Saturday 12 October 2013

මෙන්න දවස පුරා පවතින අසරණ කාලකණ්ණිකමක් ඔබේ සිතටත් - How pathetic are we?


ඊයේ පුවත්පතක පළවුණු ප්‍රවෘත්තියක් මූණු පොත හරහා දැක මගේ සිතේ මුලින්ම ඇතිවුණේ මහා අසරණ හැඟීමකි. ඒ සමගම ආවේ මහා කාලකණ්ණි සිතුවිළි ගොඩකි.

ඒ අසරණ කාලකණ්ණිකම මෙය කියවන ඔබේ සිතටත් ගෙන එන්නයි මේ ලියන්නේ.

ප්‍රවෘත්තිය මේකයි.

ගිය අවුරුදදේ මුල් මාස දහය ඇතුළත පමණක් මැද පෙරදිග සිට මිනී පෙට්ටිවල ලංකාවට ආ ගෘහ සේවිකාවන් ගේ ගණන 463 දෙනෙක් ලු!

මෙයින් 75% පමණම වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන්. ඒ කියන්නේ හොඳ තරුණ වයසේ අය.

නමුත් මරණ සහතිකවලට අනුව මේ අයගෙන් අති බහුතරයක් මැරිලා තියෙන්නේ කොහොමද දන්නවාද? හාට් ෆේලියර් එහෙමත් නැත්තං හෘදවස්තුව ක්‍රියා විරහිත වීමෙන්.

ඒ සමගම මේ මල සිරුරුවල අභ්‍යන්තර අවයව ඉවත්කර ඇති බවට මේ ප්‍රවෘත්තිය ගැන ඩිලාන්ගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කරපු රන්ජන් කියලා තියෙනවා.

එක්කෝ තරුණ කාන්තාවන්ට මැද පෙරදිගදී හෘද රෝග හැදෙනවා වැඩියි. නැතිනම්, වකුගඩු දෙක හෝ වෙනත් අභ්‍යත්තර අවයවයක් අයින් කළාම මැරෙන්නේ හාට් ෆේලියර් එකකින්.

දුප්පත්කම, අසරණකම නිසා කීයක් හරි හොයාගන්න, ගෙයක් දොරක් හදාගන්න තමයි මේ හැම දෙනාම මැද පෙරදිග යන්න ඇත්තේ.

ඒ වගේම මොන අනතුරු, අතුරු ආන්තරා තිබුණත් ඒවා ගැන නොතකා තමන්ගේ රටේ කාන්තාවෝ මේ ආකාරයට ගෘහ සේවයේ යොදවමින් රටේ එදා වේල පිරිමහගන්න විදේශ විණිමය හොයාගන්න වීමත් ලංකාවේ දුප්පත්කම සහ අසරණකම තමයි.

ඒ සල්ලිවලින් ලැම්බෝගිනී සහ මොන්ටෙරෝ ගෙන්වීම වෙනනම කාරණයක්.

ලංකාව වගේ ජනගහණය වැඩි නමුත් දුප්පත් රටක එක් ප්‍රධාන ලක්‍ෂණයක් තමයි එක් මිනිසෙකුගේ ජීවිතයට ඇති වටිනාකම ඉතාම අඩුවීම.

හාරසීයක් නෙමෙයි කී දෙනෙක් මැරුණත් රටට ගාණක්වත් නෑ. ජීවිත අයිතිකාරයින්ටත් ඒ වගේ වෙන්න ඇති.

ගිලෙන බව දැන දැනත් අබලන් බෝට්ටුවලින් රට පණින්න හදන්නේ, මරණ සහතිකය අත්සන් කරලා හරි මැද පෙරදිග ජොබ් එකකට යන්නේ ඒ නිසාද?

විපක්‍ෂයේ අයියා කොච්චර දුක්වුණත්, ආණ්ඩුවේ අයියාට නං මේක ලොකු කේස් එකක් නොවෙයි වගේ.

හැබැයි ඉතිං මර අර බරක් ඔබාමාට ලියලා ඇරියා වගේ, විපක්‍ෂයේ ඉන්න කොට නං රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කජු කනවා වාගේ.

මේ ප්‍රවෘත්තිය කියවපු මට මතක් වුනේ ආරියරත්න කුරුවිට බණ්ඩාර අංකල් ලියපු මන්දා නාලනී නැන්දා කියපු මෙන්න මේ සින්දුව.



අංකල්ටයි, ඇන්ටිටයි මේ සින්දුව මතකද මන්දා?

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ-ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් පලකරන්නේ සෑහෙන කාලයකට පසුවයි.

(image: http://forum.srilankaequity.com/t25378p25-sri-lankan-maid-rizana-nafeek-beheaded-in-saudi-arabia)

60 comments:

  1. හොදට තිබ්බ මූඩ් එක කෑවෙ ඇයි යකෝ......අපි මොනවා කරන්නද බන්........කට ඇරං බලං ඉන්නව ඇරෙන්න...

    ReplyDelete
  2. මේවා කොච්චර දැක්කත් පාලකයන්ට ගානක් නෑ...


    අද සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පෙෂල් එන්නේ කොහොමද කකා අද සෙනසුරාදා නේ !
    කකා අන්තර්ජාතික දින රේඛාව උඩ ඉදන් ද ලියන්නේ...

    ReplyDelete
    Replies
    1. මට අහන්න තියෙන්නේ මධුරංග ඉන්නේ කොහේද කියලයි.

      ඉරිදා පත්තර එන්නේ සෙනසුරාදා බව දන්නෙම නැද්ද?
      http://kathandara.blogspot.com/2012/07/sunday-come-early.html

      Delete
    2. ලින්ක් නැත්නං කකාත් මෙතන නෑ නේ...

      පරණ කතන්දර වලටත් අළුත් ලින්ක් දෙන්න කකා දස්සයි නේ !

      Delete
  3. ඕක ලංකාවට පමණක් විශේෂ වෙච්චි දෙයක් නෙවෙයි. හැම දුප්පත් රටකම ඉරණම මේ. රට යන එක නතර කළත් ගමේ ඉඳන් කොළඹ එන පිරිසට මේ වගේ අවාසනාවන්ත අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා.

    ReplyDelete
  4. 100% ක් එකඟයි,අපි ලැජ්ජාවක් නැති ජාතියක් බවට පත් වෙලා.ඔහොම දුක්විඳල උපයන සල්ලි වලින් අන්න තව 9 දෙනෙකුට සැප විඳින්න හදල දීලා.

    ReplyDelete
  5. තවමත් විදේශ රැකියා ගැන රටේ තියන ආකල්පය වෙනස් කරන්න බැරි වෙලා තියනවා. එක අතකින් එහෙම වෙනස් කරන්න කාටවත් ඕන කමකුත් නෑ. හරියට නිකන් පාරේ රිය අනතුරු වෙනවා කියලා මිනිස්සු පාරේ බැහලා යන්නේ නැතුව ඉන්නේ නැනේ. ඒ වගේ තමයි කොච්චර දැක්කත් මිනිස්සු ඔහේ කරන දේවල් කරගෙන යනවා

    ReplyDelete
  6. නිවාඩු දවසෙ තිවුන සැහැල්ලු මූඩ් එක වාස්ප වෙලා ගියා. :(

    සංඛ්‍යා ලේඛන දැක්කාම ඇත්තටම බය හිතුනා. මේක මේ තරම් බරපතල ගැටලුවක් වෙලත් පාලකයෝ කොහොම ඇස් කන් පියාගෙන ඉන්නවාද මන්දා.

    ReplyDelete
  7. මිනිස්සු ජීවත් වෙන්න කරන අරගලේ එක පැත්තක් විතරයි ඔය,,, කොහොම උනත් හිතට හරි දුකක් ඇති උනා ,,

    ReplyDelete
  8. මාත් ඇතුළුව මම දන්න කියන මගේ යාළුවෝ බොහොමයක් දෙනා ගොඩක් ඉහලට ඉගෙන ගත්ත අය නෙවෙයි . අපිටත් ඔය රට හීනේ තිබුනා . මෙහේ පොඩි පොඩි රස්සා කෙරුවොත් ලැබෙන්නේ ලැජ්ජාවයි වැඩි මහන්සියයි අඩු පඩියකුයි විතරයි ඒත් පිට රටක ගිහිල්ලා අතුගාන වැඩක් කෙරුවත් කාටවත් අපිව පේන්නේ නෑ නේද කියන හැඟීම අපේ හිත් වල තිබුනා ඉතින් මගේ යාළුවෝ බොහොමයක් දෙනා එක එක ක්‍රම වලින් රට ගියා .. කොයිතරම් අවධානමක් තිබුනත් කට්ටිය සල්ලි හොයාගන්න මැදපෙරදිග , ඕස්ට්‍රේලියාවේ (හොරෙන්) යාවි .. ඒක නවත්තන්න බෑ .. යන්න ඕනෑ කෙනා මරෙනවා නං මැරියං කියලා හරි හිත හදාගෙන තමන්ගේ ගමන යනවා..තත්වය තව දරුණු වෙලා මැදපෙරදිග රැකියාවලට යාම තහනම් කලත් යන්ඩ ඔනෑ එකා හොරෙන් හරි යාවි .... පාලකයෝ කියන කස්ටිය එයැයිලගේ රැකියාව හරියට කරන්න ගත්තදාට ඔය ප්‍රශ්නේ අඩු වෙලා යාවි ..නැත්තම් කවදාවත් මේ මිනී පෙට්ටි ආනයනය නතරවෙන එකක් නෑ ..

    ReplyDelete
    Replies
    1. ඔව් මේක අපේ රටේ තියෙන ආකල්ප අවුලක්. වෙන රටවල මොන රස්සාව කරත් ඒක නින්දාවක් කියල සලකන්නේ නැහැ. පස්සේ ඉහල තනතුරු වලට ගියත්, කැම්පස් යන කාලේ පෙට්‍රල් ෂෙඩ් වල, කැෆේ වල වැඩ කරන එකේ මෙහෙ සාමාන්‍ය දෙයක්.
      මම ඉස්සර වැඩ කරපු ඔෆිස් එකේ ස්වීඩන් වලින් ආපු ඉහලම ඉංජිනේරුවෙක් මුලින්ම කරලා තියෙන්නේ මාලු වේලපු එක.

      Delete
  9. මම වැඩ කරන්නෙ සංචාරක හෝටලයක රූම් බෝයි කෙනෙක් විදිහට.....ලෝකෙ හැම ජාතියකම මිනිස්සු හෝටලේට එනවා. ඒ මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවන රටාව මොන වගේද කියන එක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ ගොල්ලො නැවතිලා ඉන්න දවස් 2,3 න්..... හැබැයි මැද පෙරදිග රටක ගෙස්ට්ලා ආවහම ඒ ගොල්ලන්ගෙ රූම් එකට ගිය ගමන්ම මට මතක් වෙන එක දෙයක් තියෙනවා..... ලංකාවෙන් යන හවුස්මේඩ් ලා මේ ගොල්ලන්ගෙ ගෙවල් වල වැඩ කරන්නෙ කොහොමද කියන එක..... කිසිම පිළිවෙලක් නෑ.......කොටින්ම කාමරේ විනාශ කරනවා.........ඉතින් මට හිතෙනවා මේ මිනිසුන්ගෙ ගෙවල් වල වැඩ කරන මිනිස්සු අපා දුකක් විඳිනවා ඇති කියලා.....මමනම දන්න දන්න කට්ටියට කියන්නෙ ලක්ශයක් පඩි හම්බුනත් මැද පෙරදිග නම් යන්න එපා.....සෙන්ස් කියලා නාමයක් නැති මිනිස්සු ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. කොළඹ තරු 5 හේ හෝටලයක චෙෆ් කෙනෙක් වන මාත් මේ කරුණට එකග වෙනවා. මටත් හවුස්කීපින් එකේ ගොඩක් අය ඔබ කියන දේ කියලා තියෙනවා. මාත් ඉගෙන ගන්නා කාලේ මාස හයක් වඩා කළා හවුස්කිපින් වල. මාත් එය අත්විද තිබෙනවා. ඇතැම් මැදපෙරදිග උදවිය හිතාමතාම කාමර අපිරිසිදු කරනවා.
      කාමරය පිරිසිදු කරන්න එන කෙනා කාමරය අස්කර ඉවර වූ විගසම ඔහුට පෙන්නම නැවත කාමරයේ තේ හැලීම වැනි දෑ කරනවා.
      මැදපෙරදිග විතරක් නෙමයි ඉන්දියානුවන් හා ඊට උඩින් ඇති රටවල් වල උදවියත් එසේමයි.

      කන්න ගියත් පිළිවෙලක් නෑ. ඔන්න කන්න පටන් ගන්නවා බ්‍රෙඩ්රෝල් හරි මොනා හරි අරං. ඊට පස්සේ ස්ටාර්ටර් අරං ආයේ කනවා බ්‍රෙඩ් රෝල්. ඊට පාසේ මෙන් කොස් අරං, සුප් එක බිලා ආයේ යනවා බ්‍රෙඩ් රෝල් කන. ඊට පස්සේ වට දෙකක් විතර ඩේසට් අරං ආයේ යනවා ස්ටාර්ටර් එකට.

      මේවා දකින යුරෝපීයන් අප්‍රසන්නව උඩ බිම බලනවා. බ්ලොග් එකක් ලිව්ව හැකි මේ අත්දැකීම් ගැන ඕනි නං.

      ඇත්තටම මේ මිනිස්සුන්ගේ ගෙදර වැඩ යන ගෑනු උදවියට කොතරම් පීඩනයක් ඇත්ද? කිසිම නිවාඩුවක් නැතිව, කෑමක් බිමක් නැතිව...මැරෙන්නේ නැතිව යහතින් අවොත් තමා පුදුමේ.

      මගේ අදහස නං නුපුහුණු ගෘහසේවිකාවන් මැදපෙරදිගට යවනවට වඩා ඇයි අපට බැරි පුහුණු සේවිකාවන් යවන්න යුරෝපයට සහ ඇමරිකාවට? ඉතා ඉහල පඩියක් ගත්ත හැකි. මැදපෙරදිග වගේ වද බන්ධන වලට ලක් වෙන්න ඕනිත් නෑ. යුරෝපයේ වැඩිමහලු ජනගහන වැඩිවන නිසා ඔවුන් බලාගැනීමට සේවක සේවිකාවන් ඉදිරියේදී ඕනා වෙනවා කියන එක ඇත්ත. එවැනි රටවල ඉන්න ඇතැම් වැඩි මහලු උදවිය මියයන විට තමන්ගේ සියලු දෙපලත් ඇතැම් විට ලියා දෙන්නේ බලා ගන්නා සේවිකාවට.

      ඇයි මේ වගේ දෙයක් ගැන රජය අවධානය යොමු කරන්නේ නැත්තේ? සුද්දට සේවය කරනවට වඩා / මදපෙරෙදිග ගිහිං තුට්ටු දෙකට කඹුරලා අතපයත් නැතිව එන එක නම්බුයි කියලා හිතනවද? රන්ජන් රාමනායක මන්ත්‍රී ඇරෙන්න වෙන කවුරුත් මෙව්වා ගැන කතා කරන්නේ නෑ.

      චෙෆ් දී කුසින්

      Delete
    2. කන්න ගියත් පිළිවෙලක් නෑ. ඔන්න කන්න පටන් ගන්නවා බ්‍රෙඩ්රෝල් හරි මොනා හරි අරං. ඊට පස්සේ ස්ටාර්ටර් අරං ආයේ කනවා බ්‍රෙඩ් රෝල්. ඊට පාසේ මෙන් කොස් අරං, සුප් එක බිලා ආයේ යනවා බ්‍රෙඩ් රෝල් කන. ඊට පස්සේ වට දෙකක් විතර ඩේසට් අරං ආයේ යනවා ස්ටාර්ටර් එකට.

      THERUNE NA

      Delete
    3. නූගත් කම සමග එන උද්දච්චකම.

      Delete
  10. මේ ප්‍රශ්නෙටත් ලංකාවෙ තියන තව බොහොමයක් ප්‍රශ්නවලට වගේම පැලැස්තර විසඳුමක් නැත.

    ReplyDelete
  11. ////දුප්පත් රටක එක් ප්‍රධාන ලක්‍ෂණයක් තමයි එක් මිනිසෙකුගේ ජීවිතයට ඇති වටිනාකම ඉතාම අඩුවීම///
    ඒක ඇත්ත කකා.. හරිම කණගාටුයි.

    ජීවත් වීමට ඇති අයිතිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතට ඇතුලත් කර නොමැත.(ආසියාවේ අනෙක් රටවල එසේ ඇතුලත් කර ඇත)..
    මෙවැනි සිද්ධි සම්බන්ද බොහෝ නීතිමය කාරණාවලදී මෙය හරහට හිටිනව

    ReplyDelete
  12. ඒ මිනිස්සු කාන්තාරේ කට්ට කාල හොයන සල්ලි නැත්නම් අපිට අද හුළං තමයි බොන්න වෙන්නේ!

    ReplyDelete
    Replies
    1. කොහොමත් අපිනම් හුලං තමයි බොන්නේ. අර අහවල් සාටකේ එල්ලුන එවුන්ටනම් රජ සැප. උන් තමයි සාරය උරන්නේ.

      Delete
  13. මා ඔය ප්‍රවුර්තිය කියවුයේ සිංහල පත්තරයක. කලින් ඇනෝ කෙනෙක් කියල තියනවා වගේ ජිවිතයක වටිනාකම අඩුවීම ලංකාවට පමණක් ආවේනික ප්‍රශ්නයක් නොවේ. ලෝකේ ලොකුම ආර්ථික බලවතාගේ නිව් ඕර්ලින්ස් වලට සුළි සුළං ආවහමත් අප මේ දේ දුටුවා. එම රටේ පුවත් පත් හා රූපවාහිනි ප්‍රශ්න කළේ, අප මේ දකින්නේ දියුණු වෙමින් පවතින රටක දර්ශනද කියා.
    ඇත්තටම මොන හේතුවක් නිසා හෝ රන්ජන් මේ ප්‍රශ්නය ගැන කතා කිරීම හැමවිටම අගය කරන්න පුළුවන් දෙයක්. රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන පිරිස් වලට, ඔවුනගේ සේවා තත්ත්වය ඉහල දමා ගන්න තියා, ජීවිතය බේරා ගන්න කිසිම දෙයක් මේ අයියල කරලා තියනවද? එහෙම නොකලත් ඒ ගැන ජනතාවට වගත් තියනවද? ඒ ගැනත් කාලකන්නි හැඟීම් දැනෙනවා. කොච්චර ලැම්බෝගිනි ගෙනාවත්, එය වරදක් යයි සැලකෙන්නේ නැහැ .ඒ වගේම වෙනත් රටක් එක්ක ගිවිසුමක් ගහන කොට, කොමිස් මිසක් ලැබෙන ප්‍රථිපලය මොකක්ද කියා බලන්නේ නැති වුනත්, ඒවාට ඇත්තටම ණය ගෙවන ජනතාවට ප්‍රශ්නයක් නැහැ. මෙයත් ලංකාවට ආවේනික ප්‍රශ්නයක් නොවේ. දුප්පත් කමෙන් ගොඩ යාමත්, මෙවැනි කරුණු ගැන සමාජය අවධිවීමත් කියන දෙකම එකක්, අනෙක මත රඳා පවතිනවා. එතකොට කොහොමද කිකිළි නැතුව බිත්තරේ ගන්නේ අයියා?

    ReplyDelete
  14. රටේ වෙන සිද්ධිත් එක්ක ඕව සාමාන්‍ය දේවල් වෙලා.
    අර පිස්සු ඩිලානය ල හරි යමක් නොකරනවා නම් ගැහැණු මිනිස්සු කරන්න ඕන නොයා ඉන්න එක.
    සමහරු නම් කියනව ගැහැණු අයට විසි දාහක් විතර මාසෙට පඩි ගන්න පුළුවන් කියල ලංකාවෙම වැඩ කරල.
    අර අපේ සරත් ලංකාප්‍රිය ලියල තිබුන ලංකාවට ගිය වෙලාවක එයාගෙ පොඩි ඉඩම් කෑල්ල සුද්ද කරගන්න මිනිහෙක් හොයා ගත්තෙ දින ගානක් තැපලලු.
    එයත් උදව් වෙලා,කන්න බොන්න දීල ඒ මනුස්පයගේ ගාස්තුව රු.1000/=ලු.
    රට යන්න තිබෙන ගාය අපේ අයට පමණක් නෙමේ,ගිය සතියෙ ඉතාලි මුහුදෙ සිය ගණන් මිනි පා වුනේ අප්‍රිකානු රටවල අයගේද කොහෙද.
    අනේ මන්ද....මේව අහල/දැකල අනිච්චං දුක්කේ.......කියල තමයි මට සිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. kakage kathandara podi akage mekkage kathawa vage. nanda malani pennanna be. poth liyana kaka thawama rate prasna genawath pothak liyala thiyenawada.
      hemadama wena kagen hari vitharai balaporoththu wenne.

      Delete
    2. මේක මමත් අත්දැකලා තියෙනවා. වත්තේ වැඩකට විතරක් නෙවෙයි, ගෙදර උයන වැඩට උදව්වටවත් කෙනෙක් හොයාගන්න බැහැ. අමාරුවෙන් හොයා ගත්තත්, එක්කෝ මාසේ මුලදීම සල්ලි ඔක්කොම ඉල්ලන් ගෙදර යනවා. ලංකාවේ මෙහෙම වැඩ තියෙද්දී මැද පෙරදිග ණය වෙලා ගිහින් දුක් විඳින්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.

      Delete
    3. අපි සාඩම්බර ජාතියක්නෙ ඒකයි ඒ..... අපේ ලැට් හේදුවෙත් දෙමල්ලුනෙ...... ඒ ආඩම්බරේට තමයි අපි ඔහොම ඉන්නෙ..... පාලකයන්ට බැනලා වැඩක් නෑ...

      Delete
    4. කතන්දරට වන් ෆොට් මෑන්ස් රජෙක් වගේ මතක් වෙනවා. එත් නන්දා අත පල්ලෙන් වැටිලා. බලමුකෝ ඒකෙත් වෙනස. හෑබෑටම කකා මොකක දෑ බං වෙනස.
      හැබැයි ඉස්සර අළුගෝසුවෝ අදත් හිටියනම් අහවල්ලු ආයෙත් සිංදු-කවි කියයි. ගායකයෝ නැගිටින්න නම් මිනිස්සුත් නැඟිටින්න සූදානම් වෙන්න ඕන කකා. එක නිසා අරූට-මූට බැන්නට වැඩක් නෑ අපේ පොදු ජන පප්පලා-පප්පිලාට නැඟිටින්න ඕන කමක් නැතිව.

      Delete
    5. ඕක 89 ජයටම තිබුණා. අර අහවල් අලුගෝසුවත් ඒ කාලේ ඩියුටි කළාලුනේ.අප්පා උන්ටනම් මන්දා නාලනී එක්ක අනිත් ගායක - ගායිකා රෝත්ත පෙන්නන්න බැරුව ඇති.

      Delete
    6. අන්න පොර උඹට දාන්න පරණ ටයර් ටිකක් ලෑස්ති කරගෙන ඉන්නේ. යාපනේ හංදිය හරියෙන් උඹට හම්බවෙයි.

      Delete
  15. //ලංකාව වගේ ජනගහණය වැඩි නමුත් දුප්පත් රටක.... //
    ලංකාව දුප්පත්???? කවුද කියන්නේ???? ඒක පුද්ගල ආදායම සෑහෙන්ට වැඩිවෙලාලුනෙ....බලන්ට රටේ සංවර්ධනය..බිලියන ගනන්වලින්නෙ වියදම...කේතුමතී පුරවරය වගේලුනෙ දැන්!

    ReplyDelete
  16. ඇයි මේවට කිසි කෙනෙක් කිසිම දෙයක් කරන්නෙ නැත්තේ? ඒ වගේ රටවලට කාන්තාවන් යවන එක තහනම් කරන්ට බැරිද? ගවයෙක් මරනකොට හිත් උණු වෙන අයට මේවා දැකලා හිත් උණුවෙන්නේ නැද්ද?

    //ලංකාව වගේ ජනගහණය වැඩි නමුත් දුප්පත් රටක එක් ප්‍රධාන ලක්‍ෂණයක් තමයි එක් මිනිසෙකුගේ ජීවිතයට ඇති වටිනාකම ඉතාම අඩුවීම.//

    මේක නම් ඇත්තම ඇත්ත. :(

    ReplyDelete
  17. //KURUWITA BANDAREA, UNCLE, NANDA MALINI, NANDA, ETHAKOTA MAMA - BABA -

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++

      Delete
    2. මගෙනුත් මල් මිටක්. +++++++++++

      Delete
    3. නෑ, මම කකා.

      Delete
  18. මට තේරුම් ගන්න බැරි කිසිම අධ්‍යාපනයක් නැතුව වුණත් බ්ලොග් කට්ටක් අටවාගෙන, මෝඩ ගෑණු ටිකක් අල්ලගෙන කේන්දරයක් දෙකක් බලලා ගාණක් හොයාගෙන මාසෙට රුපියල් 3,500 කින් කාලා ඇඳලා තනිකම ආත්මය කරගෙන වින්දනීය මනසක් ඇතුව ජීවත් වෙන්න පුළුවන් මේ රටේ මිනිස්සු තව රට යන්නෙ මොකද කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම මිනිස්සුත් කාටවත් කරදරක් නැතුව තමන්ගේ පාඩුවේ ජිවත් වෙනවනේ. බලන්න ඔබ දිහා ඉවසා ගැනීමට බැරි තරම් පිඩනයකින් නැගී එන යම්කිසි පෞද්ගලික වෛරී ක්‍රෝධයක් හෝ මතවාදීමය ගැටලුවක් හෝ ඉර්ශයාව ඔබගෙන් පුපුරා ඉවත යන්නේ මේ ආකාරයේ පහත් පෙලේ ග්‍රාම්‍ය සූකරික කටයුත්තකින් නෙවද ?

      ලංකාවට මේ ආකාරයේ ඉරණමක් අතීතයේ ඉඳන් ඇති වෙලා තිබෙන්නේත් , වෙන්නෙත් ඔබ වගේ අනුන් , අන් මත නොඉවසන , ලාමක ඉර්ශයා , පහත් ක්‍රෝධ තුච්ච ගති පැවතුම් ඇති තිරශ්චිනයන් ගේ ප්‍රමාණය වැඩි වීම නිසා කියා මා පැවසුවොත් කවුරුවත් එකට විරුද්ධ වේවිද ?

      අධ්‍යාපනය ? ඔබට ඒ මිනිහට වඩා අධ්‍යාපනය නම් ඇති .. නමුත් ඒක තිබිල ඇති පලේ මොකටද තිරිසනෙක්ට ....

      Delete
    2. ඒක නේන්නම් ඇයි මේ මිනිස්සුන්ටත් බැරි ඒ වගේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න? ආණ්ඩුව රතුපස්වළ මිනී මරුවත් ඉවසාගෙන, ගෙදර ළිඳේ ඇසිඩ් නම් බොටල්ඩ් වෝටර් එකක් අරගෙන බීලා, ඉඳලා හිටලා දෙකක් දාගත්තු වෙලාවක සුචරිත ගම්ලත්ටයි සුනිලා අබේසේකරටයි කුණුහරුපෙන් බැනලා ළාමක ඊර්ෂ්‍යා, පහත් ක්‍රෝධ නැතුව ඉවසලා ඉන්න පුළුවන් කම තියෙද්දි ඇයි මේ මෝඩ මිනිස්සු ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්නේ?

      Delete
    3. ඇයි මේ මලිත්ට ගහනකොට චංචලා අඬන්නේ? - උත්තරයක් නැති සර්වකාලීන ප්‍රශ්නයක්.

      Delete
    4. ඔය මෝඩ කියන වචනෙ භාවිතා කරන්න එපා....... එතකොට නම කිව්වා වගේ තමා......

      ඇත්තටම ඇයි මලිත්ට ගහද්දී චංචලා අඩන්නෙ?

      Delete
    5. මලිත් ට ගහද්දි චන්චලා අඬන හේතුව මන් දන්නේ නෑ දරුවෝ .. නමුත් ලංකාව මේ තත්වෙට පිරිහෙන්න හේතුව නම් ඔබගේම ඒ වාක්‍යයේ ම තියෙනවා ...

      කැත ක්‍රියාවක් දැක්කම ඒක මට නෙවේ නම් අහක බලන් ඉඳීම. ලංකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය , මනුස්ස කම පිරිහෙන්න , දේශපාලකයෝ පිස්සු කෙලින්න , තිරිසන් වැඩ ඉහවහා යන්න මුලික හේතුව ඕකයි දරුවා.

      "මට නෙවේද ? එහෙනම් මට මොකට මොනවා උනත් ! "

      කැත වැඩේ මට උනත් කාට උනත් කැතයි දරුවා.

      Delete
    6. @ 10:52 AM

      +++++++++++++++++

      අපිට වැරදුනේම ඔන්න ඔය හේතුව නිසා.. අර ප්‍රසිද්ධම කවි පන්තිය තුල තියෙන්නෙත් මේ සත්‍ය...අන්තිමට මලිත්ටයි චන්චලාටයි වටේ ඉන්න උන්ටයි හැමෝටම අඬන්න වෙන දවසක් එනවා...

      Delete
    7. මහසොහොන් පිල්ලිය මාමේ,

      1. මහාචාර්ය සුචරිත ගම්ලත්, සුනිලා අබේසේකර වගේ අය මැරුණායින් පස්සෙ බනින එක කැත වැඩක් නෙවෙයිද?
      2. කාගේ පුතා වුණත් වයස අවුරුදු දොළහක කිරි සප්පයෙක් මරා දමපු එක අනේ සාදු කියලා අනුමත කරපු එක කැත වැඩක් නෙවෙයිද?
      3. මේවා පහත් පෙලේ ග්‍රාම්‍ය සූකරික කටයුතු නෙවෙයිද?

      Delete
  19. මේ පිටරටවල් වලදී සමහර ගැහැණු අය විදින දුක දැක්කම මැරෙන එක සැපයි කියල හිතෙනවා ......

    ReplyDelete
  20. අවයව ලබා ගැනීම සඳහා මරණයට පත් කිරීමක් වෙන්නත් පුළුවන් මේ කියන විදිහට...

    ReplyDelete
  21. අවයව ලබා ගැනීම සඳහා මරණයට පත් කිරීමක් වෙන්නත් පුළුවන් මේ කියන විදිහට...

    ReplyDelete
  22. අවයව ලබා ගැනීම සඳහා මරණයට පත් කිරීමක් වෙන්නත් පුළුවන් මේ කියන විදිහට...

    ReplyDelete
    Replies
    1. Red Bull බිව්වද ? :D

      Delete
    2. උදේ පාන්දර ඇහැරුණු ගමන් මේ කමෙන්ට් එක දැම්මේ.. පොඩි අවුලක් ගියා කම්පියුටර් එකේ...:(

      Delete
    3. සහන් ඔයාගෙ ලින්ක් එකකුත් ඔබන්න කෝම හරි....

      Delete
    4. ඊළඟට පෝස්ට් කරන "යුධ හමුදා බංකර් ගැන ලිපියක් ( යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා අය සඳහා පමණයි ! ) " එකේ ලින්ක් එක දාන්නම්... ඒක බලන්න එන්න.... හෙට නැත්නම් අනිද්දට පෝස්ට් කරනවා...

      එතෙක් මේක බලන්න ... 02 ප්‍රහාරක ජෙට් නියමුවෙකුගේ සහ ප්‍රහාරක හෙළිකොප්ටර් නියමුවෙකුගේ වෙනස් කම් 02 fighter-pilot-requirements

      Delete
    5. බොලාට ලඟකදි ඉදලා පොඩි පොඩි අවුල් යනවා. පාන්දර නැඟිටිලා පින්නට අහුවෙන්න එපා. රෑට රෙඩ් බුල් ගහන්නත් එපා.

      Delete
  23. මම මේ අවකාසෙට අලුත් නොදන්නා ප්‍රශ්න කීපයක් තියෙනවා දන්න එවුන් තේරුං කරලා දීපල්ලකො හරස් පද ප්‍රහේලිකා නොකියා.සී නිව්ස් ආණ්ඩුවට සම්බන්ධ වෙබ් අඩවියක්ද?,අභීතට ණය දෙන්න එපා කියන්නේ ඇයි?,ආච්චි කෙනෙකුට වත් මී මුරේ ආරක්ෂා සහිත නෑ කියන්නේ ඇයි?මඩිස්සලේ කියලා එකක් ලියාපු කොලුවට මොකද වුනේ?
    සමකය වටේ ලියන්නේ කව්ද?එකේ කෙන්ජි ගැන ලිපි ලියලා ඒ ලිපිය ගැන කෙන්ජි රිප්ලයි දෙන්නේ ඇයි?බොග බද්දට අරගෙනද?අගේ නොකර කියපල්ලකෝ.
    -වන්නි හත් පත්තුවේ අලුත් ඇනොවෙක්-

    ReplyDelete
    Replies
    1. එකක් අමතක වුනා. කකාට ඇනොලා කොච්චර මඩ ගැහුවත් ඒවා ගණන් නොගෙන පල කරන්න කොන්දක් තියෙන එකට(වාරණය නොකර)ස්තූතියි

      Delete
    2. C NEWS lemon Puff Wansage. 2. eka polu thiyana nisa, 3. Meemure Bahinna amaru pathalayak nisa.4. madissale liyapu eka hondin innawa.5 Eka wate yana ekek.6 Kenji saha kakka Pukai Amudei wage nisa. Oone nam umbata Colomba enna Double Cab ekak dennam.

      Delete
  24. මමත් මැද පෙරදිග සෑහෙන්න කාලයක් හිටියා. ලංකාවේ ගෑණුනම් බොහොම දුක් විඳිණවා. වෙන රටවල අය හිටියත් ඔවුන්ව එවන්නේ හොඳ අධීක්ෂණයකින් පස්සේ. ඒවගේ සමහරක් රටවල අපේ වගේ බොරු ෂෝත් නැහැ. ඔය විෂය සඳහාම වෙන් කෙරුනු ඇමතියොත් නැහැ. රටවිරු නාඩගමුත් නැහැ. හැබැයි ප්‍රශ්නවලදී තානාපති සේවයේ උපරිම මැදිහත්වීම තියෙනවා. අපේ ගෑණියෙක් ඉන්න බැරිව තානාපති කාර්යාලයට පැනලා ආවොත් කොහොම හරි කරලා ඒ බොසා ගාවටම යවනවා. එතකොට පනිශ්මන්ට් එක ඩබල්.

    මම දැන් ඉන්න රටේ තානාපති කාර්යාලයේ වීසා අංශයේ එක් තැනක ගහලා තිබුනා ලොකු දැන්වීමක් SORRY FOR THE INCONVENIENCE COURSED කියලා. ගිහිල්ලා ලොක්කෙකුට පෙන්නපුවාම තමයි සති ගානක් ගහලා තියපු බෝඩ් එකේ අකුරු වෙනස් කරේ. මේ සුද්දන්ගේ රටක්.තව කතා බොහෝමයයි. ඒ රටේ භාශාව හසුරුවන්නවත් පුළුවන් අය නේද එවන්න ඕන. පරගැති දේශද්‍රෝහියෙක් කියලා හිතන්න එපා. ඇත්ත ලියන්නේ.

    ReplyDelete
  25. අවුලක් නෑ බන් ඒමැරෙන්නෙ සින්හල කෙල්ලොනෙ. තවත් ‍රිසානා කෙනෙක් මැරුනම මුස්ලිම් ඇමතිවරු කෑගහයි එතකොට අපිත් කැගමු එතකන් කට වහගෙන ඉදපල්ලා

    ReplyDelete
  26. මැද පෙරදිග ඉන්න මිනිහෙක් විදියට මගේ අදහස මේකයි. අපේ රටේ ගෑණු මෙහෙ ගෙවල්වල දුක් විඳල මැරෙනවට වඩා මැරෙන්නෙ මෙහෙ කෑම හින්ද එන හාර්ට් ඇටෑක් ( අරාබි ගෙවල් වල සියලු කෑම තෙලෙන් මිසක් පොල් කිරෙන් හදන්නෙ නෑ), එහෙම නැත්තන් තමන්ව තියාගෙන ඉන්න අල්ලපු රටේ හරි පකිස්ථාන් හරි මින්හගෙන් ගුටි කාල ( මෙහෙ ඉන්න ලංකාවෙ බහුතරයක් ගෑණු පැනල ඇවිත් පාර්ට් ටයිම් වැඩ කරනව ගෙවල් දෙක තුනක, වෙන රටක මිනිහෙක් එක්ක ඉඳන්, එතකොට ඒ මිනිහ ගානෙ නොමිලේ කෑම බීම සහ රස්සා කිහිපයකින් තරමක් ඉහල ආදායමක්, හැබැයි අපේ එකෙක් එක්ක හිටියොත් ගෑණිටම තමයි ඌට කන්න දෙන්න වෙන්නෙත් වැඩ කරල - මේක බොහොම කණගාටුදායක දෙයක් ) හරි එහෙමත් නැත්තන් සීතලට හරි වෙන තමන්ට තිබ්බ ඒත් හන්ගගෙන බොරු කියල ඇවිත් මෙහෙදි වැඩි උන අසනීපයක් හරි හින්ද වගේ නොයෙක් හේතු හින්ද කියලයි මම දකින්නෙ. ගොඩාක් මිනී වල හාර්ට් එක අක්මාව අඩු ඒව මරණ පරීක්ශනයෙදි කපල ගන්න නිසයි. මොකද අවයව බද්ධය කියන්නෙ මේ රටවල එහෙමට කෙරෙන දෙයක් නෙමෙයි. ඒවට පහසුකම් මෙහෙ හරි අඩුයි. ඒ නිස එහෙම දෙයක් ඕන එකෙක් බොහෝ විට තායි හරි ඉන්දියා හරි යනව මිස තමන්ගෙ මේඩ් කපල ඒක අරගන්න තියෙන සම්භාවිතාව අඩුයි. අනික මතක තියගන්න මැද පෙරදිග ඉන්න ලාන්කීය ජනගහනය මිලියන එකයි දශම හයක් විතර. ඒකෙන් සීයට හැටකට වඩා කාන්තාවො ( ගෘහ සේවිකාවො සහ ඇඟලුම් සේවිකාවො ). ඉතින් ඒ ප්‍රමානයෙන් සීයට දශම එකක් මලොත් වසරකට ඒක නමසිය හැටක් විතර. ඒ නිසා මට හිතෙන්නෙ තත්වය කියන තරම් දරුණු නෑ කියලයි.

    හැබැයි අපේ තානාපතිල මීට වඩා වගකීමෙන් කටයුතු කලොත් ඔය ගාන තව අඩු කරගන්න විතරක් නෙමෙයි අපේ රටේ මිනිස්සුන්ට වඩා ගෞරවනීය තත්වයක් ලබා ගන්නත් පුළුවන්. මොකද සමහර මරණ වෙන්නෙ අර "අරූ" කියපු විදියට පැනල ආවම ආයි එහෙටම ගිහින් දෙන නිසා.

    අරාබි කොච්චර ම්ලේච්ඡද කියල දැනගන්න මේක කියවල බලන්න.
    http://www.upi.com/Top_News/World-News/2013/10/10/Dad-who-beat-son-to-death-over-bad-test-score-gets-jail-time/UPI-56221381418015/

    ReplyDelete
    Replies
    1. දීර්ඝ හා මැදහත් පැහැදිළි කිරීමට ස්තූතියි, ඉන්දික. ආයෙ තව කාටවත් දෙයක් කියන්න ඉතුරු නැතුව ලෙසටම ලියලා තියෙනවා.

      ප.ලි. ඇයි බං මේ වගේ මොළේ තියෙන එකෙකුත් අර පට්ට හොරාට අහුවුණේ?

      Delete
  27. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හැක... හැක.....
      සියලු දෙනාටම ස්තුතියි.

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.