Monday, 26 December 2011

සුනාමියෙන් මියගිය අම්මෙක් වෙනුවෙන් ලියූවකි - Dedicated all lives lost in 2004 Tsunami


මගේ මිතුරියක ගේ ආදරණීය අම්මා 2004 සුනාමියේ දී අතුරුදහන් වුනා. එදා උදේ පොළට හෝ කඩේට ගියා මිසක් ඒ අම්මා ආපහු ගෙදර ඇවිත් නෑ. කුරිරු රළ පෙළ ඇයව ගිලගන්නට ඇති.

අද හත් වසරකට පසු ඒ මෑණියන් මෙන්ම එදා මිය ගිය සියළු දෙනාම සමරණ මේ මොහොතේ, මගේ මිතුරියට ගීතයක් ලෙස ගායනා කරන්නට මා ලියූ මේ කවිය පල කරන්නට හිතුණා.

සුනාමියෙන් මියගිය සියළු දෙනාටම නිවන් සුව ලැබේවා, සුගතියට පත්වේවා!

අම්මා

නිසල අමාවක අහස් ගඟේ
පායන තරු මල් පොකුරක් සේ
මගේ ලෝකයට එදා මෙන් අදත්
එලිය ගෙනෙනවාදෝ අම්මේ

රැජිනක් ලෙස මා කිරුළු පලන්දා
අපමන දුක් මා වෙනුවෙන් වින්දා
සසර රළ පෙළෙන් ඔබ රැකගන්නට
පිං නැතිවිය මට ඇයිදෝ මන්දා

රෑ සිහිනෙන් ඔබ තුරුලට එන්නම්
ලේ කිරි කර පෙව් සුවඳ ලබන්නම්
අම්මේ කොතැනක හෝ සංසාරේ
ඔබේම දුව ලෙස යලි හමු වෙන්නම්


-කතන්දරකාරයා

ප/ලි
අම්මා ගැන ලියවුණු මේ ගීතය කෙදිනක හෝ දුවගේ හඬින් ගැයේවි.

(image: http://nanobaru.blogspot.com/)

15 comments:

  1. දුක හිතෙන කතන්දරයක්

    ReplyDelete
  2. මගෙත් හිතේ තියෙන දුකක් ලියල බැලින්නම් අද වටේම දුක හිතෙන කතා... ...

    ReplyDelete
  3. සුනාමිය ගැන මතක් කරන්නවත් කැමති නෑ... ඒත් අමතක කරන්නත් බෑ...
    මගේ ගුරුවරු, යාළුවො, එයාලගෙ දරුවො, නෑයො කීයක් කියල නැති උනාද... ඒ විතරක් නෙවේ අපි සහෝදරියන්ගෙ පවුල් තුන පණ බේරගත්තෙත් අනූ නවයෙන්...

    ReplyDelete
  4. ආය නම් ඒ වගේ විපත් සිදුනොවෙන්ටත් අහන්ටත් ලැබෙන්ට එපා කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  5. මගෙත් යාලුවෙක් නැතිඋනා. එතකොට අපි 8 වසරෙ.. පව් එයාගෙ අමමට ටිකක් මොලෙත් හොඳ නැතුව ගියා එ වෙච්ච දේ නිසා... :( :( :(

    ReplyDelete
  6. ඔබ තුමාගේ මිතුරියගේ ආදරණීය අම්මාට නිවන් සුව පතමු! ඒ මිතුරියටත් සසර පුරා යලි කෙදිනකවත් මෙවන් ඉසිලිය නොහැකි වේදනාවක් උරුම නොවේවායි අපි සැවොම එක්වී පතමු...

    පොඩිමෑන් ලියපු කතාවත් හරිම දුකයි..ඇස්වලට කඳුලු එන එක නවත්වගන්න බැරිවුනා....

    ReplyDelete
  7. හ්ම්..... අවුරුදු හතක් ගියා කියලා දැනුනේවත් නෑ.තාම අද ඊයෙ වගේ මතකයි..

    ReplyDelete
  8. සුනාමිය අපි හැමෝගෙම කවුරු හරි ගෙනෙහිල්ල. හරියට හැම දෙමළෙක්ගෙම්ම කවුරු හරි යුද්දෙන් නැතිවෙලා වගේ!

    ReplyDelete
  9. (Traffice Ano)
    මා දැනුවත්ව සිදු වූ සුවිශාලතම ඛේදවාචකය.
    පෙනි පෙනී බිලි වුනු අය, කෝච්චියේ හිරවෙලා කර කියාගන්න දෙයක් නැතුව (බිම හිටියනම් දුවල බේරෙන්න තිබුනා) ගොදුරු වූ අය, අතට අහු වෙලා ආයෙත් අතහැරුණු අය, මරණයට පත් නොවී මග හැරුණු දරුවො, හිතා ගන්නත් බෑ.
    ලෝක විනාශයේ රිහර්සල් එකක්.

    ReplyDelete
  10. මෙවන් විපතක් නැවත සිදු නොවේවා...!!!

    ReplyDelete
  11. "හරියට හැම දෙමළෙක්ගෙම්ම කවුරු හරි යුද්දෙන් නැතිවෙලා වගේ!" - අැයි සිංහල අය?

    ReplyDelete
  12. මම සුනාමිය ගැන කතා කරන්න කැමති නෑ . . .

    ReplyDelete
  13. මෙවන් විපතක් ආයේ කවදාකවත් අහන්නවත් නොලැබේවා කියලා තමයි කියන්න තියෙන්නේ ..

    ReplyDelete
  14. මේ වගේ විපතක් ආයේ කිසිම කෙනෙකුට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  15. @ All
    දුක්බර මතකයක්.

    ඉපදීම වගේම මරණයත් ස්වභාවිකයි. ජීවිතයේම කොටසක්. ඉන්න තියෙන කාලේ හොඳින් සතුටින් ඉඳිමු!

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.