Sunday 15 July 2012

සුඋදිවේකහා - HBD2UKH


සිංහලයේ මහා සම්මත රාජ පරම්පරාවේ බලි, තරු, රාවණ යුගයේ සිට අද මහ දියසෙන් යුගය දක්වා සියළු තතු මනා ලෙස දන්නා මීවනපලානේ ජයරත්නයන් ගේ මාධ්‍ය ප්‍රකාශක මීවනපලානේ රාජපක්‍ෂයෝ වරෙක මෙලෙස පැවසූහ.

         "දිනපතා උදෑසන චිත්ත සමාපත්තියට සමවැදී ලෝකය විමසා බැලීම මගේ දින චර්යාවේ අංගයකි. පසුගිය දිනෙක එසේ චිත්ත සමාපත්තියට සමවැදුණු මට ඔබගේ පෙර අත්භවයක් පිළිබඳව අපූරු කාරණාවක් දැන ගත හැකි විය.

එනම්, ඔබ කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස එතුමන්ගේ රාජසභාවෙහි රජතුමන් දිනපතා නින්දට යනතුරු කතන්දර කීමේ වගකීම දැරූ ඉතා වැදගත් ඇමැතිවරයකුව සිටි බවයි. මේ ඇමැතිවරයාගේ නම වූයේ "කතන්ද්‍ර"ය. එනිසා කතන්දර කීම ඔබේ සංසාර පුරුද්දක් බවත්, ඔබ මේ ඉදිරියට ගෙන යන්නේ එකී සංසාර පුරුද්ද බවත් දතයුතුයි.

එසේම අද කතන්දර හාමිනේ නමින් වන ඔබේ සොඳුරිය ඒ භවයේදීද "කතන්ද්‍රී" නමින් ඔබේම ඇඹෙණිය වූ බවත් මගේ චිත්ත සමාපත්තියට මීටර් වී ගිය බව දත යුතුයි."

තවත් වරෙක එතුමෝ මෙලෙස ද පැවසූහ.

         "නුඹ පෙර අත්භවයක (කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස) රාජසභාවෙහි රජතුමන් දිනපතා නින්දට යනතුරු කතන්දර කීමේ වගකීම දැරූ ඉතා වැදගත් ඇමැතිවරයකුව සිටි බවත් මේ ඇමැතිවරයාගේ නම වූයේ "කතන්ද්‍ර" බවත්, මම චිත්ත සමාපත්තියට වැදී දැක නුඹට කියා ඇත්තෙමි.......

....ඔබේ බිරින්දෑ "කතන්ද්‍රී"ද කතන්දර කීමට සමැත්තියකැයි....."

නාඩි වාක්‍යම් පරදවන ඒ බලාගෙන හිටියාක් වැනි වූ අතීත තොරතුරු වලින් පෙනී යන්නේ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ එදා සිට අද දක්වාම මා සමග මේ සංසාර ගමනේ යෙදෙන බවයි.

ඉතිං අනාගතය ගැන අමුතුවෙන් සිතිය යුතු නැත.

කතන්ද්‍ර සහ කතන්ද්‍රී ජෝඩුව මතු ආත්මවලත් අද මෙන්ම ආදරයෙන් බැඳී නිකං හරියට සඳුන් ගසේ වෙලි සමන් වැලක් මෙන් සිටිනු ඇත.

මා ආදරණීය කතන්ද්‍රී, ඔබට සුබ උපන් දිනයක් වේවා.

Happy birthday darling...!!!

කතන්දරකාරයා කතන්දර හාමිනේ ට ලියූ නාඩගම් ගීතය මෙන්න.
http://kathandara.blogspot.com.au/2010/05/blog-post_28.html

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ස්පැෂල් ඇස්ක්ට්‍රා කතන්දරයක් බව කරුණාවෙන්න සලකන්න.

57 comments:

  1. සුඋදිවේකහා .........!!!

    සන්ඩේ ස්පැෂල් නවත්තනවා කිව්වට බෑ නේද...?

    අන්න අර කිව්ව ප්‍රහාරය පටන් අරං....!!!

    ReplyDelete
  2. සුබ උපන්දිනයක් වේවා කතන්ද්රී මැතිනියනි! :)

    ReplyDelete
  3. කතන්ද්‍රී... පට්ට නම.....

    සුභ උපන්දිනයක් කතී...... :D

    ReplyDelete
  4. කතන්දර හාමිනේට සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
  5. මම ඇත්තටම විශ්වාස කරන දෙයක් තමයි අඹු සැමියන් සාමාන්‍යයෙන් ආත්ම ගනනක් එකට යනව කියනඑක. මොකද බුදුහාමුදුරුවො කියල තියන කතා අනුව හුඟදෙනෙකුට ඒ විදියේ ඉපදීම් තියනව. ඒකට හේතුවකුත් තියනව. දෙන්න වැඩ කරන්නෙ එකට, කුසල් අකුසල් සමාන වෙන්න ඉඩකඩ වැඩියි.

    කතන්ද්‍රීට සුබ උපන්දිනයක් වේවා. සංසාරෙ පුරාවටම දෙන්නට එකට ඉන්න ඉඩ ලැබේවා! :)

    ReplyDelete
    Replies
    1. දෙතුන් දෙනෙක් සෙට් වෙන අයටත් දිගටම ඒ දෙතුන් දෙනාවම සෙට් වෙවී යනවද දැනගන්න කැමතියි... නෑ මේ නිකමට.

      Delete
  6. මීවනපලානේ රාජපක්ෂ15 July 2012 at 10:35

    @කතන්ද්‍ර දරුව,

    හොහ්. හොහ්. හොහ්. ලොල්යැ. ලොල්යැ. ලොල්යැ. (සිනා සී වැඩි වී ලොඹු කටින් හප හපා සිටි බුලත්හපයද බඩට සැපත් විය.)

    සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රාව අනර්ඝයි. අති විශිෂ්ටයි. අර්ථපූර්ණයි.

    මගේ චිත්ත සමාපත්තියට මෙසේ පෙණුනු බවද සටහන් කළෙමි. මේ ටික මිස් වූයේ මන්ද?

    බුදුන් දවස ඔබ අප්‍රිකා මහාද්වීපයේ සවුත් අප්‍රිකාව නැමැති රටේ ජිරාපයකු වී සිටියේය. (බයි ද වේ, සවුත් ඇෆ්‍රිකා යනුද හෙළ යෙදුමක විකෘතියකි. මේ රට අප්‍රිකාවේ ඉතාම සවුත්තු ප්‍රදේශයක් නිසා එය ඔවුහු "සවුත්තු+අප්‍රිකාව" ලෙස නම් කළෝය. පර සුද්දාට "සවුත් ඇෆ්‍රිකා" වූයේ එයයි.) මෙකල්හිම ධර්ම ප්‍රචාරක කටයුතු පිණිස සවුත්තු අප්‍රිකාවට ඍද්ධියෙන් වැඩම කළ මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ නීග්‍රෝ ජාතිකයින්ට පටිච්ච සමුප්පාදය ඇසුරින් ධර්ම දේශනා කරනු අසා අසළ සවානා වනයක හුන් ඔබත් ඔබේ ජිරාප ධෙනුවත් සිත් පහදවා ගත්තෝය. (බයි ද වේ, එදා ජිරාප ධේනුව අද ජන්ම ජන්මාන්තර වශයෙන් ඔබ සමඟ එන වත්මන් කතන්දර හාමිනේම බව දත යුතුය.) ඔබ දෙපළට මනුෂ්‍ය භාවයක් ලැබීමට හේතු කාරණා වුයේ ඒ පුණ්‍ය සිතිවිල්ලයි.

    ඔබේ දියණියද ජිරාපයන්ට මෙතරම් ඇළුම් කරන්නේ තම දෙමාපියන් පෙර අත් බවයකදී ජිරාපයන්ව සිටි බව ඇය සංසාරිකව දන්නා බැවිනැයි සිතමි.

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    ReplyDelete
    Replies
    1. මහැදුරු මීරා වෙනි,

      අප්‍රිකා= අප්පිරි+කා = කෑමට අප්පිරියා ඇති යන තේරුම ඇති වනක් නොවේද?
      සමහර විට ඒ දේශයේ කෑම හෙළයන්ට අරුචි වූවා වියහැකි නොවේද?
      අප්පිරියා කෑම ඇති සවුත්තු පෙදෙස සවුත් අප්‍රිකා වීද?

      Delete
  7. සුබම සුබ උපන් දිනයක් කතන්දර හාමිනේ.......... ඔයා හරිම හැඩයි නෙ කතන්දර හාමිනේ. ඒ උනාට කතන්දර නම් කියන්නේ එයැයි තමා හැඩකාරයා කියලා. මතකෙයි ඔයැයිට එයැයි ඒ ගැන පෝස්ටු කිහිපයක්ම පළ කෙරල තිබ්බා. පින්තූරෙකුත් එක්කම. කොහොම වුනත් හැපි මෙවුවෙක් වේවා.....

    හැම ආත්මෙම පතාන යන එක වැරදි ද මන්දා....

    ReplyDelete
  8. සුභ
    උපන්
    දිනයක්
    වේවා
    කතන්දර
    හාමිනේ

    Happy
    Birth
    Day
    2
    u
    Kathandara
    Hamine

    ReplyDelete
  9. කතන්ද්‍රි අක්කට හැපි බර්ත් ඩේ වේවා!!!!!!!

    ReplyDelete
  10. කතන්දර හාමිනේට සුභම සුභ උපන්දිනයට ආසිරි.... කේක් කෑල්ලක් එහෙම අපිට නැද්දෝ....

    ReplyDelete
  11. කතන්දර හාමිනේට සුබ උපන්දිනක් වේවා!

    කතන්දර සහ කතන්ද්රී බැඳීම හරියට අර හින්දි ෆිල්ම් එකක් තියෙන්නේ නාගිනා වගේ.

    ReplyDelete
  12. ඔන්න මමත් කතීට සුබ උපන්දිනයක් වේවා ! කියල ප්‍රාර්ථනා කරන්න ආවා.

    ඒක නෙවි කකා, අර විදියෙ හෙඩිමක් දාන අදහස කොහෙන්ද ආවෙ.

    ReplyDelete
  13. පතාගෙන එන විදියට තමයි ඔතාගෙන යන්න වෙන්නෙ..
    ඔන්න අපිත් සුභ පැතුව!

    ReplyDelete
  14. ඔන්න එහෙනං කකා හාමිනේට සුබම සුබ උපන්දිනයක් වේවා..!!!!!

    ReplyDelete
  15. සුභ උපන්දිනයක් කතන්ද්‍රිට.....!

    මේ දාල තියෙන්නෙ කතන්ද්‍රි කිතුවසින් හත්වන සියවසේදී තුන්වන අග්‍රබෝධි රජ දවස ගත්ත ෆොටෝ එකක්ද ?

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතුනා.... :)

      Delete
  16. සු උ දි වේ කතී --
    ප:ලි:කතන්ද්‍රිට වඩා කතී ගැලපෙනවා...

    ReplyDelete
    Replies
    1. අරිසෙන් අහුබුදු හෙළ යකා15 July 2012 at 16:07

      කතන්ද්‍රි>කාන්තා+ඉන්ද්‍රි එනම් කාන්තාවන් අතරද ඉන්ද්‍ර (නම් දෙවියා) වැනි වූ කාන්තාව අරුත් දෙයි.

      කතී>කා+ඇති කා=ඔළුව එනම් ඔළුව ඇති, නුවණැති අරුත් දෙයි.

      එනිසා මේ නම් දෙකම ඇයට සුදුසුය.

      Delete
    2. ඇයට නම් තබා බොහෝ කල් ගෙවී ගොස්යැ. දැන් සුදුසු නම් යෝජනා කිරීමෙන් පලක් නැත. ඔබට ගතමනාව නොලැබේ.

      Delete
  17. කතන්දර හාමිනේට සුබ උපන්දිනක් වේවා! :)

    ReplyDelete
  18. සුබ උපන්දිනක් ක.හා...!!!!
    චිරාත් කාලයක් තට්ට සොමිය විඳීමේ වාසනාව ලැබේවා...!!!!!!!

    X-Porter

    ReplyDelete
  19. සුබ උපන්දිනයක් වේවා කතන්දර හාමිනේ !!!

    ReplyDelete
  20. මා ආදරණීය කතන්ද්‍රී,ඔහ් සමාවන්න කතන්දරගේ ආදරණිය කතන්ද්‍රී ඔබට සුබ උපන් දිනයක් වේවා...

    ReplyDelete
  21. කතාගේ වයිෆ් ඉතින් කැතී වෙන්න එපැයි. කැතීට සුභ උපන්දිනයක් !!!

    ReplyDelete
  22. මීවනපලානේ රාජපක්ෂ15 July 2012 at 18:51

    @කතන්ද්‍ර දරුව,

    මගේ ගෝලයා/මිතුරා ශ්‍රීධර් (බම්බලපිටියේ නාඩි වාක්‍යම්කරු) කතන්ද්‍රියගේ උපන්දිනය නාඩි වාක්‍යම් මාර්ගයෙන්ම දැනගෙන පහත පණිවිඩය අද සවස එවා තිබුණේය. (ලියා ඇත්තේ ඔහුගේ මව් බසිනි.)

    ఆమె ఈ రోజు యాభై సంవత్సరాలు. పుట్టినరోజు శుభాకాంక్షలు!

    එසේම අද සිදුවීමට නියමිත ග්‍රහ මාරුවක් අනුව මෙය පළවීමෙන් පැයක් ඇතුළත කොහු පාරක් වැදී, නුඹේ තට්ටය පැළී දරුණු අනතුරක් වීමේ හැකියාවක්ද පවතින්නේය. කොයිකටත් ටිකක් පරෙස්සම් වෙන්න.

    - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

    කිසිදින නොවරදින මීරා ජ්‍යොතිෂ අනාවැකි!

    ReplyDelete
    Replies
    1. Mr Kathandara, get your weapons ready, the translation of above says......

      "She was fifty years old this day. Happy Birthday!"

      Delete
  23. හාමිනේ නැන්දට - සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  24. ඔන්න අපිත් සුභ පැතුවා..:)

    ReplyDelete
  25. සුභ උපන්දිනයක් වේවා කතන්ද්‍රි....!!!

    ReplyDelete
  26. මෙන්න අපෙනුත් හැපි බර්ත්ඩේ ටූ යූ එකක්.
    පරෙස්සමෙන් ලැබිය යුත්තාට බාර දෙන්න.

    සතුට.

    ReplyDelete
  27. කතන්දර හාමිනේට සුභ උපන් දිනයක් වේවා......

    ReplyDelete
  28. කතන්දර ලියපු පොස්ට් වලින් හර්දයන්ගම පොස්ට් එකක්, බොක්කෙන්ම ලියවිලා කියල හිතෙනවා. කතන්දරගේ ගොඩක් පොස්ට් වලට වඩා අව්‍යාජයි. ඔබ දෙපලට සුබ පැතුම්.

    ReplyDelete
  29. KATHANDARA KOHOMATH LIYANNE BOKKEN MISAK OLUEN NOWE. M.JAYARATNA KIYANNE ANGODA HOSPITAL EKE INNA LEDEKDA? NAKI GAMARALA GE KATIN LOLO HANDA NAGEE. N.GAMARALA.

    ReplyDelete
    Replies
    1. මීවනපලානේ රාජපක්ෂ16 July 2012 at 07:55

      @ඇනෝ දරුව,

      මීවනපලානේ ජයරත්න නැමැති මගේ ඥාති සහෝදරයා මානසික රෝගියකු වුවත් ඔය කසිකබල් බටහිර වෛද්‍යවරුන්ගේන් බෙහෙත් ගන්නට අංගොඩ යයිද? නැත දරුව නැත. අපි ඔය පර සුද්දාගේ කසිකබල් බටහිර ඖෂධ නොව අපේම දේශීය පෙරාපු රත්තරන් වැනි ආයුර්වේද ඖෂධ භාවිතා කරන්නෝ වෙමු. රාවණා මහ රජතුමාගේ දේහය වසර දහස් ගණනක් නොදිරණ ලෙසට තැන්පත් කර තිබෙන්නේ ආයුර්වේද බෙහෙත් ගල්වාය. ඔය කසිකබල් බටහිර වෛද්‍යවරුන්ට හෙම්බිරිස්සාවටවත් බෙහෙතක් කර ගන්න බැරි වුණත් අපේ නුගේගොඩ හන්දියේ සුසන්ත වෙද දරුවා මේ වන විටත් මඳ සරු භාවය නිසා දෘ ඵල ලබා ගන්නට බැරිවූ පවුල් රාශියකට දරුඵල ලබා දී කලර්ස් පෙන්නා තිබේ. අන්න බලන්න ආයුර්වේදයේ දස්කම්! ආයුර්වේද තියෙන්නේ ලෝකයටම එකය. ඒ වගේ අනර්ඝ වෛද්‍ය ක්‍රමයක් වෙන කොහේවත් නැත දරුව. 2012 අගදී රාවණා රජතුමා නැවත නැඟිට පැමිණි කල්හි ආයුර්වේදයේ බලය කොයිකාටත් නියමාකාරයෙන් පෙනෙනු ඇත්තේය.

      - මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)

      Delete
  30. me photo eke inne kathandara da? eyage nonada? ehemath nathnam Jayarathnada?

    ReplyDelete
  31. VIMUKTHI KIYANNE KATHANDARAGE GODAK POST VIYAJAI KIYALANE.

    ReplyDelete
  32. apata dan raja sampath bada pura labenawa.

    ReplyDelete
  33. DDT - ARAVIDIYE HEADIMAK DANAADAHASA AWETH BOKKENMA THAMI.

    ReplyDelete
  34. VIKUKTHI - API DANNE KOHOMADA ME UPAN DINATH AWYAJAI DA KIYALA.

    ReplyDelete
  35. dan ithin suba pathuwa athi. suba pathu nopathu siyallantama thnak you. hamatama raja sampath lebewa. KATHANDARA NOHOTH M JAAYARATNAGE MASSINNA .

    ReplyDelete
  36. මේ යකාගෙ කතන්දර වලට රජාලටත් නින්ද යනවලුද බොල්ව්

    ReplyDelete
  37. සුබ උපන් දිනයක් වේවා!.

    ReplyDelete
  38. මේ කතන්දරයා කියන්නේ ඇත්ත නම් කතන්දරී ඔබට සුභම සුබ උපන්දිනයක්. බොරු නම් ඒත් එසේම වේවා!
    henryblogwalker the Dude

    ReplyDelete
  39. සුඋදිවේකහා!!!!! - HBD2UKH !!!!!!!

    ReplyDelete
  40. නකුල මාතා සහ නකුල පිතා කතා පුවත මතක් වුනා.

    …කකා හාමිනේට සුභ උපන් දිනයක් :)

    ReplyDelete
  41. කතන්දර හාමිනේට සුභ උපන්දිනයක්! කකා surprise party එකක් එහෙම දුන්නද? :)

    ReplyDelete
  42. @ All

    තම උපන්දිනය වෙනුවෙන් සුබ පැතූ සියළු දෙනාටම කතන්දර හාමිනේ සිය ස්තුතිය පුද කරන්නීය.

    ස්තුතියි.

    මීට අණ පරිදි,

    -කතන්දරකාරයා

    ReplyDelete
  43. කතන්දර හාමිනේට සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  44. කතන්දර හාමිනේට සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  45. Kathandara Hamineta Suba Upandinayak,
    SMSK

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.