Saturday 8 March 2014

කතන්දරකාරයා කියවන බ්ලොග් - Not just a "my car, my petrol" case


අන් සෑම බ්ලොග්කරුවන් මෙන්ම මම ද බ්ලොග් පාඨකයෙක් මි. පාඨකයෙකු ලෙස මා කියවන බ්ලොග්වල ලයිස්තුව මේ බ්ලොගයේ දකුණු අත පැත්තේ දක්වා ඇත.

මුළදී මෙය තිබුණේ එක ලයිස්තුවක් ලෙසයි. පසුව සිංහල බ්ලොග්කරුවන් ගේ සංසදයේ බ්ලොග් කියවනයේ පොලිටිකල් බ්ලොග් වෙන් කොට ඒවා කුස්සිය පැත්තේ කාමරයට දැමූ පසු මා කළේ මගේ ලයිස්තුවේ තිබූ පොලිටිකල් බ්ලොග් වෙනමම ලයිස්තුවකට ගොනුකොට එය ඉදිරියට ගැනීමයි.

එයින් මද කලකට පසු කාන්තාවන් ලියන බ්ලොග්වලට කරන සැලකීමක් ලෙස මා කළේ මගේ ලයිස්තුවේ තිබූ ඒ කැටගරියේ බ්ලොග් එකට ගොනු කොට ඒ ගොනුවට ඉහළම ස්ථානය දීමයි. මෙදිනම සෙසු බ්ලොග් මා කියවන කතන්දර සහ මා කියවන කවි ලෙස වෙන් වෙන්ව ගොනු කළෙමි.

ඒ අතර සාමාන්‍යයෙන් කෙරෙන පරිදි මා අළුතින් කියවන්නට පටන් ගන්නා බ්ලොගයක් වේ ද, ඒය අදාල ගොනුවට එකතු කළෙමි.

අවාසනාවකට මෙන් මා කියවන කතන්දර බ්ලොග් ලයිස්තුවේ තිබූ බ්ලොග් කිහිපයක් දැන් වසරකට පමණ පෙර මට එයින් ඉවත් කරන්නට සිදුවිය.

එයට හේතුව වූයේ ඒ අදාල බ්ලොග්කරුවන් විසින් බාලචන්ද්‍රන් දරුවා මරා දැමීම විදහා දැක්වෙන ඡායාරූප පිළිබඳව දක්වා තිබූ (වඳ කෙසෙල් මොටයි තියරිය වැනි) අමානුශික අදහස් පිළිබඳව මට ඇතිවුණු කළකිරීමයි.

මෙසේ ඉවත් කරන ලද එක් බ්ලොගයක අයිතිකරුවා විටින් විට තමන්ගේ බ්ලොගය මගේ බ්ලොග් රෝලට නැවත ඇතුළත් කරගන්නා ලෙස කීපවරක්ම ඉල්ලා සිටියද මට ඒ ඉල්ලීම් සියල්ල ඉවත දැමීමට සිදුවිය. එයට හේතුව නම් ඔහු තමන්ගේ අමානුශික අදහස් වෙනස් කර නොගෙන, මගේ ප්‍රතිපත්තිය පමණක් වෙනස් කරන මෙන් කෙරූ එම ඉල්ලීමේ තිබූ අතාර්කික ස්වභාවයයි.

ඒ කෙසේ වෙතත් මගේ බ්ලොග් ලයිස්තු අද එදාටත් වඩා දිගු වී ඇත. ඒ නිතිපතාම අළුතින් බ්ලොග් එකතුවෙන බැවිනි.

මේ අතර ඊයේ තමන්ගේ බ්ලොගය මගේ ලයිස්තුවට එකතු කර ගන්නා මෙන් අළුත් බ්ලොග්කරුවෙකුගෙන් මට ඉල්ලීමක් ලැබී තිබේ.

එය පොලිටිකල් බ්ලොගයකි. පොලිටිකල් බ්ලොග් අතරින් මා කියවන්නේ මගේ පොලිටිකල් අදහස්වලට තරමක් හෝ සමපාත වෙන බ්ලොග් පමණක් නිසා, ඒ බ්ලොගය දැනට මගේ ලයිස්තුවට එකතු කර ගත නොහැකි බව මම ඔහුට දැන්වූවෙමි.

ඒ පිළිතුර ලියන අතරතුර පොලිටිකල් නොවන කතන්දර බ්ලොග් මා කියවන ලයිස්තුවට ඇතුලත් වෙන්නේ කවර පදනමක් මතදැයි පැහැදිළිවම කිවයුතු බව සිතුණු නිසා මේ සටහන ලිවීමට සිත්විය.

රසය විවිධාකාර වේ. රස විඳීම ද විවිධාකාර ය. රස විඳීම පුද්ගලික දෙයකි. මා කියවන්නේ මට රසවත්, වින්දනයක් ලැබෙන බ්ලොග් පමණි. එය බලෙන් ඇති කළ හැක්කක් නොවේ. ඒ අනුව මගේ බ්ලොග් ලයිස්තුවට බලෙන් ඇතුළත් විය නොහැක.

මගේ වර්තමාන ලයිස්තුවට ඇතුලත් විය යුතු තවත් බ්ලොග් රාශියක් මා කියවා ඇත. නමුත් බොහෝ විට මා බ්ලොග් කියවන්නේ දුම්රියේ සේවයට යන අතරතුර ජංගම දුරකතනයෙන් නිසා, ඒ අවස්ථාවලදී වහා එම එකතු කිරීම් කිරීමට අවකාශ නොමැති නිසා පසුව අතපසු වී ගොස් ඇති බව මම දනිමි. ඒ වරද හැකි විගස නිවරද කරගැනීමට මම අදහස් කරමි.

මේ සටහන කියවූ ඔබ සැමට ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දරකාරයාට සිංහල බ්ලොග් ලෝකයේ සිවිල් බලයක් තිබේ යැයි කවුදෝ කියා තිබුණි. එවැනි දෙයක් තිබුණත් (පසුව ලැබුණත්) මා ක්‍රියාකරන ආකාරයේ වෙනසක් සිදු නොවෙනු ඇත.


(image: http://convenientsolutions.blogspot.com.au/2012/06/win-petrol-bowser.html)

94 comments:

  1. හැම කෙනාටම තමන්නෙම මතයක් තියෙනව... ඒකට ගරු කරනෙක අන් අයගෙ වගකීම...., යුතුකම...., අපි හැම කෙනාගෙම චොයිස් එක වෙනස්... නැද්ද... අපිට බෑ කාටවත් බල කරන්න....
    සිංහල බ්ලොග් සංසදයෙ කාලෙ ඉවරයි වගේ... එයාලගෙ පේජ් එක එක්ස්පයර් වෙලා තියෙනව දැක්ක මං ඊයෙ....


    අවන්හල

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු. හැමදාම චාටර් වෙවී ඉන්නවට වඩා යන එක හොඳයි කියලා යනවා. ඒකට අපෙ කකා. කොච්චර චාටර් වුණත් අල්ලං ඉන්නමයි බලන්නෙ. තණ්හාව පින්වතුනි තණ්හාව.

      තණ්හාය ජායති බ්ලොගො
      තණ්හාය ජායති කකාං
      තණ්හාය විප්පමුත්තස්ස
      නත්ථි බ්ලොගො කුතො කකාං

      Delete
    2. @ මහේෂ්.... +++++++++++++++++++++++++

      Delete
    3. ඇයි කෙන්ජ උතුමාණෙනි...

      Delete
  2. සිංහල බ්ලොග් සංසදය කියන්නේ කක්කා ගොඩක්. අපිනං ඒකට යන්නේ නෑ.

    ඔන්න වෘත්තීමය ඇනෝ කොමෙන්ට්කරුවෝ වන අපි නං යන්නේ ඇනෝ කොමෙන්ට් දාන්න දෙන, පඩ ෂෝ දාන්නේ නැති සයිට් වලට විතරයි.
    ඒ කියන්නේ කතන්දර,w3lanka, 33000 වගේ සයිට් වලටයි අපි යන්නේ. වඳ පීදපු අන්තිම අසාර්ථක මොටයියා වගේ උන්දලාගේ සයිට් වලට අපි යන්නේ නෑ.

    බ්ලොග් ලෝකේ ඉන්න උන්දලාගෙන් පාඨකයන්ගේ අදහස් නිසා උඩ ගිහින් අන්තිමේදී පුක බිම ඇනගත්තේ නැති අය ඉන්නවා නං ඒ කකා සහ 33000 ඒගේ ගොසිපා විතරක් වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. KAAWAAATH NIKAMMA ATHURUDAN WUNANE

      Delete
    2. ඒ කක්කා ගොඩත් කකාගේ බ්ලොග් එක නැමැති කක්කා ගොඩත් හැර තවත් කක්කා ගොඩවල් තිබේද?

      Delete
  3. ඔව්.. කිව්වත් වගේ කැමති දේවල් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්... ඒක තමන්ගේ කැමැත්ත..

    ReplyDelete
    Replies
    1. ඔයාගේ චොයිස් එක කොහොමද?

      Delete
  4. මැශින්බිජ්ජවත් අයින්කරපු එක හොදයි කකා දැන් වැලේවැල් නැතුව ඒහරකම ඇනෝදාගන්නව

    ReplyDelete
    Replies
    1. මැෂින් බිජ්ජා අමු තිත්ත කුණුහරුප කියන නිසා මටත් පොරව එපා උනා. නුගත් කමනේ. ඒකට බලන්න අපේ කකා. කවදාවත් කේන්ති අරං කුණුහරුප කිකියා හැසිරෙනවද? නැහැනේ. ඒක තමයි කකාගේ තියෙන උගත් කම. අනික සිංහල බ්ලොග් ලියන ගොඩක් අය කොම්පියුටරේ ඔෆ් කෙරුවම නිකන්ම නිකන් හාල් කෑලි විතරයි.

      ඒත් කකා එහෙම නෙමෙයි. බ්ලොග් එක තිබුනත් නැතත් කකා පොරක්. හොද රස්සාවක් කරන,රට රාජ්ජ වැල ඇවිදින, හොද පවුල් ජිවිතයක් ගත කරනා කෙනෙක්.
      කකා කියන්නේ වඳ පිදපු මොටයියෙක් වත් එහෙමත් මැෂින් රෙපෙයාර් කරනා නුගත් බාස්සුන්නැහැ කෙනෙක්, මිනිස්සුව රවට්ටන මීමුරේ මාම කෙනෙක්,තෙල් බෙහෙත් වෙළෙන්දෙක්, කෙන්දරකාරයෙක් නෙමෙයි. කකා කියන්නේ බ්ලොග් එක බිස්නස් එකක් කර නොගත්තු ආදර්ශමත් කෙනෙක්. කකාට ජය වේවා.

      Delete
    2. Who is මැෂින් බිජ්ජා?

      Delete
    3. කකාගෙ පරණ කැච් එකක්

      Delete
    4. AnonymousMarch 8, 2014 at 9:20 AM ඇානෝ


      ඔයාගේ උගත් කම සහ පොරත්වය මේ කමෙන්ට් එකෙන් පෙනෙනවා

      Delete
    5. අටමා මෙච්චරම ගොනෙක් කියලා මම හිතුවෙ නෑ.....

      Delete
  5. කකාගෙ බ්ලොග් රොල කකගෙ නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්.
      කොමෙන්ටුවට ස්තුතියි.
      ආයේ පොස්ට් එකක් දාන්නේ සදුදා. එදාටත් මේ පැත්තේ එන්න.

      කතන්දරකාරයා

      Delete
  6. hamoma ennna lanka blogs syndi ekata http://lankablogs.com

    ReplyDelete
  7. කකා ඉතිං බොහොම උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක් නොවැ. ඒ හින්දා කකා දන්නවා මිනිස්සු එක්ක හැසිරෙන්න ඕනි විදිය.
    ඒකයි මම කකාට කැමති. කකාගේ තියෙන දුර්වල කම තමයි හිටපු ගමන් මෙලෝ රහක් නැති කක්කි කයි පද දැමීම. ඔන්න කකෝ කයි පද ඕනිනං කරේ තියාගෙන යන්න.මෙතන නං දාන්න එපා. කයි පද දැම්මොත් තලනවා ඇට. ඇට කිව්වේ කොස් ඇට. කෑමට ගන්නවනේ.

    මේ තියෙන්නේ මම බලන බ්ලොග්.

    කතන්දරකාරයා
    සිංහල වැල කතා

    ReplyDelete
    Replies
    1. කකා ඉතිං බොහොම උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක් නොවැ. ඒ හින්දා කකා දන්නවා මිනිස්සු එක්ක හැසිරෙන්න ඕනි විදිය.// ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      කකා ගැන මට පැහැදීමක් ඇතිවෙන්න එක හේතුවක් තමයි ඔහු මැසි මදුරුවෙක් බව දැන ගන්න ලැබීම හෙහෙ හෙහෙ. මට කොහොමත් ගනන් බෑ. මම බුද්ධිමත්කමට ගරු කරනවා. මට වඩා බුද්දිමතුන්ට ගරු කරනවා. කකාගෙ පෝස්ට් වලින් විතරක් නොවෙයි ඔහු දමන කොමෙන්ට් එකක වුනත් අපි නොහිතන පැති කකා දකිනවා.

      Delete
    2. අනේ නිකන් දැන් පිචං වෙලා අඩන්නෙ නැතුව හිටහන් ,තවත් ලැජ්ජ නැතිද ,කකා දැන් කිව්වා නේ ,දැන් අඩන එක නවත්තපන් .පස්සෙ රොලට දා ගනි .

      Delete
  8. උදේ පාන්දර කුණු කට කෙළ පිටින්, භාගෙට චාර්ජ් වීගෙන එන බොග නිසා යන පුස් පඩ වල සුවද විඳගෙන මෙතන ඇවිත් ඇවිත් මේ කක්කා සයිට් එකේ කොමෙන්ට් එකක් දැම්ම එන සතුට දෙවැනි වෙන්නේ, ලැට් ඒකට ගිහිං වාඩි වෙලා බඩ හිස් වෙනකං කක්කාව්වම එන සන්තෝසෙට විතරයි.
    අනික මේ කක්කා සයිට් එකේ කොමෙන්ට් එකක් දැම්ම හොදට කක්කා කරන්නත් පුළුවන්.

    අපිට ඒ සන්තෝසේ විදින්න ඕනි. ඒ හින්ද උදේ 6:30 වෙනකොට හැමදාම ලිපියක් දාන්න කකා.
    ටටා බායි.

    ReplyDelete
    Replies
    1. හප්පේ මේ කොමෙන්ටුවේ ගඳ !
      :D

      Delete
    2. පොදු වැසිකිළියක බොගක් දැම්මාම ගඳ වැසිකිළියේ ගඳද බොගේ ගඳද දැන ගන්නේ කොහොමද? කකාගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දැම්මාමත් එහෙමයි. මොකෙන් ගඳ එනවාද නිශ්චිතව කියන්න බැහැ.

      Delete
    3. අම්මපා පට්ට උදාහරනේ

      Delete
    4. වරදවා වටහා ගැනීමෙන් වලකින්න මා අදහස් කරේ මේ කොටසයි "පොදු වැසිකිළියක බොගක් දැම්මාම ගඳ වැසිකිළියේ ගඳද බොගේ ගඳද දැන ගන්නේ කොහොමද"

      Delete
  9. කශූ ගෙ මම දැකපු දෙයක් තමයි අළුතින් එන බ්ලොග් කියවලා කමෙන්ට් කරලා කමෙන්ට් කරලා ඒ අයව උනන්දු කරවන එක. ඒක අංකුර බ්ලොග් කරුවන්ට හරි වටිනවා . කශූගෙ කියවන ලිස්ට් එක නිසා මගේ බ්ලොග් එකට එන පිරිස වැඩි උනා .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ආයේ සදුදා පොස්ට් එකටත් කොමෙන්ට් එකක් දාන්න.

      කතන්දරකාරයා

      Delete
    2. ඒ සහයෝගය මටත් ලැබුන බව මම කියන්න ඕන.

      Delete
  10. ඔය රොල් බොල් නැතත් කකා ලියන්න ඒ ඇති .මම නම් කකා ලියන දෙවල් බලලා ඉගෙන ගන්නවා ..ඔය සින්ඩි තියෙන්නෙ දැන් ඇති වෙන්න ..මම නම් කියවන ඔක්කොම මගේ රොලෙට කොම හරි දා ගන්නවා
    මොකද මගේ බොගිය තව කෙනෙක් ගේ රොලේ තියෙනවා දැක්කාම මට නම් සතුටුයි ,ඉතිං අනික් අයත් එ වගේ ඇති නේ

    ..වැඩේ තියෙන්නෙ ඔක්කෝම දලා වැඩකුත් නෑ කියලා හිතෙනවා වෙලාවකට ,

    ReplyDelete
    Replies
    1. /ඔය රොල් බොල් නැතත් .../
      මඟුලක් කියනව? කකා මොන මඟුල හරි දවස් දෙකකට වරක්වත් නොවරදවාම ලියන නිසා තමයි, හැමෝම බලන්නෙ. ඉඳල හිටල හරි නැගල යන ලිපිත් ලියනවනෙ? අනිත් ලිපිවල උනත්, අපිට ඇදගෙන යන්න පොඩි චෑන්ස් එක්ක දෙනවනෙ :)

      කකාගෙ බ්ලොග් රෝලට ඔය හැම සින්ඩියම පරාදයි. නැත්නම් මෙහෙම එල්ලන්න කියයිද? :)

      Delete
  11. කව්ද කීවේ කකාට සිවිල් බලයක් තියෙයි කියලා.. හැක්.. ඒක තමා ඇත්ත කතාව... මටත් කකාගෙන් ලොකු උදව්වක් තියෙනවා. කකා ඇවිත් මොකක් හරි කියල ගියාම ඊටත් වඩා සන්තෝසයි.. මේ වගේ පැහැදිලි නිරවුල් පෝස්ට්කටු දාන්න කකා කෝමත් හරිම සමතෙක්.. ස්තුතියි කකා...

    ReplyDelete
  12. M.Conteur,

    Quelle est la relation entre votre blog et de la merde? :-)

    ReplyDelete
  13. ඔයාගේ රෝලේ මම ඉන්නවද කියලා කොහොමද මම හොයා ගන්නේ ??

    ReplyDelete
    Replies
    1. දෙකට නැවිලා බලන්න...දෙකට නැවිලා බලන්න... මුකුත් දැනෙනවා නම් කකා ඔයාව ෆලෝ කරලා.....

      Delete
  14. ඔබ ගැන මට පැහැදීමක් ඇතිවුනේ මේ බ්ලොග් එකට මා ආපු මුල් දවස්වලමයි. මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුනත් එම පැහැදීමේ කිසිම අඩුවක් නෑ. මොකද ඔබේ බ්ලොග් එකට පැමිනීමෙන් විතරක්ම වුනත් මා සතුටක් ලබන නිසාත් ඊට මා ඔබට ණයගැති නිසාත්.

    ඇත්තටම ඔබේ තීරණය හරියටම හරි.ඔබ බ්ලොග් එක කරන්නෙ ඔබේ විනෝදාංශයක් ලෙස.අපි හැමෝම කරන්නෙ එය කියවීමයි.අපියි ඔබෙන් යමක් ලබා ගන්නෙ.ස්තුතියි

    ReplyDelete
  15. /එය පොලිටිකල් බ්ලොගයකි. පොලිටිකල් බ්ලොග් අතරින් මා කියවන්නේ මගේ පොලිටිකල් අදහස්වලට තරමක් හෝ සමපාත වෙන බ්ලොග් පමණක් නිසා, ඒ බ්ලොගය දැනට මගේ ලයිස්තුවට එකතු කර ගත නොහැකි බව මම ඔහුට දැන්වූවෙමි./

    යකා නම් නිල් බලකායේ වගේ පෙනෙන්නේ. එතකොට කකා යූ ඇම් පීද?

    ReplyDelete
    Replies
    1. හෙක්... උඹ ලඟදිද බ්ලොග් බලන්න ගත්තේ? කකා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ.... ඒකෙ ඉන්න එකම සිංහලයා කකා....

      Delete
    2. ඇයි කකා හරාකාට් උල් ජිහාඩ් ටක්ෆීර් අල් ෂරියා අල් ඉස්ලාමියා සංවිධානයේත් සාමාජිකයෙක් නේද ? මේකෙත් ඉන්න එකම සිංහල බෞධයා කකා තමයි
      ;)

      Delete
  16. එක ඇත්ත , අපි කියවන්නේ අපේ රුචිකත්වයට සෙට් වෙන දේවල්නේ ..සමහර වෙලාවට සමහර බ්ලොග් වල ගිහින් තියෙන්නේ අපි කැමති වර්ගයේ එක ලිපියක් විතරක් වන්නටත් පුළුවන්.

    ReplyDelete
  17. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලු....

    ReplyDelete
    Replies
    1. තමන්ගේ තට්ටම් තම තට්ටම්

      Delete
    2. @ මාතලන්.. ++++++++++++++++++++++++++++++++++

      Delete
  18. කකගේ බ්ලොග් එකත් සින්ඩියක් කරනා රාජකාරිය කරන නිසායි මේ තරම් ඉල්ලීම් එන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කකාගෙ බ්ලොග් එක සින්ඩියක් විතරයි. මේකෙ පෝස්ට් කියවන්න එන එකෙක් නැහැ.

      Delete
    2. හැක් හැක්.. මෙන්න නියම උපහාස..

      Delete
    3. ඒ වුනාට ඇනෝ කොමෙන්ට් බලන්න කී දාහක් දවසකට එනවද....... මේ බ්ලොග් එක ඇදන් යන්නෙ අපි තමයි..... කකා කරන්නෙ නිකම් පෝස්ට් දාන එක විතරයි....

      Delete
    4. ඒකනෙ කකා ඇනෝලා හලන්නෙ නැතුව තියා ගන්නෙ කවුරු හැළුවත්.

      Delete
  19. ඒ ඒ බනිස්වලට ඒ ඒ කෙහෙල් ගෙඩි නේද කකා.

    කකාගේ බ්ලොග් රෝලේ මාත් ඉන්නවනේ බොලේ.ඒ කියන්නේ කකාගේ දේශපාලන මතවාදයයි මගේ මතවාදයයි සමාන බවද? මොනවා කියන්ඩදැයි නොතේරේ.දිවි නසාගන්නටද සිතේ.බෝඩිමේ සාරි නොමැති වීම නිසා ඉවසා ඉඳිමි.

    ReplyDelete
    Replies
    1. ඒක හරි .... අපිටත් පේනවා ඔයාගෙ බනිස් ගෙඩිය කකාගෙ කෙහෙල් ගෙඩියට මැච් වෙනවා කියලා...

      Delete
    2. හොරා.ඔයා නාන ළිං ගාව හැංගිලා කොල්ලංගේ ජුන්ඩා බලලා ආතල් ගන්නවද අනේ? කකාගේ කෙහෙල් ගෙඩිය කෙසේ වෙතත් මගේ බනිස් ගෙඩියක් දැක්ක එකනේ වැඩේ

      Delete
    3. එහෙම බලන්න ඕනි නෑ මෙයා.... ඔයාගෙ ඔය අනිත් පැත්ත හැරිලා ඉන්න ප්‍රොෆයිල් පික්චර් එක දැක්ක ගමන් අපිට වැඩේ පැහැදිලියි.....

      Delete
  20. කතන්දරකාරයාගේ අදීනත්වයට ඔටු ප්‍රණාමය.
    තමන්ගෙම මතයක් තියෙන ඒ මතය වෙනුවෙන් නිර්භයව පෙනී සිටීම කකාලා තව තවත් බිහි වේවා.

    ReplyDelete
  21. ජය වේවා!!!

    ReplyDelete
  22. කකාට තියෙන්නේ පොලිටිකල් බ්ලොග්,ගෑණු ළමයි ලියන බ්ලොග් වාගේම මම නොකියවන බ්ලොග් කියලා කැටගරියක බ්ලොග් රොලක් පටන් ගන්න .

    ReplyDelete
  23. මාත් මගේ බ්ලොග් එකේ රෝලට දාන් ඉන්නේ මං ආස කරන බ්ලොග් ,, ඒත් සමහර අලුතෙන් ලියන අයට සහ මං ආස නොවුනත් අහම්බෙන් දකින ලිපි වෙනුවෙන් මං කවි ලියන බ්ලොග් එක බ්ලොග් රෝල් 3ක් දාලා හැදුවා.. ඒ වගේම අපි කෙනෙක්ට අපේ බ්ලොග් එක රෝලට දාගන්න කියනව කියන්නේ අපි සාර්ථක නැහැ... අපි සාර්ථකනම් කියවන අය බ්ලොග් රෝලට අපේ බ්ලොග් එක දාගනී..

    ReplyDelete
    Replies
    1. අනිවා... ඔබේ අදහසට එකගයි දරුවො ....

      Delete
  24. යකා වෙන්න ඇති සිංහල බ්ලොග් ලෝකේ පොර/ෆේමස් වෙන්න ගිහිල්ල ඉක්මනටම කිච වෙච්චි බ්ලොග් කරුවා. සහන් අවුරුද්දක් දෙකක් ඇදගෙන ගියා.

    "කතන්දර අනේ කතෝ මාව උඹේ බ්ලොග් රෝලෙ එල්ල ගනින්."

    කෙනෙක් ගෙන් උදව්වක් ඉල්ලනකොට වත් වැදගත් විදියට ඉල්ලපන්... නිකං මාලිගාවත්තේ රස්සෙග්ගෙන් කුඩු ඉල්ලනවා වගේ නැතුව. කකා "ඔබ" කියල අමතුවහම තමයි යකාටත් "ඔබ" කියල එකක් මතත් උනේ.

    සැරයක් බ්ලොග් , ප්‍රොෆයිල් ලින්ක් හුටපටයක් හින්ද මෝඩකමට ගොනාට ඇඳගෙන අහිංසක කෙල්ලෝ කීප දෙනෙකුටත් වටේටම නෙළුව නේද ? ඊට පස්සේ කියනවා බ්ලොග් ලෝකෙට ඇවිල්ල පොඩි කාලයක් නිසා මේවගේ තාක්ෂණික පැත්ත , හැසිරෙන විදිය තාම දන්නේ නැහැ කියල. අපි හුජ්ජ කොල්ලෝ කාලේ තමයි දෙමවුපියෝ කියල දුන්නේ නොදන්නා තැනකට ගියාම බිජ්ජෝ වගේ මිනිස්සු ඉස්සරහ මෝඩ පාට් දාල කිච වෙන්නේ නැතුව , එතන වෙන්නේ මොකද්ද කියල ටික වෙලාවක් බලල ඉගෙනගෙන ඊට පස්සේ කතා කරන්න , ක්‍රියා කරන්න කියල.

    තව සැරයක් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන දාර්ශනික ටෝක දිදී කකාගේ කොමෙන්ට් එකකුත් මකල තිබ්බ නේද ? හයියූ ... නියම දෙබිඩ්ඩෙක්.ලැජ්ජාවකුත් නැත. ලංකාවේ දේශපාලනයට ඉතා සුදුසුයි.

    ReplyDelete
    Replies
    1. මහසොහොන්ගේ මේ කමෙන්ට් එක තුල බොහෝදේ හිතන්න සහ හිතට ගන්න තියෙනවා. මේක මං පොර වෙන්න හිතාගෙන ඉන්න අය ඉන්නවානම් වැදගත් වෙයි.

      Delete
    2. කියල තියෙදේ නං ඇත්ත.

      ඒත් මොකක්ද යකෝ මේ වලිය? උඹත් යකා, ඌත් යකා, එගෙව් එකේ වරිගෙ නහ ගන්නෙ නැතුව ඉඳපල්ලකො. ඔය මදෑ නෙලුව? ඌ වරද පිලිගත්ත නේද? :)

      Delete
    3. වලි නැහැ බං. යකා ත් ඉතිං හැදිලා තෙම්පරාදු වෙලා එන්න එපැයි.
      කකාට සහ ලිංක් වාරණ ඇනෝ ට වැඳ අවසර ගෙන මේ සම්බන්ධයෙන් මම ලියපු පොස්ටුව ට ලින්ක් එකක් දාන්නම්. සිංහල බ්ලොග් ලෝකයේ පොරක් වෙන්නේ කෙසේද ? :P

      Delete

    4. 7. තමන් ගොඩනගා ගත් බ්ලොග් චරිතය කුමක් වුවත් මහත්මයෙක් මෙන් හැසිරෙන්න. කුණුහරුප කියා පීචන් නොවන්න.

      තමන් බ්ලොග් ලෝකයේ ගතකරපු කාලය සංසන්දනය කරලා බැලුව නම් කෙන්ජි අන්කල්ට ලේසියෙන්ම ඔබා මාමට වඩා ලෙන්ගතු කවුරුත් ආදරය කරන , ගරු කරන පොරක් වෙන්න තිබ්බ මේ වෙනකොට. නමුත් කෙන්ජි අන්කල්ම තමන්ගේ මුලික ප්‍රතිරූපය එක එකා එක්ක මෝඩ විදියට වලි දාගෙන කුණුහරුප කියාගෙන , බිමතේ මෝඩ කොමෙන්ටු කොටන්න ගිහිල්ල කිච කරගත්ත හින්ද තමන්ගේ ගමන ස්ලෝව් කර ගත්ත බව තමයි මට නම් පෙන්නේ. නමුත් කාලයත් සමග අත්දැකීම් ලැබීමෙන් පරිනත වීම නිසා දැන් ඔහු බුද්ධිමත්ව , සන්වරශිලිව මහත්මයෙක් වගේ , අපහාසාත්මක නොව උපහාසාත්මකව අදහස් දක්වන බව පෙනෙන්නට තියෙනවා. ඒ ගැන මගේ සුබපැතුම් ඔහුට. ඔහොම යං. You are on right track .

      Delete
    5. මහෝ,

      උඹෙ වටිනා ලිපියට කමෙන්ට් එක මෙතන දානව වැඩි අවධනය පිනිස. ඔය කමෙන්ට් හරහ ජනප්‍රිය වෙන එක සහ ට්‍රැෆික් අද්දවගන්න පුලුවන් බව ගොඩක් වෙලාවට කට්ටිය කල්පනා කරන්නෙ නෑ. මට මතකයි මාරයත් කලෙකට ඉස්සර ඔය ගැන කියල ලිපියක් දාල තිබ්බ. හොඳම උදා හරනෙ මේ ලඟදි මිත්‍රයෙක් මට කිව්ව "මට අහවලාගෙ බ්ලොග් එක ෆොලෝ කරන්න හිතෙන්නෙ නෑ උගෙ කමෙන්ට් වල පොන්න sycophant ලයින් එක අල්ලන්නෙ නැති නිසා" කියල. ඒ කියපු බ්ලොග් එකේ ලිපි උගේ කමෙන්ට් වලට වඩා තරමක් හොඳ උනත් ගොඩක් වෙලාවට වෙන්නෙ ඕකයි.

      උඹ කකාව නග්ගල තීන විදියට මහසෝනා යනු කකාගේම අවතාරය්ක්ද කියලත් හිතෙනව :D

      ප/ලි. මේ තරන් පැහැදිලිව තේරුන් ගත්ත මිනිහ මොකද අර අරූගෙ බ්ලොග් එකේ අලි කනක් විතරක් බලල සතාගෙ හැඩේ කියන්න ගියෙ?

      Delete
    6. @මහසෝන්

      දැං බලාපං, උඹත් ඔය එල්ලුවෙ වලිගෙ :)

      ඇණයක් නොවෙන තරමට ඉඳල හිටල ලින්ක් එකක් දැම්මාට අවුලක් නෑ කියලයි හිතෙන්නෙ.මේක එක්තරා වෙළඳ උපක්‍රමක්නෙ?
      කකා නං කියන්නෙ වලිග තියෙන්නෙ එල්ලන්න, ලින්ක් තියෙන්නෙ දාන්න කියලයි.

      @ ඇනෝ

      ඔබා මාමගෙ අඩුව පුරවන්න නං ඉන්නෙ අර පඳුරු තලන ගොයියා විතරයි. අරූ, තිලකෙ දෙන්නත් ලෙසටම කරගෙන යනවා, එයාලගෙම ආරකට.

      කන්ජි ගැන නං කියන්න තියෙන්නෙ, ට්‍රයි කරනවා,ඒත් දෙකක් දාගත්තාම තාමත් පරණ තත්ත්වයට යනව කියලයි. ඒ එක්කම, මහසෝන්ගෙ දසපනතෙ හයවෙනි ශික්ෂාපදය නං ලෙසටම කඩනවා :)

      Delete
  25. dear kaka...
    yaka is an asshole.... he is the reincarnation of stupid sahan.

    ReplyDelete
  26. ඔයාකාර දේවල් එල්ලගෙන ඉන්න පුළුවන් කාටද?

    ReplyDelete
    Replies
    1. කකා උගේ .......ත් එල්ලගෙන ඉන්නේ හරිම අමාරුවෙන්. සමහර දවසට කකී මඤ්ඤොක්කා දෙබලකින් ජැක් ගහලා තමයි පරිස්සන් කරන්නේ.

      Delete
  27. මටනම් බ්ලොග් රෝලක් කියා දෙයක් තිබුනත් ඒක ඔහේ තියනවාට තියෙන එකක්ය. නමුත් මම වෙලාවක් ඇති හැමවිටකම මාතලන්ගේ සින්ඩියේ ඇති බ්ලොග්ස් බොහෝමයක් කියවන්නෙමි. අදහස් ප්‍රකාශ කරන්නෙමි. මම ආපසු ලියන්න ගත්ත පසු කාලයේදි, එක් වරක් පමණක් මගේ බ්ලොගත් කියවන්න කියා එක් තැනක අදහසක් හැටියට දැමූ විට, එක් ඇනෝ කෙනෙක් කිව්වේ..ඔහොම දාන්න ඕන නැහැ..එන අය ඇවිත් කියවයි කියාය. එය අගනා පාඩමකි. ඒ ඇනෝට මම අදත් ගරු කරමි. මම ඉන්පසු කිසිදිනෙක එහෙම කරේ නැත.

    ReplyDelete
  28. ඔබ හදපු බ්ලොග් එකේ තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ ඔබට පමණයි( පාස්වර්ඩ් එක වෙන කෙනෙක් නොදන්නා තාක්).

    අවංකව තම ස්ථාවරය පැහැදිලි කර තිබීම අගය කොට සලකමි.

    ReplyDelete
  29. @ All
    සියළු දෙනාටම ස්තුතියි.

    අධික වැඩ රාජකාරි නිසා අසා ඇති ප්‍රශ්නයක් වේ නම් අඩුවශයෙන් එවාටවත් පිළිතුරු සපයන්නට නොහැකි වීම ගැන ඉතා කණගාටුවෙමි.

    ReplyDelete
  30. මම නං අංශක 180කින් ‍වෙනස් උනත් සමහර බ්‍‍ලොග් එල්ල‍ගෙන ඉන්නව. කකා‍ගෙ ‍රෝල කියන්‍නෙ ‍පොඩිප‍හේ සින්ඩියක් ව‍ගේ එකක්. බ්‍‍ලොග් ලියන්න ආපු මුල් කා‍ලෙ සෑ‍හෙන්න ප්‍ර‍යෝජනවත් උනා‍. (සාමාන්‍ය‍යෙන් මුල් කාල වලදි සින්ඩි-‍රෝල් වලිනුත් කලක් යද්දි ‍කෙලින්මත් රීඩර්ස්ල එනව)
    කකා ගැන උඩ වර්ණනා කරපු උදවිය හරි. කකා කියන්‍නෙ සිරා ‍පොරක්!

    ReplyDelete
    Replies
    1. මේකයි මල්ලී.... අපි අංශක 180කින් වෙනස් උනත්... දේශපාලන විරුද්ධ මත දරණ කෙනෙක් දාන ඕනෑම කොමෙන්ට් එකකට ඇනෝ ඇවිත් Cyber-bullying කිරීම වාමාශික මිනිස් කම සොයා යාමේම උපක්‍රමයක් කියලා තමයි හිතෙන්නේ....

      කකාගෙ ලිපි ත්‍රිමාන එකේ යන්නෙ නැති නිසා කකා පොරක් නෙවෙයි...... ත්‍රිමාන එකේ කාගෙ හරි ලිපි යනව නම් එයා තමයි පොර.....

      සුද්දගෙ පුක ලෙවකාගෙන වරායෙ මළකඩ කඩලා ඒකෙන් එන ඇඟේ අමාරුව යන්න කාලක් ක්‍රියා කරගෙන.... හිතේ අමාරුව යන්න ලංකාවෙ ඉන්න එවුන් දෙතුන් දෙනෙකුට බැන්නාම මට පට්ට සැපක් තියෙන්නෙ...... 180ව කැලේ...

      Delete
  31. //කතන්දරකාරයාට සිංහල බ්ලොග් ලෝකයේ සිවිල් බලයක් තිබේ යැයි කවුදෝ කියා තිබුණි. එවැනි දෙයක් තිබුණත් (පසුව ලැබුණත්) මා ක්‍රියාකරන ආකාරයේ වෙනසක් සිදු නොවෙනු ඇත//
    ‍වෙලාවට ඔය බලය හැ‍මෝටම නැත්‍‍තෙ. ‍මේ‍කෙ සමහරක් ‍පොරවල් වලට ඔය බලය ලැබුනනං බ්‍‍ලොග් අවකා‍ශෙන් බාගෙකට වැඩිය ඉවරයි

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත! කතන්දරකාරයා කියන්නේ කොම්පියුටරේ ඕෆ් කලාමත් පොරක්. ඒක නිසා එයැයිට කොම්පියුටර් පොරක් වීමේ අවශ්‍යතාවක් නැහැ. හොඳ අධ්‍යාපනයක් ලබපු ඉහල රැකියාවක් කරන පිටරටක සැපවත් ජීවිතයක් ගෙවන කකාට.. කී බෝඩ් මහාචාර්යවරයෙක් /දාර්ශනිකයෙක්/ පොරක් වෙලා තමුන්ට සැබෑ ජීවිතේ විඳින්න නොලැබෙන ඇරියස් කවර් කර ගැනීමේ උවමනාවක් නැහැ! මහා සමාජයේ පොරක් වෙන මිනිහෙකුට සීයක් දෙසීයක් කොල්ලෝ කුරුට්ටෝ ටිකකට මැජික් පෙන්නන ජිජැක් කෙනෙකු වීමට උවමනා නැහැනේ!

      Delete
  32. ජාලයේ ගතකරන වෙලාව සිමිත නිසාඅතට අහුවෙන බ්ලොග් සහ දැනට ඇතුලත් කරගෙන ඇති ඒව කියවනව විනා අනික් ඒව බලන්න ලැබෙන කාලෙ අඩුයි. ඒ අතින් ඔබේ පිලිවෙල හරි... නිවැරදිව හැම කෙනෙකුගේම බ්ලොග් කියවන්න පුළුවන්

    ReplyDelete
  33. මගේ බ්ලොග් එකත් කතන්දරගේ බ්ලොග් රෝලේ එල්ලිලා තියෙනවා මම දකින්න අවුරුදු 2ක්ම ගියා.. අන්න ඒක ගැන මම නම් සතුටුයි.. ආව කාලේ ඉදන්ම මේ පැත්තට ඇවිත් ගියෙ ඔබව කියවන්න වගේම තව අළුතින් බ්ලොග් හොයාගෙන යන්නත් එක්කම..

    ReplyDelete
  34. මෙහි ඇති බහුතරයක් කොමෙන්ටු අනුව බොහෝ අය කකා වෙත අන්ධ භක්තියකින් කටයුතු කරන බව පෙනේ. ලංකික සිංහල කතාකරන සමාජයේ පවතින මෙම දුර්ගුණය නිසා රට මෙවන් අගාදයකට යන බව මට හැඟේ. අවශ්‍යතාවය වන්නේ තමා අසන කියවන දේ කෙරෙහි විචාර බුද්ධිය ඇතුව කටයුතු කිරීමය. කෙටියෙන් පවසතොත් කකා කියන ලියන හැමදෙයම දේව වාක්‍ය නොවේ. කකාද සාමාන්‍ය මිනිසෙකි. දෘෂ්ටි ග්‍රහණය සත්‍ය දැකීමට ඇති ලොකුම බාධකයයි.

    ReplyDelete
    Replies
    1. පාර්ශිකව එකඟයි.

      /කකා කියන ලියන හැමදෙයම දේව වාක්‍ය නොවේ. කකාද සාමාන්‍ය මිනිසෙකි/
      ඇත්ත. ලියන හැමදෙයම දේව වාක්‍ය බව අපි කිව්වේ නැත. කකාද සාමාන්‍ය මිනිසෙක් නමුත් ඔහුට සිවිල් බලයක් ඇත. එය ලබාගෙන ඇත්තේ,හිටපු ගමන් , මොලේ මඤ්ඤං වී කක්කා කතා ලියා අඩිදෙකක් පහල ගියද, පාත්‍ර බ්ලොග් රචකයන් අතර ඔහු බොහෝ විට අඩියක් උඩින් ඉන්නා නිසාය. කබල්ලෑවකුට බඳු ඝණකම සමක් ඇති, ඇනෝ කෙනහිලි ඉවසන දෙකක් නමා ගත්විට ගෝඩ් ෆාදර්ට නොඅඳින වෙනත් බ්ලොග් රචකයෙක් ගැන මා නම් දන්නේ නැත. මෙව්වා අන්ධ භක්තික කතා ලෙස ඔබට පෙනිය හැකි නමුදු, ඉඳලා හිටලාවත් ඇත්ත කිව යුතුය.

      බොහෝ අය කකා වෙත අන්ධ භක්තියකින් කටයුතු කරන ලෙස හැ‍ඟෙන්නේ නම් ඒ කෙලෙහි ගුණ සැලකීමක් හෝ තමන්වද බ්ලොග් රෝලේ එල්ලවා ගැනීමට විය හැක :)

      Delete
  35. කකා තමන්ගේම බ්ලොගයත් කියවන බව දැනගැනීම සතුටට කරුණකි :D

    කකාගේ බ්ලොග් රෝල කෙසේ වෙතත් කතන්දරයක් කියන අතරතුර දෙන ලින්ක් නිසා බොහෝ වෙනත් ලිපි කියවා ඇත්තෙමි.

    සින්ඩි වලින් මගේ වැඩි කැමැත්ත ඇත්තේ අඹ ගහ යට සහ මාතලන්ගෙ සින්ඩියටය.

    ReplyDelete
  36. කකා.... එක සමාන ධනවාදී අදහස් දරන අරුණිත් මමත් දකින දැක්මේ මොන තරම් වෙනස් කම් තියනවද ???? ඉතින් ඔයාගෙයි මගේ අතරවත් ගොඩනගන්න බැරි අපිටවත් නැති “අපේ දැක්මක්” උන් එක්ක තියේවිද? උන් හදන්නේ උන්ගේ දැක්ම අපේ දැක්ම කියල අපිට බලෙන් පෙන්නන්න නොවෙයිද?. “තොපේ දැක්ම” තොපිම තියා ගනින්.

    ReplyDelete
  37. කතන්දර මහතානෙනි.

    මම විශ්‍රාමලත් විදුහල්පතිවරයෙක්මි.මීට පෙර වරක් දෙවරක් කොමෙන්ට් කළෙමි.එක් වරක් මගේ දුවගේ වයසේ සිටි ගැහැණු ළමයෙකුගේ අදෝනාවක් ඉවසනු බැරිවය. ඇය මට කතා කළේ අහමු දකිමු අයියේ කියාය. බ්ලොග් ලෝකය කොයි තරම් සුන්දරදැයි සිතුනේ එදාය.

    මම ඉඳහිට බ්ලොග් බලමි. ලියන්නට නම් කම්මැලිය. පින්තූර දමන්නේ ඒ නිසාය.මගේ බ්ලොග් එක දුටු විට එහි ආධුනික කම මෙන්ම මජර කම කෙනෙකුට තේරේ. ඔබ ලියන ක්‍රමය තමයි මාත් අනුගමනය කරන්නේ. මම නම් වැඩිපුර කුණුහරප ලියන්නෙ ඒකෙන් මටත් බලන අයටත් සතුටක් ලැබේ යැයි සිතායි. කෙසේ හෝ මට අහන්න දකින්න ලැබෙන අත්දැකීම් බ්ලොග් එකේ සටහන් තබමි. ඔබට සිවිල් බලයක් ඇතැයි අසා මම පුදුමයටත් සතුටටත් පත් වූවෙමි. ඇත්තටම අපට රජෙක් ඕනෑමය.

    ReplyDelete
    Replies
    1. මේ දිනවල විදුහල්පතිවරුන්ගේ කලදසාව එත්‍රම් සුභ නැති නිසා, ඔබ ලියන්නේ කුණුහරුප ලියන්නේ නම්, දෙවරක් සිතාබැලීමත් , රාහුකාලය මඟහැර ගමන් බිමන් යාමත් සරිර සවුක්කියට ගුණය

      Delete
  38. ප/ලි:
    කතන්දරකාරයාට සිංහල බ්ලොග් ලෝකයේ සිවිල් බලයක් තිබේ යැයි කවුදෝ කියා තිබුණි. එවැනි දෙයක් තිබුණත් (පසුව ලැබුණත්) මා ක්‍රියාකරන ආකාරයේ වෙනසක් සිදු නොවෙනු ඇත.
    '''''''''''''
    බ්ලොග් ගැන නොදන්නා කාලේ කතන්දරකාරයාගේ බ්ලොගය තමයි මං කැමතිම බ්ලොගය වෙලා තිබ්බේ. ඇත්තටම මටත් බ්ලොග් එකක් හදන්න ඕනේ කියල හිතන්න මේ කකා ත් උදව් වුණා කිව්වොත් වරදක් නැහැ.

    ඉතිං ජයම වේවා කතන්දරකාරයා...........!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ගැන නොදන්නා කාලේ කතන්දරකාරයාගේ බ්ලොගය තමයි මං කැමතිම බ්ලොගය වෙලා තිබ්බේ.///
      මොනවද නංගි මේ කියන කතා දැන් කකා පොරක් නෙවෙයි ද ?

      Delete
    2. සැඟවුණු අයියණ්ඩියේ........
      මං එකෙන් අදහස් කළේ කකාගෙ පොරත්වය නෙමෙයි. මං කැමතිම බ්ලොග් එක ගැනයි. දැන් නං ඉතිං ජාති ජාති අය ඉන්නවනෙ බ්ලොග් ලියන. ඒ වගේම කියවන්න තියෙන බ්ලොග් බොහොමැයි. ඒත් කකාගේ අඩවියට ගොඩ වෙන්න නම් අමතක කරන්නෙ නැහැ.

      Delete
  39. බ්ලොග්වල මම දකින ලොකුම අඩුපාඩුවක් නම් වියත් බවක් නොවීමයි.නණලළ ,උක්තාඛ්‍යාත සම්බන්ධය ඇත්තේම නැත. ලියන්නේ හඩු සිංහලය. ලිපි ගැන මෙන්ම එවැනි අඩුපාඩු පෙන්වා දීමට බලාපොරොත්තු වෙමි

    ReplyDelete
    Replies
    1. ගරු විශ්‍රාමලත් විදුහල්පති තුමනි.... බ්ලොග් ලෝකයට විදුහල්පති හෝ ගුරු තනතුරක් අවශ්‍ය නැති බව මා සිහිපත් කිරීමට කැමැත්තෙමි... අන් අය බ්ලොග් ලියන්නේද අප එය කියවන්නේද.. හුදෙක් වින්දනය පිණිස මිස මහා හෙළ සිංහල බස නගාසිටුවීමට නොවේ.....
      තවද... ඔබ කවරෙක් වූවත් මෙහි පැමිණි විට.... තවත් එක් බ්ලොග් කරුවෙක් හෝ පාඨකයෙක් පමණි..... ඔබ ලස්සනට ලියයි නම් වියරණ දොස් තිබුනද එය කියවීමට පිරිස් ඇදී එනු නොඅනුමානය.....

      අවසාන වශයෙන් ඔබට නවකයෙක් ලෙස අවවාදයක් දීමට කැමැත්තෙමි.... බ්ලොග් අවකාශය යනු සාමාන්‍ය සිංහල සමාජයේම නියෝජනයක් යැයි දිනෙක පෙන්වා දී තිබුණි....

      එම නිසා මෙහි සිටින.... බඩු කාරයන්... පොලු කාරයන්.... හොර වෙදුන්.... මිත්‍යාව විකුණා ජීවත් වෙන්නන්... සුරුට්ටු, බෝතල්, කැමරා තකා බ්ලොග් ලියන්නන් ගෙන් ප්‍රවේශම් වන්න....

      Delete
  40. මම නම් ලියන්නෙ පුංචි කතන්දර. මගෙ ගුරු ජීවිතේ රසකතා කෝච්චි ගමන් වල රස කතා වගෙ ඒව. මෙන්න සබැඳිය http://ahamudhakimu.wordpress.com/

    ReplyDelete
  41. ඔව තමන් කියවන්න ඔනේ තමන්ට රහ දේ ඒක අපේ අයිතියක් එක එක්කෙනාගෙ රහ එක එක්කෙනාට විවිධයිනෙ

    ReplyDelete
  42. අනේ යනව යන්න එනව මෙතන ලොකු අයිය වෙන්න (විහිළුවක් කලෙ හරිද?)

    ReplyDelete
  43. කාකාගේ බ්ලොග් එක හැමදාම නොබැලුවත් අවුරුදු 4,5ක් තිස්සේ යන එන තැනක්. කියවන බ්ලොග් කොහොමත් කාකාගේ අයිතියක්නේ. ඉදලා හිටලාමගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් කමෙන්ට් කලාට මම නම් දන්නේ නැ මාව ඔය රෝලේ ඉන්නවද කියලා . මොනවා උනත් ගොඩාක් බ්ලොග් වලට යන්න කාකාගේ බ්ලොග් රොල උදව් වෙනවා.එක ලොකු දෙයක්.

    ReplyDelete
  44. බ්ලොග් එකක් තිබීම සාමාන්‍ය දෙයකි.නමුත් එම බ්ලොගය හරහා අධිකාරයක් ගොඩනැගීම විශේෂ දෙයකි.එය කතන්දර කාරයා අගේට කර තිබේ.දැන් තමන්ට කියා පිරිවරක්ද සපයාගෙන ඇත.යකෙකුටවත් බියවිය යුතු නැත.කුඩුවෙන්ඩ නෙලිය හැකිය.ජය වේවා.වට්ටක්කා කරිය ගැන.සුද්දියෙක් ඔබ අමතයි

    ReplyDelete
  45. කකා,අටම්,රාජ්,ගයිජීන්, මේ බ්ලොග් රොල් ටික තමයි මං සින්ඩියට පාවිච්චීකරන්නේ.
    කියවන්න කාල වේලාව යහමින් තියෙනවානම් අටම්ගේ රොල, බීසීටයිම් කකාගේ රොල,ඒක කැටගරි කරලා තියෙන නිසා ලෙහෙසියි පහසුයි,
    මොන තරම් හදිසි වුනත් කකාගේ ලිපියේ කොමේට් කියවන ඒකනම් අතපසු කරන් නෑ.

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.