Tuesday 6 December 2011

හොඳ හොඳ චීන කෑම මෙන්න බලලා කෙල ගිලින්න - Photos from Mrs Kathandara's trip to Taipei


සැප්තැම්බරයේ වෙච්ච "කලේ පැන් නැති සීන් එක" නිසා පරිප්පු විතරක් නෙමේ, "ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස්" සහ "බීෆ් කතන්දර ස්ටයිල්" හදන හැටි ගැනත් සිතුවම් සහිත කතන්දර දාන්න ලැබුණා.

පස්සෙන් පහු බොම්බිලි කරවල උයන්න ගිහින් නම් වැඩේ මුළුමණින්ම චා වුණානේ.

නොවැම්බරයේ දී රමණී රත්නායක ගේ කෑම සංග්‍රහය ලැබුවේ 'කලේ පැන් නැත!' ට ලඟින් යන කේස් එකක් වුණු නිසයි.

ඒක තමයි අපේ ඊ-මේල් කවිකාරි ලා, ජනූ ලා ට වගේ කතන්දර හාමිනේත් කොණ්ඩේ බැඳපු කෂ්ටිය ඉන්න දිහාට පොඩි පහේ ට්‍රිප් එකක් සෙට් වීම.

මේක මහ චීනෙට නං නෙමේ, පොඩි එකට, අර තායිවාන් කියන්නේ. අන්න ඒ කියන දීපංකරේට.

අද පෝස්ට් එක වෙන්වෙන්නේ හාමිනේ රස විඳපු චීන කෑම වල ඡායාරූප සඳහායි.

මේ ගමනේ දී හාමිනේ සහ පිරිවර විසින් සම්මන්ත්‍රණය තිබුණු තරු පහේ හෝටලයෙන් ද, සම්ප්‍රදායානුකූල චීන යම්-චා රෙස්ටෝරන්ට්වලින් ද, අයිල කඩවලින්ද ආදී මෙකී නොකී හැම තැනකින්ම කෑම බීම අරගෙන තියෙනවා.

මෙන්න තරු පහේ හෝටලයේ කෑම.


මාළු කූරියාහතු සහ ඌරු මස්



<----චිකන්      මාළු බත්^

<----බීෆ් සහ බ්රොකොලි

මෙන්න යම්-චා කෑම.


<--- ඩම්ප්ලින්ස්     කන්කූන් ^

<--- Tofu

මේ තියෙන්නේ කන්ජි කඩේ කෑම ටික.




ස්පයිසි-Tofu

බෙල්ලෝ

හතු වර්ගයක්^          හාල් කැඳ--->


චිකන්

බීෆ්

<---බෝංචි

මේක නම් අයිල කඩයක්.

අයිල කඩෙන් මැංගෝ අයිස් ක්‍රීම් එකක්.

තායිපෙයි නගරයේ එක තැනක තිබුණු චීන හොට්-එයාර් බැලූන් කඩයක තමන්ට අවශ්‍ය දේවල් බැලුමේ ලියා ඒක අහසට අවන්න පුළුවන්. මේ එතන දී ගත් දර්ශන පෙලක්.

ළමා ලපටින්ට විභාග ජය ඉහල ලකුණු සහ කතන්දරට ජය පැතූ බැලූනය තායිවානයේ අහසට මුදා හැරුණා!



-කතන්දරකාරයා

ප/ලි:
තායිවානයේ දින හයක සංචාරයෙන් පසු ආපසු නිවසට පැමිණි කතන්දර හාමිනේගෙන් මට ලැබුණු තෑගි ගැන මීලඟ පෝස්ට් එකෙන් කියන්නම්.

46 comments:

  1. අපෝ චීනෙ චීන කෑම මම නම් කන්නේ නැහැ. ලංකාවේ චීන කෑමත් මට නම් එපා. අයිල කඩේ නම් තරමකට හොඳයි වගේ. තැන්කු ප්‍රයෝජනවත් වෙයි. අපිත් කතන්දරට සෙත් පතන්නම්. අපල දුරු වේවා! ජයම වේවා! කොහොමත් පොරනේ!! තව තවත් පොරම වේවා!!

    ReplyDelete
  2. අද යන්තම් මම එක.. හි හී. කටට කෙලනම් ඉනුවා.

    ReplyDelete
  3. බොලේ වෙද මහත්තය ඉස්සර වෙලානේ...:(

    ReplyDelete
  4. අද කතන්දර සරණියෙන් තායිවාන් කෑම....!

    ඉස්සර අපේ රටේ අදහසක් තිබුනා මේ තායිවාන් බඩු ඔක්කොම හරිම බාලයි කියලා....!

    මම හිතන්නෙ මේ කෑමත් ඒ වගේම බාලයි වෙන්නැති....!

    (අර නරියෙක්ද කොහෙද මිදි තිත්තයි කිව්ව කියලා කතාවක් අපේ ආත්තම්ම ඒ කාලෙ කියනවා මට යාන්තන් මතකේ තියෙනවා )

    ReplyDelete
  5. අනේ මේක දැකලා මගේ බඩත් රිදෙනවා. කතන්දර හාමිනේ මේ ඔක්කොම ජාති කාලද?

    අපොයි ඊරිසියාවේ බෑ....:D

    ReplyDelete
  6. ෂහ් නියම කෑම ටික.

    ReplyDelete
  7. අර තරු පහේ මාලුවයි කුකුළයි අමුවෙන්ද ඉන්නෙ?

    ReplyDelete
  8. කෝ මේකෙ ගෙම්බො නෑනේ... ගෙම්බො චීන කෑම නෙමෙද..? අපරාදෙ අපි කෑවෙ....
    http://arunadeepa.blogspot.com/2011/11/blog-post_19.html

    ReplyDelete
  9. ඒක මිසක් . . කංකුං නැතුව චීන කෑමෙං වැඩක් තියනවැයි . . . . ????

    ReplyDelete
  10. කතීට ඇස්වහ කටවහ ටිකක් මතුර ගත්තනම්. කෙළ ගිලලම බඩේ ලෙඩ හැදෙයි...

    ReplyDelete
  11. අනේ මන්දා මටනම් දැක්මම කන්න හිතෙන්නෙම නෑ.

    ReplyDelete
  12. හප්පේ ...උදේ පාන්දර ම දැකපු නිසා ඔක්කොම දමල ගහල යන්න හිතුනා චීන ටවුම පැත්තේ 'Eat as much as you can' එකකට. හාමිනේගෙන් අහන්ට Taipei Night Street Market ගියාද කියලා? එතනනම් ඔය අපි නොකන සත්තු එහෙම උයලා පිහලා තියනවා. කාලේකට ඉස්සර පොට්ට චාන්ස් එකක් ලැබුනා තායිපේ යන්න.

    ReplyDelete
  13. "තායිවානයේ ....සංචාරයෙන් පසු ආපසු නිවසට පැමිණි කතන්දර හාමිනේගෙන් මට ලැබුණු තෑගි ගැන මීලඟ පෝස්ට් එකෙන් කියන්නම්."

    මාමේ මේ කුනුහරප නම් ලියන්න එපා. පොඩි අපිත් බලනව

    ReplyDelete
  14. මාලුවා ඇරුනම අනිත් කෑම නං අවුලක් නැති පාටයි.

    ReplyDelete
  15. චැහ් ඇත්තටම කෙල ගිලුනා

    ReplyDelete
  16. මට නම් ඒ තරම් අල්ලනෙ නෑ ඔය කෑම ජාති... මොන එකක්ද මන්දා..

    ReplyDelete
  17. අදත් ඉතින් එදා කතාවම තමා.බඩගින්න දෙක වුනා.

    ReplyDelete
  18. (Traffic Ano)
    ආයෙත් දැම්මා කෑම ගැන!
    මං දවසක් මහ චීනෙට ගිහින් කෑව පරිප්පු (පරිප්පු කන්න වුනෙ කතා කරන්න භාෂාවක් දන්නෙ නැතුව, ඒතන උන් දන්නෙ චීන බාසාව විතරයි.යංතං ඉංගිරිසි කතා කරන්න පුළුවන් එකෙක් කිව්වෙ කිලෝ මීටර් 60ක් දුර තැනක ඉන්න ලේඩි කෙනෙක් ඉංගිරිසියෙන් කතා කරන්න දන්න බවයි)
    මං නං කැමති එකම ඒක කෑම ජාතියයි. ජෑම් වර්ගයක්.
    ඒව තමයි ට්‍රැෆික් ජෑම්.
    ඇත්තට කතන්දර ඉන්න රටේ නැත්ද ලංකාවෙ වගේ චයිනීස් රෙස්ටුරන්ට්?

    ReplyDelete
  19. මම ආසම නූඩ්ල්ස් හදන්නෙ පපා ශොප් AIT.

    ReplyDelete
  20. කෑම ටිකනම් මරු වගේ....

    ReplyDelete
  21. KK angaththa; :D

    Mewwa dakala okkareta thamayi enne.

    Kala kala epama wechchi ewwa.

    Kohoma unath kamanam lassanayi.

    ReplyDelete
  22. කෑම නම් හරි කියමු මන් නම් වැඩියෙන්ම කෙල ගිල්ලෙ අර බැලුම දිහා බලා ඉඳලා..

    ReplyDelete
  23. Geenige kamen post ekkak goda wage. Liyyana mukuth nathnam marayawage sinduwak record karala danna... kohomath uge ewane copy karnnen...

    ReplyDelete
  24. අද නම් කෑම පෝස්ට් ඔක්කොම කියවන්න සෙට් වුණේ කෑමෙන් පස්සෙ.. බඩ පණුවන්ට කිසිම කරදරයක් නැහැ..

    ReplyDelete
  25. කතන්දර මහත්තයෝ ඔය කෑම වලට කටට කෙල කෙසේ වෙතත් වමනේ නම් උනනවා ගඳට. අමුවෙන් මාළු කොහොම කන්නද? ඒ මදිවට සෙරෙප්පු පරදවන රස නහර පිනා යන බෙල්ලෝ. ...කතන්දර හාමිනේ Dracula පරම්පරාවට අයිති ජොබක් කොරන බව අදනේ දන්නේ. කතන්දරට අලුත් සපත්තු ජෝඩුවක් එහෙම තායිවානෙන් ලැබුන මගේ හිතේ. දාමුකෝ බලන්න ලැබුණු අනිත් තෑගී ගැන විස්තරේ

    ReplyDelete
  26. අර බැලුමේ කතන්දරගේ මූණ ඇඳලා තියෙන චිත්‍රේ ක්ලෝස් අප් එකක් ගන්න බැරිද..? :D

    ReplyDelete
  27. චීන හෝටල් වල පිටිපස්සෙ වෙන දේවල් අහල තියන නිසා අපි නම් කන්නෙ නැතෝ...!!!!!

    ReplyDelete
  28. මෙතෙන්ට ගිහින් බලන්න පොඩි වංශ කියන ජාතියේ උලමෙක්...

    http://lefroy.wordpress.com/2011/06/14/can-someone-explain-to-me-why-sinhala-blog-posts-have-english-titles/

    ReplyDelete
  29. කකාට ඒ ගැනත් කතාවක් ලියන්න පුළුවන්..

    ReplyDelete
  30. බුදු සන්තෝ... අර අයිස් කිරිං එක කකා නෝන තනියෙංද කාල තියෙන්නෙ.... නෑ බොලේ... හැඳි හතරකුත් පේනවා වටේට... ඒ කියන්නෙ හතර දෙනෙකුගෙ පෝෂන් එකක්.... එතකොට අර තියෙන පත කෑලි අඹ කෑලි වෙන්නැති නේ.... අනේ මට ටිකක් හරි ආස හිතුනෙ එච්චරකටයි නෙව....
    අපේ මස්සිනා නම් වර්ක් ෂොප් එකකට චීනෙට ගිහිල්ල මැක්ඩොනල්ඩ් එක තිබුනු නිසා යාන්තම් පණ කෙන්ද රැකගෙන ඇවිත් තිබුණ.... කෑමවල ගඳ එනකොට කන්නම බැරිවෙලා මිනිහට.... යනකොට හිටිය අලියා එනකොට අලි බාගෙ වෙලා.... ගෙදර ආපු ගමන් බත් බෙදවගෙන කාගෙන කාගෙන ගියා...

    ReplyDelete
  31. උදේට කතන්දර බලන එක නවත්තන්න වෙනවා...
    නැතිනම් ඉතින් වෙන්නේ දවසම කෙළ ගිල ගිල ඉන්ඩ තමා..

    ReplyDelete
  32. කත්න්දරගේ අයිස් ටී වලටත් මේවා සපෝර්ට් එකට නියමයි නේ

    ReplyDelete
  33. හාමිනේ මෙව්ව ආසාවෙන් කාලද නැත්තං මල ජරාව හින්ද පොටෝ ගහන් ඇවිත් කකාට පෙන්නලද?
    ඔතනින් කන්න පුලුවන් දේ ඩම්ප්ලින්ස් නුයි හතු ටිකයි විතරයි වගේ!

    ReplyDelete
  34. කොහොම නමුත් චීනෙටත් වඩා ලංකාවේ Chinese Restaurant තියෙන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ

    ReplyDelete
  35. ගොඩක් කෑම අමුයි වගේ නේ... කොන්ඩෙ බැඳපු උන් කොහොම කනවද මන්ද මේව.. අනේ ලංකාවේ අපේ ආහාර දාහෙන් සම්පතයි...

    ReplyDelete
  36. චිකේ ... මේවැයිං කන්න පෝටබල් ලිපක් ආයෙ අරං යන්නෙ ඕනෙනෙ. සේරම බාගෙට නේද?

    ReplyDelete
  37. සෝයි කෑම ටික . ඔවුවා හදන හැටිත් ඔය ගමන්ම අහගෙන ආවා නම් ගෙදරදීම හදලා බැලුව හැකියි නේ ! ඒ මදිවට කතන්දර කියවන අපිටත් ඔවුවා හදන්න උගන්වන්නත් හැකියි නේ ..

    මැංගෝ අයිස්ක්‍රීම් එක මගේ සිත් ගත්තා !!


    කතන්දරට ජය වේවා ..

    ReplyDelete
  38. මටත් අල්ලල ගියෙ අර තඩි අඹ අයිස් ක්‍රීම් එක.

    ඇනෝ කෙනෙකුට නං, කෑම ජාති දැකල පොඩ්ඩක් විතර කේන්ති ගිහින් වගේ.

    මාත් කතන්දර සයිට් එකේ ගෙදර කැලේට වැවෙන මල් ගස් වල පින්තුර දැම්මට පස්සෙ, අපේ ගෙදර කැලේට වැවිල තියෙන මල් ගස් වල පින්තුරත් ගත්ත. වෙලාවට පොස්ට් හැටියට දැම්මෙ නැත්තෙ, දැම්ම නං බැනුන් අහන්නත් තිබ්බ කියල හිතෙනව.

    ReplyDelete
  39. @ All
    චීන කෑම රස නෑ කියනවා අහලා පුදුමයි!
    රස නැත්තං ඒ මිනිස්සු අවුරුදු දාස් ගානක් තිස්සේ කයිද ඕවා?
    මට නං ඔය කොයිකත් එකයි.

    ReplyDelete
  40. චීන කෑම ඒ ඒ රටට ගැලපෙන විදිහට customise කරලා තියෙන්නේ. එකනේ අපේ රටේ චීන කෑම අපිට රස වුනාට මෙහෙ (UK) චීන කෑම බල්ලෙකුට වත් කන්න බැරි.
    හැබැයි කසු ගේ හාමිනේ ඔරිම ජිනල් චීන කෑම කන්න නැතුව ඇති. කාටද අප්පේ ඔය කැරපොත්තෝ ගෝනුස්සෝ පත්තැයෝ හැකරැල්ලෝ කන්න පුළුවන්?? ඈක්කා.

    ReplyDelete
  41. ආව් අප්පා චීන කැම මරු ඇතිනේ?

    ReplyDelete
  42. @ All - this is for Ano
    දයාබර ඇනෝ
    තාත්තා ගේ සහ අම්මාගේ පිහිටෙන් මේ ලොවට බිහි වුනා නම්,
    අම්මාගේ කිරි බී හැදුනා නම්
    තාත්තාගේ ආදායමෙන් ජීවත්වුනා නම්
    ගුරුවරුන්ගේ දැනුමෙන් ඉගෙන ගත්තා නම්
    රටවැසියන් ගේ බදු මුදලෙන් ජීවත්වෙනවා නම්
    ..
    ..
    බිරිඳ ගේ චාරිකාවෙන් කතන්දරයක් ගෙතුවට මක්ක වෙනවද රත්තරනේ?

    මගේ වෙන්ඩ කතන්දර මුල් ලයස්තුව මෙතනින් බලන්න.
    http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html

    මේ ලයිස්තුව පල කළේ අභීත ගේ සහ පූස් බ්ලොග් ගඩොල් ලා ගේ ලිපි 100 සංවත්සරය වෙනුවෙනුයි.

    දැන් ඒක දෙසීයත් පන්නලා, දවසින් දවස වැඩිවෙනවා!

    -KK

    ReplyDelete
  43. -KK

    List num katath hadanna puluwanne. Dalama pennanko. Hebay den oyage post nikan pathola wetakoly wagei. Liyana mukuth nethnum ara maraya wage sinduwak record karala danna. pau ane oya...

    ReplyDelete
  44. @ Anonymous December 8, 2011 4:12 AM

    අනේ ඇනක්කේ මට කමන්න.

    දැන් ඉතිං පන්සිය විසි ගාණක් කතන්දර ලියපු නිසාද කොහෙද ටිකක් වැටකොළු පතෝල වගේ තමයි. මොනවා කරන්නද ඉතිං, පුළුවන් පුළුවන් විදියටනේ ලියන්නේ.

    මං සින්දුත් ලියලා තියෙනවා. ලින්ක්ස් දෙන්න ඕනෑ නෑනේ. ඔයා ඔය සීතල පලාතේ ඉඳලා නිතරම කතන්දර බ්ලොග් එකට එන නිසා මේකේ හැම කතාවක්ම ඔයා දන්නවා ඇතිනේ?

    මං පුළුවන් විදියට ලියන්නම්. ඔයත් පුළුවන් වෙලාවට ඇවිල්ලා කියෝලා යන්න.

    ReplyDelete
  45. oyage 500+n vedi hariyakma maha vahuthu diya raha heeli ne meya. Ara oba mama lanagadi patan aragenath oyata wada kochchara hondat liyanawada...
    eva kiyawpuwahma oyata duka hitenene nedda meya...
    oya den pension gatta POLICE karayek wage meya...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.