Thursday 28 June 2012

UPDATED: සන්ලයිට් ජිංගල් - Sunlight Jingle - කතන්දරකාරයා ගයයි!

ජිංගල් එකක් කියන්නේ අර වෙළඳ දැන්වීම් එක්ක යන පොඩි සින්දු කෑල්ලටයි. ඕවායින් සමහර ඒවා තියෙනවා නැගලා යන.

මට අද මතක් වුණා අපි පොඩි කාලේ රේඩියෝ එකේ ගිය සන්ලයිට් සබන් ජිංගල් දෙකක්.

මෙයින් එකක් නං මට සම්පූර්ණයෙන් මතකයි. අනිකේ නං අග හරිය හිස්.

මේවායේ ඕඩියෝ ට්‍රැක් නං මං හිතන්නේ නෑ හොයා ගන්න පුළුවන් කියලා. කියෝලා බලලා දන්ණ අය අඩු තැන් පුරවන්න කෝ!

මෙන්න මුල් එක.

සුනිලා පාසලට ගියේ
අම්ම සේදු ඇඳුම් ඇඳන්
ඒවා සුදු මදිය කියල මිස් පැවසූවා

යලි ගෙදරට ආ සුනිලා
ඒ බව අම්මට කීවා
අනේ මොකද මා කරන්නෙ
ඈ දුක් වූවා

අල්ලපු ගෙයි සිටි වසන්ති
රෙදි හෝදන්නට ගන්නේ
සන්ලයිට් සබන් ය කියා
රහස එලිවුණා

ඉන් පසු සුනිලගේ අම්මත්
ගත්තේ සන්ලයිට් සබන්
ඇගෙ ඇඳුම් සුදු පාටට
හොඳට බැබලුණා

ඇඳගෙන ගිය ඇඳුම් බලා
පන්තියෙ වැඩ ගැනත් සිතා
සුනිල පන්ති නායිකාව
ලෙසට පත් කළා!


මෙන්න මං රෙකෝඩ් කරපු සවුන්ඩ් ට්‍රැක් එක.



පැහැදිලියි නේ පණිවිඩය?

මෙන්න දෙවෙනි එක. මේකේ අග හරිය මගේ මතකයෙන් ගිලිහිලා ගිහින්. මේක දෙබසක්.

එන්න නිමල් වාඩිවෙන්න
එනතුරු අපි බලා උන්නේ
ඔබේ උසස් වීමට සිදු
වුණෙ මොනවාදැයි අහන්න

ඉන්ටර්වීව් ගියා තමයි
හරි වැඩේනෙ සිද්ධ වුනේ
ලොක්ක කියපු කතා අහල
මට හරි ලැජ්ජා හිතුනේ

මොකද මොකද ලොක්ක කීවෙ?

දක්‍ෂකම ම විතරක් මදි
මේ වගෙ තනතුරු දරන්ණ
පිරිසිදු ඇඳුමත් ඕනෑ
සමාජයේ තැන ලබන්න

ඒ කතාව ඇත්ත තමයි!

කතාව නං ඇත්ත තමයි
බලන්නකෝ ඇඳුම් මගේ
කොතරම් හේදුවත් නෑනෙ
ඔපයක් ඔය ඇඳුම් වගේ


මෙන්න මෙතන ඉඳලා ටික තමයි අමතක.

මෙන්න මං රෙකෝඩ් කරපු සවුන්ඩ් ට්‍රැක් එක.



මේකෙත් සීන් එක නං කලින් එක වගේමයි. නිමල් ගේ යාළුවා ඇඳුම් හෝදන්නේ සන්ලයිට්වලින්. නිමලුත් සන්ලයිට් සබන්වලින් ඇඳුම් හෝදන්න පටන් ගන්නවා.

ඇඳුම් සුදු වෙනවා.

ලොක්කා ප්‍රමෝෂන් එක දෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
අනේ බලන්න ඒ අපේ පුංචි කාලේ කොච්චර සුන්දර කාලයක්ද කියලා?

(image: http://www.zazzle.com.au/sunlight_soap_vintage_art_postcard-239218065027968929)

88 comments:

  1. අදමයි ඇහුවේ...
    අරකනං මතකයි ඩෙල්මා සබං ඇඩ් එක..
    න න නා නාන නානේ
    ඩෙල්මා සබං නිසානේ....

    ReplyDelete
  2. අෆොයි කකා සෑහෙන වයසයි නෙව........
    ඇහුවෙත් අදයි....

    මම නම් අහල තියෙන්නේ..
    “ සන්ලයිට්.... සන්ලයිට් පෙණ ඉතිරෙයි...
    “ නැවුම් සුදට සෝදා දෙයි....
    “ නව පෙනුමයි සන්ලයිට් ........
    “ ම්ම්ම්ම්ම් ම්ම්ම්ම්.......... “

    අපි නම් සර්ෆ් එක්සෙල් ...දැන් ඉතින් ඩිටර්ජන්ට් නෙව....පරිසරයට නම් අහිතකරයි.නයිට්‍රජන් වැඩි නිසා...මේ වර්ගයේ පෙණ කලවම් වුන වතුර ගංගා ඇල දොළට වැටුනම ඒවා “සුපෝෂණය“ වෙනවා.....

    ReplyDelete
  3. //
    අනේ බලන්න ඒ අපේ පුංචි කාලේ කොච්චර සුන්දර කාලයක්ද කියලා?//

    බලාගෙන යනකොට කතන්දර ඇවිල්ලා හද්දා නාකියෙක් නෙ.... මෙච්චර නාකි මටවත් ඔය කතා මතක නෑ

    මටත් මතක වත් කියපු ජිංගලේ තමයි

    ඇල්-

    ReplyDelete
  4. මමත් සන්ලයිට් ඇඩ් බැලුවා... සින්දු කෑලි මතක නෑ... ඒවයෙ හිතපු රෙදි හෝදපු ලස්සන අක්කල ටිකනං මතකයි

    ReplyDelete
    Replies
    1. ඒකාලේ හිටපු අක්කලා සේරම කලු සුදු උන් නේ බං !

      Delete
  5. ඒ කාලේ පොඩි ළමයින්ට මොනිටර්කම, ලොකු අයට ප්‍රොමෝශන් වගේම.... පහු වෙන කොට කාර්යාලයේ අනිත් කාන්තාවන්ගෙ ආකර්ශණයට ලක් වෙන්න සන්ලයට් ඕනි උනාට.... මට මතක කාලේ වෙනකොට සන්ලයිට් ඕනි වුනේ යහපත් සෞඛ්‍ය පවත්වා ගන්න උදව්වක් විදිහට.(අපේ කාලේ වන කොට ඒක එහෙම වුනේ ඇයි ද මන්දා)

    “ පිරිසිදු ජලය හා .... සන්ලයිට්
    සන්ලයිට් පෙණ ඉතිරෙයි
    පිරිසිදු කොට සෝදා ලයි
    පාවිච්චිය හරි පහසුයි
    කල් පවතින සන්ලයිට්
    සුදෝ සුදට පිරිසිදු කරවයි
    සුදෝ සුදට සෙනෙහසින්
    මුළු පවුලම සෙනෙහසින්
    පිරිසිදු කර රැක ගනී“

    මවු වරුන් ඉලක්ක කර ගත්ත නිසා... සමහර විට සෙනෙහස සහ රැකවරණය කියන මාතෘකා යොදා ගන්න ඇති ...

    ReplyDelete
    Replies
    1. මෙන්න ඕකේ වීඩියෝ එක http://www.youtube.com/watch?v=q_bljSRIcxM&feature=related

      Delete
  6. අපි නැති කාලෙක හරි අපිට මතක නැති කාලෙක හරි ගිහපු ඒව මයෙ හිතේ....

    ReplyDelete
  7. ඔය එක්දාස් නවසිය බර ගණන්වල එකක් වගේ. මට නම් මතක අර වත් අක්ක කිව්ව එක. ඒකෙ අන්තිමට ඔසරිය ඇඳගත්ත මනමාලි කෙනෙක් මල් කුමාරියෝ එක්ක ඔරුවක යන එකකුත් තිබ්බ (මම පටලොගෙනද මන්ද??)
    ඊටත් කලින් ... අර ෆීනික්ස් ඇඩ් එක මතකයි. අපි නිවාඩු දෙන දවසට කියන සින්දු වලට මැද්දට දාන්නේ ෆීනික්ස් සින්දුව :D
    ඉතින් අනේ බලන්න ඒ අපේ පුංචි කාලෙත් කොච්චර සුන්දර කාලයක්ද කියලා? :D :D

    ReplyDelete
    Replies
    1. අහන්න ආසය් අපටත් කියන්න - මොකක්ද මේ "Penis" සින්දුව?

      Delete
    2. "ප්ලාස්ටික් බදු ගැන කතා කරමු දැන්..
      වට්ටන්නට පෙරලන්නට පුළුවන්
      නමුත් බිඳින්නට නොහැකියි..
      කන්නට බොන්නට පිඟන් කොප්පද.
      ඉන්දගනීමටත් සවිමත් පුටු ඇත.."
      .....ඉතුරු ටික සම්පුර්ණ කරන්න මතක කාටද.. ??

      Delete
    3. පීනික්ස්; බාල්දි බේසම්
      ඇඳුම් එල්ලන්න කසල දමන්නත්
      අගය ලොකුයි, මුදල පොඩියි
      ගේදොර වටපිට දසත පෙනෙන්නේ පිනික්ස් අගනා ප්ලාස්ටික් බඩුයි!

      Delete
    4. ෆීනික්ස්...
      බාල්දි බේසම් වතුර බඳුන් සහ
      කෑම බහාලන භාජන මනා
      විසිරී යන කෙස් කළඹට ඔබගේ
      ලොකු පොඩි හැඩයෙන් පීරන පනා...

      ඇඳුම් එල්ලන්න..... (ඒ ටික අන්තිමට)

      Delete
    5. ප්ලාස්ටික්

      බඩු ගැන කතා කරමු දැන්
      වට්ටන්නට පෙරලන්නට පුලුවන් නමුත් බිඳින්නට නොහැකියි

      කන්නට බොන්නට පිඟන් කෝප්පද ඉඳගැනීමටත් සවිමත් පුටු ඇත

      ෆීනික්ස්..

      බාල්දි බේසම් වතුර බඳුන් සහ කෑම බහාලන භාජන මනා
      විසිරී යන කෙස් කලඹට ඔබගේ ලොකු පොඩි හැඩයෙන් පීරන පනා

      ඇඳුම් එල්ලන්න කසල දමන්නත් අගය ලොකුයි මුදල පොඩියි
      ගේ දොර හැමතැන දසත පෙනෙන්නෙත් ෆීනික්ස් අගනා ප්ලාස්ටික් බඩුයි

      http://dukaa.blogspot.com/2009/08/blog-post_08.html?showComment=1271779310737#c5042532093098586268

      Delete
  8. ඉතින් කතන්දරත් ඔය සබන්වලින් ෂර්ට් හෝදලා බලන්ටකෝ. ප්‍රමෝෂන් එකක් ලැබෙන්ට බැරි නෑ. :D

    ReplyDelete
  9. දැන් ඔක්කොම තියෙන්නෙ ඉන්දියන් ඇඩ් නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය සන්ලයිට් ඇඩ්, සර්ෆ් එක්සෙල්, වගෙ ඇඩ් ගොඩක් ලංකාවෙ කරනවා. මතකද අර
      -ලොකු ඇඳුම් බෝලයක් අරන් එන අම්මගෙ ඇඩ් එක.
      -යාපනේට කර්තකොලොම්බන්
      -ලංකබෙල් කොත්තු

      ඒවත් මරු නෙ. දැන් සමහර ටෙලි මැද්දෙං දාන ඇඩ් ලස්සනයි ටෙලි නට්්යට වඩා.

      Delete
  10. ජිංගල් වලට මං නං හරි කැමතියි. පුතා හදන ඒවට ගොඩක් කැමතියි.

    ReplyDelete
  11. මේක මම පොඩිකාලේ ජනප්ප්‍රිය වූ ජිංගල් එකක්
    "පොඩි පවුලක්, පොඩි පවුලක් , ලස්සන ලස්සන පොඩි පවුලක් !

    ReplyDelete
  12. අපොයි...ඔය වගේ ජිංගල්නම් අපේ අම්මලටවත් මතක නැතුව ඇති.

    ReplyDelete
  13. අදමයි ඇහුවේ මේ ජිංගලේ...
    අපි ඉපදිලත් නැතුව ඇති මේවා යද්දි :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. සන්ලයිට් සබන් අවුරුදු 125 ක් ද කොහෙදෝ පරණයි කියලා ලේබලේම ගහලා තියෙන්නේ :)

    ReplyDelete
  15. ප්‍රිය ජනකයි සන්ලයිට්
    ජලය සමග මුසු කරගත් විට
    පිරිසිදු කර දෙයිඉඉඉඉඉඉඉඉ
    පිරිසිදු කර දෙයි

    ReplyDelete
    Replies
    1. ඕක අසූ ගණන්වල ඇඩ් එකක්

      Delete
    2. ස්තුතියි ජයශ්‍රී. මම ආසම ඕකෙ "පිරිසිදු කර දෙයිඉඉඉඉඉඉඉඉ" යටි ගිරියෙන් කියන්න. මම හරි ආසයි ඒ කෑල්ලට.
      henryblogwalker the Dude

      Delete
  16. ඔය ඇඩ් දෙක නම් මතක නැහැ. ඒත් ටීවී එකේ ගිය " අනේ මන්ද සරත් ... මම තියෙන හොඳම සබන් ජාතියකින් හේදුවේ " කියන ඇඩ් එක නම් හොඳට මතකයි. ඒක රොබින් නිල් ඇඩ් එකක් . බොහෝ කාලයක් යනකම්ම ඔය මුල් වචන තුන සාමාන්‍ය කතා බහේ දීත් පාවිච්චි උනා.

    ReplyDelete
  17. අප්පට සිරි .. ඇහුවෙත් අදමයි. ඔය එකදාස්නවසිය බර ගණන්වල ගියපු ඇඩ් එකක් වෙන්න ඇති. දෙවෙනි ලෝක යුද්ධෙට ගියපු සොල්දාදුවොන්ට යුනිෆෝම් හෝදන්න සන්ලයිට් ප්‍රමෝට් කරපු ඇඩ් එක එහෙම කකාට මතක නැත් ද? :)

    ReplyDelete
  18. මට නම් මතක ජිංගල් බෙල්, ජිංගල් බෙල් කියන ජිංගලේ විතරයි.....!

    ReplyDelete
  19. SUNLIGHT WALIN REDI SEDUWAMA PUNCHI KALE SUNDARA WENNE KOHOMADA? KATHANDARA KARAYA DAN SUNLIGHT REP KENEK DA?

    ReplyDelete
    Replies
    1. /* SUNLIGHT WALIN REDI SEDUWAMA PUNCHI KALE SUNDARA WENNE KOHOMADA? */

      අංකල් මම ඔබට අනුකම්පා කරමි.

      එක්කෝ ඔබ බබෙකි. නැත්තං බබා පාට් එකක් රඟ දක්වයි.

      බබෙක් නොවෙයි නං කතන්දරයක තියෙන උපහාසය කියන රසය නොතේරෙන්නට විදියක් නැත.

      Delete
  20. මතක නෑ. ඒත් නියමයි. ඒකාලෙ කොච්චර සුන්දරද! ඒකට ඇං හැදෙනවුන්ට තියන ආතල්.

    ReplyDelete
  21. දැන් ඔය බ්ලොග් අවකාසෙ ඉන්න ස්ව‍යං රැකියා ලාභී බ්ලොග්කරුවන්ටත් බැරියැ මේ වගේ නිර්මාණාත්මක ජිංගල් ටිකක් එක්ක ඇඩ් හදා ගන්න. ඔන්න මම අබේපාල මාමට එකක් ලිව්වා. බලන්නකො හොඳද කියල. ගාණක් දෙනවනම් අනෙක් අයටත් ලියල දෙන්න බැරියැ. (ඔබා මාමා ගැන කිව්වේ අපහාසයකට හෙම නෙවෙයි. හරිය? උන්දැ ජනප්‍රිය චරිතයක් හා අබේපාල මාමාගේ 'සැටිස්ෆටිඩ් කස්ටමර්' කෙනෙක් නිසා.)

    ඔබා මාම බදුළු ගියේ
    පොඩි මැණිකේ කෝච්චියේ
    හැමදාමත් කට්ට කාල
    ඇතිවෙල හිටියේ

    වෙලාවකට එන්නෙත් නෑ
    පෙට්ටි හරක් මඩු වාගේ
    මෙහෙම හැකිද ට්‍රිපක් යන්න
    ඔබා දුක් වුණා

    එක්ස්පෝ ලංකා ගැන ඇහුවා
    ඒ. සී. කා එකක් ගත්ත
    ඔබා එදා බදුළු ගියේ
    ඇමැති වගේලූ

    එදා ඉඳ ඔබා යන්නෙ
    එක්ස්පො ලංකා කාර් එකේ
    ප්ලේන් එකක යනව වගෙයි
    ඔබාට හිතුනේ

    සුවපහසුව ට්‍රිපක් යන්න
    එක්ස්පො ලංකා වෙතට එන්න
    සාධාරණ ගාස්තු හා
    සේවය ඉහළයි

    ReplyDelete
    Replies
    1. කතන්දර බ්ලොගේට ජින්ගලයක් හදපන් මල්ලි

      Delete
    2. කතන්දර මොකුත් විකුණන්නෙ නෑනෙ, අයියෙ. :-)

      Delete
    3. ඇත්තටම සිරා බං. නියම ජිංගල්එක.

      Delete
  22. මිහිරෙන් මතකයේ රැඳේ
    ඒ රසේ රැඳේ මා සිතේ
    සොඳුරු මතක සිත පිරේ
    http://www.youtube.com/watch?v=qAj7mtMOv1o මං ආසම ජින්ගලේ.ඒක කකාගේ එකට වඩා ලස්සන නැද්ද??

    ReplyDelete
  23. දොයි දොයි දොයි දොයි
    දොයිය බබෝ දොයි
    බයි බයි බයි බයි
    බයිය බබෝ බයි
    ගුණසිරි බුල්ටෝ බබාට
    තාත්ත ගෙන දෙයි !!
    ඔන්න මම කැමතිම එක..

    ReplyDelete
  24. මෙන්න මගේ කාලේ ගුවන්විදුලි දැන්වීමක් (1960 දශකයේ)

    මහත්තයා:- කාර්ගිල්ස් සාප්පුවේ . . . . . .රේඩියෝ හරි ලා. . . . . .බයී. . . . . . .

    නෝනා:- රස්සාවක් හම්බ වුනාද?. . . .

    මහත්තයා:- ඔවු කාර්ගිල්ස් සාප්පුවේ

    (ඒ කාලයේ තිබුනේ ප්‍රධාන විදුලියෙන්, කාර් බැටරියෙන් හෝ දරයි බැටරි නමැති විශාල බැටරි වලින් ක්‍රියා කරන රේඩියෝ පමණයි. අපි කඩේට ගියගමන් එකක් ගන්න බැහැ. ඕඩර් කරන්න ඕනේ)

    ලංකා ගුවන්විදුලි සේවයේ (සංස්ථාවක් වුනේ බණ්ඩාරනායක මැතිනිගේ කාලේ) හිටියා නිවේදකයෙක් 'ප්රොස්ෆර් ෆනෑන්ඩු' කියලා. ඉතා ගැඹුරු කටහන්දක් ඔහුට තිබුනේ. උදරයේ ආම්ලිකතාව අඩු කර ගැනීමට බොන ඇන්ඩ්රූස් ලිවර් සෝල්ට් නමැති පානය සඳහා, 'ඇඹුල් ඇඹුල් ඇඹුල් සියඹලා සියඹලා සියඹලා' කියා ඔහු, දැන්වීමක් කළා හරිම රසවත්. මට මතක හැටියට අර කාර්ගිල්ස් දැන්වීම කලේ එඩී ජයමාන්න සහ ජෙමිනි කාන්තා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  25. ඇඩ් එක මතකයි ලාවට වගේ.... ඒකාලේ ඇඩ් වලින් මතක ගුණසිරි බුල්ටෝ... ඊඑච් කුරේ...

    ReplyDelete
  26. කතන්දරකාරයා විසින් ගායනා කර රෙකෝඩ් කරන ලද ඇම්පීත්‍රී සමග මේ දැන් අප්ඩේට් කරන ලදී!

    ReplyDelete
    Replies
    1. මෙව්ව වැරදි වැඩ හරිය! කොමෙන්ටුවක් දාල එනකොට ඇම්පීත්‍රී ඇඩ් කරල.
      අහන්නමයි හිටියෙ මේ කකාගෙ වොයිස් එකද කියල.

      Delete
  27. ඇම් පී ත්‍රී ටික ඇහුවම නං චුට්ටක් විතර මතකයක් තියේ. 1980 දශකයේ අග භාගයේ මේවා ගියා නම් මගේ මතකය හරිය. ස්තුතියි කකා.. අර පරණ ඇඩ් එකක් දැක්කා වගේ.

    ReplyDelete
  28. මෙතන ඇත්තේ වයස පිළිබඳ ප්‍රශ්ණයක් නොව මතකය පිළිබඳ ප්‍රශ්ණයකි.

    මේ දැන්වීම් 1980 දශකයේ මුල බාගයේ රේඩියෝ එකේ ගියා. ඒ දිනවල ටි.වි. පමණක් බැලූ අයට ඒ නිසයි මේවා මතක නැත්තේ!

    ReplyDelete
  29. මතකද මාලිගාවත්ත ලී මොලේ ad එක
    "ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙන්"
    ඔය මගුල නිසා ගෙදර දී කවදාවත් සින්දුවක් කියා ගන්න බැරි උනා. ඕක ලියපු හාදය ඒ දවස්වල හම්බ උනානම් ...... !@#$%^&*(

    Dick-son

    ReplyDelete
  30. කකාගේ වොයිස් එක නිකං අපේ කතන්දර සීයගේ වගේ..... කවි පද හැඩවැඩ කරන්නෙ ඒ විදිහටමයි.

    ReplyDelete
    Replies
    1. මොකද මොකද ලොක්කා කිව්වෙ.....

      ඒ කතාව ඇත්ත තමයි// ඹය ටික නං පස්ට. නිකං තාලේ ගන්නවා මෙහෙම මෙහෙම කරලා....

      Delete
  31. මෙන්න තවත් පරණ "radio ඇඩ්" එකක්: "බුල්ටෝ ටොෆී අපිටනොදී අය්යා කන්න හදනවා"

    එක පසුකාලීනව "modify " කලා මෙහෙම: "පක්ෂේ කන්න අපිටනොදී මල්ලි කන්න හදනවා" - කිව්වේ අනුරට චන්ද්‍රිකා

    ReplyDelete
  32. යකඩෝ ඔච්චර පැල් බැඳගෙන රේඩියෝ අහපු මටත් මතක නෑනේ ඔහොම ඇඩ් දෙකක් . . .

    ReplyDelete
    Replies
    1. මාත් ඒකමයි කල්පනා කලේ බං.. මෙහෙම එකක් ඇහුනනං ලේසියෙන් අමතක වෙන්නත් බෑ, අපේ මතකෙ හැටියට.. මම හිතන්නෙ මම මේක අහලාම නෑ..

      Delete
  33. මේ ජිංගල් දෙකේම ඇති සුවිශේෂීත්වය නම් ජහ-මනයාව ගොනාට ඇන්දවීමට හදන ආකාරයයි.

    ඇඳුම්වල සුදුපාට නිසා පන්ති නායිකාකම් ලැබේද? උසස්වීම් ලැබේද? ඒ සුරංගනා කතා අපිට කියන්නේ ඇයි?

    මේවා හදන්න ඇත්තේ තොම්සන් කොම්පැනියෙන් විය ්‍රුතුයි. උන් තමයි ලිවර් බ්‍රදර්ස් (යුනිලිවර්) ලා ගේ ඇඩ්ස් කලේ!

    ReplyDelete
    Replies
    1. කවදත් ඇඩ් වලින් කරන්නේ අපිව අන්දන එක තමයි.ඒත් ඔබ කියන ඇඩ් එකනම් (මම ඕක අහල නෑ) ඒ අතින් නරකම නෑ නේ,
      පන්තියෙ වැඩ ගැනත් සිතා
      සුනිල පන්ති නායිකාව
      ලෙසට පත් කළා!

      Delete
  34. මම නං ටීවී බැලුවෙ එච්චර ඈතක නෙවේ. මට මතක තියෙන්නෙ "සුඑන්සු" ඇඩ්එක. ඒකෙත් මතක "හෙළ ඔසුවෙකි සුඑන්සු" කියනඑක විතරයි.

    ReplyDelete
    Replies
    1. ඇලි මැලි කම් දුරුකරවන
      වෑවෙන සිරුරට පණ දෙන
      ළදුනගෙ ඇති රුව වඩවන
      හෙළ ඔසුවකි සුඑන්සූ... ප්පැක්පැහ් (ඹන්න මට මතක ටික)

      Delete
    2. ඇයි බං "දියවැඩියාව හෙවත් මධුමේහයට හොරණ සුගත රසායණාගාර‍යෙන් බී-කපු පෙති" ඇඩ් එක මතක නැද්ද.??

      බුද්ධියා, මොකෝ බං 'ඔ'යන්නට 'ඹ'යන්න දාන්නෙ.!? කීබෝඩ් එකත් උඹ ව‍ගේම මඤ්ඤං වෙලාද.??

      Delete
    3. හ්ම් .. හ්ම් ... මටත් මතකයි ඔය ඇඩ් එක ටීවී එකේ යනව. මම හිතන්නෙ 88 - 90 කාලෙද කොහෙද ඔය ඇඩ් එක ගියේ.

      Delete
    4. ආ උඔ කියන්නෙ බුරා “ඔබට දියවැඩියාව වැලදිලා කොපමණ කලක්ද කියලා වෙද මහත්තයා අහනවා. අර මනුස්සයා ලැජ්ජා නැතිව කියනවා අවුරුදු පහලොවක් විතර කියලා.‘ ඒ කාලේ මට හිතෙන්නෙ ම පොර අවුරුදු පහලොවක් පොල් ගෑවද කියලා.

      අනිත් එක බී-කපු විතරක් නෙමේනේ ඒ ඇඩ් එකේ තියෙන්නෙ. බී-කපු, පෙති හෝ දියර....හෙහ් හේ.....

      Delete
    5. මේ ඇඩ් දෙක නම් මටත් මතකයි....
      මදු මේහය කියන්නේ මොකද්ද කියලා නොදැන උන්න හින්දා කාගෙන් හරි අහන්න හිටියත් තවමත් ඒක බැරි උනා.

      Delete
    6. @ Il mondo di una povera pazza

      මදුමේහය කියන්නේ දියවැඩියාවටම කියන තවත් නමක්

      Delete
  35. KATYHANDARA KARAYA SUBLIGHT WALATA KAHEE

    ReplyDelete
  36. KATHANDARA KARAYATA SUNLIGHT WALIN KUNU HODA GANTA PULUWAN

    ReplyDelete
  37. MODA KATHANDARA KARAYA SUNLIGHT WALATA BURAI

    ReplyDelete
  38. //අනේ බලන්න ඒ අපේ පුංචි කාලේ කොච්චර සුන්දර කාලයක්ද කියලා?//

    ඒක තමා නියම කෑල්ල

    ReplyDelete
  39. මේක මතක නැද්ද?

    ලංකා බැංකුවයි මේ ඔබේ...
    වාසනා නිධානයයි ජාතියේ...
    ලක් දනන්ගෙ පින් බෙලෙන් පහල වූ..
    කප්රුකයි... සිත්මිණයි... සුරභිදේනුවයි...
    ජාතියේ.... මහා දායාදයයි...

    එතකොට,

    සිරසට දින දින සෙවන සලස්සන
    ඉපදුණු උපදින සිරි ලංකා දන
    ........ (මෙන්න මේ ටික මතක නැහැ)
    දෙස රැස නැංවුව මහජන බැංකුව...

    ReplyDelete
    Replies
    1. සිරසට දින දින සෙවන සලස්සන
      ඉපදුණු උපදින සිරි ලංකා දන
      දිවමතුරක් වන
      දෙස රැස නැංවුව මහජන බැංකුව...

      Delete
    2. නියමයි ජය ශ්‍රී... ඔන්න මතක් වුණා...
      ඒ දවස්වල මට ලොකු ප්‍රශ්නයක් දිවමතුරක් වන කියන එක...

      මට ඕක ඇහෙන්නෙම දිව මතු රක්වන කියල... මම කල්පනා කළා කොහොමද බැංකුවක් දිවක් රැකල දෙන්නෙ කියල!!

      Delete
  40. ග්ලුකොරස මාමේ ග්ලුකොරස මාමේ කොච්චර කැවත් මට මදි ග්ලුකොරස කෝ

    ReplyDelete
    Replies
    1. ඕක අර උස්වත්ත කම්පැනි එකේ ඇඩ් එක නේ ද?

      Delete
  41. අඩේ මතක නෑනේ ඔය ජිංගල් දෙක !!!

    ReplyDelete
  42. සිද්ධාලේප වෙද මහතෙකි ඔබේ ගෙදර
    …සැම වේදනාවන් කැක්කුම් යයි පහව
    …වා පිත් සෙම්ද සමනය කර දෙන මිහිර
    …සිද්ධාලේප ඔසුවකි සනසන සිරුර

    ReplyDelete
    Replies
    1. කැක්කුම් ඔක්කොම නස්නා ලේපේ.. විස්කම් දක්වන සිද්ධාලේපේ..
      තුනටියෙ අත්පා හන්දියෙ කැක්කුම් වාත භංග කර සුව සහනය දේ සිද්ධාලේපේ..

      හිස මුදුනේ සිට දෙපතුල වනතුරු, සිරුරේ ඇතිවන තුන්දොස් උවදුරු, දුරුකල ඔසුවකි ආදියෙ ඍෂිවරු
      අතිශය පියකරු සිද්ධාලේපේ.. දඩස්...

      Delete
    2. නංගිලා මල්ලිලා ඉන්න තැන් බල බලා
      …රස ඩෙල්ටා ටොෆී ගේනවා
      …හරි රසයි කිය කියා
      …අපි ඉල්ලන නිසා
      …රස ඩෙල්ටා ටොෆී ගේනවා
      …ඩෙල්ටා ටොෆී හරී රසයි
      …ඩෙල්ටා ටොෆී හරි ගුණයි
      …ලොකු පුංචි මේ සැවොම ඉල්ලන්නේ ඩෙල්ටා තමා

      Delete
  43. මටත් මතක නැහැ ඔය ජිංගල්

    ReplyDelete
  44. අනේ අපොයි කියන්න නොවෙන්න ගයලා නෙව!! පට්ට පට ඈ..
    ජය වේවා!!

    ReplyDelete
  45. මෙන්න අද බුකියේ ප්‍රසාද් වීරසේකර දමා තිබූ පරණ රේඩියෝ ඇඩ් එකක්.

    ප්ලාස්ටික් බඩු ගැන කතා කරමු දැන්
    වට්ටන්නට පෙරලන්නට පුලුවන් නමුත් බිඳින්නට නොහැකියි
    කන්නට බොන්නට පිඟන් කෝප්ප ද ඉඳගැනීමටත් සවිමත් පුටු ඇත
    ෆීනික්ස්..
    බාල්දි බේසම් වතුර බඳුන් සහ කෑම බහාලන භාජන මනා
    විසිරී යන කෙස් කලඹට ඔබගේ ලොකු පොඩි හැඩයෙන් පීරන පනා
    ෆීනික්ස්..
    ඇඳුම් එල්ලන්න කසළ දමන්නත් අගය ලොකුයි මුදල පොඩියි
    ගේ දොර හැමතැන දසත පෙනෙන්නෙත් ෆීනික්ස් අගනා ප්ලාස්ටික් බඩුයි

    ReplyDelete
    Replies
    1. මේකනම් හොඳට මතකයි................

      Delete
    2. Shek.. I wrote this somewhere up in the comment list without seeing this... :(

      Delete
  46. මෙන්න අද බුකියේ ප්‍රසාද් වීරසේකර දමා තිබූ තවත් පරණ රේඩියෝ ඇඩ් එකක්.

    මංගල මුදු මාල වළලු
    රන් අභරණ ලබා ගන්න
    විශ්වාසයි කල් පවතියි වග කීමට බැඳී තිබෙයි
    නෙත පිනවන රූ වඩවන අලංකාර මෝස්තරයි
    ඔබත් යන්න මනාලියනි..
    ඔබෙ මංගල මුදුව ගන්න

    වෝග් ජුවලර්ස්..වෝ..ග් ජුවලර්ස්...

    ReplyDelete
    Replies
    1. දැන් ආයෙමත් ඔය ඇඩ් එක රේඩියෝ එකේ යනවා මම අහගෙන..හැබැයි දැන් අලුතින් කෙනෙක් කියන්නේ ඒ තාලේටම...

      Delete
  47. හෑ ,., මෙ කොයි කාලේ ඒවද

    ReplyDelete
  48. මට මතක් වෙච්ච පරණ ටිඩී ඇඩ් එකක් මේ
    මහදැන මුත්තයි ගෝලයො රොත්තයි දවසක් උදයෙම ගමනක් යනවා
    එතකොට?
    මහදැන මුත්තව ලිස්සල වැටුණා
    ආ..........
    ගොලයෝ සේරම එකතුවෙලා මුත්තව ගොඩගන්නට බැලුවා
    ඒත් බැරිවුණා
    අපොයි අපොයි බර ගුරුතුමා අපේ
    අදිමු අදිමු අපි ගුරුතුමා අපේ
    ළමයිනේ ඇවිත් උදව් කෙරුවට
    ඕනි දෙයක් දෙන්නෙමි කියන් මාහට
    ගොල්ඩ් මාරි මැලිබන් ගෝල්ඩ් මාරි
    ගොලයිනේ ගොලයිනේ ගනිව් පොත ඔබේ
    රන් අකුරින් ලියා ගනිව් මාරි ගැන පොතේ
    හහහා මැලිබන් ගොල්ඩ් මාරි

    ReplyDelete
  49. මේ ජිංගල් එක මතකද..?

    එක පුන් සඳින් දුරු කරවයි නම් ගණ අඳුරු
    නෙක තරු රැස කුමටදෝ
    දරු පැටියෙකු - දරු දෙදෙනෙකු
    දරු සම්පත වේ
    ගෙයින් ගෙයට මව් දේසේ.....

    ReplyDelete
  50. කතන්දරට මතකද මේක....දොලහයි හතලිස් පහේ නිවුස් යන්න ඉස්සලා තමයි මේක දාන්නේ...

    අතට ගත් විට ඔබෙ රතේ
    ඉගිලිලා නොයනූ
    සලකනූ මග සලකුනූ
    නීති පිලිපදිනූ
    රියදුරන්ගේ නොසැලකිල්ලෙන්
    බිහිසුනු අනතුරු වේ
    වියෝ වන්නන් නිසා ඉන්නන්
    සදහට අසරන වේ..

    - සනාත

    ReplyDelete
  51. මේක ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ජිංගලේ.

    මගේ කියා සෙවනක් සඳලා
    සිතේ පැතුම් දහසක් සපුරා
    අනාගතේ දූ පුතුන් වෙතේ
    ඔබේ පැතුම්, ඔබේ සිතුම්, සපුරා.....

    මෙන්න ඉංගිරිසි ජිංගලේ.

    Dream in my mind is a house of my own
    I'll make it one day, my home sweet home
    So join me my friends, your house to be....
    ...... a home...!!!

    ReplyDelete
  52. මේ මේ මට මතක් උන තව ඇඩ් එකක්,

    ඔබමය් මා හදවතේ
    රසබර හැඟුමන් ඇතිකළේ
    එය එසබර හැගුමක් වේ
    හැමදිනේ

    කෙළිබිමේ මිතුදම් වැඩේ
    මිහිරටයි හිත දිවගියේ
    විඳින්න කැන්ඩෝස් දැන්
    සිනා මැවේ....

    කඩුවෙනුත් තිබ්බා

    You always in my heart
    Morning & night & any time
    ...................

    ඔච්චරයි මතක.ඒ කාලේ දැන් තරම්වත් කඩුව බෑනේ

    ReplyDelete
  53. සිතට සැනසුම දෙන
    පොඩි ළමයි කන පැන පැන...
    දැක්කම කටට කෙල එන
    පැතුම බුල්ටෝ වෙතින් ගෙන එන...

    ReplyDelete
  54. මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
    දවසක් උදයෙම ගමනක් යනවා

    මහදැනමුත්තව ලිස්සල වැටුනා.
    හපොයි හපොයි බර... ගුරුතුම අපේ ....

    ලමයි මෙහි ඇවිත් උදවු කෙරුවට...
    ඕන දෙයක් දෙන්නෙමි කියන් මා හට

    ගෝල්ඩ් මාරි මැලිබන් ගෝල්ඩ් මාරි

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.