Tuesday, 13 December 2011

පතෝල සහ බණ්ඩක්කා නොහොත් සෙල්ලන්ද කොල්ලො? - Vegetable salads and fruit salads


මං තුනේ පන්තියේ ඉන්න කාලේ වගේ මට තෑග්ගකට ලැබුණා පාට කරන චිත්‍ර පොතක්. ඒ එක්කම දිය සායම් පෙට්ටියකුත් තිබුණා.

මේ පොතේ පාට කිරීම සඳහා දී තිබුණු එක ලයින් ඩ්‍රෝවින්ස් එකකින් නිරූපනය වුනේ එළවළු වට්ටියක් හිස උඩ තබාගත් කාන්තාවක් නොහොත් වට්ටි අම්මා කෙනෙක්.

"හරි හැඩකාරි වෙල අද්දර මැගි අක්කා
උදයෙම ගෙනෙයි වම්බටු තුඹ බණ්ඩක්කා"

ඒ වට්ටි අම්මා ගේ චිත්‍රය යටින් තිබුණු කවි පද දෙක.

අපේ ගමෙත් හිටියා වට්ටි අම්මා කෙනෙක්. එයා කළේ ගමේ ගෙවල්වල ඇවිදලා පලතුරු, ගැටපොලොස්, කොස්, තැඹිලි වගේ දේවල් එකතු කරගෙන බස් එකේ තොටලඟ ට අරගෙන ගිහින් විකුණන එකයි.

මේ ආකාරයේ වෙළදාම් කරන කීප දෙනෙක්ම අපේ ගමේ හිටිය නිසා ඒ දවස්වල අපේ පාරේ බස් එක උදේ ස්කූල් සර්විස් එකෙන් පස්සේ කෙලින්ම පිටකොටුවට ගියා.

ඒ එළවළු, පලතුරු, ප්‍රවාහනය කෙරුණේ බොහෝ විට බටපතුරු වලින් සැදූ වට්ටි, පෙට්ටි, කුඩා සහ සමහර විට ගෝනිවලිනුයි.

අපේ ගම්පැත්තේ තිබුණු ගැටපොලොස්, ඇඹරැල්ලා වගේ නෙමේ, වියලි කලාපයේ දඹුල්ල පැත්තේ වගේම තෙත් කලාපයේ නුවරඑලියේ වගේ පලාත්වලත් විශාල වශයෙන් එළවළු වවනවා. මේවා සේරම අදාල තොග වෙළඳපොලවල් සඳහා ගේන්නේ ගෝනිවල දාලා ලොරිවල පටවලා හැතැප්ම ගාණක් දුරගෙවලයි.

මේ ප්‍රවාහනයේදී එලවළු පලතුරු තැලෙනවා, පස්සේ ඒවා නරක්වෙලා, කුණු වෙලා අපතේ යනවා කියන එක අපි කවුරුත් දන්න දෙයක්.

මීට අවුරුදු පහළොවකට විතර කලින් රූපවාහිනියේ පෙන්නපු ජැපනීස් ඩොකියුමෙන්ටරි එකක ගියා ලීක්ස් වවන ගොවියෙක් තම පලදාව වෙළඳපොලට එවන්න සකසන විදිය. නුවරඑලියේ ඉඳලා ලීක්ස් ගෙන හැටි දැකලා තියෙන අපිට ඒ ජැපනීස් පැකින් දැක්කාම පිස්සු හැදෙනවා!

ඔය පිටෝටුවේ විකුණන ඇපල් පෙට්ටි කරලා තියෙන විදිය ගැන නිකමට හිතලා බලන්න.

මෙච්චර පැහැදිලි ප්‍රතිලාභ තියෙන වෙනසක් ක්‍රියාත්මක කරන්න අපිට බැරි ඇයි?

ඒකට හේතුව එදා සුභ ලාලක තිස්ස රජා නම් ඉගෙන ගත්තා. ඒ කතාව අනිද්දාට දාන්නම්.

කතන්දරකාරයා ලංකාවේ රජවුණොත් ඔය ගෝනියෙන් පෙට්ටියට වෙනස්කම කරන්නේ මෙන්න මෙහෙමයි.

මේවායින් සමහර මූලික දේවල් මේ වෙනකොට ලංකාවේ කරලා තියෙනවා. හැබැයි නොකෙරුණු දේ බොහෝය කියලායි පේන්නේ!

1. එළවළු සහ පලතුරු ප්‍රවාහනයේ දී කෙලින්ම සිදුවන නාස්තිය සහ පසුව බලපාන ෂෙල්ෆ්-ලයිෆ් හි අඩුවීම ගැන සම්පූර්ණ සමීක්‍ෂණයක් කරලා ඒකේ ප්‍රථිපල මහජනයා අතර ප්‍රසිද්ධ කරන්න ඕනෑ. මේ සඳහා අවුරුද්දක් විතර ගතවේවි.

2. ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, දැව වැනි ඇසුරුම් භාවිතා කරලා මේ ප්‍රවාහනය සිදු කළොත් තියෙන ආර්ථික ප්‍රථිලාභ ජාතික මට්ටමෙන් මෙන්ම තොග වෙළෙන්දා ගේ, ප්‍රවාහන ආයතනවල සහ ගොවියා ගේ මට්ටමින් ඇස්තමේන්තු කරන්නත් ඕනෑ. මේ ප්‍රථිපලත් මහජනයා අතර ප්‍රසිද්ධ කරනවා. මේ වැඩවලටත් සෑහෙන කාලයක් යාවි. හැබැයි කලින් සමීක්‍ෂණය එක්ක සමගාමීව මේ මොඩලින් වැඩේ කරන්න පුළුවනි.

3. දැන් එලවළු සහ පලතුරු ප්‍රවාහනය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ සැලසුමක් හදන්න ඕනෑ. මේ සඳහා සියළු ගොවීන්ගෙන්, ප්‍රවාහකයින්ගෙන්, තොග මුදලාලිලා ගෙන් සහ ඒ ඒ පාර්ශව නියෝජනය කරන සංගම්වලින් ලිඛිතව මෙන්ම වාචිකවත් අදහස් විමසනවා. මේ සඳහා විවිධ පලාත්වල සමීක්‍ෂණ, සභාවාර, සම්මුඛ සාකච්ඡා තියන්න ඕනෑ. මේ වැඩේටත් මාස හයක්වත් ගන්න ඕනෑ. ඊටත් වැඩි කාලයක් අරගෙන වැඩි වැඩියෙන් අදහස් උදහස් සම්මාදම් කරගන්න පුළුවන් තරමට හොඳයි. මං හිතන්නේ වෙලා නැත්තෙත් ඒකයි.

4. දැන් ජාතික ප්‍රතිපත්තියේ මුල් කෙටුම්පත ප්‍රකාශ කරනවා. මේකට අදහස් දැක්වූ හැම කෙනාගේම හැම අදහසකටම පිලිතුරු මේ ප්‍රතිපත්තියේ තියෙන්න ඕනෑ. ඔවුන්ගේ අදහස් යෝජනා පැමිණිලි එකක් පාසා සැලකිල්ලට ගත්තේ කොහොමද කියලා ඒ අයට පුද්ගලිකව දැනවීම ඉතා වැදගත්. ඊලඟට මහජනතාවට සහ සංවිධානවලට මේ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත ගැන තමන්ගේ අදහස් නැවත දක්වන්න මාස දෙකතුනක කාලයක් දෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර අනුව ප්‍රතිපත්තියේ අවසන් පිටපත සකසනවා.

5. මේ අතරතුරම මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ සැලසුමක් කෙටුම්පත් කරන්නත් ඕනෑ. මේ සැලසුමට ඇතුලත්වෙන්න ඕනෑ සමහර දේවල් මෙන්න.
  • ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, දැව පෙට්ටි නිෂ්පාදනය, සැපයුම, භාවිතය සහ නැවත පාවිච්චිය සඳහා යෙදවීම
  • ඒ සඳහා යන මුලික පිරිවැය සහ පුනරාවර්තන පිරිවැය සැපයෙන ආකාරය.
  • සැලසුම සහමුලින්ම ක්‍රියාත්මක කිරීමට යන කාල පරාසය. මේ සඳහා වසර දෙකක් පමණ යන්නත් ඉඩ තියෙනවා.
  • ප්ලාස්ටික්, කාඩ්බෝඩ්, දැව පෙට්ටි හදන්න අළුතින් කර්මාන්තශාලා පිහිටුවන්නත් කල් ඕනෑ නේ!
  • මුලින්ම පයිලට් එකක් හෙවත් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නත් ඕනෑ. ඒ කියන්නේ තෝරාගත් එක එළවළුවක් හෝ පලතුරක් සඳහා තෝරාගත් ගොවි ප්‍රදේශයක සිට වෙළඳ පොල දක්වා මාස හයක පමණ අත්හදා බැලීමක් කිරීමයි. ඒ පයිලට් එකේ අත්දැකීම් මත පසු කාලීනව සැලසුම පුනරීක්‍ෂණය කරන්නත් අවශ්‍යයයි.
  • ඊ ලඟට මේ සඳහා අවශ්‍ය මූලික ප්‍රාග් ධනය සහ පුනරාවර්තික වියදම් සැපයෙන ආකාරය.
  • ප්‍රතිපත්තිය ක්‍රියාත්කම කිරීමේ කාල පරාසය.
  • මුලින්ම එකතුවෙන අයට ලැබෙන ප්‍රතිලාභ.
  • ක්‍රමක්‍රමයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙල.
  • සහන කාලයක් - මේ සඳහා වසරක් පමණ සෑහේ.
  • ඇසුරුම් පෙට්ටි නිපදවීම වගේම නැවත පාවිච්චි කරන්න නම් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාත්මක පහසුකම් සකසන්නත් අවශ්‍යයයි.
  • කොටින්ම මේ ඇසුරුම් පෙට්ටිවල ඩිසයින්, ස්ටැක් කරන විදිය ගැන පවා සැලසුම් කළ යුතුයි.
  • ඊලඟට අපි මේ සඳහා දැන් පාවිච්චි කරන ගෝනි වලට මොනවද කරන්නේ. ඒ ගෝනි හා සම්බන්ධව වැඩ කරන අය, වෙළද සමාගම් ගැනත් මේ සැළසුමට ඇතුලත් වෙන්න ඕනෑ!
දැන් පේනවා නේද මේ වැඩේට අවුරුදු තුනක් විතර යන බව. කොටින්ම ප්‍රතිපත්තිය කෙටුම්පත් කළ දවසේ සිට මුළුමණින්ම ක්‍රියාවට නැගීම දක්වා අඩු තරමින් අවුරුදු දෙකක්වත් යන්න ඉඩ තියෙනවා.

ඒකට කමක් නෑ. මොකද අපි මේ වෙනස් කරන්න බලන්නේ අවුරුදු සිය ගාණක් තිබුණු වැඩ කරන විදිය. අනික සේරටම වැඩිය වටිනවනේ ප්‍රජාතන්ත්‍රවාදය. මිනිසුන්ට බලාපන තීරණ ගන්න කලින් ඒ මිනිසුන්ගේ අදහස් විමසලා ඒ ගැන නිසි පියවර ගන්නේ නැතිනම් මොකක්ද ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඇති වැඩේ?

අපි දන්න දෙයක් තමයි මිනිස්සු සාමන්‍යයෙන් වෙනස් වෙන්න අකමැති බව. ඒ විතරක් නෙමේ මෙතන අපි කතා කරන්නේ මුළු සප්ලයි චේන් එකකම ක්‍රියාදාමය වෙනස් කිරීම ගැනයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ වගේ ලොකු වෙනසක් "බයි ෆෝස්" විලාසයෙන් කරන්න හදන අය ගෙන් අහන්න තියෙන්නේ මෙච්චරයි.

"සෙල්ලන් ද කොල්ලෝ?"

(image: වැප් නිශාන්ත ගේ බ්ලොගයෙනි. http://wapnishantha.blogspot.com/2011/12/blog-post_13.html)

51 comments:

  1. මම නම් එකඟයි. ඒත් ජනාධිපති වෙන්න ඡන්ද ලක්ෂ 50වත් ගන්න එපෑ.

    වැඩේ හරියටම හරි. මෙහෙමයි කොයිදේත් විය යුත්තේ. අපිට කවදා හරියයිද?
    අසරන ගොවියා තවත් අසරන කරපු එක විතරයි මේකෙන් වුනේ. ඇයි දැන් හෙට අනිද්ද වෙනකොට පාරිභොගිකය ගසා කෑම. අනේ මන්ද අපි තාමත් කැලේ.

    ReplyDelete
  2. ඔයි කියන විදියට කරගෙන එනකොට කැබිනට් ෂෆල් එකක් ඇවිත් අලුතෙන් එන ඇමතිතුමා මේකම වෙන විදියකට පටන් ගන්නව, නැත්තං සේරම කුණු කූඩෙට දාල පරණ විදියටම රෙනව!

    ReplyDelete
  3. හොඳ ලිපියක්. මූලික ධනය සහන මිලකට ලැබෙනවා නම්, ඒ පෙට්ටි නැවත, නැවත ගොවියන්ට පාවිච්චි කල හැකිනේද? ඕනෑම අලුත් දෙයක් පටන් ගැනීමේදී අමාරුයි. ඒත් පුරුදු උනාම ඒ ක්‍රමය හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා.

    පොඩ්ඩිගේ ප්‍රශ්නය: පෙට්ටි හදන්ට ඉංජිනේරුවරු කොච්චර විතර ඕනෑ වෙයිද?...:D

    ReplyDelete
  4. දෑතම ඔසවා කතන්දර ෙග් වැඩපිලිෙවලට ඒකඟතාව පලකරමි.

    ReplyDelete
  5. ඔ්කනේ ප‍්‍රශ්නෙ... ඉක්මන් ක‍්‍රමනේ හොයන්නේ... පෞද්ගලික අංශෙට විශ‍්‍රාම වැටුප් දෙන්න ගියෙත් එහෙමනේ.... නැත්නම් හොඳ ව්‍යාපෘති වෙන්නත් ඉඩතියෙනවා...

    ReplyDelete
  6. මෙන්න මේ වගේ තමා හැම දේම කෙරෙන්න ඕනි.
    --------------
    සමහර විට මම වැරදි වෙන්න ඇති. සමහර විට හරි වෙන්නත් පුළුවනි.මට සැකයක් තියෙනවා මේ කඩිනම් පෙට්ටි ව්‍යාපෘතිය පිටුපස පෙට්ටි නිෂ්පාදකයෙක්, එහෙම නැත්නම් ආනයනකරුවෙක් ඉන්නවැඩ කියල. ??

    ReplyDelete
  7. යෝජනා නම් මල් හතයි.... කකා දන්නවාද දන්නෑ මේ එළවළු ප්‍රවාහන ඇසුරුම් ක්‍රමය ගැන කතාකරන්න පටන් ගත්තේ 1990 මුල ඉඳන්. Research කරන්න ඇති මිළියන ගානක. Publications ඇති ටොන් ගානක. සම්මන්ත්‍රණ තියන්න ඇති මාස ගනන්. ගොවීන් එක්ක projects කරන්න ඇති ඩොලර් මිළියන ගානක..සමහර ගත්ත ණය තාම ගෙවනවාත් ඇති. එහෙම කරලාත් ඇයි මේ වගේ දෙයක් මෙහෙම වර්චස් වෙන්නේ????

    මෙන්න මෙතනින් බලන්න පුළුවන් 2002 මේගැන Institute of Post Harvest Technology එකේ Annual Report එකේ ලියලා තියනවා... ඒ කියන්නේ දැනට අවුරුදු 10කට පෙර..

    කාට කියන්නද ......????

    ReplyDelete
  8. Here's the link..
    http://www.treasury.gov.lk/FPPFM/ped/pdfdoc/instituteofpostharvesttechnology/iphtar2002.pdf

    ReplyDelete
  9. ඔය දියුණු රටකට ගැලපෙන ක්‍රමයක්. ගෝත්‍රිකයොත් එක්ක එව්වා කොහෙද. ගෝත්‍රික ජනාතාවකටම සුදුසු ගෝත්‍රික ඇමතිවරු. ඔක්කොම චන්ඩි පාට් එකෙන් තමයි කරන්න හදන්නේ.. මාධ්‍යා සාකාච්චා තියලා, වැදගත් මනුස්සයෙක් වගේද කතාකරන්නේ.. නෑ මැනිං මාර්කට් එකේ කප්පන් ගන්න කරෙක් වගේ.. රටටම ගැලපෙන පාලක සෙට් එක..

    ReplyDelete
  10. කසු කොහේ හිටියත් ලංකාවේ සිද්ද වෙන දේවල් ගැන සංවේදී වගේ.. බොහොම හොඳයි.
    කැන්ඩියන් ගේ අදහස එක්ක සම්පුර්ණයෙන් එකඟයි. ඔය ඇසුරුම් ක්‍රම ගැන කතාව ගොඩක් පරණ එකක්. නියමු ව්‍යාපෘතිත් ඕනේ තරම් තිබුන.
    හරි අපි හිතමු මේක අලුතෙන් පටන් ගන්න අදහසක් කාටවත් පහල උනේ නැහැ කියල. නමුත් මේ පෙට්ටි ක්‍රමයේ වාසි ගැන දැනගන්න රොකට් සයන්ස් ඕනේ නැහැ නේ. මේ ගැන ඕනේ තරම් publicity දීල නේ තිබුනේ. අනිවාර්ය නොකරපු එක විතරයි. තමුන් වවන ටික, තමුන් පටවන ටික ඒ විදිහටම අනික් කෙලවරට යනවා දකින්න අකමැති ඇයි? ඔය සල්ලි නැති කතාව අමුලික බොරුවක්. පෙට්ටි වලට යන වියදම එළවලු වලින් එන අදායම එක්ක බැලුවම සුළු දෙයක්. අනික පෙට්ටි වියදම වියදමක් නෙවෙයි. ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ විතරක් නෙවෙයි. ගෝනි වුනත් replace කරන්න යන වියදම එක්ක බැලුවම පෙට්ටි ක්‍රමය ලාබයි.
    මෙතන තියෙන්නේ වෙන මොකක් වත් නෙවෙයි, මිනිස්සු වෙනස් වෙන්න කැමති නැහැ. අනික ආණ්ඩුවට ලෙඩක් අදින්නත් හොඳ අවස්ථාවක් නේ. ආණ්ඩුව පෙරලා ගන්න බාල්දි වල හැටියට මේ වගේ තව දෙකතුනක් වැටුනොත් විපක්ෂය ගොඩම තමයි.

    ReplyDelete
  11. මරුමුස්

    ඕකට අකමැති වෙනස් වෙන්න බැරි හින්ද නෙමෙයි මාලෙ ගහන්න බැරි හින්ද, ඒ කියන්නෙ හොඳ එව්ව අස්සෙ කුණු එළවළු හංගල විකුනන්න බැරි කම, කර පිටින්ට වඩා ෆෝක් ලිෆ්ට් වලින් පටවන්න පහසු වීම නිසා උන්ගෙ ජොබට කෙළවීම සහ ගෙනිච්ච පෙට්ටි රිටන් කරන ක්‍රමයක් නැති වීම කියන මුලික කරුණු තුනයි.

    ReplyDelete
  12. දැන් මේ දවස් වල ලංකාවේ ලොකුම ප්‍රශ්නේ නේද මේ පෙට්ටි කතාව ?? රජරට පැත්තේ පාරවල් වහගෙන උද්ඝෝසණ ලු. හැබැයි සමහර පැතිවල ක්‍රියාත්මක ලු. ඒ පති වල ඉන්නේ පොහොසත් ගොවියෝ සහ ආණ්ඩුවට හිතවත් වෙළෙන්දෝ වෙන්න ඇති.
    ආරංච් හැටියට කොළඹට එළවලු එන්නේ නැහැ. මැනිං මාකට් එක වහන සයිස් ලු. එළවලු supply එක නැති කරලා ආණ්ඩුවට public pressure එකක් දෙන්න වෙන්න ඇති කල්පනාව. කොළඹ මිනිස්සුන් ට සතියක් එළවලු නැතුව ඉන්න පුළුවන් නම් ඔය උද්ඝෝසනේ නිකම්ම අල වෙනවා. සතියක් එළවලු තිය ගන්න බැහැ නේ.
    මීට වැඩිය ලිව්වොත් මේ comment එක කසු සෙන්සර් බෝඩ් යවනවා.. ඒ හින්ද මේ ඇති..

    ReplyDelete
  13. මචන් ඉන්දික, ඔයා කියන කතාව ඇත්ත. ඒක තමයි ඔය විරෝධයේ මුලික හේතුව. ඉතින් ඇයි ගොවියෝ ඕකට කඩේ යන්නේ?
    රටක ආර්ථිකය තීරණය කරන්න ඕනේ ඔය වගේ සාධක දිහා බලල නෙවෙයි නේ. මම නම් full support ඔයා පෙට්ටි project එකට. අර කවුද කිව්වා වගේ පෙට්ටි මුදලාලි කෙනෙක් පිටිපස්සේ ඉන්නවා ද දන්නේ නැහැ. ඒත් කමක් නැහැ කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  14. අනේ මන්දා. කතන්දර කියල තියෙන පිළිවෙල තමා ideal situ එක. ඒ වුනාට අපේ රටේ ඔහොම දේවල් practical ද මන්දා. වැරැද්ද තියෙන්නේ මිනිස්සුන්ගේද? මිනිස්සුන්ගේ පිළිවෙත් වෙනස් කරවන විදිහට අලුත් ක්‍රම අඳුන්වා නොදෙන පාලකයොන්ගේද? මට හිතෙනවා මිනිස්සුන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ කියල. ඔය මොන අලුත් ක්‍රම ගෙනාවත් ඒවායින් තමන්ට හොඳක් වෙන්නේ නැහැ කියල මිනිස්සුන්ට හිතෙනවා. එහෙම හිතෙන එකත් අසාධාරණ නැහැ.

    ReplyDelete
  15. මමනම් කරන්නේ මගේම කියල plastic පෙට්ටි Factory එකක් දානවා හරි import company එකක් හරි දාලා වේදේ පටන්ගන්නවා

    ReplyDelete
  16. පෙට්ටි වල අසුරල ගෙනාවොත් ලොරියක බඩු ගේන්න ලොරි දෙකක් ඕනි වෙනව. වියදම වැඩියි.
    උදා:- තක්කලි ගෝනි 1000ක් ගේන ලොරියකින් ගෝනි 10ක් 20ක් විසි කරාට ගෝනි 20 ඉතුරු කරගන්න 500 ,500 දෙපාරක් ගේන වැඩේ වියදම්. (බාගෙට බාගේ නැතත් ලොකු වියදමක්)
    ඔතනයි ප්රෙස්නේ. තවත් විදියකට කිඋවොත් අතරමැදියට ලාබෙ නැති වෙනව. එහෙනම් මිල ගණන් වැඩි කරන්න වෙනව. අතරමැදියෙක් නැතුව කෙලින්ම කඩවලට බඩු දාන්න පුළුවන් නම් කචල් එකක් නෑ(ෆුඩ් සිටි වගේ).
    ඒ වගේ දෙයක් දුප්පත් ගොවියට බෑ, ඒ හින්ද අතරමැදියෙක් නැත්නම් විකුණගන්න කෙනෙකුත් ඕනි වෙනව.
    අපට නොපෙනෙන හේතුව තමයි ලංකාවේ ප්‍රවාහන වියදම ගොඩක් වැඩිවීම. සුළු හා මැදුම් වියපාරිකයින්ට ලොකු ප්‍රස්නයක්.
    නමුත් සමස්තයක් විදියට බැලුවොත් එළවලු ගොඩක් අපතේ යනව.
    ජොන්ස්ටන්ගේ බුද්ධියෙන් ගැටලුව විසදයිද බලමු..

    ReplyDelete
  17. අනේ මේ... කතන්දර...
    පිස්සු කෙළින්නෙ නැතිව ඉන්න...
    මම CISIR දැන් ITI එකේ ඉන්නකොට ඒකෙම කොටසක් වෙච්ච Post Harvest Development Technology අංශයේ ආචාර්ය ශාන්ති විල්සන් මහත්මියගේ ප්‍රධානත්‍වෙයන් තමයි ඔය පර්යේෂණ සිද්ධ වුනේ... දැන් අවුරුදු 10 කුත් පහුවෙලා ඔය පර්යේෂණ වලට... කෝ එකෙක්වත් ඇහැක් ඇරලා බැලුවද ?
    ඇමතිතුමාගෙ සංකල්පෙ නම් මරු කතන්දර කියපු කතා ඔක්කොම ඇත්ත...
    අපි අතේ ඇඟිලි හම යනකල් මුල්ට බ්ලොග් ලියනවා... මේ අපි කියන එක දෙයක් ඉටු වෙලා තියෙනවද ?අපි කියන හැම දේම 100% නිවැරදි නැති වෙන්න පුළුවන්. නමුත් අපිත් මේ දේවල් දිහා වෙනස් විදියකට බලනවානේ...
    අනිත් එක තමයි මේ ලොකු ලොකු පුටුවල ඉන්න එවුන් ඔක්කොටම සුදුසුකම් කියලා තියෙන්නේ ඇමතිතුමාගෙ පුක ලෙවකන එක විතරනේ... ඒ වගේ එවුන් ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද ?
    මේක චක්‍රයක්... අපට හරියන ගොන්නු අපි දියවන්නා මඩ ගොහොරුවට දක්කනවා... ඒ ගොන්නු උන්ට පුළුවන් විදියට අපිව දක්කනවා... අපි උන්ට බණිනවා.. අපි උන්ගෙ වැරදි පෙන්නනවා... නාස් ලන්න අපි ගාව නැති නිසා අපට කරන්න දෙයක් නෑ... ඊලඟ ඡන්දෙදි ඒ ගොං වැඩේම කරලා අර ගොන්නුයි ඊට හපන් ගොන්නු ටිකකුයි ආයෙම අපි දියවන්නා මඩ ගොහොරුවට දක්කනවා... අවුරුදු 4 ක් බැගින් දුක් විඳිනවා...
    ඕක තමයි අපේ සංසංර චක්කරේ.....
    හිටපු ගමන් එක ගොනෙක් ලනුව කඩාගෙන මොනවා හරි කළාම ඔන්න අපි චූන් වෙලා කෑගහනවා... ටික කලකින් අමතක වෙනවා..
    දැන් කාටද මතක රජරට වතුරේ ආසනික් තිබුණා කියලා.. හාල්වල ආසනික් තිබුණ කියලා රාවයක් ගියා ? හැමෝම හාලුත් කනවා රජරට මිනිස්සු වතුරත් බොනවා.. උන් වකුගඩු රෝගෙන් මැරෙනවා.. මැති ඇමතිවරු ක්‍රිකට් ගහනවා.. අපි බ්ලොග් ලියනවා...
    ඉක්බිති සියල්ලෝ සතුටින් විසිර ගියහ...

    ReplyDelete
  18. හොඳ සාකච්චාවක්!

    ReplyDelete
  19. අදහස හොඳයි, චුට්ටක් විතර පැහැදිලි මදි...
    ක. ශු. ඉන්නෙ ලංකාවෙ නං වෙන්න බෑ.

    [වැපාගෙ පින්තුරයක් ඉස්සුව නේද? හෙහ්..හෙහ්...]

    ReplyDelete
  20. මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ ප්ලාස්ටික් අසුරන බෙදා දුන්න කියල කියනවා නේද?
    එතකොට මේක එක පාරට ආපු වැඩ පිළිවෙලක් වෙන්න බෑ නේද?
    අනිත් එක ගොවීන්ට වුනත් තේරෙන්න ඕන නේද ගෝනියේ දාලා යනවට වඩා මේක හොඳයි කියල?
    පොඩි බබාලා නෙමෙයිනේ....

    අනිත් ප්‍රස්නෙ, ගෝනි වල දාලා එවනකොට ඒ ගෝනි ගන්නේ සල්ලි වලට නෙමෙයිද?

    ReplyDelete
  21. වසිලිස්සා13 December 2011 at 21:29

    අදහස් ගොන්න නම් වටිනවා කාකා ,බැරිද ඊළඟ පාර චන්දෙට ඉදිරිපත්වෙන්න.(විහිලු නෙමෙයි මන් මේ ඇත්තටම කියන්නේ)කැන්ගරු ලන්තේ හිටියත් මව් බිම ගැන තියන උනන්දුව ඇගයීමක් විදිහට,මොකද මෙහීම ඉඳගෙන පිටරටවලට කරන අයනේ ඉන්නේ.

    ReplyDelete
  22. (Traffic Ano)
    කතන්දර කෙටුම්පත් කරල තියෙන එළවළු පැකේජිං සිස්ටම් එක මොඩිෆයි කරන ‍වැඩසටහනේ සීයට පණහක් විතර මං හිතන්නෙ ලංකාවෙ කෙරිල තිබුන. මේක ආණ්ඩුවට කඩේ යන කමෙන්ට් එකක් නෙවෙයි. ඒ වුනාට දැන් තියන සිටුවේෂන් එක මවපු එකක්. ඔය පෙට්ටි කේස් එකෙන් ගොවියන්ට අපහසුතාවක් වෙන්නෙ නෑ. මිනිස්ටර්තුමා පැහැදිළිවම කිව්වා මේ පෙට්ටි නීතිය කරත්ත, අත්ටැට්ටර් වලට බලපා‍න්නෙ නැති බව. ඒ වුනාට මේ ලංකාවෙ මාර කේස් එකක් තියෙන්නෙ.
    මට මතකයි සුනාමියෙන් පස්සෙ වෙරළ තීරයෙ ඉඳල කොච්චරක්ද මන්ද දුරක් යනකන් ගෙවල් හදන්න එපා කිව්වම ආණ්ඩුව පෙරළන්න හැදුව.මෝටර් සයිකල් වල යනකොට හෙල්මට් දාන්න කියනකොටත් වලිය. සීට් බෙල්ට් නීතියටනං එච්චර බාධාවක් වුනේ නෑ මං හිතන්නෙ.
    හැබැයි ඉතිං ඔය “පොරතිසංස්කරණවාදී” විසඳුම් වලදි මේ වගෙ හැල හැප්පීම් වෙනව තමයි.අතරමැදියා නැති කරන්න සිස්ටම් එකක් හැදුවනං ඔය පුරස්නෙ ඉවරයි.
    මතක තියාගන්න ඕනැ ලංකාවෙ තදබල නීති හදල නීති කැඩුවොත් උල තියනව කියල කිව්වෙ නැත්තං කොච්චර තේරුං කරල දුන්නත් ඉම්ප්ලිමන්ටේෂන් බොරු. දැන් බලන්න දඩ වැඩි කරල මාස හයකට ලයිසන් කැන්සල් කරන්න පටන් ගත්තට පස්සෙ මේ මමවත් බීල යන්නෙ නෑනෙ පාරෙ.

    ReplyDelete
  23. සෙල්ලම කෙරෙන්නේ පොඩි එවුන් එක්ක නිසා වැඩිය දැනෙන්නේ නැතුව වගේ ඉන්න හැටි...!

    ReplyDelete
  24. සිංහලයට දවස් හතකින් ඕනම දෙයක් අමතක වෙනවාය කියලා කවුදෝ අති පඬියෙක් කීව නිසා . අපි පොඩ්ඩක් ඉවසලා බලමු මේ කූඩ සීන් එකත්‍ යට ගහන්න හැකිවේවිද කියලා .

    මට මතක් වුණේ වට්ටියේ එලෝලු පුරෝගෙන ගෙයිං ගෙට ගිහිං එලෝලු විකුනන බජාර් එකේ ලලක්කා !

    ReplyDelete
  25. Ranting has worked....

    Two satisfactory entries in two days....

    Ohoma yang...

    ReplyDelete
  26. කතන්දර කියන පෙර සූදානම අඩු වැඩි වශයෙන් කෙරුණා කියල මම අහල තිබුන. නමුත් ඇත්තටම ආදේශ කිරීමේ පොඩි වැරැද්දක් තියෙනවා. මම හිතන විදියට, මේ ක්‍රියාවලියේ පෙට්ටි ගැන වගකීම යන්න ඕන ප්‍රවාහනය කරන අයටයි. ඒක ගොවීන් පිට දමාපු එක වැරදීමක්.

    පැහැදිලිකිරීමක් කලොත්-
    ගොවීන්ට එක පෙට්ටි සෙට් එකක් තියෙනවා. එයාල ඒවායේ දාගෙන ඇවිල්ල එළවලු ටික ලොරියට විකුණන කොට, ලොරියෙන් එයාලට හිස් පෙට්ටි සමාන ගණනක් දෙන්න ඕන. ලොරිය මැනිං මාකට් එකේ බඩු බෑවම, එතන මුදලාලි කලින්දා එළවලු ගෙනාපු පෙට්ටි ටික ලොරියට දෙන්න ඕන. මේ විදියට වැඩේ යන්න නම්, ඇත්තටම එක වරකට පාවිච්චි කරන පෙට්ටි ප්‍රමාණය වගේ දෙගුණයක් සංසරණයේ තියෙන්න ඕන. මෙන්න මේ අතිරික්තයට සල්ලි ගෙවන්න කෙනෙක් නැති කම තමයි මේ ගැටලුවේ මුල. ඒක තේරුම් නොගැනීම තමයි අපේ කරුමේ.

    හිස් පෙට්ටි ප්‍රවාහනයේදී අවම ඉඩ ප්‍රමාණයක් ගන්නා විදියට නිර්මාණය කිරීමත් වැදගත්.

    මම රජ උනොත් කතන්දර කියපු විදියට මූලික ටික කරලා ගොවීන්ගේ පලවෙනි පෙට්ටි සෙට් එක රජ්ජුරුවෝ ගානේ දෙනවා (Montero අටක වියදමින් මේක කරන්න පුළුවන්) . ලොරි කාරයන්ගේ පලවෙනි සෙට් එක ලාභයක් නැතුව එයාලට විකුනනවා. ඊට පස්සේ ඒවා පාවිච්චි නොකරන අයට දඩ ගහන එක පටන් ගන්නවා.

    ReplyDelete
  27. චන්දේ ඉල්ලනකෝ ..අපිත් දෙන්නං මනාපේ !!!!

    ReplyDelete
  28. එළවලු නෑ කියලා කොළඹ මිනිස්සු උද්ඝෝෂණය කරන්න යන්නෙ නෑනෙ!

    අනික මේ උත්සව සමය මේ කාලෙ ඉල්ලුමේ හැටියට සැපයුමක් දෙන්න බැරි වුණොත් එළවලු වෙලෙන්දෝ අනාතයි.

    ඔය නීතිය තව මාස 3ක් විතර යනකොට සාමාන්‍ය දෙයක් වෙනවා. අන්තිමට කරබාගෙන පෙට්ටි වල ප්‍රවාහනය කරන්නයි වෙන්නෙ.

    ගොඩක් සුපර් මාර්කට් වල අතරමැදියො නැතුව එළවලු ගෙනත් අඩු මිලට දෙනවා. ආණ්ඩුවත් අඩුමිලට සතොසෙන් එළවලු විකුණාවි.

    මේ සිස්ටම් එකට අනුගත වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් එළවලු වෙළෙන්දොන්ට නෑ.

    ReplyDelete
  29. පිස්සු බම්ප් වෙනව. එළ කිරි අදහස. ඕක වෙන්නනම් ඉතින් ක.කා. රජ වෙන්නත් එපායැ. අපරාදෙ... රජ එෆ්.එම්. එකත් නවත්තලානෙ..

    ReplyDelete
  30. කකාගෙ වගේ මධ්‍යකාලීන වැඩපිළිවෙලක් නං ටිකක් හොදයි.

    @$මරුමූස් $ & ඉන්දික උපශාන්ත
    මම කෙලින්ම ගොවිතැනත් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් විදියට දැම්ම මට හිතෙන වදියට මේ ගැන පෝස්ට් එකක්. පුළුවන් නං මගේ ප්‍රශ්න ටිකට පිලිගන්න පුළුවන් උත්තරයක් දෙන්න.

    Traffic Ano
    //ලංකාවෙ තදබල නීති හදල නීති කැඩුවොත් උල තියනව කියල කිව්වෙ නැත්තං කොච්චර තේරුං කරල දුන්නත් ඉම්ප්ලිමන්ටේෂන් බොරු// ඕව තියෙන්නෙ අපි උඹලට විතරනෙ ආයුබෝවං. ඇමරිකාවෙ ජනාධිපතිගෙ දූල බිල එලවල ඇල්ලුව. මෙහේ කවුද එහෙම අල්ලල තියෙන්නෙ. මොකෝ බීල එලවන කට්ටිය මෙහේ නැතුවද? නීතිය තදින් ක්‍රියාත්මකවීම සේම එය පුද්ගලයාගෙන් ස්වායත්ත එකක් වියයුතුය.

    ReplyDelete
  31. කකා මාමේ, අපෙ තාත්තා ඔය වගේ එවට තමයි "කතන්දර" කියන්නෙ

    ReplyDelete
  32. පෙට්ටි වැඩේ හොඳ දෙයක් විදිහට තමයි මමනම් දකින්නේ
    මුලික වැඩ කටයුතු ටික මේ කියපු විදිහට කෙරුණත් අපේ මිනිස්සු ඕකට විරුද්ධ වෙනවා
    ඒ අපේ උන්ගේ හැටි, ඕකෙන් ප්‍රතිලාබයක් නොවෙන්න විදිහක් නැහැ
    අපතේ යන එළවලු ප්‍රමාණය අඩු වෙන එකම කොයි තරම් ලාභයක්ද

    ReplyDelete
  33. Wiya yuthu deya meya wuwath bahuthara balayak dina sitina anduwa jisima biyak nathiwa oba pawasu procedure eke last step ekata yanne meme anduwata bahuthara balayak laba dunne meme janathawama bawa amathakaweeme wiya yuthi.

    Meya itha honda kiyawak wuwath meka implement karana widiya poddak aul..
    Anduwa inne "Apith ekka sellam be" kiyana attitude eke..

    ReplyDelete
  34. @ 108543860788859599679,
    A new system to become a 'Ano' hey, but I know who you are.....heh..heh...heh...

    ReplyDelete
  35. මැදහත් සිතින් ලියූ හොඳ ලිපියක්. නමුත් අනිත් බ්ලොග් බොහෝමයක තිබුණේ ප්ලාස්ටික් පෙට්ටි ක්‍රමය වැරදි වැඩක් කියලා

    ReplyDelete
  36. අනේ මන්දා ........
    මොනා කියන්නද මන්දා ..

    මට නං හිතෙන්නෙ කොහොම හරි අතරමැදියා කියන එකාව අයින් කලා නං මහජනයාට ඔයිට වඩා අඩුවට එලවලු ගන්න තිබුනා ...

    ReplyDelete
  37. @ සඳරු.
    දැං ලලක්කා බඩු විකුණල පෙට්ටිය පුරෝගෙන තමයි ගෙදර යන්නෙ

    ReplyDelete
  38. @ කල්හාර

    ඇයි මිනිහො එතකොට අතරමැදියගෙ ගෑණියි ළමයිනුඉ කන්නෙ අහවල් එකෙයි ? [ගේම නං ගේම ලොක්කා, කාමරයක් නං ඒත් අවුලක් නෑ] ;)

    ReplyDelete
  39. @ All

    අද ඇතිවී තියෙන තත්වය ගැන මගේ අදහස නැවතත් මෙන්න.

    කෙතරම් රිසර්ච් කර තිබුණත් ඒවායේ ප්‍රතිඵල ජනතාව අතරට පාර්ශවකැවන් අතරට ගොස් නැත.

    ප්‍රතිපත්ති හැදීමේදී අදාල පාර්ශවකරුවන් ගේ අදහස් විමසා නැත. ඔවුන් මෙහි කොටස්කරුවන් කරගෙන නැත.

    අඩු වශයෙන් ප්‍රතිපත්තිය ප්‍රකාශ කල පසු හෝ මහජන මතය විමසා නැත.

    නියමු ව්‍යාපෘතියක් කළ බවක් අසන්නට නැත.

    ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී සහන කාලයක් දී නැත.

    පෙට්ටි නිෂ්පාදනය, සැපයුම, නැවත පාවිච්චිය ආදී ප්‍රායෝගික කරුණු ගැන ප්‍රායෝගික විසඳුම් ලබා දී නැත.

    මේ මහා වෙනස ක්‍රියාත්මක කිරීම සඳහා රජයෙන් මුදල් වියදම් කර ඇති බවක් හෝ ආධාර ලබා දී ඇති බවක් හෝ නොපෙනේ.

    මේ සේරටමත් වඩා, ගෝනි වෙනුවට පෙට්ටි භාවිතයෙන් ලැබෙන ආර්ථික වාසිය ගොවියන්ට, ප්‍රවාහකයින්ට, තොග වෙලඳුන්ට, සිල්ලර වෙලදුන්ට සහ පාරිභෝගිකයින්ට ලැබෙන්නේ කෙලෙසද කියා පැහැදිලි වී නැත.

    විරෝධයේ හැටිට පේන්නේ වෙළඳුන්ට සහ ගොවියන්ට සිදුවන්නේ පාඩුවක් බවයි.

    ප්‍රජාතන්ත්‍රවාදය යනු බයි බෝස්, නගරං හෝ හයිරං නොවේ!

    ReplyDelete
  40. Tonight the President will solve this problem.
    TA

    ReplyDelete
  41. පෙට්ටි වැඩේනං සිරා තමයි . . . ඒත් ඒක ක්‍රියාත්මක කරපු විදිය තමයි අවුල් . . .

    ReplyDelete
  42. කියෝපු එකෙක්වත් මේකේ තියෙන කතන්දරේ මොකක්ද කියලා තේරුම් නොගෙන තියෙන හැටි!!!

    ජය වේවා...

    ReplyDelete
  43. lori himiyo kalin kale colombo ta elawalu prawahanaya karala aaaaaapasu yana wita wenath drawya prawahanaya karanawa dan his plastic petti parawahanaya kranna wela nisa padu sidu wenawa nathnam elawalu prawahana gasathu wedi karanna wenawa

    ReplyDelete
  44. This comment has been removed by the author.

    ReplyDelete
  45. @Mundeer: මම දැකල තියෙනව, නවල අරන් තියන්න පුලුවන් ප්ලාස්ටික් පෙට්ටි, ඔය වගේ එලවළු/පලතුරු ප්‍රවාහනයට ගන්න... එතකොට ආපහු ගෙනියන්න වැඩි ඉඩක් යන්නෙ නැහැ... දැක්කෙ කොහෙදිද කියල මතක නැහැ (ඉතින් ඒකෙ ගාන ගැන කීයද කියල අදහසකුත් නැහැ)
    :D

    ReplyDelete
  46. Folding plastic containers.

    http://www.plastic-storage-boxes.co.uk/folding_collapsible_plastic_boxes.html

    There are many cheaper versions. And most of the designs are not patented any more, if anyone wants to produce them in SriLanka

    ReplyDelete
  47. කතන්දර;

    නියමු ව්‍යාපෘති කරන ලදී.

    ක්‍රියාත්මක කිරීමේදී සහන කාලයක් ද දෙනලදී. (අද දුන් එකට අමතරව)

    අනිත් ඒවාට එකඟයි. විශේෂයෙන්ම "ප්‍රජාතන්ත්‍රවාදය යනු බයි බෝස්, නගරං හෝ හයිරං නොවේ" යන්නට.

    ReplyDelete
  48. මීළඟ වෙළෙඳ ඇමතිට ජයවේවා :))

    ReplyDelete
  49. Eka prashnayak thiyanawa. Petti kadunaama mokada wenne?

    Onna onna wrong yanna epa.Mama kiyanne, plastic petti pawichchi karanna yanneth gas tanki paawichchi karana kramayatai. thaman dunna pettiyama nevei thaman athata enne. Ethakota kadena petti wala alaabe kawuda ganne?

    Sankalpaya awith awurudu dahayak wunata implement karapu widihen nam penenne meka karapu aya ground situation eka gena melo deyak danne nathi bawa. Ekko meka gena study karapu aya indaddi wena aya wenna athi kriyathmaka kaley.

    Mea kramaya magin tharangakaarii milakata elawalu denna puluwan nam ayi anduwata bari ea widihata transport system ekak hadalaa poudgalika anshayata tharangayak denna? Ehema adu milata wikunuwoth oya system eka promote karanna police polu, kandulu gas oney wena ekak nae.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.