Friday 9 May 2014

ජේමිස් පැකර් කේස් එකේ වගේ ගෑණියි මිනිහයි විරසක වුණාම යාළුවෝ එක පැත්තක් ගන්න එක හරි ද? - Till death do them apart!


මේ කතන්දරේ (ඇත්තටම කතන්දර කීපයක්ම තියෙනවා මෙතන) සිහියට ආවේ මේ ඊයේ පෙරේදා අර ලංකාව ගලවා ගන්න එනවාය කියන දේවදුතයා වෙන ජේමිස් පැකර් ගොයියා දාවිත් ගින්ජල් කියන හාදයෙක් එක්ක කළාය කියන ගුස්ති පොරය ගැන ආරංචිය කණ වැටුණු වෙලේයි.

ජේමිස් සහ දාවිත් දෙන්නා ගජ යාළුවෝ ලු මේ වෙනකල් ම. කොටින්ම මුං දෙන්නාම තමයි මුං දෙන්නා ගේ දෙවෙන මනමාලයෝ විදියට ඉඳලා තියෙන්නේත්.

නමුත් දෙන්නා මේ මෑතකදී විරසක වුණා. ඒකට හේතුව ලෙස සැලකෙන්නේ ජේමිසා තමන්ගේ බිරිඳව දික්කසාද කිරීම යි. දැන් පොර ඊට වඩා තරුණ, රූමත් නිරූපිකාවක් එක්ක සෙට් වෙලා ලු.

මෙතනදී වෙලා තියෙන්නේ ජේමිසා ගේ දෙවෙනි මනමාලයා වෙච්ච දාවිතා තම මිතුරා ගේ හිටපු ගෑණි ගේ පැත්ත ගැනීමයි.

මේ වගේම පොඩි කේස් දෙකකට විතර මටත් මූණ දෙන්න වෙලා තියෙනවා.

එකක දී ගෑණියි මිනිහයි දෙන්නා වෙන් වුණා. මං මෙතන අඳුණන්නේ මිනිහාවයි, පස්සේ තමයි වයිෆරේව අඳුණා ගත්තේ.

අපි නං මේ දෙන්නා එක්කම හිතවත් තාමත්. නමුත් දුර බැහැර නිසා වැඩි ඇසුරක් වෙන්නේ නෑ. දුරකතනයෙන් කතා කරනවා. හැබැයි දෙන්නාටම එක දවසේ පාටියකට හෙම ආරාධනා කරනවාද කියන එක නම් හිතලා බලන්න වෙනවා.

දෙවෙනි කේස් එකේදී, මටත් තවත් පොදු යාළුවෝ කී දෙනෙකුටත් තේරුණා අපේ පොරකුයි, උගේ වයිෆරෙයි අතර පොඩි අවුලක් තියෙන බව.

අපේ ප්‍රශ්ණය වුනේ දැන් අපි කාගේ පැත්තද ගන්නේ කියන එකයි.

මෙතනදී මං අනිත් උන්ට කීවේ උන් දෙන්නාගේ ප්‍රශ්ණ උන් විසඳා ගනියි, නමුත් දෙන්නාම අපේ යාළුවෝ නිසා, දෙන්නා වෙන් වුණත් ඊට පස්සේ දෙන්නාටම මගේ ගෙදර නම් විවෘතයි කියලායි.

අපේ අනිත් උන් නම් ඒකට එකඟ වුණේ නෑ කියලයි මට හිතුණේ. මොනවා වුණත් මේ කපල් එක නම් තමත් එක වහලක් යට ඉන්නවා.

ඊයේ පෙරේදා ගුවන් ගමනක් යද්දී කාළෙකට පස්සේ මට බලන්න ලැබුණු "කර්බ් යුවර් එන්තූසියැසම්" සීරීස් එකේ එක එපිසෝඩ් එකකත් මේ වගේ කතාවක් තිබුණා. එතනදීත් මිනිහා ගේ මිතුරන් හුඟ දෙනෙක් ගන්නේ ගෑණි ගේ පැත්තයි.

සිදුහත් ශාඛ්‍ය තමන්ගේ කසාද ගැණිව දාලා ගිය කේස් එකේදීත් අපි හුඟ දෙනෙක් ගන්නේ මිනිහ ගේ පැත්තනේ. ඒක නම් ඉතිං බුදු බැතිය කියලා හිතන්න පුළුවනි.

ඒත් මංතුමා නම් මේ කේස් එකේදීත් නිව්ට්‍රල්ව තමයි ඉන්නේ.

-කතන්දරකාරයා

(image: http://www.thebuddhism.net/books/our-gautama-buddhas-life/part-1/)

91 comments:

  1. මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර අනුමත නොකෙරෙනු ඇත.

    ReplyDelete
  2. කකා කකාගේ ගෑනිව දාලා ගියොත් අපිත් නිව්ට්‍රල්ව තමයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අනෙක් අතට ගෑනි කකාව දාල ගියත් අපි නියුට්‍රල්. හැබැයි හිත යටින් අපටත් තේරෙනවා කකා වගේ කෙනෙක් එක්ක ඉන්න ගෑනියෙකුට ලේසි නෑ කියලා.

      Delete
  3. කකා, මේ දවස් වල බ්ලොක්ගල්කාරයෝ පොදු අපේක්ෂකයෙක් හොයනවනේ. ඒත් අපි නං අපේ සොන්න නායකතුමා විදියට පිළිගන්නේ අතිගරු වලතර මැතිතුමා. ආයුබෝවේවා සොන්නයානෙනි!

    මේ තියෙන්නේ සොන්න නායකතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

    සොන්න නායකතුමාගේ පෝස්ටරයක්

    සොන්නතුමාගේ යූ ටියුබ් චැනලයට මෙතනින් යන්න.

    මෙන්න මෙතනින් තව විස්තර බල ගන්න,

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ ජී,

      ඔය ස්කර්වි සොන්නයා මොකෙක්ද බං අපේ "කැපිටල් දෝස්ත්ගේ" ආතල් එක්ක බැලුවම?
      ඌ තමයි මචෝ ලොවෙත් ට්‍රොලර්!!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  4. තාම ලංකාවෙද ඔබ....?
    මමත් ඔබ විදියට තමයි....
    හැබැයි සිදුහත් සිං එකේදි මං ගෑනිගෙ සයිඩ්.....

    ReplyDelete
    Replies
    1. යශෝධරා වගේ පෙරුම් පුරපු මනුස්සයෙක්ට ගෑණි කියන්න එපා පව් සිද්ධ වෙනවා. :(

      Delete
    2. හැටේ වත්තෙ යසෝදරාත් පෙරුම් පුරලා මාට්ටුවෙලා..ආන් දැන් මහ උළු ගෙදර. (උන්දැනම් පවුලේ නඩත්තුවට කීයක් හරි හොයාගන්න යි “පෙරල“ තියෙන්නෙ)

      Delete
    3. @ මාමා ජී,

      අනිවා!!!! අපේ මාමා ජීයි, ආන්ටි ඉමෙල්ඩා ජීයි අතර තොයිලයක් ගියොත් මම නම් කරන්නේ මාමා ජී යනකම් ඉඳලා ආන්ටි ජීගේ පැත්ත ගන්නවා!!!!!
      ගෙදරටත් ඇරලවනවා!!!!!! හික්Z!!!!!1

      (එතකොට "ආන්ටි ඉමෙල්ඩා" නෙක්ස්ට් එපිසොඩ් එක මම ජීගේ ගානේ!!!!! කොහොමත් හුඟක් ෆිල්ම් සීරීස්වල එහෙමනේ අප්ප!!!! තුන්වෙනි ෆිල්ම් එකෙන් පස්සෙ අලුත් කෙනෙක් එනවා!!!!! හරියට Spider man movie එක වගේ)

      @ අපූර්වී දීදී,

      අච්චා!!! අච්චා........!!!!!!

      (බෙල් පෙපර් හදන්න නොදැන හිටියට, හික්z!) යශෝධරාවිය කියන්නේ ලෝකේ පහල වෙච්ච උතුම්ම කාන්තාවක් නේන්නම්!!!!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    4. @ අපූර්වී.. පික්ෂුද අනේ....ඔය අපේ සුමිත් මල්ලි කියල තියෙන්නෙ යසෝධරා කෙනෙක් "පෙරල"හිරේ කියල...

      @ ක පි .....හෙහ්...හෙහ්....

      Delete
  5. කකා , මේ මගේ අත්දැකීමක්.

    කෙල්ලයි කොල්ලයි දෙන්නම අපේ හොඳම බොක්කවල් .. ෆැමිලි පිටින් මෙහෙ ඉන්නේ.. මුන් දෙන්න සෙට් උනා.අපි අක්මාවෙන්ම සපෝට් !!!

    හතර පාරක් මරාගත්තා.. වැඳල වගේ සෙට්ල් කරා.
    මේ පස්වෙනි පාර .. අන්තිම මොහොත.
    හැන්දෑවක කට්ටිය එකතු උනා..
    එනවා කෝල් එකක් මූට.. ටිකක්වෙලා කුටු කුටු ගෑවා.
    " පාස් කරන්ඩ ලඟ ඉන්න කාටහරි..ආ පත්තර මල්ලිද..අනේ අරයට කියන්න මාව එක්කයන්න එන්න කියලා..මට පොරොන්දු වෙල හිටියෙ එනවමයි කියලා"

    මම - ඉඳා .. කියපං දැං එනව කියලා..ලයින් එකේ ඉන්නෙ ඇහෙනව ඔක්කොම..

    xxxx - බෑ .. මං උඹල එක්ක බොන්න ඉන්නවා..!!!!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඊට පස්සේ මොකද උනේ.ඔයාලා මහ පුදුම යාළුවොනේ මල්ලි,

      Delete
    2. @ පත්තර මල්ලී භයියා,

      ඔය ඇඟෑලුම් කම නම් අතේ දුරින්ම තියාගන්න අයියන්ඩියේ!!!!!!!!!!

      @අපූර්වී දීදී,

      ඊට පස්සේ ස්පයිඩර් මෑනුයි සුපර් මෑනුයි හොරු ඔක්කොම ටික අල්ල ගත්තාලු!!!!!!!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. අපෝ මුන්නෝ ඔයා හොද නැහැ සැරින් සැරේ එනවා යනවා.

      Delete
    4. @අපූර්වී දීදී,

      මේ දවස්වල සැහෙන්න බිසී අක්කණ්ඩියේ!!!!!!

      කොහෙ හිටියත් මම ජී මගේ ඔන්ලයින් ෆැමිලි එක දිහා බලාගෙනමයි ඉන්නේ!!!!!

      ද්වසක මම ජී ආයෙමත් එනවා එදා වගේම!!! කාවා ජීත් ඒවි!!!!

      එතකම්,

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. හ්ම්.k මුන්නෝ

      Delete
    6. අපූර්වි මචං..
      මොනා කරන්ඩද බං.ආයෙ අපිට රෙද්දක් ඇදං ගිහෑකියැ ඒකි ළඟට,උගෙ කරුමේ.. සම්බන්ධෙ ෆිනීතො!!!!!


      මල්ලි ජී
      80% බලනවා..ලබන පාර අම්ම හරි තාත්ත හරි එක්ක වර .

      Delete
    7. @පත්තර මල්ලී භයියා,

      ????????????????????

      තේරුනේ නෑ නෙව!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  6. දෙන්නම යාළුවො වුනත් එයාලගේ ප්‍රශ්ණ වලට මැදිහත් නොවී ඉන්න එක හොඳයි කියලයි මාත් හිතන්නේ...

    ReplyDelete
  7. මම නං ඕවයේදි කෝමත් නිව්ට්‍රල්. නිකං පරිප්පු කන්න ඕනයැ..

    ReplyDelete
  8. නිව්ට්‍රල් වෙන එක හොඳයි , එකෙක්ගේ පැත්ත ගත්තට පස්සේ වැරදිලාවත් අරුන් දෙන්නා ආපහු සෙට් වුනොත් ....?

    ReplyDelete
  9. සිදුහත් කුමාරයගෙ කතාව පොත් වල ලියවිල තියෙන හැටියට නං මම ගන්නෙ යසෝදරාගෙ පැත්ත.. ඇයි වදේ... ළමයෙකුත් එක්ක ගෑනියෙක් දාලා ගියාම, රජ මාලිගාවක හිටිය උනත් මිනිහගෙ රැකවරණය නැති උනාම, කොහොමද ගෑනියෙක් ඉවසන්නෙ.. ඒ මදිවට මෙලෝ දෙයක් කියන්නෙත් නැතුව, කිසිම වෝනිං එකකුත් නැතුව පැදුරටත් හොරෙන් පැනලා ගියාම....

    ඒ උනට අනිත් පැත්තට මට හිතෙන්නෙ ඔය කතාව ලිව්වෙ පිරිමියෙක් වෙන්න ඕනෙ හින්ද ( උපකල්පනයක් පමණී.. ගෑණුන්ට අකුරු ඉගැන්නුවෙ නෑ නේ බමුණො... ) ගෑණුන්ගෙ හැඟීම් දැනීම් ගැන මෙලෝ ගානක් නැති සමාජයකදි ඔය කතාව ඔයිට වඩා වෙනස් විදියකට ලියවෙන්න බෑ කියල...

    අද කාලේ කේස් වලදිත් මං සාමාන්‍යයෙන් ගන්නෙ ගෑණිගෙ පැත්ත හෝ දරුවොන්ගෙ පැත්ත තමයි... ගෑණියෙක්ට මේ සමා‌ෙජ් තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් නැති හින්ද... දරුවොන්ට අම්ම තාත්ත දෙන්නෙක් ඕනෙ හින්ද...

    ReplyDelete
    Replies
    1. //ළමයෙකුත් එක්ක ගෑනියෙක් දාලා ගියාම, රජ මාලිගාවක හිටිය උනත් මිනිහගෙ රැකවරණය නැති උනාම, කොහොමද ගෑනියෙක් ඉවසන්නෙ.//

      මං හිතන විදියට යශෝධරා කියන්නේ අපි වගේ සාමන්‍ය ගැහැණු කෙනෙක් නෙමේ, එයා පෙරුම් පුරපු පිංවන්ත කෙනෙක්. වෙස්සන්තර කතාවේ බෝසතානන් දරුවෝ දෙන්නම දන් දුන්නත් ඒ භවයේ යශෝදරා ඒක අමාරුවෙන් විද දර ගත්තා මිසක් ද්වේශ කලේ නැහැ..බෝසතාණන්ගේ දාන පාරමිතාව සම්පුර්ණ කරන්න උදව් කළා විතරයි. " පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දීලා ගියේ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රාජා " එහෙම සින්දුවක් අපේ මිනිස්සු හැදුවට . යශෝදරා දුක් වෙන්න නැතුව ඇති. යශෝදරා වතේ තියෙන්නේ මෙහෙම

      කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
      මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
      අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
      ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා.......

      ඒ වගේම යශෝදරා වැඩි ආයුෂක් විඳපු කෙනෙක් නෙමේ මගේ මතකේ හැටියට. ( මේවා මිනිස්සු ගොතපුවද මං දන්නේ නැහැ ඒත් ඒ මගේ විශ්වාසය මේවා ඇත්ත )

      Delete
    2. ඔයා හරි ඇති... ඒත් මට එහෙම හිතෙන්නෙ නෑ... මම හිනත්නෙ සිදුහත් සහ යසෝදරා කියන්නෙ දෙවියෝ හෝ වෙන අසාමන්‍ය අය නෙවෙයි සාමාන්‍ය මිනිස්සු කියල.. සාමාන්‍ය මිනිස්සුන්ගෙ හැඟීම් කියන ජාතිය මහා වැඩි වෙනසක් නෑ එදා‌ සහ අද කියල...

      අපි ඉතිං එක එකාට ඔය වගේ දේවල් ගැන එක එක විදියට හිතෙනවනෙ.. හි හි...

      Delete
    3. @ හිරු& ඔමා.....බුදුවුනේ පස්සෙනේ.....දාලා ගියේ ඉස්සෙල්ලානේ. මම යශෝධරා ගැන හිතන්නේ මිනිහෙක් විසින් නොසලකා හරින ලද ගැහැනියක් ගැන දකින කෝණයෙන්. එහෙම අනුමත කරන්න පුළුවන් වැඩක්ද...සසර කල කිරීම, බුදු වෙන්න පෙරුම් පිරීම...යශෝධරා දැණගෙන හිටියේ නැහැනේ. දැණගෙන හිටියත් ඒක දරුවෙක් ඉන්න කසාද ජෝඩුවකට ගලපන්නේ මොන පදනමින්ද...(නොකියා පලා යෑම )

      Delete
    4. නෙරංජ සමග එකයි....

      Delete
    5. අපි කාගෙ පැත්ත ගත්තත් යසෝදරා ගත්තෙ සිදුහත් කුමාරයාගෙ පැත්ත නේද?

      Delete
    6. අරූ අයියගේ අදහස ඒක ඒත් ඒ අදහසට මං නම් චුට්ටක්වත් එකඟ නැහැ. "බුදු වුණේ පස්සෙනේ " මේ කීම දැක්කම හිනා ගියා. අහන්න එපා ඇයි කියලා. එකිනෙකා හැමදේම තම තමන්ට හිතෙන දැනෙන විදියට දැකපුවාවේ හිතපුවාවේ.තම තමාගේ හිත් අයිති තම තමන්ට. ජය වේවා.

      Delete
    7. අපුර්වී , මනුෂ්‍ය ගතියක් තියෙනවා ...
      හොරෙක් හැම වෙලේම වගේ හිතන්නේ අනිත් උනුත් හොරු කියල .. කොහේ ගියත් තමන්ගේ දේ ගැන විමසිල්ලෙන් ඉන්නේ

      කාමුක සල්ලාලයෙක් හිතන්නේ දකින දකින එකට අනින හැටි ගැනයි. එහෙම නොකරන උන් *න්නයෝ. මෙනිහගේ ගෑනි ගැන මිනිහ හරි විමසිලිමත්.

      පන්චකාම ගොහොරුවේ කරවටක් ගැලිල ගෑනි ළමයි වටකරගෙන ඉන්න ඒකම ජිවිතේ මිනිහ හිතන්නේ ඒක තමයි මිනිහෙක් ට කරන්න තියෙන එකම සහ ලොකුම දේ කියල. එහෙම නොකරන මිනිස්සුන් ගේ ක්‍රියාවන් ඒ මිනිහට අවබෝධ කරගන්න බැහැ වගේම ඒ ක්‍රියා වලට හිනා වෙන්නත් මිනිහ දක්ෂයි.

      දකින අසන හැම මිනිහම , හැම ක්‍රියාවක්ම තමන්ගේ චුටි හිතේ , චුටි ලෝකයේ චුටි මට්ටන් පොලු තියල මනින්න හදන එක චුටි මිනිහෙක් ගේ ලක්ෂණයක්. එහෙම චුටි අයගේ චුටි වැඩ ගැන කලබල වෙන්න එපා.

      Delete
    8. @ මහසොහොන්......මම හිතුවා උඹ මේ ලඟ ලඟම ඇති කියලා......

      Delete
    9. ස්තුතී පිල්ලී .
      අරූ අයියත් ඉදලානේ ළගම :)

      Delete
    10. පණ වාගේ රජ දේවි හඬවා තියා
      හිතුවාද හොර රහසෙ යාවී කියා
      නොබලාම අර පුංචි කුමරා දිහා
      කුමරා දිහා

      අසු ගංගා තීරේදි හැපිලා මළා
      රජ ගෙයම අමු සොහොන වාගේ වෙලා

      "පිළිගන්න බෑ ගෑණු කියනා කතා
      කියනා කතා"

      - කරුණාරත්න අබේසේකර.

      Delete
    11. ළමය හම්බුවෙච්චි දවසෙ රෑ සැමිය ගෙදරින් ගිහින්. මොන මොන කතා හැදෙන්න ඇතිද?

      අවුරුදු දෙදාස් ගානක් ගිහින් අපි තාම ඔය ගැන වාද කරනව.

      Delete
    12. අරූ ඉතින් තරහ නෑ නේ ... :)

      ඉන්දික , අපි මේසන් බාස් ල වගේ වර්තමාන සමාජයේ මට්ටන් පොලු තියල අතීත සමාජයක , වෙනම රටක ජිවත් වුන , වෙනම අදහස් තිබුණු මිනිස්සුන්ගේ ක්‍රියාවල් මනින්න හදන එක මට නම් පේන්නේ ඉතාම ලාමක අඳබාල ක්‍රියාවක් ලෙසින්.

      හරියට ඇමරිකාවේ මිනිස්සු ලාංකික හෝ ඉන්දියානු සමාජයේ තිබෙන ඇරෙන්ජ් මැරේජ් කියන කොන්සේප්ට් එක ඔලුව වන වන අවබෝධ කරගන්න අසාර්ථක උත්සාහයක් ගන්නවා වගේ. අපේ සමාජයත් එක්ක බද්ධ වෙලා තිබෙන ඒක ලොකු , කොම්ප්ලිකෙටඩ් දෙයක් වගේ අපිට නොපෙනුනත් ඔවුන් ට එක අවබෝධ කරගැනීමට දුෂ්කර ඒලියන් කොන්සේප්ට් එකක්.

      සිධාර්ථ ගෞතම කුමාරයා ගිහිගෙයින් නික්ම යන වසර 2500 කට පෙර තිබුණු ඉන්දියානු සමාජයේ මනුෂ්‍ය අදහස් , සිතුම් පැතුම් , ක්‍රියාකාරකම් සහ එම චරිත ගැන ගැඹුරු අද්‍යයනයක් නොකර අන්දය කිරේ පාට කියනවා වගේ අවස්ථා විස්තර කිරීම ඉතාම අනුචිතයි නේද ?

      උදාහරණයක් විදියට මෑතක් වෙන තුරුම විමුක්තිය උදෙසා සියල්ල අත ඇර දාල සාධු වරයෙක් වෙන එක ඉන්දියානු සමාජයේ අනුමත කල , අගය කල දෙයක්. ඒ මිනිස්සුන්ගේ ස්ත්‍රිය සහ දරුවන් රැක බලා ගැනීම සහෝදර සහෝදරියන් මගින් සිදුවුනා.

      කාමුක ගාන්ධර්වයෝ ෂොට් එකක් දාගෙන තමන්ගේ මට්ටන් පොල්ලෙන් මේ චරිත මැනලා ලියන , කියන කවි ගායනා සැබෑ ලෙස ගැනීමත් ඒවගේම අනුචිතයි නේද ?

      Delete
    13. @මහ සොහොන්......////අරූ ඉතින් තරහ නෑ නේ ... :)////

      පිස්සුද බන්....මට අපේ අම්මා, වයිෆ් එහෙම බණිනවා මගේ සමහර අදහස් වලට. ඒත් ඉතින් බන් මට හිතෙන දේ එපැයි කියන්න.

      Delete
    14. මහ සොහොන්,

      ඒ කාලෙ බුදුන්ට අපහාස කරන්න චිංචි මාණවිකාව සුන්දරී පරිබ්‍රාජිකාව වගේ අය යොදා ගත්තු කතාන්තර වලින් බොහොම පැහැදිලියි පුද්ගල අපහාස සඳහා මානව සම්භන්ධතා යොදාගැනීමේ වර්ථමාන ක්‍රමය එදා බොහොම ඉහලින් තිබුනු බවට.

      ඉතින් එහෙම සමාජයක රටේ රජුගෙ පුත් කුමාරය විවාහවෙලා ගිහි ගෙය හැරපියා මහරෑ පළා යාම රසවත් පුවතක් නොවුනා කියන්න ඔබට වෙනත් සාධක තියෙනවද?

      ඒ එක්කම බහුතර සම්මතය වෙච්චි මිනිසුන් දරුවන් හැරපියා තපසට යාම සිද්ධ උනේ සාමාන්‍යයෙන් මැදි වයසෙදි. තරුණ වියේ බිරිඳ හැරපියා එහෙම තපසට ( බුදු සරණ නොවේ ) ගිය වෙන අවස්ථා ඔබට පුලුවන්ද සමකාලීන ඉතිහාසෙන් පෙන්වන්න?

      //කාමුක ගාන්ධර්වයෝ ෂොට් එකක් දාගෙන තමන්ගේ මට්ටන් පොල්ලෙන් මේ චරිත මැනලා ලියන , කියන කවි ගායනා සැබෑ ලෙස ගැනීමත් ඒවගේම අනුචිතයි නේද //

      මෙතනදි මම උත්සාහ කලේ සාමාන්‍යෙන් අන අය නොදකින පැත්තක් මේ රචකය මතුකර ඇතිබව පෙන්වන්නයි. ඒ එක්කම අමතක කරන්න එපා සිදුහත් ඒ අන්තිම රාත්‍රියෙත් කාමුක නාටිකාංගනාවන්ගෙ නැටුම් බලලයි නිදන්න ගියෙ කියල.

      ඒ වගේම ඔබ මොන පදනමින්ද අදාල රචකය මේ පද ලිව්වෙ බීල ඉන්දැත්ද්දි කියල කියන්නෙ?

      Delete
    15. "පුද්ගල අපහාස සඳහා මානව සම්භන්ධතා යොදාගැනීම" ඕනෑම කාලෙක ඕනෑම කෙනෙක්ට කල හැකියි. එසේනම් ඔබ මේ කරන්න උත්සාහ කලෙත් පුද්ගල අපහාසයක්ද ? චී!! :D

      සිධාර්තයන් බුදු බව ලබන්නේ සමාජයේ ඉතාමත් තද ආගමික ප්‍රබෝධයක් තිබුණු කාලයක. සමකාලීනව තමන් බුදුන් කියාගත්ත තවත් ශාස්තෘන් 6 දෙනෙක් සිටියා. මොවුන්ට ලක්ෂ සංක්යාත පැවිදි ශ්‍රාවකයන් සිටියා වගේම තවත් ලක්ෂ සන්ක්‍යාවක් ඍෂි , සන්යාසි පැවිද්ද ලබා ලබා විමුක්තියක් ලබාගැනීමට මහන්සි ගනිමින් සිටියා. ඔබ තර්ක ආකාරයට මේ සියල්ලන්ම හැට පැනපු , බිරිඳ මිය ගිය , දරුවන් නැති මහල්ලන් ලෙස සැලකීම විහිළුවක්.

      අනිත් කාරණය එකල ඉන්දීය සමාජයේ පිරිමි දරුවෙකුගේ වයස 12-15 වනවිටම වයස 8 - 12 ස්ත්‍රී දරුවෙකු සමග විවාහ දීම වුනා. එම නිසා පරිබ්‍රාජක , ඍෂි , සන්යාසි පැවිද්ද ලැබූ තරුණයන් සියල්ලන්ම පාහේ බිරිඳ හැර පැවිදි වුවන් ලෙස සැලකීම ප්‍රඥා ගෝචරයි.

      "තරුණ වියේ බිරිඳ හැරපියා එහෙම තපසට ( බුදු සරණ නොවේ ) ගිය වෙන අවස්ථා"
      1. ජයින ආගමේ ශාස්තෘ නාථ පුත්‍ර
      2. උපතිස්ස සහ කෝලිය දෙදෙනා ප්‍රථමයෙන් සංජය පරිබ්‍රජකයාගේ සිසුන් වශයෙන්
      3. මහා කාශ්‍යප තෙරුන් සහ බිරිඳ ගිහි කල පරිබ්‍රාජක පැවිද්දෙන් පැවිදි වීම
      4. මෑත ඉතිහාසයේදී ගිහි ගෙයි සිටියදීම බිරිඳ අතහැරි අවස්ථා - ගාන්ධී , ලහිරි මහාසාය
      බෞද්ධ ඉතිහාසය සම්බන්ද පොත්පත් වල සඳහන් වන්නේ බුද්ධ ශාසනයේ පැවිදි වූ පිරිස ගැන විස්තර පමණි. අන් සාස්තෘ ශාසන වල පවිදිවුවන්ගේ විස්තර සොයාගැනීමට ඒ ශාසන සම්බන්ධ පොත් පරිශීලනය කල යුතුව ඇත. එසේ සොයා බැලුව හොත් නම් ඕන තරං සොයාගැනීමට අපහසු නොවන බව වගකීමෙන් කියාසිටිමි.
      ජිවත්ව සිටින ස්ථානය අනුව මේ පොත් පත් ලබාගැනීමේ දුෂ්කරතාවයක් ඇත. එම නිසා තවත් නම් මතකයෙන් දීම අපහසුයි.

      "සාමාන්‍යෙන් අන අය නොදකින පැත්තක්" කියා කියා සිතට එන ඕනෑම බහුබුතයක් ලියන්නා මෙන්ම එය දොහොත් මුදුනේ තබා පිළිගන්නා තැනැත්තාද මෝඩයන් වේ. මැලේසියානු යානය මැඩගස්කර් කාටුන් වල සිටින පෙන්ගුවින්ස් ලා විසින් පැහැරගෙන එය මැඩගස්කර් වෙත ධාවනය කර ඇති බවත්, ඇලේක්ස් ඇතුළු පිරිස දැන් එහි සාදයක් පවත්වන බවටත් මට කිව හැක. එය සාමාන්‍යයෙන් අන් අය නොදකින කෝණයකින් බැලීමකි. වෙනත් කෝණයකින් බැලු පමණකින් එය සත්‍යයක් ලෙස ගැනීම විහිළුවකි . එම තර්කය , එම දෘෂ්ටි කෝණය කෙතරම් ඩම්බ් දැයි සිතා ගැනීම ඔබට බාරයි.

      Delete
    16. @ඉන්දික,

      මහසොහොන් පිල්ලිය වගේ 'සියල්ල දත්' පුද්ගලයින් සමඟ වාදයට ගිහින් උඹේ වටිනා කාලය නාස්ති කර ගන්න එපා. උඹ මොනවා කිව්වත් වැරදියි. එයා ඔක්කෝම දන්නවනෙ. ඉතින් එයාට එහෙමම හිතා ගන්න දීලා උඹේ වැඩක් බලාගෙන ඉඳපන්. ඔය වගේ ඩයල් සමාජයේ ඕනැතරම් ඉන්නවා. අර විචාරක කියන පොරත් ඒ වගේම එකෙක්. උන් කියන එක විතරයි හරි. අනෙක් ඔක්කෝම වැරදියි. මේ වඩේ එවුන්ට ඉතින් අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නම් මට පේන්නෙ නෑ. මාර ලොකුවට තමන් ගැන හිතාගෙන ඉන්නවා. අන්තිමේදි අර කෙහෙල් ගහ වගේ තමයි පතුරු ඇරියාම දෙයක් නෑ.

      Delete
    17. ^_^

      ඇනෝ මචං මම සියල්ල දන්නවා නං මෙතන කොට කොට ඉන්නේ නැනේ බං. සාකච්චා විදියක් තියෙනවා නේ. බ්ලොග් ලෝකයේ තියෙන හැම මාතෘකාවක් ගැනම මම කතා කරන්න යන්නේ නැහැ නේ. (උදාහරණයක් විදියට ඉන්දික බිල්ඩින් හදන හැටි ගැන ලිව්වම මම එතෙන්ට හොට දාල නොදන්නා දේවල් දන්නවා වගේ පෙන්නන්න ගියේ නෑ නේ. විචාරක සිංහල උගන්නන්න ගියාම මම ඒකට හොට දැම්මෙත් නැහැ නේ. ඔව්ව මම නොදන්නා දේවල්. මම නොදන්නා සබ්ජෙක්ට් තව කෝටි ගානක් තියෙනවා. වැඩේ මම දන්නවා මම නොදන්නා බව. ඔබ ඔබ සම්බන්ධයෙන් ඒ බව නොදන්නා හැඩයි ) ඒ නිසා මම දන්නා දේ ගැන විතරක් ලියනවා.

      ඉන්දික උදාහරණ එක්ක මොනවා හරි පෙන්වල දෙනවා නං එකට මම විරුද්ද වෙනවා කිව්වේ නැහැ නේ. මම පෙන්වල දුන්න කාරනා වලට ප්‍රතිපක්ෂව යමක් ඔබ පෙන්වල දුන්නේත් නැහැ නේ. එහෙම තියෙද්දී මෙහෙම කියන එක නාකයි කියල කියන්න කැමතියි.

      Delete
    18. ඉන්දික සහ මහසොහොන් = ඔය දෙන්නගෙම කොමෙන්ට් හරිම තර්කානුකූලයි. මං නම් එතරම් ගැඹුරට බුද්ධාගම දන්නේ නැහැ. උපතින් බුද්ධාගමේ උණත් විෂයක් විදියට ඉගෙනගෙන නැති නිසා. මෑතක ඉදලා තමයි බුදුන්වහ්සේ දේශනාකරපු සුත්‍ර දේශනා කියවන්න ඉගෙනගන්න පටන් ගත්තේ. ඒ වලින් ජීවිතේට ගන්න තියෙන ආදර්ශ බොහොමයි. කාගේවත් මතයක් විවේචනය කරන අදහසින් නෙමේ කොමෙන්ට් කලේ. යමක් කියන්න ඕනේ කියලා හිතට දැනිච්ච නිසා. මහසොහොන් ඔයා සහ ඉන්දික අයියගේ අදහස් එකිනෙක නොගැලපුනත් ඔය දෙන්නම බුද්ධිමත් අය. බොරුවට ඇනෝ කොමෙන්ට් දාන අයට වඩා. ස්තුති

      Delete
    19. අනේ අපූර්වී ඔයයි මායි දන්න තර්ක. වැඩක් නැත්නම් ඔය ටී. වී. එකේ යන මොනවා හරි බලාගෙන ඉන්න විහිළුවක් නොවී.

      Delete
    20. හා ඔයා කියනකල් තමයි හිටියේ

      Delete
  10. මාත් නියුට්‍රල්. ඔයවගේ සීන් එකක් මටත් වුනා. හැබැයි මේ වෙනකොට යාළුකම තියෙන්නෙ ‍මගේ මිත්‍රය එක්ක විතරයි. එයාගෙ නෝන එක්ක තිබුන සම්බන්ධය කාලයත් එක්ක අඩුවෙලා ගියා. දැං නං නැත්තට නැති ගානයි.

    ReplyDelete
    Replies
    1. /එයාගෙ නෝන එක්ක තිබුන සම්බන්ධය කාලයත් එක්ක අඩුවෙලා ගියා. දැං නං නැත්තට නැති ගානයි./

      අනුන්ගෙ ගෑනු එක්ක සම්බන්ධකම් තියා ගත්තත් ඒවා මේ විදිහට ප්‍රසිද්ධියේ කියන්න ඕනැද රාජ්? වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් කරන දේවල්ද මේවා?

      Delete
    2. වෙලාවට.... නැත්තන් තවත් දරු පවුලක් අනාතයි..

      Delete
    3. හෙහ් හෙහ් හෙහ්......... ඔහේල හරි විහිළු කරන්නෙ. මට ලැජ්ජත් හිතුන.

      Delete
  11. (මාද ඇතුළු) ඇනෝ කමියුනිටි එකට නම් ඕවා ප්‍රශ්න නෙවෙයි කකා. අපි ඉවෙන් වගේ දන්නවා ගන්න ඕනැ පැත්ත. දැන් බලන්න ඉන්දික-අභීත කුප්‍රකට වලියේදී අපි ඔක්කෝම (සාකච්ඡාවක් වත් නොපවත්වා, ඡන්දයක් නොවිමසා) ඉන්දිකගේ පැත්ත ගත්තා. ඇයි ඒ? කතා කරන හැටියෙන්ම අපට පේනවා අභීතයා හොරා ඉන්දිකයා අහිංසකයා කියලා. දැන් අපි ඒක උන් දෙන්නගෙ අභ්‍යන්තර ප්‍රශ්නයක් උන් දෙන්න ඒක විසඳ ගත්තාවෙ, අපි දෙන්නටම එක විදිහට සලකනවා කියලා හිටියා නම් මොකද වෙන්නෙ? අර අහිංසක ඉන්දිකයා විඳවන එක. ප්‍රොෆයිල් පවත්වා ගන්න කරදර වෙන්න ඕනැ නැති නිසා ඇනෝලා හැමවිටම හිතට එකඟව අවංකව තමයි පැත්තක් ගත්තොත් ගන්නෙ. ඒකයි ඔය බ්ලොග් අවකාශෙ පල් හොරුන්ට ඇනෝලව පෙන්නන්න බැරි.

    ReplyDelete
    Replies
    1. පල් හොරු විතරද... ඇයි බොරු කාරයින්ට... මිත්‍යාව වපුරලා සල්ලි ගරන උන්ට.... බඩුකාරයින්ට.... තෙල් බේත් රාලලාට.... ඇමරිකන් පුරවැසියන්ට.. ඇනෝලාව පේන්න බැරි ඒකයි.....

      එක පාරක් මේකෙ ඇවිල්ලා සුදීකයා ඩොස් පචයක් ඇරපු වෙලාවෙ උගේ සීන් එක චා කරා කියලා ඇනෝලගෙ අම්මලටත් බැන්නා...

      Delete
    2. අර හොර වෙදෙකුත් පොඩි ට්‍රයි එකක් දුන්නා කීයක් හරි ගරා ගන්න. ඌත් කුජීත වෙලා ගියා ගියාමයි. කේන්දරකාරයො නම් දැන් කටක් අරින්නෙ නෑ. ඇනෝලා නොහිටිය නම් මුන් මේ වෙනකොට කේන්දර බලලාම තට්ටු ගෙවල් හදලා මේකෙ ඉන්න ගොන් නාම්බො ටිකයි එළදෙන්නු ටිකයි අන්දගෙන.

      Delete
  12. දෙන්න දෙමාල්ලන්නෙ ප්‍රශ්න වලට නොපැටලවී ඉන්නෙක තමා හොද.. නැත්තං අපි කාගෙ පැත්ත ගත්තත් අන්තිමේට වැරැද්ද එන්නෙ අපිට

    ReplyDelete
  13. අනුන්ගෙ දේවල් වලට හොට නොදා ඉන්නෙක තමා වඩාත්ම හොඳ. ඒක අපි හැමෝගෙම ඇඟට ගුණයි.

    ReplyDelete
    Replies
    1. අනුන්ගෙ දේවල් වලට හොට නොදා ඉන්නම බැරි නම් ඇනෝ ගිහින් ඒක කරන්න කියන එකත් ඒ වගේම හොඳ ආදුරුසයක්.

      Delete
    2. ඔව් ඒක තමන්ගෙ ඇඟට ගුණයි.

      Delete
  14. මම නම් ඉන්නේ සිද්ධාර්ත ගෞතමගේ පැත්තේ. මොකෝ එයාගේ පරපුර දෙන ආතල් හොලිවුඩ් බොලිවුඩ් වල ඉන්න උන්ටවත් දෙන්න බෑ. මගේ ප්‍රියතම නළුවෝ ඇවිත් ඒ පරපුරේ අය.

    ReplyDelete
    Replies
    1. ඔවු උඹ අනිවාර්යෙන් ඒ පැත්ත ගන්න එපැය. සිද්ධාර්ථ එහෙම ගියේ නැත්තං බුද්ධ සාසනෙත් නැ. සාසනේ නැත්තං පන්සලුත් නැ. පන්සල් නැත්තං සුද්දෝ රට වටේ අරන් ගිහින් පෙන්නන්නේ උඹගේ අහවල් එකද. එහෙම උනා නම් බොට රස්සාවත් නැ. ගෙදර උන්ට කන්ඩ වෙන්නේ උඹ හැම වෙලාවේම කබල් ගාන වැනසෙයි සීයාගේ බක් ෆියට් එකයි තමා

      Delete
  15. අපේ ගමේ කොල්ලෙක් හිටිය. මූට තහනමක් පැනවුනා බදින්ඩ එපැයි කියල. ඒත් ඒව ගණන් ගන්නැතුව ගෙදර උන් මොකද කරේ කෙල්ලක් හොයල බන්දල දුන්නා. බදින්ඩ එපාය කිව්වෙ වෙන කවුරුවත් නෙමේ දොස්තරල. මොකද මිනිහට වකුගඩු අමාරුව කියල. අනිව අවුරුදු 2න් මැරෙනව කියල. අන්තිමට මොකද වුනේ සිවු මාසෙක බඩකුත් තියාන ගෑනි වැන්දඹුවක් වුණා. කාගෙද වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. පොරගේ වකුගඩු තමයි වැරදි

      Delete
    2. දැන් ගෑනි බඩ වුණේ පොරගෙ වකුගඩු හන්දද නැත්නම් වෙන මොකක් හරි හන්දද?

      Delete
  16. "ඔච්චර කොමිශන් 1ක් දුන්නට පස්සෙ කැසිනෝ 1 හදන්න සල්ලි හොයන්නෙ කොහෙන්ද යකෝ" යාලු කමට කිව්වෙ...ඔන්න ඔය කතාව තමයි ගුටි කෙලියට හේතුව

    ReplyDelete
  17. මම මේ තාම ගන්න පැත්ත ගැන කල්පනා කරනව

    ReplyDelete
    Replies
    1. කල්පනා කරන්න දෙයක් නෑ... අපි දන්නවා ඕනය කවදත් පස්ස පැත්ත ගන්න මනාපයි කියලා....

      Delete
    2. ආන්න ඔයාට වැටහුනා

      Delete
    3. කාලක් දෙනවනම් ඉතින් ඕනය කවදත් ඒ පැත්තෙ.... නැත්නම් ඉතින් බස් රේඩියෝ එකේ හොරු සමග හෙළුවෙන් වැඩසටහනට අර අභීතය ගෙන්නාවි යෑ.......

      Delete
  18. මං නම් ඔය වගේ දේකට මුණ දෙන්න උනොත් උන් දෙන්න ලග ඉද්දි එක පත්තක්වත් ගන්නේ නැහැ. එක්කෙනක් විතරක් ඉද්දි අරයගෙ වැරදි නොකියා හොද දේවල් කියනවා.කවදා හරි ඒ දෙන්නා තීරණය කරලා වෙන් වුනත් අපේ හිත් අපිට දොස් නොකියාවී.

    ReplyDelete
    Replies
    1. @අපූර්වී දීදී,

      ඕකේ ඔච්චරටම කල්පනා කරන්න දෙයක් නෑ අක්කේ!!!!!!

      සාමාන්‍යයෙන්, අඹුසැමියෝ අතර රන්ඩු ඇතිවෙන්නේ ප්‍රශ්න නිසානේ!!!!!!!!!

      ඉතින් ඒ වගේ සීන්කෝන්වලට මහෞෂද ටයිප් සොලුශන්න් එකක් කියන්නම්!!!!

      මුලින්ම හොඬ්හ්වැයින් බෙල් පෙපර් සලාද දීසියකුත් අරන් ඒ දෙන්නව මුනගැහෙන්න යන්න!!!!!

      ඔයාගේ ඉස්සරහම ඒ ප්ලේට් එක හිස් කරන්න කියන්න!!!!!! (මොනම හේතුවක් නිසාවත් අතරමග නවත්තන ඔට්ටු නෑ)

      බෙල්පෙපර් කෑලි උගුරෙන් බහිනකොට, "මෙව්වත් එක්ක බලද්දි අපේ ප්‍රශ්න මොනාද?" දෙන්නටම හිතෙයි!!!!!!!!

      ප්‍රශ්න ෆිනිශ්!!!!!!!!!!!!!!!!!!!!

      හික්z!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    2. අපෝ ඔයා නම් තාමත් බෙල්පෙපර් කතාව අමතක කරල නැහනේ අච්චා නහි මුන්නා.. ෆොර්ගෙට් කරෝ මුන්නා බායි... මේ තුමාරේ බොහොත් බඩි ලම්භී දීදී හේනා... සුනෝ සුනෝ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @අපූර්වී දීදී,

      කොහොම අමතක කරන්නද අක්කියේ.........!!!!!!!

      නිකමට හිතලා බලමු!!!!!!!

      යූඇන්පිය ගැන නොකියා රනිල් උත්තමයා ගැන කතාකරන්න පුලුවන්ද?

      "පනස්දාහේ කෑල්ල" ගැන නොකියා සජිත් උන්නැහේ ගැන කතාකරන්න පුලුවන්ද????

      බොතල්/ #%#@%#/ කෙල්ලෝ ගැන නොකියා අපේ "මාමා ජී" ගැන කතාකරන්න පුලුවන් ද මන් අහන්නේ???????

      ඒ වගේම තමයි අක්කියේ..... බෙල් පෙපර් ඇත්තා වූ යම් ස්ථානය්ක් වේදෑඅ වනාහ්හි "අපූර්වී දේවිය" වැඩ සිටිනා ස්ථානයක්ම වන්නේය!!!!!!

      හික්z!!!!!!!!!


      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    5. PUKA JEE, PADA CHOO JOKKU KIYANA WITA KAKKKA KESE AMATHAKA KARAMADA

      Delete
    6. @ කැපිටල් දෝස්ත්,

      බුදු අම්මෝ........!!!!!!!!!! අපේ කැපිටල් මචන්ව දැක්ක කල්.......!

      කොහෙද රත්තරනේ මෙච්චර කල් ගිහින් හිටියේ.........?!!!!!!!

      මොනා වුනත් උඹේ උදාහරණෙත් ඇත්ත තමයි!!!!!!!!

      එකෙන්ම!!!!

      ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
  19. හමු වෙනවා එක් වෙනවා. ආදරේ කරනවා. වෙන් වෙනවා. ආයේ හුමු වෙනවා. ඔක තමයි බන් හැමදාම මේ ලොකේ වෙන්නේ. ඔවත් පුදුම දේවල් නෙමේ. මොකද හැම දේම තාවකාලිකයි. ඒ වගේ ලව් එකත් තාවකාලිකයි. නේ......

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. කකාගේ බ්ලොග් එකේ ඇඩ්වර්ටිස්මන්ට් පළ කිරීම අන්තිම භයානක බව නොදන්නා කෙනෙක්ද මේ?

      Delete
    2. ඇනෝ ++++++++++++++++

      මෙයා මහ බරපතල අවදානමක් අරගෙන තියෙන්නෙ

      Delete
    3. මූට ලැජ්ජාවක් නෑ... හැම තැනම නැට්ට හල හලා යනවා..... මුගෙ ලැජ්ජාව මතු වෙන්න යවන්න ඕනි මීමුරේ... දින තුනක නිවාඩුවට...

      ප. ලි. : ඔබ සතුව ආයෝජනය කිරීමට මුදලක් ඇත්ද... නැතිනම් ඔබට ආකර්ශනීය පෙනුමක් ඇති බිරිඳක් සිටියිද... එසේ නම් අපි ඔබට නොමිලේ මීමුරේ සවාරියක් දෙන්නෙමු.... අමතන්න මහා පොලු කාර අභීත එදිරිසිංහ

      Delete
    4. ඊයෙ පෙරේද අර ගාල්ලෙ පොඩි මෑනුත් මීමුරේ ගිහින් ආව කියන්නෙ පොල්ල එක්ක.

      Delete
  20. දෙදෙනාම කියන දේ සාවදානව අසා සිට හැකි උපදෙසක් පමණක් දෙමි දෙදනා සමගම ඒ මිතුරු කම එලෙසම පවත්වාගන යමි. අනවශ්‍ය විදියට මැදිහත් වන්න නොයමි.

    ReplyDelete
  21. අනව්‍ශ්‍ය විදියට මැදිහත් උවහොත් අන්තිමට වෙන්නේ වැරදිකරු වන්නය..
    නිවුටල් වීම වඩා නුවනැතිය..

    ජය වේවා!!!

    ReplyDelete
  22. කොහොමත් අනුන්ගෙ පවුලකට අනවශ්‍ය ලෙස අත පෙවීම බයන්කර ප්‍රථිපල ගෙන දෙන්නක් විය හැකි නිසා ඉතිං "මුනිවත හොඳයි… දෙබසින් දුක වැඩි හන්දා………" කි‍යලා සද්දෙ වහලා නියුට්‍රල් වෙන එක ඇඟට ගුණය.

    ReplyDelete
  23. අන්තිමට දෙන්නා හොදයි අපි නරකයි

    ReplyDelete
  24. දන්න දෙන්නෙක්.....දෙන්නාගෙම වැරදි....දික්කසාදත් වුනා....දෙන්නා ආපහු වෙන දෙන්නෙක්ව බැන්දා...ඒ දෙන්නාගේමවූ ළමයාවත් අපි හොඳට දන්නවා. අළුත් ළමයින්වත් දන්නවා. අළුතෙන් බැඳපු එවුනුත් දන්නවා. අහක ඉන්න අපිට කියනවා..එයාව මෙයාව ආශ්‍රය කරන්න එපාලු. මල කරදරයක්..දැන් එකෙක්වත් ආශ්‍රය කරන්නේ නැහැ. හදන්න බැහැ. ගොන් නෙමේ ,ගොන් බඳින කණු. එක් කෙනෙක් බැන්දේ සුද්දෙක්ව . ඌ හොල්මන්. පුකෙන් හිනා වෙනවා. ඌත් එක්ක නම් පබ් එකේදි අඩියක් ගහනවා.

    ReplyDelete
    Replies
    1. පිට රටවල උං ආස්සරේ කරන්න ලේසියි අරු අයියේ ඉන්දියන් හැත්ත ඇර !

      Delete
  25. කසාද ජෝඩුවක් වලියක් දාගත් විට එක්කෙනෙකුගේ පැත්තක් ගැනීමත්, නිව්ටල් සිටීමත් වැරදිය. කළ යුත්තේ කේස් එක නිව්ටල් කිරීමය. එහෙම නැත්තන් බර ගණනක් අනාත වේ. (දරුවන් අනාත වේ. උපදින්න ඉන්න එවුන් අනාත වේ. ගෙදර සර්වන්ට් ගර්ල් කෙනෙක් හිටියොත් ඒකි අනාත වේ. අහල පහළ ගෑනු ළමිස්සියන්අනාත වේ. වෙනත් පවුල් වල දරුවන් අනාත වේ.)

    ReplyDelete
  26. සිදුහත්+යශෝදරා කතාවෙදි කාගේ පැත්තවත් ගත්තට වැඩක් නෑ. ඒ දෙන්නා සංසාරේ පතාගෙන ඇවිත් තියෙන්නේ ඔහොමලු. යශෝධරා වගේ අය පහල වෙන්නේ කලාතුරකින්. සැමියෙක්ගේ ඕනෑ එපාකම් බලන් අය හිටියත්, ඒ අයගේ ජීවිතයට වධදෙන ප්‍රශ්න තේරුම් අරගෙන, ඒවා විසඳගන්ට උදව් කරන භාර්යාවෝ අඩුයි. යශෝධරාලා කල්පයකට පහල වෙන්නේ එක්කෙනෙයි.

    අනික් අයගේ ප්‍රශ්නවලදී නම් පැත්තකට වෙලා ඉන්න එක හොඳයි. යාලුවෝ අවවාද කරන්ට ගියාම ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ එයාලට ඕනිදේ මිසක් තමන්ට ඕනිදේ නෙමේනේ.

    ReplyDelete
  27. කාලෙකින් කකාගේ බ්ලොග් වසමට ආවා.
    * සිද්ධාර්ත අභිනික්මනයේදී මට නම් හිතෙන්නේ යශෝධරා ගේ පැත්ත ගැනීම යම් සාධාරණයක් ඇතිය කියා. බහුතරයක් සිද්ධාර්තගේ පැත්ත ගැනීමට පෙළබෙන්නේ අභිනික්මනයේන් සහ බුද්ධාගම බිහිවීමෙන් පසු සමාජයේ වූ වෙනස පිළිබඳව දැන් අවභෝදයෙන් සිටින බැවිනි. නමුත්, එදා අභිනික්මනය කරන විට එවැනි සේයාවක් තිබුනේ නැහැ. (බුදුවන බවට බමුණන් කියුවා කියන සාත්තරය මෙතනදී අමතක කරමු)
    ** සිද්ධාර්ත ඊට පෙර භවයේ (වෙස්සන්තර) තම බිරිඳ සහ දරුවන් දන් දෙන විට කතන්දර ගන්නේ කාගේ පැත්තද,
    වෙසතුරු රජ.
    මන්ත්‍රී බිසෝ.
    ජාලිය සහ ක්‍රිස්ණජිනා දරුවන්.

    *** රජ පවුලක යසෝදරාට සිදු වූ දේය දුප්පත් පවුලක කාන්තාවකට සිදුවූවානම්....

    ReplyDelete
    Replies
    1. මමත් නිර්මලාගේ අදහසට සමාන අදහසක් තමයි උඩින් කියන්නේ. සමාජයක "පවුල" නැමති ඒකකය ගැන හිතලා.
      බුදුවීම නිසා ඒ ක්‍රියාව හරි කියන්නත්....බුදු නොවුනා නම් ඒ ක්‍රියාවම වැරදිවෙන්නේ කොහොමද කියන එක තමයි මට තියෙන ගැටළුව.

      Delete
    2. පවුල කියන ඒකකයට එහායින් හිතන්න වෙන වෙලාවල් එනවා නේද.? සිදුහත් යසෝදරා මොහොතකට අමතක කරන්න, මම පත්තරේ කියෙව්වා යුද්ධය ඉවර වුන අලුත අනෝමා ෆොන්සේකාත් එක්ක තිබුණ පුවත්පත් සාකච්චාවක්... ඒකේ එයා කියලා තිබුණා යුද්දේ යන දවස්වල දුවලාගේ ප්‍රශ්නයක් තිබ්බත් එයා ඒක සරත් ෆොන්සේකා එක්ක කතාකරන එක කල්දැම්මාය, රෑ එයා නිදාගන්න ලෑස්තිවෙලා ඇඳට වෙලා බලාගෙන ඉද්දී සරත් ෆොන්සේකා මැප් එකක් අරගෙන ඇවිත් ඇඳ උඩ දිග අරිනවාය, එයා නැඟිටලා වෙන ඇඳකට ගිහින් නිදාගන්නවාය කියලා. මගේ පොතේ හැටියට මේවාත් ලොකු කැප කිරීම්. ඉතින් එක රටක මිනිස්සු ටිකක් ගලවගන්න තම සැමියා ගන්න මහන්සියට අනෝමා ෆොන්සේකා එහෙම කැප වුනානම් සකල ලෝක සත්වයාම දුකෙන් මුදවගන්නවා වගේ ලොකු ප්‍රොජෙක්ට් එකකට යශෝදරා කොහොම කැපවෙයිද?

      දැන් ඔය උදාහරණේ විදියට සරත් ෆොන්සේකාත් වැරදිද?

      Delete
    3. ඇනෝ ........මම මේ සිදුවීම ගැන හිතන්නේ මෙහෙමයි. එක් රාත්‍රියක එක් තත්පරයක් දක්වාම තමන්ගේ බිරිඳ සහ තම දරුවාගේ මවවූ තැනැත්තිය කිසිම සාකච්ඡාවකින් ,දැණුම් දීමකින් තොරවම හැර පලායාම සාධාරණීකරනය කරන්නේ කොහොමද කියන එකයි. ඊයේ රාත්‍රිය වෙනකම් තම ස්වාමියාවු ඔහු නැවත එන්නේ නැති යැයි ඇයට කියන්නේ පිටස්තරයෙක්. මම දන්නවා මේක නිමක් නැති වාදයක් කියලා. මේකෙන් දැන් කිසි කෙනෙකුට ඇති වැඩකුත් නැහැ.

      සරත් ෆොන්සේකා තර්කය මගේ තර්කයට අදාලද මන්දා. එහෙම නම් හැම සොල්දාදුවෙක්, හැම ෆයර් ෆයිටර් කෙනෙක්, හැම ලයිෆ් ගාඩ් කෙනෙක්වම අදාල කරගන්න වෙයි නේද ඇනෝ.

      Delete
  28. හප්පා...........පවුල් ප්‍රශ්න. අනුන්ගෙ එව්වට අතනොදා කැපෙන එක අනිවා තමංගෙ ඇගට ගුණයි.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.