Monday 14 October 2013

වයිෆ්ගෙන් ඇරියස්, ජොබ් එකේ ඇරියස් සහ බාහු - All in a days work


ඇරියස් කියන්නේ හිඟය කියන එකනේ.

සාමාන්‍යය භාවිතයේ එන ඇරියස් එකක් එන්නේ මොකක් හෝ තමන්ට හිමි දෙයක් කාලයක් තිස්සේ අහිමි වෙලා නොලැබී තිබිලා එක පාරටම සීන් එක වෙනස් වෙලා ඒ දෙය ආපහු හිමි වුණාම අර අහිමි වෙලා තිබුණු කාලේ නොලැබුණු ගොඩ එක පාරට ආපහු ලැබෙන කොටයි.

තේරෙන උදාහරණයකින් කියනවා නම්, යුද්දෙට මං ගියා, පවුල ගෙදර තියා වගේ අවස්තාවකින් පස්සේ භටයා ආපහු ගෙදර ආවාම ඔන්න ඇරියස් හම්බ වෙන්න නියමිතයි.

එහෙම නැතිනම්, පවුල ගෙදර තියලා පිටරට රස්සාවකට ගිහින් අවුරුදු දෙකකට විතර පස්සේ ආපහු ගෙදර ආවාම ඔන්න ඇරියස් හම්බ වෙනවා.

මගේ යාළුවෙක් ඉස්සර වැඩ කළා ගෙදරින් දුර බැහැර පළාතක ලංකාවේම. පොර ඒ දවස්වල ගෙදර යන්නේ මාසෙකට එක පාරයි. ඒ ගියත් දවස් දෙකෙන් ආපහු එනවා වැඩ නිසා.

"ඉතිං උඹ මාසෙකට පාරක් ගෙදර ගියාම ඇරියස් හම්බ වෙනවා ඇති නේද?" මං ඇහැව්වා.

"මොන පිස්සුද බං, සමහර මාසවල මං ගෙදර යනකොට සැප්තැම්බර් ඔක්තෝම්බර වෙලා!" යාළුවා දුකෙන් උත්තර දුන්නා!

අද කතන්දරේ මේකයි.

ඔන්න මං කාලෙකට ඉස්සර වැඩ කරපු තැනක සේවකයෙක් විෂමාචාරයකට දඩුවම විදියට පාළනාධිකරය මගින් වැඩ තහනමකට ලක් කරලා තිබුණා අවුරුදු දෙක තුනකට කලින්.

මේ කළමනාකරුවෙකුට කුණුහරුපෙන් බැනලා තර්ජනය කළාය වගේ කේස් එකක්.

මං එතන සේවයට ගියාට පස්සේ දවසක පොර කම්කරු උසාවි නඩුව දිනලා අවුරුදු තුනකට පස්සේ හිඟ වැටුප් එක්ක සේවයට ආවා.

පොර එදා වීරයා සේ පර්සනල් මැනේජර් ගේ කාමරේට ගිහින් උසාවි නියෝගය දීලා සේවයට වාර්තා කළා.

"මට හිඟ වැටුප් සේරම ලැබෙනවා. ඒ හින්දා පහුගිය අවුරුදු තුන ඇතුලත මට ලැබෙන්නට නියමිතව තිබුණු බෝල්පොයින්ට් පෑන් මාසෙකට එක ගානේ තිස් හයත් මට ඕනෑ!" පොර පර්සනල් මැනේජර්ට කිව්වා.

"පෑන් නං දෙන්න විදියක් නෑ. මොකද ඔහේ ඒ කාලයේ නොලියපු දේවල්, නොගහපු අත්සන් ආයේ ගහන්නේ නෑනේ" ඒ පර්සනල් මැනේජර්. "හැබැයි මට දෙන්න පුළුවන් පහුගිය අවුරුදු තුනේ ඔහේට ලැබෙන්න තිබුණු කැලැන්ඩර් තුන නම් කිසිම ප්‍රශ්ණයක් නැතුව!"

-කතන්දරකාරයා

ප/ලි
ඔය විදියට වැඩ තහනම උසාවියෙන් අහෝසි කළත් සමහර ආයතනවලින් ඒ උසාවි නියෝග නොසලකා හරින අවස්ථාත් තියෙනවා.

මේ සඳහා හොඳම උදාහරණය තමයි ආවාර්ය වික්‍රමබාහු ගේ කේස් එක.

ජේ.ආර් ගේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව කළු කොඩියක් දැම්මාය කියලා බාහුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සේවයෙන් නෙරපලා තියෙන්නේ 1978 දී යි.

බාහුව ආපහු සේවයට ගන්න කියලා 1982 දී ප්‍රජා අයිතිවාසිකම් කොමිසමෙන් නියෝගයක් ලැබිලා තිබුණත් විශ්ව විද්‍යාලය ඒක නොසලකා හැරියා. ඒ විතරක් නොවෙයි 2001 දී ලැබුණු කැබිනට් නියෝගයත් පිළිපැදලා නෑ.

දැන් බාහු ගේ වයස අවුරුදු 70 ක්. පොරත් වන්දි ඉල්ලලා නඩු දාලායි තියෙන්නේ.

වන්දි සමගම හිඟ වැටුප් කෙසේ වෙතත් බාහු 1965 විතර ඉඳලා 1978 වෙනතුරු කරපු සේවයට හිමි විශ්‍රාම වැටුප් හෝ අර්ඨසාධක දීමනා සියල්ලම ලැබිය යුතුයි!

(image: http://www.123rf.com/photo_14731366_illustration-depicting-a-roadsign-with-an-arrears-concept-blue-sky-background.html)

97 comments:

  1. කරුණාකර සංයමයෙන් යුතුව ඔබේ අදහස් දක්වන්න. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. E MOKKAKDA , E KIYANNE, ? THAWA PAHADILI KALOTH.

      Delete
    2. @කකා,

      මම හැමදාම බස් එකේ ඔෆිස් එන ගමන් කන්න දෙයක් ගන්නවා. ඉතිරිවෙන සිලි සිලි බෑග් එක විසිකරන්නේ පාරේ තියෙන කුණු ගොඩක් බලලා. කුණු ගොඩක් නැති තැනකට ඒක විසි කරන්නේ නැහැ.

      ඔබේ බ්ලොග් එකේ කමෙන්ට් කරන අයත් එහෙම තමයි කියලා හිතන්න. කුණු ගොඩක් දැක්කොත් එතෙන්ටම තමයි කුණු විසි කරන්නේ. ඔබ බ්ලොග් එක පිරිසිදුව තියා ගන්නවා නම් කවුරුත් කුණු විසි කරන එකක් නැහැ.

      Delete
    3. පාරට කුණු වීසි කරන්න එපා... ඔබ කරන්නේ වැරැද්දක්..... පොදු කුණු ගොඩවල් නෑ..... නිසි කසල කළමනාකරන ක්‍රමයක් භාවිතා කරන්න..... අනුන්ගෙ බ්ලොග් හදන්න කලින් තමන් හැදෙන්න....

      - කකා සුරැකීමේ ජාතික සංගමය -

      ප: ලි: අභීත එදිරිසිංහට අහුවෙන්න එපා.... ඔහු ලග රැකියා අවස්ථා නෑ..... ණය දෙන්න එපා... ආයෙත් ලැබෙන්නේ නෑ..... මීමුරේ යනවා නම් කියන්න එපා සතුටින් එන්න ලැබෙන්නේ නෑ.....

      Delete
    4. කකා සුරකීමේ සංවිධානයත් අභීතට මඩ පහරක් දියත්කරලා තියෙන්නේ.

      Delete
    5. මෙව්වා මඩ නම් නොවෙයි....

      Delete
    6. එහෙනම් මෙව්ව මොනවද? තමන්ගේ පාඩුවේ බිස්නස් එකක් කරගෙන දරු පවුල ආරක්ෂා කරන්න දඟලන අහිංසකයකුට ගහලා උඹලා හැමදාම තෘප්තියක්ද ලබන්නේ? මේවා ග්‍රාම්‍ය සූකරික වැඩ. ගිහින් අභීතගේ දෙපා මුල වැටිලා සමාව ගනින්.

      Delete
    7. එවා මඩ නෙමේලු. යෝගට්, මුදවපු කිරි වාගේ අනං මනං ජාති යේ ඒවාලු. ගෑවුන තැන හරි රසයි කියලා හිතාගෙන ඉන්නේ.

      Delete
    8. මඩ ..... හුග්..... අහිංසක..... පව්..... අනේ ඔය මහත්තුරු දෙන්නා කීයක් හරි ඒ අසරණයාට දෙන්න....

      Delete
    9. හි හි

      Delete
  2. Replies
    1. ඒකත් එහෙමද
      ගොං කෙන්ජි@Japan

      Delete
    2. හැක්....හැක්....හැක්....හික්....හි....

      Delete
    3. කෙන්ජියො comment දමන්න කලින් පෝස්ට් එක කියවල හිටු

      Delete
    4. මචං බාහු ගෙ විස්ත්තරය කියවල මා විස්මිතයට පත් වෙලා,හරියට කකා මගේ ඉදිරිපිට ඉදල කිව්වා වගේ දැනිල තමයි "එහෙමද"කියල ලියවුනෙ.
      ඇයි උඹේ පස්චාත් භාගෙට නිකං අවුල් අවුල් වගේද..?

      Delete
    5. පශ්චාත් බාගෙ කිසිම අවුලක් නෑ හොදට රෙනවා. (රෙනවා කියාන්නෙ කුනුහරුපයක් නොවේ)

      Delete
    6. අප්පා කෙන්ජි කෑකෝ පප්පේ,
      අදනම් අගේට නාගෙන තියෙනවා වගේ. මම මේ කල්පනා කලේ කොහොම සපෝට් එකක් දෙන්නද කියලා.

      Delete
    7. ka Kalaya ;
      මා විසින් තට දී තිබෙන නිදහසින් අයුතු ප්‍රයෝජන නොගනින්..
      හරි තැනදි හරි වචන භාවිතා කරහන්.
      ඊයේ සෑ Buzz එක අහපන්.

      Delete
    8. අනේ මට බොලා දීපු නිදහස තේරෙන්නේ නෑ බං. ඉතින් කියලා දීහංකෝ කෙන්ජියේ. බලපල්ලා කෙන්ජි බස්තියන් මාමේ. ආ.......... කෑකෝ පප්පා කියපු එකද. මම එක ආදරේටනේ කීවේ. බොලාට කොල්ලෝ ආදරේ නොවැ. තැන තැන පැන පැන කෑ ගහන නිසා මට හිතුනා එහෙම කියන්න. ඒක නොවේ බං. මම ලඟදීම පෝස්ට් කටුවකින් දෙන්නෙකුගේ හෙළුව පෙන්නනනවා. පෙන්ඩින් තමා තාම. ඒපාද කියලා කියහං. ඒච්චරයි.
      අඩෝ මේ කෙනජි බසතියන් මාමේ, සූකිරි බොලේ. තුවාලේ තියෙන එකාට තමා ඒකෙ වෙදනාව තේරෙන්නේ. තුවාලේ මගේ. තුවාලේ මගේ. බොලාගේ නෙමේ. තුවාල කරපු එවුන්ගේ පුරාජේරු අහන්න (Buzz ගැන නෙමේ) මට ඔන නෑ. උගේ පුරාජේරුවයි ඉද හිටලා මම ඌට තේරුම් කරලා දෙන්න ට්‍රයි කළේ. අංගුලිමාල ඇඟිල් 999 ක් කපලා ඉතිරි එක කැපුවේ නෑ කියලා, විතරක් නෙමේ රහත් උනාත් මිනිස්සු ඌට සමාව දුන්නේ නෑ.

      එක නෙමේ බං. බොලා උඩින් නාගත්ත එක මගේ පිටින් දාලා පිහ ගත්තා නේද. කෙන්ජි තමා දවසකටවත් මිනිහ.

      Delete
    9. ඇද්ද තෝ උදවු දෙන්න ගිහින් අහගත්ත හරිය. මදිනම් පල තව කෙන්ජි පස්සෙන්.

      Delete
  3. පොරට බෝල් පොයින්ට් පෑන් ලොරියක් විතර පොරට හම්බු වෙයි

    ReplyDelete
  4. //1965 විතර ඉඳලා 1978 වෙනතුරු කරපු සේවයට හිමි විශ්‍රාම වැටුප් හෝ අර්ඨසාධක දීමනා සියල්ලම ලැබිය යුතුයි! //
    අම්මෝ නේ? :D

    ReplyDelete
  5. ඒ කාලේ ගෙවපු ගාණමනන් ඇරියස් විදිහට හම්ම්බ වෙන්නේ ඒ හැටි ලොකු ගාණක් වෙන්ඩ බෑ...පාන් රාත්තල සත ගාණට තිබුන කාලේ නොවැ....

    ReplyDelete
    Replies
    1. ආ, එහෙනම් පොර ඇරියස් එක පාන් රාත්තල් වලින් ඉල්ලුවෝත් තමා වැඩේ.

      Delete
    2. ඔහුට ලැබිය යුත්තේ වන්දියක්!

      Delete
    3. නෑ.නියමිත කාලෙට ලැබෙන උසස්වීම්,පඩිවැඩිවීම් එක්ක තමයි ලැබෙන්න නියොග දෙන්නෙ

      Delete
    4. //ඔහුට ලැබිය යුත්තේ වන්දියක්!//
      ලැබියයුත්තේ වන්දියක් නං තමයි. මෙතනදි "වන්දියක්" කියල කියන්නෙ ඒ කාලෙට අදාල වැටුප්-දීමනා ආදී සියල්ල වෙන්න ඕන. මොකද වැටුප් ගන්න ඔහු සේවය කරල නෑනේ.

      Delete
  6. ."පාන් රාත්තල සත ගාණට තිබුන කාලේ නොවැ...." එහෙනම් ඔන්න ඇරියස් එක ගෙවල දාමු

    ReplyDelete
    Replies
    1. ඔහුට ලැබිය යුත්තේ වන්දියක්!

      Delete
  7. ඇති යාන්තම් එහෙම දෙයක් කරන්නාත් පේරා එකට කොන්දක් තිබබා. කාටද දන්නේ නැහැ මේකේ ගෞරවය යන්න ඕනේ?

    ReplyDelete
    Replies
    1. කොහොම දෙයක්ද? ව්‍යවස්ථාවට විරුද්ධව කළු කොඩි දාන එකද?

      මෙන්න පේරාදෙනිය සහ කටුබැද්ද වෙනස ගැන මං ලියූ කතන්දරය.
      http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

      Delete
    2. අයියෝ අපි දෙගොල්ල හම්බුන තැන කොහොමත් මතවාදී ගැටුම් තමයි. ළගම නිදර්ශනය ටෙක්නෝ 2013 එකේ තිබ්බ "ස්පගැති පාලම්" තරගය. කොහොමත් දෙගොල්ල අතර වෙනස් කම් සැහෙන්න තියනවා. ඒක කවුද වඩා හොද කියලා තීරණය කිරීමක් නෙවේ. දෙගොල්ල එකම දිශාවට පොඩ්ඩක් වෙනස් මාර්ග දෙකකින් යනවා. එච්චරයි.

      දේශපාලුවෝ ගැන නම් කතා කරන්න ඕනේ නෑ. දියවන්නාවේ පස් පැගුවාට පස්සේ ඒ අය පේරා වත් මෝරා වත් නෙවේ. අනිත් අයගෙයි එයාලගෙයි මහා ලොකු වෙනසක් නෑ

      Delete
    3. මම කිව්වේ කලින් වික්‍රම බාහුව ආපහු ගත්තේ නැති එකට

      Delete
  8. සැප්තැම්බර් ඔක්තෝබර් වෙලා නම් මහත්තයෝ පසු පස දොරින් ඇතුළු වෙනු! කොයි තරම් සිම්පල් ප්ලෑන් එකක්ද?

    ReplyDelete
  9. අපේ කාර්යාලෙ ඉන්න සෑම් අයිය ගොඩගියේ ඔය විදියේ වැඩ තහනමක් නිසා. එයා අවුරුදු දෙකතුනක් වැඩ තහනම් වෙලා ඉඳල ඇරියස් එක ගත්ත. ඒ ඇරියස් එක ගිනි පොලියට ණය දීල දියුණු උනා. තාමත් ඒ වැඩේ කරනව.

    පෑනක් ඉවරවුනාම පෑනක් දෙන්න ඕන තමයි වැඩකරන මිනිහට, හැබැයි මාසෙකට සැරයක් පෑන් දෙන්න කියල කොහේවත් කියල නෑ

    ReplyDelete
    Replies
    1. මේ මාසෙට පෑන කතාවේ ඉතිහාසය තමයි ඉවරවෙන ගානට පෑන් දෙන එක වාතයක් නිසා මාසේ මුල දවසේ පෑන් දීමට ගත් තීරණයක්.

      Delete
  10. මොකද්ද මේ සංයමයෙන් කමෙන්ට් කරන්න කියන කතාව ?

    ---------------------------
    ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා.... රැකියා අවස්ථා නෑ... ඇන්දෙන්න එපා

    මෙට මුදල්ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. අනේ බලන්නකෝ පප්පාලන්තේ 78 ඉඳලම මිනිසුන්ට හරියට නීතියත් කියල දෙයක් තිබුනේ නෑ කියලා යස අගේට කියවෙනවා ද කොහෙදෝ. එදත් අද පප්පාලන්තේ සාටතුමා වාගෙම යස අගේට ගේම දුන්නා. ඔය හරි හපන් නීතියක් නැති නිසානේ 89 අලුගෝසුවො කීප දෙනෙක් නීතිය කරන්න ට්‍රයි කොලේ.
    කකාත් ජේ ආර් තුමාව විවේචනය කරයි කියලා පක්ෂේ රැක ගන්න තියෙන ඕනෑකමට සංයමෙන් කමෙන්ට් කොරන්නලු. බලන්නකෝ වැරැද්ද දැකලත් කඩේ රැක ගන්න හැටියක්. ඔය අසාධාරණ මැතිණිගෙන්, හරි ජෙප්පන්ගෙන් හරි උනානම් උඩ තියාගෙන ගහයි.
    සමහරු හිතාගෙන ඉන්නවානේ තමන්ගේ පක්ෂේ හැර අනිත් පක්ෂවල අය හුස්ම ගන්න ඕනෙත්, ඇවිදින්න ඕනෙත්, කතා කරන්න ඕනෙත් තමන්ට ඕන විදිහට කියලා. අනේ බං මංතුමාට මේවා. තේරෙන්නේ නැතිවද මන්දා.

    ReplyDelete
    Replies
    1. අර උගේ පංතියේ ඌ විතරයි කියන ජිල්මාට් පප්පානම් මට කියන්නේම මොකුත් තෙරෙන්නේ නෑම කියලා.

      Delete
    2. ka Kalaya ;
      මා විසින් තට දී තිබෙන නිදහසින් අයුතු ප්‍රයෝජන නොගනින්..
      හරි තැනදි හරි වචන භාවිතා කරහන්.
      ඊයේ සෑ Buzz එක අහපන්.

      Delete
    3. @ ka Kalaya

      මොනවද මේ ලියා තියෙන අප්‍රභංශ? මට නං තේරෙන්නේ නෑ!

      Delete
    4. 1977 සිට මේ ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රමයෙන් අභාගයට ගිය බවත්, එය ක්‍රමිකව අදවන විට අන්තයටම පිරිහෙමින් පවතින බවත්, ඒ අනුව පීඩා විදි ජනතාව තවමත් එම නීතියේම සරණ පතා සිටින බවත්, තතාන්දර පිටුවේ කොමන්ටුවක් ලෙස කාටත් තේරෙන පරිදි මෙසේ ලියමි. එහි එක්තරා ප්‍රතිඵලයකි මේ වාසුදේවට සිදුවූයේ. එය දේශපාලනික පළිගැනීමකි. එදා සිට අද දක්වා දේශපාලන පළිගැනීම්වල වර්ධනයක් මිසක අඩුවක් දක්නට නොහැකිය. දේශපාලන පලිගැනීම් නැත්තටම නැති කළ හැකියැයි ka Kalaya කියන්නේ නැත.
      වාසුට මෙම අසාධාරණය සිදුවූයේ එජාපයෙන් නිසා, එම පක්ෂයට අවනත පිරිස් එජාපය කිසිම විටක විවේචනය නොකර අදාල කාරණය මතුකරයි. ඒ අනුව පක්ෂයට පොඩි සිකියුරිටි පාරක් ලබා දේ. නමුත්, වාසුට වූ අසාධාරණය සිරිමාවෝ මැතිණියගෙන් හෝ ජෙවිපේ යෙන් සිදුවීනම්, තත්වය මීට වඩා වෙනස්ය. කොමන්ට් කොටන සමහර උදවියට මේ ගැන අවබෝධයක් නැත.

      වාසුට පමණක් නොව, 89 වර්ෂවල දී මේ කොමන්ට් කරුටද අසාධාරණයක් සිදුවිය. කිසිදු දේශපාලන පක්ෂයකට නෑකම් නොකියූ ඔහුගේ පියා හමුදාව විසින් ගෙනගොස් මරා දමන ලදී. නිර්ලැජ්ජිත මුන් අවසානයේ කියා සිටියේ එය වැරැදීමක් බවයි. එහෙවු හමුදා ගණයේ එකෙක් එදා කළ අළුගුත්තේරු වැඩේ ආඩම්බරයෙන් දෙසාබානකොට (උගේ පුරාජෙරුව ඇත්තේ වෙනත් පෝස්ටුවකය) මට මෙන්ම අසාධාරණයට ලක්වූ බොහෝ දෙනෙකුට වෛරය උපදවන්නෙකි. මා හඳුනාගත්ත ඒ අළුගෝසුවාට උගේ අළුගුත්තේරුකම කියා කියා දුන්නද වූ එය තේරුම් ගත්තේ ද නැත. අනතුරුව මේකා මගේ ආකාරයේම ප්‍රොෆයිල් කටුවක් අටවාගෙන කුණුහරප කියමින් මා චාටර් කිරීමට උත්සාහ ගති.
      කකාටත්, මගේ පණ මගේ මටම දෙසන කෙන්ජිටත් දැන් මෙය තෙරෙන්න ඇති කියා සිතනවා.
      කෙනජියේ, මෙ ටිං ටිං සුදුසු තැන සුදුසු වචන පාවිච්චි කරන්න ඉගෙන ගත්තේ ශිෂ්‍යත්වයේදී යි.

      Delete
    5. අන්න එහෙම වරෙන්. ඒ කියන්නේ උඹටත් ඇරියස් තියෙනවා.!

      Delete
    6. @ Ka KlayaOctober 14, 2013 at 10:48 PM
      කරුණාකර සංයමයෙන් යුතුව ඔබේ අදහස් දක්වන්න.

      Delete
    7. කකා ගැන දුක සිතේ.

      Delete
  13. සුනිලා අබේසේකර, පච බාහු වගේ අයට මොකටද ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ, ඩොලර් ලැබෙනවනේ වෙන රටවලින්..කකා මහත්තයා ඩොලර් ලබා ගන්නේ නැතුවම මුන් දෙන්නට මොකට කඩේ යනවද මන්දා....

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද, ඔය මෝඩ වම්මු හමදාමත් ගිය ගිය තැන කෙලව ගන්නවා. උන් හිතාගෙන ඉන්නේ වේදිකාවේ කෑ ගහුවම මහලොකු පොරවල් කියලා. හැමදාම කළේ රටට හරියට කරන්න දෙන්නේ නැතිව අවුල් කරපු එකමයි. මේ රටේ හරියට වැඩක් කලේ 77 පස්සේ. එතකන් කරපු කිසි දෙයක් නෑ.

      Delete
    2. අප්පා, උඩ ඇනෝමද කොහෙද යටත් ඉන්නේ. මොන පප්පා උනත් ලේසියෙන් හොයාගන්න පුලුවන්. දනුකට ගහනකොට චංචලා අඩනවද කොහෙදෝ. ඉතින් මෙතන කවුරුවත් අහවල් එකකටද දනුකට ගහන්නේ.

      Delete
    3. මැරුණු සුනිලා අබේසේකරට දැන්වත් සැනසිල්ලේ ඉන්නට ඉඩ දෙමුද?

      Delete
  14. පේරෙ ඉන්නෙ චාටර් පොරවල්....පේරෙන් අවුට් වෙන උනුත් ඔහොම්මයි.... විශේෂයෙන් ආනන්දෙන් පේරෙට යන එවුන් ගන්න දෙයක් නෑ......

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඇනෝ,පේරේ වැරද්දක්ද ආනන්දෙ වැරද්දක්ද

      Delete
    2. ඒ දෙකේම වැරැද්දක් නෑ... වැරැද්ද තියෙන්නේ ඒවා වලට ඉහලින් පාත් වෙන පැරෂුට් ඩයල් වල !

      Delete
    3. කකා ගැන දුක සිතේ.

      Delete
  15. 1.. This might be splitting hairs but since i'm bit free i just commented ok?
    "වැඩ තහනම උසාවියෙන් අහෝසි කළත් සමහර ආයතනවලින් ඒ උසාවි නියෝග නොසලකා හරින අවස්ථාත් තියෙනවා" Not entirely correct. Labour Tribunal is a court of law and its orders can be enforced. Decisions of the ප්‍රජා අයිතිවාසිකම් කොමිසම do not have the same effect and that's why Bahu has to go to court now. Only clear instance of "උසාවි නියෝග නොසලකා හරින" was when the Government itself ignored the directive regarding fuel prices.

    2.කරුණාකර සංයමයෙන් යුතුව ඔබේ අදහස් දක්වන්න.? ඇයි ? What happened?

    ReplyDelete
    Replies
    1. ඇයි ගිය පාර අර ප්‍රභාගේ පුතා(kaka assumed so) ගැන මෙයා දාපු පොස්ට් එකට අම්බානක නෙලුවනේ කට්ටිය...මෙය බය මේ පාර මෙයාටයි, බාහු uncle ටයි JR උතුමානන්ටයි නෙළයි කියලා...

      Delete
    2. @Pra Jay
      එය මා "අද මං එක" වෙන්නට දැමූ කමෙන්ටුවකි!

      Delete
    3. @Pra Jay
      මානව හිමිකම් කොමිසමේ තින්දුවක් උසාවියකින් දුන් එකක් සේ සැලකිය යුතුයි!

      Delete
    4. Only නිර්දේශ

      Delete
  16. අන්න නියම විදිහට අයිතීන් දිනා ගන්න පොරවල්.. !!

    ReplyDelete
    Replies
    1. කවුද? පෑන් ඉල්ලපු පොරද? පොරට පරණ කැලැන්ඩර් විතරයි ලැබුණේ!

      Delete
  17. සංයමයෙන් යුක්තව අදහස් දක්වන්න කියල තියෙන්නෙ ඇයි කියල කාටවත්ම තේරිලා නැති හැඩයි. (පෝස්ට් එ‍කක අග කියවනකොට මුල අමතක වෙන අයනෙ)

    ReplyDelete
    Replies
    1. /පෝස්ට් එ‍කක අග කියවනකොට මුල අමතක වෙන අයනෙ/

      සම්පූර්ණ ඇත්ත. නැත්නම් යකෝ අපි මේක කියවනවයැ?

      Delete
    2. එය මා "අද මං එක" වෙන්නට දැමූ කමෙන්ටුවකි!

      Delete
  18. බාහු මාක්ස්වාදියෙක් හින්දා පරලොව විශ්වාස කරන්නෙ නෑ. ඒ හින්දා එයාට කවදාවත් ඇරියස් එක ලැබෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයත් මාක්ස්වාදියෙක්ද සුමිත් අයියේ?

      Delete
    2. මොකක්ද සුමීත් ඒ තර්කය?

      Delete
    3. තර්කය, බාහු ජීවත්ව සිටින කාලයේ දී නඩුවේ තීන්දුව ලබාගත නොහැකි බවයි.

      Delete
    4. Sumith Niriella
      ඔහේ හිතන දුර!

      Delete
    5. ඒ කාලෙත් ඔහොම දුර හිතුව නම් අද කන් ඇහෙනවා නේද?

      Delete
  19. එන්ජිනේරුවන්ගෙන් බහුතරය මරු කියවන්නේ ඇයි ...?

    ReplyDelete
    Replies
    1. ඇයි....? දාන්න ඉතින් ලින්ක් එක......

      Delete
    2. තේරුමක් නැහැ මචන්..එකම එකෙක් එන්නේ නැහැ...:(

      Delete
    3. ඔන්න උඹ අඩන නිසා මම ආවා....

      Delete
    4. ඔයාට තැන්කුයි ....

      Delete
  20. වික්‍රමබාහු සුප්‍රීම් උසාවියේ:

    http://sinhala.lankanewsweb.com/news/10122-2013-10-13-05-44-49



    ReplyDelete
    Replies
    1. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකුව සිටියදීම, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා 1978 ඒකාධිපති ව්‍යවස්ථාවට එරෙහිව කළු කොඩි ඔසවමින්, පත්‍රිකා බෙදමින්, විරෝධය පෑම නිසා විශ්ව විද්‍යාල පාලන සභාව එම වසරේ පෙබරවාරි 04 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ගොණුකල මානම හිමිකම් පෙත්සම ලබන නොවැම්බර් 11 වෙනිදා සුප්‍රීම් උසාවියේ විභාග වීමට නියමිත බැව් වාර්තා වේ.

      වික්‍රමබාහු මහතා සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් සරත් අමුණුගම මහතා අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවදියේදී සිදුකළ විශේෂ පරීක්ෂණයකින් පසුව වික්‍රමබාහු මහතාට දේශපාලන පලිගැනීමට ලක් වූ අයෙකු ලෙස තීරණය කර විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් හිඟ වැටුප් සහිතව සේවයේ පිහිටුවීමට නියම විය. එම තීරණය ක්‍රියාත්මක කිරීම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කරන ලදී.

      මේ ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ අවස්ථාවේදී හිඟ වැටුප් ගෙවීම විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය එකඟ වුව ද, පසුව එම පොරොන්දුව මග හරින ලදී.

      නැවතත් මෙම ප්‍රශ්ණය මානව හිමිකම් කොමිසම වෙත යොමු කළ අවස්ථාවේදී එහි නිර්දේශය වූයේ වික්‍රමබාහු මහතාගේ මානව හිමිකමක් උල්ලංගනය වී ඇති බවයි.

      මේ සම්බන්ධයෙන් නැවත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර ඇති අතර එම පෙත්සම සැප්තැම්බර් මස 25 වෙනි දා කැඳවූ අතර පෙත්සම සලකා බැලීම නොවැම්බර්11 දිනට කල් තැබීය

      නීතිඥ එම් සුමන්තිරම් මහතා පෙත්සම වෙනුවෙන් පෙනී සිටී.

      Delete
    2. කකා සමඟ බොග දාන තවත් අයත්, කොමන්ට් කොටන අපිත් බහුතරයක් මාධ්‍ය මෙහෙවරේද පෙනි සිටීන වගත්. තීන්දුව කෙරේ ඇස් දල්වා බලා සිටින බවත් කවුරුත් දැන ගත යුතුය.

      Delete
    3. අනේ අර ටැබුවා හිටිය නම් මේ වෙලාවේ කඩේ යන හැටි බලා ගන්න තිබුණා.

      Delete
    4. කකා ගැන දුක සිතේ.

      Delete
    5. මට නම් දුක හිතෙන්නේ කකා පැරෂුට් එන විට නම කැපුනු ලමයා ගැනය......

      Delete
  21. J.R. ගේ 1978 ව්‍යවස්ථාවට මා අකමැති උනත් එකෙන් මුල් වරට එලි දැක්වුණු මුලික අයිතිවාසිකම් වගන්තිය නිසා අද අපේ රටේ බොහෝ දෙනෙකුට සාධාරණය පතා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව ලැබීම එම ව්‍යවස්ථාවෙන් කෙරුණු හොඳ දෙයකි.
    එමෙන්ම බාහුගේ දේශපාලනයට මා අකමැති උනත් ශ්‍රමය විකුණා ජිවත් වන්නෙකුට සිදුවූ අසාධාරණය ගැන මුලික අයිතිවාසිකම් කඩවීමක් ලෙසින් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනිම ගැනද සතුටුවෙමි.එය නොපිලිගත්තා නම් බාසුගේ අසාධාරණය ගැන විමසීම එතැනින්ම ඉවර වෙන්නට තිබිණ. බාසු මේ නඩුවෙන් 50% දැනටම දිනා ඇතැයි මට සිතේ.ඔහු ඉතුරු 50%ත් දිනුවොත් ඔහුගේ වයස අවුරුදු 65 වන තෙක් කාලයට අදාළ වැටුප්,වැටුප් වර්ධක,දීමනා, ආදී සියල්ලම ඔහුට හිමිවේ.බාසුට වයස අවුරුදු 65 වන්නේ කුමන දිනයකදී යයි කියා නැති බැවින් ලැබීමට නියමිත මුදල ගැන අදහසක් ඇති කරගැනීමට අසීරු වුවත් එය ලක්ෂ 25 ඉක්මවන නම් පැහැදිලිය. එය ඒ අයුරින්ම ඔහුට ලැබේවා යයි මා පතන්නේ ඔහු ඝ්‍රමිකයෙක් නිසාය.

    ReplyDelete
    Replies
    1. /* බාසුට වයස අවුරුදු 65 වන්නේ කුමන දිනයකදී යයි කියා නැති බැවින් */

      ඇත්ත! මා ලියා ඇත්තේ ද, පුවත්පත් වාර්තාවේ ඇත්තේද දැන් බාහුට වයස 70 ක් බවයි.

      Delete
  22. බාහුගේ දේශපාලනය පැත්තකින් තියලා මේ කේස් එක ගැන කතාකරොත් බාහු නිවැරදියිනේ. මේ මානව හිමිකම් කඩවීම බාහුට වෙච්ච නිසානේ ඒ ගෙවීම නොකරන්නේ. මේ නඩුව ආපහු බලවනවාලු. මටනම් කියන්න තියන්නේ ඇයි මේ වන්දිය නොගෙවන්නේ කියලා? අහවර කලයුතු දේවල් අහවර නොකිරීමත් එක ඇරියස් එකක් තමා. බාහුට එක විදියක්. නලීන්ට එක විදිහක්, කේපීට තව විදිහක්,සයිමන්ට වෙන විදිහක්, මැගිලින්ට තවත්ම විදිහක්.රජ පරපුරට ඔය කිසිම විදිහක් නැහැ. මතයට විරුද්ධ නම් මරුවා සමග වාසේ තමයි. ආපහු වයඹ පලාත් සභාවේ රහස් ඡන්ද නැහැලු. උන්ගේ එකීව පරද්දපු නිසා.

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද? වට් ෆෝ ටෙලින්.

      Delete
  23. Dr. Wickramabahu Karunarathne is one of the LAST political soul who possess a leftist consciousness in (sri) Lanka.His contemporaries were DRs. Osmand Jayarathne, Sugeeshwara, NM, Colvin and Kumar David etc.It is my belief and a reason to be satisfied that Dr. Nirmal R. Dewasiri is streaming upwards against the current.Besides Bahu is one of the potential world renowned scientists the country could produce but failed to do it largely due to the political backwardness of our peole and less due to Bahu's significant personal characters.
    Both Bahu and Nirmal are being outcast by the established regime due to their political belief and struggle.
    Some comments reflects it.

    Clement Peris

    ReplyDelete
    Replies
    1. කකාගේ බ්ලොග් එක සීරියස් ගන්නා මෙහෙම ඩයල්ද වෙති.

      Delete
    2. මොකට කියනවද? වට් ෆෝ ටෙලින්.

      Delete
  24. මෙහිදී නැවතත් යමක් සඳහන් කළ යුතු ව ඇත. එනම් කිසිවකු ගේ බ්ලොග් අඩවියක් රිපෝට් කිරීම සඳහා මා කටයුතු නොකළ බව යි. මෙය එම ආචරියා ගේ වැඩක් බව මට නැවත නැවතත් සිතේ. ගූගල් සමාගමෙන් ඔබට ඒ පිළිබඳ ව සොයා බැලිය හැකි යැයි මම සිතනවා. පෝස්ට් එක අප්ඩේට් කර ඇත. http://kurutugegeepota.blogspot.com/2013/10/blog-post_11.html මගේ පෝස්ට් එක නිසා ඔබ ගේ නමට ඇති වූ කැළල සම්බන්ධයෙන් මා වගකීම භාර ගන්නා අතර බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යෑමට ඔබට ආසිරි පතනවා. එසේ ම ඔබ ගේ නමින් තවත් බ්ලොග් අඩවිවල පළ ව ඇති මෙබඳු කමෙන්ටු වෙනුවෙන් යම් පියවරක් ගත හැකි නම් හොඳ යි.

    ReplyDelete
    Replies
    1. බොහෝ ආචාර්ය, විචාර්ය්‍ය, බක පණ්ඩිතයින් කියා ගන්නා පිරිස් ගුප්තයි. ඔහුන්ගේ සැඟවුන වැඩ කිඩ ඇති බව දැන් අපටත් වැටහීගෙන යයි. කිසිවෙකු අදහන්න එපා.

      Delete
  25. අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මා දන්නා පරිදි ඉතාම දුර්ලභ විෂයක් ඔස්සේ නිබන්ධනයක් පළකර ආචාර්ය උපාධිය ලබාගත් පුද්ගලයෙක්, ඔහුගෙන් රටට ලබාගත් හැකිව තිබූ ,ශිෂ්‍ය ප්‍රජාවට ලබාගත් හැකිව තිබූ සේවය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අහුරා දැමූ දේශපාලන හෙන්චයියන්ට දීමට දඬුවමක් නැතිද?

    ReplyDelete
  26. @All
    මටත් මා ගැන දුක හිතුණි. පාඨක ප්‍රතිචාර නවතා ඇත.

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය නම් මා ඊ-මේලයකින් අමතන්න.
      kathandara@gmail.com

      Delete