Monday 21 November 2011

මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson


ඉස්සර මහින්ද රාජපක්‍ෂ කියන්නේ පොඩ්ඩක් විතර මගේ වීරයෙක්.

ඒ කාලේ තිබුණු ආණ්ඩුවේ අනුදැනුම ඇතුව පාරවල් අයිනේ මරල දාල, ටයර් සෑයේ බාගෙට පුච්චල දාල, බෙලි කපල ලයිට් කණුවල එල්ලල දාල තිබුණු කොල්ලන් ගේ ෆොටෝ එකතු කරගෙන, ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කොමිසමට කරුණු කියන්න, මහින්දයි වාසුදේවයි ගිය කතාව අපි සිහි කළේ පොඩි කාලේ සමාජ අධ්‍යයනය පොතෙන් කියවපු ඊ.ඩබ්ලිව්. පෙරේරා ගේ කතාව වගේ හරිම ජාතිමාමකත්වයෙනුයි.

ඒ සමාජ අධ්‍යයන පාඩම මතක නැති අයගේ ප්‍රයෝජනය පිණිස කියනවා නම්, ඊ.ඩබ්ලිව් පෙරේරා තමයි 1915 සිංහල මුස්ලිම් කෝලාහලය කාලේ ඒ පිටින් දාලා ඉංගිරිසි ආණ්ඩුව දේශීය නායකයෝ මර්ධනය කරපු හැටි ගැන කරුණු සහිත පෙත්සමක් සපත්තුව අස්සේ හංගාගෙන එංගලන්තෙට ගිය පොර ගේ නම.

ඒ වෙනුවෙන් එයාට පස්සේ කාළෙක රීලීස් කරපු ජාතික වීරයෝ කියන සීරීස් එකේ මුද්දරයක් වෙන්න වාසනාව ලැබුණා.

මහින්ද ගේ වීරත්වය තවත් වැඩියෙන් පෙණුනේ ප්‍රේමදාස ආණ්ඩුවට විරුද්ධව උදෙඝෝෂණ පා ගමනක් කොළඹ ඉඳලා කතරගමට ඕගනයිස් කරපු වෙලාවෙයි.

ඉතිං දාහත් වසරක දූෂණය සහ භීෂණය නැති කරන්න චන්ද්‍රිකා ගේ ආණ්ඩුව පිහිටුවෝලා මහින්දට කම්කරු ඇමතිකම ලැබිලා, කම්කරු ප්‍රඥප්තියක් ද මොකක්ද මහා විප්ලවීය දෙයක් කරනවාය කියලා ඇහුවාම අපි හිතුවේ වැඩේ හරි කියලායි. නමුත් වැඩි කාලයක් යන්න කලින් පොරව මාරු කළා ධීවර ඇමතිකමට.

මට මතක හැටිය ඔය ඇමති වෙන්න කලින් විපස්ස කාලේ තමයි මහින්ද ටෙලි නාට්‍යයක (ජයන්ත සිල්වා අධ්‍යක්ෂණය කළ "උදාගිර") පොඩි චරිතයක් රඟපෑවේ. වැඩේ කියන්නේ පොර ඒකේ ඉල්ලාගෙන තිබුණේ ඇමති කෙනෙකුගේ චරිතයක්.

මේ ටෙලි නාට්‍ය ඇමති මාර වීර ක්‍රියාවක් කරනවා. ඒක තමයි, තමන් දැන් ඇමති කමේ හිටියා ඇති, තරුණයින් ට තැන දෙන්න ඕනෑ කියලා, ඇමතිකමෙන් අස්වෙලා ඒ වෙනුවට තරුණ මන්ත්‍රී කෙනෙකුව පත් කර ගන්නවා. මතක තියාගන්න මේ චරිතය අවුරුදු 75 පන්නපු ජ්‍යෙෂ්ඨ හෙම ඇමතියෙක් නෙමේ. මේ කාලේ (1993 විතර) මහින්ද අවුරුදු හතලිස් ගාණක කොල්ලෙක්!

ටෙලි නාට්‍යයේ රචකයා මවාපු ඒ අති ප්‍රභන්ධිත ඇමති චරිතයෙන් අපිට ලැබුණේ හොඳම ආදර්ශයක්.

අද කතන්දරය තමයි ඒ නාට්‍යය බලපු මංතුමා, ඒක හරහා මහින්දතුමා ගෙන් ඒ උගත් පාඩම ක්‍රියාවට නංවපු හැටි ගැනයි.

ඔන්න මං අර පස්තාච්චි කාලෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා කලින් කරපු මැවිසුරු සේවයටම ගියත් ටික කළකින්ම එතනින් චුත වෙලා පොඩ්ඩක් විතර අධ්‍යාපනයට බර තැනක ජොබ් කට්ටක් හොයා ගත්තා. මේ සම්බන්ධයෙන් තමයි මං අර කැරැක්ටර් සර්ටිෆිකේට් එක ගත්තේ. (දාං ඇදලා ගත්තු ඒවා වැඩක් නෑනේ මේ කාලේ වෙන කොට!)

මං මේ තිප්පොලේ වැඩ අරඹලා ටික කාලෙකින් ම එතන තිබුණ කොමිටි දෙකකදී ම අපේ අංශය නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා.

මෙයින් පළමුවැන්න තමයි කම්පියුටර් යූසර් කමිටි. කම්පියුටර් සෙන්ටර් එකේ ප්‍රධානියා ගේ සභාපතිත්වයෙන් තිබුණු මේ කමිටුවේ අපේ ආයතනයේ කම්පියුටර් පාවිච්චි කරන අංශවල නියෝජිතයෝ හිටියා. මේ කොමටියෙන් තමයි පොඩි පොඩි පුහුණු වැඩ සටහන් සැලසුම් කරළා ක්‍රියාත්මක කළේ.

දෙවෙනි කොමිටිය ඊට වඩා බරපතල එකක්. ඒකේ සභාපති තමයි අපේ මුළු ආයතනයේම ලොක්කා. මුළු ආයතනයේම පරිගනක ගැන ප්‍රතිපත්තිමය තීරණ ගත්තේ ඒ කොමිටියෙන්. අපේ අංශයටත් ඒකේ නියෝජිතත්වයක් ලැබිලා තිබුණා අපි සෑහෙන කොම්පියුටර්කාරයෝ නිසා.

ඔහොම අවුරුදු දෙකාමාරක් විතර යන කොට, අපේ අංශයේ ඉඳලා නිවාඩු අරගෙන පීඑච්ඩී එකක් කරන්න එංගලන්තේ ගිය කොලුවෙක් ආපහු ඇවිත් වැඩ බාර ගත්තා.

පොර මට වැඩිය අවුරුදු තුනක් විතර බාලයි මයෙ හිතේ. ඒ වුණාට මං වගේ යැ, දැන් පොර පීඑච්ඩී කාරයෙක් නේ!

ඉතිං මං මොකක්ද දන්නවාද කළේ. ගිහින් පොරට කිව්වා මෙන්න මෙහෙම.

"ජයන්ත, මං හිතන්නේ අර අහවල් කොමිටි දෙකේ දී අපේ අංශය නියෝජනය කරන්න මට වඩා සුදුස්සා ඔහේ තමයි. ඒ නිසා, ඔහේ ඒ තනතුරු දෙක බාරගන්න!"

අන්න බලන්න එදා මා උගත් පාඩම් වල අගේ! වඩා සුදුස්සා ට තැන ලැබුණා.

දැන් ඔය කියන කොමිටි තනතුරු දෙක ස්වේච්ඡා ඒවා මිස අමතර ගෙවීමක් ලැබෙන ඒවා නොවෙන හින්දා මං දීලා දැම්මා කියලා කවුරු හරි කියනවා නම් ඒ අයට කියන්න තියෙන්නේ දීමනා කෙසේ වෙතත් මේ වගේ තනතුරු උසස්වීම් වල දී ඉතා වැදගත්වෙන බවයි.

මෙන්න ඊටත් වඩා හොඳ කාරණයක්.

මං මේ කියන කාලේ සෙනසුරාදා හවස් වරුවේ වෙනත් තැනක බාහිර දේශකයෙක් විදියට වැඩ කළා. ඒ ජොබ් එකේ ඉතුරු ටික කරගෙන යන්න මං ජයන්තයාට ම බාර දුන්නා! අඩු වශයෙන් පොර ගේ වෑන් කට්ටට ඩීසල් ගහන්නවත් ගාන හම්බ වෙන්න ඇති.

එක පඩියකින් වාහනයක් නඩත්තුව අමාරුයි අපිට ඒ දවස්වල. මට නං කාර් එකට පෙට්‍රෝල් ගහන්න හාමිනේගෙන් ගාණක් ඉල්ලා ගන්න පුළුවනි.

-කතන්දරකාරයා

ප/ලි:
මහින්ද රාජපක්‍ෂගෙන් මා උගත් පාඩම පිළිබඳ කතා වස්තුව එසේය.

ප්‍රතිඋපකාර ලෙස මංතුමා එතුමාට කවර නම් පාඩමක් උගන්වන්නෙම්දැයි සිතමින් සිටිමි.

(image: http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=av10111410)

41 comments:

  1. කතාව එළය...
    ෂා ලස්සනට ඉගෙන තියනවා... සෝ....ක්...

    ReplyDelete
  2. අලේ.... අද නෝටියා එක...

    ReplyDelete
  3. ජනතාව වෙනුවෙන් ඉන්න ඕන කළාකාරයෝ. මහරජානනී කිය කියා ප්‍රශස්ථි ගායනා කරමින් ලොක්කව රජා කොරලා. ඔය මහින්ද අයියා තවමත් පොඩ්ඩක් ඉන්නවා. රජා ඇතුලේ. පොර කොහොමත් චන්ඩියනේ. ඒකාලෙත් හැම එකාම පොරට බයයි. දැන් රජ උනයින් පස්සෙ ඉතින් මොන කතාද. ජනරාළ එළියට දැම්මනම් ලොක්කගේ කීර්තිය තවත් බැබලෙනවා. අඩු ගානේ ප්‍රජා අයිතිය අහෝසී කරළා, නිවාස අඩස්සියටවත්. ජනරාළ පොරක් කළෙත් එයාලමයි. තනියෙන් ක්‍රෙඩිට් එක ගන්නෙ නැතුව..

    ReplyDelete
  4. කළගුණ සැලකීම හොඳ පුරුද්දක්නෙ !

    ReplyDelete
  5. තමන් හිටියා ඇති අලුත් අයට තැන දෙන්න ඕනේ කියලා අයින් වෙනවනම් මේ පාඩම වැඩියෙන්ම වටින්නේ රනිල්ට!

    ReplyDelete
  6. මහින්ද මහත්තයාගේ පාගමනේ මුල පටන්ම ගිය කෙනෙක් මම. මම දන්න රස කථා බොහෝමයක් තිබෙනවා ඔය ගමනේදී වුනු බලමු දිනක ලියන්න. කෙසේ හෝ දැන් නම් උන්නැහේ ගැන මම වැඩිය දන්නේ නැහැ.
    මට කියන්න ඕනෙ වුනේ ඔබ වගේ අය 1000 රාජ්‍ය සේවයේ හිටියා නම් අද අපි කොහේද?
    මේ කථාවට අදාල නැති වුවත් මට මතක් වෙන්නේ මගේ ප්‍රධානිය. ඔහු හැම විටම මාව මඟ හරිනවා. දැක්කොත් පැනලා යන්න බැරි නම් බදාගෙන අතින් අල්ලගෙන කථා කරනවා. දුව ගැන හාමිනේ ගැන. වැඩේ කියන්නේ උදේ මුණගැහිලා හවසට ආයිත් මුණ ගැහුනමත් ඔහොමයි. මොකද මෑන් හොද හයිය කකුලක්. ඉන්නේ මට ලැබෙන්න ඕනෙ තනතුරේ. වැඩේ කියන්නේ මට වඩා සුදුසුකමුත් අඩුයිනේ.

    ReplyDelete
  7. බොහොම හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙන්නෙ, ඇත්තටම හිතලා අළුත් අයට උදව් කරන පිරිස හරිම හිඟයි

    ReplyDelete
  8. ඔබේ ක්‍රියාව ශ්‍රේෂ්ඨයි. පාඩමක් උගන්නන්න නං අවුරුදු ගානක් බලං ඉන්න වෙයි.

    ReplyDelete
  9. අපි බලන්නේ අපේ උපන් දිනේ දවසේ කුරැලු පැටියෙක් හරි නිදහස් කරන්න. ඒත්.. ලොකු මාමාට ඒ තරම්වත් මනුස්ස කමක් නැහැ නේද? මේක කරැණාට කරැණා කරන-නිවැරැද්දාට නිගා කරන චින්තන දේශපා‍ලනේ පිළිබද ගැටළුවක් නෙමෙයි මනුස්සකම ගැන ප්‍රශ්නයක්...

    ReplyDelete
  10. "මට කියන්න ඕනෙ වුනේ ඔබ වගේ අය 1000 රාජ්‍ය සේවයේ හිටියා නම් අද අපි කොහේද?"

    May be lower than this point as these idealists just issue talks not any useful work.

    ReplyDelete
  11. MR played this role in the teledrama after 1994. As I can remember well, he was the Minister of Labour at the time.

    ReplyDelete
  12. උගත් පාඩම් වාර්ථාව අද මහජනය් අතටත් දුන්නොත් තමා හොඳ. කොහොම උනත් කොමිසමෙන් පාඩමක් ඉගෙන නොගත්තොත් අර ජාත්‍යන්තර නෙටෝ ප්‍රජාව අපිට අම්තක නොවෙන පාඩමක් ගන්නයි!

    කල් යල් බලා ගැසු ගලක්!

    ReplyDelete
  13. මට හිතෙන්නෙ ප්‍රති උපකාර විදියට කතන්දර උගන්නල තියනව කියල හොඳ පාඩමක් . . . කතන්දර දැං පදිංචිය ලංකාවෙ නෙමෙයි නෙ . . . . .

    ReplyDelete
  14. බලාගෙන මහින්ද ලොක්ක ක.ශු. ට පාඩමක් උගන්නන්න බැරි නෑ.

    ReplyDelete
  15. "මීළඟ ජනාධිපතිවරණය 2015 දී..."

    ජන්‍දය ඉල්ලුවා නම් නරකද?

    ReplyDelete
  16. වසිලිස්සා21 November 2011 at 13:14

    මේ කතාවෙන් මට කාකා තුමා ගැන තිබු පැහැදීම තවත් වැඩිවුණා.මේ වගේ හිතන අය අද දේසපාලනේ වගේම ,රාජ්‍ය සේවයේත් හිටියනම්........................
    අපේ රට ඇත්තටම අශ්චර්යට ගමන් කරාවි :)

    ReplyDelete
  17. මහින්ද මාමගේ ඔක්කොම වැඩ හොද චිත්‍රපට්වලට තමයි ,ඇත්තට කරන දේවල් සාමාජයට ගැලපෙන්නේ නැහැ...

    ReplyDelete
  18. ඇති යාන්තන්, මහින්දට පාඩමක් උගන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා දැනුනාම ඇතිවන තන්තෝසේ....! මේ පාඩමෙන් පස්සෙවත් බලමුකෝ මහින්ද හැදෙයිද කියලා.....!

    ReplyDelete
  19. මෙන්න මගේ ගානෙ තවත් සුදු කොඩියක් - කතන්දර ට

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. අනේ යන්න මෙයා නිකන් ඇඩ් එක වෙන්නෙ නැතුව.

    ReplyDelete
  22. කකා මාමා අපේ මහින්ද මාමාට පාඩමක් උගන්නනය බලා ඉන්නේ. ඒවා හඳේ ය.

    හොඳ වෙලාවටය පිට ගියේ, ඇතුලේ හිටියානම් කිරිබත් ගොඩක් කන්න තිබුනේය.

    ReplyDelete
  23. ෂිහ් මම හිතුවෙම වෙන එකක් නේ!!!

    ReplyDelete
  24. ඇත්තටම ජයන්ත ඔබට වඩා ඒ වැඩේට සුදුසුයි

    ReplyDelete
  25. මට පේන විදිහට එතුමාත් මේ ක්‍රමය අනුගමනය කරන්නයි යන්නෙ. පේන්නෙ නැද්ද අනාගත පරපුර නායකත්වයට සූදානම් කරන හැටි. වෙලාවක කෙලින්ම කියාවි ඔන්න රට බාරයි නුඹට පුතේ කියල.

    ReplyDelete
  26. Mahinda chinthanyata anuwa Kudu Dumindala Trusthawadaya jayagath Sarathta wediya watinawane..Balagena enna katawal aragena Ruhune weeraya anith dhakshayanta thena thenekam. Kathandara Karayage meda para padama doesn't make any sense to me

    ReplyDelete
  27. Sarath mamage opadupa hethuwen oyaweni dhaduwamak dunna nam rata kana horinwa panapitun puchchuwath madie!!!

    Lankawata dewiyannge pihitawath labennethi patai.

    ReplyDelete
  28. මං නං හිතන්නේ අපි මේ මහින්ද හෙන වැඩකාරයා පළාත හොල්ලගෙන ඉන්නේ කිව්වට එයා එතරම් තදින් ඉන්න කෙනෙක් නෙවී වගේ. නැත්නම්, අර තානපතිවරුන්ටත් එන්න කියල, ටී වී එකටත් දාල තියෙන අවස්ථාවේදී, එයාගේ ගෝලයෝ ඔහොම හැසිරෙන්නේ නැහැනේ. මොකද එතුමා පස්සේ ඔය වැරදියට හැසුරුන උන් ඔක්කොම අල්ලලා උන්ට හොඳ පාඩමක් උගන්නයි කියන බයට. එතුමා ගැන පොඩියට හරි බයක් තිබුනානම් මම හිතන්නේ නෑ ඒ අය මැරයෝ වගේ හැසිරෙයි කියල එතුමාට ලජ්ජා කරන්න. විදේශ අමුත්තොත් ඉස්සරහ.

    අනික ඔය මර්වින් තුමාට උනත් කී සැරයක් කිව්වද වැදගත් විදියට කතාකරන්න කියල. පයිසේකටවත් ගණන්ගත්තෙ නෑ නේ තාම. මං හිතනවා මහින්දතුමාට හරියටම ගැලපෙන්නේ 'ආදරණීය තාත්තා' විරුදාවලිය තමයි.

    ළමයින්ගේ හොඳ වෙලාවට අර බෝඩ් අල්ලලත් 'ලැජ්ජයි' කියන එක තාම මීටර් උනේ නෑ එතුමාට. එක තේරුණා දාට නම් කට්ටියම එළියේ මම හිතන්නේ.

    ReplyDelete
  29. ප්‍රතිඋපකාර ලෙස මංතුමා එතුමාට කවර නම් පාඩමක් උගන්වන්නෙම්දැයි සිතමින් සිටිමි.

    ජනාධිපතිතුමාට බ්ලොග් ලියන්නයි කියවන්නයි උගන්නමු !!!

    ReplyDelete
  30. "ප්‍රතිඋපකාර ලෙස මංතුමා එතුමාට කවර නම් පාඩමක් උගන්වන්නෙම්දැයි සිතමින් සිටිමි."

    පොල් අත්තක කක්ක කරල, ඒක අස් කරන හැටි උගන්නමුද?

    Dick-son

    ReplyDelete
  31. කකා ට්‍රයි කරන්නේ වෙබ් සයිට් එක තහනම් කරවගන්නද දන්නෑ! පහුගිය දවස් වල මිනී පෙට්ටි බුක් කරගන්න කියලා කතාවකුත් දැක්කා සයිට් එකක.

    ReplyDelete
  32. He has taught us many lessons for last few years and still we are learning from him .no doubt that these political disputes draw back the country furthermore as it did before. Green light is far away to us.....What can we do? Let’s pray for another era

    ReplyDelete
  33. @ All
    බලමුකෝ, මං කවදා හරි උගන්නන්නම්කෝ!

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  34. @ All
    ළමයි මෙතන ලොකු කේස් එකක් නෑ. මහින්ද ගේ එක්තරා රඟපෑමක් ගැණ මං මතකය අවදි කළා විතරයි.

    ජයන්ත සමග සිද්ධිත් ඇත්ත ඒවා. දැන් නම් ජයන්තයා රටෙත් නෑ.

    මහින්ද මේ කියන රඟපෑඟ කලේ ඇමති වෙන්න කලින්. ටෙලිය පෙන්නුවේ ඇමති කාලේ.

    ඒ කාලේ ලංකාදීප පත්තරේ ගිය පිස්සා ගේ පලාමල්ල තීරුවේත් මේ ගැණ තිබුණා මට මතකයි. අපායට යන පොරකට යමරජු දඬුවමක් දෙනවා. එක්කෝ කටු ඉඹුලේ යන්න නැත්නම් මහින්ද රඟපාන ටෙලියක් බලන්න. පොර කටු ඉඹුලේ යන්න තෝරා ගන්නවා!

    ReplyDelete
  35. මටත් ඔය කතාව මතකයි, හැබැයි ඒක තිබ්බේ දිවයින පත්තරේ මොකක්ද කොලමක වගෙයි මතක. මම මේ පොස්ටය දැක්ක ගමන් ඒ ගැන ලියන්න හිතුවත් මෙන්න බොලේ කතන්දරම ඒ ගැන ලියලා

    ReplyDelete
  36. මහින්ද කෙසේ වෙතත් රනිල් නම් විපක්ෂ නාකියා කම දෙන්නද කොහෙද පොඩි කොල්ලන් හොයන බව පත්තර වල තිබුණා.

    මේ “දීම“ කැපී පෙනෙන්නේ නොදීම ඉන්න අය වැඩි නිසානේ. එහෙම වෙන්න හේතුව බොහෝවිට බොහෝම අමාරුවෙන් ලබාගත්ත නිසානේ... අමාරුවෙන් ලබාගන්න හේතුව දෙන්න ඕන අය නොදෙන නිසානේ...

    ඔය අව් අස්සේ මතක් වුනා මම වැඩකරන කොම්පැනියේ අනිවාර්ය විශ්‍රාම වයස ලඟදි දවසක අහෝසි කලා. මැරෙන කං වැඩ කරන්න පුළුවන්... මේ රටවල මිනිස්සුත් මහින්දගෙන් ඉගෙන ගන්නවා කියලා මට හිතුණෙ.

    -ලොකු

    ReplyDelete
  37. අලේ අලේහ්.. මරු කතාව ඈත්තට මොකක්ඩ උගන්නන්න හොද පාඩම

    ReplyDelete
  38. එළ එළ කකා. අපි උන්ගෙන් තවම නූගත් පාඩම්. 2014 දීත් පත් කරමු. ඊට පස්සේ ඡන්දෙදී ජනාධිපතිකම තරුණයෙකුට භාර දෙනවාලු. එ තමා නාමල් ගොයියා. හැක් හැක්...........................

    ReplyDelete
    Replies
    1. හික්z!!!

      සිරා ස්ටෝරි හේ!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  39. ඒ ඉතින් නළු මහින්දනේ.....

    ReplyDelete
  40. මහින්ද රාජපක්ෂ තමන්ගේ තිර රචනය වෙනස් කර ගෙන ඇත. මෙහි අධ්‍යක්ෂණ්‍ය, තිර රචනය, සියල්ල ඔහුගේය. ඒ අනුව ඔහු තව කලකින් තනතුර තරුණයකුට බාර දේවි. ඒ තැන සඳහා සුදුසු පුද්ගලයා නාමල් වේවි.

    ඔබ-මම අප සැම ප්‍රේක්ෂකයෝ පමණක් වෙමුද?

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.