Thursday 23 December 2010

ලෝක වාර්තාවක් තැබූ කෙටිම ලව් එෆෙයාර් එක ලංකාවෙන්...!!! World record shortest love affair - set in Sri Lanka


සාමාන්‍යයෙන් සලකල බලමු සාමාන්‍ය ලව් එෆෙයාර් එකක් ඇරඹෙන සාමාන්‍ය විදිය.

ඔන්න කොල්ලෙක් දකිනව කෙල්ලෙක්ව. පොඩි අදහසක් පහල වෙනව. ටිකක් වටේ කැරකෙනව. හිනාවෙන්න, කතා කරන්න හදනව. ඔහොම ගිහින් අන්තිමේදි අහනව. කෙල්ල දෙන තීරණය අනුව වැඩේ 50% ඉඳල 100% දක්වා යන නොඑන එක තීරණය වෙනව.

වැඩේ 100% වුනා කියන්නේ ලව් එක ඔෆීෂියලි ඇරඹුණා කියන එකයි.

ඒ සාමාන්‍ය කතන්දරේ එක එක අදියරවලදී පොඩි පොඩි වේරියේෂන්ස් වෙන්න පුළුවන්. ඒ වෙනසකම් එක්ක එන කම්බිනේෂන්ස්, පර්මියුටේෂන්ස් සේරම ගණං කලොත් සාමාන්‍ය ලව් ස්ටෝරීස් දාස් ගානක ආකෘති ලැබෙයි.

එයින් තුන හතරක් අසාමාන්‍ය ඒවා වේවි.

සමහරු ලව් කරන්නේ එක පාරයි. ඒ මුල්ම ලව් ප්‍රොජෙක්ට් එක ඉවරවෙන්නේ කසාද බැඳලා. පස්සෙන් පහු දරු මල්ලො ලැබිල, නාකි වෙලා, මිය පරලොව යනකං මහා දීර්ඝ කාලයක් ඒ වගේ ප්‍රේම සම්බන්ධ පවතිනවා වෙන්න පුළුවනි. ඒ වගේ දීර්ඝතම ලව් එෆෙයාර්ස් ගැන නම් ඉතිං ලෝකේ වාර්තා අපමණයි.

අද මං මේ කියන්න යන්නේ මං දන්න කෙටිම කෙටි ප්‍රේම සම්බන්ධය හෙවත් ලව් එෆෙයාර් එක ගැනයි. මේක තමයි තාමත් ලෝක වාර්තාව උසුලන්නේ, මං හිතන විදියට.

ඔන්න අපි දන්න කියන පොරක් හිටිය. කෙල්ලන් ගේ හිත යන පිං පාට හැන්ඩි කොල්ලෙක්. සිකුර ඔළුවට ගහල ඔන්න ටික කාලෙකින්ම කෙල්ලෙක් ගැන අදහසක් ඇතිකර ගත්ත. වටින් පිටින් විපරම් කරල, පණිවිඩ ඇරල ඔන්න ටිකක් තත්වය පොසිටිව් වගේ තේරුණා කියමුකෝ.

පොර මොන ආකාරෙකින් හරි ප්‍රශ්ණය ඇහැව්ව, කෙල්ල කැමති වුණා කියලයි අපිට ආරංචි වුනේ.

කොහොම හරි ඉතිං ඔන්න පොර හා හා පුරා කියල කෙල්ලව බලන්න එයා ඉන්න නේවාසිකාගාරයට එකට යන්න පිටත් වුණා.

මෙන්න බොලේ හැරෙන තැපෑලෙන් පොර ආපහු එනවා.

"මොකද මචං ගිය පයින් ම ආපහු?"

ම්හු! නෝ කතා, නෝ සිනා.

පස්සෙ ආරංචි වෙව්ව විදියට මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නෙ.

කෙල්ල බලන්න ගිහිං දෙන්න කතාකරන්න නේවාසිකාගාරයේ බංකුවක වාඩි වෙච්ච ගමං, පොර ඇහැව්වලු කෙල්ල ගෙන් මෙන්න මෙහෙම.

"ඉතිං මට කියන්න බලන්න ඇයි ඔයා මට කැමති වුනේ?"

කෙල්ල ගත් කටටම කිව්වලු මෙන්න මෙහෙම.

"කවුද ඉතිං ඔයාට කැමති වුනේ?"

ලෝක වාර්තාගත කෙටිම ප්‍රේම සම්බන්ධයේ ආරම්භය සහ අවසානය අන්න එහෙමයි වුනේ!

-කතන්දරකාරයා

ප/ලි
මේ වාර්තාව බිඳින්න පුළුවන් ලව් ස්ටෝරීස් හෙම කවුරු හරි දන්නවද?

23 comments:

  1. මේ සිද්ධියේ වැඩ කරලා තියෙංනේ 50% යි. ඒ කියංනේ කොල්ලගේ 50% විතරයි. කෙල්ලගේ 50% OK වෙලා නෑ. වැඩේ හරිගියා කියලා කොල්ලා කිව්වට love affair එකක් වෙලා නැහැ. කොල්ලා ඉක්මං වෙලා. ඒකයි කෙලවගෙන තියෙංනේ.

    ReplyDelete
  2. මම දන්නව ලෝකයේ කෙටිම සුරංගනා කතාව,

    ඔන්න කතන්දරකාරයා අහගන්න.

    "ඔන්න එකෝමත් එක රටක කුමාරයෙකුයි කුමාරියකුයි ජීවත් වුනාළු. කුමාරය කුමාරිගෙන් කැමතිද කියල ඇහුවළු. කුමාරි බැහැ කිව්වළු. ඊට පස්සේ කුමාරය සතුටින් ජීවත් උනාළු. එච්චරයි."

    ReplyDelete
  3. මේ සිද්ධිය පැහැදිළි කරන්න ජීව විද්‍යාවටම යා යුතුයි.

    මිනිසා විතරක් නෙවෙයි බොහෝ ජීවීන් අතර දැකිය හැකි දෙයක් තමයි පිරිමි සතාගේ සංවාස ඇරැයුම (mating/courting call) ගැහැණු සතා විසින් එක එල්ලේම පිළි නොගැනීම, කොයි තරම් කැමැත්තක් තිබුණත්. මීට පරිණාමීය හේතුවක් තියෙනවා. තීරණය වැරැදි නම් පිරිමි සතා විසින් ගෙවිය යුතු වන්දිය මිනිත්තු කිහිපයක මිහිර අහිමි වීම පමණයි . අනෙක් පැත්තෙන් වැරැදි තීරණයක් නිසා ගැහැණු සතා විසින් ගෙවිය යුතු වන්දිය විශාලයි. (අනවශ්‍ය ගැබක් හා රකින්ට තවත් ජීවියෙක්) මේ නිසා තමයි ඇත්තටම සහකරු දීර්ඝකාලීන සම්බන්ධතාවයක් ගෙන යන්ට තරම් සීරියස්ද කියලා ටෙස්ට් කරන්ට මේ අවිඥානක උපාය යෙදෙන්නේ.

    මෙහිදී වන්නේ සීරියස් නැති එකා (ඒ කියන්නෙ අරමුණ ක්ෂණික මිහිරක් විතරක් පතන්නා) හැලී යන අතර සීරියස් එකා මේ fake rejection එක නොතකා දිගටම උත්සාහ කිරීම. එසේ දිගටම තට්ටු කරන්නන් බොහෝ දෙනෙකුට යම් අවස්ථාවක දොර හැරෙන බව කතන්දර නම් අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඒක නොදන්නා එකා ඉතින් fake rejection එකත් ඇත්තට ගන්නවා.

    මේ පැහැදිළි කිරීම මගෙන් නොවේ ඩෙස්මන්ඩ් මොරිස් ගෙන්. The Naked Woman හි ප්‍රස්තාවනාව ඔහු අවසන් කරන්නේ මෙහෙම.

    I only wish that, when I was eighteen, I had known all that I know now – about the complexity of female form.

    - Taboo

    ReplyDelete
    Replies
    1. මම එක පාරක් එකදිගට අවුරුදු නවයක් තට්‍ටු කලා සහෝදරයා... ම්ම්හු හරිගියේ නැහැ තාමත් අදාල ගැහැනු ලමයා මගෙ හොඳම යාලුවෙක් විතරයි

      Delete
  4. ෂැක්......
    පොර වැඩේ අනාගෙන නේ...
    අනවශ්‍ය ප්‍රශ්නයක් මොකට ඈහුව ද මන්දා.........
    හිහ්....

    ReplyDelete
  5. මීට වඩා කෙටි කථාවක් මම දාලා තියෙනවා මම හිතන්නේ.... මේකෙ අන්තිම කතාව බලන්න කසූ.....
    http://tikakhinawenna.blogspot.com/2010/08/blog-post_21.html

    ReplyDelete
  6. මං හිතන්නේ කෙටිම එක මනමේ කුමාරි හා වැද්දා අතර ඇතිවූ එක වෙන්න ඕන. අර වලේ පින්තූරෙ දැක්ක ගමන් මට මතකයට එන්නෙම මනමේ කතාව....

    ReplyDelete
  7. 'ඉතිං කවුද ඔයාට කැමතිවුනේ' කියල කෙල්ල කියපු හැටිය ආපහු හැරිල ආපු එක හොදයි..

    ReplyDelete
  8. අපි තරුන කාලෙ යාලුවො සෙට් එකක් සිරීපාදෙ නගින අතරෙ මහන්සි අරින්න නැවතුන තැනකදි වුන දෙයක් මේ.අපේ යාලුවෙක් ලස්සන කෙල්ලෙකුට බැල්ම දානව,කෙල්ලත් හොඳට ඇහැ දෙනව.යාලුව කොහොම හරි ෂේප් එකේ කෙල්ලට ඇඞ්රස් එක දෙනව.ඒ කාලෙ මොබයිල් පෝන්,ඊමේල් කියන ඒව පහල වෙලා නැහැ.කෙල්ලගෙ ඇඞ්රස් එක දෙන්න කෙල්ල ටිකක් හොරයි වගෙත් අපිට තේරෙනව.හැබැයි කෙල්ලගෙ අම්ම කසුකුසුවෙන් "දීපන් දීපන්" කියනව වගෙත් තේරෙනව.අන්තිමට කොහොම හරි කෙල්ලත් එයාගෙ ඇඞ්රස් එක දුන්න.ඊට පස්සෙයි තේරුනේ කෙල්ල ඇඞ්රස් එක දෙන්න හොර වුනේ මොකද කියල.කුප්පියවත්තෙ (අර චොප්පෙ,මදාවි සෝමෙ එහෙම හිටිය පැත්ත,-ක.කා.හොඳට දන්නව ඔය පලාත) ලිපිනයක්,ධාවනයෙන් ඉවත් කල ලොරියක අංකයක් තමයි ගෙදර අංකය.

    ReplyDelete
  9. අනිත් එක, දැං ඔතැන වලේ පින්තූරයක් දැම්මෙ කෙල්ල හිල්ඩා ඔබේසේකර එකේ හිටිය කියන්නද? සංඝමිත්තා එකේ හිටිය කියන්නද?

    - Taboo

    ReplyDelete
  10. මම නම් දන්නවා ඔරිජිනල් කෙටිම ලව් ස්ටෝරිය....

    අපේ යාළුවෙක් හිටියා..ඌට ආදර හිතන් පහල වුනා...කෙල්ලත් කැමතියි වගේ..ඉතිං පොර ගිහින් ඇහුවා.කෙල්ලත් හා කිව්වා...
    ඔය වෙලාවේම කෙල්ලගේ අයියා ආවා නෙවැ දුෂ්ටයා වෙලා...කොල්ලට ගුටි කන්න ඕනි නැතිනම් ඔක දැන්ම නවත්වනන් කිව්වා...කෙල්ලගේ අයියාගේ හැටි දන්න හන්දා වැඩේ එවලෙම නැවැත්තුවා...
    කොහොම හරි ඒ ලව් ස්ටෝරියට විනාඩි පහක්වත් නෑ...අඩුතරමේ ෆස්ට් කිස් එකවත් දෙන්න බැරිවුනානේ...අපරා‍දේ...හික්ස්....

    ReplyDelete
  11. අනවශ්ය ප්‍රශ්න අහන්න හොද නැ...

    මිනිහට කියන්න තිබුනෙ
    "එකනෙ මාත් මෙ බඋනෙ" කියල කියන්නයි...

    මම මුලින්ම ඔක අහල කියුවෙ

    කැමතිනම් හා කියන්න නැත්නම් එත් හාකියන්න කියල....

    එයත් එහෙමම කලා... මාස 11කට පස්සෙ දන්නෙ 2වෙනි හා 1ක කියල...

    ReplyDelete
  12. නිවැරදි කිරිමක්
    බඋනෙ නෙමෙයි බය උනෙ

    ReplyDelete
  13. හෆොයි! පව් අසරණයා..

    ReplyDelete
  14. කොල්ලා චාටර් නොවී ආපු එක මදැයි

    ReplyDelete
  15. කෙටිම "ආදරකතාව" තියෙන්නේ මකුලුවට කියලයි මංනම් අහල තියෙන්නේ.

    ReplyDelete
  16. චාටර් නොවී නෙවෙයි හොද චාටර් එකක් කාලා වගෙයි කොල්ල අවිත් තියෙන්නෙ.. :D

    ReplyDelete
  17. ඇරඹුමම කඳුළක් වෙලා
    මා බලා ඉද්දි ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    කියල කසුන් කල්හාර කීවේ ඒකද ?


    අගේ කිරීම කෙල්ලන්ගෙ ගතියක් කියල අහල ඇතිනේ... ඉතින් ඒ ගැන නොදන්න අහිංසක කොල්ලෙක් තමයි මේ...

    විශ්ව විද්‍යාල ජීවිතයට පා තැබීමත් සමඟම දෙමාපිය බැම්ම ලිහිල් වීමත් ඒ හිස් වන සම්බන්ධතාව පිරවීමේ ක්‍රමයක් ලෙසත් එතරම්ම බලවත් තවත් බැම්මක් ඇති කර ගැනීමට තරුණ සිත පෙළඹෙනවා.

    අලුත් යුගල බැම්මක් ඇති කර ගැනීමට මෙය ප්‍රමාණවත් වුනත් , එය පවත්වා ගැනීම සඳහා අතිරේක ආධාර ලැබිය යුතු වෙනවා.පවුලක් ඇති වීමේ දීර්ඝ ක්‍රියාවලිය සඳහා ප්‍රමාණවත් වන තරම් කාලයක් එය පැවතීමත් , එතරම් කාලයක් දෙදෙනා ආදරයෙන් බැඳී සිටීමත් අවශයයි.

    දීර්ඝ වූත් , ප්‍රියජනක වූත් එකිනෙකා හඳුනා ගැනීමේ කාලයක් ඇති කිරීමෙන් මෙය ඉටු කර ගත හැකි වුවද,ඉන් පසුව එයට වැඩි යමක් අවශය වෙයි.මේ සඳහා සරලම විසඳුම වන්නේ හවුල් කටයුතු වඩා සංකිර්ණ කිරිම සහ ප්‍රිය ජනක කිරිමයි. ( ඒවා ඉතින් විශ්ව විද්‍යාල වන සිදු වෙනව නොව )

    අනික කොල්ල මොනා හරි විෆශ්ෂ දෙයක් අරන් ගියානම් ඔය අකමැති කියන අය උඩින්ම කැමති වෙන්නත් තිබ්බ..

    චොක්ලට්
    රෝස මලක් වගේ දෙයක් ...

    ReplyDelete
  18. @ Bee/ මී මැස්සි...

    ඔන්න ඇත්තම කිව්වා...අර කිව්වත් වගේ රත්තරන් මාලයක් අරන් ගියානම් අර කෙල්ල උඩින්ම කැමති වෙයි...ඔන්න කෙල්ලන්ගේ ඇත්ත තත්වේ....
    කවුරු වුනත් දැන් හරි පහදලා දුන්නු එක ගැන සංතෝසයි....

    ReplyDelete
  19. අයියෝ..... අපේ එකෙක් කෙල්ල කැමතියි කිව්ව වෙලාවෙ වැඩේ අතඇරල දැම්මෙ... උපරිම විනාඩි 5ක් තියෙන්න ඇති....

    ReplyDelete
  20. @All
    සියළු දෙනාගේම ප්‍රතිචාරවලට ස්තුතියි.

    හසියා ගේ සහ අභීත ගේ කතා මං ලියූ කතන්දයට වඩා කෙටි ලව් එෆෙයාර්ස් බව පෙනේ.

    ටැබූට-වලේ ෆොටෝ එකක් දැම්මේ කතන්දරේ තියෙන කෙල්ල බැලීමට යන ගමන සහ ගිය පයින් ම ආපසු ගමන ඒ අසලින් සිදුවූ නිසයි.

    ප්‍රීතිමත් නිවාඩු සමයක් වේවා!

    ඒත් කතන්දර බ්ලොහ් එක නිරතුරු අප්ඩේට් වෙනු ඇත.

    ReplyDelete
  21. patta
    api copy kara gaththata aulak naddooooooooooooo

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.