Monday 15 November 2010

රාමකුමරා ගේ කපුටුපුක


කළබල වෙන්න කාරියක් නෑ. මේ කුණුහරුප කතන්දරයක් හෙම නෙමේ. මේක අපි හුඟදෙනෙක් පොඩි කාලේ, තුනේ පන්තියේදී විතර, අහල, දැකල, ලියල, බලල, ඉගෙන ගත්තු දෙයක්.

සමමිතිකත්වය ලස්සන බවේ මූලික පදනමනේ. අපි ලස්සනයි කියන හුඟ දෙනෙකුගේ මුහුණ හිතන්න බැරි තරමට සමමිතිකයි. පේනවානේ ඔය ෆොටෝ එක!

ඒ එක්කම, හොඳට බලන්න ඔය උඩ මාතෘකාවේ තියෙන වචන දෙකත් සමමිතික ඒවා.

රාමකුමරා
කපුටුපුක

අන්තිම අකුරේ ඉඳලා ආපස්සට කියවන කොට තියෙන්නෙත් එකම වචනයමයි.

මේ වගේ සිංහල වචන තව තියෙන්නේ කීපයයි. මේ මං දන්න ඒවා.

සවස
තාත්තා
කටක
සරස
වඩුමඩුව
රතුවතුර

තවත් තියෙනව නං ලියල යන්න.

-කතන්දරකාරයා

ඉංගිරිසියෙත් මේ වගේ වචන තියෙනවා. ඒ වගේම දිග වාක්‍යත් හදල තියෙනවා, දෙපැත්තේම ඉඳන් කියවන්න පුළුවන් ආකාරයේ. ඒවට කියන්නේ මං හිතන විදියට පැලින්ඩ්‍රෝම් කියලයි.

මෙන්න ඒවායින් කීපයක්.

eye
racecar
civic
kayak
level
madam
Malayalam
radar
refer
reviver
rotator
rotor
stats

මේ වාක්‍ය කණ්ඩ බලන්න.

Do geese see God
Was it Eliot's toilet I saw
Murder for a jar of red rum
Some men interpret nine memos
Never odd or even.

27 comments:

  1. මේකත් කියවලා බලන්න . ඉංගිරිසියේ මෙකට හරියන එකක් තියනවද මන්දා !.

    "වැව්වල වේලිවල විල්වල ලුල්ලු
    වෑවල වෙලේ වී වැව්වලු වාල්ලු"

    ReplyDelete
  2. Able was I ere I saw Elba

    ReplyDelete
    Replies
    1. ඕකේ තේරුම මොකක්ද?

      Delete
  3. මගෙත් යළුවෙක් ඉන්නවා symmetric මූණක් තියෙන. ඔය කඩ්ඩ වචන සෙට් එකනම් වැරදිලාවත් දැකල නෑනේ සමමිතිකයි කියලා.
    කතන්දරට හිටපු ගමන් සමමිතිය මතක් වුනේ මොකෝ....

    ReplyDelete
  4. ඇයි *ජලජ* එතකොට *සුදුසු* තව කඩ්ඩ වචනයක් තියනව ලියන්නම් මුකුත් හිතන්න එපා හොඳේ......... *boob* ;)

    ReplyDelete
  5. Able was I ere I saw Elba

    මේක අපේ නෑපෝලියන් බොනපාට් අයියා හිර කරන්න එල්බා දුපතට අරන් යද්දි කිව්ව කතාවක්. දෑන් හිතෙනවා මොන්ත ක්‍රිස්තො පොත් ටික ආයෙ කියෙව්ව නම් හොදයි කියලා

    ReplyDelete
  6. යටිතැටිය

    ReplyDelete
  7. පල්ප, කල්ක, වටුතටුව, සවනවස (හයවැනි වර්ෂය ), දන්හැන්ද, වරුමාරුව, ලුලාමලාලු, දෝනිඕනිදෝ, කරගොඩගොරක, පලාකඩකලාප

    ReplyDelete
  8. යකඩ කය
    රතු වතුර
    රතු යතුර
    වඩු මඩුව

    ReplyDelete
  9. වඩුවා

    ReplyDelete
  10. ක.කාට​ මේ වගේ ව​චන සෙට් එකක් ඕන උනානේද පොඩි එකෙකුට කියල දෙන්න.. මාර මාකටින් පාරක් නේ දීලා තියෙන්නේ..

    ReplyDelete
  11. From this site:

    Jim Saxe was perhaps the first person to put a cat in the canal.

    A man, a plan, a cat, a canal; Panama!
    -- Jim Saxe, plan file @ CMU, 9 October 1983

    Guy Jacobson added several items later that year.

    A man, a plan, a cat, a ham, a yak, a yam, a hat, a canal--Panama!
    -- Guy Jacobson, plan file @ CMU late 1983

    Guy's palindrome appears on page 127 of Common Lisp, the Language (page 170 of the 2nd edition). The 2nd edition of Common Lisp, the Language also contains the remarkable:

    A man, a plan, a canoe, pasta, heros, rajahs, a coloratura, maps, snipe, percale, macaroni, a gag, a banana bag, a tan, a tag, a banana bag again (or a camel), a crepe, pins, Spam, a rut, a Rolo, cash, a jar, sore hats, a peon, a canal--Panama!

    Hafoyi.

    ReplyDelete
  12. සුමුසු, සිසි, සහස, රුසිරු, රුහිරු, යතිය, මාලිමා (?)

    ReplyDelete
  13. Serendipity:
    Peter Piper picked a peck of pickled peppers.
    A peck of pickled peppers Peter Piper picked.
    If Peter Piper picked a peck of pickled peppers,
    Where's the peck of pickled peppers Peter Piper picked?

    ReplyDelete
  14. පාරාදීසයේ සිටි සුරූපිනිය දුටු 'ආදම්' (Adam), දුවගෙන ගිහින් තමාව හඳුන්වා දුන්නාලු:
    "Madam I am Adam" කියලා.

    ඒක අහපු 'ඒවා'(Eve) කිව්වාලු:
    "Name no one man!"

    ඕක තිබුනේ "Ripley's believe it or not" පොතේයි. ඔය වාක්‍ය කණ්ඩ දෙකම ආපස්සට කියවන්න පුළුවන්.

    ReplyDelete
  15. මේ පිටුවේ ඉහළින්ම "Serendipity" දක්වලා තියෙන ප්‍රතිචාරයටත් යමක් කියන්න හිතුනා.

    මා දන්නා තරමින් ඉංග්‍රිසි බසින් ඕකට කියන්නේ "tongue twister" කියලයි.
    උදා:
    Five fat funny Frenchmen flew from France to Florida.
    Sugar sacks should be shaken soundly.

    තව ඔය වගේ පුන පුනා යෙදෙන ශබ්ද රටා තියෙනවා, "aliteration", "consonance" කියලා

    (Serendipityට උත්තර බඳින්න ටැග කරන හැටි දන්නේ නැහැ )

    ReplyDelete
  16. වැඩක් නැති වෙලාවක මේ ලිපිය ගැන මතක් කර කර ඉන්නකොට අනුන් ගැනහිතපු ඔයාල ඔක්කොටම තමන්ව අමතක වෙලා කියල මට එක පාරටම මතක් උනා. ඒ කිව්වෙ තව සරල වචනයක් ඔයාලට මගහැරිලා. මටත් ඉතින් දැන් මතක් උනේ. ඇයි අනේ *මම* හි හි හී

    ReplyDelete
  17. @All
    සමමිතික වචන, වාක්‍ය කණ්ඩ වලට කෂ්ටිය ගොඩක් කැමතියි වගේ.

    ලසස්සන මූණූවලටත්, සමනලුන්ටත්, මල්වලටත් අපේ කැමැත්ත තීරය වෙන්නේ සමමිතිකත්වය අනුවය කියලා මං කොහේදෝ අසා තිබුණා.

    සියළු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
  18. @ serendipity
    @ ඇමෙරිකන් හෙළයා

    Tongue twisters ගැන මේ කතන්දරය සහ ප්‍රතිචාර බලන්න.

    http://kathandara.blogspot.com/2010/02/blog-post_18.html

    ReplyDelete
  19. Singer එක register කරල තියෙන්නෙ Regnis කියලා.

    ReplyDelete
  20. කපුගේගේපුක

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.