Monday 12 March 2012

වයිස් චාන්සලර් ගේ පඩිය කීයද? - VC meets his match!


වයිස් චාන්සලර් හෙවත් වීසී හෙවත් උපකුලපති තමයි යුනිවසිටියේ සර්ව බලධාරී ලොක්කා. හරියට ලංකාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල චාන්සලර් හෙවත් කුලපති කියලා තනතුරක් තිබුණාට ඒක නිකං නමට විතරක් තියෙන සෙරමෝනියල් තනතුරක් විතරයි. හරියට ඉන්දියාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල එදිනෙදා පරිපාලනය පිලිබඳ හැම තීන්දුවක් ම වගේ ගන්නේ වීසී ගේ අනුදැනුම සහ අත්සන එක්කයි. කොල්ලන් ගේ පන්ති තහනම් කළාම හෙම වීසීට විරුද්ධව පෙළපාලි යන්නේ ඒ හින්දනේ.

විශ්ව විද්‍යාලයක හිටපු වීසී කෙනෙක් හා සම්බන්ධ මේ කතාව මට කිව්වේ අපේ රත්නායක මහත්තයායි.

මේ රත්නායක විශ්ව විද්‍යාලයෙන් අවුට්වෙලා වෙනත් විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පටන් ගත්තු අළුත. අවුට් වෙච්ච ගමං ඉතිං බොහෝ දෙනෙකුට ගන්න පුළුවන්නේ තාවකාලික උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) හෝ ප්‍රදර්ශක (ඩිමොස්ටේ‍ර්ටර්) තනතුරු.

එහෙම ජොබ් එකකට ආපු පොරක් තමයි රේඛීය විජේනායක.

රේඛීය විජේනායක ගේ ඔය රේඛීය කියන්නේ නම නෙමේ, ඒක නික් නේම් එකක් හෙවත් අන්වර්ථ නමක්. විජේනායකට රේඛීය කියන්නේ පොර නිතරම ගමන් කරන්නේ සරල රේඛාවල නිසයි. හැරෙන්න ඕනෑ වුණාම හැරිලා ආපහු සරල රේඛාවකම ගමන් කරනවා. ඒකට හේතුව ගමන් කරන දුර අවම කරන්න වෙන්න ඕනෑ. මොකද, ලක්‍ෂ්‍ය දෙකක් අතර අවම දුර තියෙන්නේ ඒ දෙක අතර අඳින සරල රේඛාව දිගේ නේ!

යුනිවසිටිවල තාවකාලික තනතුරුවලට බඳවා ගන්න අයගේ පත්වීම් සාමාන්‍යයෙන් අධ්‍යයන වර්ශය ඉවර වෙනවාත් එක්කම ඉවර වෙනවා. එතැන ඉඳලා ඊලඟ අවුරුද්දේ වැඩ පටන් ගන්න තුරු ලැබ්වල, ටියුට්වල වැඩ නෑනේ, ඒකයි හේතුව. අනික ඊලඟ අධ්‍යයන වර්ෂය පටන් ගන්න කොට කොහොමටත් අළුතින් අවුට් වෙන බැච් එකේ අය ඉන්නවානේ තාවකාලික පත්වීම් දෙන්න!

ඔන්න ඔය සයිකල් එකේ ගිය රේඛීය විජේනායකගේ තාවකාලික පත්වීමත් අධ්‍යයන වර්ෂය අවසානයත් එක්ක අවසාන වුණා. පොර හිතුවා වීසී පත්වීම දික් කරයි හරි එහෙම නැත්තං අළුතින්ම තාවකාලික පත්වීමක් දෙයි කියලා. නමුත් මොකක් හරි හේතුවක් නිසා ඒක වුනේ නෑ. රේඛීය විජේනායකට වෙනත් ජොබක් සෙට් වෙලා නොතිබුණු නිසා ගෙදර යන්න වුණා!

පොර ඒ ගියේ වීසී එක්ක මල පැනලා, මහා කෝපයෙන්.

හැබැයි ඉතිං ඒ ගියා කියලා රේඛීය විජේනායක නිකං හිටියේ නෑ. පොර මැවිසුරුවෙක් නේ. ජොබ්වලට ඇප්ලයි කරන ගමන් පොඩි ඉඳිකිරීම් කටයුතුවලට සම්බන්ධ බිස්නස් එකක් පටන් ගත්තා. ලාවට වගේ පටන් ගත්තාට, මාසෙන් දෙකෙන් වැඩේ නැගලා ගියා, පොර ඊට පස්සේ මාර උනන්දුවෙන් වැඩට බැහැලා බිස්නස් එක කරගෙන ගියා.

රේඛීය විජේනායක විශ්ව විද්‍යාලයේ ජොබ් එකෙන් ගෙදර ගිහින් මාස හයකට විතර පස්සේ ඔන්න වීසීට කෝල් එකක් ආවා. කෝල් එක ගත්තේ වීසී ගේ ඇසිස්ටන්ට් ස්ටෙනෝ නෝනායි.

"හලෝ මට වීසීට කතා කරන්න පුළුවන්ද?"

"සර් නං ඔෆීස් එකේ නෑ. කවුද කතා කරන්නේ?"

"මං මේ රේඛීය විජේනායක කියලා කෙනෙක්. මට කියන්න පුළුවන්ද වීසී ගේ පඩිය කීයද කියලා?"

"මං නං ඒක දන්නේ නෑ. ඇයි අහන්නේ?"

"එහෙනං වීසීට රේඛීය විජේනායක කිව්වා කියලා මෙහෙම කියන්න. ඔන්නං ජොබ් එක දාල එන්න මා ගාව වැඩ කරන්න, දැන් හම්බවෙන පඩියට වැඩියෙන් මං ගෙවන්නම්!"

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දර හාමිනේත් මේ ඊයේ කිව්වා ඔන්නං මට ජොබ් එකක් දෙන්නං කියලා!

(image: http://www.malcolmreading.co.uk/)

40 comments:

  1. හාමිනේ දෙන්නං කිව්වෙ ඉස්පිරිතාලෙ සනීපාරක්ශක පෝස්ට් එකක්ද?

    ReplyDelete
  2. නියම රේඛීය පොරක්.. :)

    ReplyDelete
  3. වෙනදට උදේම දාන පෝස්ට් එක ඇයි අද මේ රෑ වෙලා?
    එක එක්කෙනා තරහා පිරිමහන්නේ එක එක විදිහට.

    ReplyDelete
  4. සීනියර් ප්රොපෙක්ට නම් දැන් එකයි විස්සක් විතර ගතමන්ට් එකක් හම්බ වෙනව. වී.සී ට කීයද කියන එක මටත් ප්‍රශ්නයක්

    ReplyDelete
  5. වීසී ගත්ත ඒ ක්‍රියාමාර්ගේ නිසානේ එයා ඔය බිස්නස් එකට බැස්සෙ .හරිනම් වීසීට කේක් ගෙඩියක් අරන් ඇවිත් දනගහල වදින්න ඕනේ කරපු උදව්වට.නැත්තම් තවත් එයා යුනි ලෙක්:)

    ReplyDelete
  6. කතන්දර හාමිනේ දෙනවා කිව්ව ජෝබ් එක කරගෙන හිට්යෝත් හොදයි නේද නැත්තමි ආහාර සලාකයට පහර වදින්න පුවවන්

    ReplyDelete
  7. කකා මහත්තයෝ මටත් ජොබ් එකක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  8. ස්ලිට් එකේ හිටිය කුමාරවඩු කියලා ලෙක්චර කෙනෙක්. දවසක් මම ඉන්න තැනම පොරට කෝල් එකක් එනවා. එහා පැත්තේන් අහනවා 'Can I speak to Mr.Kumarawadu?' කියලා. මෙන්න පොර කියපි 'Yes, Dr.Kumarawadu speaking' කියලා.
    මට නම් මේවට හතර හිනා. සාමාන්යයෙන් වෙන කෙනෙක් Mr හෝ Dr කියලා කතා කලාට තමුන් තමන්ගේ නම කියන කොට Mr/Dr කියන සිරිතක් නෑනේ. අනේ මන්දා PhD කරලත් ඕවා දන්නේ නැති එක.

    ReplyDelete
    Replies
    1. Ane Wadu-Kumara danna sirith.

      Delete
  9. උඩ කතාව කකාගේ කතාවට තියන සම්බන්දය මොකක්ද කියලා ඇහුවොත්. නෑ මට නිකන් මතක් උනේ ඉගෙනගත්ත, ලොකු පුටුවල ඉන්න අයට හරියට උද්දච්චකම තියනවා කියන එක

    ReplyDelete
  10. මම හිතන්නේ එයාව ගෙදර යවලා වීසී කරපු උදව්වට හිලව් වෙන්න වෙන්නැති එයා වීසී ටත් උදව්වක් කරන්න හැදුවේ...

    ReplyDelete
  11. පව් බොල.. ලැජ්ජ කොරලා නොවැ !

    ReplyDelete
  12. වී.සී.ට නම් මන්දා.. ඩී.වී.සී ට කීයද කියලා අහලා කියන්න පුලුවන් වේවි...

    ReplyDelete
    Replies
    1. මෙයත් දන්න දේවල්....
      ඔන්න ඔහේ අහල කියන්න බලන්න අපිටත් දැනගන්න එක්ක

      Delete
  13. හිකිස්‌....,,,හයියෝ සල්ලි.. !!!

    ReplyDelete
  14. මං හිතන්නේ අයියා, හාමිනේගේ ජොබ් එක බාර නොගත්තොත් හොඳා වගේ නේද....

    ReplyDelete
  15. මමත් මේ දවස්වල ජොබක් හොයනවා..බැරි වෙයිද දන්නෙ නෑ පොර ගාවට සෙට් වෙන්න...

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  16. එළ කතාව,
    පඩිය නම් දන්නෙ නෑ ඇත්තට.
    ඒක නෙවේ මාමේ ලියන්නකො මණින එක ගැණ ලිපියක්,
    ඔය නවීන විද්‍යාවෙන් හොයාගෙන තියනවද යම් දෙයක් හරියටම තිතට මණින්න පුළුවන් උපකරණ?
    ඒ කියන්නේ අපි ගමුකො ප්‍රෙෂර් එක වගේ,
    ඒක මණින උපකරණය නිසා අඩු වැඩි වෙලා දෙන්නෙ නැති වෙන්න මණින්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඇයි රසදිය පීඩන මානය මදිද?
      අලුත් උපකරණ වලින් තිතට මනින්න පුළුවන්. හැබැයි තිත එහාට මෙහාට වෙන්නත් පුලුවන්. පරණ උපකරණවල තිත එහාට මෙහාට යන්නෙ නෑ. ඒ වුනාට හරියටම තිත මැද්දටම ගන්න බෑ. තිත ගාවට විතරයි මනින්න පුලුවන්. (බහුස්රුත වැඩිද මන්දා. තේ‍රුන්නැත්තං බනින්න ආයෙ ලියන්නං.)
      (රුධිර පීඩනය මනින්ඩනං මොන ගැජට් හැදුවත් හරියන්නෙ නෑ. ඒක වම් අතට වඩා දකුණු අතේ වැඩියි. චූ බර හැදුනම වැඩියි. හිටගෙන ඉන්නකොට වැඩියි. නිදාගන ඉන්නකොට අඩුයි.)

      Delete
    2. // රුධිර පීඩනය මනින්ඩනං මොන ගැජට් හැදුවත් හරියන්නෙ නෑ. ඒක වම් අතට වඩා දකුණු අතේ වැඩියි. චූ බර හැදුනම වැඩියි. හිටගෙන ඉන්නකොට වැඩියි. නිදාගන ඉන්නකොට අඩුයි. //

      ඒක මනින්නෙ සෙක්සි නර්ස් කෙනෙක් නං, පීඩනේ අම්බානකට වැඩියි.. :D

      Delete
  17. සාර්ථක මිනිහෙක්ගෙන් සාර්ථක පිළිතුරක්.. එහෙම තමයි ඉන්න ඕන.. දැන් කතන්දර තුමා නෝනා දෙන්නම් කියපු ජොබ් එක බාරගන්නවැයි??

    ReplyDelete
  18. හාමිනේ දෙන ජොබ් එක නම් ගන්න එපෝ..........

    ReplyDelete
  19. ඕනෙම විශ්ව විද්‍යාලෙක චාන්සලර් රටේ නායකය කියලයි මම අහල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ අර “මණ්ඩප” තිබුන කාලෙ.

      Delete
  20. හාමිනේ දෙන්ට හදන්නේ 'Full Time Housekeeper job' එකද දන්නේ නෑ. බලාගෙන.:D

    ReplyDelete
  21. මගේ ප්රතම රැකියාව සහකාර කතිකාචාර්ය. මගේ ලොක්ක උනේ මහාචාර්ය ඈෂ්ලි හල්පේ. මට කරන්න කියල කිසි දෙයක් තිබුනෙ නෑ ඕයි. මම අනධ්යන අංශයට ගිහින් එතන වැඩ කළා මාස තුනක් ලිපිකාර වැඩ. ඔන්න ඔහොම තමා අපේ රටේ ශ්රම විභාජනය වෙන්නෙ.මම මේ නයි අරිනව එහෙම නෙවේ..
    මගේ මේ ප්රතිචාරයන් ලිපියට අදාලද දන්නෙ නෑ මට ටිකක් වෙරි. ප්රොෆෙසර් පණ්ඩිතරත්න තමා එතකොට වී.සී. හොඳේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙරි උන දවසකත් දාන්නකො බලන්න කමෙන්ට් එකක්.

      Delete
  22. එල එල..කවද හරි අපේ වීසී ටත් ඕකම කියන්ට ඕන..
    කතන්දර හාමිනේ කියපු එකත් දැම්මනං..!!!

    ReplyDelete
  23. KK . what is batch police ?

    ReplyDelete
  24. කසූ ඔය මැවිසුරුවා හා වීසී උත්තමයා යන දෙපලම කන්ද උඩරටද?

    ReplyDelete
  25. වීසී ගැන කිව්වම පොඩි අතුරු කතන්දරයක් මතක් වුණා. ඉස්සර රැග් එකට දීපු එක කෝස් එකක් තමයි වීසී ගැන කථාවක් පවත්වන එක. හැබැයි කථාව පවත්වන්න ඕනේ ඇඟිලි තුඩු වලින් නහය තද කරගෙන. :D

    ReplyDelete
  26. වීසී ලොක්කාට එන්න කියාපිය
    මේවට උත්තර දෙන්න කියාපිය

    [පිකට් එකක් තියෙන වෙලාවට මෙහෙමනේ කෑ ගහන්නේ :) ]

    ReplyDelete
  27. අපේ ඉන්න VC තුමානම් දෙවෙනි පාරට ඉල්ලන්නේ නැතුව යන්ටයි සුදානම ......අපේ රටේ ඉන්න අප්සෙට් VC බුවාලා අතරේ මූ සොර්ට් ඔෆ් OK ....කතුමා වගේම මැවිසුරු කෙනෙක් තමා.......ප්‍රශ්නේ තියන්නේ ඊට පස්සේ ඉල්ලන උන් නම් ඔක්කොම වගේ අප්සෙට් ජෝකියෝ .....පලා බබෙකුත් ඉල්ලනවා කියල තමයි කතාව නම් යන්නේ.....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.