Friday 22 April 2011

වෙඩින් ප්‍රසන්ට් එකේ ප්‍රයිස් ටැග් එක - To remove or not to remove


කාලෙකට කලින් ඔන්න මට ආරාධනාවක් ලැබුණා මගුල් ගෙදරකට. මේක යාළුවෙකුගේ යාළුවෙකු ගේ වෙඩිමක්.

මගුල් ගෙවල්වලට නිකං යන සිරිතක් නෑනේ. ඉතිං මං කල්පනා කර කර හිටියා, මොකක්ද ගන්න හොඳ ප්‍රසන්ට් එක කියලා.

ඔය අතරේ මට මගේ යාළුවාගෙන් දැන ගන්න ලැබුණා අළුත් ජෝඩුවේ ප්ලෑන් එක බැඳලා ටික කාලෙකින් ම පිටරට යන්නය කියලා මුලින් ඉගෙනීමට, පස්සේ අනිවා, ඩෙෆා පදිංචියටත් එක්ක.

පිටරට පදිංචි වෙන්න යන්න ඉන්න උන්ට, වීදුරු-පිඟන් බඩු, ඉලෙක්ට්‍රික් අයන්, බිත්ති ඔර්ලෝසු යනාදී සම්ප්‍රදානුකූල තෑගි ජාති දීලා වැඩක් නැහැ නොවැ.

එක දවසක් සින්දුවක් අහගෙන ආතල් එකේ ඉන්න වෙලාවක දී මට එක පාරටම තේරුණා මොකක්ද දෙන්න හොඳ ප්‍රසන්ට් එක කියලා.

සින්දු කැසට්!

මොකද ඕනෑ තැනක ගෙනියන්න ලේසිනේ.

මේ කාලේ වෙනකොටත් බහුතරයක් කැසට් වල තමයි සිංග්ලන්කා ලා, ටොරානා ලා, නිල්වලා ලා සින්දු රිලීස් කලේ. තාම සී.ඩී. කියන ඒවා නැගලා ගිහිල්ලා තිබුනේ නෑ.

ඉතිං, මං ගියා කැසට් කඩේකට කැසට් කීපයක් ගන්න. තෝරලා බේරලා ගත්තා දිලිප් ගබඩාමුදලිගේ ගේ සහ චන්දිමාල් ෆර්නැන්ඩූ ගේ ගී අනුවාදන මියුසික් කැසට් තුනක් ම සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව. මගේ පඩියෙන් 7% ගියා කියන්නේ ලේසි පාසු නෑනේ!

ගෙදර ගිහින් තෑග්ග පාර්සල් කරන්න ගියාම තමයි මට තේරුනේ කැසට් තුනේම අලවලා තියෙන විකුණුම් මිල ගහපු පොඩි ස්ටිකර් ගලවන්න ඕනෑ බව තෑග්ග රුප් (wrap) කරන්න කලින්.

තෑග්ගක් දෙන කොට ඉතිං ඒකේ ප්‍රයිස් ටැග් එක එක්ක දෙන සිරිතක් නෑ නේ.

ඉතිං මං ඒ කැසට් තුනේම රතු පාට මැෂින් අකුරෙන් මිළ ප්‍රින්ට් කරල තිබුණු සුදු පාට ස්ටිකර් ගලෝලා ආයේ තෑගි පාර්සලේ හදන්න පටන් ගත්තා.

මෙන්න බොලේ එතකොට තමයි මට තේරුනේ, ඒ සුදු පාට ස්ටිකර් වලට යටින්, කැසට් කවරවලම ප්‍රින්ට් කරලා තියෙනවා ඒවායේ මුල් විකුණුම් මිල.

ඒ මිළ දර්ශක මං ගෙවපු ගාණට වඩා සෑහෙන්න අඩුයි.

දැන් ඉතිං මොනවද කරන්නේ? කළු පාට ෆෙල්ට් පෑනක් අරං අර කවරවල ප්‍රින්ට් කරල තිබුණු ඉලක්කං උඩින් ගෑවා. යාන්තමට ඒවා වැහිලා ගියත්, හොඳට බැළුවොත් පේනවා ටොරානා ලා මුලින් දාපු ගාණ කීයද කියලා!

"එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා!"

මටත් වුනේ ඒ ඉඳුරුවේ ආචාරියා ට වුණු දේයි. (මේ කියන්නේ ආචාර්ය ඉඳුරුව ගැන හෙම නං නොවේ!)

-කතන්දරකාරයා

ප/ලි:
කොහොම හරි ඉතිං මේ ජෝඩුව බැඳලා පිටරට ගියා. හැබැයි, ඒ වෙඩින් එකෙන් අවුරුදු දහයකට විතර පස්සේ. ඒ වෙනකොට අර කැසට්වල කෑලිවත් තියෙන්න නැතුව ඇති. අනික දැං කවුද කැසට් අහන්නේ, සීඩී හරි ඇම්.පී.ත්‍රී හරි මිසක්!

මං හරිම ආසා කරපු මනමේ කැසට් දෙකත් මීට අවුරුදු කීපෙකට කලින් කැඩිලා ගියා. හැබැයි හොඳ වෙලාවට දැන් ඒවා ඔන්-ලයින් අහන්න පුළුවන්.

(image: http://pingmag.jp/2008/04/24/origata/)

34 comments:

  1. හ්ම්........ තෑගි නොදීත් බැහැ ගාණ ගලවලත් බැහැ...... :-D

    ReplyDelete
  2. හෆොයි කාකා ඔහොම වැඩ මටත් අනන්ත වෙලා තියෙනවා. කඩේට ගිහින් තෝරලා තෝරලා ගන්නෙ ලබන්නට මෙලෝ රහක් නැති තෑග්ගක්....! රහ තියෙන තෑගි ගන්න ගියොත් මගෙ පඩියෙන් 50% කට විතර බුදු සරණ වෙන නිසා. එකම එක තෑග්ගයි මම ගත්තෙ වටිනාකමක් තියෙන මගෙ මුස්ලිම් යාලුවො දෙන්නෙකුට දෙන්න කුරාණයේ පාඨයක් ලියපු ලොකු චිත්‍රයක් වගේ එකක්... ඒක උන් දෙන්නගෙ ගෙදර ඉස්සරහම එල්ලලා තියෙනවා දැක්කම නම් මට හරි සතුටු හිතුනා. ඒ දෙන්නත් ඒ තෑග්ග සෑහෙන්න අගේ කලා (ඇත්තම කිව්වොත් මට නම් සන්තෝස උන් දෙන්නට වලි වෙලාවට විසි කරලා කඩා බිද ගන්න පුලුවන් දෙයක් නොවෙච්චි එක ඒ තෑග්ග)

    ReplyDelete
  3. දැන් නම් කැසට් තියෙනවද මංදා.. ලඟකදීන නම් දැක්කේ නෑ අයියේ...

    ReplyDelete
  4. සමහරු ටිකක් මිල වැඩි තෑග්ගක් ගත්තම, ප්‍රයිස්ටැග් එක අයින් කරන්නෙ ගාන හිතාගන්න පුලුවන් වෙන්න පොඩි සාක්ෂියකුත් ඉතුරු කරලා.

    ReplyDelete
  5. gift voucher එකක් දුන්නා නම් අහවරයිනේ...

    ReplyDelete
  6. කිව්වත් වගේ මාත් කැසට් එකක්නම් සෑහෙන කාලෙකින් ඇහැටවත් දැකල නැහැ.අනික දැන් ඔව්ව දෙන්නත් බැහැනේ ඇයි හැම මගුලම මේ ජාලේ තියනවා නොවැ....

    ReplyDelete
  7. දැන් කැසට් වලට වඩා ලාබෙට සීඩී ගන්න පුලුවං.

    ReplyDelete
  8. අඩෙ අප්පෝ මටත් මඟුල් හතරයි එන මාසෙ. ණය වෙන්නත් වෙයි වගේ. උන්ට කැසට් දෙන්න බෑ අප්පා..... කරුමේ කරුමේ.........

    ReplyDelete
  9. කැසට් නම් මගේ ලඟ තාමත් තියෙනවා. මොකද මගේ කාර් එකේ කැසට් සහ සීඩී දෙකම අහන්න ඇහැක් ප්ලේයර් එකක් හයි කොරලා තියෙන නිසා ඉඳහිට කැසට් එහෙමත් අහනවා.
    තෑගි දෙන්න ගිහින් උඹට වෙච්චි වැඩේ නම් හෆොයි . .

    ReplyDelete
  10. අපේ කාර්යාලයේ නම් , වෙඩින් එකට ආරාධනා කරාට පස්සෙ , එයාගේ හොඳම යාළුවා ගිහින් එයාගෙන් අහනව, “ මචං/මචී දැන් ඔයාට අපි තෑගි දුන්නොත් ද වටින්නේ නැත්තම් අපි ........“ බොහෝ විට ඉතින් දෙවෙනි විසඳුමට තමයි යන්නේ . ඉතින් දැම්මා ලිස්ට් එකක් එකතු කරා මනි.

    වෙඩින් එක දවසට ඉතින් යනවා අත් දෙක හොල්ල ,හොල්ල.

    ඒත් තෑගි දෙනව වගේ සතුටක් , දෙන්නාටත් , ලැබෙන්නාටත් මුදල් වලින් ගන්න නම් බැහැ. තෑග්ග දකින දකින වෙලාවට මතක් වෙන එකම විටිනව නෙව.( නරක තෑග්ගක් දුන්නොත් ඉතින් සනුහරේම මතක් වෙයි)

    මම නම් කැමති කෙනෙක්ට දෙන තෑග්ග, ඒ වෙලාවෙම විවාත කරල බලනවට. විවාහ යකදි නම් එහෙම බැහැ තමයි. ඒත් පුද්ගලිකව දෙන්නා සහ ලබන්නා විතරක් ඉන්න වෙලාවක ,එවෙලෙම තෑග්ග බලල “ අනේ හරිම ෂෝක් “ “ අපෝ මේක ද තෑග්ග “ කියල කිවත් මම නම් කැමති.

    අනික අපි කෙනෙක්ට දෙන තෑග්ගක් , ඒ පුද්ගලයා භාවිතයට ගන්නව දැක්කමත් හිතට දැනෙන්නෙ සතුටක්.

    තෑගි දීමත් “ ලස්සන කලාවක් “................

    ඔන්න මගෙන් කතන්දරට , මේ පෝස්ට් එකට ලස්සන තෑග්ගක්.

    ඒ තමයි මේ කමෙන්ට් එක......... හෙ හේ.... අපි ලියන කමෙන්ට් එකට කතන්දරගෙන් ලැබෙන පිළිතුර තමයි , තෑග්ග භාවිතයට ගත්තා කියන පිළිතුර..............

    ReplyDelete
  11. පොඩි කුමාරිහාමිගෙ අදහස හොඳ වුනාට ඔය සී.ඩී.එන්නත් ඉස්සර කාලෙ ලංකාවේ ගිෆ්ට් වව්චර් තියෙන්න ඇත්තෙ හය් ෆය්ම සාප්පු වල විතරය් වෙන්නැති.
    ලඟදි කාර් එකක් කුලියට එහෙම අරගෙන ගිය ඉස්සෙල්ලම දුර ගමනේදී අහන්න සින්දු සී.ඩී.කීපයකුත් මගදී ගත්ත සල්ලි සල්ලි කියල බලන් නැතුව. සී.ඩී.වල පොලිතීන් අයින් කොරල එහෙම ප්ලේයර් එකට ඔබන්න බලනකොට ඒක කැසට් ප්ලයර් එකක්, "ඉතින් මොකේ දැය් දන් වළඳන්නේ?" කියල දන්න සින්දු කිය කිය ගමන ගියා.

    ReplyDelete
  12. සල්ලි දෙන්න තිබ්බෙ එයාලට කැමති දෙයක් ගන්න :)

    ReplyDelete
  13. ඉතින් කතන්දර අයියා ඔයාට තිබ්බනේ සල්ලි දෙන්න . ලියුම් කවරයක් මිට මොලවන එක තමයි දැන් මගුල් ගෙවල් වලදී අපිට අනුගමනය කරන්න තියන හොඳම වැඩේ . තෑගි ගන්න කඩ ගානේ රස්තියාදු වෙන්නයි . තෑගි උස්සාගෙන බස් එකේ යන්න බැරි නිසා ත්‍රීවීල් අරගෙන යන්න වීමයි . ඔන්න ඕවා පට්ට කරදර .. සල්ලි දීලා සේප් වෙන එක ඇඟට ගුනයි

    මට පේන්නේ කතා අයියා . සල්ලි වියදම් වෙනවට ලෝබකම නිසා . සීඩී කීපයකින් වැඩේ අඩු ගානකින් ගොඩ දාන්න වගේ ගදලා තියෙන්නේ .

    ReplyDelete
  14. කැම්පස් කාලේ පටන් තාම යාළු රතු පැත්තෙ ‍සහෝදරයෙක් මායි සුදු අප්පුහාමියි කසාද බැන්ඳම තෑගි දුන්නෙ ‘ෂැම්පේන් බකට්’ එකක්. මාර බුර්ජුවාසී තෑග්ගක්! සුදු අප්පුහාමි බොන්නෙ නැතිවට රතු සහෝදරයා නම් බොනවා. වාසය කරන්නෙත් ඔයා ඉන්න පැත්තෙ ම යි!!

    ReplyDelete
  15. @අළුත් කොල්ලා
    කැසට් කඩේ හොරා -ටොරානා ගහපු ගාන උඩින් ස්ටිකර් එකක් අලෝලා!

    ReplyDelete
  16. @සංජු
    මට චීන යාළුවෙක් මගේ නම චීන භාෂාවෙන් ලියලා දුන්නා දැන් අවුරුදු බර ගානකට කලින්. ඒක දැකපු වෙන චීනෙක් කිව්වා ඒ ලියලා තිබුණු විදිය මට හොඳ නෑ කියලා.

    ඔය කියන අරාබි පාඨයට එහෙම අවුලක් නෑනේ

    ReplyDelete
  17. @prasanna86k

    මං නං ලඟදී දැක්කා -
    - අපේ ගෙදර කබඩ් එකක් අස් කරන කොට!

    ReplyDelete
  18. @බුද්ධි
    මගේ නැන්දා කෙනෙක් එයාටම තෑග්ගල් අරං. ගෙයි ඇතුලේ තියන අලංකාර ප්‍රදර්ශක භාණ්ඩයක්.

    අවුරුදු ගානක් යනකං එයා ඒකේ මිල ගහලා තිබුණු ටැක් එක ගැලෙව්වේ නෑ.

    තාමත් ඇති මයෙ හිතේ!

    ReplyDelete
  19. @පොඩි කුමාරිහාමි
    අවසර ආයිබෝං, මේ මොනා ගැනද තමුන්නැහැ දොඩන්නේ, අප්පා?

    ReplyDelete
  20. @අපරාජිතයා
    මේ කියන කාලේ ලංකාවේඅන්තර්ජාලේ තිබුනේ කැම්පස්වල විතරයි මයෙ හිතේ!

    ReplyDelete
  21. @Praසන්ன
    මං දැක්කා ඇම්.පී.ත්‍රී. සියක් තියෙන සීඩී එකක් රුපියල් සීයයි!

    ReplyDelete
  22. @nawamamawatha

    අහලා බලලා ගෙදරට අවශ්‍යවෙන දෙයක් දෙන එක තමයි හොඳ!

    ReplyDelete
  23. දුකා
    වට් ෆො ටෙලින් (මොකට කියනවද?)

    "එකක් කඩතොළු වසා ගන්නට ගිහින් මට වුණු කාරියා
    දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියා!"

    ReplyDelete
  24. @සොඳුරු සිත
    ඔබේ තෑග්ගට ස්තුතියි! දැන් ඉතිං උත්තර දෙන්නත් එපායැ!

    මාත් ඔය සල්ලි වැඩේට සම්මාදම් වෙලා තියෙනවා ඉස්සර ජොබක් කල තැනක දී එතන කාකාස බැඳපු දවසෙදී.

    ReplyDelete
  25. @Observer

    සීඩී ටික අබේපාල මාමාට දීල එන්න නේ තිබුනේ!

    මං කෝච්චියට යන කාර් එක 1999 මොඩල් එකක්. ඒ දවස්වල ෆැක්ටරී ෆිටඩ් සීඩී තිබුනේ නෑ බේසික් මොඩල්ස්වල. මං හිතන්නේ 2005 දී විතර තමයිපටන් ගත්තේ.

    මට මතක විදියට 1996 දී පවා ඒසී ඔප්ෂනල් එක්ස්ට්‍රා එකක්!

    ReplyDelete
  26. @නදී
    මගුල් ගෙවල්වල දී සල්ලි දීම ගැන මේ කතාව බලන්න.

    http://kathandara.blogspot.com/2010/11/blog-post_17.html

    ReplyDelete
  27. @හිස් අහස

    මේ කියන කාලේ ඔයා කණිෂ්ඨ පාසලේ වෙන්න ඕනෑ!

    ඒ කාලේ අපි සැලකුවේ යාළුවෙකුට සල්ලි දෙන එක ලැජ්ජාවක් කියලයි. ගමේ තමයි ලියුං කවර තියලා තිබුනේ.

    මං කවදාවත් යාළුවෙකුගේ වෙඩිමකට සල්ලි දීලා නෑ.

    ReplyDelete
  28. @අරුණි

    මං හිතුවේ සුදු අප්පුහාමි රතු වයින් බොනවා, රතු සහෝදරයා සුදු ෂැම්පේන් බොනවා ඇති කියලයි!

    මං ඔය රතු සහෝදරයින්ට කිව්වේ (සුළු ධනේෂ්වර-පෙටි බුර්ෂුවා) කියලයි.

    අරුණි කොහෙමටත් ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ සුළු ධනේෂ්වර එකක් තමයි. ඒක නිර්ධන පන්තියේ කියලා අනුමාන කරලා ඒ මත වෙනත් දේ හිතීම තමයි වරද.

    හරියට මෙන්න මේක වගේ!
    http://kathandara.blogspot.com/2010/09/blog-post.html

    ReplyDelete
  29. මම නම් දෙන්නෙම සල්ලි... අනික් යාළුවොත් එහෙමයි. අනේ මන්ද අපේ පරම්පරාව හිතන හැටි වෙනස් වෙලා ඇති. (කතන්දර වයසයි කියලා අදහස් කලේ නෑ හොඳේ :ප්) අපේ ලොජික් එක සල්ලි දුන්නම උන්ට කැමති දෙයක් ගනිනේ කියන එක. අනික බැඳපු යාලුවෝ කියන්නේ වෙඩින් එකෙන් පස්සේ මාසේ දුවන්නේ හරි අමාරුවෙන් ඒක නිසා දෙනකොට සල්ලිම දියන් කියලයි.
    අර තෑග්ගක් දෙනවා වගේ personalized ගතියක් නෑ තමා. හැබැයි functional පැත්තෙන් සල්ලි හොඳයි මට නම්. හැබැයි මගේ යාලුවෙක් ඉන්නවා එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් අය්යා තුමා උපන් දිනේට දෙන්නෙත් සල්ලි හරි තෑගි වව්චර්. ඒවා නම් චාටර්. double standards ඇයි කියල අහන්න එපා... හික්

    ReplyDelete
  30. මමනම් බොහොම වෙලාවට දෙන්නෙ සල්ලි. ඒකත් ලස්සන කාඩ් එකක් අරගෙන ඒක ඇතුලෙ ලස්සනට මොනව හරි ලියල දාල.

    ReplyDelete
  31. හික්ස්ස්.හැබයි ඉතින් ජෝඩුවට අනාගතේදි උවමනා වෙන මොනවහරි දුන්න නං නේද හොඳ​?ඔය බ්‍රෝඩ් බෑන්ඩ් කනෙක්ශන් එකක් වගේ.....

    ReplyDelete
  32. එංගලන්තේ වගේ රටවල්වල නම් වෙඩින් එකට විෂ් කරපු කාඩ් එකක් ඇතුළේ සල්ලි දාලා දෙන සිරිතක් තමා තියෙන්නේ කියලා එහේ ඉදන් ආපු එක්කෙනෙක් කිව්වා.

    ReplyDelete
  33. @ amapurva
    @ vidulahasranga
    @ Lakshan Mclaren
    @ Hasitha

    ප්‍රතිචාරයට ස්තුතියි.

    ඒ දවස්වල අපි සැලකුවේ සල්ලි දෙන එක හරි නෑ, ඒක "ඇස්ටෝං" ගෙවල්වල කරන එකක් කියලයි.

    මේ කියන දවස්වල අද තියෙන දැනුම නෑනේ ළමයිනේ.

    නැත්තං ඔය ඩොංගල් එකක් වගේ එකක් අරං දෙන්න තිබුණා නේන්නං!

    ReplyDelete
  34. @All

    සියළු දෙනාටම ස්තුතියි.

    මේ සතියේ ඉඳලා සඳුදා, බදාදා, සිකුරාදා කියන ප්‍රධාන කතන්දරවලට අමතරව සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් දාන්න තීරණය කළා.

    එහි මුල් කොටස අද (අප්‍රියෙල් 24) උදේ හයට පළ කළා ඔන්න.

    කියවන්න සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා - ටීචිං කතන්දරයක්.
    http://kathandara.blogspot.com/2011/04/sunday-extra-sunday-extra.html

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.