Monday 4 July 2011

කාර් කේස් එකේ අප්සෙට් සීන් කෝන් එකක් - How not to sell your car


පෙට්‍රල් කන කොරොල්ලා එක ඕනෑ වෙලාවක ගන්න මිස්ටර් පෙරේරා කැමති වුණා නේ.

බ්‍රෑන්ඩ් නිව් ඉම්පොර්ට් කරපු වන් ඕනර් ඩයිහට්සු ෂැරේඩ් කිරි ටොයියෙක් ව ඔබ්සෝවර් එකෙන් හම්බ වෙච්ච ගමන් මං කලේ විසිපන්දාහක ඇඩ්වාන්ස් එකක් දීලා අඟහරුවාදා හවස ඇවිත් කෑෂ් දීලා කාරෙක අරගෙන යන්න කතා කරගත්තු එකයි.

පෙරේරා පොරොන්දු වුණු විදියටම සඳුදා එන්නං කීවා කොරොල්ලා එක ගන්න.

තියෙන කාර් එක විකුණලා ඒ සල්ලි වලින් වෙනිං කාර් එකක් ගන්න සති ගණන් වුනත් යන්ණ තිබුණා. බලන්නකෝ අපූරුවට වැඩේ සෙට්වුණු හැටි!

එදා රාත්‍රියේ ඔහොම හිත හිතා ඉන්න අතරේ තමයි ඉස්සරහ දොරට කවුදෝ තට්ටුවක් දානවා ඇහුනේ.

දොර ඇරලා බැලින්නම් මැදිවියේ ඉන්න හයේ හතරේ පොරක් දොරලඟ. පොරගේ පිටි පස්සෙන් ගෑනු කෙනෙකුත් හිටියා.

"මිස්ට කතන්දර?"

"යර්ස්?:

"ආ, අයෑම් ෆර්නැන්ඩු. දිස් ඉස් මයි වයිෆ්. දිස් ඉස් අබවුට් ද ඩයිහට් ෂැරේඩ් කාර්."

"ප්ලීස් කම් ඉන්."

ඔන්න ජෝඩුව ගෙදර ඇතුලට ඇවිල්ලා සාලේ පුටුවක වාඩි වුණා.

"මිස්ට කතන්දර, අයෑම් සොරි. මගේ නෝනට පොඩි වැරදීමක් වෙලා තියෙනවා. මං කියලා ගියේ ලක්‍ෂ හයට වැඩි ඔෆර්ස් ගන්නයි කියල මිසක්, ලක්‍ෂ හයට කාරෙක විකුණන්න කියල නෙමේ."

"ඉතිං?"

"ඉතිං, මේ අපි ආවේ මිස්ටර් කතන්දර ගේ ඇඩ්වාන්ස් එක ආපහු දීලා යන්නයි."

"ආ!"

"අයෑම් සොරි මිස්ටර් කතන්දර."

මට මුලින්ම හිතාගන්න බැරිවුණා මොනවා කියන්නද කියලා.

සමහරවිට ප්‍රනාන්දුකාරයා ට ලක්‍ෂ හයට වැඩි ඔෆර් එකක් ලැබිලා ඇති.

මං ඊට වඩා දුන්නොත් ජෝඩුව වැඩේට කැමති වෙයි. ඒත් දැනටම පෙරේරා මගේ කොරොල්ලා එකට දෙනවාට වැඩියෙන් මං ෆර්නැන්ඩෝ ලා ගේ ෂැරේඩ් එකට එකයි විස්සක් දෙනවා.

තව දහදාහක් කියන්නේත් ලොකු ගාණක් වෙලාවේ හැටියට.

මං ඒ අදහස අතරහැරලා දැම්මා.

හොඳයි මොනව කරන්නද ඉතිං, කාරෙක විකුණන්නේ නැත්තම්?

මං කාමරේට ගිහින් මායි මිසිස් ෆර්නැන්ඩු යි අත්සන් කරපු ඇග්‍රීමන්ට් එක ගෙනත් ෆර්නැන්ඩු අතට දුන්නා.

පොර මගේ රුපියල් විසිපන්දාහ මට දුන්නා.

කට්ටිය ගියාට පස්සෙයි හාමිනේ කට ඇරියේ.

"දැන් මොකද කරන්නේ කතී?"

"මොනවා කරන්නද? අපිට මෙහෙම වුනේ නැතිවුණොත් නේ පුදුම. හරි ජරා මිනිස්සු. මං නං දුන්නු පොරොන්දුවක් ඔය විදියට කඩන්නේ නෑ කවදාවත්."

"ඒක නෙමේ දැන් පෙරේරා එයිනේ හෙට රතු කොරොල්ලා එක ගෙනියන්න."

"ඉතිං ආවා වේ."

"ඔයා මොකද කරන්නේ?"

"කාරෙක දෙනවා!"

"දෙනවා නෙමේ කතන්දර, කෝල් එකක් දාලා කියන්න දැන්ම බෑ පස්සේ දෙන්නම් කියලා."

"අපෝ, ඒක නං කරන්න බෑ!"

"ඇයි ඒ කතන්දරකාරයෝ, ඇයි බැරි?"

"ඇයි ළමයෝ, එකක් පෙරේරා කියන්නේ අපේ ඇන්ටි ලා ගේ බෑන්ක් ස්ටාෆ් එකේ පොරක්. ඊටත් වඩා මං පෙරේරාට දුන්නු පොරොන්දුව කැඩුවොත්, පොරොන්දු කැඩුවා කියලා මං කොහොමද ෆර්නැන්ඩු ට දොස් කියන්නේ. ඒක හරිම හිපොක්‍රිටිකල් වැඩක් නේ."

"මං දන්න හිපපොටේමස් එකක් නෑ. අනේ මෙහෙමත් කතන්දරයෙක්!"

හාමිනේ කියන්නේ ඇත්ත. එයා දන්න හිපපොටේමස් කෙනෙක් නෑ තමයි. එයා දන්නේ හිපොක්‍රටීස් ඕත් එකනේ.

-කතන්දරකාරයා

ප/ලි:
ටික වෙලාකට පස්සේ හාමිනේ මට කතා කළා.

"කතී, එන්න කන්න. දැන් හොඳටම රෑ වෙලා!"

(කතී කියන්නේ ආදරේට හොඳේ!)

(image: http://shirtoid.com/13855/storm-in-a-teacup-2/)

62 comments:

  1. කතී...දැන් නම් ඔය කාර් කතා ඇතී...

    ReplyDelete
  2. අන්තිමේ පරන කාර් එක තියාගන්න කතී සහ කැතී තීරණය කලාලු.

    ReplyDelete
  3. @prasanna86k,

    Good one Prasanna...:D

    ReplyDelete
  4. කතී කියන්නේ ආදරේට හොඳේ!

    නියමයි නේ.

    ඊට පස්සේ මොකද උනේ...?

    ReplyDelete
  5. ප/ප/ලි :- කතී එන්න දැන් නිදියන්න... දැන් හොදටම රෑ වෙලා.. :D

    ReplyDelete
  6. ඔය හේතුව හින්දම ප්‍රතිපත්ති රකින සෑහෙන දෙනෙක් මං පුද්ගලිකව දන්නවා. ඒකෙත් වරදක් නෑ නේද?

    ReplyDelete
  7. යේ........ තව එකායි! :D

    ReplyDelete
  8. කෝ දැන් කාර් එක එතකොට ..........

    ReplyDelete
  9. දැං මොකටද හාමිනේ එන්න කීවෙ . . . .???? කාර් පදින්නදැ . . . .???

    ReplyDelete
  10. පෙරේරා පහුවදා ආවෙත් නැහැ වගේ මට නං හිතෙන්නෙ :D

    ReplyDelete
  11. දිපු පොරොන්දු කඩන මනුස්සයෙක්. එහෙනම් කතන්දර සීරිස් එකේ ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න අයියා.

    ReplyDelete
  12. අනේ හරි ස්වීට්... හැබැයි අයියන්ඩි, ඔයාට තිබුනේ අරුට ගේමක් දෙන්න... ඔය ඇඩ්වාන්ස් ගෙව්වා කියන්නේ ලංකාවේ නීතියට අනුව එයාල ඔයාට වාහනේ දෙන්න ඕනේ කැමැත්තෙන් හරි අකමැත්තෙන්..

    ReplyDelete
  13. අපි නං ඇඟිලි ගැන ගැන ඉන්නේ රතු කොරෝල්ලා එකෙන් ගැලවෙනකං

    ReplyDelete
  14. දින ගණන් ගැන සති

    කාර් ගැන දැන ගති

    වරදකුත් නැහැ ''කති ''

    ලියන්නට තව ඇති

    පෙරේරා මග එති

    කාර් එක අර ගති

    මදි සල්ලි දී ''කති ''

    ''ඩයිහට්සු '' අරගති

    ReplyDelete
  15. කතන්දරට අදුරගන්න බැරිඋනේ ඇයි මිස්ට ෆර්නැන්ඩු ඒ වෙලාවෙ ආවෙ වෙන වයිෆ් කෙනෙක් එක්කද?

    ReplyDelete
  16. Gimhani
    අර දෙකේ හතරේ පොර දැක්කම හීන් දාඩිය දාන්න ඇතිනේ??

    ReplyDelete
  17. කොහොමද මං කලින් කතාවෙදි කිව්ව එන්නෙ බුවාම තමයි කියල. .....

    ReplyDelete
  18. @ Podi Kumarihami
    පොඩී කුමාරිහාමී දැන් ඔයා ගේ ආදර කතා ඇතී කියලා මං කිව්වොත්?

    ReplyDelete
  19. @ prasanna86k

    කතී සහ කැතී - මරු ජෝඩුව නේද?

    ReplyDelete
  20. @ මලින්ද
    එහෙමයෑ, ඕක අහන්නේ, මෙන්න මෙහෙමනේ.
    "ඉතිං ඊට පස්සේ....?"

    ReplyDelete
  21. @ පොඩි මෑන්
    පොඩි එකා හිටපං පැත්තකට වෙලා, වැඩිහිටියන් ගේ කතාවලට කට දානේනේ නැතුව.

    ReplyDelete
  22. @ Charmi
    ප්‍රතිපත්ති හදන්නේත් අපි, රකින්නේත් අපි, කඩන්නේත් අපි.
    නීති වගේම තමයි.

    ReplyDelete
  23. @ පූසා
    අකමැති වුනත් දවස ගානේ මේ පැත්තේ එනවා නේද හොර පුසා වගේ? තැන්ක් යූ පූස්!

    ReplyDelete
  24. @ sameera
    කාර් එකට වෙච්ච දේ බදාදා ට කියවමු!

    ReplyDelete
  25. @ ඕනයා
    නෑ, මේ මාළු අල්ලන්න.

    ReplyDelete
  26. @ හරී
    හරි ඔබ හරී නැත!

    ReplyDelete
  27. @ මධුරංග
    බදාදා ෆයිනල් එපිසෝඩය. එතනින් අවසානයි!

    ReplyDelete
  28. ප්‍රනාන්දුව ගැහුවා නේද කොලේ වහල......

    කිව්වත් වගේ අපි රෑවටුනේ නැත්තන් තමයි ඕං පුදුමේ.......

    දැන්නම් ඇති වගේ කකා....

    ReplyDelete
  29. @ ADK කොලුවා
    අනේ ළමයෝ බලෙන් පුළුවනිද, කාර් ගන්න, උන්ට අපේ සල්ලි එපා නං අපිට උන්ගේ කාරුත් එපා!!!

    ReplyDelete
  30. @ sameerausa
    මාත් එහෙම ඇඟිලි ගැණ ගැණ තමයි හිටියේ!

    ReplyDelete
  31. @ Bindi
    කතන්දර රස ඇති
    ලියන්නට නම් මට නිති
    කාලය ද වැදගති
    ඒ කරුණු දැන් සිතේ තෙරපෙති

    තුනක් හතරක් සති
    කාර් එක "විකුණුවා" ඇති
    දැන ගනුව යහපති
    මේ මෙගා බුද දිනේ නිමවෙති

    ReplyDelete
  32. @ Praසන්ன
    මිස්ට ප්‍රනාන්දුව මං මුලින්ම දැක්කේ එදා රෑ තමා!

    ReplyDelete
  33. @ Gimhani
    හුහ්!!
    මං කවුරු කියලද හිතුවේ. මං හතරේ හයේ කෙනෙක්!

    ReplyDelete
  34. @ nawammawatha
    නවම්මාවත හරහා තමයි එයා එන්න ඇත්තේ!

    ReplyDelete
  35. @ හීනියට
    මේ කතාව හීනියට ඉවර කරලා දාන්නයි යන්නේ බදාදා ට!

    ReplyDelete
  36. මෙච්චර කල් ඉවසුව නං අපිට මොකෝ බදාද වෙනකන් ඉන්න බැරි?

    ReplyDelete
  37. @ Obsever

    අනේ ද කියන්නේ!

    ReplyDelete
  38. හහ්...ආදරේ කාර් වගේද? ජීවිතේටම නැතිව බැරි දෙයක්. ඕනම නම් ජන මත විසඳුමක් තියලා බලමු...:D

    කවුද කැමති ආදරේට?...:)

    කවුද කැමති කාර්වලට?...:)

    ReplyDelete
  39. මම නම් කැමති කාර් වලට.. කතී බය නැතුව ජන්දයක් තියන්න.. මම දන්නවා අපේ කොල්ලෝ මොකටද වෝට් කරන්නේ කියලා..

    ReplyDelete
  40. කාලෙකින් ආවා...
    කාර් කතන්දර ඔක්කොම බැලුවා
    හැමදාම පයින් ගියත්....
    කාර් නම් ගන්නෙ නැහැ කියල හිතුවා

    අන්තිම කොටස කවදද දාන්නේ ක.සූ??

    ReplyDelete
  41. @ පොඩි කුමාරිහාමි - ආදරේ සල්ලි දීල ගන්න බැහැනේ.. ඒත් කාර් එකක් සල්ලි දීල ගතහැකි. කාර් එකක් නැති කෙනෙක්ට වඩා කාර් එකක් තියෙන කෙනෙක්ට ආදරේ කරන්න ගෑණු ළමයි පෙලඹෙනවා (හැමෝම නම් නෙමෙයි). ඉතිං කාර් හොඳයි නේද?

    ReplyDelete
  42. කතී ඉක්මන් කොරලා මේක අහවර කරලා. අළුත් සීරීස් එකක් පටන් ගන්නවකෝ...

    ReplyDelete
  43. කතී අයියා ඉතින් ආයෙමත් බස් එකේ ගමන් යන්ඩ වෙයි වගේ ඈ .. අවුලක් නෑ ධනපති පන්තියේ කතන්දර මහත්තයාට ඔහොම වෙන්න ඕන . හැමදාම කාර් වල ගිහිං බෑ ! බස් වලත් යන්න ඕන , දාඩිය දාගන්න ඕන , ජීවන සුවඳ අත්විඳින්න ඕන , සමාජයත් එක්ක ගැටෙන්න ඕන , අවුවට පිච්චෙන්න ඕන .

    එයයි ජීවිතේ !

    ReplyDelete
  44. ඔන්න මං ලිව්වා පගා සීරිස් දෙවැනි කොටස.

    පගා සීරිස්: පගා නොදී උසාවිත් නොයා බේරුන හැටි

    කවියෙන් බැරි නම් නිකම් හරි මොනව හරි ලියන්නකෝ.

    ReplyDelete
  45. අදනෙ දන්නෙ "කැතී" දොස්තර නෝන කෙනෙක් කියල.

    ReplyDelete
  46. ඔබ්සේවෙර් මාර tube -light එකක්නේ: කියවල නැද්ද "කතන්දරහාමිනේ ට මෙව්ව එකක් අරං දුන්නු හැටි .

    http://kathandara.blogspot.com/2011/02/blog-post_25.html

    ReplyDelete
  47. කතී, මට තියෙන පුරශ්නේ මේකයි, මිසිස් ෆනෑන්ඩුයි කතියි අත්සන් කරපු කොලෙත් කතී ගාව තිබුනා නම්, මිස්ටර් ෆනෑන්ඩොයි, මිසිස් ෆනෑන්ඩොයි කතීගේ ගේ හොයා ගත්තෙ කොහොමද ? කති හොරෙන්ම මිසිස් ෆනෑන්ඩොට ඇඩ්‍රස් එක දීලා ආවා නේද ? හොර කොල්ලා....!

    ReplyDelete
  48. @ amila abenayaka

    අමිලආර්ට් කියල ඉස්සර කොමෙන්ට් දැම්මෙ ඔයාමද? දැන් ඒ ලින්ක් වක දිගේ ගිහින් පෝස්ට් එක බැලුව. මං ඒ පොස්ට් එකට කොමෙන්ට් එහෙකුත් දාලනෙ. වයසට යනකොට ඔහොම තමා, අමතක නැතිවෙන ඒව හරියට (අනික පොඩ්ඩක් අනුමත වෙලා එහෙම සැන්දෑ කාලේ බ්ලොග් කියවන වේලාවකද පොස්ට් එක කියෙව්වෙ දන්නෙ නැහැනෙ)

    ReplyDelete
  49. බුරතීනෝ මැතිතුමා ට මොකද උනේ? ද්වන්ධ සටනකදී රබර් උණ්ඩයක් වැදී රුසියානු රෝහලක දැඩි සත්කාර ඒකකයේ ද?

    ReplyDelete
  50. Observer: හපොයි දෙය්යනේ ඔහොමත් අමතක වෙනවද? වයසට යන්නත් බයයි ඕක ඇහුවම.

    මමනම් නෙවෙයි "අමිලආර්ට්" වෙන කෙනෙන්ක්

    ReplyDelete
  51. @ Podi Kumarihami
    ඇයි වලව්වේ කාර් නැද්ද, අලියා විතරද?

    ReplyDelete
  52. @ අළුත් කොල්ලා
    එහෙම හිතනවා නං ඉතිං බඳින්නෙත් නැතුව ඉන්නයි වෙන්නේ!

    ReplyDelete
  53. @ ගිනි කුරුල්ලා
    ආයේ සීරීස් නෑ සෑහෙන කාලෙකට.

    ReplyDelete
  54. @ හිස් අහස
    අනේ ළමයෝ, ඇයි හිතුවේ මං ඉපදුනෙත් කාර් එකක කියලද?
    අපිත් ගමේ අය තමයි, අලියි, මොටෝසයිකලුයි විතරයි තිබුනේ නැත්තේ.
    ඇයි කිඹුල් කරවල තිබුනෙත් නෑ!

    ReplyDelete
  55. @ දුමී
    ඕනෑම පොරොන්දු පත්‍රයක - හැම පාර්ශවකරුවෙකුටම පිටපත් තිබිය යුතුයි. මගේ කොපිය දුන්නේ ඒක මා ළඟ තවදුරටත් තබා ගැනීම වැඩක් නැති නිසයි.

    ReplyDelete
  56. @ All
    කාර් මෙගා එක හෙට ඉවරයක් කරමි.

    කාර් කතන්දර නං ලියන්නට දාහක් තිබේ.
    මේ දං පැයකට කලින් ටයර් එකක් මාරු කරන්නටද සිදුවිය. උදේ යාන්තං වැඩට ගියේ හාමිනේගේ පිහිටෙනි. හෙටවත් ස්පෙයාවීල් එක හරිගස්සා ගත යුතුය.

    සියළු දෙනාටම ස්තුතියි!

    ReplyDelete
  57. Test comment

    ReplyDelete
  58. @සුජීව,

    බුරා හොදින් ඉන්නවා.. කකාගෙ මේ මෙගා සීරිස් එක මුල ඉදන්ම මට හිතට ඇල්ලුවෙ නෑ.. එහෙමයි කියලා ඉතිං මට ඒකට විරුද්ධව මොකුත් කියන්ට බෑ නොවැ, ඒක කකාගෙ අයිතිය නොවැ.. ඉතිං මං කමෙන්ට් නොකර නිකං හිටියා.. :)

    @uncleoba,

    ඔබා අයිය බොලොග් එකක් ලියාන්ට පට්ටාං ගත්තද..?? එහ්හෙනං ඉත්තිං හොද හොද සෙල්ලං ගිණිකෙළි තියෙයි නේද..??

    ReplyDelete
  59. @ Buratheno
    ඇත්තටම කියනව නං මටත් වැඩිය ඇල්ලුවේ නෑ මේ කාර් මෙගා එක.

    නමුත් ඉතිං මොනව කියල කරන්නද, මගේ ම බ්ලොග් එකනේ?

    ඔන්නඔහෙ, ඉවසං හිටියා මාසයක් ම!

    ReplyDelete
  60. පොඩි මෑන් කියපු විදියට ඔන් ප. ප. ලි කල්ලත් ඉවර වෙලා ප. ප. ප. ලි එකේ මොකෑ වෙන්නේ???

    ReplyDelete
  61. පොරොන්දු කඩන්නෙ නැති එක නම් හොඳ මහත්මා ගතියක් .....

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.