Monday 4 November 2013

මුලින් උතුම් සුපෙම් කුසුම් පස්සේ උලව් ලව් හෙවත් මල ඉලව් වූ විට - When the tide turns


ඔය ලව් කරනවාය කියන මැන්ටල් සංසිද්ධිය තියෙනවා නේද? ඕක බොහෝ වෙලාවට කොරන කොට හරීම චෝක්. හැබැයි, එහෙන් මෙහෙන් චොර වෙලා, දියාරුවෙලා ගිහින් ලව් එක ඉලව් වුනාම නං සංසාරේ එපා වෙනවා.

ලව් එක නැගලා යන කාලේ පෙනුණු සුන්දර මල් ගොමු පස්සේ නිකං බුර බුරා නගින් ගිණි ජාලා වගේ වෙනවා.

කලින් ඇසුණු සවන සනසන ඒ කොවුල් ගී නාදය පස්සේ නිකං මාලිගාවත්ත ලී මෝලේ සද්දේ වගේ වෙනවා.

මුළු ලෝකෙම කණපිට ගහනවා.

කොල්ලා අනාථ වෙනවා.

මෙන්න නෝනාවරුණි මහත්වරුණි, ඒ වගේ අවස්ථාවක් අළලා මිට වසර ගණනාවකට කලින් ලියවුණු කවියක්.

ළඳේ ඔබේ ආදරේ - හරිම මළ වදේ!

ඈත ඉඳන් බලන වෙලේ
පීත වර්ණයෙන් පූර්ණ පුෂ්ප මාලයක්
ලඟට ඇවිත් සිඹින කලේ
බුරා නගින රක්ත වර්ණ අග්නි ජාලයක්
ළඳේ ඔබේ ආදරයත්
මට තේරුම් ගන්නට බැරි ඉන්ද්‍ර ජාලයක්

දුර ඈතට රසාලිප්ත ගීත ඇසෙන්නේ
ලඟ මෑතට කර්ණ කටුක විලාප වැන්නේ
ළඳේ ඔබේ ආදරයත්
ස්‍රෘතියෙන් පිට ගැයෙනා දුක් ගීයක් වැන්නේ

සුවඳයි ගව් ගනන් දුරට පිච්ච මල වගේ
වැනසෙයි බඹරුන් ඔබ බාඳුරාවකි ලඳේ
ළඳේ ඔබේ ආදරයත්
හද පාරන, හිත හූරන පතොක් මල වගේ


මේ කයි-කතන්දරය එක්ක පිරිමි බහුතරය එකඟ වෙන බව මට හොඳටෝම විශ්වාසයි!

ඒ වගත් මෙසේම

-කතන්දරකාරයා

ප/ලි:
ඒ වගේම මේ කයි-කතන්දරයේ වචන පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා, උපමා ටික වෙනස් කරලා අපේ ගෑල්ළමයින්ට එකඟවෙන්න පුළුවන් නිර්මාණයක් කරන්නත් පුළුවන් බව කිව යුතුයි.

මට නං එහෙම එකක් ලියන්න ටිකක් විතර අමාරුයි. මෙන්න හේතුව.
http://kathandara.blogspot.com/2013/10/blog-post.html

ඇහැකි කෙනෙක් ලියන්න.

ඇ/ප/ලි:
මෙන්න කාන්තා පිළිතුරක් ලිව්වා!

සුහද ඔබේ ආදරේ - හරිම මළ වදේ!

ඈත දුරට පෙනෙන කලේ
ආදරයෙන් මුසපත් වූ බෲංග රාජයෙක්
ලඟට ඇවිත් සිඹින කලේ
දුම්බොන, මත්පැන් බොන ඔබ හරිම වාතයෙක්
සුහද ඔබේ ආදරයත්
මගෙ කරුමෙට මට හිමි පූරුවේ පාපයක්

දුර ඈතට ගුම් ගුම් බිඟු ගීත ඇසෙන්නේ
ලඟ මෑතට කැහි සෙම හොටු නාදය එන්නේ
සුහද ඔබේ ආදරයත්
ලී මෝලෙන් නැග එන සංගීතය වැන්නේ

පණ දෙන්නට කතා බහෙන් හරිම සූරයා
පොඩි දේටත් කෑ කොස්සන් ගහන මාරයා
සුහද ඔබේ ආදරයත්
කරුණාකර අරන් යන්න යලිත් මට එපා



(image: http://adambrettocean.wordpress.com/2012/10/26/tide-turns-a-wave-painting-by-adam-brett/)

68 comments:

  1. හරියට ලව් කරන අයට එහෙම වෙන්නෙ නැහැ.

    ReplyDelete
  2. ඔව් ඉතින් අර නරියෙකුත් මිදි ඇඹුල් කීවලුනේ...නරින්ගේ හැටි ඔහොම තමා කකා...:D

    ReplyDelete
    Replies
    1. මිදි කවද්ද තිත්ත
      නරි කියයිද ඇත්ත !

      Delete
    2. ඇත්ත ඇත්ත පොඩි කුමාරිහාමි. සම්පූර්ණ ඇත්ත!

      Delete
    3. @මධුරංග
      නරියා මිදි තිත්තයි කීවේ නෑ. ඇඹුල් කියලා කිවෙ බං.
      දැන් මිදි 500g ක් රු 150 ට විකුණන්න දාලා තියෙන ඒවා ඇඹුල් බොලන්. හැබැයි එහෙම කියුවට මම නරියා නෙමේ. කලා තියෙන නිසා කීවා බං.

      Delete
  3. HANEE KAKKAIYA ADATH SHOAK KAI LIYALA. HARIMA LASSANI, IYA ARA KOHEDA INNA KALE, HASTHOPAK KARAMETA ELI DAK WAPU KAI PADA WEL WENN ATHI MEWWATH. IYATA UMMA EKAK DENNA ATHNAM, APATA MEWWA KIYA DENAWATA.

    ReplyDelete
    Replies
    1. කැපිටල් ඇනෝ එන පොට හොඳ නෑ වගේ.. කකාත් සමරිසි නිසා අවුලක් නෑ :)

      Delete
    2. @ කැපිටල් ජී,

      බොහොත් ශෝයි හේ!

      හික්z!

      ජයි හ්හෝ!!!!!!!!!!

      Delete
  4. ලවු කරන්නෝ ලවෙන්ම නසිති කියලා අතීතයේ මහා ඍෂිවරු කියල තියෙනවා .

    ReplyDelete
  5. ඈත දුරට ඔබට පෙනුණු පීත වර්ණ
    පුෂ්පයමයි තවමත් මා
    ලඟට ඇවිත් සිඹිනා කල ඔබ සිත තුල
    නෙක වර්ණ රාගිනි ජාලා
    නෙලාගන්න තුරු පමණද
    පීත වර්ණ කුසුම වුනේ මා

    මා සිත තුල නොයිඳුල් කල
    සදා වැයුන රසාලිප්ත ගී
    මමද දනිමි අද ඔබ ළඟ
    කර්ණ කටුක විලාපයක් වී
    ගයනු නොහැක මා ආලය
    කර්කශ වූ ඔබ සෘතියට වී


    සුවඳ විහිදුවමි සත්තයි
    සදාකල්ම පිච්ච මලක් සේ
    රේණුතලා පැන යන්නට
    සපැමිණි ඔබ බඹරෙකු විලසේ
    සදාකල්ම මගේම වෙන්න
    පැතූ පැතුම වරදක්ද මගේ

    ReplyDelete
    Replies
    1. ඉවාන් මගේ සැලියුට් එක ..හොද පිළිතුරක්

      Delete
    2. කමෝන් පවුලූශා... ත්‍රී චියර්ස්.... එල!!!

      Delete
    3. ඇ/ප/ලි:
      මෙන්න කාන්තා පිළිතුරක් ලිව්වා!

      සුහද ඔබේ ආදරේ - හරිම මළ වදේ!

      ඈත දුරට පෙනෙන කලේ
      ආදරයෙන් මුසපත් වූ බෲංග රාජයෙක්
      ලඟට ඇවිත් සිඹින කලේ
      දුම්බොන, මත්පැන් බොන ඔබ හරිම වාතයෙක්
      සුහද ඔබේ ආදරයත්
      මගෙ කරුමෙට මට හිමි පූරුවේ පාපයක්

      දුර ඈතට ගුම් ගුම් බිඟු ගීත ඇසෙන්නේ
      ලඟ මෑතට කැහි සෙම හොටු නාදය එන්නේ
      සුහද ඔබේ ආදරයත්
      ලී මෝලෙන් නැග එන සංගීතය වැන්නේ

      පණ දෙන්නට කතා බහෙන් හරිම සූරයා
      පොඩි දේටත් කෑ කොස්සන් ගහන මාරයා
      සුහද ඔබේ ආදරයත්
      කරුණාකර අරන් යන්න යලිත් මට එපා

      !

      Delete
    4. අප්පට බොල කකා මේක නම් කාන්තාවට මල පැනලා කියපු එකක් වගේ

      Delete
    5. තැන්කු වේවා ඔමායා & බස්සී

      Delete
  6. කතන්දරේ නම් ඇත්ත... ගෑල්ලමයින්ට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයි ඉතින්...

    මෙවැනි මල ඉලව් නොවන සුන්දර ලව් ත් තියෙනවා ඕන තරම්...ඒකට වාසනාවයි.. පෙර පිනයි.. තව මොන මොනවා ඕනද මන්ද?

    ReplyDelete
  7. කකාට මල් ඉවාන්ට ගල්මල්

    ReplyDelete
  8. කකා අද ශෝක් කයියක් පද බැඳලා.. දිගටම කවි ලියන්ඩ අපි එනවා කියවන්ඩ ! :)
    මේ කවියත් මායාවෝ කෘතියේ එකක්ද ?
    නැත්නම් හස්ත ද්වාරයෙන් ගහලා ඉංජිනේරු පීඨ කලා කවයේ නිර්මාණ පුවරුවේ එල්ලපු කයියක්ද ?

    ReplyDelete
  9. පට්ටයි!

    ReplyDelete
    Replies
    1. හැක හැක.....
      මරු බං ......
      අම්මට උඩු....
      හපොයි ....
      හහ්!...හහ්!...
      +++++++
      හෙහෙ හෙහ් ...
      හැකිස්...
      හරිම ශෝක්.....
      මට ඇඩුන බං.......
      ජය වේවා ....
      හරිම නිර්මාණශීලීයි!
      නියමයි බං නිර්මාණය....
      හෝහ් හෝහ් හෝ....
      පව් නෙහ්?
      හි හි....හි හි....හි හි....හි හි...
      පස්ටයි මචං..
      එළකිරි......
      එල කිරි නිර්මානේ බං...
      නියමයි නියමයි !
      තාත්වික විදියට ලියල තියෙනව......
      මේකෙ වචන ගලාගෙන යන ආකාරය විශිෂ්ඨයි......
      නියමයි මචං...
      බ්ලොග් අවකාශයේ බොහොම නිර්මාණාත්මක ලියවිලි කරන බ්ලොග් කරුවෙකුගේ පීල්ලට උඹ වැටිලා තියෙන්නෙ.....
      කියන්න බැරි තරම් පට්ටයි.. කොහොමත් උඹ නිර්මාණශීලී පොරක්..
      අදත් බොක්කටම වදින්න ලියලා තියෙනව....
      ඉදිරිපත් කරලා තියන ආකාරය නම් නියමයි....
      සුපිරි!
      නිර්මාණශීලී ගුණය අගය කරන්න ඕනෙ.
      මට නැති හැකියාව ඔබට තිබීම ගැන මම සතුටු වෙනවා...

      Delete
    2. @AnonymousNovember 4, 2013 at 10:19 AM

      ජයි හෝ!!!!!!!!!!

      Delete
    3. පෙර මා දැමූ කොමන්ටුව සොයා ගත නොහැකි බැවින් උපුටා මොඩිෆයි කරමි.
      අන්න උඔටත් මට හිතුන දේම හිතිලා, ++++++++++, ()*^&%&, එළ, පට්ට පට පට, සුපිරි, මරු බං, පට්ට, මල් හතයි ඈ, ෂා අදනම් දැනෙන්නම ලියලා තියෙනවා, නියම පෝස්ට් එකක්,
      එක හුස්මට කියවගෙන ගියා., ඇයි අවුල්ද, හිහ්, මාර රසයි බං, :), :-D :-D, දිගටම ඔහොම ලියහන්. අපි කියවන්න එනවා, අද ලිපිය නම් මරු කකා, නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා, මේ ලිපිය නම් දැනුම සාගරයක්.
      සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !, ජය, ජය වේවා!, Jayavewa, හුකැස්, හික්ස්..., මගේ පංතියේ මං විතරයි, හුකැස්, හයියෝ සල්ලි, ලොල්, ලොල් ම තමා, ලොලේ ලොල්, එළ, එළ ඈ!, එළ කතා....., හි හි හි.....,
      කියෙව්ව ඔන්න....., ෆස්ටය...., මරු ...., ලොල් ...., ආතල්, චී මෙයා ලියන ඒවා, හක්, එකෙන්ම, එල හලෝ, හොක් හොක්...!!, මරු බං..!, වැඩ වැඩ වැඩ..
      ඔබ හරි, All කොමන්ට් කළ සැමට ස්තූතියි, බෙදා ගැනීමට ස්තුතියි!
      එක හුස්මටම කියවගෙන ගියා, මට හිනාව වාවගන්න බැරිඋනා, හිනා වෙලා ඉල ඇදෙනවා, මට කට උත්තර නැතුව ගියා, සාහිත්‍යය රස බේරෙනවා., පුග්, පුක්, :), කිසිම දෙයක් මම නොකියමි.
      ඒකත් එහෙමද, මම අද එක ද ?, ඔන්න අද මම එක, හුරේ.. මම එක, මම එක ද මන්දා...?, ලොවෙත් නෑ, ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ, සිරා පෝස්ටුව, මාර රහයි, ගති, මට ඇඩෙන්න වගේ, තනි ඇහැට ඇඩෙනවා, හොදට ලියල තියෙනව, වදින තැනට වදින්නම ලියලා තියෙනවා, ඔයානම් මාරයි අනේ, නෙදකිං.

      Delete
  10. හපෝයි... ඒ ගැන නම් කතා කොල්ලා වැඩක් නෑ.. ඒත් බූට් දෙකක් තුනක් කනකොට ඒකත් නිකන් ළාදුරු වගේ උනා....

    ReplyDelete
    Replies
    1. //. ඒත් බූට් දෙකක් තුනක් කනකොට //

      මාතලන් සහබ්,

      අයියණ්ඩිත් මේ පිලිබඳව ලිපි ලියා තිබේ ද?

      ජයි හෝ!!!!!!!!!!

      Delete
    2. පිළිගන්න, මිතුරන් අතරේ පමණක් බොග දමමින්, විද්වත් සාකච්ඡා කරන බොග කරු.

      Delete
  11. මොනවා කරන්නද කකා, කවියක් වත් ලියලා හස්ත ද්වාරයෙන් පළ කරලා නිකා ඉමු.

    ReplyDelete
  12. මම සෑහෙන කල්පනා කලා දුක් ගීයක් ශ්‍රැතියෙන් පිට ගැයෙනකොට මොන වගේ ඇද්ද කියලා....

    මෙන්න මේ වගේ ඇති

    ReplyDelete
    Replies
    1. තිසර කිව්වොත් ඉතින් අපි ඕන දෙයක් පිලිගන්නවා... අපේ සුසමාදර්ශෙනෙ....

      Delete
    2. තිසර පටින් ලැමා
      කියන රහස කිමා ?

      Delete
    3. මිනී මරු තිසරපට ගැන මාතලන්ගෙන්
      http://maathalan.blogspot.com/2013/07/13-deadly-bra-13.html
      (මගේ පංතියේ මං විතරයි අලුගෝසුවා ගැන නොවේ.)

      Delete
  13. ı ǝʌɐɥ oʍʇ suoıʇsǝnb. ǝɯ ɔıdoʇ ɐʇɐʞǝ ɯɐɹɐɥʇǝ ɯɐuɐlɐpɐ ɐɥʇɐu
    1) ndɐpɐq uɐʌɐɥʇuɐʞ npnɯ ǝllıƃɐ ɐuɐp npnɯ ǝʞǝp ɐɯnɹǝʇ ɐppɐʞoɯ???
    2) ʞǝllǝʞ ɐɥ ʞǝlloʞ ǝʌol zɔ ɐʍnɥʇɐu ɐɥʇı ɐpoɥ oʍnlɐʎ ʞɐɹɐɥʇıʍ ɐuuǝʍ uɐʌnlnd ɐlɐʎıʞ ɐuuɐɥʇıɥ ǝʌɐʞuɐl ǝdɐ ɐʎɐ ɐlıɐƃɐɐɥ ɐppɐu????

    ReplyDelete
  14. මේ ගේය පද රචනය ගැන කකාගේ අදහස් බලාපොරොත්තු වෙමි.

    වත් පොත් මුහුණු අතර හංගා
    හිත් ගත් වතක් මටත් තිබුණා
    ඇත් දත් සිනා පොකුරු නංවා
    මත් නෙත් මගේ දැහැන බින්දා

    දිගු රෑ සයනයේ දිගා වී
    දොඩමළු වුණා මුවින් නොදොඩා
    නොකිළිටි නුඹේ හස සරාගී
    හද කිති කවනවා දැනුණා

    නෙත් අප කතා කළ හන්දා
    අත් තව කුමට බඳිනු හිතුණා
    සත් මස් කලක් මෙහෙම ගෙවුණා
    හිත් මිස කය නොරැඳි අරණා

    දෑඟුල් නුඹේ බැඳෙන හුයෙනා
    ගැලවී නුබ කඩා වැටුණා
    සත්තයි හිතට පාළු දැනුනා
    චුට්ටක් විතර මටත් රිදුණා

    ReplyDelete
    Replies
    1. මා මේ නිරමාණයට කැමතියි. මට ඇතිවූ එකම ප්‍රශ්නය නම් මෙය කාන්තාවක් පිරිමියෙක් ගැන ගයන ගීයක් ද නැතිනම් පිරිමියෙක් කාන්තාවක් ගැන ගයන ගීයක් ද නැතිනම් කවරෙක් කවරෙකු ගැන ගයන ගීයක් ද කියායි.

      මා ලියූ සයිබර් ලව් ගීතය මෙතනින් කියවන්න.
      http://kathandara.blogspot.com/2012/06/when-cyber-love-fails.html


      Delete
    2. පදවැල ගැන මගේ අදහස්

      වත් පොත් මුහුණු අතර හංගා
      හිත් ගත් වතක් මටත් තිබුණා
      ඇත් දත් සිනා පොකුරු නංවා
      මත් නෙත් මගේ දැහැන බින්දා - [මත් නෙත් - කුමකින් මත් වූ නෙත් ද මේ?]

      දිගු රෑ සයනයේ දිගා වී
      දොඩමළු වුණා මුවින් නොදොඩා
      නොකිළිටි නුඹේ හස සරාගී
      හද කිති කවනවා දැනුණා - [මේ පදයේ මාත්‍රා අඩුයි?]

      නෙත් අප කතා කළ හන්දා - [මේ පදයේ මාත්‍රා අඩුයි?]
      අත් තව කුමට බඳිනු හිතුණා
      සත් මස් කලක් මෙහෙම ගෙවුණා
      හිත් මිස කය නොරැඳි අරණා

      දෑඟුල් නුඹේ බැඳෙන හුයෙනා -[ දෑඟුල් ?]
      ගැලවී නුබ කඩා වැටුණා - [මේ පදයේ මාත්‍රා අඩුයි?]
      සත්තයි හිතට පාළු දැනුනා
      චුට්ටක් විතර මටත් රිදුණා

      Delete
    3. /මට ඇතිවූ එකම ප්‍රශ්නය නම් මෙය කාන්තාවක් පිරිමියෙක් ගැන ගයන ගීයක් ද නැතිනම් පිරිමියෙක් කාන්තාවක් ගැන ගයන ගීයක් ද නැතිනම් කවරෙක් කවරෙකු ගැන ගයන ගීයක් ද කියායි./

      ඒක ඔය තරමටම වැදගත්ද? වඩා සුන්දර සියල්ල ඕපන් තැබුවාම නේද? "මට මගේ නොවන ආදරයත් තිබුණා" ච්ත්‍රපටයේ කියන්නේ පිරිමියෙක් ගැහැණියක් වෙනුවෙන් නිසා අප ඒක දන්නවා. නමුත් පද වැළ පමණක් ගෙන බැලුවාම එය කියැවෙනවාද? ඇයි ආදරයට ගැහැණු/පිරිමි වර්ෂන්?

      මාත්‍රා ගැන: මාත්‍රා වැදගත් කවියකටය. ගීයක් එතැනින් මෙතැන මාත්‍රාවක් අඩු වුණාට ගැයිය හැකිය. සමහරවිට එසේ ගැයීම වඩා සුන්දර වේ.

      Delete
    4. @කකා,

      The Blue Umbrella දැකලා තියෙනවද? මගේ අදහස අනුව නම් චිත්‍රපට ඉතිහාසයේ පළමු වරට ආදරවන්තයින් දෙදෙනාගේම ගැහැණු පිරිමි බව සන්නගවන පළමු නිර්මාණය. මෙය ඕනෑම ආදරවන්තයින් දෙදෙනෙක් වන්න පුළුවන්.

      බලන්න: http://www.youtube.com/watch?v=JMaWhAV40A4

      Delete
    5. ගැහැණු-පිරිමි බව ගැන මා සඳහන් කෙරුවේ මෙහි ඇති උපමා රූපක යනාදිය නිසයි.

      වත් පොත් මුහුණු අතර හංගා
      හිත් ගත් වතක් මටත් තිබුණා
      ඇත් දත් සිනා පොකුරු නංවා - [ඇත් දත් සිනා කියන්නේ දළ දෙකක් වගේ ලොකු දත් ගැනද නැතිනම් ඇත් දත් වගේ අව පැහැ ගැනුණු (සිගරුට් වලින්?) දත් ගැනද?]
      මත් නෙත් මගේ දැහැන බින්දා - [මත් නෙත් කියන්නේ බීපු මිනිහෙකුගේ ඇස් ගැනද?]

      දිගු රෑ සයනයේ දිගා වී
      දොඩමළු වුණා මුවින් නොදොඩා
      නොකිළිටි නුඹේ හස සරාගී - [මේ උපමාවේ භාවිතයත් ජෙන්ඩර් එක අනුව සැකසිය යුතු යැයි සිතේ]
      හද කිති කවනවා දැනුණා


      Delete
    6. කකා පෙන්වූ අඩු පාඩු මධ්‍යයේ වුවද හොඳ රචනයකි. ඇනෝ ...++++

      Delete
  15. තව පාරක් කියෙව්වොත් මේ කයිය මට කට පාඩම් වෙනවා සුවර් !!

    ReplyDelete
    Replies
    1. ඉතින් පාඩම් කරල මෙඩිසින් පලයන්කො. මෙතන බ්ලොග් කියව කියව ඉන්නෙ.

      Delete
  16. මෙලෝකෙ රහක් නැති කවියක්.... මෙව්වා හොදයි පිටරට ගිහින් පදිංචි වෙලා ඉන්න අයට සිංහල අමතක වෙනවට කියවන්න....

    ReplyDelete
  17. හොද වැඩේ අනුන් කරන්නන් වාලේ ලව් කරන්න යනවට ,, ඔයා ඒ කාලේ බ්ලොග් එක ලීවනම් මේක පුරා බලන්ට තිබ්බා ඉදගෙන කදුළු :)

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. කාකා ජී,

    එක්ස්පීරියන්ස් නහී හේ! බස්,

    කමෙන්ට්ස් නහී හේ.......!!

    ජයි හෝ!!!!!!!!!!!

    ReplyDelete
  20. "ලව් එක ඉලව් වුනාම නං සංසාරේ එපා වෙනවා” Sometimes.. but not always eh KK?
    How about ලැබේන දැනෙන නිදහස ? හෙහ් ...හෙහ් ...

    ReplyDelete
    Replies
    1. @Pra Jay ජී,

      උඹේ අතින් ටයිප් කරපු සිංහල අකුරක් දැක්කම ද කොහෙද!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. ටයිප් කරපු nemei KP copied and pasted!

      Delete
    3. ඔය සිංහල ටයිප් කොරලා නෙමේ. තැන තැන වචන කෑලි කොපි කරලා වාක්‍යක් හදාගෙන.

      Delete
    4. කා වාNovember 5, 2013 at 10:25 AM ඔබ හරි

      Delete
  21. මගෙ ස්වීට් කෙල්ල තැඹිළි ගෙඩිය රත්තරං
    මම ආදරෙයි ඔයාට ලොවෙත් නැති තරං... :-)

    ReplyDelete
    Replies
    1. අරේවා පත්තර මල්ලී ජී............!

      මෙරේ සප්නෝ කි රාණි කබ් ආයෙගි තු
      ආයි රුත් මස්තානි කබ් ආයෙගි තු
      බීති ජායේ සින්ද්ගානි කබ් ආයෙගි තු
      චලි ආ, තු චලි ආ............!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. මෙන්න මේ කවියට නම් ආදරේ හිතෙනවා...:)

      Delete
    3. මට කවි ලියන්ට බෑ. ඒත් මේ කවිය දැක්කාම පුදුමාකාර විදියට මගෙ හිතට කවි අදහස් ගලාගෙන ආවා. මෙන්න බලන්ට එක කවියක්.

      'මගෙ ස්වීට් කපුටු කොල්ලා රත්තරං...
      මම ආදරෙයි ඔයාට පත්තරං...' :D:D

      මේක කියනකොට මගේ හිතේ ඇඳෙන්නේ මගේ කලු කොල්ලා බව කියවන අය කරුණාකර මතක තබා ගත යුතුයි. :)

      Delete
    4. පිල්ලියො ..
      මේ සින්දුවෙ පරන ව‍ර්ශන් එකද බන්. :-)

      Delete
    5. පත්තර මල්ලී ජී,

      අච්චා බයියා අච්චා!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    6. පිල්ලි ජී
      ජයි හෝ .. !

      Delete
  22. More than 50% of the above comment is in Sinhala (although copied and pasted) in an attempt to deflect the anger of Kenji @ Japan!

    ReplyDelete
  23. පොඩ්ඩියෙ ..
    බුදු අම්මෝ ඕක මන් ලියපු එකක් නෙවේ සහෝදරී.. කොල්ලො ටිකක් ඔය සින්දුව කියකිය පොඩි බජව්වක් දානව utube එකේ.. පස්සෙ ඕක සින්දුවක් විදියට ආව ඒත් මම ආස අර කොල්ලො සෙට් එක කියන එකට..ඒක රහයි.

    වෙලාවට බන් ම්ම සුදු උනේ.. :-)

    ReplyDelete
  24. මට මතකයි වර්ෂා පොතේ එක තැනක වර්ෂා සත්සරණි, විමුක්තිගේ අක්කට කියනවා

    "අර වගේ පිරිමියෙක් කසාඳ බඳින්න බැරි නම් ඒ වගේ පිරිමියෙක් එක්ක ටික කාලයක් ඉදලා දරුවෙක් හදාගෙන ගමට ගිහින් ඒ දරුවා හදන එක හොඳයි." කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොත් ගින්දර් ලඩ්කී හේ!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. වර්ෂා දවසක් මට හමුවුනා. ඊට පස්සේ තමයි ඇයට ඒ සිතුවිල්ල පහල වෙලා විමුක්ති එක්ක ඒ කතාව කියලා තියෙන්නේ.

      Delete
    3. පිල්ලියො .. වර්ෂා කෙනෙක් සෙට් කරල දෙන්නද ප්‍යාර් කරෝංගා ..

      Delete
  25. එකම ළදක් ගැන දෙවිදියක අදහස් ඇතිවෙන්නෙ කොහොමද කියලා තතු දන්නෝ පැහැදිලි කරත්වා...

    ReplyDelete
  26. කකා මේ කවියට නම් මම එකහෙලා විරුද්ද වෙනවා හොඳේ! ;)

    ReplyDelete
  27. @ All

    ඇ/ප/ලි:
    මෙන්න කාන්තා පිළිතුරක් ලිව්වා.

    සුහද ඔබේ ආදරේ - හරිම මළ වදේ!

    ඈත දුරට පෙනෙන කලේ
    ආදරයෙන් මුසපත් වූ බෲංග රාජයෙක්
    ලඟට ඇවිත් සිඹින කලේ
    දුම්බොන, මත්පැන් බොන ඔබ හරිම වාතයෙක්
    සුහද ඔබේ ආදරයත්
    මගෙ කරුමෙට මට හිමි පූරුවේ පාපයක්

    දුර ඈතට ගුම් ගුම් බිඟු ගීත ඇසෙන්නේ
    ලඟ මෑතට කැහි සෙම හොටු නාදය එන්නේ
    සුහද ඔබේ ආදරයත්
    ලී මෝලෙන් නැග එන සංගීතය වැන්නේ

    පණ දෙන්නට කතා බහෙන් හරිම සූරයා
    පොඩි දේටත් කෑ කොස්සන් ගහන මාරයා
    සුහද ඔබේ ආදරයත්
    කරුණාකර අරන් යන්න යලිත් මට එපා

    !!!

    ReplyDelete
    Replies
    1. ඊලඟ පෝස්ට් එම මේ කවිය වේ...

      Delete
  28. ආදරේ හැටි එහෙම තමයි... විඳින කලට එය මීරිය මී සේ බි‍ෙඳෙන කලට පෙම දුක් ගිනි විය දැඩිසේ.... මම පරණ කතාව ටිකක් වෙනස් කළා.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.