Friday 22 June 2012

ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය - Misfired!


මං දැන් අවුරුද්දක විතර වෙලේ ඉඳලා සාමාන්‍යයෙන් කතන්දර බ්ලොගේ කතන්දර පල කරන්නේ එක්තරා රටාවකටයි.

සඳුදා, බදාදා සහ සිකුරාදා සාමාන්‍ය කතන්දර දානවා. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා දානවා. සතියකට හතරයි. අවුරුද්දකට දෙසිය අටයි.

ඔය කියන සතියේ හැමදාකම හරියට උදේ හයටයි කතන්දරේ පලවෙන්නේ. ඒක කරන්නේ බ්ලොගර් අයියාට පින් සිද්ධ වෙන්න ඔටෝ පබ්ලිෂින් සෙට් කරලායි කලින් දවසක රාත්‍රියේ දී.

කාලයක් තිබුණා මං සති දෙක තුනකට සෑහෙන්න කතා ලියලා කලින්ම සෙට් කරලා තියෙන. නමුත් දැන් නං එදා වේල ටුවර්ස් තමයි.

මේ සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ මං කතා පොඩ්ඩක් ලියලා වෙන වැඩක් සෙට් වුණු නිසා නිකං සේව් බට්න් එක එබුවා. පොඩි පැටලැවිල්ලක් වෙලා එබිලා තියෙන්නේ පබ්ලිෂ් බොත්තමයි.

ඔය වැඩේ මට කලිනුත් වෙලා තියෙනවා. ඉතිං මක්කැයි දැන් කරන්නේ? ඔන්න ඔහේ තියෙන්න ඇරියා. පස්සේ අද උදේම ටිකක් අප්ඩේට් කෙරුවා.

අන්න ඒ වෙලාවෙයි මේ අද දාන්න යන කතන්දර පොඩ්ඩ මට මතක් වුණේ.

මීට කාලයකට කලින් යකාගේ පෙට්ටිය හෙවත් ටීවී එකේ අර දොරමඩලාව වගේ නිකං සමාජ ප්‍රශ්ණ සාකච්ඡා කරන වැඩ සටහනක් ගියා.

මේ වැඩ සටහනේ අර සූරියප්පෙරුම ගේ රෝල් එක කලේ තාමත් කොයි කවුරුත් දන්නා ලොකු බණ්ඩාර යි. පොර ඒ දවස්වල එක්කෝ කතානායක. නැත්තං වෙන ඇමැත්තෙක්.

වැඩ සටහන මෙහෙයවන පොර, ලොකු බණ්ඩාරගෙන් ඇහැව්වා ප්‍රශ්නයක් නිකං මෙන්න මේ වගේ.

"දැන් ඔබතුමාට හිතෙන්නේ මොනවාද අද පුවත්පත් ගැන හෙම?"

මෙන්න ලැබුණු උත්තරේ.

"අද පුවත්වල වැඩි හරියක් තියෙන්නේ වෙළඳ දැන්වීම්. ඒවාත් නිකං මේ ක්‍ෂණික මෝචනයට පිළියම් දෙන බෙහෙත් ගැන ඒවා. ක්‍ෂණික මෝචනය, හුහ්!"

පොඩ්ඩක් විතර තද වුනත් එක්ක පොරට.

අන්න ඒ වගේ දැන්වීමක්වත් දැකපු කෙනෙක් ඉන්නවාද මේ වැරදිලා වගේ නියමිත වේලාවට කලින් පෝස්ට් වැටෙන එක වලක්වාගන්න බේතක් හොයා ගන්න, ප්ලීස්?

මාත් පොඩි කාලේ දැකලා තියෙනවා කලින් වෙන ඒවා වලක්වන්න නෙමේ ප්‍රමාද වෙන ඒවා නිට්ටාවටම සුව කරන බේත් ගැන දැන්වීම් නම්.

මෙන්න ඒ කතන්දරේට ලින්ක් එක. නොකියවපු අය සඳහා.
http://kathandara.blogspot.com.au/2011/05/blog-post_30.html

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරේ සෙනසුරාදා උදේ හයට ඉබේ පබ්ලිෂ් වෙන්න සෙට් කරන්නයි මේ යන්නේ. බලමු අද වැඩේ ගැස්සෙන්නේ නැතුව කරගන්න පුළුවනිද කියලා?

(image: http://www.allfordmustangs.com/forums/2005-2010-mustang-gt-tech/77809-2006-mustang-gt-misfire-question.html)

31 comments:

  1. මේ කතාවත් ක්‍ෂණික මෝචනය උනාද

    මම එක වෙලාද අද

    ReplyDelete
  2. බේත් ගැනනං කියන්ට දන්නෙ නෑ... ඒත් ඔබන්ට ඉස්සර පොඩ්ඩක් හිතලා බැලුවනම් ක්ෂණික මෝචනය වලක්වගන්න පුළුවන් මගේ හිතේ...

    ReplyDelete
  3. ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය

    ReplyDelete
  4. මේ නං බොරු. ප.ලි.ය දාල තියෙන්නෙ අපි මොනව කියයිද බලන්න. අපි අහුවෙයි ඕවට.
    //කාලයක් තිබුණා මං සති දෙක තුනකට සෑහෙන්න කතා ලියලා කලින්ම සෙට් කරලා තියෙන. නමුත් දැන් නං එදා වේල ටුවර්ස් තමයි//
    කකාගෙ ශෙලියෙ හැටියට කවදාවත් ඉවරවෙන සෙල්ලමක් නෙවේ ඔය කතන්දර දැමිල්ල. සමහර විට වෙන්ට ලැයිස්තුව දික් කරගන්න අමාරු වෙන්න ඉඩ තියනව. ඒත් මන්දගාමීබවේ උපරිමය "සතියට හතර"ට වඩා අඩුවෙන්න බෑ. එහෙම වෙන්න නං එක දිගට සති ගනනක් නිඳාගන්න ඕන.

    ක්ෂණික මෝචනය වලක්වාගත හැකි තත්වයක්. :)

    ReplyDelete
  5. මේකත වේලාසන පබ්ලිෂ් වෙලා නෙව..........

    ReplyDelete
  6. මොකක් හරි හුටපටයක්ද ???

    ReplyDelete
  7. හික්ස් ... මගේ හිතේ ලොකු බණ්ඩාර උන්නැහෙට ක්‍ෂණික මෝචනය නැතිව ඇති අර අපේ වෙනී අයිය බෙහෙත් ගන්න අනිත් ලෙඩේ තිබුණත්. කොහොමටත් ‘මචං ඇමතිතුමා‘ කාලයක් දේශීය වෛද්‍ය ඇමතිවෙල හිටිය නිසා ලෙඩේට කලින්ම බෙහෙත් කරව ගන්න ඇති.

    ඒ වුනාට කකාට ක්‍ෂණික මෝචනය ඇතියි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ. බලන්ඩකෝ ඒකෙත් හැටි නේ ද?...

    ReplyDelete
    Replies
    1. මචං ඇමතිතුමා කිව්වම කතාවක් මතක් වුනා. ලොක්කා හැමෝටම මචං කියන එක මහලොක්කට හෙවත් බේබිගේ පියාට ආරංචි වෙලා තිබ්බේ. දවසක් මහලොක්කා අහනවලු මෙහෙම, ඇයි ඇමතිතුමා හැමෝටම මචං කියන්නේ ඒක ඔබ තුමාට හොද නැහැ නේද? කියලා. ලොක්කා එකපාරටම කිව්වලු. නැහැ, නැහැ.......පතිතුමා මට මචං නොකියන අයට විතරයි මම මචං කියන්නේ කියලා.

      Delete
    2. වෙද මචං, උඹත් මාර දේවල්නෙ දන්නෙ. බලනකොට වෙදකම ඇරෙන්න අනෙක් ඔක්කෝම දේවල් දන්නවා.

      Delete
    3. @ වෙද ගෙදර මහ වෙදනා,
      ඔය අතිගරු, බේබිගෙ තාත්ත විතරක් නෙවි ප්‍රේමදාස තුමත් දවසක් ඔය මචං ප්‍රශ්නෙ ගැන ලොකුබණ්ඩාර මහත්තයගෙන් ඇහැව්වළු. කොහොම හරි විජමු දීපු උත්තරේ ජනාධිපතිට දිරෙව්වෙ නෑ කියල එයා දැනගත්තෙත් ටික දවසකින් ඔහු එතෙක් දරමින් සිටි අධ්‍යාපන ඇමතිකමින් අයින් කළ නිසා කියල දවසක් ලොකුබණ්ඩාර මහත්තයම කොහේදි හරි කිව්ව මතකයි.

      Delete
  8. මටනම් ලිව්වොත් ඒක තියාගෙන ඉන්න හිතෙන්නේ නෑ........

    ReplyDelete
  9. ඉතින් ලියන්නේ දාන්නනේ....... හිකිස්.

    ReplyDelete
  10. කකාගේ බ්ලොග් එකටත් ක්‍ෂණික මෝචනේ .. මගේ බ්ලොග් එකට ඕකේ අනික් පැත්ත .

    ReplyDelete
  11. මමත් මේ කල්පනා කලා වෙනදට උදේට මම කියවන කතන්දර දැන් දවස් දෙකක් වැඩ අරිලා ඇවිත් කියවන්න උනේ මොකද කියලා... :)

    ReplyDelete
  12. උදේ එයට මෝචනය වෙනවට කියන්නේ ස්වප්න මෝචනය කියලා.. හිකිස්....

    ReplyDelete
    Replies
    1. hikz. මාළුව තෙමාගෙන.

      Delete
  13. ශාරීරිකව තියෙන ක්ෂණික මෝචනයට ඔනෑතරම් බෙහෙත් තියෙනවානේ. ඔය පබ්ලිෂ් වෙන එකට පොඩි බෙහෙතක් තියෙනවා, හැබැයි පබ්ලිෂ් වුනාට පස්සේ තමයි මේක කරන්න පුළුවං. blogger.com/home වලට ගිහින්, posts ක්ලික් කරලා, ඔනෑකරන පෝස්ට් එකට ටික් එක දාල Revert to Draft ප්‍රෙස් කරන එක. මේකට "ක්ෂණික විමෝචනය" කියල කියන්න පුළුවන්. අර ශාරීරික දුබලතාවටත් මෙහෙම් පුළුවං වුනානම් කොහොමද ?

    ReplyDelete
  14. ස්ථානය: බණ්ඩාරවෙල හෝටලය
    කාලය: 2009 විතර (මතක හැටියට)

    සූර්යෝදය. මුළු භෝජනශාලාවම සොහොන්පිටියක් සේ හිස්ය. සති අන්තයේ අතුරු සිදුරු නැතිව ඇවිරෙණ එය සඳු දින උදා වරුවෙහි පටන්, සති අන්ත අතිථියන්ගේ නික්මීමත් සමඟ, ඇටමැස්සකුවත් දකිනු බැරි තරමට මුඬු වෙයි.

    ඕවලාකාර මේසයක ලේඛකයාද අනාගතයද පාතරසය ගනිමින් සිටියෝය. ඔවුනට විකර්ණව එදිරිවූ මේසයේ තනිව, කිරිහොද්දෙන් පෙඟවූ ඉඳිආප්පයන්හි රස බලමින් සිටියේ එවකට පාර්ලිමේන්තුවේ කථානායකවරයා වූ වි. ජ. මු ලොකුබණ්ඩාරයන්ය. එතුමන් සැපත් වූයේ පෙරදින සන්ධ්‍යා සමයෙහි අඳුරත් අතින් අරගෙනය. අනෙකුත් කුටි වලින් මෑත්ව හෝටලයේ කොනෙක ඇති බංගසාල කාමරය එතුමන්ට වෙන් විය. අතවැස්සෝ, ඒ වෙත, එතුමන්ගේ අඩුම කුඩුම ඔසවාගෙන ගියහ.

    තමා වෙත එන්ටැයි ලොකුබණ්ඩාරයෝ ලේඛකයාට අත වනා සන් කළහ. ඔවුහු ඔවුන්ගේ තළි රැගෙන නුදුරු මේසයට මාරු වූහ. ලොකුබණ්ඩාරයන් යමක් කියන්ට මත්තෙන් ලේඛකයා ඉස්සර විය.

    "ඇමතිතුමා, අපි දේශපාලනය ඇර වෙන දෙයක් ගැන කතා කරමු." (ඇමැත්තකු වේවා හෝ නොවේවා, ඕනෑම පොලිතීසියකු "ඇමැතිතුමා" යි අසාගැන්මට රිසිය!)

    ලොකුබණ්ඩාරයෝ සිනාසුනහ. "මොනවා ගැනද...?"

    "ඔබ තුමාගේ 'සීගිරි ගී සිරි' පොතේ, රන්වනුන් අතර රිදියක් ගැන කියන කවියට දීලා තියෙන අර්ථකථනය පරණවිතාන මහත්තයගේ අර්ථදැක්වීමෙන් සම්පූර්ණයෙන්ම වෙනස්..."

    ලොකුබණ්ඩාරයෝ නිහඬව අත සෝදාගත්හ. ඉන්පසු ඔහු ලේඛකයාට කටක් අරින්ට ඉඩ නොතබා අඩ හෝරාවක් තිස්සේ සීගිරි ගී ගැන ඔහු මෙතෙක් අසා හෝ කියවා ඇති සාරගර්භම විවරණයක් කළේය. එහි ඔහු එකඟ නෙවන කාරණා ඇති බැව් වෙනම කතාවකි. ලේඛකයා කළේ ටෙස්ට් එකකි. ලොකුබණ්ඩාර එය උත්කර්ෂවත් ලෙස සමත් විය. ඔහු ඒකපාත්‍ර භාෂණය නිමාකළේ ඔහුට නොව ලේඛකයාට ප්‍රමාද වන හෙයිනි.

    අපේ රටේ ජඩ ඡන්දදායකයින් විසින් පොලිතීසියකු බවට පත්කරනු ලැබීමෙන් මරාදමනු ලැබූ පිරුණු මිනිසකුට ලොකුබණ්ඩාරයන් තරම් අනුච්ඡවික අන් නිදසුනක් විය හැකිද? හපුතලේ ඡන්දදායකයිනි, තොපේ අධෝමාර්ගයන්හි යවුල් යැව්වත් මදිය!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම, ලොකුබණ්ඩාරයන් ගේ ඛෙදවාචකය පොලිතීසියකු බවට පත්කරනු ලැබීම පමණක් ම නොවේ. නිර්ලජ්ජිත ලෙස තම අනුගාමිකයන් පාවා දී පැතිමාරු කිරීමයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. රාජ් මොකද කමෙන්ටුව අස්කර ගත්තේ?

      Delete
    4. අපොයි ජයශ්‍රීයො,පාවා නොදෙන්ඩම වටින අනුගාමිකයො. ඔය අනුගාමිකයො කාටවත් එතුමගෙ සීගිරි ගී සිරි වලින් වැඩක් නෑනෙ. උන්දැලට ඕනෙ ඔය සාමාන්‍ය දේශපාලකයෙක්ගෙන් කරගන්න සිල්ලර වැඩ ටික. ඔය පක්ෂ මාරුව ගැන නම් මම දොස් කියන්නෙ නෑ.

      Delete
    5. කෙනෙක් ඒ විදියට ලියන්නෙ හේතුවක් ඇතිවනේ. ඉතිං මම මොකටද අනවශ්‍ය දේවල් කරන්නෙ කියල හිතුන. :)
      මම ඒ ලියමන් වලට කැමතියි. ඒ නිසා වෙන්නැති දැක්ක ගමන් කියන්න හිතුනෙ.

      Delete
  15. උදේ හයට ස්වයං මෝචනය වෙනවනේ කසූ ගේ කතා!!!! :))

    ReplyDelete
  16. ක්ෂෙනික මෝචනය :D

    ReplyDelete
  17. @ All
    සියළු දෙනාටම ස්තුතියි. ආයේ නං ක්‍ෂණික නොවෙන්න වග බලාගන්න ඕනෑ. හැබැයි, ස්වප්න වුනොත්? අනේ මන්දා?

    ReplyDelete
  18. ස්වප්න මෝචනේ වෙන එක නවත්ත ගන්න ඕනි නම්,නිදියගන්න කලින් පිරිත් අහන්න,බඩ පිරෙන්න කැම කන්න..
    එතකොට උදේ නැගිටිනකොට සරම කූඩාරමක් වෙලා තියෙන එකත් නවතීවි.... :D

    ReplyDelete
    Replies
    1. සත්තයි, අත්දුටුවයි. නිදියගන්න කළින් මෝචනය කළානම් ස්වප්න මෝචනය වෙන්නෙ නෑ. අනිත් ක්‍රම ගැන මං දන්නෙ නෑ.

      Delete
  19. "ක්ෂණික මෝචනය "ගැන සුගතපාල මහත්තයාගේ "වානරයා" පොතේද කොහෙද තිබුනා ...

    ReplyDelete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. අරා කිව්වත් වගේ ඔබන්න හිතුවෙවත් නැති වෙලාවක එබෙන්න පුළුවන් තමා

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.