Sunday 3 March 2013

මේක සුනිල් ආරියරත්න නන්දා මාලනී ට ලියපු සින්දුවක් ද? - Is this a song about Anuradhapura or about an aging woman?


අහලා තියෙනවද අර එක එක වයසේ ගෑල්ළමයින්ව ලෝකයේ මහාද්වීප එක්ක සසඳන කතන්දරේ?

නොදන්න අයට මෙන්න ඒක.
Women Vs the Continents

Between the ages of 16 and 18, she is like Africa, virgin and unexplored.

Between the ages of 19 and 35, she is like Asia, hot and exotic.

Between the ages of 36 and 45, she is like America, fully explored, breathtakingly beautiful, and free with her resources.

Between the ages of 46 and 56 she is like Europe, exhausted but still has points of interest.

After 56, she is like Australia, everybody knows its down there but who gives a damn.

මෙන්න අද කතන්දරේ.

අපේ ළමා සමාජයේ කොන්සර්ට් එකට මොනවාගේ අංගයක් ද ඉදිරිපත් කරන්නේ කියලා තීරණය කරන්න පොඩි සාකච්ඡාවක් තිබුණා. මේ පාර කොන්සර්ට් එකේ තේමාව ඉතිහාසය නිසා එක එක පන්තිවලින් ඉතිහාසයේ විවිධ වකවානු ගැන සඳහන් වෙන අයිටම් කෙරුණොත් හොඳයි කියන එක තමයි පොදු අදහස වුනේ.

අපේ පන්තියට බාරවුනේ අනුරාධපුරය ගැන සම්තින් කරන්නයි.

"අපි අනුරාධපුරේ ගැන හොඳ සින්දුවකට ඩාන්ස් එකක් කරමු!" එක යෝජනාවක් ආවා.

"එහෙම නම් හොඳයි අමරදේව ගේ ස්වර්ණමාලියේ සින්දුව?" මංතුමා කිව්වා. "ඒක රුවන්වැලි සෑය හදන එකට සම්බන්ධයි."

"හැබැයි ඒක ස්ලෝ වැඩියි නේද ඩාන්ස් අයිටම් එකකට?" ඒ තව අදහසක්.

"මං කියන්නම් හොඳ සින්දුවක්. අර අබේවර්ධන බාලසූරිය කියන අනුරාධපුරය ඔබයි නරකද? ඒකේ තාලෙත් නැගලා යන එකක්!" තවත් යාළුවෙක් යෝජනා කළා.

"ඒකේ තාලෙනං හොඳයි, ඒත් මට හිතෙන්නේ නම් ඒ සින්දුවෙන් කියවෙන්නේ අනුරාධපුරය ගැන නෙමෙයි වයසට යන ගෑණු කෙනෙක් ගැනයි!" මං කිව්වා.

පස්සේ මං හොයලා බැලින්නම් මේ සින්දුව ලියලා තියෙන්නේ සුනිල් ආරියරත්න. සංගීතය අපේ විට්ටර් අංකල්.

මේක සුනිල් ආරියරත්න ඒ දවස්වල ලියලා තියෙන්නේ නන්දා මාලනී ගැන ද කියලා මට හිතුනේ සින්දුවේ වචන සැට් එක ස්ටඩි කරලා බලන කොටයි.

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

වල් බිහිවන්නට නාරිනු මැන කෙත්යාය නිල දිලෙනා
සිඳ බිඳලන්නට නාරිනු මැන තුඟුවාපි රැළි නැගෙනා

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

යටගිය ඉසුරයි අහස සිඹින මහ තූප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසට මිණි පාන නෙත ගැටෙනා

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ


මෙන්න යු ටියුබ් ක්ලිප් එක.



මේ තවත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයකි.

-කතන්දරකාරයා


(image: http://srilanka.for91days.com/2012/03/12/echoes-of-the-past-anuradhapuras-ruins/)

74 comments:

  1. මා ඉතා කැමති ගීතයක් හා ගායකයෙක්. මේ අදහස ඇත්තක් වෙන්නත් බැරි නැහැ. ඒත් ගීතය රස විඳින්න එය දැනගත්තත් බාධාවක් නම් වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතා කැමති ගායකයෙක් අබේවර්ධන බාලසූරිය.

      පොර තමයි නන්දන වින්දන ෂෝ එක නිෂ්පාදනය කලේ. ඒ හින්දා තමන්ගේ සින්දු කිව්වේ නෑ ඒ ෂෝ එකට.

      දැකලා තියෙනවාද රූපවාහිනී ක්ලින් එකක් අබේවර්ධන ගේ.

      පොර මං හිතන විදියට මස්සිනා සනත් නන්දසිරිවත් ගත්තේ නෑ නන්දන වින්දන ෂෝ එකට.

      Delete
    2. ඔව්, කකා මට මතක විදිහට ඔහු ලංකාවේ රූපවාහිනීකරණය පිලිබඳ මුලින්ම හැදෑරුව අයගෙන් කෙනෙක්. ජර්මනියේ ශිෂ්‍යත්වයකින්ද කොහෙද? හැබැයි, ඒ කුසලතා වලින් පසුකාලීනව වැඩක් ගන්න දුන්නේ නැහැ මයේ හිතේ. දේශපාලන ලේබලය හින්දා.
      අපේ මේ කතාවට නැති වුනත්, හිතුන හින්දා ලියන්නම්. දැන් ඔබගේ මේ කතාව නන්දා මාලිනියට අපහාසයක් කියල කියන පිරිසකුත් ඉන්නවනේ. එහෙම අයට, ඒ විදිහට හිතෙන එකට අපට වැට කඩොලු දාන්නත් බැහැ. ඒ වගේම තමයි, මේ වගේ ගිතයකයට විවිධ අර්ථකතන දීමත්, මහා කුප්ප වැඩක් හෝ නිර්මාණ කරුට කරන අවමානයක් වත් කියා මට නම් හිතෙන්නේ නැහැ. හරිනම් එහි විරුද්ධ පැත්ත. නිර්මාණයක තියන එවැනි අපූර්ව ලක්ෂණ නිසා තමයි, එවැනි නිර්මාණ විවිධ රසවින්දන හැකියාවන්ගෙන් යුක්ත අයට රස විදින්නට හැකි. සුනිල් ආරියරත්න වෙළෙන්දෙකු හෝ නිර්මාණ කරුවෙකු හෝ වුනත්, ගීත රස විඳින්න මට එය එතරම්ම වැදගත් නැහැ. මොකද ඔහුගේ ගීත වල තියන භාෂාවේ පොහොසත්බව බොහෝ දෙනාගේ ගීත නිර්මාණ වල නැහැ. අනික තමා මෙවැනි සරල රසවින්දනයක් ගෙනෙන බ්ලොග් සටහනක "පොලිටිකල් කරෙට්නස්" හොයනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නැත්ද?

      Delete
  2. මේකේ තියෙන උපහාසය නම් අති ඉහලයි කකා. සුනිල් සෑර් දැක්කත් හිනා කාලා මැරෙයි... මම ආස "තුඟුවාපි රැළි නැගෙනා" සහ "මහ තූප මන බඳනා" කියන කෑලි දෙක ගැන් සිතෙන් මවා ගත්තාම.......

    ReplyDelete
    Replies
    1. මහතුප දෙක තම්‍රයි එක ලඟ තියෙන එක සයිස් එකේ රුවන්වැලියයි, මිරිසවැටියයි.

      දැන් මිරිසවැටියත් ඉස්සර වගේ නෙමේ හොඳට කෝණඩේ දාලා හදලනේ තියෙන්නේ.

      Delete
    2. මම හිතන්නේ චේතවනාරාමයයි අභයගිරියයි කියලා.... මහා සෑය කියන්නෙ නම් රුවන්වැලිමාසෑයට. ඒත් ඒක අර දෙකටම වඩා උසින් අඩුයි. ඒත් මහා සෑය කියන්නේ, තැනපත් කරලා තියෙන ධාතුන්වහන්සේ ප්‍රමාණය වැඩියි නිසාලු. ඒත් මගේ මතය නම්, ඒක දුටුගැමුණුගේ කාළේ හදපු නිසා වෙන්න ඕන.

      Delete
  3. එක - මේ අනුරාධපුරය ගැන ගීතයකි. මහළු ගැහැණියක ගැන ගීතයක් නොවේ. ඔය දෙක ලින්ක් කරන්නට තරම් සුනිල් ආරියරත්නට නිර්මාණාත්මකභාවයක් නැත.

    දෙක - නන්දා හා සුනිල් අතර ඇත්තේ රනිල් හා මෛත්‍රී අතර ආකාරයේ සම්බන්ධයකි. සුනිල් ඉස් අ බර්ඩ් ඔෆ් අ ඩිෆ්ෆෙරෙන්ට් ෆෙදර්, යූ නෝ?. ඒ හන්දා නන්දා ගැන ලියන්නට තරම් සුනිල්ට කැසිල්ලක් නැත.

    ReplyDelete
    Replies
    1. තමන්ට දරුවන් නැති බව නම් සුනිල් දිනක් (2006 සැප්තැම්බර්) මා ප්‍රේක්‍ෂකාගාරයේ සිටින සභාවක දී කිව්වා.

      Delete
  4. ඔබගේ මේ ලිපියෙන් නන්දා මාලනී උපහාසයට හෝ හාස්‍යයට ලක්කිරීම මා තදින්ම විරුද්ධයි. ඇය මේ රටේ අගය කළ යුතු මෙන්ම රටට වටිනා සම්පතක්. කිසිදු මිනිසෙකුට ඇයගෙන් අසාධාරණයක් නොවුණි. මුඩුක්කුවක ඉපිද තවම මුල අමතක නොකළ නිහතමානී පොළොවේ පය ගසා සිටින අවංක කෙනෙකි. එවන් අයට අදාළ ගෞරවය ලබා දිය නොහැකිනම් අවම වශයෙන් උපහාසයට හෝ හාස්‍යයට හෝ ලක් කරන්න එපා.
    අපිට උපහාසයට හෝ හාස්‍යයට හෝ බදුන් කිරීමට ඔන තරම් ජරා ජීර්ණ මිනිසුන් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. පිළිම වන්දනාවට ඇති ඔබේ අයිතියට මම ගරු කරමි. දිගටම එය කරන්න. ස්තුතියි.

      Delete
    2. /අපිට උපහාසයට හෝ හාස්‍යයට හෝ බදුන් කිරීමට ඔන තරම් ජරා ජීර්ණ මිනිසුන් සිටිනවා./

      සුනිල් ආරියරත්න වගේ. නේද මෙයා?

      Delete
    3. නන්දා මාලිනි ඔය පුම්බන තරමට මහා ලොකු ගැහැනියක නොව, වෙළඳපල බලාගෙන ගීත කී, බොරුවට උපාසක වෙන්නට වෑයම් කළ, කවදාවත් දේශපාලන වේදිකාවට නොනඟිමිය කියා අන්තිමේදී මහින්ද රාජපක්ෂගේ වේදිකාවට ගොඩ වූ සාමාන්‍ය ගැහැණියකි.

      Delete
    4. //පිළිම වන්දනාවට ඇති ඔබේ අයිතියට මම ගරු කරමි//
      ඔබට නැවත වැරැදී ඇත.
      මා කියනු ලැබුවේ පුද්ගලයෙකුගේ වටිනාකම හැල්ලු කිරීම පිළිබඳය. පිළිම වන්දනාව ඊට වඩා බොහෝ පරස්පරය. මා ගීතය විචාරයක් කළේ නැත.

      Delete
    5. @ නිර්මලා
      මොකක්ද එයාගේ වටිනාකම. ගීත ගායනා කිරිමේ හැකියාවද...?

      Delete
    6. මට පුදුමයි ඔබ වැනි අයෙකුටත් ඇයගේ විශේෂත්වයක් නොතේරීම පිළිබඳව.
      ඇය, යථාර්ථය ශ්‍රාවකයාගේ මනසේ ප්‍රකෘත්තිමත් කළා. බුද්ධීමය ප්‍රවේශයක් ඇති කළා.... එය 80-90 දශකයට පමණක් ඇයගේ කලා දිවිය ලඝු කරන්න එපා. එකෙක් කපා තරඟයෙන් ජය අරගෙන තරුවක් වීමට උත්සාහ කළ අයෙක් නොව.
      “බෝමැඩ වඟුරන එක කිරි කළයක්“
      “වහින්නට හැකිනම් ගිගුම් දී“
      සමාජයේ සිදු වූ අසාධාරණ සහ විෂමතා පමණක් නොවඅතීත, වර්තමාන සහ අනාගත පරපුරට දේශපාලන හරහා සිදුවු හා සිදු වෙමින් පවතින තර්ජනයන්ට නිර්භීතව තම කලාව තුළින් පිළිතුරු දුන් අප රටේ අග්‍ර ගන්‍යයේ කලා කාරියකි.
      දැනට ඇය ගයන බොදු ගීතයක් දෙවන ජාතික ගීය ලෙස නිල නොලත් අන්දමින් හඳුන්වනවා. නමුත්, එය ඇයගේ කුසලතාවයට මා ගන්නේ නැහැ.
      වෙනත් බොහෝ කලා කරුවන් හා සංසන්දනය කිරීමේදී ඇය අව්‍යාජ, නිරහංකාර අයෙකි. කෙටියෙන්ම කියනවානම් පොළොවේ පය ගසා සිටින, කලාව කලාව සඳහා නොව එය මිනිසුන් සඳහාය යන පදනමේ සිටි කලාකාරියෙකි.
      “ඔබට ගී ගයන මා කෝකිලාවක නොවෙමි - මඟ තොටේ ඔබ දකින ගැහැනියයි.“ සැබෑ යථාර්තය ද එයයි.
      අප මෙවන් අයෙකුට ද හෑල්ලුවට ලක් කරන්නේ නම්, මේ සමාජයේ කවුද හොඳ?
      බ්ලොග් ලියන අපි ද හොඳයි කියාගන්න හදන්නේ? (මඩක් නොව)
      හාස්‍යයට ලක් කළ යුතු කෙනා හාස්‍යයට ලක් කළ යුතුය. එහි වරදක් නැහැ. නමුත්, අපිද ඉදිරි පරම්පරාවකට දෙන පූර්වාදර්ශය හොඳ එකක් විය යුතුය.
      (කරුණාලා ඇනෝ අය මේ අදහස හෑල්ලුවට ගන්න එපා)

      Delete
    7. මට පුදුමයි ඔබ වැනි අයෙකුටත් ඇයගේ විශේෂත්වයක් නොතේරීම පිළිබඳව.
      ඇය, යථාර්ථය ශ්‍රාවකයාගේ මනසේ ප්‍රකෘත්තිමත් කළා. බුද්ධීමය ප්‍රවේශයක් ඇති කළා.... එය 80-90 දශකයට පමණක් ඇයගේ කලා දිවිය ලඝු කරන්න එපා. එකෙක් කපා තරඟයෙන් ජය අරගෙන තරුවක් වීමට උත්සාහ කළ අයෙක් නොව.
      “බෝමැඩ වඟුරන එක කිරි කළයක්“
      “වහින්නට හැකිනම් ගිගුම් දී“
      සමාජයේ සිදු වූ අසාධාරණ සහ විෂමතා පමණක් නොවඅතීත, වර්තමාන සහ අනාගත පරපුරට දේශපාලන හරහා සිදුවු හා සිදු වෙමින් පවතින තර්ජනයන්ට නිර්භීතව තම කලාව තුළින් පිළිතුරු දුන් අප රටේ අග්‍ර ගන්‍යයේ කලා කාරියකි.
      දැනට ඇය ගයන බොදු ගීතයක් දෙවන ජාතික ගීය ලෙස නිල නොලත් අන්දමින් හඳුන්වනවා. නමුත්, එය ඇයගේ කුසලතාවයට මා ගන්නේ නැහැ.
      වෙනත් බොහෝ කලා කරුවන් හා සංසන්දනය කිරීමේදී ඇය අව්‍යාජ, නිරහංකාර අයෙකි. කෙටියෙන්ම කියනවානම් පොළොවේ පය ගසා සිටින, කලාව කලාව සඳහා නොව එය මිනිසුන් සඳහාය යන පදනමේ සිටි කලාකාරියෙකි.
      “ඔබට ගී ගයන මා කෝකිලාවක නොවෙමි - මඟ තොටේ ඔබ දකින ගැහැනියයි.“ සැබෑ යථාර්තය ද එයයි.
      අප මෙවන් අයෙකුට ද හෑල්ලුවට ලක් කරන්නේ නම්, මේ සමාජයේ කවුද හොඳ?
      බ්ලොග් ලියන අපි ද හොඳයි කියාගන්න හදන්නේ? (මඩක් නොව)
      හාස්‍යයට ලක් කළ යුතු කෙනා හාස්‍යයට ලක් කළ යුතුය. එහි වරදක් නැහැ. නමුත්, අපිද ඉදිරි පරම්පරාවකට දෙන පූර්වාදර්ශය හොඳ එකක් විය යුතුය.
      (කරුණාලා ඇනෝ අය මේ අදහස හෑල්ලුවට ගන්න එපා)

      Delete
    8. නිර්මලා ඔබ මාතලන්ට කියා ඇති දේ ගැන මගේ අදහස මෙයයි.

      නන්දා මාලනී විසින් සුනිල් ආරියරත්න ලියූ හොඳ විරෝධාකල්ප ගී ගයා තියෙනවා. ඇය චාම් ජීවිතයක් ගතකරන කාන්තාවක්. ඒ සියල්ල සත්‍යයයි.

      ඒ එක්කම ඇයත් අනුරාධපුරය වගේ වයසට යනවාය කියන එකත් සත්‍යයක්.

      සුනිල් ආරියරත්න මේ සින්දුව එදා ලිව්වේ එදා වයසට යමින් සිටි නන්දා මාලනීට ද කියා කීමෙන් නන්දා මාලනී ගේ ඔබ දකින දෙයක අඩුවක් වෙන්නේ නෑ. ඇගේ ඔබ දකින වටිනාකමක් අඩුවෙන්නේ නෑ.

      හැබැයි ඔබ නන්දා මාලනී ගේ පිළිමයක් හදාගෙන මල් පූජා කරමින් සිටිනවානම් (වචනයේ අර්තපරිසමාප්තාර්තයෙන්ම නොවේ) ඔබට ඵෙඩ්ඩක් රිදනේන කෙන්ති යන්න ඉඩ තියෙනවා.

      Delete
    9. //හැබැයි ඔබ නන්දා මාලනී ගේ පිළිමයක් හදාගෙන මල් පූජා කරමින් සිටිනවානම් (වචනයේ අර්තපරිසමාප්තාර්තයෙන්ම නොවේ) ඔබට ඵෙඩ්ඩක් රිදනේන කෙන්ති යන්න ඉඩ තියෙනවා.//
      නැහැ කතන්දර,
      මා පිළිම සංකෘතියෙන් බැහැරයි. එතනට මා ලඝු කරන්න එපා.
      නමුත්, හොඳ සහ නරක වෙන් කරගන්න උත්සාහ කරනවා. චරිතයකින් අප ගත යුත්තේ ආදර්ශයක් මිසක, ඇදහීමක් නොව.
      ස්තුතියි෴

      Delete
    10. කෙනෙක් සමාජයට පනිවිඩයක් දෙනවා නම්, ඔහු එම පණිවිඩය තුල ජීවත් වන්නෙක් විය යුතුයි. කඩුවක් ගෙන කොටනු කියලා කොල්ලො ෆෝම් කරලා ඉන්දියාවට පැනලා ගිහින් ඇවිත් දැන් එකසිය ගානට කඩේ යනවා. කෙනෙක් කියලා තිබුනා එයාලා කඩේ යන්නේ නෑ සල්පිල් යන්නේ කියලා. ඔව් එයාලා ප්‍රබුද්ධ අයනේ ඒකයි. කෙනෙක් අනුන්ට මස් කන්න එපා කියනවා නම්, ඔහු හෝ ඇය මස් නොකන කෙනෙක් විය යුතුයි. නැතනම් නන්දදාස කෝදාගොඩ මහත්තයා වගේ අපිට තෙල් කෑම කන්න එපා කියලා එයා පොල් සම්බල හිටන් තෙල් දාගෙන කෑවම හාට් ඇටෑක් හැදිලා මැරේවා... මම දිනක් ඇයගේ මුහුණටම ඔය ප්‍රශ්ණය ඇසුවා. ඇයට දීමට උත්තරයක් නැතු වූවා.. ඇය සුපිරි ගායිකාවක්, මගේ ප්‍රියතම ගායිකාවන්ගෙන් කෙනෙක්. මම කැමති ඒ හඬ වැනි හඬවල්වලට. ඇය සහ චන්ද්‍රලේඛා ඉදිරියෙන්ම ඉන්නවා. ඇය නිහතමානියි ඇත්ත. එච්චරයි.. ඒත් සමාජය ඇයගෙන් බලාපොරොතු වන්නේ එය නොවේ.. ඇය ස්මාජය හුරු කළේ එයට නොවේ... ඔඹ කනගාටු වෙන්න එපා...

      Delete
    11. මේ මැයගේ මෝඩකම නොව ඇය ලද අංගවිකල අධ්‍යාපනයේ දුබලතාවයයි.

      Delete
    12. /කෙටියෙන්ම කියනවානම් පොළොවේ පය ගසා සිටින, කලාව කලාව සඳහා නොව එය මිනිසුන් සඳහාය යන පදනමේ සිටි කලාකාරියෙකි.
      “ඔබට ගී ගයන මා කෝකිලාවක නොවෙමි - මඟ තොටේ ඔබ දකින ගැහැනියයි.“ සැබෑ යථාර්තය ද එයයි./

      අනේ නන්දාටයි සුනිල්ටයි රැවටෙන්නත් පිරිසක් ඉන්නවානේ!

      Delete
    13. @ නිර්මලා

      ඔබ පිළිම වන්දනාව නොකරනවා නම් එය ඉතා අගෙයි. මොකද ඒ පිළිම බොල් බව දැන ගත්දාට විය හැකි ඉච්ඡාභංගත්වය ඇතිවෙන්නේ නෑ.

      මේ සංවාදයට ඉතා ස්තුතියි. මට මෙළෙස විවේකයක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

      Delete
    14. තව කරුණක්!

      අපි කාටත් නියමිත ලංසුවක් තියෙනවා. ඒ ගානට ආවාම අපි අළෙවි වෙනවා.

      මන්දා නාලනී අළෙවි වී හමාරයි. එය බොල් පිළිමයක්. පසුගිය වසර දෙක තුන තුල එය වැටහුණා!

      Delete
  5. ඔබගේ මේ ලිපියෙන් නන්දා මාලනී උපහාසයට හෝ හාස්‍යයට ලක්කිරීම මා තදින්ම විරුද්ධයි. ඇය මේ රටේ අගය කළ යුතු මෙන්ම රටට වටිනා සම්පතක්. කිසිදු මිනිසෙකුට ඇයගෙන් අසාධාරණයක් නොවුණි. මුඩුක්කුවක ඉපිද තවම මුල අමතක නොකළ නිහතමානී පොළොවේ පය ගසා සිටින අවංක කෙනෙකි. එවන් අයට අදාළ ගෞරවය ලබා දිය නොහැකිනම් අවම වශයෙන් උපහාසයට හෝ හාස්‍යයට හෝ ලක් කරන්න එපා.
    අපිට උපහාසයට හෝ හාස්‍යයට හෝ බදුන් කිරීමට ඔන තරම් ජරා ජීර්ණ මිනිසුන් සිටිනවා.

    ReplyDelete
    Replies
    1. /* ඔබගේ මේ ලිපියෙන් නන්දා මාලනී උපහාසයට හෝ හාස්‍යයට ලක්කිරීම මා තදින්ම විරුද්ධයි. ඇය මේ රටේ අගය කළ යුතු මෙන්ම රටට වටිනා සම්පතක්. කිසිදු මිනිසෙකුට ඇයගෙන් අසාධාරණයක් නොවුණි. මුඩුක්කුවක ඉපිද තවම මුල අමතක නොකළ නිහතමානී පොළොවේ පය ගසා සිටින අවංක කෙනෙකි. එවන් අයට අදාළ ගෞරවය ලබා දිය නොහැකිනම් අවම වශයෙන් උපහාසයට හෝ හාස්‍යයට හෝ ලක් කරන්න එපා.
      අපිට උපහාසයට හෝ හාස්‍යයට හෝ බදුන් කිරීමට ඔන තරම් ජරා ජීර්ණ මිනිසුන් සිටිනවා. */

      පිළිම වන්දනාවට ඇති ඔබේ අයිතියට මම ගරු කරමි. දිගටම එය කරන්න. ස්තුතියි.

      Delete
    2. නන්දා මාලි නි හා සුනි ල් ආරියරත්න යනු හුදෙක් අසූ ගනන් වල අග භාගයේ තරුණ සිත් තුල පැතිරි තිබු විප්ලවවාදි මනෝ භාවයන් ගසා කෑ ශූර වෙලෙන්දන් දෙපලක බව මගේ හැඟීමයි.

      නන්දා හා සුනිල් අද කෙලින පිස්සු දෙස බලන විට මේ බව හොඳින්ම තහවුරු වේ.

      Delete
    3. ඔබ දෙදෙනාටම වැරැදී ඇත.
      මා කියනු ලැබුවේ පුද්ගලයෙකුගේ (නන්දා මාලනී) වටිනාකම හැල්ලු කිරීම පිළිබඳය. පිළිම වන්දනාව ඊට වඩා බොහෝ පරස්පරය. මා ගීතය විචාරයක් කළේ නැත.
      සුනිල් එදිරිසිංහ ගැන දු මා අදහස් කළේ නැත.
      අප අවම වශයෙන් සිටි එවන් කලා කාරියක් හෝ අගය නොකරන්න තරම් පහත් විය යුතු නැහැ. ඔබ ඇය ගැන වැටහීමකින් තොරවයි මෙසේ කියන්නේ. පොළොවේ පය තබා සිටින මිනිසුන් (කලාකරුවනහඳුනාගන්න පළමුව උත්සාහ කරන්න. මෑත කාලීනව ඇය අඩහැරය තැටියට ගැයූ ‘මොනවා කරමුද අපි දැන්‘ ගීත ආදිය අසා නැතුව ඇති. ඔබ අසා ඇත්තේ 80 දශකයේ ගී පමණී.

      Delete
    4. මෙන්න තව උදාහරණයක් 80 දශකයට ගොඩක් පසු කලෙක ඈ ගැයූ“ රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ“ කියන ගීතය අසා තියෙනවද?
      http://www.youtube.com/watch?v=uEzFOoWnyS4

      Delete
    5. නන්දා මාලනී සහ සුනිල් ආරියරත්න දැන් ජීවත් වෙන්නේ කේතුමතී නම් රාජධානියේය.

      දන්සල් දොරෙහි නැත දුගියෝ
      සල්පිල්වල පුරවැසියෝ
      පන්සිල් රකිති මැරවරයෝ
      මේ කේතුමතී නුවරයි!

      http://www.youtube.com/watch?v=SAdvy6myPAQ

      !!!

      Delete
    6. මෑතක කාලීනව ගැයූ “දැන් අපි මොනවා කරමුද“ ගීතය ඔබ අසා නැතිව ඇති.
      http://www.facebook.com/photo.php?v=4251721021233&set=vb.240406086103&type=2&theater

      Delete
    7. “දැන් අපි මොනවා කරමුද“ ගීතය
      =======================
      මහ පරාජිත සින්දුවක් නේ!

      එහෙනම් මෙතනයි එදා "මුගඔරක් අවැසි තැන මුගුරක් ගෙන නැගෙමූ" කියලා කියපු සුනිලයියලා, නන්දක්කලා නතර වෙලා තියෙන්නේ.

      අනේ මන්දා නාලනී!

      Delete
    8. This comment has been removed by the author.

      Delete
    9. මා සිතුවා ඔබ එසේ කියාවී කියා. මේ ගීතය ඔබටත් මටත් සමාජයටත් අදාළයි. පසුගාමී ලෙස දකිනවානම් වැරැදි අර්ථ කථනයකි. (කලකදී සමහරුන්ට “අඳුරු කුටිය තුළ“ ගීතයද පසුගාමි විය.) කවුද දැන් මේ සමාජයේ පීඩනයට එදිරිව එන කෙනා. එමෙන්ම කවුද පාරාජිත ඔබද, මමද, ඇයද, නැතිනම් සමාජයමද? එම ගීතය දේශපාලකයන්ට ප්‍රශස්ති ගායනයක් නොව.

      මා කතා කරනු ලැබුවේ සුනිල් ආරියරත්න ගැන නොවේ. එමෙන්ම ඇය ගැන නිතර-නිතර කියවා මුරුන්ගා අත්තේ තැබීමටද අවශ්‍ය නැත. නමුත් හොඳ නරක වෙන්කර ගත යුතුයි. අඩහැර තව ගීත කිහිපයක් ඇත. මා ළඟ දැනට නැත. සැබෑ පසුගාමීන් කවුද කියා වටහා ගන්න. තවද මෑත කාලීනව ගැයූ “රට කරවන්නනම්“ වැනි ගීත ද ඇත. එමෙන්ම ඉදිරියේදී ද යතාර්ථවාදී ගී කිහිපයක් ද නිකුත් වේවී.
      ඇයගේ ගී මේ සමාජයේ ජීවත් වෙන ඔබටත් මටත් අදාළය. නමුත්, මෙහි දක්වා ඇති සමහර අදහස් පල කිරීම් බලන විට ඇය මෙන්ම කලා ඉතිහාසයම අසාර්ථක වී ඇති බව කිව හැකිය.
      හැකිනම් ඇය ගැන ඇයම කියන මේ ටිකත් බලන්න.
      http://www.facebook.com/photo.php?fbid=468104996559240&set=a.466895340013539.94741.446481418721598&type=1&theater
      අපට හාස්‍යයට, උපහාසයට, විහිළුවට ලක්කළ හැකි හෝ ලක්වීමට සැලැස්සිය හැකි බොහෝ අය සමාජයේ සිටී. ඒ ගැනත් සිතන්න.
      (අවිහිංසාවාදයේ පියා කියා හඳුන්වන මහත්මා ගාන්ධි ද මරණ ලද අයට කීමට කරුණු තිබුණා. නමුත් සත්‍ය එයම නොවේ.)
      ස්තුතියි ෴

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. නිර්මලා
      රටකරවන්න නම් මසුරන් ඇතුව කැටේ සින්දුව සහිත තැටිය ආවේ අඬහැරය තැටියට කලින්.

      මා ගාව ලන්ඩනයේදී ගැයූ ගී සිට සාදු නාද දක්වා නන්දා ගේ සීඩී පාලහක් විතර තියෙනවා.

      මා කැමති ඇය ගේ පසුකාලීන එකම සින්දුව නිලම්බරේ සුදු පරෙවි රෑන් යන දිනක් උදා වේවා යන්නයි.

      නැවතත් ස්තුතියි.

      Delete
  6. හෙ හෙ.....
    වල් බිහිවන්නට නාරිනු මැන කෙත්යාය නිල දිලෙනා
    සිඳ බිඳලන්නට නාරිනු මැන තුඟුවාපි රැළි නැගෙනා

    ඕක සුනිල් පෙරේරා කිව්වනම් ගෙඩි පිටින් කියලා දානවා...ඊට පස්සේ ඌට බනිනවා වලා කියලා....

    ReplyDelete
    Replies
    1. මා කලින් කිව්ව වගේ සුනිල් ආරියරත්නට ඔය වගේ දෙයක් හිතන්න තරම් ප්‍රතිභාවක් නැහැ. හිතුණත් කියන්න තරම් ධෛර්යයක් නැහැ. ඔය වගේ ව්‍යංගයෙන් ලියලා තියෙන්නේ ලූෂන් බුලත්සිංහල (යටලීයෙන් නාරිලතා මල් පූදින්නේ...) කේ. ඩී. කේ. ධර්මවර්ධන (උකුළ ලැමහස මලවි කරළිය...) වගේ එවුන් මිස සුනිල් නෙවයි.

      Delete
    2. එතකොට මේ සිංදුව ලියුවේ සුනිල් ආරියරත්න නෙවෙයිද බං?

      Delete
    3. නිල දලෙන කෙත් යාය කියන්නේ කේශකලාපය කියලා හිතමු. මහ වැව් කියන්නේ මොනවාද මන්දා?

      ඇනෝ කියන්නේ එහෙම ව්‍යංගයෙන් ලියන්න සුනිල් ආරියරත්න කුරුවිටබණ්ඩාර ට ප්‍රතිභාවක් තිබුණේ නෑ කියලයි.

      Delete
  7. කකා ඔයානම් මාරයි නියම සුලෝහිතයෙක් තමා ඔයා... දාන්න පහක්..

    ReplyDelete
    Replies
    1. හා, හා, බලාගෙන අයිතිකාරයින්ට ඇහෙයි!

      http://kathandara.blogspot.com/2011/09/self-appointed-owners-out-there-need.html

      Delete
    2. සුලෝහිතයෙක් කියලා කිව්වේ මොකෙක්ටද ?
      මහින්දට කඩේ යන බුවෙක්ට ද

      Delete
    3. අපි කියලා කියලම කොල්ල දැන් හැදිලා. දැන් "අහවල් එක වටේ යන අහවලා" කියන ලින්ක් එක දන්නේ නෑ.
      එලෑ එලෑ

      Delete
    4. ඇනෝ මාත් හැදෙන්න දන්න මනුස්සයෙක්නේ.... ඒක එල්ලුවේ හැදෙන කාලේ... ඒ වගේම තාමත් එල්ලනවා මගේ බ්ලොග් එක නොදන්න අයට දමන කොමෙන්ටු යට.. හරිය තේරුණැයි.

      Delete
  8. අප්පට සිරි! එහෙනම් මේකයි සුනිල්..නැන්දා හුට පටේ...කොහොම උනත් මමනම් ඒ අයගේ විශිෂ්ට නිර්මාණවලට ගරු කරනවා! විවේචනය කරන්න ඕනේ ඒවා කරනවා! විචාරකයාට කළා කෘතිය ඕනෙම අයුරකින් දකින්න නිදහස තියනවා!

    ReplyDelete
    Replies
    1. මේක පොඩි විහිලු කතන්දරයක්. නමුත් ඇත්තටම ඔය සින්දුවේ වෙන අදහසක් මට නම් තේරෙන්නේ නෑ.

      Delete
    2. I seriously doubt that. I sense a strong political suffering which reminds me a story of two monks and a young lady by the river. writer is still carrying the painful political loss. It was clearly visible on his last few posts. And, Nanda n' Sunil really earned this by supporting MR

      Delete
  9. සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් මේක.

    ReplyDelete
    Replies
    1. ඉරිදා වැඩිය බොන්න හොඳ නෑ, හෙට වැඩට යන්න තියෙනවානේ!

      Delete
  10. නන්දා මාලිනිය ට අපහාස කිරීම නිර්මලා මෙන්ම මම ද හෙලා දකිමි. රජ මැදුරටත් අතු පැලටත් එකම චාම් සුදු සාරිය අඳින, අද සදලුතලයේ සිටිය ද තමා උපන් කොටහේනේ දුගී පැල කිසිදා අමතක නොකළ ඈ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ආදර්ශවත් කාණ්තාවක්. ඈ ගැයුවේ දෙසවන් වලටම නොවේ අප හදවතටයි.

    ReplyDelete
    Replies
    1. මෙතන ඇති අපහාසයක් නැත. එහෙම අදහසක් තිබුනේද නැත.

      ඔබට එසේ අපහාසයක් ඇති සේ හැඟේ නම් මට ක්‍ෂණිකව කළ හැකි දෙයක් නැත.

      Delete
    2. මෙහි ඇති අපහාසයක් නැත. ඇත්තේ උත්ප්‍රාසයක් පමණි.

      Delete
    3. මාතලන් -
      උත්ප්‍රාසය පිළිබඳ ඔබේ අර්ථදැක්වීම මොකද්ද ?

      Delete
  11. මේක කියවලා හිනා වෙලා පණ ගියා. අර නිර්මලා නංගි පව්. එයාලට තාම ඕවා තේරෙන්නේ නෑනේ. පොඩි ළමයි නේ.

    ReplyDelete
    Replies
    1. වයසට යනකොට කාටත් කේස් එක වැටහෙයි!

      Delete
  12. අපහාසයක් කරන්න නෙවෙයි නේද? මේක ලියලා තියෙන්නෙ... මට නම් සිරාවට හිනා ගියා... නියමයි කකා..මේක දැක්කොත් කාටත් හිනා යනවා..

    කොහොමත් විශාල පොත් කැබිනට්ටුව උඩ ඇති විශාල පින්තූරය ගැන කිසිවෙකුත් කිසි දිනෙකත් ප්‍රශ්න නොනැගූහ. ඔහු ඕනෑම විටක ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සූදානමෙන් සිටිමුත්, සියල්ලලෝ සියල්ල දැන සිටි හෙයින් නිහඬ වූවේය.. යම් දිනෙක ඒ දොර ඇරිය විගස වම් ඉහළ දෙස බලන විට ඔබට එය පෙනෙනු ඇත. ඔබද කිසිම ප්‍රශ්නයක් නොනඟනු ඇත. මන්දයත් ඔබද එය දන්නා බැවිනි. එම පින්තූරය එතැන නැතිවීමට නම්, දොරෙහි ඇති පිත්තල නාම තහඩුව වෙනස් විය යුතු බව පමණක් මම දනිමි.

    ReplyDelete
    Replies
    1. /* කොහොමත් විශාල පොත් කැබිනට්ටුව උඩ ඇති විශාල පින්තූරය ගැන කිසිවෙකුත් කිසි දිනෙකත් ප්‍රශ්න නොනැගූහ. ඔහු ඕනෑම විටක ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සූදානමෙන් සිටිමුත්, සියල්ලලෝ සියල්ල දැන සිටි හෙයින් නිහඬ වූවේය.. යම් දිනෙක ඒ දොර ඇරිය විගස වම් ඉහළ දෙස බලන විට ඔබට එය පෙනෙනු ඇත. ඔබද කිසිම ප්‍රශ්නයක් නොනඟනු ඇත. මන්දයත් ඔබද එය දන්නා බැවිනි. එම පින්තූරය එතැන නැතිවීමට නම්, දොරෙහි ඇති පිත්තල නාම තහඩුව වෙනස් විය යුතු බව පමණක් මම දනිමි. */

      හැබැයි මේ නෙරංජිගේ දෙවෙනි ඡේදය නං අපහාසයක් ද මන්දා, මට නොවෙයි, මේ ලෝකේ කොහේ හරි ඉන්න කවුරු හරි කෙනෙකුට!

      Delete
    2. අපහාසයක් සහ කතන්දරයක් අතර තියෙනවා සහෝදරයා පැහැදිළි වෙනසක්!!!

      Delete
  13. මට හිතුනේ ඔස්ට්‍රේලියාව හරි පව් කියලා...:D

    ReplyDelete
  14. KAKKA BUWA, ada wenath ayage kai pahala thiyanawa. Sunil Ar. jokku, pada, jee, choo, adiya gena kai liyala nedda?

    ReplyDelete
    Replies
    1. ඒවා ලියලා තියෙනවනම් මෙලහකට කකා පෝස්ට් 100ක් විතර ලියලා.
      සුනිල්ගේ චූ,
      සුනිල්ගේ ජී,
      සුනිල්ගේ .... etc..

      ඔය ආදී වශයෙන් පෝස්ට් 100ක් විතර ලියලා

      Delete
  15. මේක නම් අනිවාර්යයෙන් වයසක ගෑණු කෙනෙකුට කියාපු එකක්... සමහර විට නන්දා මලිනීටම වෙන්න ඇති.... අනුරාධපුරය 'ඔබයි' කියලා මනුස්සයෙක්ට කියනවා වගේ කියන්නෙ ඒ ගැන පොඩි හින්ට් එකක් දෙන්න වෙන්නැති.

    ReplyDelete
  16. කකාටත් හිතෙන දේවල්. මම කියන්න හිටිය එක උඩින්ම මාතලන් කියලනේ.

    ReplyDelete
  17. Replies
    1. හා... මාත් ගොඩ වඳින්නම්.

      Delete
    2. මනසින් කැසිකිලියට ගොඩවදින්න (කක්කි බර සහ තදබල චූ බර )

      Delete
    3. වඳින්න

      සාදු.... සාදු.... සාදු......

      Delete
  18. http://anonymousaya.blogspot.com/2013/03/blog-post.html
    ඇත්තද? බොරුද? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඕක බොරුවක්. තාම ණය ගෙවලා නෑ.

      Delete
  19. කතන්දරකාරයාගේ හඬ සමඟින් කකා විසින් රචිත ගීත රසවිඳින්න එන්න. පහත සබැඳියෙන් ඒ ගීත හා කතාවට සවන් දෙන්න.

    http://blog.buzzradio.lk/2011/09/buzz.html

    කතන්දර බ්ලොග් පාඨක සංගමය

    ReplyDelete
  20. සියළු දෙනාටම ස්තුතියි!

    හෙට (මාර්තු 5) අළුත් කතන්දරයකින් හමුවෙමු.

    ReplyDelete
  21. දෙයි හාමුදුරුවනේ මේක නන්දාට ලිව්වා කියලා හිතන එක නම් පුදුම අපබ්‍රංශයක්. 'ඔබ' කියා ලියූ පමනින් මේක සජීව පුද්ගලයකුට යෙදෙනවා කියලා කියන එක විහිළුවක් නම් ඉතින් කමක් නෑ. එතකොට 'ගං කොමලිය' කියලා ලියන්නෙත් වෙන්ත් ගෑනියෙක් ට කියලා හිතයි. මේක නන්දක්කා ට ගහන හීන් මඩක්. මොකද දැන් ඉතින් නන්දක්කා පොලිටිකල් භූමිකාව අතෑරලා ආපහු 'මේ සිංහල අපගෙ රටයි' කියනවානේ. අජීව දේවල්, නගර, ගම්මාන ගැහැනියකට හෝ පුද්ගලයකුට සමාන කරන එක 'කතන්දර' නොදන්නවා කියලා හිතන්න නම් අමාරුයි.
    කොහොම වුනත් නන්දක්කා ඔය සංගීත ආචාර්යලා වගේ බැරි බැරි ගානේ ඒක පුද්ගල ප්‍රසංග ඇදගන ඇදගන ගිහිල්ලා අවසාන ප්‍රසංගය කිය කිය රට වටේ ලොකු ලොකු ගනන් වලට ටිකට් විකුනලා දැන් මම යනවා කියලා ආයිබෝවන් කියල ගිහිල්ලා ආපහු ත්‍රිපුද්ගල ප්‍රසංග වලට ගිහින් වෙව්ලන ස්වරයෙන් බෑඟිරි ගාන මගුල් නම් කරලා නෑ. අනික අද වුනත් සින්දුවක් කියන කොට
    කටහඬ ටිකක් ගැඹුරු වුනාට කළින් තිබ්බ මියුරම දැනෙනවා ( ඒකනම් ඉතින් සබ්ජෙක්ටිව්). ගොඩක් කරදර මැද්දෙ ළමයි හදාගන හිටි අම්මා කෙනෙක් වගේම හොඳ කලාකාරියක්. නන්දකාගේ 'සංසාර සාගරේ" .. 'පෙරහැර එනවා' වගේම 'ගිනිහොරා' ත් ඒ ඒ ගීතය ගයන අරුතින්ම විඳින්න පුලුවන් අපූරු හඬකින් ගයලා තියනවා. 'කඩ මන්ඩියේ දොල අයිනේ', 'සැඳෑ කළුවර මුරගගා විත්' ගීත හරියට චිත්‍රපටයක් වගේ මැවිලා පේනවා. සුනිල් සාන්තගේ හඳපානේ, මිහිකත නලවාලා වගේ ඒවා ඇරෙනකොට එහෙම පැහැදිලි මනෝචිත්‍ර අඳින්න අමරදේව ට වුනත් බැරි වුනා.(ලංකාවේ අන්කල්ලා කබා අඳින්නෙ නැති නිසා නුවර එලියේ පැත්තේ ජීවත් නොවෙන කෙනෙක්ට ඒකත් ටිකක් අමාරුයි )

    නන්දක්කා අනුරාධපුරය වගේ වල් බිහි වෙලා නැතුවා පමණක් නොවේ, අනුරාධපුරයත් දැන් වල්බිහි වෙලා නෑ වගේ ( නව නගරේ පැත්තෙ අව කෙලි ගැන නම් කියලා වැඩක් නෑ )

    දැන දැන පොඩි මඩ පාරක් ගහ්න එක ගැන නම් දුකක් නැත්තෙම නෑ.

    ඵ්.S. මිරිස්වැටිය ට සුදු ඇන්දුවා නෙවෙයි අන්දන්න වුනා. ප්‍රේමදාස මහත්තයාගේ කාලේ වැඩේ කඩිනම් කරන්න කියලා ඉක්මනට පරණ ගඩොල් අලුත් ගඩොල් එකට දාලා ලස්සනට මිරිසවැටිය ඉවර කළා. ඒත් අලුත් බදාම සහ පරණ බදාම වල ප්‍රසාරණ සංගුණක මිස්මැච් වෙලා වගේ කතන්දරයක් නිසා චෛත්‍යය නාරං බික් වගේ ඉරි ගියා, අන්තිමට ඉතින් සුදු ඇඳුම අන්දලා ජාම බේරගත්තා !

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.