Wednesday 26 January 2011

දුමින්ද ගේ එයාපෝට් ට්‍රිප් එක


අපේ දුමින්ද කියන්නේ එක විදියක පොරක්, ඒ කියන්නේ මං දන්න අඳුණන බොහෝ දෙනකුට වැඩිය වෙනස් ගති පැවතුම් තියෙන කෙනෙක්. අපිට ඉවෙන් වගේ තේරෙන සමහර දේවල් පොරට මීටර් වෙන්නේ ම නෑ.

ඒකට නම් හේතුව එක්කෝ පොර ඉන්දියාවෙ ඉගෙන ගත්තු නිසා හරි, නැත්තං සමාජ ආර්ථිකමය වශයෙන් දුමින්ද ගේ පවුල අපේ අනිත් කොල්ලන් ගේ පවුල්වලට වඩා පරම්පරාවක් ඉස්සරහින් හිටිය නිසා හරි වෙන්න ඕනෑ. බොහෝවිට ඔය කාරණා දෙකම නිසා, මයෙ හිතේ.

අර අරක්කු වානා කෝක් ඕනා කතන්දරේ, යුග දිවියක ගීතයක් කතන්දරේ හෙම ප්‍රධාන චරිතය වුනේ දුමින්ද තමයි.

ඔන්න අපි සේරම පස්තාච්චි කුපාඩි වැඩ කරන්න තායිලන්තේ ඉන්න කාලේ, විටින් විට ලංකාවට යනවනේ. සමහරු යනවා නිවාඩුවට,

සමහරු යනවා ගොවියන් කැමති කරවන්න (ඒක වෙනම ම කියන්න ඕනැ කතන්දරයක් -පස්සෙ දවසක බලමු), සමහරු යනවා මනමාලියෝ බලන්න, සමහරු යනවා කසාද බඳින්න.

ඔන්න ඉතිං දුමින්දත් ටිකක් මනමාල වැඩකට වගේ ලංකාවට යන්න සෙට් වුණා කියමුකෝ. අපේ කීප දෙනෙකුත් ගියා පොරව එයාපෝට් එකෙන් දාල එන්න. ඒක තමා සාමාන්‍ය සිරිත. ඉතිං ගිය අය කට්ටිය දුමියව එයාපෝට් එකේ දාල, බායි, බායි කියල ආපහු ආව.

ඒ ගිය යාළුවෙක් පහුවෙනිදා හවස කැෆටේරියා එකට යනකොට මෙන්න බොලේ දුමින්දයා ඉන්නවා ලු එතන ලොකූ කේක් කෑල්ලකුත් කකා.

"මින්ද, උඹ ගිහිල්ලත් ආවද බං මේ ඉක්මනට? අපි උඹව එයාපෝට් එකෙන් දාල ආවෙ මේ ඊයෙ රෑ නේද?"

කතාකරල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.

දුමින්දය, ලගේජ් චෙක් ඉන් කරල, එයාපෝට් එකේ ඇතුලට ගිහින් බැලින්නං තව පැයක් විතර තියෙනවලු ප්ලේන් එක යන්න. ඉතිං පොර කරල තියෙන්නේ තේ එකක් බොන්න යන එකයි.

සමහර විට තේ බොන අතරේ, ලොකු කේක් කෑල්ලක් කන්නත් ඇති. කොහොම හරි ඉතිං පොරට ඇහිල නෑ, ලාස්ට් කෝල් ෆෝ චෙකින් ඉන් එනවුන්ස් කරනව තියා, ඊලඟට දෙතුන් පාරක් ම පොරගේ නම ම කියල එනවුන්ස් කරනව වත්.

අන්තිමේ දි දුමින්දගේ බෑග් ටික එළියට ඇදල දාල, ප්ලේන් එක ගිහින් එයාගෙ ගමන කොළඹ බලා. බඩු පොදි බැඳගෙන, ඇඳ පැළද ගෙන ලක ලෑස්ති වෙලා ගිය දුමින්ද ගෙ එදා ට්‍රිප් එක එයාපෝට් එකට විතරක් සීමා වුණා.

හැබැයි ඉතිං අර මල් බිස්නස් අත හරින්න පුළුවන් යැ? දුමින්දය කොහොම හරි තව දවස් දෙක තුනකට පස්සේ ගියා ලංකාවට.

මේ පාරනම් ඇත්තටම ගියා...!!!

-කතන්දරකාරයා

ප/ලි
මේකනං ඇත්තටමපසුව ලියූවකි.

අමුතුවෙන් නොකිව්වාට, මේ දුමින්ද කියන නම මං දාපු නමක් මිස පොර ගේ ඇත්ත නම නෙමෙයි.

අනිත් දුමින්ද ලා - සොරි හොඳේ.

21 comments:

  1. දුමින්දයා ලංකාවට ගියා වගේ කියල එකක් එකතු කළා නේද කතන්දරත්...

    ReplyDelete
  2. ලංකාෙව් පුරුද්දට ඒෙහම ෙවන්න අැති.....

    ReplyDelete
  3. මම දන්න කියන අයියා කෙනෙක්නම් උදේ ෆ්ලයිට් එකට රෑ ගිහින් තිබ්බා :D

    ReplyDelete
  4. හපෝ ඔය ගුවන් ගමන් වරද්දා ගැනීම් ගැන නං ලියන්න දේ අනන්ත ඇති. ඔය පැය විසි හතරේ ඔර්ලෝසු වෙලාවත් ගොඩක් අය වරද්දා ගන්නවා නේද? දුමින්දට වෙච්චි වැඩේ දැනගත්තට පස්සෙ මල් බිස්නස් එකට මොකද දන්නෑ උනේ...

    ReplyDelete
  5. ඔය දුමියෝ ඔහොමම තමා... මිස් කර ගත්තොත් ඉතින් මිස් කරගන්නෙම ෆ්ලයිට් තමයි. මේ දුමියත් ඔහොම ෆ්ලයිට් දෙක තුනක්ම මිස් කරගෙන තියෙනවා හෝල් සේල් එකේ....! තනියෙමත් නෙමෙයි, මුළු පවුලත් එක්කම... එතකොට ඉතින් හරිම සනීපයි.....!

    ReplyDelete
  6. ඔය දුමියලා ඔක්කොටම චේන්ද කොහෙද?

    ReplyDelete
  7. එයා ලංකාවට ගිහින් කසාද බැඳලා එද්දි, මනමලි එයාර්-පෝර්ට් එකේ තියලා තනියම ආපු කතාව කතන්දර තාම කීවේ නෑනේද?

    ReplyDelete
  8. හපොයි! පොරනං නියම භාන්ඩයක් වගේ. හික්ස්...

    ReplyDelete
  9. ඕනැම තැනක යන්න ටිකට් එකක් දෙන්නම් කිව්ව නිසා කළින් ගිහිල්ලාත් ඒකෙ නොගිහින් පස්සෙ යන ප්ලේන් එකක ගියා ගොඩාක් ඉස්සර දවසක මම. නිකම් ලැබිච්ච ටිකට් එකෙන් යාළුවෝ බලන්න ගියා තවත් දවසක. ඒ ප්ලේන් වල සීට් ගණනට වඩා ටිකට් විකුණපු කාලේ. එනකම් බලා ඉන්න කවුරුත් නොහිටපු කාලේ.

    ReplyDelete
  10. කතන්දර නොකී කාරණාව තමයි යාළුවාට Airport Tax විදියට භාත් 500ක් දෙසැරයකදී ගෙවන්ට වීම. දැන් නම් ගැටළුවක් නැහැ, ටිකට් එකේ ගාණෙන් තමා අඩු වෙන්නෙ. ඒ කියන්නෙ කොච්චර සැරයක් එයා පෝර්ට් එකට ගියත් එක සැරයයි ටැක්ස් වෙන්නෙ. ඒ කාලෙ එහෙම නෙවෙයි. දැන් තියෙන ස්වර්ණභූමි එයාපෝර්ට් එක හදන්න කලින් තිබුණු එයාපෝර්ට් එකේදි මුදල් වලින් භාත් 500ක් ගෙවන්න වුණා.

    සමහරවිට මේ ආදි-කල්පික කථාන්තරයක් නිසා ගාණ භාත් 500ට අඩු වෙන්නත් ඇති!

    - Taboo

    ReplyDelete
  11. කාලේ හැටියට තාලේ කියලා අර පරණ "කෝච්චිය ගිහින්" කියන කතාව, "ප්ලේන් එක ගිහින්" කියලා වෙනස් කරගන්න පුළුවන් දැන්... නැද්ද?

    ReplyDelete
  12. මට පේන්නේ නිකං මේ කතාව, කතන්දර ලොක්කගෙම එකක් වගේයි.. අහිංසක දුමින්ද පිටින් දාලා කිව්වට... :D

    ReplyDelete
  13. එයාට කේක් කද්දි කන් ඇහෙනවා අඩුද?

    ReplyDelete
  14. මගෙ යාලුවෙක් තායිලන්තෙ ගියා සතියක විසිට් එකකට (මූට හෙන ඉබ්බ පාරක් වැදුනෙ). මම තමයි මූව එයාපෝර්ට් එකෙන් බැස්සුවෙ. මම හිතන්නෙ එයාපෝර්ට් එකේ ඉතිහාසෙටම මූ වෙන්න ඇති බයික් එකක එයාපෝර්ට් ගියපු එකා.
    හොද වෙලාවට එදා බුවාව බස්සන්න සැහෙන කලිං ගියේ . . . මූට කලින්ම වමනෙ ගිහින් මට්ටක්කුලියෙ ඩිස්පැන්සරියකින් මූට සේලයින් එකකුත් දෙන්න උනා . . . .
    කොහොම හරි ඇවරිවත්තෙ හෝටලේකින් චොකලට් බිස්කට් පැකට් 2කුයි . . . වතුර බෝතලේකුයි අරගෙන තමා රට ගියේ (මගදි කන්න වෙන්න ඇති කියල තමයි අනිත් උං කිව්වෙ . . . හැබැයි ඌ ඒ ගැන කිසිම ප්‍රසිද්ද ප්‍රකාශයක් නිකුත් කලේ නෑ)

    ReplyDelete
  15. මගේ කමෙන්ට එකට මොකද වුනේ?

    ReplyDelete
  16. අපේ යාලුවෙක්, එයාගේ නම් පලවෙනි අහස් යාත්තර ගමන,1980 ගණන් වල මුල හරියේ,මැද පෙරදිග ජොබ් එකකට යන්න යනකොට මේක වෙලා තියෙන්නේ.
    දන්නවනේද අර මුහුණ පිහදගන්න දෙන රෝල් කරපු ටිෂු එක.මු පැන් කේක් එකක් කියල හිතල ඒක කන්න පටන් අරන්.

    ReplyDelete
  17. මම නම් හිතන්නෙ ඕක දුමින්ද කියන නමේ වැ‍රැද්ද වෙන ඕනෙ

    ReplyDelete
  18. දුමින්ද යා හිතුවද දන්නෙනෑ මූ හිටියෙ ලංකාවෙ train station එකක කියලා

    ReplyDelete
  19. කථාව නෙමෙයි බොලO රසවත්...කොමෙන්ටු පොලු ටික....හික්

    මුල්ම සැරේ අහස් යානේ යද්දි මාර සොමි නේද? වලාකුළු පහතට පේනකොට එහෙම......

    කිව්වත් වගේ දුමියට කේක් අනුභයෙදි කන් ඇහෙන්නෙ නැහැ වගේ නේද? හීක් හික් හික්

    ReplyDelete
  20. මමනම් හිතන්නෙ අර ලොකු කේක් කෑල්ලෙ තමා පරක්කු වෙන්න හේතුව තියෙන්නෙ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.