Friday 8 July 2011

ලව් කිරීමට කොල්ලන් ට උපදෙස් - පාඩම් අංක 2 : Advice for novice lovers (males only, please!)


මේ නෙට් එකෙන් ලව් කිරීම උගන්වන පාඩම් මාලාවේ පලමුවෙනි පාඩම බලපු අත්දැකීම් තියෙන සමහරු සාක්‍ෂි දුන්නා ඒ උපදෙස වැඩ කරන බව. ඒවත් අහලා කීප දෙනෙක් ම අත්හදා බලන්නත් පොරොන්දු වෙලයි තියෙන්නේ.

ඇත්තම කියනවා නං මේ පාඩම් මාලාවේ අංක බින්දුවේ සමාරම්භක පාඩමකුත් තිබුණා. ඒක කෙල්ලගෙන් අහලා, තරහ වෙන්න එපා කියන උත්තරේ ලැබුනහම කරන්න ඕනෑ දේ ගැනයි.

අද දෙන උපදෙස ලාවට වගේ වැඩේ සෙට් වීගෙන එන බව පේනවා නං අනිවාර්යෙන්ම නොකළ යුතු කාරණා කීපයක් ගැනයි.

තමන් මීට කලින් ට්‍රයි කරපුවා, ඒවයින් වැඩ කරපුවා, ලව් කරපුවා, බූට් කාපුවා ගැන හෙම විවිධාකාරයේ කතන්දර තියෙන අයටයි මේ මුල්ම උපදෙස.

වැරදිලාවත් ඒ පරණ කතන්දර හෙම මේ අළුත් ළමයා එක්ක නං කියන්න යන්න එපා පුතෝ!

මගේ අත්දැකීම අනුව කිසිම කෙල්ලෙක් කැමති නැහැ තමන් එක්ක සෙට් වෙන්නට ඉන්න කොල්ලා ගේ පරණ ලව් කතා අහන්න විනාඩියකට වත්.

මේක:
1. ට්‍රයි කරන කාලේ,
2. වැඩේ සෙට් වේගෙන එන කාලේ,
3. හා කිව්වට පස්සේ,
4. ලව් එක නැගලා යන කාලේ තියා
5. අවසානයේ බැන්දට පස්සේ
වුනත් නොකළ යුතු දෙයක්!

මගේ අදහස නං දෙන්න එකතුවෙලා එක සෙෂන් එකක් දාලා පරණ කතා හුවමාරු කරගත්තාට කමක් නෑ. හැබැයි අපි ඔය නිකං ඉන්න වෙලාවට වල් පල් කියවනව වගේ ඒ කතා ආපහු ආපහු උදාහරණ විදියට ගන්න හොඳ නෑ.

දෙවෙනි අවවාදය තමයි කලින් කෙල්ලන් ගේ ෆොටෝ, ඡායාරූප, ෆේස් බුක් ලින්ක්ස්, මොබයිල් අංක මෙකී නොකී කිසිම දෙයක් හෝ ඒවායේ අංශු මාත්‍රයක්වත් ඉතුරු කරලා තියාගන්න එපා.

අළුත් චැප්ටර් එකක් පටන් ගත්තට පස්සේ ඒ පරණ දේවල් සේරම දාන්න අතීතයේ කුණු බක්කියට.

ඉස්සර කාලේ නම් මේ කතාව ලව් ලැටර් වලටත් අදාලයි. නමුත් දැන් නං ඉතිං ඒ ලව් ලැටර් කියන ඒවා කොහෙමටත් තියෙන්නේ කෞතුකාගාර වල විතරයිනේ. ඔය වෙසක් කාඩ්, නිව් ඉයර් කාඩ්, වැලන්යින් කාඩ් වගේ දේවල් තියෙනවා නම්, ඒවාත් ඉතිං කුණු බක්කියට ඇරියොත් හොඳා.

මං දන්න තරමින් මේ ලෝකේ බහුතරයක් කෙල්ලෝ වැරදිලාවත් පරණ ලව් එකක අංශු මාත්‍රයක්වත් පේන්න තියෙනවාට කැමති නෑ.

මේවා ගණං නොගන්න අය ඉන්නත් පුළුවන්. ඒ වුනත් ඉතිං අහල තියෙනව නේද මේ උපදේශාත්මක කවිය?

ඇතත් නැතත් පරලොව සුදණෙනි මහත
හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරළොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කල හට වෙයි විපත


සූදානං ශරීරේ කියනවානේ.. .. .. !!!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් මේකටම අදාල කවියක්

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ


මේ කවි දෙකම ලෝවැඩ සඟරාවෙනි. කැමති නං මෙන්න මේ තාලයට ගායනා කරන්නත් පුළුවනි.

(image: http://www.zazzle.com/)

38 comments:

  1. අර දෙවෙනි අවවාදෙ පිළිපදින්ට ටික්කාක් අමාරුයි නෙවැ කකා.. මොකද කියනවානං මගෙ පරණ කෙල්ලො තාම මගෙ හොද යාළුවො වගේ ඉන්නවනේ.. ඒකට මක්කැයි කොරඤ්ඤේ..!!??

    ReplyDelete
  2. පරණ දේවල් අහුවෙන්න ඉඩ කඩ තියනවා නම් හොදම දේ මම නම් හිතන්නේ කියලා තියන එක තමා... ආදරේදි විශ්වාසේ කියන දේ ගොඩාක් වටිනවානේ
    පිට කෙනෙක් ගෙන් තමන් ආදරේ කරන කෙනා ගැන දැන ගන්නවට වඩා වටින්නේ ආදරේ කරන කෙනාට අදරේ කරන කෙනාගෙන්ම දැන ගන්න දේ

    අනේ මන්දා ඔහොමයි මට නම් හිතෙන්නේ

    ReplyDelete
  3. api asarana wela wage hitata dananawa budu katandare.....chak hitapu kellath taraha wela wena ekek ekka,man tama taniyama mekata mokada karanne katandare..

    ReplyDelete
  4. බලමු බලමු දවසට උවමනා වේවි මේ උපදෙස් ටික....

    ReplyDelete
  5. ඔව්වා රටක් වටින උපදෙස්... කරලාම බලන්න ඕනේ...

    ReplyDelete
  6. නිකං ලැබුන කියල මේ උපදෙස් අහක දානවා එහෙම නෙමෙය් කෂ්ටිය, ඕවෑ වැදගත් කොං තේරෙන්නෙ පස්සට

    ReplyDelete
  7. අපොයි මං ලව් කොරන කලේ තිබුනේ නෑනේ මේ වගේ උපදෙස් දෙන තැනක්.. දැන් ඔයා හාමිනේගෙනුත් අහගෙනද ලිවුවේ ?

    ReplyDelete
  8. මටනං ඔය පරන දේවල් කියලදාන්නම උනා . . . . මොකද මට ඉන්නෙ මම වගේම සුපිරි කඩප්පුලි යාලුවො ටිකක් නෙ . . . .
    ලවු ලෙටර් සීන් එක නං කොලා . . . තරමකට . . . ඒ කිවුවෙ දෙන්නෙක්ගෙ ලවු ලෙටර් කලෙක්ශන් එක හොයාගන්න බැරිඋනා බඳින්න කලිං . . . . බැඳල අවුරුද්දකට විතර පස්සෙ මගෙ පොත් කබඩ් එක අස්කරපු මගෙ හාමිනේට බඩු මාට්‍ටු . . . . . මම ගෙදර එනකොට අතේ දිගෑරල තියාගෙන හිටි පලවෙනි ලියුමෙ උඩිංම තිබුනෙ . . . "බැඳුනු සෙනෙහස ඔබ කෙරේ . . . . තාම අඩු නැත මා කෙරේ . . . . තිබෙන තුරු මගෙ ජීවිතේ . . . ඔබට පමනයි ආදරේ . . . . " කියල. (මේක මට මතක විදියට කොරින් අල්මේදගෙ සිංදුවක කොටසක්). ලිවුම එවල තිබුනෙ ගම්පොල මේනකා.

    ReplyDelete
  9. හික්ස් නියම අවවාද ටික. මටනම් හිතෙන්නේ මේ අවවාද ටික අර පරන කෙල්ලන්ටත්, දෙන්න වෙයි නේද? නැත්නම් ඉතින් මේ පරන කුනු මේව අවුරුදු ගනන් දුම් අල්ල අල්ල තියාගෙන ඉන්නවා සමහර කෙල්ලො .. මොකද මම මෙහෙම කියන්නේ මගේ යාලුවෙක්ගේ පියාගේ ලව් ලෙටර්ස් මාගව තියනවා එය ඉස්සර යාලු වෙලා ඉන්දලා තියෙන්නේ අපේ නැන්දා කෙනෙක් එක්ක. පරිස්සමට මට දුන්න තියාගන්න.
    මාත් කියෙව්වා.

    ReplyDelete
  10. හික් හික්. සහතික ඇත්ත කතන්දර තුමෝ. ඇත්තටම අපේ හාමිනේ අඳුනා ගන්න කොට මම වෙනින් කාටවත් ලවු කරලා තිබුනේ නැහැ.:P

    ඒත් සති කීපයක් මම එක ගෑනු ළමයෙකුට ට්‍රයි කරන්න ට්‍රයි කළා. කාගේ කාගේත් වාසනාවට හරි අවාසනාවට හරි සති කීපයකට පස්සේ ඒ ළමය හම්බ වුනේම නැහැ.

    එක දවසක් අපේ හාමිනේ එක්ක මම ඔය කතාව කිව්වා. හෆොයි මම ට්‍රයි කරන්න ට්‍රයි කලාට වැඩි සති ගානක් මාත් එක්ක උන්දෑ අමනාප වෙලා හිටියනේ....

    ReplyDelete
  11. නියම උපදෙස් ටිකක් ගන්න පුලුවන් වෙයි එහෙනම්. ඉක්මනට ඉතුරු ටික ලියන්න අයියා.

    ReplyDelete
  12. කතාව සහතික ඇත්ත.. මම අද්දැකීමෙන් දන්නවා ඕක..

    හැබැයි මම මේ ක්‍රමය යොදාගන්නවා කෙල්ලෙක් එපාවෙලා නවත්තන්න උනාම.

    බබී අද මට මම පරණ කරපු ____ කියල කෙල්ලෙක් හම්බ උනා.. මට ආයෙත් පාරක දේවල් මතක උනා. ඔයා දන්නේ නෑනේ දවසක් අපේ දෙන්න...... ඔහොම කතාව යනකොට ගෑනිගේ මුණ කළු උනත් අහගෙන ඉන්නවා.

    ඊට පස්සේ තියෙන්නේ මුණු පොතේ පොඩි ස්ටේටස් කෑල්ලක් දාන්න.
    වැඩේ අද්දුටුවයි.. පර්ත්යක්ෂයි...

    ReplyDelete
  13. ඉහික් ඉහික්.. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. එතකොට අලුත් කෙල්ලගෙ විස්තර පරන එක්කෙනාට අහුවෙන්ට තියාගත්තා කමක් නැද්දෑ...???

    ReplyDelete
  14. කොහේ කොරන්නද, නොකියාම ඉන්න හැදුවත් ආයෙ කොන ඉඳල වමාරන්න උනා නෙව. අම්මප ඊට පස්සෙනං හිතට පුදුම නිදහසක් දැනුනෙ. ඊටත් පරණ කෙල්ලෙක් පාරෙදි දැක්කොත් එහෙම පණ කඩාගෙන දුවන්නෙ නැතුව ගෙදර උන්දැත් එක්කම ගිහිල්ල කතා කරන්න බැරිය. ලව් ලෙටර් ටිකනං වැලිකඩ ඉන්න කාලෙ පුච්චල දැම්ම.

    ReplyDelete
  15. හැබැය ලොක්කෝ මම නම් හිතන්නෙ පිටින් ආරංචි වෙන්න කලිං කියන එක ඇඟට ගුණයි කියලා, ඉන්නවනං ඉන්න හරි යනවනං යන්න හරි කිසි දෙයක් හංගගෙන ඉඳලා තේරුමක් නැහැනෙ, කියලා දාන එකයි තියෙන්නෙ .......

    එහෙම හංගං ඉන්න එක ඊටත් වඩා මාරම අමාරු වැඩක් .....

    ReplyDelete
  16. අනේ මන්දා ඉතිං ...ඔව්වා කියල බෑ තමයි. ඒත් නොකියත් බෑ ..කියලා හිතෙනවා..වෙලාවකට.

    ReplyDelete
  17. @ All
    මං කියන්න හැදුව දේ හරියටම කියවිලා නෑ වගේ.
    ඔන්න කතන්දරේ පොඩ්ඩක් එඩිට් කළා!

    මගේ අදහස නං දෙන්න එකතුවෙලා එක සෙෂන් එකක් දාලා පරණ කතා හුවමාරු කරගත්තාට කමක් නෑ. හැබැයි අපි ඔය නිකං ඉන්න වෙලාවට වල් පල් කියවනව වගේ ඒ කතා ආපහු ආපහු උදාහරණ විදියට ගන්න හොඳ නෑ.

    ReplyDelete
  18. අනේ ආයුබෝවන්,
    බොහොම අනගි උපදෙස් මාලාව
    ලියුම් නම් අහක දාන්න පුළුවන් කියමු
    දිනපොත් නම් වීසි කොරන්න හිත දෙන්නේ නැහැනොව!

    ReplyDelete
  19. අපොයි කතන්දර අයියේ......හංගනවට වඩා ඇත්ත තිත්ත උනත් කියලා දාන එක හොදයි මොකද වෙන එකෙක්ගෙන් ඒවා දැන ගන්නවට වඩා තමා විසින්ම පැවසිම ඇගට ගුනයි...

    ReplyDelete
  20. දිනපොත්නම් හරිම බයානකයි. මේවා ඔක්කොම නෝනලා කියවනවා මහත්තුරු නැති උනාම.

    ReplyDelete
  21. කතන්දර මේ කතාව මීට මාස දෙකකට විතර උඩින් ලියලා තිබ්බනම් කියලා හිතුනා...එච්චරයි කියන්නෙ..

    ReplyDelete
  22. කතන්දරට වැඩි වැඩි වැඩියෙන් ලැබේවවා! ආවාඩා ආයුබෝ වේවා!! :D

    ReplyDelete
  23. [[කතන්දරට වැඩි වැඩි වැඩියෙන් ලැබේවවා! ]]

    ලියුම් ද?

    ReplyDelete
  24. කියල තියෙන එක නම් හොඳයි තමයි. හැබැයි අර කතන්දර කිව්වා වගේ ඕව වමාර වමාර ඉන්නේ නැතිව මුලදීම කියල චැප්ටර් ක්ලෝස් කරන්න ඕන . නැත්නම් අපේ රටේද කොහෙන් හරි ඕක කියයි මොකෙක් හරි . එතකොට ඉතින් සැක සංකා . කොල්ලන්ට විතරක් නෙමේ කෙල්ලන්ටත් අදාලයි ඕව .දැන් කොල්ලන්ට විතරයි කියා උඩින්ම දැන්මම අපරාදේ අහිංසක ගැණු ළමයින්ට මේ වටිනා උපදෙස් නොලැබී යනවනේද

    ReplyDelete
  25. ප්‍රින්ට් කරලා පර්ස් එකේ දාලා තියාගන්න ඕන මේ පෝස්ට් එක . පරන කෙනා ගැන කොහොමටත් අංසු මාත්‍රයක දෙවල්වත් අලුත් කෙනාට නොකියන තරමට හොඳයි .

    ඕක තමයි කියන්නේ . කෙල්ලගේ නම ඇඟේ පච්චවිදිහට කොටන්න එපා කියලා !

    ReplyDelete
  26. මේක නිකං සිලබස් එකෙන් ඉතිහාසය අයින් කරා වගේ වැඩක් නෙව. කොහොම උනත් කාව හරි අමතක කරන්න බැරිව ඉන්න කෙනෙක්ට ඒක අමතක කරවන විදිහට කතන්දර වැඩේ ලියල තියෙනව. බලමු බලමු අනිත් උපදෙස් ටිකත් කොහොම වේවිද කියල?

    ReplyDelete
  27. මට නම් මේ පෝස්ට් එක දැක්ක ගමන් හිතුනේ, කතී, කැතීගෙන් හොඳට කාල වගේ පරණ ලව් කේස් එකක් මාට්ටු වෙලා.... හික් හික් හික්...!

    මම නම් හිතන්නෙ පරණ කේස් ඔක්කොම ලව් කරන කාලේ වෙලාවක් කලාවක් බලලා කියලා දාන්න ඕනෙ කියලා, මොකද ඒ වගේ දේවල් වෙන අයගෙන් දැන ගත්තොත් අර විශ්වාසය නැති වෙන්න පුළුවන් නිසා. හැබැයි ඉතින් එහෙම කියන්න ඕනෙ කෙල්ලව හරි කොල්ලව හරි දාගෙන ලයින් එකට හොඳ කොන්ක්‍රීට් පාරක් එහෙම වැටුනට පස්සෙ.

    ReplyDelete
  28. බයවෙන්ට කාරි නෑ. කෙල්ලොත් ඔය උපදෙස් මාලාව ඒ විදියටම පිලිපදිනවා.

    ඉතින් බැඳලා පරන කොල්ලන් ගැන කීවාම කොල්ලොත් හිත් අමාරු කරගන්ට ඔනි නෑ.

    ReplyDelete
  29. පරන කෙනාගැන කියද්දි තරහා වෙනවා කියන්නෙ නොකියා ඉඳලා පහුකාලෙක වෙනත් කෙනෙකුගෙන් දැනගත්තම ප්‍රශ්නෙ බැරෑරුම් වේවි. ඒ නිසා වෙලාවක් බලලා කියලා දැම්මම හරිම පහසුයි.

    ReplyDelete
  30. හප්පේ පොඩි කුමාරිහාමි, ක.ශු. බය කොරපු බය කෙරිල්ලට බය වෙලා හිටපු ගොබිලො බර ගානක් අල්ලගෙන හිටපු හුස්ම පහලට දාන්න ඇති, ඔයාට නිවන් යන්න ඔය පිනම ඇති.....

    ReplyDelete
  31. අමූලික සත්‍ය්ය....1000% ක් ඇත්ත ඕං......
    හැබැයි පුතෝ අර සෙෂන් එක යන වෙලාවෙදිත් කට ජූන්ඩක් වෙන්න පරිස්සම් වෙන්න ඕනේ....කොහොම කෙසේ කීවත් බිංදුවක්වත් කියන්න බැරි දේවලුත් තියෙනව නොවැ....

    හපෝයි සංසාරෙක හැටී.....

    ReplyDelete
  32. @ All
    මේ සම්බන්ධයෙන් මගේ අදහස හරියට ලියවිලා තිබුනේ නෑ මුලින්. පස්සේ මං කරෙක්ෂන් එකක් දැම්මා.

    මං කියන්නේ පරණ දේවල් හංගන්න, බොරු කියන්න කියලම නෙමේ, ප්‍රො-ඇක්ටිව්ලි ඕවා කියන්න, සසඳන්න, මතක් කරන්න යන්න එපා කියලයි.

    සමහර කොල්ලෝ පරණ කෙල්ලෝ ගැන උදාහරණ වදියට කියන්න ගිහින් අනාගන්නවා මං දැකලා තියෙනවා.

    සැමට ස්තුතියි.

    හෙට සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල්. පාඨක කතන්දරයක්.

    ReplyDelete
  33. අන්න හරි කකා අය්යේ.. එහෙම හරි ශේප් එකේ එක කියලා තියන එක හැමදාටම හොදයි.... තෙරුම් ගන්න පුලුවන් කෙනා හැමදාම ලග ඉන්නවා..

    ReplyDelete
  34. gude gud aiye.mamath me kathava piligannava ehalinma.anith tikath ekmaninma danna

    ReplyDelete
  35. මගේ ලව් එකට 4 years වෙනවා.. ස්තූතියි !

    ReplyDelete
  36. අම්මෝ.. මම නම් කියල දානවා හැමදේම.. එකෙන් මට උනේ මගේ උන්දැගෙන් බයිට් එකක් කන්න, මොකද මම ට්‍රය් කරපු උන්ගෙන් බාගයක් එයා අඳුරනවා.. ඕක හින්ද මම කාබයිට්.. ඒ උනාට මට අද උනත් උන් එක්ක කතාකරට කිසිම අවුලක් නෑ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.