරා වඳින එක සුළු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අන්න සෙනේට් ගොඩනැගිල්ල යට දේවාලයක් හදලාලු!

      Delete
  4. [අපිට යූ ටියුබ් නැති නිසා වීඩියෝව බලන්න බෑ, කොහොම උනත්,]
    නමදිමු කේස් එක (සමහර විට ලංකාවෙ වැඩිපුර තියන) අවුලක්ද කොහේද. එක අතකට ඒක එහෙම වෙන එකත් පුදුමයක් නෙවේ. ලංකාවෙ විශ්ව විද්‍යාල කියන්නෙත් ඉස්කෝලෙම කොටසක් කියල හිතන පිරිස වැඩියි. කකාට තියන විදේශීය අත්දැකීම් එක්ක මේකට මල පනින එක පුදුමයක් නෙවේ.
    ඊටත් වඩා එහාට ගියොත්,..... මේවගේ රැකියා ස්ථානත් තියනව. කොටින්ම ඉස්කෝලෙ ලමයි විදියට තමුන්ගෙ සේවකයන් ඉන්න ඕන කියල හිතන ජාතියෙ ආයතන ප්‍රධානීනුත් ඉන්නව. ඩෝන්ට් වොරි කකා!

    ReplyDelete
    Replies
    1. වැඩිය ඕනි නෑ.... කටුබැද්දෙ සිවිල් ඩිපාර්ට්මන්ට් එකේ අහවල් ප්‍රොපාගෙ MSC ගෝලයො ටික උදේ කාර් එක එන වෙලාවට කාර් එක ගාව ඉන්න ඕනි..... බෑග් එක, කෑම පෙට්ටිය, පොත් ටික එහෙම අරගන්න..... නැත්තම් රිසර්ච් කරලා හමාරයි......

      ෆීල්ඩ් එකේ පොරවල් වෙලා ඉන්න ඉන්ජො බෑග් අදිනවා දැක්කාම ඇඩෙනවා..... ඔන්න ඕකයි කකා තොරණෙ විස්තරේ.......

      නිකමටවත් ලෙචෙක්ට Prof, Dr, Mr./Mrs. කියලා කථා කරොත් සුම්මා තමයි.... සර්, මැඩම් කියලා දෙකට නැමිලා කථා කරන්න ඕනි.......

      ඉතින් ඔය සින්දුවෙ අවුලක් නෑ වගේ.....

      Delete
    2. ඇයි සමහර ඔෆිස් වල වැඩ කරගන්න යන මහජනයත් ඉන්න හැම එකාටම දෙකට නැවෙන්න ඕනා.... ඊට අමතරෙන් ගල් බාගයක් වත් අරන් දෙන්නත් ඕනා....

      Delete
    3. //කටුබැද්දෙ සිවිල් ඩිපාර්ට්මන්ට් එකේ අහවල් ප්‍රොපාගෙ MSC ගෝලයො ටික උදේ කාර් එක එන වෙලාවට කාර් එක ගාව ඉන්න ඕනි..... බෑග් එක, කෑම පෙට්ටිය, පොත් ටික එහෙම අරගන්න..... නැත්තම් රිසර්ච් කරලා හමාරයි......//

      බුදු අම්මෝ..... ඉස්කෝල හොඳයි!

      Delete
    4. 9:58 ඇනෝ,
      ඔහේට‍ තේරෙනව ලේසියෙන් යමක් කමක් කරගන්න විදිය!

      Delete
    5. මේ ප්‍රොපාගෙ නම කියන කෙනාට වටිනා තෑග්ගක් හිමි වෙනවා.....

      Delete
    6. කටුබැද්දෙ සිවිල් ඉන්ජො මේ බ්ලොග් එක කියවන්නෙ නැද්ද .....

      Delete
    7. @ රාජ්
      අර එක සේවාස්ථනෙක (රත්නපුරේ ද කොහෙද) උදේට පන්සිල් ගන්න කිව්වා ලු නේද?

      Delete
    8. මම කියපු ජාතියෙ තැනක මාත් ඉඳල තියනව කකා. බොසා ගුරුවරයෙක් විදියට ඉඳල පරිපාලන සේවයට ආපු බුවෙක්. තාමත් ගුරුවරය ඒ විදියටම ඇ‍ඟේ ඉන්නව.

      Delete
    9. මටත් ලගදි ආවා.... ආයතන/වැඩබිම් ප්‍රධානීන් ප්‍රධාන කාර්‍යාලයේදී පැවැත්වීමට නියමිත ධර්ම දේශනයට සහභාගීත්වය අනිවාර්‍යයි කියලා......ඔන්න රටට ගිය කල.....

      Delete
  5. පේරාදෙනි ජීවිතය ජීවිතේ සුන්දරම මතක ගොන්නේ නොමැකෙන ලෙස තැන්පත් වී ඇත.
    කකා //" පුරා වසරකුත් මාස දෙකක් මා පේරාදෙනියේ ගතකළ දිවිය සිහියට නැගී සිත සතුටෙන් පිරී යාම පුදුමයට කරුණක් නොවේ."// මෙහි පුරා සිව් වසරකුත් මාස දෙකක් ලෙස නිවරදි විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. නෑ බං. ෙපාරට හිතුනලු ෙම් ෙමාන මඟුලකද මම ඉෙගන ගන්ෙන් කියලා. අපතයා වෙග් හිටිය ෙපාරෙග් කල් කිරියාව හින්දා අවුරුද්ධයි මාස ෙදකකට වැඩිය ඉන්න බැරි උනා.

      Delete
    2. Thanks ඉවාන් පව්ලූශා. Corrected.

      Delete
  6. කමක් නෑ කාටහරි වදින්න ඕන නං ඒකටත් නිදහස තියෙනවා නෙව...

    ReplyDelete
    Replies
    1. ඒහෙම බෑ. ගහපිය දණ.

      Delete
    2. @ දේශක යා
      මේකට තේමා ගීතය කියලා නම් තබලා වරම් දීලා

      Delete
  7. පුජාච පුජ නීයංථං
    එතං මංගල මුත්තමන්

    ReplyDelete
    Replies
    1. මෙ පද දෙකත් මුලින් ලියපං අච්ඡාරු
      අසෙවනා ච බාලානං, පණ්‌ඩිතානඤ්‌ච සෙවනා

      Delete
    2. @ Both of you
      මෙන්න නිවරැදිව ලියන හැටි

      අසේවනාච බාලානං
      පණ්ඩිතානංච සේවනා
      පූජාව පූජ නීයානං
      ඒතං මංගල මුත්තමං

      !

      Delete
    3. අපි ඕව කට පාඩම් කරගෙන සජ්ඡායනා කොලේ නෑනේ. ඇහෙන හැටියට ඔහේ ලියනවා. ලියනකොටත් වරදිනවා.

      Delete
  8. සමහර මිනිස්සු ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ ඉගෙන ගත්ත තැන අමතක කරන එකේ ඕක මොකද්ද කකා ?
    අනික ඉහල නැග්ගට පස්සේ ඉනිමග කුමකටද?

    ReplyDelete
    Replies
    1. ^ ඉහලට නැග්ගට පස්සෙ වෙන අයටත් නගින්න ඒකට පයින් නොගහා තියන එක එක කතාවක් ඉනිමඟට වඳින එක තව කතාවක් නේද සෑර්

      Delete
    2. යන්නේ කොහෙද?
      මල්ලේ දෙල්!

      Delete
  9. දවසක් හරි වයස වැඩි නං ඕනෑම මීහරකෙකුට වැඳ වැටෙන විහිලුව තරං නං හිනා යන්නෙ නෑ. :P

    ReplyDelete
    Replies
    1. වැඩිමාල් වෙන්න ඕනැත් නෑ. අර බාත්ෆ්ලවර්ස් කිංබැක්ට වැඩිහිටියෝත් වඳින්නේ!

      Delete
  10. කකා කැම්පස් ගියෙත් පැරෂුට් එකෙන්ද?

    ReplyDelete
    Replies
    1. කොළඹ-නුවර කෝච්චියෙනි!

      Delete
  11. කකාට එරෙහිව යකා

    විශ්ව විද්‍යාල වලට වන්දනාමාන කරනවට කකා කැමති නෑ.මොකද එතකොට පාසල් වන්දනය කරන්න බැරි නිසා.පාසල් වන්දනය වගෙ නොවෙයි විශ්ව විද්‍යාල වන්දනය ප්‍රගතිශීලීයි.මොකද රටේම බුද්ධිමත් අය ඒවට එන නිසා.විශ්ව විද්‍යාල පදනමක් නැති හමුදා වලත් අදිපතිවාදී පාසල් වන්දනය තිබෙනවා.ගෝත්‍රවාදී කකා මේකට විරුද්ධ ඔහුගේ ගෝත්‍රික පාසල් වන්දනයට මේකෙන් බාධා වෙන නිසයි

    ReplyDelete
    Replies
    1. කකා මට පසුව අවබෝධ වූයේ. උඩින්ම ලෝගෝ කීපයක් යටිකුරු කර තිබෙනවා. මෙය නොගැලපෙන අමනොඥ ක්‍රියාවකි. බොලා කියන්න හදන්නේ මොකක්ද? මම වගේම අනිත් උනුත් සමාජය දැකහල්ලා කියන එකද? වැන්දේ නැතත් මෙම ආයතන කෙරේ ආදරයක් දක්වන අය බොහෝයි. එය බොලා වගේ උගත් බුද්ධිමත් බොග කරුවෙකුට විහිළුවක් විය හැකිය.

      Delete
    2. මෝඩකමට බේත් නැත!
      මුලින්ම බගේ බ්ලොග් එක කියවා පසුව එන්න.

      Delete
  12. හැට පැයක් යනවා බ්ලොග් එක ලෝඩ් වෙන්න.... ඔය වටේ එල්ලලා තියන වැඩක් නැති කූට්ටම් ගලවලා දානවකො කකා..... මළ වදයක්... අපේ බයිට් ටිකත් ඉවරයි..

    ReplyDelete
    Replies
    1. Sorry to hear that.
      බ්‍රව්සර් එකේ කේෂ් එක විශාල කරන්න.
      අනික ගුගල් ක්රෝම් හෝ ෆයර් ෆොක්ස් භාවිතා කරන්න.

      Delete
  13. වැරැද්දක් නම පේන්න නෑ..ඒත් ගැලපෙන්නෑ... සිරාවටම!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ භය ඇති වේවා.... මොළේ පෑදේවා....

      Delete
    2. මාලු ඔලු කාහන් රජෝ.. එතකොට මොලේ පෑදෙයි !

      Delete
    3. අඩවි රජා,
      ගහපිය දණ.

      Delete
    4. @ අඩවි රජ
      වැරුද්ද තමයි විද්‍යාර්ටීන් ගේ මධ්‍යස්ථානයක් දෙකේ කොලේට දැමීම.

      Delete
  14. මවුරට අමතක කරලා ඔස්ටෙලියාවට ගිය කකාට විස්සවිජ්ජලේට අමතක කරන එක කජ්ජක්ද. තව ටික දවසකින් කකාගේ අම්මා තත්තා දෙන්නත් මහලු මඩමකට යාවි.

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නෙ බුදු පිළිමෙට යටින් කැම්පස් එකේ ෆොටෝ එකක් ගහලා වැදගෙන ඉන්න කියලද....

      තමන්ගෙ ඉස්කෝලෙ ලගින් යනකොට පස්ස උස්සන පොරවල් මම දැකලා තියනවා.... හැබැයි ඒවයින් උගන්නන දැනුම සදාචාරෙ බල්ලට.... හරියට පන්සල් ලගදී පස්ස ඉස්සීම වගේ තමා....

      Delete
    2. කකාටම හරියන සැට් එක.. මටත් මේ පෝස්ට්කටුව මතක් උනා...

      Delete
    3. 10:58 AM ‍ඇනෝ,
      සමහර බුවාල ඉන්නව උපාධි සහතිකේ රාමු කරල පේන්න තියනව පිංතූරත් එක්ක. ටිකක් ඉස්සර බුවාල තමයි මේක කලේ. අලුත් උදවියගෙ නං දැකල නෑ.

      Delete
    4. ඇයි සමහරු තමන් ගියෙ අහවල් ඉස්කෝලෙට කියලා පොතුත් ලියන්නෙ.....

      Delete
    5. @ Anonymous November 6, 2013 at 10:45 AM

      මෝඩකමට බේත් නැත!

      Delete
  15. විශ්ව විද්‍යාලයට වැඳීම යනු ආචාර ධාර්මික වූවකි. එය අයිතීන් ගැන සැලකිල්ල දක්වන්නකි. තම ජීවිතයට හා තම ශ්‍රමයෙන් නිපැයෙන නිෂ්පාදනයට තමන්ට අයිතියක් ඇතැයි කියන්නකි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව කැමැත්තෙන් එකිනෙකා හා කරන ගණුදෙනු ආරක්ෂා කරන්නකි.

    විශ්ව විද්‍යාල කාර්ය භාරය ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතැබීම පමණකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් අනුන්ගේ නිෂ්පාදනයට තමන්ට අයිතියක් කියන්නට ඇති හැකියාව නිසා එයට නොහැකි වන සේ සැකසුණ අනගි ව්‍යවස්ථාව බැහැරකට දමා, අද ආණ්ඩුව ලවා ප්‍රචණ්ඩත්වය පතුරුවන්නට කතන්දරකාරයා විශ්ව විද්‍යාලයට වැඳීම අවියක් කරගෙන සිටියි.

    ReplyDelete
  16. කැම්පස් ගිහින් පළවෙනි සතියේදී ප්‍රොෆ්. සමරනායක මොකක් හරි දෙයක් කියන්න ලෙක්චර් හෝල් එකට ආව. ළමයි ඔක්කොම වගේ නැගිට්ටා.
    ප්‍රොෆ් කිව්වා "විශ්ව විද්‍යාලෙදි අපි ඔහොම කරන්නේ නැහැ" කියල :)

    ReplyDelete
    Replies
    1. ඉතින්, ඔය ඇත්තමද? ඉතුරු ටිකත් කියන්නකෝ........

      Delete
    2. ඇයි සීනියර්ස්ලා කියලා දුන්නෙ නැද්ද කලින්..... රැග් එක නැති වීමේ එක පාඩුවක් තමා ඕක.... කැම්පසුත් ඉස්කෝල වගේ වෙලා ඉවරයි...

      Delete
    3. ඇයි රැග් එකක් නැති වෙන රටවල් වල කැම්පසුත් ඉස්කෝල වගේද? සිහි බුද්ධිය කියන එක නැති වීමේ එක පාඩුවක් තමා ඕක.... :D :D

      Delete
    4. ඒවගේ තියෙන සෙල්ලම් ඔයා දන්නවද?

      Delete
    5. නැහැ මෙයා මෙහෙ කැම්පස් වලට යන ලංකාවෙ අපි ලෝකෙ අනිත් රටවල අයට වඩා වෙනස් නෙ.... ඒකයි.....

      නැත්නම් ප්‍රොපෙක් එද්දී පිට රටවල්වල එවුන් ලොවෙත් නැගිටිනවද..... ඔයා පස්තාච්චියකට හරි පිට රට කැම්පස් එකකට යන්න බලන්න...ප්ලීස්...

      Delete
    6. මටත් ඔය අත්දැකීමටම මුහුන දෙන්න සිද්ද උනා නිරෝශිනී. හැබැයි මටනම් ඒ ගුරුතුමී ගැන දුක හිතුන. මොකද තමන්ගෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වැදුම් පිදුම් ගෞරව ලබන්න තරම් එයාල පිං කරල නෑ

      Delete
    7. විශ්ව විද්‍යාල යනු විද්‍යාර්ථීන් ගේ මධ්‍යස්ඨාන වේ.
      විශ්ව විද්‍යාලය යනු එහි සියළු කොටස් කරුවෝය. එකෙක් අනෙක් අයට වැඳ වැටීමක් නැත.
      එහි ගෞරවය කරන්නේ දැනුමටය. ගොඩනැගිලිවලට නොවේ.

      Delete
    8. පාසලෙන් නොලැබෙන එහෙත් විශ්වවිද්‍යාලයෙන් ලැබෙන ඔය කියන තරමෙ මහලොකු ගෞරවය කලයුතු දැනුම මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන්ද? විශ්වවිද්‍යාලෙදිත් පාසලේදිත් උගන්නන්නෙ කවුරුහරි බටහිර ජාතිකයෙක් හොයාගත දෙයක්
      ,ඒක තමයි පරම සත්‍ය ඒනිසා ප්‍රශ්න නොකර කටපාඩම් කරපන් කියන එකනෙ. ඕකද ගෞරව කල යුතු දැනුම?

      Delete
    9. @සුප‍්‍රබුද්ධ
      මට නම් ප්‍රොෆ් ගැන තිබුණු ගෞරවය වැඩි උනා.
      ඉස්කෝලේ ගුරුතුමී ලට අදත් මම වඳිනවා. ඒත් ඉස්කෝලේ යි විශ්ව විද්‍යාලය යි දෙකක්. ඉස්කෝලේ යන්නේ ළමයි. විශ්ව විද්‍යාලයට යන්නේ ඡන්ද බලය හිමි වැඩිහිටි පිරිසක්.

      Delete
    10. @AnonymousNovember 6, 2013 at 3:13 PM
      //ඔයා පස්තාච්චියකට හරි පිට රට කැම්පස් එකකට යන්න බලන්න...ප්ලීස්...//
      හා :D

      Delete
    11. හා පිටරට කැම්පස් එකකට යන්නම්. ඔයා ගිය එක ට ම මාත් එන්නම්. ඉතින් කියන්නකෝ.

      Delete
    12. ඒක ගැලපෙන්නති තර්කයක්නෙ. වැඩිහිටියෙක් උනාට විද්‍යාර්තයෙක් වෙන්නෙ නෑනෙ. 1 වසරෙ ලමයත් එකයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයත් එකයි. දෙන්නම කරන්නෙ තමන් නොදන්න දෙයක් ඉගෙන ගැනීම. විශ්වවිද්‍යාලෙට ගියා කියල අං එනවද? ඔයා විශ්වවිද්‍යාලෙ ගුරුවරුන්ට නොවදින්නත් පාසල් ගුරුවරුන්ට වදින්නත් හේතුව මොකක්ද? කියන්නන් වාලෙ එහෙම කීවද නත්තන් ඒකට පැහැදිලි හේතුවක් තියෙනවද?

      Delete
    13. //1 වසරෙ ලමයත් එකයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයත් එකයි//
      hahha hahahha haaaa

      Delete
    14. @සුප‍්‍රබුද්ධ
      // ඔයා විශ්වවිද්‍යාලෙ ගුරුවරුන්ට නොවදින්නත් පාසල් ගුරුවරුන්ට වදින්නත් හේතුව මොකක්ද?//
      සරලව කිව්වොත් පාසලේ සහ විශ්ව විද්‍යාලයේ තියෙන්නේ සංස්කෘතීන් දෙකක්.

      විශ්ව විද්‍යාලයේ 'වන්දනා' සංකල්පයකට මම අකැමති මේ නිසයි:
      කෙනෙක් තව කෙනෙක්ට වන්දනා කරන කොට දෙදෙනා අතර පරතරය වැඩි වෙනවා. වැඳුම් ලබන කෙනා කියන කරන ඕනෙම දෙයක් හරි කියන තැනට වඳින කෙනා එනවා. වඳින කෙනා ට නිතරම ඇතිවෙන්නේ 'බබා' මානසික තත්වයක්. තමන් වැරැද්දක් කරත් විවේචනය ඉවසන්නේ නැති තැනට වැඳුම් ලබන කෙනා එනවා.

      පාසල කියන්නේ ළමයින් ට යම් සීමා ඇතිව විනය සහ දැනුම ලබා දෙන තැන. ළමයා කියන්නේ තනියම තීරණ ගන්න අපහසු කෙනෙක් කියලයි සැලකෙන්නේ. ඒ නිසා පාසලේදී වෙන්නේ මුලික සිද්ධාන්ත ටිකක් කියල දෙන එක.
      වී.වී කියන්නේ පාසලත් හැබෑ ලෝකයත් අතර තියෙන අතරමැදි අවස්තාවක්.
      නමුත් විශ්ව විද්‍යාලෙන් එලියට ගිහාම තමන් තනියම හිතල ස්වාධීනව වැඩක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. වැරදි දෙයක් දුටු තැන වැරදියි කියන්න පණ තියෙන්න ඕනේ.

      බබාලා ටිකක් එලියට ගිහාම බිහිවෙන්නේ 'yes man' ලා ටිකක්.

      නමුත් වැඳීම සහ ගරු කිරීම පටල ගන්න එපා. තමන් දවසක් උනත් ඉගෙන ගත්ත තැනකට යම් ගරුත්වයක් කරන එක හොඳ දෙයක්.

      Delete
    15. වානරයන් පවා එකිනෙකාට වඳිනවා. ඇත්තටම ඔය 'වැඳීමේ' තිරිසන් සංඥා අර්ථය තමන්ගේ පශ්චාත් භාගය බලවතාට පෙන්නා "මාව මරන්න එපා. ඕනෙ නම් මට ඇරපං" කියන එකයි. ඇත්තටම සිංහල-බෞද්ධයින් ඕක කොපි කරලා තියෙන්නේ වානරයින්ගෙන්.

      Delete
    16. නලීන් ද සිල්වගෙ කටු කන බල්ලොත් දැන් මේ බ්ලොග් එකට එනවා.... පව්....

      Delete
    17. @ සුප‍්‍රබුද්ධ

      මට ඔබ ගැන සහ ඔබ විවියේ ගත කළ කාලය ගැන සැබෑ දුකක් දැනේ!

      නමුත් ඔබට දැන් හෝ විද්‍යාර්ථියෙක් වීම යන්න වැටහී තිබීම ගැන සතුටු වෙමි.

      Delete
  17. කතන්දරත් මේ සරසවි බිමේ කියල දන්නෙ අද නොවැ. ඔන්න ඒ සරසවි බිමේ ඉඳන් ම යි මේ කමෙන්ටුව කොටන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඔය ගුරු පාරේ, ඔය ගඟ අයිනේ මගේ රහස් ඇත සැඟවීලා, මගේ රහස් ඇත සැඟවීලා!
      http://www.youtube.com/watch?v=w-UkUMPUQLU

      Delete
  18. ආනන්දෙ තමයි ඉස්කෝලෙ.... පේරෙ තමා කැම්පස් එක.... ඉන්නෙ ඔසී වල.... වැඩ කරන්නෙ සුද්දො එක්ක.....

    පව්... වෙලාවට කොමෙන්ට් ටික පබ්ලිශ් කර ගන්න බෑ......

    ඉස්කෝලෙ නමට ... කැම්පස් එකේ නමට.... ඉන්න රටේ නමට... රස්සාවෙ නමට ලැජ්ජාවක් මේ වගේ මිනිස්සු.....

    ReplyDelete
    Replies
    1. අප්පමාදෝ අමතපදං !

      ආනන්දේ උනාට ඉස්කොලේ... වෙලාවට කමෙන්ට් ටිකවත් පබ්ලිශ් කරන්න බෑ.. නොහැකියාව තමා ඉතින්
      ඕකනේ කකා අපි කිව්වේ අපිට පාස්වර්ඩ් එකයි යූසර් නේම් එකයි දුන්නා නම් හරි කියලා.
      කොයි අහන එකක් යෑ !

      අං දිග ගෝණා වගේ හිස උදුම්මවාගෙන ඉන්න හොට කපපු පැස්බරෙක් මේකා !

      Delete
    2. ඔහේ එකම දේ කියව කියවා හිටපල්ලා!
      ඔය මෝඩකමට බේත් නැත!

      Delete
  19. ඒක තමුන් ඉගනගත්ත නැනට ගෞරවය දක්වන්න තෝරගත්ත විදිය වෙන්නැති කකා.. ඒක සාපේක්ශයි මට නම් හිතෙන්නෙ.තව කෙනෙක් ඒකම වෙන විදියකට කරාවි..ඔබත් පොතක් ලිව්ව නේද ආනන්දේ තමයි අපේ ඉස්කෝලෙ කියල .

    ReplyDelete
    Replies
    1. බං බූරු පුතේ ..... මුලින් පොත කියවලා හිටින්.....

      Delete
    2. @ පත්තර මල්ලි
      පොත කියෝලා නෑ වගේ නේන්නං!

      ලිපිනය එවන්න පොතක් එවන්නම්.
      kathandara@gmail.com

      Delete
  20. කතන්දර පිල්ලි ජී
    කොයි මිල් ගයා.. ?

    ReplyDelete
    Replies
    1. පත්තර මල්ලී භයියා,

      මේ ආගයා!!!

      (ඊයේ මම ජී ගෙදර හිටියේ නෑ දැනුයි මේ පැත්තේ ආවේ)

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  21. ශා අදත් කාලින මාතෘකවක් ලියලා. නියමයි කකා..
    මං කකාත් එක්ක 100%ක් එකඟයි !
    දිගටම ලියන්න කකා. මම අනිවාර්යෙන්ම කියවන්න එනවා..
    ජය වේවා !
    සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ගොඩක් වටින පෝස්ට් එකක්.....
      හොඳ වැඩක් කකා කරලා තියෙන්නේ..............
      හි හි ඔව් කකා කීවා හරි ,,
      ඔන්න කකාගෙන් මගේ පොස්ටුවට link එකක් ලැබිල තියනව.බොහොම ස්තුතිය්..:D
      ග්‍රේට් කකා ...!
      .... DDDDDDD
      තැන්කුයි වෙවා.
      සෑහෙන්න වටිනවා..
      ලිපිය අගේ කරනවා...
      වටින උපදෙස් ටිකක්!
      එල එල කකා... නියම වැදගත්, එලම පෝස්ට් එකක්....
      සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
      ගොඩක් හොද පෝස්ට් එකක්.මේ දේවල් වලින් අපිව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතිය..
      ඉතාමත් කාලීන වගේම වැදගත් ලිපියක්.
      එකෙන්ම එළ..
      අම්මට හුඩු ...
      අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
      කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...
      මන් දැක්ක හොඳ බුලට් එකක් තමයි කකා කියන්නේ...
      ලියලා තියෙන්නේ අපූරුවට....හැක් හැක් :D
      බොක්කෙන් සුබ පැතුම් කකා.....
      හප්පට සිරි තන්තෝසේ බැරුවා....
      එල එල එල එලම තමයි !!!!!
      එළස්..
      කියවන්න කලින්ම ඔන්න නියමයි ඈ... කියවල එන්නම්...
      මේක යුගයේ අවශ්‍යතාවක්......
      රම්පෙට පොරි පොකුරු පොකුරු...
      හම්මේ ලොවෙත් නෑ...
      ජයවේවා...!
      අප්පට සිලි...අම්මට උඩු....
      අඩෝ.....සතුටුයි මල්ලි.....
      හි හි....හි හි....හි හි....හි හි....
      වරේවා කකා.. එලස්..

      Delete
    2. හැක හැක.....
      මරු බං ......
      අම්මට උඩු....
      හපොයි ....
      හහ්!...හහ්!...
      +++++++
      හෙහෙ හෙහ් ...
      හැකිස්...
      හරිම ශෝක්.....
      මට ඇඩුන බං.......
      ජය වේවා ....
      හරිම නිර්මාණශීලීයි!
      නියමයි බං නිර්මාණය....
      හෝහ් හෝහ් හෝ....
      පව් නෙහ්?
      හි හි....හි හි....හි හි....හි හි...
      පස්ටයි මචං..
      එළකිරි......
      එල කිරි නිර්මානේ බං...
      නියමයි නියමයි !
      තාත්වික විදියට ලියල තියෙනව......
      මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨයි......
      නියමයි මචං...
      බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
      කියන්න බැරි තරම් පට්ටයි.. කොහොමත් උඹ නිර්මාණශීලී පොරක්..
      අදත් බොක්කටම වදින්න ලියලා තියෙනව....
      ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියමයි....
      සුපිරි!
      නිර්මාණශීලී ගුණය අගය කරන්න ඕනෙ.
      මට නැති හැකියාව ඔබට තිබීම ගැන මම සතුටු වෙනවා...

      Delete
    3. අන්න උඔටත් මට හිතුන දේම හිතිලා
      ++++++++++
      ()*^&%&
      එළ
      පට්ට පට පට
      සුපිරි
      මරු බං
      පට්ට
      මල් හතයි ඈ
      ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා
      නියම පෝස්ට් එකක්
      එක හුස්මට කියවගෙන ගියා.
      ඇයි අවුල්ද
      හිහ්
      මාර රසයි බං
      :)
      :-D :-D
      දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු කකා, නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !
      ජය
      ජය වේවා!
      Jayavewa
      හුකැස්
      හික්ස්...
      මගේ පංතියේ මං විතරයි
      හුකැස්
      හයියෝ සල්ලි
      ලොල්
      ලොල් ම තමා
      ලොලේ ලොල්
      එළ
      එළ ඈ!
      එළ කතා.....
      හි හි හි.....
      කියෙව්ව ඔන්න.....
      ෆස්ටය....
      මරු ....
      ලොල් ....
      ආතල්
      චී මෙයා ලියන ඒවා
      හක්
      එකෙන්ම
      එල හලෝ
      හොක් හොක්...!!
      මරු බං..!
      වැඩ වැඩ වැඩ..
      ඔබ හරි
      All
      කොමන්ට් කළ සැමට ස්තූතියි
      බෙදා ගැනීමට ස්තුතියි!
      එක හුස්මටම කියවගෙන ගියා
      මට හිනාව වාවගන්න බැරිඋනා
      හිනා වෙලා ඉල ඇදෙනවා
      මට කට උත්තර නැතුව ගියා
      සාහිත්‍යය රස බේරෙනවා.
      පුග්, පුක්
      :)
      කිසිම දෙයක් මම නොකියමි.
      ඒකත් එහෙමද
      මම අද එක ද ?
      ඔන්න අද මම එක
      හුරේ.. මම එක
      මම එක ද මන්දා...?
      ලොවෙත් නෑ
      ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
      සිරා පෝස්ටුව
      මාර රහයි
      ගති
      මට ඇඩෙන්න වගේ
      තනි ඇහැට ඇඩෙනවා
      හොදට ලියල තියෙනව
      වදින තැනට වදින්නම ලියලා තියෙනවා
      ඔයානම් මාරයි අනේ
      නෙදකිං

      Delete
    4. අන්න උඔටත් මට හිතුන දේම හිතිලා

      Delete
    5. කාලකණ්ණි වැඩක් නේද?

      Delete
    6. කක ත් හරි මේකත් මරැ
      ෂෝක්
      මාරයි
      අම්මා සතුටුයි අය්යේ.. දිගටම ලියපන්...
      කිව්වොත් ටාර් ගාලා ඒක නිහතමානීව අහන්න තරම් උඹ පොරක්... මම නම් පොරක් කියන්නේ අන්න එහෙම අයට අය්යේ...

      Delete
    7. කකා... කාලකන්ණි වැඩක් තමයි.... ඒත් මේ සේරම වෙන බ්ලොග් වල කොමෙන්ට් වලින් ගෙඩි පිටින් උස්සපුවා.... තනිකර පිට කැහිල්ල විතරමයි...... ඔන්න බ්ලොග් කලාවේ වර්ථමානය.....

      Delete
    8. අම්මා සතුටුයි අය්යේ..
      මටත් හිතෙනවා අයියේ

      Delete
  22. නමදිමු බැති පෙමිනී
    පේරාදෙනි සරසවි ජනනී

    මොන කෙහෙල්මලකටද ඕයි විස්ස විජ්ජාලෙකට වඳින්නේ?

    කතාව ඇත්ත මම එකඟයි .......

    හැබැයි තව එකක් රටේම බුද්ධිමත් අය ඒවට එන නිසා........හිතාගෙන ඉන්නේ අපි තමයි නියම වැඩකරුවෝ කියල බාසලා දන්නවා වැඩේ කරන හැටියි කෙරෙන හැටියි

    ReplyDelete
    Replies
    1. බාස් ලා ගේ වැඩේ බාස් ලා දනිති.

      Delete
  23. We are a country obsessed with worshiping anything and everything - seniors,heroes, schools, relatives, teachers, bosses, politicians, statues, trees, businessmen/women, universities. We are generally immune to logic, democratic principles or, sometimes,even common sense when it comes to servile mentality. (sorry, today I couldn't find enough Sinhala words to copy and paste)

    ReplyDelete
    Replies
    1. //We are a country obsessed with worshiping anything and everything - seniors,heroes, schools, relatives, teachers, bosses, politicians, statues, trees, businessmen/women, universities...//

      What about the English, dude?

      Delete
    2. AnonymousNovember 6, 2013 at 4:11 PM Yes. race, religion, language (all three) , we love to go to extremes!

      Delete
    3. මෙවැනි ගීතයක් ලියවා ගායනා කරවීම සහ එයට විවිධාකාරයෙන් සම්මාදම්වීම යනාදී හැම අතින්ම පේන්නේ අගතියට යෑමකි!

      Delete
    4. All true :(

      කවදාවත් ශිෂ්‍යයා අචාර්යවරයාගෙන් අහන්නේ නැහැ "ඔබ එහෙම කියන්නේ ඇයි?" "එහෙම වෙන්නේ කොහොමද?" "ඒත් මෙහෙමත් වෙන්නත් පුළුවන් නේද" වගේ දේවල්.

      එහෙම උනාම මිනිස්සු තනියම හිතල වැඩ කරන්නේ නැහැ. කාට හරි වැඳගෙන, කවුරු හරි කියන දෙයක් කරගෙන ඉන්නවා. මෙහෙම මිනිස්සුන්ගෙන් එක හොඳක් තියෙනවා පාලකයන්ට නම් - පාලනය කරන්න හරි ලේසියි.

      Delete
    5. /* කවදාවත් ශිෂ්‍යයා අචාර්යවරයාගෙන් අහන්නේ නැහැ "ඔබ එහෙම කියන්නේ ඇයි?" "එහෙම වෙන්නේ කොහොමද?" "ඒත් මෙහෙමත් වෙන්නත් පුළුවන් නේද" වගේ දේවල්. */

      ප්‍රභාකරන්, විජේවීර වගේ අය යටතේත් ඒ වගේ ප්‍රශ්න කරන අය හිටියේ නෑ.

      එක්කෝ ඉවත්ව යන්න වුනා, නැත්තම් පරලොව යැවුණා!

      Delete
    6. මහින්ද, රනිල්, ජේ ආර්, ප්‍රෙමදාස වාගේ නායකත්වය දැරූ ප්‍රජාතන්තුවාදී පක්ෂ වල ඉන්නවා ද කකා ප්‍රශ්න කොරන අය.
      එක්කෝ ඉවත්ව යන්න වුනා, නැත්තම් පරලොව යැවුණා!
      නෑ නෑ කොමන්ටුව පබ්ලිෂ් නොකර ඉන්න තරම් කේන්ති ගන්න ඕන නෑ ඕක මම ඇහුවා කියලා.

      Delete
  24. හයියෝ සංසාරේ . . . .

    ReplyDelete
  25. කකා ඒක තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය. ගුරුවර දෙමාපියන්ට වදින එක. ගෞරව කරන එක. විශ්වවිද්‍යාල කියල මහලොකුවට කිවට ඕකෙ මොකක්ද වෙනස. පාසලෙත් විශ්වවිද්‍යාලෙත් අතර ති‍යෙන වෙනස මොකක්ද? එකම වෙනස එවට යන ලමයින්ගෙ වයස විතරයි. දෙකේම උගන්නන්නෙ සුද්දන්ට වදින විදිහ‍යි, අපේ ගුණ ධර්ම විනාශ කරන විදිහයි විතරයි. සුද්දන්ටත් තමන්ගෙ ගුරුවරුන්ට වදින සංස්කෘතියක් තිබ්බනම් ඔබතුමාලත් තමන්ගෙ ගුරුවරුන්ට. ඉගෙන ගත්ත තනට වැදල ආඩම්බර වෙයි

    මම ඔය මහලොකු විශ්වවිද්‍යාල කියන මොන්ටිසෝරියකින් අවුරුදු හතරක් ඉගෙන ගෙන දැනගත්ත එකම දේ තමයි අවුරුදු 4ම උගන්නපු ඔක්කොම බොරු කියන එක. ඒදේිගෙන ගත්ත හින්ඩ මං නම් මගෙ විශ්වවිද්‍යාලෙට වදිනවා.

    ලෝකෙ පලවෙනි විශ්වවිද්‍යාලෙ ඉන්දියාවෙ නාලන්දාව. අපි ඇයි ඒක ආදර්ශයට ගන්නැතිව බටහිර විශ්වවිද්‍යාල ආදර්ශයට ගන්නෙ. ඇයි අපි අපේ පැරනි අධාපන ක්‍රම වලට යන්නැතිව සුද්දන්ට වන්දනාමාන කර කර ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. වෙනස මෙයයි.

      විශ්ව විද්‍යාලයක් කියන්නේ එහි සියළුම දෙනාය. ඒ එක් අයෙක් සමස්තයට වැඳීම විහිළුවකි.

      අනික විශ්ව විද්‍යාල කියන්නේ උගන්වන තැන් නොවේ. ඉගෙන ගන්නා තැන්ය. විශ්ව ඬිද්‍යාලවල සිටින්නේ විද්‍යාර්ථීන්ය.

      ඔබට ඉැගන්වූ සියළු දේ බොරු යැයි කියා සිතෙන්නේ ඔබ ඉගෙන ඝෙන ණැති නිසාය.

      Delete
    2. හ්, හා. ඔහොම එන්නකෝ, දැන්නේ කතාව තේරුණේ.

      පාසල් සහ විශ්ව විද්‍යාල අතර එ වෙනස නම් ඉතා පැහැදිලියි.

      විශ්ව විද්‍යාලයෙන් චතුස්කෝටියම ලැබෙනවා.

      ප්‍රාථමික පාසලෙන් එක් කෝටියයි. උසස් පාසලෙන් ඔන්නං දෙකෝටියක් ලැබේවි!

      Delete
    3. නෑ. මං ආර්තික විද්‍යාව විශේෂ උපාධියක් තමයි හැදෑරුවෙ. ආර්තික විද්‍යාවෙ පියා ලෙස ඉගැන්නුවෙ ජාතීන්ගේ ධනය නම් පොත ඇඩම් ස්මිත්. හැබැයි ඊට බොහෝ කලකට පෙර ඉන්දියාවෙ අර්තශාස්ත්‍රය ලියපු කෞටිල්‍ය ආර්තික විද්‍යාවෙ පියා නොවෙන්නෙ ඔහු සුද්දෙක් නොවන නිසා බව කියල දුන්නෙ නෑ. අඩුගානෙ එහෙම පොතක් මේලෝකෙ තියන බවවත් නොකියන, සිංහල බෞද්ධ, මුස්ලිම් ආදී වෙනත් ආර්තික ක්‍රමවේදයන් තියෙන බවවත් නොකියා බටහිර ආර්තික විද්‍යාව පරම සත්‍ය එහි සත්‍යතාව ප්‍රශ්න නොකල යුතුයි කියන විශ්වවිද්‍යාලයෙත් පෙලපොතේ ඇතිදේ පරම සත්‍ය එය විවේචනය නොකලයුතුයි කියන පාසලත් අතර ඇති වෙනස පැහැදිලි කරන්න

      ඔයාගෙ ඔය කෝටි කතාවනම් මට තේරෙන්නෑ

      Delete
    4. ඔබතුමා විශ්වවිද්‍යාලෙන් උගන්නපු නැතිදෙයක් ඉගෙනගෙන තියෙනවද? අඩුගානෙ තමුන්ගෙ අදහසක් ඉදිරිපත් කරල එක ලකුනක්වත් අරන් තියෙනවද? දේශකවරයගෙ අදහසට විරුද්ධ අදහස් ඉදිරිපත් කරල ලකුනු අරන් තියෙනවද? අඩුගානෙ එහෙම කරපු කෙනෙක් ගැනවත් අහල තියෙනවද? ඔබතුමාට විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් තමුන් අලුතින් හොයාගත් තමන්ගේම මතවාදයක් උගන්නල, කියල දීල තියෙනවද? තමන් උගන්නපු දේ කටපාඩම් නොකර වෙනත් දෙයක් හිතන්න කියපු, හිතන්න කියලදීපු ආචාර්‍‍යවරයෙක් ඉන්නවද? තමුන්ගෙ විෂයත් ඊට අනුරූප දේශීය දැනුමත් ඉගැන්නුවද? විෂයාන්තර දැනුම ගැන ඉගැන්නුවද? ඔය ඔක්කොටම මගෙ උත්තරේනම් නෑ කියන එකයි. එහෙනම් මොන කෙංගෙඩියක්ද විශ්වව්ද්‍යාලෙ කියන්නෙ. විශ්වවිද්‍යාලයි පාසලෙයි තියෙන වෙනස මොකක්ද?

      Delete
    5. -ඔබතුමා විශ්වවිද්‍යාලෙන් උගන්නපු නැතිදෙයක් ඉගෙනගෙන තියෙනවද?
      බොහොමයක් . විශ්ව විද්‍යාලයෙන් උගන්වන්නේ ඉගෙන ගන්නේ කෙසේද යන එක

      -අඩුගානෙ තමුන්ගෙ අදහසක් ඉදිරිපත් කරල එක ලකුනක්වත් අරන් තියෙනවද?
      ඔව් ** එකක් ම


      -දේශකවරයගෙ අදහසට විරුද්ධ අදහස් ඉදිරිපත් කරල ලකුනු අරන් තියෙනවද?
      විරුද්ද අදහස් වලට දේශන ශාලාවේදී ලකුණු නම් දෙන්නේ නැතිබව විශ්ව විද්යාලෙකට අඩිය තිබ්බ ඕන කෙනෙක් දන්නවා නේ

      - අඩුගානෙ එහෙම කරපු කෙනෙක් ගැනවත් අහල තියෙනවද?
      N /A

      - ඔබතුමාට විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් තමුන් අලුතින් හොයාගත් තමන්ගේම මතවාදයක් උගන්නල, කියල දීල තියෙනවද?
      ලෝකයේ පරීක්ෂණ වලින් පෙරමුණේ ඉන්න විශ්ව විද්‍යාල වල (ලංකාවේ නෙමේ ) ආචාර්ය වරු වැඩිපුර උගන්වන්නේ තමන් හොයා ගත්ත දේවල් තමයි.

      -තමන් උගන්නපු දේ කටපාඩම් නොකර වෙනත් දෙයක් හිතන්න කියපු, හිතන්න කියලදීපු ආචාර්‍‍යවරයෙක් ඉන්නවද?
      ඕන තරම්

      -තමුන්ගෙ විෂයත් ඊට අනුරූප දේශීය දැනුමත් ඉගැන්නුවද? විෂයාන්තර දැනුම ගැන ඉගැන්නුවද?
      උගන්නන කන් කට බලියන් බලං හිටියේ නැහැ. හොයන ගිහිල්ල ඉගෙන ගත්තා.

      -ඔය ඔක්කොටම මගෙ උත්තරේනම් නෑ කියන එකයි.
      ඔබ ගැන කනගාටුයි. ලංකාවේ විශ්ව විද්‍යාල මේ තරම් පිරිහිලා කියල තේරුනේ දැන්

      Delete
    6. ඔබතුමා විශ්වවිද්‍යාලෙන් උගන්නපු නැතිදෙයක් ඉගෙනගෙන තියෙනවද?

      ඔව්, ජීවිතයේ වැඩි දේවල් මා ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයෙන් පිටතදී.

      අඩුගානෙ තමුන්ගෙ අදහසක් ඉදිරිපත් කරල එක ලකුනක්වත් අරන් තියෙනවද?

      ඔව්, බොහෝ අවස්ථා වලදී.

      දේශකවරයගෙ අදහසට විරුද්ධ අදහස් ඉදිරිපත් කරල ලකුනු අරන් තියෙනවද?

      මතක තියා ගත නොහැකි තරම් වාර ගණනක් එසේ ඉදිරිපත් කර තියෙනවා.

      අඩුගානෙ එහෙම කරපු කෙනෙක් ගැනවත් අහල තියෙනවද?

      මා ඇතුළු තවත් බොහෝ දෙනෙක්.

      ඔබතුමාට විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් තමුන් අලුතින් හොයාගත් තමන්ගේම මතවාදයක් උගන්නල, කියල දීල තියෙනවද?

      ඔව්, කිහිප වතාවක්. අවශ්‍ය නම් උදාහරණ සැපයිය හැකියි. මේ සමහර දෙවල් වලට පේටන්ට් පවා තිබුණා.

      තමන් උගන්නපු දේ කටපාඩම් නොකර වෙනත් දෙයක් හිතන්න කියපු, හිතන්න කියලදීපු ආචාර්‍‍යවරයෙක් ඉන්නවද?

      කිහිප දෙනෙක්ම හිටියා.

      තමුන්ගෙ විෂයත් ඊට අනුරූප දේශීය දැනුමත් ඉගැන්නුවද?

      ඔව්, එහෙම නැත්නම් ඵලක් නැහැනෙ.

      ඔය ඔක්කොටම මගෙ උත්තරේනම් නෑ කියන එකයි.

      ඒ ඉතින් එක්කෝ උඹ ගොනෙක් නිසා. නැත්නම් උඹට උගන්නපු එවුන් ගොන්නු නිසා. හැමෝම එකම මිම්මෙන් මනින්න එපා.

      Delete
    7. /ලෝකෙ පලවෙනි විශ්වවිද්‍යාලෙ ඉන්දියාවෙ නාලන්දාව. අපි ඇයි ඒක ආදර්ශයට ගන්නැතිව බටහිර විශ්වවිද්‍යාල ආදර්ශයට ගන්නෙ. ඇයි අපි අපේ පැරනි අධාපන ක්‍රම වලට යන්නැතිව සුද්දන්ට වන්දනාමාන කර කර ඉන්නෙ/

      ඇත්ත තමයි. ඇයි අපි සුද්දෙගෙ කාර් වල යන්නෙ? අපේ බර කරත්තෙ යන්න පුළුවන් කොට. ඇයි අපි සුද්දෙගෙ කලිසම අඳින්නෙ? අපේ අමුඩෙ අඳින්න පුළුවන් කොට. ඇයි අපි සුද්දෙගෙ කම්පියුටර් පාවිච්චි කරන්නෙ? අපේම උදැල්ලක් අරන් කුඹුරු කොට කොටා ඉන්න පුළුවන් කොට.

      මෙතැන කොටන්නේ නැතුව ගිහින් කුඹුරක් කොටා ගනින් බං. උඹල වගේ එවුන්ට ගැලපෙන්නේ ඒක තමයි.

      Delete
    8. //ඔබතුමාට විශ්වවිද්‍යාල ආචාර්‍යවරයෙක් තමුන් අලුතින් හොයාගත් තමන්ගේම මතවාදයක් උගන්නල, කියල දීල තියෙනවද?//

      මම දන්නා තරමින් කටුබැද්දේ නම් කිහිපදෙනෙක්ම තමන්ගෙ සොයාගැනීම් උගන්නනවා..... මහාචාර්‍ය් ලූකස්, මහාචාර්‍ය් ඩයස්........ තව නම් අමතක පිරිසක් ඉන්නවා....

      නමින් සුප්‍රබුද්ධ කිව්වට කැම්පස් ගිහින් මල් ගහලා, බෝතල් ගහලා, බඩු ගහලා, කඩේ ගිහිල්ලා, කැට කරලා ඇකඩමික් පැත්ත සුපිරියට ගොඩදාගත්ත එවුන් අඩුයි..... එහෙම එවුන් ඉන්නෙ අවුරුදු තුන හතරකට එකෙක් තමා....

      උඹත් සිරාවටම ගැලපෙන්නෙ උඹේ කැම්පස් එකේ උගන්නන්නම තමා....

      Delete
    9. ඊට ඉහලින් තියෙන ආර්තික විද්‍යාවේ පියා තේරීමේ හැටලුවටත් පිලිතුරක් දුන්නන්ම් හොදයි නේද්? එතකොට ඔය ඔක්කොටොම පිලිතුරු ලැබෙයි

      මෙතන තියෙන්නෙ නිර්මාන පිලිබද ප්‍රස්නයක් නෙවේ ඇනෝ. සංකල්ප පිලිබද ප්‍රශ්නයක්. දෙවියන් වහන්සේ ලෝකෙ මවනකොට ඔය ඔක්කොම විද්‍යාවන් මැව්වද? එහෙම නැත්තන් ලෝකෙ සියලුම ජනවර්ග, ආගම්, සන්ස්කෘතීන් නියෝජනය වන පරිදි මිනිසුන් විසින් සංකල්ප බිහිකරාද? නැත්නම් එකම ජාතියක, ආගමක, සංස්කෘතියක මිනිසුන් ස්වල්ප දෙනෙක් තමන්ගෙ මතය අනුන් තුල බලෙන් පැටවීමක්ද?

      Delete
    10. උඹට කවුරු හරි වැරදියට උගැන්නුව නම් ඒක ඒ උගන්නපු එකාගෙ වරද මිස සිස්ටම් එකේ වැරද්ද නෙවෙයි. තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න සිස්ටම් එකේ ප්‍රශ්න කර ගන්න එපා. ඕව ඇත්තටම අහන්න තිබුණෙ උගන්නපු වෙලාවෙ මිසක අද නෙවෙයි. උඹේ ගොන් කමට නාහපු එක ගැන කණගාටුයි. එච්චර තමයි කියන්නෙ තියෙන්නේ. ගොනා කියලා මරන්නයැ.

      Delete
    11. සුප්‍රබුද්ධ ඇහුවෙ හොඳ ප්‍රශ්නයක්.

      ඒක දැකලා මටත් ප්‍රශ්නයක් ඇති වුණා.

      දැන් අපි බුද්ධාගමේ ආරම්භකයා හැටියට දකින්නේ ගෞතම බුදු හාමුදුරුවන්නෙ. හැබැයි ඉතින් ගෞතම බුදු හාමුදුරුවන්ට කලින් කකුසඳ, කෝණාගම, පදුම, කස්සප වගේ එක එක නම් වලින් බුදු වරු විසි අට නමක්ම ඉඳලා තියෙනවනෙ. ඉතින් ඒ ඔක්කෝම අමතක කරලා විසි නව වැනියාව බුද්ධ ධර්මයේ ආරම්භකයා හැටියට ගන්නෙ අට කලින් බුදුවරු සුද්දෝ නෙවෙයි හින්දා වෙන්න ඇති නේද?

      අම්මපා මේ සුද්දෝ ගැන මට යන තරහ!

      Delete
    12. අනේ මන්ද , මේ යකාට නං අන්දකයිප්පු කැවිලා. ආර්ථික විද්‍යාවේ ජාතකේ හොයන්නේ මොන බිජ්ජකටද ? ආර්ථික විද්‍යාව ත් අනිත් දේවලුත් උපකරණ පමණයි. ගතයුතු දේ අරං , තමන්ටත් සමාජයටත් යහපතක් කරන් ජිවත් වෙලා මැරිලා පලයන් ඒවායේ ජාතකේ , අම්ම , තාත්තා හොයන්නේ නැතුව.

      "දෙවියන් වහන්සේ ලෝකෙ මවනකොට ඔය ඔක්කොම විද්‍යාවන් මැව්වද?"
      මේක මේ කොන කපාගෙන ඔටු හුජ්ජ බොන රැවුලෙක් ගේ කතාවක් වගේ නේ

      "ලෝකෙ සියලුම ජනවර්ග, ආගම්, සන්ස්කෘතීන් නියෝජනය වන පරිදි මිනිසුන් විසින් සංකල්ප බිහිකරාද?"
      එහෙම කරන්න පුළුවන් ද බං. හැමෝම නියෝජන වෙන පරිදි එහෙම දෙයක් කරන්න මිනිහෙක් ට තියා මහා බ්‍රහ්මයටවත් බැරි වෙයි. උඹට මෝල් ද ?

      එකම ජාතියක, ආගමක, සංස්කෘතියක මිනිසුන් ස්වල්ප දෙනෙක් තමන්ගෙ මතය අනුන් තුල බලෙන් පැටවීමක්ද?
      තමන් අකමැති නං ගිහිල්ල ආර්තික විද්‍යාවේ විශේෂ උපාධිය කරන්න ගියේ මොකද ? කෞටිල්‍යගේ පොත කියවගෙන ඉන්න තිබුන නෙව. විශේෂ උපාධි කරන්න කියලත් කවුරු හරි බල කරාද ?

      Delete
    13. මේ සුප්‍රබුද්ධ ගේ ප්‍රශ්න ඇහිල්ල සහ ඔහු යොදාගෙන ඇති නම ගැණ සළකන විට මට දැන් හිතෙන්නේ මේ කවුරුන් හෝ මහා උපහාසාත්මක දෙයක් කරනවාද කියායි.

      සොක්‍රටීස් වගේ ප්‍රශ්න වැලක් අසා කියවන්නන්ගේ දැනුම දියුණු කිරීමක් ද කරන්නේ?

      ඇඩම් ස්මිත් සහ කෞටිල්‍ය ගැන කියා තියෙන නිසා මා එක දෙයක් පමණක් කියන්නම්.

      ඇඩම් ස්මිත් යනු බටහිර ධනවාදී ආර්ථික න්‍යාය හඳුන්වා දුන් තැනැත්තා මිස ආර්ථික විද්‍යාවේ පියා යැයි මා නම් ඉගෙන ගෙන නැත. මා ඇඩම් ස්මිත් ගැන මුලින්ම ඇසුවේ වයස විසි ගානකදීය. නමුත් කෞටිල්‍ය ගැන දැන ගත්තේ දහයේ පන්තියේ දී ය. කෞටිල්‍ය නමින් පුවත් පතක තීරු ලිපියක් ද තිබුණා!

      සුප්‍රබුද්ධට මගේ අවවාදය,

      ඔබ මේ කියන්නේ ඇත්තක් නම්, දැන්වත් මොනවා හරි ඉගෙනගන්න අදිටන් කරගන්න.

      Delete
  26. ඕක මොකක්ද කකා..ඉස්සර මං වැඩකපු පළාතේ හැම පළාත් රාජ්‍ය ආයතනයකම වැඩකරන අය උදේ වැඩ පටන්ගන්න කළින් කොඩි ගහ ලඟට ගිහින් ජාතික කොඩියයි පළාත් කොඩියයි උස්සලා ජාතික ගීයයි පළාත් ගීයයි කියලා තමයි වැඩ පටන් ගන්නේ. රාජ නියෝගයක්! මේ වැඩේටම පැය කාලක් බාගයක් ඉවරයි....

    ReplyDelete
    Replies
    1. කවදාකවත් මට නං එහෙම දෙයකට මූණ දෙන්න වෙලා නෑ ඉස්කෝලෙ කාලෙන් පස්සේ!

      Delete
  27. විස්ස විජ්ජාලෙට තියා මොන කෙහෙල්මලකටවත් වඳින්න ඕන නෑ.. ඕවා මහා ගෝත්‍රික ලක්ෂණ.. රටේ පරිහානිය හා චින්තනේ පරිහානිය පෙන්වීම ඇර වෙන මොකක්ද...?

    ReplyDelete
    Replies
    1. ඇනෝ වහගෙන පොර වෙන්න හදන එකත් ගෝත්‍රික මානසිකත්වයක් තමා......

      Delete
    2. බලහත්කාරෙන් වන්දාඝෙන ඇති වැඩකුත් නෑ නේ?

      Delete
    3. අනේ මාතලං ගොයියා දන්න ගෝත්‍රික ලක්ෂණ. පුහ්. අන්න ගෝත්‍රිකයෝ නායකත්වයට ගහ ගන්නවා.

      Delete
  28. හැම තැනම වන්දනාව තමයි කකා....මේක එක්තරා රෝගයක් වෙලා. ආපහු පස්සට යනවා වගේ....යුරෝපයේ සමහර රටවල දොස්තර කියන වචනේ වෙනුවට මිස්ටර් පාවිච්චි කරන්නේ.

    අපි දෙන්නා ඊයේ පෙරේදා දුව බලන්න එයාගේ යුනිවසිටියට ගියා. දවස් කීපයක් එහි සිටි නිසා ,ප්‍රොෆෙසර්ස්ලාගේ අවසරය මත ඇයට සහභාගි වීමට තිබු දේශනයකට සහ module discussion එකකට අපිටද ඇවිත් වාඩිවී අත්දැකීම් ලබන්නට ඇය ඉඩ සලසාදුන්නා. ඒ අපිට විවිද්‍යාල අත්දැකීම් නැති නිසාත් මේ ඇයගේ අවසන් වසර නිසාත්ය.. මහාචාර්‍යවරුන් සහ සිසුන් අපව ආදරයෙන් පිළිගත්තා. වන්දනා කිරීමක් පේන්නත් නැහැ. ඔවුන් නිහතමානීයි. අපේ උන්දලා අං තට්ටුව දාගන්නෙම අනින්න බලාගෙන.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.... හැබැයි කකාට අං තට්ටුවෙ කථාව නම් දිරවන එකක් නෑ...

      Delete
    2. @Aru,
      අන්න බඩා මාමා ලියලා තියෙනවා මෙඩිකල් ෆැකල්ටියේ ප්‍රොෆෙකුගේ අධිමානය ගැන නියම කතාවක්.
      http://badamama.blogspot.com/2013/11/blog-post_6.html

      !

      Delete
  29. HANE, KAKKAIYA ADATH SHOY KATHAWAK LIYALA. HAMA DAMA MEHEMA KATHA LIYANA WANAM KOCHCHARA HONDADA. ME KIYANNE, IYA, ISSARA HASTHOPAK KRAMA KARANA KALE HITAPU ISKOLE WENNA ATHI NEDA.

    ReplyDelete
  30. විශ්ව විද්‍යාලය කියන්නේ පාසලෙන් පස්සේ සමාජයට තියන පලවෙනි පියවර වගේ.. ඒ පියවර තියන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නෙ නෑ නේ.

    ඒ නිසා වැදීම කොහොමවුනත් හිතේ ලොකු ගෞරවයක් නම් තියෙන්න ඕනෙ කියලයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඇත්ත!

      මං කලින් තැනකත් ලිව්වා වගේ බුදු දහමට ඇති ග්‍යෙරවය කියන්නේ බණ පොතකට වැඳීමට ධර්මානුකූලව ජීවත් විමද?

      Delete
    2. අප්පට හුඩු , ඒ කියන්නේ අපි පලවෙනි පියවර තියල නෑ.

      Delete
  31. කකා, Dont feed the trolls.

    ReplyDelete
    Replies
    1. ට්‍රොල් ලා ද මනුශ්‍යයෝය?

      හැමදාම නෑ!

      Delete
  32. අපිට හැම දෙයක්ම ලැබෙන්නේ කාගෙ හරි පිහිටකින් කියන ආකල්පය තමා ඔය හැම තැනම වැඳ වැටීමෙන් පේන්නේ. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සමත් වෙන්නේ බෝධිපූජා බලයෙන්. ගුරුවරයෙක් හරියට උගන්වනවා නම් ඒ රැකියාව හරියට කරන කෙනෙක් නෙමෙයි දෙවියෙක්. කොටින්ම සමාජයේ තමන්ට ලැබෙන දේවල් තුල තාර්කිකභාවයක් දකින්නේ නෑ. තමන් කරපු දේක ප්‍රතිඵලයක් කියලා තේරුම් ගන්නේ නෑ. ලැබීම, කර්මය විදිහට තමයි තේරුම්ගන්නේ. ඉතින් ඒ ලැඹීම් වෙනුවෙන් කොහෙට හරි වන්දනාමාන කරන උවමනාව ඇතිවෙනවා...

    ReplyDelete
    Replies
    1. මේ නම් ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි.

      Delete
    2. ඒක ඇත්ත තිසර කියනවනම් ඉතින් අපි දෙවි කෙනෙක් කියපු දෙයක් වගේ පිළිගන්නවා.... මොකද ඉතින් අපේ සුසමාදර්ශෙනෙ...

      Delete
    3. /* අපේ සුසමාදර්ශෙනෙ..*/

      ඔය කතාව නිතරම අහල තිබුණට අද තමයි නියම විදියට තේරුණේ!

      Delete
    4. තමන්ට ලැබෙන දේවල් තමන් කරපු දේක ප්‍රතිඵලයක් ලෙස තේරුම් ගැනීම = ලැබීම කර්මය ලෙස තේරුම් ගැනීම

      Delete

    5. @Anonymous November 7, 2013 at 9:52 PM

      ඔව් එතන මම පාවිච්චි කල යුතුව තිබ්බේ, 'කරුමය' කියලා වහරේ එන වචනය... ඒ කියන්නේ යමක් තමන් කරපු දේක ප්‍රතිපලයක්ද කියන ඒක් තේරුම්ගන්න උත්සහ කරන්නේ නැතුව අපේ කරුමේ වෙන්නැති කියලා හිතා ගැනීම. ස්තූතියි ඇනෝ...

      Delete
  33. කාකා ජී,

    මේ දැනුයි සයිට් එක පැත්තේ ආවේ! (ඊයේ දවසම මම ගෙදර හිටියේ නෑ.!)

    මම කියන්න හිතන හැම දෙයක්ම වගේ මා.පි භයියා, පත්තර මල්ලි භයියා, යකා ජී, කාවා ජී, සුප්‍රබුද්ධ ජී, ඇතැම් ඇනෝ ජී ලා..... (නමමිස් උන අය සමා වෙන්න!)
    ඇතුලු අයගේ කමෙන්ට්ස්වලින් කියැවිලා තියෙනවා!

    ඒ හැමෝටම නමස්තේ!!!!!!!

    ජයි හෝ!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. වැඩිය කාලේ නාස්තිකරගන්න එපා මේ බ්ලොග් බලන්න සහ කමෙන්ට් කරන්න. වෙන විනෝදාංශ නැද්ද?

      Delete
    2. කොහොද බං වෙන විනෝදාංශ තියෙන්නේ. මෙතනනනේ චූ කතා, කක්ක කතා, පඩ කතා, ජොකා කතා, ජී කතා තියෙන්නේ.

      Delete
  34. පේරා ගිය ඕනිම එකෙක් හිතන්නේ ඒකෙ තියෙන ගහ කොළ ,පාලම, ආර්ට්ස් තියටර් එක, කිසින් බෙන්ඩ් එක තමන්ගේම තමයි කියල. ඒ හිතුවිල්ල බොළඳයි. අහිංසකයි. මේ සින්දුවත් ඒ වගේ සිතුවිල්ලක් විතරයි කියලයි මට හිතෙන්නේ.
    ඒ දේවල්වලට මොන තරම් ඇලුම් කලත් ඒවා වන්දනීය හෝ පුජනීය විදිහට මටත් කවදාවත් හිතිලා නෑ .

    ReplyDelete
  35. මගේ අළුත්ම කතන්දරය "දෙකේ පන්තියේ දී විතර ඇතිවෙන මනමාල බය - Was that love or what?" මෙතනින් කියවන්න. ෆීඩ්වල අවුලක් නිසා බ්ලොග් රෝල්වල අප්ඩේට් වී නැත.

    http://kathandara.blogspot.com/2013/11/was-that-love-or-what.html

    !

    ReplyDelete
  36. මගේ දැනීම හා මතකය මත පදනම්ව ලියමි.........

    අනූඅට අනූ නවය කාලයේ සයනො ටිකක් කලා උලෙලට සමගාමීව හෝ වෙල්කම් එකක හෝ ඒ වගේ ෆන්ෂන් එකකදි තමා මේක මුලින් කියල තියෙන්නෙ... ඒ පේර යුනිවසිටි සෝන්ග් එකක් හදන්ඩ හිතාගෙන නෙමෙයි.... නිකම්ම නිකම් තමන්ට ආපු අදහස් ටිකක් තනුවක් දාල ඉදිරිපත් කිරීමක් විතරයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් සයන්ස් ෆැකල්ටියටත් සිංදුවක් කියල තිබුන. නමුත් සයන්ස් සිංදුවෙ තිබුනු අදහස හා තාලය නිසා එදා ඉඳන් හැම සයන්ස් ෆන්ෂන් එකකම ඒ සිංදුව කියවුනා. ඉතින් දෙදාස් හය හත කාලෙ කට්ටියකට හිතිල තමා ආයෙත් මේ සිංදුව යුනිවසිටි සෝන්ග් එකක් කියල කියන්ඩ අරගත්තෙ. මොනව උනත් සයන්ස් සිංදුව නං මට හරි ලස්සනයි. ඔහොම තමා කකා. සංස්කෘතිය වෙනස් වෙන එකේ උපසංස්කෘතිය ඔහොමවත් රැකිච්චදෙන් කියල හිත හදාගන්න තමා වෙන්නෙ. දැන් ඉතින් දැනගෙන හරි නොදැන හරි මේක කරේ සයන්ස් එකයි කියල බනිනව හෙම නෙමෙයි ඕං.....

    සයන්ස් එකේ සිංදුව

    අත්වැල් බැඳගමු ඔබත් මමත්
    කෙළිදෙලින් සිනාසෙමු අදත් හෙටත්
    උන් උන් පරයා දිව යන්නට නොව
    උරෙනුර ගැටෙමින් තනනට නව ලොව

    පෙණ නගා උතුරා සැහැසිව
    ශාන්තව සුනිලව නිසලව
    කොහොම ගැලුව ද මහවැලී......
    මිතුදමින් හිඳිමූ
    එකම සරසවි විදුබිමේ....

    අඳුරු කලු මේඝයෙන් වෙලුන ද
    සිහින් සුදු මීදුමින් වැසුන ද
    හන්තානේ කඳු ඇති තුරා.....
    මිතුදමින් හිඳිමූ
    එකම සරසවි විදුබිමේ....

    මේ ටික ලියද්දි ඒ අතීතෙන් ඈත්වෙන්ඩ වෙච්ච එකට හිතේ සෑහෙන දුකකුත් ඇති උනා කියල කියන්ඩම වෙනව........

    ReplyDelete
  37. කැම්පස් තීම් සෝන්ග් තියෙන්නෙ ලංකාවෙ විතරම ද මන්දා... කිව්වැහේ ඒක මළ පිස්සුවක් නෙ!

    සබරගමුව - https://www.youtube.com/watch?v=poCn0z3u4i0

    වයඹ - https://www.youtube.com/watch?v=qYh9Uz8WzIs

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.