Friday 22 March 2013

වැඩක් නොකර තැග් ගැසිම සහ මූණු පොතේ ටැග් කිරීම - Evil FB tagging


"කොහෙද මේ උඹ යන්න හදන්නේ?" මා බයිසිකලයට ගොඩවෙනවා දකින තාත්තා විමසයි.

"යාළුවෙකු ගේ ගෙදර යනවා, යාගොඩ."

"ගියාට කමක් නෑ, තැග් ගැහි ගැහි ඉන්නේ නැතුව ගිය තැනකින් ඉක්මනට ආපහු වරෙං!"

තැග් ගැසීම - එය තාත්තා භාවිතා කළ වචනයකි. එයින් ඔහු අදහස් කලේ අප යම් ස්ථානයකට ගොස් ඒ ගමනේ අපේ අරමුණ ඉෂ්ඨ කරගත්තායින් පසුව වහාම ආපසු නොපැමිණ තවදුරටත් එහිම කල් ගතකරමින් කරන අනවශ්‍ය රස්තියාදු වීමයි. රස්ටිෆයි වීමයි.

අප ඒ කාලයේ නිතරම යාළුවන්ගේ ගෙවල්වල, ගම් සභා පුස්තකාලයේ රස්තියාදු ගැසූ නිසාත්, යම් වැඩක් කිරීමට පටන් ගෙන සුළු මොහොතකින් එය අමතක කර වෙනත් කතාබස්වල නියැලීම නිතරම කළ නිසාත්, මේ තැග් ගැහීම යන වචනය තාත්තා ගේ මුවින් නිතරම පිටවිය.

එදා කළ ඒ ආකාරයේ තැග් ගැසීම් අද නැති වුවද, දැන් අප අන්තර්ජාලයේ පැය ගණන් තැග් ගැසෙමින් ඉඳිමු. ඊ-මේල් බලමු, පත්තර බලමු, නැවත ඊ-මේල් බලමු, බ්ලොග් කියවමු, නැවතත් ඊ-මේල් බලමු, ෆේස් බුක් එකේ කල් මරමු, නැවතත් ඊ-මේල් බලමු, සයිබර් අවකාශයේ තැග් ගැහි ගැහි ඉඳිමු.

මා මේ අතත්‍ය ලෝකයේ කරන තැග් ගැසීමෙන් ගලවාගෙන නිසි මගට යොමු කරවන්නට තාත්තා අද නැත!

තාත්තා අද සිටියා වුවද, මා ගලවා ගන්නට නොහැකි වන එක් දෙයක් ඇත. එනම් මගේ තැග් ගැසීමක් නොව මා අනුන්ගේ ටැග් කිරීමට ලක්වීමයි.

මේ ටැග් කිරීම යනු මුහුණු පොතේ සිදුවෙන ටැගින් බව මා අමුතුවෙන් නොකිව්වාට ඔබට වැටහෙනු ඇත.

බොහෝවිට කණ්ඩායම ඡායාරූපයක් මුහුණු පොතට එක් කළ පසු එහි සිටින අය හඳුණාගැනීමට පහසුවෙනු පිණිස ඔවුන් නම් කිරීම නොහොත් ටැග් කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. අප දන්නා පරිදි මෙමගින් ඒ ඒ පුද්ගලයින්ගේ මුහුණු පොතේ මුල් පිටුව මෙකී ඡායාරූපයට සම්බන්ධවෙන අතර ඔවුන්ටද, බොහෝවිට ඔවුන්ගේ මිතුරන්ටද මේ ගැන ක්‍ෂණිකව දැන ගැනීමට ඉඩ ලැබේ.

මෙය සමාජ සම්බන්ධතා ජාලයක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකිය හැක.

නමුත් ප්‍රශ්නය එය නොවේ. කිසිසේත්ම අදාල නැති ඡායාරූප, චිත්‍ර, ප්‍රචාරක දැන්වීම් යනාදියට අපව බලෙන් ම ටැග් කිරීමයි.

මේ ලඟදී මා අත්විදි එවැනි එක් සිදුවීමක් මෙසේය.

පසුගිය දා කොලඹ පැවති එක්තරා උපන් දින සාදයකි. එය විශ්‍රාමිකයෙකු ගේ හැට පස්වෙනි උපන් දිනයයි. මේ පුද්ගලයා ගේ ක්ලාස් මේටයෙකු වූ "අහවලා" ද මේ උපන් දින සාදයට පැමිණ ඇත. මගේ ඥාතියෙකු ගේ දෙමව්පිය යුවල ද "අහවලා" මෙන්ම මේ බර්ත් ඩේ බෝයි ගේ ක්ලාස් මේට් වීම හේතුවෙන් මේ සාදයට ඒ හේතුව නිසාම ඇරයුම් ලැබ සිටියහ.

මෙවැනි තැනකදී අනිවා ඩෙෆා සිදුවෙෆන පරිදි "අහවලා" සමග සිට සමූහ ඡායාරූප වලට මේ දෙමව්පිය යුවල ද පෙනී සිටියහ.

මගේ ඥාතියා පසුවදාම කලේ ඒ "අහවලා" වටකරගෙන තම දෙමව්පියන් සහ අනෙකුත් ක්ලාස් මේට්ස් ලා සිටින ඡායාරූප දෙකක් මුහුණු පොතට අප්ලෝඩ් කර ඒවාට මංතුමාව ටැග් කිරීමයි.

මා මෙය දැක්කේ දිනක් පමණ ගෙවී ගිය පසුය. ඒ වෙන විට අප සැම දැක පුරුදු, නයිස් ෆොටෝ, වෝව්, බියුටිෆුල්, ආයිස් අප්පා, ෂෝයි යනාදී කමෙන්ටු ඒ ඡායාරූපයට ලැබී තිබුණි.

මා සම්බන්ධ නැති ඡායාරූපයකට මා ටැග් කිරීම කෙසේ වෙතත් "අහවලා" සිටින ඡායාරූපයකට මගේ නම ඈඳීම ගැන නම් මට කෙන්තියක් ඇතිවිනි.

දැනටමත් මගේ මිතුරන්ට ද "අහවලා" ගේ මූණත්තහඩුව සහිත මේ ඡායාරුපය පෙනෙනු ඇත. හතර විලිලැජ්ජාවකි.

මට වහාම මාව අන්ටැග් කර ගැනීමට හැකිය.

නමුත් එසේ කළා නම් මගේ ඥාතියා මේ කල වරදෙන් පාඩමක් ඉගෙන නොගනී.

එනිසා මා කලේ "කොහොමද මේ ෆොටෝ එකෙන් මාව අන්ටැග් කර ගන්නේ?" යනුවෙන් එහි කමෙන්ටුවක් දැමීමයි.

ඉන් මිනිත්තු කීපයකට පමණ පසු, "කරුණාකර මාව අන්ටැග් කරන්න. මෙය අපහාසයකි!" යනුවෙන් දෙවන කමෙන්ටුවක් දැමීමයි.

එමගින් බොහෝ අයට මේ ගැන මගේ විරෝධය දැන ගැනීමට සැලැස්වීමට මට හැකිවිය.

පැයකට පමණ පසු මා එයින් මා අන්ටැග් කරගෙන නොනැවතී නැවතත් මගේ අනුමැතියෙන් තොරව එලෙස කළ නොහැකිවන සේ මගේ මුණු පොතේ ආරක්‍ෂාව දැඩි කළෙමි.

-කතන්දරකාරයා

ප/ලි:
සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් -
නොනිදා මම ඉන්නම්

(image: http://jessicajttaylor.wordpress.com/2012/06/21/facebook-ethics-im-flattered-but-please-stop-tagging-me-its-annoying/)

39 comments:

  1. සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් -
    නොනිදා මම ඉන්නම්

    මේ මොකෝ?? :D

    ReplyDelete
    Replies
    1. හීනෙන් පෙනිලා බය වෙන හන්දා....

      Delete
  2. //...මගේ අනුමැතියෙන් තොරව එලෙස කළ නොහැකිවන සේ මගේ මුණු පොතේ ආරක්‍ෂාව දැඩි කළෙමි....//

    මමත් අන්තිමට කළේ ඕක තමයි (Y)

    ReplyDelete
  3. හීනෙන් පේනවනම් අවදිවෙලා ඉඳලා කොහොමද? එතකොට හීනෙන් පේන්නේ නෑනේ. :D:D

    ReplyDelete
    Replies
    1. අන්න ඔයාට වැඩේ තේරුනා.

      Delete
  4. මම නම්, මම ඇත්තටම ඉන්න ෆොටෝ එකක් උනත් වෙන කෙනෙක් අප්ලෝඩ් කරලා ටැග් කරනවට කැමති නැහැ. සාමාන්‍යයෙන් මම ෆේස්බුක් එකට දාන්නේ ගෙදර යතුර දබර ඇඟිල්ලේ දාගෙන, පාරේ නවත්තල තියන කාර් ඉස්සරහා ඉඳගෙන ගත්ත පින්තූර, ඉඳලා හිටලා හෝටලේකට ගියාම කෑම පිඟාන ඉස්සරහින් තියල හැඳි ගෑරුප්පු අතේ අරං ඉන්න පින්තූර, අඩුම ගානේ සනියක්වත් දාල නැති පින්තූර නම් මම ෆේස්බුක් එකට දාන්නෙ නෑ. එහෙව් එකේ සමහර යාලුවෝ, ඔය වැඩක් නැති වෙලාවට නිකමට බෝක්කුවක් උඩ ඉඳන් ඉන්නකොට අරගත්ත, ගෙදරදි ඇත්තටම කනබොන වෙලාවක අරගත්ත, නැත්නම් රබර් සෙරෙප්පු දෙක එහෙම පේන පින්තූරු ෆේස්බුක් එකට දානවා. ඉතිං මං කොහොමද ෆේස්බුක් එකේ විතරක් ඉන්න මගෙ යාලුවන්ට මූණ දෙන්නෙ?

    ReplyDelete
  5. මූනු පොතේ ෆොටෝවක් අප්ලෝඩ් කල විට මිතුරන්ගෙන් ලැබෙන්නේ
    // නයිස් ෆොටෝ, වෝව්, බියුටිෆුල්, ආයිස් අප්පා, ෂෝයි කමෙන්ට් ය.

    බ්ලොග් අවකාශයේදි ද පෝස්ටුවක් දැමු විට මිතුරන්ගෙන් ලැබෙන්නේ

    නියම පෝස්ටුවක්
    +++++++
    එලටම ලියලා තියෙනවා. මට කට උත්තර නැති උනා.
    සුබ වේවා ! රාජ සම්පත් ලැබේවා !
    *
    සාහිත්‍යය රස වෑහෙන පෝස්ටුවක්.
    එක හුස්මටම කියවගෙන ගියා. මගෙ හුස්මත් හිර උනා.
    හිග්
    පුග්
    :)

    පහත පරිදි කමෙන්ට් ය.

    ReplyDelete
    Replies
    1. මීට අමතරව පහත කමෙන්ටුද ඇත.

      මම අද එක ද ?
      හුරේ.. මම එක
      මම එක ද මන්දා...?

      Delete
    2. පට්ට
      එල
      ගති
      ලොවෙත් නෑ
      සිරා පෝස්ටුව
      මාර රහයි
      ජය
      :-D :-D
      ගති
      මට ඇඩෙන්න වගේ
      හොදට ලියල තියෙනව
      ඔයානම් මාරයි අනේ
      නෙදකිං
      (Y)
      ;-)

      Delete
    3. හොඳට ලියලා තියෙනව.. හි..හි..

      Delete
    4. ඇයි මේ දවස්වල තව එකක් හැම තැනම ලියාගෙන යනවා වකපුටේ යන එකෙනෙක් මෑන් මෙතන කොමෙන්ට් එකක් දැම්මොත් දාන්නේ මෙහෙම
      //ටැග් ගැන නං මං තාම දන්නේ නෑ..ඒත් ස්ථිරවම දන්නවා ආදරය කියා දෙයක් නෑ කියලා.. තියෙන්නේ ගනු දෙනු පමණයි. අම්මා දරුවා තුළ පවා..

      Delete
  6. මම 1 ද ?

    ReplyDelete
    Replies
    1. පව්..
      කාගෙ උනත් දරුවෙක්නෙ

      Delete
    2. @AnonymousMarch 22, 2013 at 9:08 AM

      පව්.

      මේ කමෙන්ටුව දැමීමෙන් ඔබ ලබන්නේ අහිංසක සතුටක් බව පෙනේ. නෝටි ඇනෝ ගොඩට නොදමමි.

      Delete
    3. @ALL
      වැඩ වැඩ වැඩ

      Delete
  7. කකාට කෙන්ති ගියේ ඔබතුමා නැති ෆොටෝවකට ඔබතුමාව ටැග් කල හින්දා නේ ? බැරි වෙලාවකවත් ඔබතුමා ඒ ෆොටෝවේ උන්නා නම් මෙහෙම බැනලා පෝස්ට් එකක් ලියවෙන්නේ නැති වෙයි.

    -සනාත

    ReplyDelete
    Replies
    1. මට කේන්ති ගියේ නිකම්ම නිකං එකකට නොව "අහවලා" ඉන්න ෆොටෝ එකකට මාව ටැග් කල නිසාය.

      මගේ මිතුරන් මා එලෙස අහවලා ඉන්නා ෆොටෝවකට මා ටැග් වී ඇති බව දැනගත හොත් වෙන්නේ මාර විලි ලජ්ජාවකි.

      ඒ මදිවාට එලෙස මා ටැග් කර තිබුණේ, මෙන්න අපි "අහවලා" එක්ක එක පාටියට ගියා, ෆොටෝ එකකටත් හිටියා යන්න පැවසීමට නිසා තව් කේන්තිය වැඩිවිය.

      Delete
  8. සමහරුන්ට තියෙන ප්‍රශ්න පත්තරත් ටැග් කරනවනේ! ඒක තමයි එපා වෙන්නේ! "කෙල්ලෝන් ට වඩා කොල්ලෝ හොඳ ඇයි? " මල විකාර!

    ReplyDelete
    Replies
    1. හපුච්චේ ඔව්.වැඩි පුර බොරු කියන්නේ කොල්ලෝ ද කෙල්ලෝ ද..? දෙමු බලන්න උත්තරයක්..?? :/

      Delete
    2. අනේ මමනම් ඕවා දන්නේ නෑ!

      Delete
  9. මට නම් මෙළෝ දෙයක් තේරුනේ නැත....

    ReplyDelete
    Replies
    1. නම වගේම ඔහෙත් තාම පොඩී නෙව.
      බ්ලොග් එකේ ලියන දේවල්වල හැටියට මම සිතුවෙ මීටවඩා දැනුම් තේරුම් ඇති කෙනෙක් කියල.
      ;-)

      Delete
    2. @ මාතලන්

      keyword = අහවලා

      Delete
  10. කාටත් උරුම ගොළුවගේ ඒ ඉඩම
    ඇයටත් ලබාදුනි සිවුරියනක උරුම
    තෙරපෙන්නට එපා ඔය හැටි වල උඩම
    ඇගෙ මුදු ලැම රිදෙයි ඇහුනද සුදු මල් වඩම ?


    -හුරතල් ඇනී-

    ReplyDelete
  11. එක සැරයක් කියනවා. දෙවෙනි සැරේ un-friend කරලා දානවා.
    case closed !

    ReplyDelete

  12. එනිසා මා කලේ "කොහොමද මේ ෆොටෝ එකෙන් මාව අන්ටැග් කර ගන්නේ?" යනුවෙන් එහි කමෙන්ටුවක් දැමීමයි.//

    මිත්‍රයා තරහ නොවෙන විදියට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්

    ReplyDelete
  13. YALUWEKUGE GEDARA YANAWA, YAGODA, MAMATH EHE THAMI, KOSSINNE,

    ReplyDelete
    Replies
    1. යන්න කලින් චූ, පඩ,ජී,ජොකා,ශුක්‍ර කමෙන්ට් එක දාලා යන්න.
      ඒ කමෙන්ට් එක වැටෙනකන් අපි බලන් ඉන්නේ.

      Delete
  14. චි...මම හිතං හිටියේ කකා සතුරටත් මිතුරටත් උපේක්ශාවෙන් සලකන ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් කියලා....බලං ගියාම කකා හීනෙන්වත් දකින්න කැමති නැති පොරවල් ඉන්නවනේ ....:))

    ReplyDelete
  15. ඔය තරම් අකමැතිනම් අහවලා එක්ක ෆොටෝ එකට හිටියෙ අපරාදේ :)

    ReplyDelete
  16. FB ටැග් කෙරිල්ල නම් වෙලාවකට කරදරයක් තමයි.

    ReplyDelete
  17. ඉංජිනේරූ පීඨ නිර්මාණ පුවරුවේ දාපු,
    මායාවෝ කෘතියේ හස්තෝපක්‍රමයෙන් එළි දක්වපු,

    කවි නැද්ද කකා ??

    ReplyDelete
  18. සමහර වෙලාවට ටැග් කරන එක එපා වෙනවා තමයි.
    සිහිනේන ඔබ මට පේනව නම්
    නිදා නොගෙන ඉන්නම්
    කිසිදා පොටෝ ටැග් නොකරයි නම්
    සතුටින් මං ඉන්නම් කිව්ව නම් හරිනේ කතන්දර අයියේ.

    ReplyDelete
  19. අහවලා කියන්නෙ ලොක්කද?මෙයත් නිකන් සුදු වෑන් එකක් එයි කියල වගේනෙ ලියල තියෙන්නෙ.කියන මගුලක් තේරෙන භාෂාවෙන් කියන්න එපැය.

    ReplyDelete
    Replies
    1. මෙන්න අවුරුදු දෙකකට විතර ඉස්සර සින්දුවක් ගැන ලියන කොට "අහවලා" ගේ නම දාලා මට වුනු දේ!

      http://kathandara.blogspot.com/2011/03/heres-another-world-cup-cricket-song.html

      Delete
  20. ටැග් කරන එක මට නම් ප්‍රශ්නයක් නැහැ එත් ප්‍රශ්නේ ටැග් කරන එකට ලැබෙන කොමන්ට්ස් වලින් මගේ ඊමේල් එක පිරෙන එකයි.ඒවාගේ ඒවා දැක්කම මට නම් මල පනිනවා.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඊට පස්සේ.....

      Delete
  21. SIHINEN OBA MATA PENENAWANAM KAKKO, ANIWARTHEN MAGE JOKA, IRENAWA, ETHAKOTA CHOO YANAWA, PADA YANAWA, JEE YANAWA, EKA PALIYATA ENAWA, BADU YANAWA.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.